Wednesday, January 11, 2017

2017 නව වසරේ ප්රතම පෝහෝ දින පනිවිඩය ජනපතිකම් කල දාසිට අරලියගහ මැදුරේ සිට රටට පෙනෙන්නට බුදු බණ අැසූ මුත් ඒවා නොපිලිපදිනා හිටපු ජනපතිට විශ්වයේ සිට සෝභිතාවතාරගෙන් - 2017/01/12


 තම දිවියේ වටිනා දේශපාලන ඉතිහාසය විශ්රාමිකව බුක්ති විඳිමින් ජීවිතයේ අවසන් භාගය සැනසිලි සුවයෙන් ගත නොකොට තමන්ගේ වෛරක්කාරී කුහක දේශපාලනික යටි අරමුනු නූගත් බලලුන් සහ බත් බැලයින් ලවා දඩයම් කර ගැනීමට මාන බලනා හිටපු මෙම අඤ්ඥාණවන්ත ජන නායකයා හට දිනෙක අවසන් ගමන් යාමට සිදු වනුයේ යහපත් මතු අාත්මයක් හිමි වනා දැහැමි සිතුවිලිවලින් පිරී පැවති (චුතිසිතක්) චෛතසිකයක් පිහිටුවා ගැනුමට අපොහොසත් උනු 

යාචකයෙකු ලෙසින් බව අද 2017 වසරේ ප්රතම උතුම් පෝදා පණිවිඩයක් ලෙසින් ජනගත කරනා ලෙස නියෝග කරමින් සෝභිතාවතාර විශ්වයේ සිට තම අාතූරයා වන සත්පුරවැසියා වෙත ටෙලිපති මගින් දන්වනු ලැබූ වගයි.

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
2017/01/12

Tuesday, January 10, 2017

අතේ සතේ නැතිව ඒ කාලේ JVP එකේ හිටපු පාවාදුන් මේ හිරිකිත වංශලා වගේ සර්පයින්ට කිරි පොවන්නට අාධාර මුදල් ලබා දුන්නු අපිටත් මේව හොඳ පාඩම්...


https://www.facebook.com/LankaTrueNews.LTN/videos/1350012545051339/


අතේ සතේ නැතිව ඒ කාලේ JVP එකේ හිටපු පාවාදුන් මේ හිරිකිත වංශලා වගේ සර්පයින්ට කිරි පොවන්නට අාධාර මුදල් ලබා දුන්නු අපිටත් මේව හොඳ පාඩම්...

අපරාධෙ ඒ සල්ලි වලින් බල්ලන්ට අාප්ප කන්න දුන්න නම් උන් අඩු ගනනේ රට වෙනුවෙන් නගුටවත් වනාවි.

මේ වගේ අාත්මාර්ථකාමීව සුරසැප විඳිමින් රටේ අසරන ජනතාවගේ මුදල් සහ දේපොල අවභාවිතා කොට විනාශ නොකර...

මෙහෙව් අයද මේ ජනතාව මුලා කොට හිටපු යමපාලකයින් සමග  එකතුවෙලා කුමණ්ත්රනකාරී ලෙස අාපසු රටේ බලය ලබා ගන්න හදන්නේ...
නමුත් කිසිවෙකු අනිසි කලබලයකට පත්වන්නට තරම් දෙයක් මෙහි නෑ. බලන්න මෙයාල පසු පස ඉන්නා වීරවන්ශගේ පවුලේ අවස්ථාවාදීන් ටික හැරෙන්නට බලපෑම්වලට හසුවෙලා අකමැත්තෙන් මුත් මොවුන් පසු පස යන අහිංසක මිනිසුන් තව ටික කාලයක් යනකොට හිඳීවිද කියලා...

සෝභිතාවතාර
2017/01/11

Monday, January 9, 2017

විදුර වික්රමනායක මැතිතුමනි, ඔබගේ තීරනය ඉතා විශිෂ්ඨයි. ඔබ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ විශ්වයේ සැරිසරනා අාත්මය සෝභිතාවතාර පූර්වාදර්ශයට ගන්න.

විදුර වික්රමනායක මැතිතුමනි,
















ඔබගේ තීරනය ඉතා විශිෂ්ඨයි. ඔබ අපවත් වී වදාල මාදුළුවාවේ 
සෝභිත හිමිපානන්ගේ විශ්වයේ සැරිසරනා අාත්මය සෝභිතාවතාර පූර්වාදර්ශයට ගන්න.

https://www.facebook.com/vidurawickramanayakalk/photos/a.310538044032.146391.295681744032/10154247331434033/?type=3

එවිට ඔබටත් බොහෝ දේ කල හැකි වේවි. අපට දේශපාලනයෙන් ලබා ගත යුතු දෙයක්වත් දේශපාලනයෙන් ලැබුනු දෙයක්වත් නැත. අවශ්යද නැත. නමුත් සෝභිතාවතාරට මේ රටේ මතු පරපුර වෙනුවෙන් යුක්තිය රජයන සාධාරන සමාජයක් බිහිකරලීම අත්යාවශ්යය.

ඒ සිහිනය සැබෑවක් යථාර්තයක් වන තුරු නිවන් මගටවත් නාෙපිවිස උන් වහන්සේ විශ්වයේ සැරි සරනු ලබයි.

එනිසා තවමත් ජීවමාන ඔබ තුමාටද රට වෙනුවෙන් ඉදිරියේදී බොහෝ දේ කල හැකි වනු අැත. පක්ෂ විනය පක්ෂ න්යාය පත්ර වලට යට නාෙවී නිදහස් වීර පුතනුවකු ලෙස අනාගත දිවිය කැප කොට ජාතික වීරවරයෙකු ලෙස දිනෙක අවසන් ගමන් යාමට සැනසිල්ල උදාකර ගත හැකි වනු අැත.

ස්තුතියී.
සෝභිතාවතාර
2017/01/09
http://sobithawathara.blogspot.com/

දේදුනු විප්ලවයේ හැටදෙලක්ෂයේ අදුරදර්ශී සොහොයුරාට පිලිතුරක්! සෝභිතාවතාරගෙන්....

දේදුනු විප්ලවයේ හැටදෙලක්ෂයේ අදුරදර්ශී සොහොයුරාට පිලිතුරක්! සෝභිතාවතාරගෙන්....


තමුන්ගේ ස්වයං විවේචනවලට අහක ඉන්න අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්නගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව හැටඑක්ලක්ෂඅනූනවදාස්නවසියඅනූනවය අෑඳා ගන්නට එපා මිත්රයා.
====================================================================
https://www.facebook.com/photo.php?fbid=10154931278388501&set=a.422961753500.196719.563943500&type=3
====================================================================
ඔබට දුර දක්නා නුවන ගොඩක් අඩු බව පෙනෙනවා. 
ඒ නුවන තිබුනානම් ඔබ ගතවූ යමපාලන කුරිරු ඉතිහාසයත් වර්තමානයත් දෙස බැලිය යුත්තේ ඔවැනි විකෘති කන්නාඩි දමාගෙන නොවේ.

අප සියල්ලෝම ජීවිත පරිත්යාගයෙන් යුතුව යමපාලනය පෙරලා දැමූ විශ්වාසය තුලින් බැහැර වන්නට තරම් අයහපතක් වත්මන් යහපාලන රජයෙන් තවමත් සිදුවී නොමැති බව අමතක නොකල යුතුයි. ඒ වගේම ඔබේ ස්වයං විවේචනයේ පරිදිම වත්මන් රජයට අායුෂ තවමත් වසර දෙකක් බවත් අමතක නොකල යුතුයි.

එමෙන්ම වත්මන් යහපාලන රජයට ලැබුනේ යමපාලනය විසින් තවත් දශක ගනනාවකට ගොඩ ගත නොහැකි තරමට දූෂනයෙන් අරාජික කර තිබුනු කැලෑ නීතිය රජකල නොසංඩාල රටක් බවත් අමතක නොකල යුතුයි.

ඔබ අප දේදුනු විප්ලවයේදී අපේක්ෂා කල සියළු කාරනා වසර දෙකක් තරම් කෙටි කාලයත් තුල සම්පූර්න නොවීම සම්බන්ධයෙනුත් අප අපේක්ෂා බංගත්වයට පත් නොවිය යුතුයි. ඒ සඳහා සුදුසු සාධාරන කාල පරාසයක් වත්මන් රජයටත් ලබා දෙන්නට තරම් අප උපේක්ෂා සහගත විය යුතුයි නේද...!

ඒ වගේම සෝභිත මාහිමිපානන්නගේ දේදුනු විප්ලවයට උරදී ඔබ අප අැතුළු සමස්ථ සබුද්ධික ප්රජාව වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කිරීමේදී ඔහු එකඟ වූ මෙන්ම ඔහු සෝභිත මාහිමිපානන්නගේ දේහය අභියස සපත කල කාරනා ඉෂ්ඨ කිරීමේ වගකීම ඔහු සතුය.

ඒ දෙස අපි තව ටිකක් බලා හිඳිමු. නමුත් ඒ නිස්චිත කාල පරාසයකට පමනි. වර්තමානය ඔබ ප්රකාශ කරනා තරම් පසුතැවිලි වීමට හේතු නැත. ඒ මන්ද යත් දැන් අපි ඔබ සියල්ලන්ටම නිදහසේ අදහස් පල කිරීමේ ප්රජාතන්ත්රවාදී නිදහස ලැබී අැති නිසාය.

ඔබ අද ෆේස්බුක් පිටුවේ පල කර අැති ඉහත අදහස පසුගිය යමපාලන යුගයේදී ප්රකාශ කලානම් සමහර විට මේ වන විටත් ඔබ සුදු වෑන් එකකින් ගිරිතලේ දෙසට ගෙන යමින් තිබෙනවා වන්නට පුළුවන්.... නේද....!

ඒ නිසා මිත්රයා ඉවසන්න. අපි තව බලමු. උපරිමයෙන් 2020 වන තුරුම බලමු. පොරොන්දු කඩ කලොත් දේදුනු විප්ලවයේ ප්ලෑන් B(බී) ක්රිත්මක කරමු.

ස්තුතියී
සෝභිතාවතාර
2017/01/09

Saturday, January 7, 2017

දේදුනු විප්ලවයේ දෙවස් පූර්නය 2017 ජනවාරි 08 දායින් පසු අපරාධකරුවන් මිනීමරුවන් සහ දූෂිතයින්ගේ පොදු සමා කාලය අවසානයි.


දේදුනු විප්ලවයේ දෙවස් පූර්නය 2017 ජනවාරි 08 දායින් පසු අපරාධකරුවන්, මිනීමරුවන් සහ දූෂිතයින්ගේ පොදු සමා කාලය අවසානයි.

රාජපක්ෂලා රජයේ ඉඩම් විකිණුවේ මෙහෙමයි.... රාජිත අභීතව කියයි...

නියමයි රාජිත අැමති තුමනි නියමයි අභීතයි. ඔබට තිබෙන ඔය අාත්ම ශක්තිය අැති තව 10 දෙනෙකු රජය තුල සිටියානම් කෙතරම් අගේද.
එහෙමනම් ඔය රාජපක්ෂලා කවුරුවත් අායි මේ වගේ පාහර, පාදඩ, සක්කිලි වැඩ කරවන්න එන එකක් නැහැ.

ඔබ කිව්වා හරි ඔබ තුමන්ලා සහ අපි කෙසේ වෙතත් සුවිශාල ජනතාවක් සිටිනවා වැරදි කල උන් හට දඬුවම් නොදීම සහ ප්රමාද කිරීම ගැන රජය සමග කලකිරීමෙන් සිටින. මේ හේතුව නිසාම රජයේ පැවැත්මත් අවධානමට පත්වෙමින් තිබෙනවා.

නමුත් වත්මන් ජනපති අගමැති අැතුළු අපි ඔබ තුමන්ලා තවමත් සූදානම් නේද...

රාජපක්ෂලා පසුගිය යුගයේ කල වැරදි සියල්ල අමතක කොට කරපු හොඳ වැඩ ටික වෙනුවෙන් එයාලට සමාව දෙන්න.

නමුත් ඒ එක කොන්දේසියක් මත නේද... ඒ තමයි ජනතා පරමාධිපත්යය බලයෙන් පත් කරන්නට යෙදුනු මෙම සම්මුතිවාදී යහපාලන රජයට ජනතාව වරම් ලබා දුන් වසර 5 එනම් 2020 වන තුරු මීලඟ ජනතා කැමැත්ත ප්රකාශයට පත් කරනා තුරු මෙවන් කාලකන්නි බාධාවන්ගෙන් තොරව රජය කරගෙන යාමට ඉඩ සලසා දෙන්නේ නම් පමනි.

නොඑසේව මෙවන් කරදර හිරිහැර තව දුරටත් දිගින් දිගට සිදු කරමින් පවතිනා රජයට ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට අැති කාලය සහ ජනතාවගේ දේපොල විනාශ කරයිනම් වැරදි කරුවන් හට තව දුරටත් සමාව බජනය කිරීමට දේදුනු විප්ලවීය සමස්ත ජනතාව තව දුරටත් සූදානම් නැත. 

විඳින්න වඳින්න ගහන එකාත් මෝඩයා...
ගහන්න ගහන්න වඳින එකාත් මෝඩයා...

ඒ නිසා 2017 ජනවාරි 08 දේදුනු විප්ලවයට දෙවසරක් සපිරෙන දිනෙන් පසු පොදු සමා කාලය අවසන් කල යුතුය. ඉන් පසු අනුකම්පාවටයි යාළු මිත්ර කමටයි ප්රමාද කර අැති සහ යට ගසා අැති සියළු නඩු විශේෂ අධිකරණයක් මගින් එක දිගටම විභාගයට ගෙන වැරදි කල වුන් හට දඬුවම් ලබා දී මේ වදකරදරය අවසන් කර රටත් ජනතාවත් ඉදිරියට ගෙන යායුතුය.

(නමුත් ඒවා අර සරත් ෆොන්සේකාගේ නඩු අැසුවා වගේ හෝ රතුපස්වල මිනී මැරුවා වගේ නොවිය යුතුය)

නොඑසේව ලෝකය හමුවේ විශාල පසු බෑමකට ලක්ව අැති අපගේ මව් රටත් පීඩිත ජනතාවත් කිසිදා ගොඩ ගනු නාෙහැකි වනු අැත.

මෙය දේදුනු විප්ලවයේ නිර්මාතෘ අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ අදෘශ්යමාන අවතාරයේ යෝජනාවත් නොව චෝදනාත්මක අවධාරනය කිරීමක් බව අාතූරයා සත්පුරවැසියා ලවා සෝභිතාවතාර අවධාරනය කරයි.
2017/01/07

Thursday, January 5, 2017

අැත්තටම මෙයාල රටට ලෙන්ගතු නෑ.. ඒකේ දෙකක් නෑ...


අැත්තටම මෙයාල රටට ලෙන්ගතු නෑ.. ඒකේ දෙකක් නෑ...

අපේ අම්මලා තාත්තලාට මතක අැති මෙයාලගේ ඉතිහාසය. මෙයාල ඒ කාලයේ උත්සාහ කලේ අපේ රටේ සංස්කෘතිය හෝදාපාළු කරල දමන්නයි. 

රූප මාධ්යයේ හෙලුවැලි සංස්කෘතියේ නිර්මාත්තෘවරු මාෙවුන්. නමුත් අපේ මේ බුදුන් වැඩි රටේ සංස්කෘතිය විනාශ කරන්න ලෙහෙසි නෑ. 

ඒ කාලේ අපේ අම්මල තාත්තලා මෙයාලගේ චැනලය බලන්න තම දරුවන්ට ඉඩ දුන්නේ නැහැ. අවසානයේ මෙයාල පිරිහෙන්නටත් ගුටි කන්නටත් පටන් ගත්ත.

අන්න ඒ අවස්ථාවේදී මෙයාල දැන ගත්ත තමන් හට මාධ්යය තුල පවතින්නට නම් මේ රටේ ජනතාවගේ හද ගැස්ම තේරුම් ගත යුතු බව. 

වාසනාවට වගේ මෙම අායතනය තුල ඉහල පාලන අධිකාරියේ පයට පෑගී නිහවඬ සිටි කාර්යය මණ්ඩල සමස්ත ප්රජාව (අපේ ලාංකික දූපුතුන්) ලත් අවස්ථාවෙන් නිසි ප්රයෝජන ගනිමින් මේ රටේ ජනතාව තුල මාධ්යය අායතනයක් විදියට පවතින්නට නම් කල යුතු ප්රතිසංශෝධන පිලිබඳ පාලනාධිකාරියට බලපෑම් කරලීමේ ප්රථිපලයක් ලෙස වර්තමානය තුල මෙම අායතනය ජනාධරයට පත්ව සිටියත් මහ එකාගේ හදේ පවතිනා සමහර අඳ බාල ගති සිරිත් සහ වෛරී අාකල්ප තම අභිමතයෙන් භාවිතයෙහි යෙදවීමේ නොමිනිසත් බව මග හරවා ගැනුමට තව බොහෝ කාලයක් සමාජය තුල මෙවන් විවේචනයන් හට ලක්වීමෙන් හෝ අවබෝධ කොට ගත යුතු මනාය.

සෝභිතාවතාර
2017/01/06
http://sobithawathara.blogspot.com/

වෝක්ස්වැගන් (volkswagen) - SRI LANKA - 2015/08/13, දිනයවත් දෝෂ සහගත වන්න දෙන්න එපා...



කුහකත්වය නිසා සෑම කල්හිම සියල්ලක්ම හරහට දකින්නට හුරු පුරුදුව සිටිනා මෙරටේ අඳබාල ප්රතිපක්ෂ සහ එකී ප්රජාව රට වලපල්ලට යාම යනු තමන්ගේත් තම මතු පරපුරේත් අනාගතය අඳුරට පත් වීමක් බව තේරුම් ගත නොහැකි වීම රටෙිත් රටේ සුවහසක් සබුද්ධික ජනතාවගේත් අවාසනාවකි.

පණ්ඩුල පත්මනාත් සහෝදරයාගේ පහත ලිපිනයේ සඳහන් (Face Book) ෆේස්බුක් ලිපිය වෙනුවෙන් සටහනක් තබන්නේ නම්....

ඔබ හදවතින්ම නිර්පාක්ෂිකයෙක් ලෙසද.. හෘද සාක්ෂියට එකඟවද.. මෙවන් අැගයීම් හෝ විවේචන සිදුකරන්නේ නම්....
ඔබ සිතනා ධනාත්මක චින්තනයත් ඔබ පතනා අප රටේ අනාගතයත් අගය කරමි. එසේ නොසිතනා ඉහත සියල්ලන්ට ඔබ වැනි අය පරමාදර්ශී වෙයි.

නමුත් මෙහිදී සබුද්ධික ප්රජාවට ගැටළුවක් පැන නගින්නේ ඔබ කී යථාර්තය සම්බන්ධයෙන් නොව. ඔබ මහතීර් මොහොමඩ් හා සමාන කරනා වත්මන් අගමැති රනිල් වික්රමසිංහ මැතිතුමා රටේ වේගවත් සංවර්ධනය වෙනුවෙන් හෝ ජනතාවට සහනශීලී මිලකට වාහනයක් අත්පත් කරදෙන්නට හෝ මැතිවරනයටත් පෙර සිටම ඡන්ද පාෙරොන්දුවක් ලෙස ඒ බව දේශපාලන වේදිකාවේ ප්රකාශ කරමින් මුත් වෝක්ස්වැගන් (volkswagen) යන නාමය භාවිතා කලේ මොන කෙන්ගෙඩියකටද යන්නයි.  මේ නිසා අවස්ථාවාදීන් හට තවත් අවස්ථාවක් උදා වී අැත.

සත්යය වශයෙන්ම එවන් සුවිශේෂී අායතනයක් අපගේ වන් රටකට පැමිනියහොත් එය මහත් ගෞරවයකි.

විශේෂයෙන් පිලිගත් ප්රතාපවත් නායකයෙකු කල නොහැකි දේ හෝ තහවුරු කර නාෙගත් දේ දේශපාලනික වශයෙන් වුවත් භාවිතා කිරීම රටක සබුද්ධික ප්රජාව අනුමත නොකරයි. ඒ බැව් දේශපාලකයින් නාෙදන්නේ සබුද්ධික ජනතා බහුතරයකගේ එකම දුර්වල කම වන තම මතය සමාජ ගත නොකර නිහඬ තීරන ගැනීම නිසාය. නමුත් සෑම කල්හිම රටක් යහ මගට පිවිස අැත්තේද ඒ තීරක ජනතාවගේ නිහඩ තීරනයෙන් මිස පාරවල්වල බුදියාගත් අය හෝ පාර්ලිමේන්තුවේ රැය ලැග්ග උන් නිසාවත් නොවන්නේය. එම නිසා තමන්ගේ සම්ප්රප්ඵලාප වලට රැවටී පසු පස එන අවස්ථාවාදී ගොබ්බයින්ගෙන් දේශපාලකයෙකු හට කිසිදා සෙතක් සැලසෙන්නේ නැති බව අවධාරනය කර ගත යුතුය. එසේම එවන් දේශපාලකයින් පසුපස යන නූගතුන් හටද කිසිදා සෙතක් සැලසෙන්නේද නැත.

ඒ කෙසේ වෙතත් වසර සිය ගනනක පෞඩ ඉතිහාසයක් හෙබි ජර්මනියේ වෝක්ස්වැගන් වාහනයක් අැත්තෙකුට එකල අැන්ජිම සිසිල් කිරීමට ජලයවත් අවශ්යය උනේ නැත. එය අැන්ජිම වාහනයේ පසුපස පිහිටි ඔටෝ එයාකූල් තාක්ෂනයකි. එමෙන්ම ජර්මන් තාක්ෂනය හෙබි වාහනයක් අැත්තෙකුට ජීවිතයටම එකම එක වාහනයක් සෑහුනි. දශක ගනනාවක් ඉපැරනි වෝක්ස්වැගන් කාර් වෑන් අදටත් අප රටේ පාරවල්වල යස අගේට දිවෙනු දක්නට ලැබේ.

ඉතින් එවැනි ඉතිහාසයක් හෙබි අභිමානවත් වෙළඳ නාමයක් භාවිතා වීමේදි ඒ පිලිබඳ තතු දත් ඉපැරනි ජනතාව තුල සහනශීලී මිලකට තම රටේදීම නිෂ්පාදිත නවතාලයේ වෝක්ස්වැගන් වාහනයක් පිලිබඳ සිහින මවා පසුව එය අපැහිදිලි කාරනයක් කිරීම ගැලපෙන්නේ මහතීර් මොහොමඩ් හා සමාන කල රනිල් වික්රමසිංහ වැනි ප්රතාපවත් ජන නායකයෙකුට නොව... රු.2500/= කින් මාසේම කන්නට හැකි යැයි පැවසූ බන්ධුල ගුණවර්ධන වැනි දහස් සංඛ්යාත සිසු දරුවන් හට අාර්ථික විද්යාව ඉගැන්වූ විද්වතෙකු දේශපාලනයට පිවිසි පසු මව් රටින් තමන් ලැබූ නිදහස් අධ්යාපනයේ ගෞරවය සහ කෘත ගුණද ණය ගැති බවද අමතක කොට ප්රතිශක්තිය හීන බොහෝ දෙනෙකුට අාසාධනය වනා ඉහත කී කුහකත්වය නමැති බෙහෙත් නොමැති රෝගය වැළඳී කුණුවෙනා මව් රටට ශාපයක් වූ පාපතරයින් හටය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ වෝක්ස්වැගන් (volkswagen) අායතනයේ හට ගත් තාක්ෂනික වැරැද්දක් නිසා ලෝකය පුරා විසිරුවා හරිනු ලැබූ වාහන ලක්ෂ ගනනාවක් යලි කැඳවූ බවට අන්තර්ජාලය තුලින් වාර්තා විනි.

එම නිසා දෝෂය නිරාකරනය කර ගන්නා තුරු වෝක්ස්වැගන් (volkswagen) අායතනය තම නිෂ්පාදන කටුයුතු වෙනත් රටක් තුල සිදු නොකරන්නට තීරනය කලා හෝ එකී දෝෂය සමනය කරනා තුරු හාපුරා කියා තම රට තුල දෝෂ සහගත වාහන නිෂ්පාදන වීමෙන් සිදුවිය හැකි අවධානම කලින් දුටු අගමැති තුමා දුරදක්නා නුවනින් කටයුතු කර අැතැයි ධනාත්මකව සිතන්නට සිතා ගනිමු..

නොඑසේනම් අවස්ථාවාදීන් රජය හෑල්ලු කිරීමට අවස්ථාවක් කර ගත් මෙම පලහිලව්වේ අායතනික ක්රමවේදය සරලව විග්රහ කරලීම ප්රක්ඥාගෝචර වේ.

උන්න හැටියට මලා මදැයි!
සෝභිතාවතාර
2017/01/06
==========================================