Wednesday, October 5, 2016

රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ කේසර සිංහයා පිදෙල් කස්ත්රෝ විසින් 1953/07/23 දී කියුබාවේ හවානාහි මහාධිකරණයේදී සිදුකල ප්රකාශයක් හුවා දක්වමින් ශ්රීලාංකේය අධිකරන ක්ශේෂ්ත්රයේ සිටිය හැකි සමහර දූෂිත විනිසුරු තුමන්ලා සහ නීතිඥවරුවන් හට ජනතාව වෙනුවෙන් කදිම අවවාදයක් සිදුකරයි.

================================================

ගෞරවනීය විනිශ්චයකාරවරුනි ඔබ හොරකමක් සම්බන්ධව විත්තිකරුවෙකුට එරෙහිව නඩුවක් විභාග කරන විටදී ඔහු කොතරම් කාලයක් විරැකියාවෙන් පෙලුනේද, ඔහුට ජීවත් කරවීමට දරුවන් කීදෙෙනකු සිටීද, සතියේ කීදවසක් ඔහු අාහාර නොගත්තේද, යනුවෙන් ඔබ නොඅසන්නෙහිය. ඔහුගේ පරිසර තත්ත්වය ගැන ඔබට තැකීමත් නැත. ඔබ කරදර නොවීම ඔහුව දඟගෙට යවනු අැත. බඩගින්නට හොරකම් කල දුප්පත් කාලකන්නියා ඔබ දඟගෙට යවන්නෙහිය. එහෙත් රජයෙන් මිලියන ගනන් හොරකම් කරන එකෙකුවත් ඔබ එක රැයකටවත් සිරගෙට යවන්නේ නැත. ඒ මොකද ඔබ උන් සමග රාත්රී භෝජන ගන්නා නිසාය. 

පිදෙල් කස්ත්රෝගේ මෙම කියමන අදටත් හැම රටකම හැම කාලෙකටම වලංගුය.

https://www.facebook.com/real.rr/?hc_ref=PAGES_TIMELINE&fref=nf
===========================================
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා ජනතාව වෙනුවෙන් රන්ජන්ට අාශිර්වාද පතයි.