Saturday, December 24, 2016

අද අති උතුම් නත්තල් දවසේ වාහනයක් ගිය දුරක්.... අප රටේ අතීතය කරා.... නැවතුනේ යමපාලන ඒකාධිපතියන්ගේ නිර්මාත්තෘ හිටපු ජනපති මහින්ද නොවේ මහින්දගේ ගුරා 70/80 දශකයේ ජේඅාර්/JR යුගයෙන්...

අද අති උතුම් නත්තල් දවසේ
වාහනයක් ගිය දුරක්.... අප රටේ අතීතය කරා....


නැවතුනේ යමපාලන ඒකාධිපතියන්ගේ නිර්මාත්තෘ හිටපු ජනපති මහින්ද නොවේ මහින්දගේ ගුරා 70/80 දශකයේ ජේඅාර්/JR යුගයෙන්...
=========================================
වාහන එලවන අයට විතරක් බනින්න එපා පයින් යන අයත් පාරේ යන්න දන්නේ නෑ
https://www.facebook.com/apeaadia/videos/2183475391877690/
ඒ කථාව නම් සහතික අැත්ත...

වාහනවල යන අයට ඊර්ෂ්යා කරනා සමහර නූගත් කුහක බොහෝ මිනිසුන් සිතා සිටිනුයේ මහ පාරත්, කහ ඉරිත් යනු තමන්ගේ බූදලයක්ය කියාය.

එමෙන්ම තවත් සමහර මිනිසුන් නාෙවැටහීම නිසා විශේෂයෙන් රාත්රී කාලයේදී තැනක් නාෙතැනක් නොමැතිව පාර පනින්නේ තමන් දෙසට පැමිනෙන වාහනවලට තමන්ව හොඳින් පෙනෙනවා අැතැයි සිතාගෙනය.

නමුත් මෙම සිතිවිල්ල ඉතාම වැරදි සහගත එකක් මෙන්ම ඉතාමත් භයංකර ක්රියාවක් බවත් පදිකයන් සහ පාර මාරුවන්නන් දැන ගත යුතුය.

යමෙකු අැඳ පැලඳ සිටිනා අැඳුම්වල වර්නය අනුවත්... රියදුරාගේ වාහනයේ අැති ඉදිරිපස වීදුරුව මතට පතිත වන විවිධ අාලෝක කදම්බයන්ගේ ක්ෂනික වෙනස් වීමකදීත්....

තමන් ඉදිරියේ අැති අනතුර රියදුරාට නාෙපෙනී යාහැකි වනු අැත. එම නිසා පදිකයින් සහ පාර මාරු වන්නන් තමන්ගේ ජීවිතයේ වගකීම අන්අය වෙත හෝ වාහන රියදුරන් වෙත පමනක් පවරා පාරේ ගමන් කිරීම තමන්ගේ අක්ඥාණවන්ත කම මිස අන් කිසිවක් නොවනු අැත.

තවද විශේෂයෙන් රාත්රීකාලයේදී අඳුරු පැහැ අැඳුම් හැඳපැලඳ පාර මාරු වන්නන් බොහෝ විට වාහන වලට නොපෙනී යාමේ දැඩි අවධානමක් පවතී. නමුත් මෙහිදී පාර මාරු වන්නා සිතා සිටිනුයේ තමන් ඉදිරියට පැමිනෙන වාහනයට තමන්ව මැනවින් දෘශ්යමාන වන බවයි. නමුත් මෙය ඉතාමත් භයානක සිතිවිල්ලකි. මන්ද යත් පාර මාරු වන අයට එසේ සිතෙනුයේ තමන් ඉදිරියට පැමිනෙන වාහනයේ විදුලි ලාම්පුවල අාලෝක ධාරාව තමන්ට හොඳින් පෙනෙනා නිසාය. නමුත් සමහර අැඳුම්වල වර්නය වෙත විදුලි ලාම්පු එලි පතිත වීමේදී එතැන කිසිවෙකු නැති බවක් පවතින අවස්ථාද බහුලය. 

එබැවින් තම ජීවිතයේ අාරක්ෂාව 100% ක් වාහන පදවන්නන් හට භාර දී පාරේ ගමන් කිරීම හෝ පාර මාරු වීම ඉතා අවධානම් සහගත ක්රියාවක් බව පදිකයින් තරයේ සිහි තබා ගත යුතුය.

එමෙන්ම වයස අවු.60 ඉක්මවූ අප කොයිකාගේත් වැඩිහිටියන් බොහෝ අවස්ථාවලදී මෙවන් අනතුරු වලට ගොදුරුව මිය යන්නේ මෙම අවබෝධය නොමැතිකම නිසා සහ ඔවුන්ගේ යුගයේදී පාරක්වත් මාරුවන්නට නොහැකි අදවන් තත්ත්වයක් නොපැවති නිසා වර්තමානයේදී අප සැමගේ වයෝවෘද වැඩිහිටියන් ඉතාමත් අන්ත දුක්ඛිත අසරන භාවයට පත්ව අැත. එමෙන්ම සාරධර්ම ඉතාමත් සෝචනීය ලෙස පිරිහී අැති සමාජයක් නිර්මානය වී පවතිනා අබුද්ධස්ස යුගයෙක ජීවත්වීමට සිදුව අැති නිසා අසරන වැඩිහිටියන් බසයකට නග්ගවා ගන්නටවත්... බස්සවන්නටවත්... ඉවසුමක්වත්... මනුස්සකමක්වත්... නොමැති පාදඩ (විශේෂයෙන්) පුද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් වැඩිහිටියන් මහ මග දමා යාමට තරම් කුරිරු වී සිටියී.
============================================
එසේ රැල්ලේ ගොස් දවසේ ටාගට් එක අැචීව් කර යටිමඩිගසාගත් වැඩිපුර මුදලින් හාෙර කසිප්පු වෙනුවට පානය කල හැකි අැල්කොහොල් ප්රතිශතය ඉතා ඉහල අාණ්ඩුවේ නම්බුකාර කසිප්පු ගනයෙහි ලා සැලකිය හැකි රාජතක්කඩි ස්ට්රෝං බියර් ගහල බයිට් කාල අැඟේපතේ අමාරුවට පොඩි මසාජ් එකකුත් දාගෙන ඉතිරිවෙච්චි කාසි ටික ගෙනිහිල්ල ගෑණිටයි දරුවන්ටයි දීල අසරන උන්ගේ සියළු වැඩ කටයුතු ටික ඒ සොච්චමින් කර ගන්න දීල කාේ යකෝ කන්න මේ ජරාවද තෝ තැම්බුවේ කියල අඹුවට පහරදෙමින් කුනුහබ්බ පලමින් ගෘහස්ත හිංසනය සිදුකරන්නේ....

කාගේ හෝ අම්මෙකුගේ අප්පෙකුගේ සෙවනේ මලක් වගේ හැදී වැඩුනු දියනියක අහස පොලව ඉරහඳ ගලවා දෙන බවට පොරොන්දු වී රවටා කරකාර බැඳ රැගෙන අා තම දෙවන මවටය.
============================================
කෙසේ වෙතත් ගත වන සෑම තත්පරයකම ඉතාමත් වේගයෙන් පිරිහෙන සාරධර්ම සපිරි වර්තමානයකින්ද... ඒ හා සමාන හෝ ඊටත් වඩා නොදෙවැනි රුදුරු අනාගතයක් කරා පියමං කරමින් විනාශය කරා අැදී යන ලෝකය තුල තම අාරක්ෂාව අන් අයට මොහොතකටවත් ලබා නොදී 70 දශකයෙන් පසු බිහිවූ හිටපු මුල්ම ඒකාධිපති ජනාධිපති ජේඅාර්/JR කියූ පරිදි තම අාරක්ෂාව පිලිබඳ වගකීම තමන්ම බාර ගනිමින් ජීවත් වීම පමනයි ඉතිරිව අැත්තේ....

වීවෘත අාර්ථිකය කිසිදු පාලනයකින් තොරව මෙරටට ගලා ඒමට සලස්වා රටේ පැවති සියළු සාරධර්ම පිරිහීමට ලක්කල අැට අටේ පාදඩ දේශපාලන පොරොන්දුවෙන් බඩජාරී මිනිසුන් රවටා 70 ව දශකයෙන් පසු මේ රට අදවන් අමානුශික තත්ත්වයට පත්වීමට පාර කැපූ හිස් කඩදාසිවලට අත්සන් ලබාගෙන සමස්ථ පාර්ලිමේන්තුවම නිහඬ කර යමපාලන ඒකාධිපතියන්ගේ නිර්මාත්තෘ හිටපු ජනපති මහින්ද නොවේ මහින්දගේ ගුරා ජේඅාර්/JR රටට කල විනාශය මෙයයි.

ම කටුක ඉතිහාසය කිසිවක් වර්තමාන පරපුර නොදත් නිසා සෝභිතාවතාර මෙම සටහනට එයද එකතු කරන්නට යෙදුනේ නත්තල් පනිඩිවයක් ලෙසය.

එම නිසා සාමයේ කුමරා යේසුස් වහන්සේගේ මනුශ්යයන් වෙනුවෙන් සිදුකල කැපවීමේ පරිමාවන් සැලකිල්ලට ගෙන වර්තමාන පාලකයින් පිලිබඳ කිරාමැන 2020 මහ මැතිවරනයෙන් පසු හෝ සාරධර්ම සපිරි අදූශිත, නිදහස් නිවහල් අභිමානවත් රටක් බිහිකරලීමට සැදී පැහැදී සීරුවෙන් සිටිමු.

යලි කිසිදු කලෙක බඩගෝස්තරවාදීකමට වහල්වී තම දූදරුවන්ගේ අනාගතය අඳුරේ වැටෙනා තීරන නොගෙන මහා ජන බයලක් ගොඩ නංවා සුදුසු පොදු අපේක්ෂකයෙකු බලයට පත්කොට හනමිටි අදහස් බැඳගත් දූශිත මාරක සහ පාදඩ සියළු දේශපාලනඤ්ඥයින් අතුගා දැමීමට සියලු රට වැසි ජනතාව පරහිතකාමී සිතින් පවුරක් සේ ඒකරාශීව අප සැමගේ 2020 මීලඟ අවසන් වාරය පැමිනෙනා තුරු ඉවසමු. 

2015 සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයෙන් පසු පැවති සියළු ඒකාධිපති යමපාලන යුග හමාර කොට ප්රජාතන්ත්රවාදයේ අරුනළු නැවත උදාකර ගැනීමට සමත්විනි. එම බාරදූර ක්රියාන්විතයේදී තමන්ගේ සහ තම පවුලේ අඹුදරු ජීවිත පවා පරදුවට තබා පොදු අපේක්ෂකයා ලෙස කැපවූ වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමන් සුළු සුළු අඩුපාඩුකම් සහ අසරන භාවයන් හමුවේ වර්තමානයේදී කිසියම් ප්රමානයක හෑල්ලුවකට ලක්කර තිබීම උචිත නාෙවනු අැත.

හිටපු ජනපතිට වගේම රැඩිකල් සහෝදරයින් සහ වෙනත් අය වත්මන් ජනාධිපතිටද සිටියී. එදා බැසිල්ලා ගෝඨාභයලා නාමල්ලා සිදුකල අත්තනාේමතික ක්රියා අවශ්යයනම් මෙතුමාටද කරවිය නොහැකි නොවේ. නමුත් එතුමා සැමදාමත් පවසන්නේ ඒ එයාගේ හැටි... මේ මගේ හැටි යන්න නොවේද...


එම නිසා වත්මන් ජනපති පිලිබඳ තවමත් සැක සංකා අැති කර ගැනීම අවශ්යය නාෙවේ. මේ බව අනාවැකියක් ලෙස වදාරා සිටින්නේ අන්කිසිවකු නොව සැමට සාධාරන සමාජයක් බිහිකරලීමේ තම නොනිමි සිහිනය යථාර්තයක් වන තුරු නිවන් මගට නාෙපිවිස අවතාරයක්ව විශ්වයේ සැරිසරනා සෝභිතාවතාරයි.

වත්මන් ජනපති තුමා වර්තමානයේ සිදුකරමින් සිටිනුයේ මීලඟ අවස්ථාව උදාවන තුරු කල් මැරීමය. 

යමපාලන අන්ත දූෂිතයින්ගේ ප්රබල සෙවනැලි තවමත් රට පුරාමත්.. යහපාලන ර‍ජය පුරාමත්.. ඒකාබද්ධ තක්කඩි විපක්ෂය තුලත්.. සැඟව පවතිනා තත්ත්වයක් යටතේ වත්මන් ජනපති තුමා මෙම සම්මුතිවාදී යයි කියනා රජය අැදගෙන යන්නේ සෝභිත හිමියන්ගේ අාත්මීය අාශිර්වාදයත්, ලැබෙනා රාජතාන්ත්රික හිටපු ප්රභලයින්ගේ අදෘශ්යයමාන අවවාද අනුශාසනාත්, එතුමානන්ගේ වසර 50 ට අධික දේශපාලනික පන්නරයත් නිසාය.

එහිදී එතුමානන් නැවතත් නිර්පාක්ෂික වී හෝ සුදුස්සන් හට පූර්න සහයෝගය, ශක්තිය සහ අාශිර්වාදය ලබා දී දූෂනයෙන් සහ භීෂනයෙන් තොර රටක් රජයක් බිහිකරවීමට කටයුතු කරනු අැති බව ඒකාන්ත වශයෙන්ම පැවසිය හැකිව අැත.

තවත් යුධ හමුදාපතිවරයෙකුට යුද්ධය කරන්නට ඉඩ තබන්නේ නැති බව පැවසූ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා කියු දේ ඉටු කලා සේ දේදුනු විප්ලවයේ නිර්මාතෘ අපවත් වී වදාල සෝභිත හිමිගේ අාත්මය විශ්වාස කරනවා වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ද තවත් ජනපතිවරයෙකුට මෙම රට නිවැරදි මාවතට ගෙන ඒමේ කර්තව්යය ඉතිරි නොකරන බවට.

සෝභිතාවතාර
2016/12/25

මෙම පනිවිඩය නත්තල කෙලිමඩලක් කරගත් අක්ඥාණවන්ත මිනිසුන් හට පමනයි.

මෙම පනිවිඩය නත්තල කෙලිමඩලක් කරගත් අක්ඥාණවන්ත මිනිසුන් හට පමනයි.
========================
අසිරිමත් නත්තල සැමරීම යනු තම ඥාතිහිතමිත්රාදීන් සහ යහළුයෙහෙලියන් සමග එකතු වී කාබීනටාගයා විනෝදවීම පමනක් නොවේ.
මිනිසුන්ගේ පවු තම කරමතින් ගෙනගොස් කුරිසියේ අැන ගැසීමට ලක්වූ යේසුස් වහන්සේ පිදීමටනම්....
අද දින දුගීමගීයාචකනැතිබැරි කාට හෝ දානය පිනිස යමක් දීමටත් අමතක නොකරන්න (ඉහත) මිනිසුනි.

සෝභිතාවතාර
සම්බුදු දහමේ වෙසක් දිනය සැමරෙන්නේ ඒ අාකාරයෙනි.
2016/12/25

Friday, December 23, 2016

2017 ජනවාරි 27 ට පෙර වත්මන් ජනපති මිය යන බවට විජිත රෝහණ විජයමුණි ගේ අනාවැකිය බොරුවක්...

2017 ජනවාරි 27 ට පෙර වත්මන් ජනපති මිය යන බවට විජිත රෝහණ විජයමුණි ගේ අනාවැකිය බොරුවක්...
සිදුවන්නේ එය නොවේ.... සෝභිතාවතාර මතය මෙන්න....

අනාවැකි අවශ්යය නෑ... සාමාන්යය බුද්ධියට අනුව කල්පනා කරල බැලුවහොත් (කිසිසේත් අප මෙවැන්නක් ප්රාර්තනා නාෙකලත්...) වත්මන් ජනපති නොව හිටපු ජනාධිපති තුමා පසුගිය 2015 ජනාධිපතිවරනයේදී සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවය හමුවේ පරාජිත වූවාට පසු අද මේ වන තුරුත් බලයට අැති කෑදරකම නිසා දූෂිත හොරු රැලක්ද සමග එකතුව පවතින රජයට ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට අැති කාලය සහ ඉඩකඩ අහුරවාලමින් සිදුකරනා ජනතාද්රෝහී සහ දේශද්රෝහී ක්රියා නිසා ධර්මයට අනුව සම්බුදු දහමේ කියැවෙනා කර්මය පලදීම හේතුවෙන් සහ අාතතිය ඉහවහා යාම හේතුවෙන් කිසියම් අවධානමකට ලක්වීමේ හැකියාව නම් නොතිබිය හැක්කක් නොවනු අැත...

එම නිසා උදාවන 2017 වසරත් සමග එලැඹෙනා දේදුනු විප්ලවයේ දෙවස් පූර්නය සමගවත් හිටපු ජනපති තුමා ජනතා අභිලාශයන් තේරුම් කොටගෙන විශ්රාම සුව ගනිමින් තම දේශපාලනික දිවියේ අත්දැකීම් රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් භාවිතා කොට අනුශාසකත්වයෙන් පවතින රජයට සහයෝගය දැක්වීමට අධිෂ්ඨාන කර ගත යුතුමය.

නොඑසේ උවහොත් කර්මයේ විපාකය එතුමානන් කරා පැමිනීමේ සොභාදහම් සහ බුදුදහම් නිත්යය මූලධර්මයන් වලක්වනු බොරුය.

සෝභිතාවතාර අවධාරයෙන් පවසා සිටිනා වගයි.
2016/12/24

Tuesday, December 20, 2016

එමෙන්ම වර්තමානය වන විට සුපිරි හොරුන්, අපරාධකරුවන් සහ දූෂිතයින් නිරුපද්රිතව සිටියදී නීතිය ක්රියාත්මක වන්නට සූදානම් වන්නේත් වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන එන්නට අපමන සේවාවක් දිවි හිමියෙන් ඉටු කල ඊනිව්ස් තිත්ත අැත්ත හෙලි කරනා වෙබ් අඩවිය වෙතටය.

එමෙන්ම වර්තමානය වන විට සුපිරි හොරුන්, අපරාධකරුවන් සහ දූෂිතයින් නිරුපද්රිතව සිටියදී නීතිය ක්රියාත්මක වන්නට සූදානම් වන්නේත් වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන එන්නට අපමන සේවාවක් දිවි හිමියෙන් ඉටු කල ඊනිව්ස් තිත්ත අැත්ත හෙලි කරනා වෙබ් අඩවිය වෙතටය.
එවක එජාප නායකත්ව මණ්ඩල සාමාජිකයෙකු විගස ලංකා ඊ නිව්ස් හි ලන්ඩන් කාර්යාලය අමතා විමසා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ රෙජීමයේ සාපරාධී  සොරකම් සහ බිහිසුනු ඝාතන වලට සම්බන්ධයක් තිබෙන බවට සාක්ෂි තිබේද? යන්නයි. ඒ දක්වා නම් එවන්නක් අප අභ්‍යන්තර තොරතුරු සේවයට වෙත වාර්තා වී නැතැයි ලංකා ඊ නිව්ස් සහතිකයක් දුන්නේ ය. ඉන් දින කිහිපයකට පසු මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තීන්දු විය.
අද එන්තරාවාසි යවන්නේ එවැනි පොදු අපේක්ෂක ජනාධිපතිවරයෙකු සහ ඔහුගේ ලේකම් යඅද එන්තරාවාසි ලබන්නේ එවැනි සංවිධානයක වත්මන් කැඳවුම්කරුය. 
===================
උපුටා ගැනීම....
ඒ දක්වා නම් එවන්නක් අප අභ්‍යන්තර තොරතුරු සේවයට වෙත වාර්තා වී නැතැයි ලංකා ඊ නිව්ස් සහතිකයක් දුන්නේ ය. ඉන් දින කිහිපයකට පසු මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තීන්දු විය.
http://www.lankaenews.com/news/5009/si
(ලංකා ඊ නිව්ස් -20­­­­16.දෙසැ.21, පෙ.ව‍‍‍‍‍‍‍‍.6.00) 

Sunday, December 18, 2016