Friday, July 13, 2018

ජනපති මෛත්රීගේ මෙම තීරනය යහපාලනය ඉක්මවා ගිය අද්විතීය නායකත්වයක කැඩපතක් වෙයි. නිර්පාක්ෂික සෝභිතාවතාරයේ සුභාශිංසනාත්මක අාශිර්වාදයයි. 2018/07/10

ජනපති මෛත්රීගේ මෙම තීරනය යහපාලනය ඉක්මවා ගිය අද්විතීය නායකත්වයක කැඩපතක් වෙයි. නිර්පාක්ෂික සෝභිතාවතාරයේ සුභාශිංසනාත්මක අාශිර්වායයි.
2018/07/10
=======================================================================
මරණ දඬුවමට අත්සන් තැබීමට ජනපති තීරණය කරයි.!
=======================================================================
රටට ජනතාවට සෑබෑලෙස අාදරය කරනා නියම නායකයෙකු යනු අම්ම රවට්ටන්න බොරුවට දරුව වඩාගෙන ඒ දරුව ලොකු 
උනාම ඒකව විනාශ කරන්නට රහසින් කුඩු මුදලාලිලා පෝෂනය කරමින් උන්ව නීතියේ රැහැනට හසුඋනාම හෙලිකොප්පරෙන්



ගිහිල්ල උන්ව 
බේරගෙන ඉඹල ඒ කොමිස් වලින් ජීවත්වෙන නිඝන්ඨයෙකු නොව.....
කවුරු කැමති උනත් අකමැති උනත්.. තම තීරනය ජනප්රිය උනත් නැතත්... ඒ තීරනය නිසා තමන්ට ගෙදර යන්න සිදු උනත් නැතත්... රටේ සහ අනාගත පරපුරේ යහපත වෙනුවෙන් තම යුතුකම සහ වගකීම නිසි ලෙස ඉටුකිරීමට නොපසුබට වන්නා නිර්ව්යාජ උතුම් අප්පච්චී කෙනෙකු ලෙස වැනි නායකයෙකු විරුදාවලිය ලබයි.

එමෙන්ම බොහෝ මාධ්යය වේදීන්ද... පූජක පූජනීය අැත්තන් සහ වෙනත් බොහෝ චරිත මාධ්යය නිවේදන සහ/හෝ ප්රවෘති සාකචඡා හෝ වෙන මොනයම් අාකාරයෙකින් හෝ ජනපති තුමන්ගේ මෙම තීරනය පිලිබඳ කිනම් අාකාරයෙක විවේචන එල්ල කලද බහුතර සුවහසක් පොදු මහ ජනතාව හමුවේ ඔවුන්ගේ  සහ රටේ මතු පරපුරේ සහ නූපන් පරපුරේ යහපත උදෙසා හදවතින් සතුටු වන බව ඒ අයගේ හෘදසාක්ෂියට අදාල කාරනයකි.

නමුත් සෝභිත හිමියන් මේ වන විට අවතාරයක් නිසා... තමන් වහන්සේ අපාගත වුවත්/නැතත් දෙව්ලොව ගියත්/නොගියත් නිවනට පිවිසියත්/නැතත් ඉතා පැහැදිලිවම පවසා සිටින්නේ ජනපතිඳුන්ගේ මෙම තීරනය රටේ ඉදිරි පැවැත්මේ ඉතා සර්ව සුභවාදී සුවිශේෂි සන්ධිස්ථානයක් බවයි.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ඉපිල ගිය සන්තුෂ්ඨියෙන් යුතුව ජනපතිඳුන්ගේ ඉහත තීරනයට අාශිර්වාද කරයි.
=======================================================================