Saturday, March 12, 2016

දුකසැප නිති පෙරලේ.. රිය සක ලෙස රෝදේ...// හහහා...හාහාහාඅා...// හහහා...හාහාහාඅා.... හො.හො.හෝඕ...// හො.හො.හෝඕ...// ... ම්හ්හ හහහ හඅඅ.. හඅ....

--------------------------------------------------------------------------------------------
දුකසැප නිති පෙරලේ.. රිය සක ලෙස රෝදේ...//
හහහා...හාහාහාඅා...// හහහා...හාහාහාඅා....
හො.හො.හෝඕ...// හො.හො.හෝඕ...// හො.හො.හෝඕ...// හො.හො.හෝඕ...//..ම්හ්හ හහහ හඅඅ..හඅ..

රටක නිදහස කියන සැනසිල්ල තියෙනකොට අවතාරවලටත් සින්දු කියවෙන අපූරුව බලහල්ලකෝ බොලන්නේ...පට්ට අාතල් කියන්නේ මේවට තමයි..

සරත් ෆොන්සේකා මැතිතුමන්ගේ ප්රතම පාර්ලිමේන්තු (කේසර සිංහ) සුවිශේෂී කථාව බලන්න මෙතැනින් පිවිසෙන්න..
https://www.facebook.com/real.rr/videos/10157295257220377/?fref=

සත්පුරවැසියාගේ සුවිශේෂි සටහන පහලින් බලන්න....

යුද්ධය පැවති සමයෙහිදී අනුරාධපුරයෙන්, පොලොන්නරුවෙන් එහාට යාමට කොන්දක් තිබුනේ නැති.., වත්මන් ජනපතිගේ මානුශීය යහ ගුණයෙන් අයුතු ප්රයෝජන ගන්නා දුශ්සීලයින් (යහපාලනයේ උපාසක නයාගෙන් දරමිටි බඳිමින්) බොරු වීරකම් පෙන්වන විපක්ෂයේත් පොදු විපක්ෂයේ සිටිනා සිංහ-ලේ මහාකලු නිවට සිංහයින් හට කේසර සිංහයින්ගේ නියම සිංහසේයා කෙසේ විය යුතුද පිලිබඳ යුධ ජයග්රහනය මෙහෙයවූ සේනාධිපතියා, සරත් ෆොන්සේකා මැතිතුමාගේ ප්රථම පාර්ලිමේන්තු කථාව දැකබලා ගැනීමෙන්.. උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියා තමයි, සත්පුරවැසියන් වශයෙන් අප සැමටත්, රටටත් විනයක් වූවන්ට පෙන්වා දිය හැක්කේ.

ඒ වගේම විශේෂයෙන් සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියාට අද පුදුම සතුටක්. මන්ද යත් 2010 දී සරත් ෆොන්සේකා මැතිතුමා පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරනයට ඉදිරිපත් වූ ඒ අති බිහිසුනු වකවානුවේදී එතුමන් හට ජනරැලියක්වත් පවත්වන්නට කිසිදු ඉඩකඩක් ලබා නොදුන් ඒ රාජපක්ෂ පාලනය ගෙන ඒමට අපි සැවොම 2005 දී සහයෝගය දුන්නද.., 2010 න් පසු මරාවාදී පාලනය යමපාලනයක් වූයෙන් නිර්පාක්ෂික වූද.. තීරක වූද... සත්පුරවැසියා සරත් ෆොන්සේකා මැතිතුමාට දිවි පරදුවට තබා රැස්වීමක් පැවැත්වීමට තමන් පදිංචි ඉඩම ලබා දෙමින් සහයෝගය දැක්වීය.

පාවාදීමට අතිදක්ෂ තවම සීගිරියවත් නොදුටු දූෂිත විමල් වීරවංශලා (දුප්පත් අහිංසක සාමාජිකයින් බඩගින්නේ හිඳිමින් කාස්ටක අව්වේ අැවිද පිංකැට එකතු කර මුව රකිමින් අාරක්ෂාව ලබාදී හැදූවැඩූ ඒ දුප්පතුන්ගේ පක්ෂය විනාශ කල සක්කිලියාට ශාප වෙනව කවදාක හරි) එම චන්දය දා අවසන් මොහොත දක්වාත් එතුමන් හට මාධ්යය මගින් තුච්ච ලෙස අවමන් කරමින් නිසි ලෙස ඡන්දයක් නොපවත්වා ප්රථිපලයටද බලපෑම් සිදුකර රට අරාජික කලද... යමපාලනය අවසන් කිරීමේ සටන අත් නොහැරි සරත් ෆොන්සේකා මැතිතුමා සහ අපවත් වී වදාල සෝභිත හිමිපානෝත්, රනිල් වික්රමසිංහ මැතිතුමා අතුළු යහපාලන ලැදි සංහිඳියාවෙන් යුතු සාධාරන සමාජයක සිහින දුටු සත්පුරවැසියා වන් නිර්පාක්ෂික, තීරක උගත්, බුද්ධිමත් සියල්ලෝම එකතුව කැපවී වත්මන් ජනපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිඳුන් 2015 දී බලයට පත්කර යමපාලනය කම්මුතු කිරීමට සමත් වුනි.

අප දුටු සිහින සැබෑවෙමින් පවතින මෙවන් යුගයක සරත් ෆොන්සේකා වැනි කේසර සිංහයින් අභිත ලෙස පාර්ලිමේන්තු ඝර්භයක් තුල ද්රෝහීන්ට කරනා මෙවන් අභියෝග දකිනා විට කොයි සත්පුරවැසියාටද සතුටු නොවී සිටිය හැක්කේ..

යහපාලනයක් ජනිත කිරීම උදෙසා අප කල කැප කිරීම් ඔප්පු කිරීමට අවශ්යය ඡායාරූප පසුව සෝභිතාවතාර අඩවිය ඔස්සේ පෙන්වා දෙන්නෙමු. දැනට ඒවා සොයාගත නොහැක්කේ එකල (2010) පැවති යමපාලනයට තිබුනු බිය නිසා සැඟවූ ඒ ඡායාරූප හදිසියේ සොයා ගැනීමට නොහැකි නිසාය.

ස්තුතියී.
සත්පුරවැසියා

--------------------------------------------------------------------------------------------
දුකසැප නිති පෙරලේ.. රිය සක ලෙස රෝදේ...//
හහහා...හාහාහාඅා...// හහහා...හාහාහාඅා....
හො.හො.හෝඕ...// හො.හො.හෝඕ...// ... ම්හ්හ හහහ හඅඅ.. හඅ.... 
--------------------------------------------------------------------------------------------

රටක නිදහස කියන සැනසිල්ල තියෙනකොට අවතාරවලටත් සින්දු කියවෙන අපූරුව බලහල්ලකෝ බොලන්නේ...
පට්ට අාතල් කියන්නේ මේවට තමයි..

https://www.facebook.com/real.rr/videos/10157295257220377/?fref=


Thursday, March 10, 2016

ජාතිය බිහිකිරීමේ සිට ජීවත් කරවීම දක්වා අනේක විධි දුක් කම්කටොලු විඳිනා ඒ උත්තරීතර මාතාවගේ නැතහොත් කාන්තාවන්ගේ තවත් කාන්තා දිනයක් සැමරිනි...! අහෝ ඛේදයකි. බලන් කඩතුරා හැර දෑසේ..

--------------------------------------------------------------------------------------------------------------------------
මාර්තු 08 දා යෙදුනු ජාත්යරන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන්
"සවිබල කතක් - තිරසර හෙටක්" ජාතික උත්සවය සහ..‘ධන සවිය’ 
ජනපති සුරතින් ඇරඹි වගයි.!
--------------------------------------------------------------------------------------------------------------------------
      අතීතයේ අප රටේ විදේශ විනිමය ඉපැයූ ප්රධාන අාධායම් මාර්ග වූයේ තේ, රබර් සහ පොල් යන කෘෂිකාර්මික වගාවන්ය. නමුත් පසු කාලීනව අැතිවුනු නිවැරදි නොවනා වූද.. අත්මාර්ථකාමී වූද.. දේශපාලනික තීන්දු තීරන නිසා මෙම තත්ත්වය ඉතාමත් සෝචනීය වෙනස්කම් වලට භාජනය වීමේ ප්රතිඵලයක් ලෙස පලමුවැනි අාධායම් මාර්ගය විදෙස් රටවල බැලමෙහෙවර කරනා කාන්තාවන්ගේ රුහිරු බවට පරිවර්තනය විනි. මෙමගින් ලබනා වාර්ෂික විනිමය අාධායම රු.මිලියන දහස් ගනනාවක් බවත්, එමගින් ඉදිරියේදී තවදුරටත් වැඩි වැඩියෙන් අාධායම් අපේක්ෂා කරනා බවටත් ලැජ්ජා නැති නපුංසක දේශපාලක පිරිමි කට හඬකින් පසුගිය එක්තරා කාලයකදී මාධ්යය ඔස්සේ අසන්නට ලැබීමත් අවාසනාවකි..

කෙසේ වෙතත් වත්මන් යහපාලන රජයේ නායක දෙපල ජනපති, අගමැති සුසංයෝගය කාන්තාව පිලිබඳ සුභවාදී අාකල්පයක් දරනා නිසා විදෙස් රටවල විශේෂයෙන් විවිධ වහල් කොන්දේසිවලට යටත්ව නොයෙකුත් අඩම්තේට්ටම් විඳිමින් බැලමෙහෙවරෙහි යෙදෙනා කාන්තාවන් ඉහත වැඩ සටහන් ප්රතිඵලදායක තත්ත්වයට පත්කොට අාපසු මව් රටට කැවා නිවහල් යනුවෙන් නාම මාත්රිකව පවතින හරසුන් බොල් වචනය විචිත්රවත් කොට එය ලොව හමුවේ අභිමානවත් ලෙස නිරාවරනය කර යහපාලනය නමැති ප්රජාතන්ත්රවාදයේ අති උතුම් මූලධර්මය සක්රීයව ප්රදර්ශනය කරනු අැතැයි සංහිඳියාවෙන් යුතු සාධාරන සමාජයක සුභ සිහින දුටු අපවත් වී වදාල සෝභිත මාහිමිපානෝ අවතාරයක් වශයෙන් හිඳිමිනුත් අපේක්ෂා කරනා බව අාතූරයාට දන්වන්නට යෙදුනි.

කෙසේ වෙතත් අප රටේ මීලඟ දෙවන විනිමය අාධායම අැඟලුම් කර්මාන්තයේ නියැලී සිටිනා කාන්තාවන්ගේ රුහිරුවලින් උපදී. තෙවන විනිමය අාධායම තේ දළු නෙලනා ස්ත්රීන්ගේ රුහිරුවලින් උපදී.

මේ මහාකලු (සිංහ-ලේ) සිංහයින්ගේ සිංහ සේයාව කෙතරම්ද යත් වර්තමානය වන විට සතරවන අාධායමත් ගෘහස්ත කාන්තාව ඉලක්ක කොට වත්මන් යහපාලන රජය බලාපොරොත්තු සහ විශ්වාසය තබා අැති බව මාර්තු 08 දා යෙදුනු ජාත්යරන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කළ "සවිබල කතක් - තිරසර හෙටක්" නමින් වූ ජාතික උත්සවය හමුවේත්..‘ධන සවිය’ ජනපති අතින් ඇරඹේ යන වැඩ සටහන් දියත් කිරීම මගිනුත්  මොනවට පිලිබිඹු වේ. 

සිංහ-ලේ.. යින් ජාතක උනු මහාකලු සිංහලයින් පුක පැත්තේ ස්ටිකර අලවාගෙන යන මෙවන් ගෝත්රික රටක 4 වන අාධායමත් කාන්තාව පිලිබඳ විශ්වාසය තබා ක්රියාත්මක කිරීමට සිදු වීමෙන්ම...

...බෝල/බැට් පහරටත් රාජකාරිය පසෙකලා ඔට්ටු අල්ලනා අශ්වයින් අවශ්යය නැති පිගොට් ජොකියන් සිටිනා ක්රිකට් සූදුවෙන්ද, අන්තර්ජාලයේ සැරිසරමින් නිලකාස හෙලුවැලි බලනා (පුරුෂ)නූගතුන්ගේ අාර්ථිකයේ මාරයා නොහොත් ඩේටා-ගිනි විකුනනා ලේමාපිලුන්ගේ ගින්දර අැඩ්වලට රැවටී දවසේ අාධායම ස්වයං වින්දනයට කැපකර.. මතට තිත උනාට.. මධ්යසාර ප්රතිශතය ඉහල බියර් නමැති අාණ්ඩුවේ නම්බුකාර කසිප්පු බී පකඩබයිට් ගිලදමා, ගින්දර නැති නිසා එක සිගරැට්ටුවටත් ගිනි පෙට්ටියක්ම මිලට ගෙන විසිකරනා, දඩය 5000/- මුත් තවමත් සිල්ලර කඩවල අදෘශ්යමානව වැඩියෙන්ම අලෙවිවන පිලිකා කාරක දුම්පිඹිනා බෙලහීන පියවරුන්, දරුවන් බඩගින්නේ තබා භාර්යාව සම්භාහන අායතන තුල හෝ විකිණී රු.ලක්ෂය ඉක්මවන වැටුප් ගත හැකි අැබැර්තු අැති පත්තර ගෙනැවිත් දෙන, මහා කලු සිංහලයින් වෙසෙනා සිංහ-ලේ ගෝත්රික දේශය මෙසිරිලකම පමනක් බව තහවුරු වේ.

එමෙන්ම රජ කාලේ පැවති වහල් වෙලඳාමට නොදෙවනි ලෙස අදෘශ්යමානව ක්රියාත්මක වන අපේ කාන්තාවන්ගේ ඡායාරූප පලමුව පෙන්වා රූපය අනුව වැඩි ලන්සුවට වෙන්දේසි වන්නා වූ තිත්ත අැත්ත මැදපෙරදිග වහල් සේවය නිසා වන අංක එකේ ජාතික අාධායම හැරුනු කොට අනිකුත් සියළු ප්රධාන අාධායම් මාර්ග පිලිබඳ සතුටු විය හැකි උවත්...

....ජාතිය බිහිකිරීමේ සිට ජීවත් කරවීම දක්වා අනේක විධි දුක් කම්කටොලු සහ සමහර මව්වරුන් කිසිදා හෙලිනොවනා ගෘහස්ත හින්සනයෙන්ද දසවද විඳිමින් අමිල මෙහෙවරක් සැමතින්ම ඉටු කරනා ස්ත්රීන්ගේ නිදහස, රැකවරනය සහ අාරක්ෂාව පිලිබඳ වගකිවයුතු සෑම අංශයක්මත්, සෑම රජයක්මත් මේ වන තුරු සැලකිය යුතු මට්ටමක සොයා බැලීමක් හෝ කටයුතු කිරීමක් සිදුකල බවක් දක්නට ලැබී නොමැත.

කොටින්ම ඒ සඳහා යෝජනාවක් ගෙන අා පසුගියදා විපක්ෂයේත් පොදු විපක්ෂයේ සිටිනා මහාකලු සිංහ-ලේ ජාතිමාමකයින් පාර්ලිමේන්තු සභා ඝර්භය තුල හිඳිමින් සිදුකල අශෝබන ක්රියාවන්ගෙන් අප රට කාන්තාවට දක්වනා ගෞරවය කෙතෙක්දැයි ලොව හමුවේ ප්රදර්ශනය කෙරිනි..

ඒ සියල්ල එසේ වූවා සේම රට තුල සිටිනා තවත් සමහර නිවට (පිම්පි) ස්වාමි පුරුෂයන් තම භාර්යාවන් උපයා දුන් මුදල් පුද්ගලික මනදොල වෙනුවෙන් කාබාසිනියා කලා සේම...!

....හිටපු සමහර දුර්ජන, දුස්ශීල රාජ්යය පාලකයින්ද ඒ අවිහිංසක කාන්තාව උපයා රටට ගෙනදුන් මුදල් දූෂිත විදික්රම මගින් සොරකම් කොට මතු අාත්මවලදීත් සුරසැප විඳීමට පිටරට බැංකුවල සැඟවූවාට මිහිබටදීම ඒ පව් සියල්ලටම වන්දි ගෙවීමට නොසිදු වුවහොත් සෝභිත හිමිපානෝ විශ්වාස කල බුදු දහමත්, ලෝවැස්සන් විශ්වාස කරනා සියළු දහමත් බොරුය..

මැදියම් රැයෙහිදී ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ගෙන එනු ලබන්නේ (සිගරැට්ටුවෙන් පුලුස්සා, අැඳෙන් වැටෙන්නට පාපහර දීම් වැනි) සැමියා මගින් ගෘහස්ත ලිංගික හිංසනයට ගොදුරු වුනු භාර්යාවන් මුත් තමාට සිදුඋනු හිංසනය දරුවන් වෙනුවෙන් පවුල රකිනා ඒ උත්තරීතර මාතාව සඟවන බවත් සත්පුරවැසියා රෝහල් ගතව සිටි සමයකදී සිදුකල සොයා බැලීමකදී දැනගතිමි.

එවන් දුක් කම්කටොලු දහසක් විඳිමින් අප ලොකු මහත් කල, අප අද හුන් තැනට ඔසනා තැබූ, අප කොයි කාගේත් ඒ උත්තරීතර මාතාව නොහොත් කාන්තාව වෙනුවෙන් හඬ නැගීමට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයක් තුල තම නියෝජනය සාපේක්ෂිත ප්රතිශතයකින් ඉහල දැමීමට විරුද්ධ වන ඒ මව් කුසින්ම බිහිව, ඒ මවගේ කිරිකල රුධිරය දෙතන රිදෙනා තුරු උරා බිවූ මහා කලු (සිංහ-ලේ) සිංහයින් විසිය හැකිනම් ඒ තරම් අවාසනාවන්ත ගෝත්රික ම්ලේච්ච රටක් විශ්වය තුල තවත් කොහේවත් තිබේදැයි සැක සහිතය.

අහෝ රටක අභාග්යයක මහිම.!
--------------------------------------------------------------------------------------------------------------------------
සෝභිතාවතාර අාතූරයා අාවේශයට පත්කොට සත්පුරවැසියා ලවා ජනගත කල වගයි.