Tuesday, February 16, 2016

දරුවන් වෙනුවෙන් සියලුම පාලකයින්/බලධාරීන් වෙත විශේෂ පණිවිඩයක්.../ (මෙවන් කාරනා තුලින්ද ගැහැණු දරුවන්ගේ මානව හිමිකම් කඩවන බව ලෝක අවධානයට යොමු කරන්න)

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

දරුවන් වෙනුවෙන් සියලුම පාලකයින්/බලධාරීන් වෙත විශේෂ පණිවිඩයක්...

(මෙවන් කාරනා තුලින්ද ගැහැණු දරුවන්ගේ මානව හිමිකම් කඩවන බව ලෝක අවධානයට යොමු කරන්න)

ඉහත දහම් පාසල් අනිවාර්යය කල යුතු පුවත වගේම දරුවන් වෙනුවෙන් බලධාරීන් අවධානය යොමු කල යුතු තවත් සුවිශේෂීම කාරනයක් අැත. එනම්..

ටියුෂන් ගුරුවරුන් පෝය දිනවල ටියුෂන් කිරීම නැවැත්වීම අත්‍යවශ්‍යයි. ඔවුන් හට මේ සඳහා කාලය ලබා ගත හැකි වෙනත් දින නොමැතියී සිතිය නොහැක්කේ ඔවුන් හට IPL/20tyx20ty ක්රිකට් මැච් බැලීමට විදේශ ගත වීමට නම් කාල/දින ඕනා තරම් අැති නිසාය.

එම නිසා සතියේ දින 7තම අලුයම සිට රාත්රිය වන තුරු කිසිදු මානසික කායික විවේකයක් නොමැති දරුදැරියන් හට අවම තරමින් මාසික පෝය දිනවත් ටියුෂන් මාෆියාවෙන් සැනසිල්ලක් අත්කරදීමට රාජ්යපාලනයේ සිටිනා වගකිවයුතු සියලුම අම්මලා තාත්තලා කැපවනු අැතැයි මතුපරපුරේ නාමයෙන්ද අප සැමගේ දූදරුවන්ගේ නාමයෙන්ද අයැද සිටිමු...

සමහර ටියුෂන් ගුරුවරුන් උදේ 7 සිට රාත්රී 7 දක්වා එක දිගට නොනවත්වා පන්ති කරනුයේ ගැහැණු දරුවන්ගේ මාසික ශාරීරික අපහසුතා පිලිබඳවවත් කිසිදු හැඟීමකින්/තැකීමකින් තොරවය. 

මව්වරුන්/කාන්තාවන් සහ මානුශීය ගති අැති පියවරුන් දන්නවා අැති කිසිදු කාන්තාවකට අදාල දිනයන්හි උදේ සිට රාත්රිය වන තුරු එකම එක සනීපාරක්ෂක තුවායක් ගතේ දවටාගෙන සිටිය නොහැකි බව. මෙවන් නොවැලැක්විය හැකි කාරනාවන්හිදී දරුවන් අන්ත අසරන වූ අවස්ථා කොතෙක් අැත්දැයි මා පහත පවසනා සත්යය සිදුවීමෙන් අවබෝධ කර ගත හැකි වනු අැතැයි සිතමි.

මෙවන් එක් පසුගිය පොහෝ දිනක උදේ 7 සිට රාත්රී 7 වන තුරු කෑම කන්නවත් නිසි විවේකයක් පහසුකමක් නොදී [සමහර ගුරුවරුන් ලමයිනට (චූ කරන්න යන නිසා) පන්තිය තුලදී වතුර බීම පවා තහනම් කර අැති බවට අාරන්චි අැත.] දවස පුරාම ලමුන් 400/500 ක් පමන එකම ශාලාවක දමාගෙන පන්ති කරන කිසියම් ටියුෂන් ගුරුවරයෙකුගේ පන්තියේ සිටි මගේ දියනිය පන්ති අවසන් වීමෙන් පසු බොහෝ වේලාවක් ගත වන තුරු එලියට නොපැමියේ මන්දැයි මා මහත් බියට පත්ව සැම තැන සොයා බැලුවද සොයා ගත නොහැකි විය. තවත් මඳ වේලාවකින් අැය නොහඳුනනා තවත් දියනියක සමග වොෂ්රූම් එකේ හිඳ එලියට පැමිනියේය. (අවාසනාවට එදින අැගේ පියාද පැමිනීමට ප්රමාද වී අැත) 
පසුව මාගේ දියනිය සිදුවූ අකරතැබ්බය මට විස්තර කලේය. පන්තිය අවසන් වුනු පසු ලමයින් සියල්ල පන්තියෙන් පිටතට ගිය පසුද බංකුවේ වාඩිවී ඩෙස්කය මත හිස තබා ගත් තවත් ගැහැනු ලමයකු හඬමින් සිටුනු දැක අැත. විමසා බැලීමේදී මගේ දියණියට දැන ගත හැකිව අැත්තේ දවස පුරාම හැඳසිටි සනීපාරක්ෂක තුවාය පිටාර ගැලීම නිසා තම අැඳුමද ලෙයින් අපවිත්රව අැති නිසා නැගිට එලියට යාමට මගක් නොමැතිව මහත් අසරන භාවයකට පත්ව බියව සිට අැති නොහඳුනනා තවත් අැයවන් වූ ශිෂ්යාවකි. 

වහා ක්රියාත්මකව අැති මගේ දියණිය අැය පෙරටු කොට තමන් පසුපසින් සිට අැය අපහසුතාවයට පත්වන සීමාවන් තම ශරීරයෙන් අාවරනය කරමින් වොෂ්රූම් එක වෙත අැය කැඳවාගෙන ගොස් අැඳුම සහ අැඟ පිරිසිඳු කර ගැනීමට උපකාර කොට අැය අස්වසාලීමට කටයුතු කර අැත.

මා හට මෙහිදී විශේෂයෙන් දරුවන් සිටිනා බලධාරීන්ගේ බිරින්දෑවරුන් (මව්වරුන්) හරහා බලධාරීන් සහ පාලකයින් හට විශේෂයෙන් වත්මන් අධ්යාපන අැමති තුමාට සහ ජනපති අගමැති තුමන්ලා හට මනුශ්යත්වයේ නාමයෙන් අපි ඔබලාගේ කාලයේ  නොතිබුනු මේ විකාර අධ්යාපන ක්රමය ලෝකයේම දරුවන්ගේ හිතසුව පිනිස ප්රතිසංස්කරනය කිරීමට අවධානය යොමු කරනා ලෙස යෝජනා කරමි.

ඉස්සර දරුවන්ට මෙන් දැන් දරුවන් හට ජීවිතයක් නැත. ලමා කාලයක් නැත. එයාලට රට කරන අයටත් වඩා වැඩ. නමුත් එසේ කැපවී හැදෑරුවත්, ජයග්රහන ලැබුවත් සුදුස්සාට සුදුසු තැන ලැබෙන පරිසරයක් තවම අප රට තුල ජනිතවද නැත.

සියල්ලන්ගේම දරුවන්, දරුවන්ගේ දරුවන් සහ රටේමත්/ලෝකයේමත් දරුවන් වෙනුවෙන් නිවැරදිව සිතාබලා මානුශීය අාකාරයේ ප්රතිසංසකරන වෙත යන්න සැවොම යමක් කරන්න බලපෑම් කරන්න, කැප වෙන්න. අධිෂ්ඨානය කර ගන්න...

(මෙවන් කාරනා තුලින්ද ගැහැණු දරුවන්ගේ මානව හිමිකම් කඩවන බව ලෝක අවධානයට යොමු කරන්න)

ස්තුතියී.
සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර