Saturday, September 23, 2017

ඔබට පල්ලියේ හඬ හරිහැරයක්නම්, ලඟම ඇති පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමා, ඒ බව බෞද්ධ ⁣තොරතුරු කේන්ද්‍රයට දන්වන්න.../ Face book post - සෝභිතාවතාරයෙන් අටුවාටිකාවක්.... රටක සංහිඳියාව රජ කරවිය හැක්කේ ප්රතමයෙන් ඒ රටේ මහ ජාතිය සාධාරන සහ සංවේදී වූ විටය.

Face book post - සෝභිතාවතාරයෙන් අටුවාටිකාවක්....
ඔබට පල්ලියේ හඬ හරිහැරයක්නම්, ලඟම ඇති පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමා, ඒ බව බෞද්ධ ⁣තොරතුරු කේන්ද්‍රයට දන්වන්න 
https://www.facebook.com/photo.php?fbid=1903665109882773&set=a.1601218596794094.1073741829.100007179063163&type=3&theater#
===================================================================
සෝභිතාවතාරයෙන් අටුවාටිකාවක්....

ඕනෑම අාකාරයකින් ඕනෑම ස්ථානයක සිදුකෙරෙනා පැහැදිලි ශබ්ද දූෂනයක් සම්මත අනපනත් නීති රෙගුලාසිවල යටත්ව පැවැත්විය යුතුවේ. රටක නීතියක් සම්මතයක් පවතීනම් ඒ සියල්ලන්ටම භේදයකින් තොරව එකසේ සියල්ලෝම ගරු කල යුතුය.

එම නිසා මුස්ලිම් පල්ලියේ අඩු පාඩු කම් සහ ශබ්ද දූෂනය දකිනා සැවොම ස්වේඡ්චාවෙන්ම අැප කැප වී පන්සලේ උදේ සවස සිදුකිරීමට යෝජනා කරනා පිරිත් සජ්ජායනා සහ දැනටමත් මේ වන විටත් රටේ නන් දෙස නොයෙකුත් වෙහෙර විහාරස්ථානයන්හි පැවැත්වෙනා ශබ්ද දූෂන ද, තුන් මංහන්දිවල සහ ත්රීවීලර් ගාල් අසල පිිහිටුවා අැති ශබ්ද විකාශන යන්ත්ර සමග අැති බුද්ධ ප්රතිමා වහන්සේලා අසලින්ද සිදුකෙරෙනා විිවිධ ශබ්ද දූෂණ ඒ ඒ ස්ථාන තුලට පමනක් සීමාවන පරිද්දෙන් සිදුකිරීමට කටයුතු යොදා තම තමන්ගේ සංවර බව පසක් කල යුතුය.

අන්යයන්ගේ අාගමික සහ සංස්කෘතික අනන්යයතාවයන් හට ගරු කරමින් ඊට බාධා නොවනා අාකාරයෙන් තම තමන්ගේ අාගමික, සංස්කෘතික සහ වෙනත් අනන්යයතාවයන් පවත්වාගෙන යාමට සැවොමත් විශේෂයෙන් බුදුන්ගේ දහම අවබෝධ කොට ගත් උතුම් සිංහල බෞද්ධයා සාධාරන සහ සංවේදී විය යුතුය. සමානාත්මකව අැප කැප විය යුතුය.

රටක සංහිඳියාව රජ කරවිය හැක්කේ ප්රතමයෙන් ඒ රටේ මහ ජාතිය සාධාරන සහ සංවේදී වූ විටය.

උත්තරීතර සම්බුදු දහම තුල ක්ෂුද්ර ජීවියෙකුටවත් හිංසාපීඩා කිරීම මහා වරදකි.. අපාගත වනා පාපයකි.

සෝභිතාවතාර
2017/09/24

=============================
Face book post - සෝභිතාවතාරයෙන් අටුවාටිකාවක්....
ඔබට පල්ලියේ හඬ හරිහැරයක්නම්, ලඟම ඇති පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමා, ඒ බව බෞද්ධ ⁣තොරතුරු කේන්ද්‍රයට දන්වන්න
https://www.facebook.com/photo.php?fbid=1903665109882773&set=a.1601218596794094.1073741829.100007179063163&type=3&theater#
==============================================================
https://www.facebook.com/sathpurawasiya/posts/467287273651256

Wednesday, September 20, 2017

ලේ මාපිලාගේ තත්පරය...!

ලේ මාපිලාගේ තත්පරය...!
=========================
නින්දේ පසුවෙද්දී ලේ උරා බොන ලේ මාපිලුන් සේ ග්රාහක
ජනතාවගේ නිසි අවසරයකින් තොරව විවිධ SMS පනවිඩ ලැබෙන්නට සලස්වා සහ වෙනත් නොයෙකුත් කූඨ තාක්ෂණික උපක්රම මගින් ජනතාවගේ ජංගම දුරකතනවල අැති මුදල් සූරා කන ඩයලොග්, මොබිටෙල්, එටිසලාට්, එයාටෙල් යන සියළුම ජංගම දුරකතන අායතන කෙරෙහි ජනතාවාදී යහපාලන රජයේ සහ ජනාධිපතිවරයාගේ සහ විදුලි සංදේශ නියාමන අමාත්යය වරයා සහ සභාපති ජනාධිපති මලයාගේ දැඩි අවධානය යොමු කරවා මෙම අසාධාරන සූරාකෑම් වෙනුවෙන් අනපනත් නීති රීති අැති කරවනා ලෙස යෝජනා කර සමස්ථ ජනතාවගේ හිත සුව සහ යහපත පිනිස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ලිඛිත අවසරයෙකින් තොරව ජංගම දුරකතනයන්හි අනවසර පැකේජ සහ වෙනත් නොයෙකුත් විකාර සක්රීය වීම වහාම අත් හිටුවන්න.‍

ඩයලොග් කාරයා යම් ලෙසකින් එක් දිනක එක් තත්ත්පරයකදී තම ග්රාහක ජනතාවගෙන් රු.1 ක් බැගින් අනවසරයෙන් සූරා ගතහොත් එය රු. මිලියන 11 කි. එක් දිනක තත්ත්පරයකින් රුපියල් කෝටි 1.1 කි. එය වසරකට රුපියල් මිලියන 4015 ක් හෙවත් රුපියල් කෝටි 401.5 කි. කොම්පැනියේ සමස්ත සේවකයින්ගේ වැටුප් සහ අනෙකුත් වියදම් සඳහා වුවද එයම සෑහෙනවා හෝ ඉතිරි වනවාද විය හැක.

අපේ රටේ නෙට්වර්ක් කාරයන් කරනා තාලයේ බරපතල සොරකම් මේ රටේ පහලවුනු කිසිදු සොරෙකු සිදුකර නැත.

මුන් ජනතාවට හොරෙන් ජනතාවගේ මුදල් සූරා කන්නේ රාජපක්ෂ රෙජීමය සහ ඔවුන්ගේ ගජ මිතුරන් ජනතා මුදල් සූරා කෑවාටත් අන්ත ලෙස සහ මහ බැංකු බැඳුම්කර සොරුන් ජනතා මුදල් සූරා කෑවාටත් අන්ත ලෙසටය.

රටේ ජනතාවට කිසිදු පැත්තකින් ඔළුව උස්සා ගන්නට මේ රටේ අැති හැකි උන් කිසිවෙකු ඉඩ දෙන්නේම නැත.

ජනතාවගේ මෙම ඉවසීමේ සීමාව ඉක්ම ගිය දාක සුනාමිය පරයා වූ ජනතා නැගී සිටීමක් අැතිවී කොහෙන් කෙලවර වේවිදැයි දන්නේ දෙවියන් සහ සෝභිතාවතාර පමනි.

විශ්වයේ සිට අවධාරනයෙන්...
2017/09/20
=============================================

මිලියන 11 ක් ඩයලොග් සබඳතා 
පැය කිහිපයකට අවුල්වේ - පුවතක්....
දැනගන්න පිවිසෙන්න...
http://www.gossiplankanews.com/2017/09/dialog-out-of-service.html

හදවතක් නැති පහත් මිනිසුන් හට හදවතක් අැති හරකාගෙන් වැඩ ටිකක්...

===================================================
 හදවතක් නැති පහත් මිනිසුන් හට හදවතක් අැති  හරකාගෙන් වැඩ ටිකක්...
===================================================
කවුරු කාට කොහොම නින්දා කලත්... කවුරු කාෙහොම කෙදිනක වැරදි කලත් නොකලත්... කිව යුතු ඉතා වැදගත් යමක් අැත.

සාමාන්යයෙන් අප රටේ දේශපාලන ඉතිහාසයේ විරලම සිදුවීම් තමයි... සුදුස්සාට සුදුසු තනතුර හිමි කරදී නොතිබීම.

එසේ බලනා කල යම් යම් අඩුපාඩු සහ දුර්වල කම් අැතත් වත්මන් ජනපති සහ සෞඛ්යය අමාත්යය වරයා පිලිබඳ වැදගත් යමක් සෝභිතාවතාර හට ජනතාව වෙත ප්රකාශ කල යුතුව අැත.

එනම් වත්මන් ජනාධිපති සුදුසුකම් අනුව රාජිත අමාත්යය වරයාට සෞඛ්යය අංශය බාරදී අැත. ඉතිහාසයේ සිදුවූ පරිදි පත්කල ඒ පුද්ගලයා අදාල ක්ශේත්රයට වැදගත් යමක් සිදු කරනා කල ඔහුව උස්සලා අරන් වෙනත් අමාත්යාංශයක් වෙත අත හැර නැත. ඒ අනුව සුදුස්සාට සුදුසු වගකීම් ලබා දීමේ වත්මන් ජනපතිගේ දැක්ම නිවැරදිය. අගය කල යුතුය.

එමෙන්ම වෛද්යය වරයෙකු මෙන්ම අප රටේ සෛඛ්යය ක්ශේත්රයේ විශේෂයෙන් පීඩිත දුගී දුප්පත් සහ මධ්යයම පන්තික ජනතාව හට පවතිනා දහසක් ගැටළු සහ අඩුපාඩු පිලිබඳව මැනවින් අවබෝධ කොට ගෙන අැති වත්මන් සෛඛ්යය අමාත්යය වරයා තම ජීවිතාරක්ෂාව පිලිබඳව එක තුට්ටුවක හෝ තැකීමක් නොමැතිව හිමිව අැති ඉතාමත් වගකීම් සහිත ධුරය බාරගෙන අැත.

එපමනක්ද නොව සෛඛ්යය ක්ශේත්රයේ පවතිනා රුදුරු ම්ලේච්ච සහ අති භයංකර මාෆියාව මගින් අඩි 6 ක් නොව අඩි 66 ක් පාෙලව යටට නැතහොත් මුහුදු පතුල දක්වා තමන්ට අැති ජීවිත අවධානම.. තර්ජනය ළුණු බිකක් සේ හෝ ගනන් නාෙගෙන තමාට පැවරී අැති වගකීම ජනතාව වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කරනා බවත් තමා නොකලොත් එය ඉටු කිරීමට වෙනත් අයෙකු නොවනා බවත් එඩිතරව එලිපිටම පවසා අැත. එය අප දුටිමු...

ඒ නිසා ඉතා කණගාටුවෙන් යුතුව මෙම ඉතා පහත් ෆේස් බුක් පෝස්ට් එක හදපු දීප්ත කුමාර මල්ලිට කියන්න තියෙන්නේ හෙට දින ඔබේ හදවත නවතින්නට ගියත්... දෙඅැස් අන්ධ වන්නට ගියත් වෙන කුමන තරාතිරමක ප්රබල ජීවිත අවධානමකට පත් වන්නට ගියත් එක තඹ දොයිත්තක වියදමක් නොමැතිව ලක්ෂ ගනනාවක් වටිනා ප්රතිකාර සිදුකරවාගෙන යහතින් නැවත ගෙදර එන්නට අැවැසි පරිසරය අපගේ නිදහස් සෞඛ්යය ක්ෂේත්රය තුල මේ වන විට අැති කර අවසන් බව පවසන්නේ අත්දුටු නිසා බව අවධාරනයෙන් පවසන්නෙමු.

ඊට උදාහරන ලෙස පසුගිය ඉතාමත් මෑත දිනක දැක ගන්නට ලැබුනු එක් සිද්ධියක් පමනක් විස්තර කරමි. අසල් වැසි වැඩිහිටි කාන්තාවක් හට හදිසි හෘදයාබාධයක් අැතිවී ඒ පවුලේ දරුවන් තම අාදරණීය මෑණියන් කොළඹ සෙන්ට්රල් පුද්ගලික රෝහලට ඇතුල් කර අැත්තේ වත්පොහොසත් කම් අැති අය නිසා නොව තම මෑණියන්ගේ ජීවිත අවධානමේ තත්ත්වයේ බරපතල කම නිසාය.

වෛද්යය පරීක්ෂනවලින් අනතුරුව සිදුවී අැත්තේ ගහෙන් වැටුනු මිනිහාට ගොනා අැන්නා සේ නාෙසිතූ විරූ අකරතැබ්බයකි. එනම් වෛද්යයවරයා ඔවුන් හට අතට අත දී ඉතාමත් අාදරයෙන් වාඩිකරවා පවසා අැත්තේ මෑණියන්ගේ හදවත ඉතාමත් දුර්වල තත්ත්වයක පවතිනා බවත් ඒ සඳහා වන එකම පිලියම හදවත කෘතිමව ක්රියාත්මක කරවනා යන්ත්රයක් (ෆේස්මේකරයක්) ශරීරයට සවිකල යුතු බවත්... ඒ සඳහා රු. ලක්ෂ 10 ක් වැය කල යුතු වන බවත්ය.

මෑණියන්ගේ සේම තමන්ගේද හදවත් නවතින්නට යන බවක් ඒ දරුවන්ට දැනී අැත. ලක්ෂ 10 ක් කොහෙන් හොයන්නද... ඒ වන විටත් ගොඩ ගැසී අැති එක් දිනක සුවිශාල බිල සියළුම දරුවන් එකතුවීවත් ගෙවීමට දුෂ්කර වී අැති කල.

ඒ නිසා ඔවුන් වෛද්යය වරයාට පවසා අැත්තේ තමන් සියල්ලන් හට උවත් එතරම් විශාල මුදලක් සෙවීම ඉතා අසීරු කටයුත්තක් බැවින් තම මෑණියන් අාසන්නයේ අැති ජාතික රෝහලට මාරු කර ගැනීමට පහසුකම් සපයා දෙන ලෙසය.

තම බිස්නස් එක ගොඩ දා ගන්නා තුරු මහත් සේ සැලකුම් කල එකී හදවතක් නොමැති කාලකන්නි වෛද්යය වරයා මුහුන පුළුටු කර ගනිමින් පවසා අැත්තේ ඔවුන් හා තව දුරටත් රැඳී සිටීමට තමන්ට කාලය නොමැති බවත්... තමන්ට තව බොහෝ වැඩ අැති බවත්ය.

කෙසේ හෝ පසුව වෙනත් යහගුණ අැති වෛද්යයවරයෙකුගේ මැදිහත්වීමෙන් තම මෑණියන් ජාතික රෝහලේ 61 වාට්ටුවේ හෘදරෝග ඒකකයට වහාම අැතුලත් කරගන්නට කටයුතු සිදු කෙරිනි.

රටක් ජාතියක් වෙනුවෙන් කිසියම් යහපාලනවාදී රජයක් පුරවැසියා වෙනුවෙන් වන යුතුකම් නොපැකිලව නොපසුබටව අප්රමාදව සිදු කරමින් තවත් 24 පැයක් ගතවීමට මත්තෙන් අල්ලපු ඉඩමේ පිහිටි පුද්ගලික රෝහලින් ඉල්ලූ ලක්ෂ 10 ය වෙනුවෙන් තම සන්තකය හෝ ඉඩකඩම් උගසේ තැබීමට ඉඩ නාෙතබා ඊලඟ ඉඩමේ පිහිටි කොළඹ ජාතික රෝහලේදී එක තඹ දොයිත්තක් එක ශතයක් හෝ වියදම් නොකොට සිදු කර ගැනීමට හැකි වීම කෙඹඳු සැනසිල්ලක්දැයි හදවතට දැනෙන්නට නම් වත්මන් සෞඛ්යය අමාත්යය වරයාට හරකා යැයි කියූ අයටද මෙවන් අත්දැකීමකට ලක්විය යුතුවේ.

නමුත් මෝඩයින් හට අනුකම්පා කරනා සෝභිතාවතාර හතුරෙකුටවත් මෙවන් විපත් නොපතයි.

එනිසා වත්මන් සෞඛ්යය අමාත්යය වරයාට කෙතරම් අභියෝග හා ජීවිත තර්ජන අැතත් මෙවන් වූ කුසලයන්ගේ අනුභාවයෙන් සොභාදහම් මාතාවගේ අාශිර්වාදය සහ රැකවරනය ඔහුට නියතය. එමෙන්ම දුගී දුප්පත් සහ රටේ මධ්යයම පන්තික ජනතාව වෙනුවෙන් තව දුරටත් තව තවත් ඉහල සෞඛ්යය සේවාවක් සැපයීමට හැකි ශක්තිය ධෙෙර්යය හා කල්පනාව නොඅඩුව ලැබේවායි සමස්ත ජාතියේ නාමයෙන් අාශිර්වාද කොට සිටිමු.

තුණුරුවන් සරනයි. තිස්තුන් කෝටියක් සියළු දෙවි රැකවරනයි.
සෝභිතාවතාර විශ්වයේ සිට අවධියෙන්...
2017/09/21

===============
මීහරකාගේ පිටුවට.... Dreepthi Kumara.... Buffalo >>>>>>>>>>>>>>>>>>