Wednesday, April 26, 2023

කුමන්ත්‍රණයක් පුස්සක් බවට පත්කළ.. #පාරිශුද්ධ #අරගලයක් සදා #අමරණීය වෙයි

 කුමන්ත්රණයක් පුස්සක් බවට පත්කළ..

#පාරිශුද්ධ #අරගලයක් සදා #අමරණීය වෙයි.

/**//***///***//**/*



දේශපාලනය කළ නිසාම තම එකම දියණියගේ උණු කඳුළු දකින්නට සිදුවූ අවාසනාවන්ත තාත්තා කෙනකු ලෙස ලැබුවා වූ කටුක අත්දැකීම් තුළින් පන්නරය ලබා..
අළුත් මිනිසකු ලෙසින් තම හෘද සාක්ෂියට සත්භාවයෙන් යුතුව අවංකවම එකඟ වෙමින් මාතෘ භූමියට ඇත්තටම ඇති ණය ගැති බව නිසා හෝ වේවා..
(නවය; සැඟවුණු කතාව) කෘතියේ..
විමල් වීරවංශ කතුවරයාණනි,
මෙහි ඇති යටි සැලසුම් අපිට තේරුම් ගන්ඩ බැරිව නොවේ.
නමුත්.. ඔබේ පොතේ පෙන්වා දෙන සියලු කරුණු ඇත්ත නම්.. ඒවා, මේ මහ පොළොව මත තහවුරු කරන තුරු පරීක්ෂක සමය ලෙස.. රටේ ජනතාව ලෙස අපි ඔබව කෙටි කලකට විශ්වාස කරන්නම්.!
එය එසේ නොවේනම්.. කාලයක් පුරා ජන හදවත් තුළ දළුලා වැඩුණු පාට/පක්ෂ දේශපාලනය කෙරෙහි වූ කලකිරීම, පිළිකුල, අප්රසාදය.. ඔඩු දුවා පුපුරා ගිය තීරණාත්මක මොහොත අහිංසාවාදී ජාතික (ගෝල්ෆේස්) අරගලයට..
වෙනත් අර්ථකතන ඈඳීම හෘද සාක්ෂිය තමන්ට කිසිදා මානසික සැනසීමක් අත්කර නොදෙන මැරි මැරී ජීවත් වීමට සිදුවන දඬුවමක් වනු නියතය. ඒ නිසා කරුණාකර ඒ ගැන නැවත නැවතත් හොඳට හිතන්න.
හදවතක ඇතිවුන ඇත්ත අරගලයක් වෙනත් රටවල කෘතිම අරගලයන්ට සාපේක්ෂ කොට ලඝුකර විනාශ කරන්න එපා. ජාතියක්ම පව්..
එදා ඔබේ දියණියට ඔබව බදාගෙන හඬන්නට සිදුවුණේ මෙම අරගලය #ඊට #කලින් ඇති නොවුණු නිසා බව හොඳින් වටහාගන්න.
අරගලය කුමන්ත්රණයක් නම්.. එදා ඒ දියණියට තමන්ගේ ආදරණීය තාත්තාව බදාගෙන හඬන්නට සිදු වූ හේතුව කුමන්ත්රණකරුවන් මේ වන විට ඉතාමත් මැනවින් අවබෝධ කරගෙන ඇති බව.. ඊටත් වඩා හොඳින් ඔබ වටහා ගන්න.
ඒ නිසා ඒ කුමන්ත්රණකරුවන්.. හදවතේ අරගලය අනාගතයේ දී ශක්තිමත්ව පිළිබිඹු වන්නටත්.. වඩා බලවත්ව මතුවී සියල්ල යටපත් කරගෙන යන්නට පෙර උපන් ගෙයිම එය විනාශ කරන්නට සියලු සැලසුම් දියත් කළ බව ඉහත සියල්ලටමත් වඩා හොඳින් ඔබ වටහා ගන්න.
නමුත්.. ජන හදවත් තුළ කාලාන්තරයක් පුරා මෝරා වැඩුණු.. මුහුකුරා ගිය හදවතේ සැබෑ නිර්පාක්ෂික අරගලයට එක අල්ප මාත්රයක් තරම්වත් හානියක් සිදුනොවී සුරක්ෂා වන්නට සොබා දහම් මාතාවගේ විශ්වීය ශක්තියෙන් ආශිර්වාදයෙන් පිහිට ආරක්ෂාව ලැබුණු බවත් ඔබ එක මොහොතකටවත් අමතක නොකරන්න. ඒ නිසා.. 225හේ #අපකීර්තිමත් #සන්නාමය හොඳින් අවබෝධ කරගත යුතු.. වන්නේ..
හදවතක මතුවුනු පාරිශුද්ධ අරගලයක් විජයග්රහණය ලබන තුරු අවසන් වන්නේ නෑ. විනාශ වන්නේ නෑ. එය ඉලක්කයට යනවාමයි.
සොබාදහම සිදුකළේ අරගලයක විවිධ ස්වරූපයන්ගේ දිග.. පලල.. හොඳට හොඳින්ද.. නරකට නරකින්ද.. පිළිබිඹු කිරීම පමණයි. දැන් ඔබ සහ ඔබ කල්ලියේ 225ම අරගලයක යථාරූපී.. යථාරූපී.. ස්වභාවය හඳුනා ගන්න. මේ ඔබට අදාලව පහත සටහන් කරන පුංචි #උදාහරණයත් සමඟම..
#නාමල්ලා නිසා පවතින අරාජිකත්වය උදා වූ බවට චෝදනා නඟන #ඔබ, අරගලය සමයේදී පාරේදී ගුටි කන්නට ඔන්න මෙන්න කියා තිබිය දී බේරුනේ.. එයත් අමෙරිකානු කුමන්ත්රණයක් නිසා දැයි යන මගේ ප්රශ්නය.. ඔබේ වාචාල පිළිතුරු වලට නොවේ.! #හෘදසාක්ෂියටයි.?
ඔබ ඇතුළු #පාටපක්ෂ 225හේ #සන්නාමය විසින් දශක 5 ට ආසන්න ඉතිහාසය පුරා පවත්වාගෙන ගිය බෙදුම්කාරී පාට/පක්ෂ #අරාජිකත්වය විසින් රටේ සමස්ත සාමකාමී ජනතාවගේ හදවත් තුළ පැහැදිලි ලෙස තීරණාත්මක #නිර්පාක්ෂික #අරගලයක් නිර්මාණය කිරීම #හෘදයවස්තුව නමැති අධිකරණයෙන් සාක්ෂි විමසා දැන්වත් තහවුරු කරගන්න.
එම නිසා ඔබ තවත් පොත් #නමයක් ලිව්වත් මෙම අරගලය විනාශ කළ නොහැකි බව.. දිය කළ නොහැකි බව.. ඉතින්වත් තහවුරු කරගන්න. අරගලයට නියත ජය.
ඊළඟට.. කිවයුතු..
වලකට වැටීම ටියුඩර් වීරසිංහ මහාචාර්යවරයාගේ මොළයට හොඳයි..
ගෝත්රිකවාදී පාට/පක්ෂ දේශපාලනයේ ආයුෂ කෙටි කර, ඊට මහත් අභියෝගයක් වූ.. ශ්රී ලංකාව ඇතුළු සමස්ත ලෝක ප්රජාවගේ ඉටු දෙවියා ඩිජිටල් මාධ්ය (සමාජ මාධ්ය) #facebook පිටුවක් තමන්ට තවමත් නොමැති බව ස්වෙච්ඡාවෙන්ම පිළිගත් ඉහත කී උගත් මහාචාර්යවරයා භාවිතාවක්.. අත්දැකීමක්.. නොමැතිව තම නොදැනුවත්කම වපුරා සිදුකළ ඒ කනගාටුදායක අමනෝඥ ප්රකාශය..
විවෘත අදහසක් ප්රකාශ කර ගන්නට බැරි.. ලිපියක් පලකර ගන්නට බැරි.. ශ්රී ලංකාවේ දේශපාලනීයකරණය වූ ගෝත්රිකවාදී මාධ්යකරණයෙන් හෙම්බත්ව සිටින තොරතුරු පිපාසිත සබුද්ධිකමත් ජනතාව දැඩිසේ හෙළා දකින බව කරුණාවෙන් සමාවෙලා සලකත්වා.
ඒ වගේම ගෝත්රිකවාදී යල් පැනගිය දේශපාලනයක් තවමත් කරපින්නා ගෙන යන ඔබ සැවොම දැනගන්න අනාගත ගෝලීය දේශපාලනය නිවැරදි දිශානතිය කරා රැගෙන යන්නේ.. කොට්ටේ.. මෙට්ටේ.. පැදුරේ.. අටුවේ.. පුටුවේ.. කොටුවේ.. හේනේ.. කමතේ.. කුඹුරේ.. වැඩ බිමේ සිට..
ලෝක ප්රජාව තම ජංගම දුරකථන තුළින් අකුරු කොටන විද්යාත්මක ඩිජිටල් මාධ්ය කරනය වූ සමාජ මාධ්ය තුළ කිසිදු ජගතෙකුට පාලනය කළ නොහැකි ලෙස සිදුකෙරෙන පරමාණුක බර මිසයිල අභිබවා ගිය අවිහිංසාවාදී යුධ අභ්යාසයන්ගේ අග්රඵලයෙන් බව අවධාරණය කරනු වටී.
9ය; සැඟවුණු කතාව..
*/**//***///***//**/*
Wimal weerawansa. නමැති..
දේශපාලන ගවේශකයාගේ..
9 ය; සැඟවුණු කතා පොතේ.. ඇතුළාන්තය මිෂන් A, මිෂන් B, ගැන පිළිතුරු පසුව ලියන තුරු.. පොතේ අගින් මෙසේ පටන් ගත්තේ..
කතුවරයාගේ පූර්විකාව අවසානයේ යෝජනා කර ඇති ඔහු උනන්දු #වන නොවේ #නොවන ආකාරයේ.. #ඔවුන්ගේ මිෂන් C පිළිබඳව රටේ ජනතාවගේ තීක්ෂණ අවබෝධය පිළිබඳ අදහස එළි දැක්වීම වගේම..
කතුවරයා තම ඉහත කෘතිය එළි දැක්වීමේ දේශණය අවසානයේ දී.. රටට ජාතියට ආදරය කරන්නන්ට සිදුකළ ආරාධනයට අනුව.. රටට ජාතියට ආදරය ඇති සත්පුරවැසි ජනතාව විදිහට #අපිවෙනුවෙන්අපේ අත්නොහළ හැකි වගකීම වෙනුවෙන් මෙසේ වග වෙන්නටයි.
විමල් වීරවංශ නැමැති දේශපාලන ගවේශකයා තම කෘතිය අවසන් කරමින් 128 වැනි පිටුවේ.. මෙසේ සඳහන් කර ඇත.
#මේ #උදාවන්නේ #ඒ #සැබෑ #අරගල #කරුවන්ගේ #කාලයයි.
ඔව්, ඔබගේ කතාව සහතික ඇත්ත..
විමල් වීරවංශ #ගවේෂකයානනි,
උදා වී ඇත්තේ රටට ජාතියට ඇත්තටම ආදරේ කරන මිනිසුන් අත්යවශ්යයම කාලයයි.
ඒ අනුව.. ඔබේ (නවය; සැඟවුණු කතාව) කෘතියේ මුල් පිටුව සරසන්නට (#විද්වත් #පෙරවදන) සහ එකී කෘතිය එළි දැක්වීමේ #සමාරම්භක #දේශනය පවත්වනු ලැබූ කොළඹ විශ්ව විද්යාලයේ, ශ්රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මැතිතුමා තම තීරණාත්මක දේශනය අවධාරණාත්මකව අවසන් කළ පරිදි..
මේ රටේ සහ මුළු ලෝකයේම අනාගත දේශපාලනය ආරක්ෂා කර ගැනීමේ දෘෂ්ටිවාදය #මනුෂ්යත්වය පෙරදැරි කරගත් දිශානතියක් කරා යොමු කරවන්නට සියලූම දේශපාලඥයන් සහ සමස්ත ජනතාව අසමත් වුවහොත්..
පවතින දේශපාලන ක්රමයට තව අඟලක් වත් ඉදිරියට යා නොහැකි තරම් බිහිසුණු අවධියක සමස්තයම පසුවන බව ඔබ සහ සභාවේ එවකට අසුන් ගෙන #සිටි සහ #නොසිටි සහචර පිරිවර..
ඉහත පර්යේෂණාත්මක කෘතිය එළි දැක්වීමේ උත්තරීතර අවස්ථාවෙන් පසු එය මේ කණින් අසා අනිත් කණින් පිටකර.. අමතක කොට කටයුතු කළහොත් ඔබගේ සමස්ත වෑයම සහ අදාල මුලු ඉදිරිපත් කිරීම..
සම්පූර්ණයෙන්ම සියයට දාහක් නොවේ.. සීයට ලක්ෂයක්.. අසාර්ථක බව අවසන් වශයෙන් මතක් කර සිටිනු කැමැත්තෙමි.
එසේ හෙයින්.. රටේ සබුද්ධිකමත් නිර්පාක්ෂික ජනතාව විදිහට #අපිවෙනුවෙන්අපි.. මින් පසු කිසිදා තව දුරටත් ඔබ සැම පසුපස නොපැමිනෙන බව අවධාරණය කරමින් කාරුණිකව ආරාධනා කර සිටින්නේ.. ඔබේ පොතේ කියා තිබෙන #අපිවෙනුවෙන්අපේ.. ඒ #භූදේශපාලනික #FinalMission එකට අවතීර්ණ වන්නට ඇත්තටම ජාතියට ශක්තියක් වන ලෙසයි.
කෙසේ වෙතත් අවසන් වශයෙන්..
ඔබේ කෘතිය කිනම් අරමුණකින් එලි දැක්වුවත්.. එළි දැක්වීමේ සිට අන් සියල්ලටම අති මහත් වියදමක් දරා මුත්.. මුද්රණ ගාස්තුවත් නොමැති තරං අඩු මිලකට එය අලෙවි කරන්නට.. කාගේ මුදල් භාවිතා වුවත්.. නොවුවත්.. ඒ වෙනුවෙන් කිනම් ආකාරයේ උත්තර දුන්නත්.. නොදුන්නත්..
කවදත් නිර්මාණශීලී වැඩවලට කැමති ඔබ ඔබේ කිනම් හෝ අරමුණක් උදෙසා සිදුකළ මෙම ක්රියාන්විතය වෙනුවෙන් අති මහත් ප්රයත්නයක් ගෙන විශාල මහන්සියක් දරා ඇති බව ඉතා පැහැදිලියී. ඒ මහන්සිය ඔබගේ මුහුණෙන් තවමත් බැහැර වී නෑ.. නේද කියා නිවසේ ආදරණීයයන්ගෙන් විමසා දැනගන්න.
ඒ නිසා දැන් ඔබගේ සැබෑම වගකීම විය යුත්තේ.. ඔබේ 225හ #සන්නාමයේ මිතුරු කැල සමග යථාර්ථවාදී ඇත්ත සංවාදයක් ඇරඹීමයි. දේශපාලකයින්ට සහ ජනතාවට හැමදාම මෙසේ බෙදී වෙන්වී සතුරන් ලෙස ජීවත් වන්නට බැරි බව පෙන්වා දෙන්න. මන්ද යත්.. (සියල්ලෝම මනුශ්යයෝය)
අන්යයන් සමග බොහෝමත්ම ආදරවන්ත ලෙස ජීවත් වෙන්නට කැමති ජාතියක් බව ඔබ සැම ඇතුළු අපි කොයි කවුරුත් නොදන්නවා නොවේ. එහෙව් ජාතියක් නේද අපි මේ කාලකන්නි මූසල පාට පක්ෂ දේශපාලනය නිසා විරසක උනාට..
ඒ නිසා අපි අද මේ මොහොතේ සිටම..
ඔබේ කෘතිය අවසන් කර ඇති පරිදි හදවතේ ඇත්ත අරගලය වෙනුවෙන් කැපවෙමු.
අපි හැමෝම බෙදා වෙන් කළ පාට පක්ෂ දේශපාලනය අවසන් කරමු.
ඔබේ කෘතියේ ආරම්භක පෙරවදන සැපයූ මහාචාර්ය වරයාගේ යෝජනාව යථාර්ථයක් කරමු.
මනුෂ්යත්වය පෙරදැරි කරගත් නවමු දර්ශනයක් වන.. රටේම ජනතාව ඉල්ලා හඬන නිර්පාක්ෂිකවාදී දේශපාලනයක් කරා දෘෂ්ටිගත වෙමු.
එදා ඔබේ දූගේ ඇස්වල නැගුණු කඳුළු..
අද රටේම දුවා දරුවන්ගේ ඇස්වල බව අමතක නොකරන්න. ඔවුන්ට පරිභව නොකරන්න. තමුන්ගේ ගෙදරට පමණක් නොවේ.. රටටම ඇත්ත තාත්තා කෙනෙක් වෙන්න.. අදින් අදිටන් කරගන්න.
#කොහොමදකෑමනියමයිසර්ලෙමන්පෆ්
ස්තුතියී.
මතුපරපුරට සුභ අනාගතයක්.
මාතෘ භූමියට චිරං ජයතු.
මා කවුරුන්දැයි යනු..
#අරගලයට_කාලයකට_පෙර_සිට..
ජාතික විමුක්තිය වෙනුවෙන්.. අවිහිංසාවාදී ලෙස.. පාට/පක්ෂ බේද නොමැති.. සැමට එකසේ සාධාරණ.. ආණ්ඩුකරණ ක්රමවේදයක් රජ කරවීම වෙනුවෙන්.. *විජයග්රහණය #අත්පත්වනතුරු.. #නොනවතින #අරගලයක මුළු හදවතින්ම කැපවී සිටින #සොබාදහමේ.. *අනුප්රාප්තිකයා.. සැබෑම තාත්තා කෙනෙක්.
/**//***///***//**/
#නිර්පාක්ෂික #නිර්භේදීය
#නිර්දේශපාලනික #සත්පුරවැසියා
#සෝභිතාවතාරයේ #සෝභිතාතූරයා
#Sobithawatharaya #Sobithathuraya
#Sathpurawasiya #Sobit - 2023/04/25






Friday, December 17, 2021

ඉතාමත් සාමකාමී බලහුවමාරුවකට පරමාධිකාරී බලයේ නිත්‍ය උරුමක්කාරයින්ගෙන් සත්භාවයෙන් යුත් සංකල්පනාවක් වත්මන් ජනාධිපතිවරයාට..

 */**//***///***//**/*

මේ වන විට උන් වහන්සේ ජනතාව අතර "*#අවතාරයක්" සේ වෙස්ගෙන.. විශ්වය පුරා සැරිසරමින් අවසන් මහා විප්ලවයට සූදානම් වෙමින්.. වැරදුනු තැන නිවැරදි කරලමින්.. අධිෂ්ඨානශීලීව වැඩ වසනවා.
යුක්තිය රජයන "*#සැමට_එකසේ_සාධාරණ" ස්වයං පාලන "ධර්ම රාජ්යය මහජන සමූහ ආණ්ඩුකරන" නව ව්යවස්ථාවක් අති බහුතර ජන බලයකින් සම්මත කරවා.. පවතින අරාජික ක්රමවේදය අහෝසි කරලීමේ.. පරමාර්ථය මුදුන්පත් කරවා ගෙන මිස ආපසු හැරීම.. උන් වහන්සේගේ අවසන් ඒකායන ප්රාර්ථනාවත්.. අධිෂ්ඨානයත්..

 මෙන්ම.. තමන් වහන්සේගේ ඒ උදාර වූ ජනතාවාදී සිහිනය.. සැබෑවක්, යථාර්ථයක්, බවට පත් කරනා තුරු නිවනට වත් නොපිවිසෙනවා..

*#email : sathpurawasiya@gmail.com