Thursday, March 24, 2016

මග හිටියොත් තෝ නසී... ගෙදර ගියොත් අඹු නසී....



පුවතක් -

හයිඩ් පිටියේ රැළිය හෙවත් දාම් ලෑල්ලේ කළු ඉත්තන් සේම සුදු ඉත්තන්ද එක විට ඇදීමේ තනි වරය මෛත්‍රී මහින්දට ලබා දීම..! -වියන්ගේ වියමන

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.25, පෙ.ව‍.10.30)
http://www.lankaenews.com/news/3743/si
පුවතට එකතුවක්...
--------------------------------------------------------------------------------------------
මග හිටියොත් තෝ නසී... ගෙදර ගියොත් අඹු නසී...

යුධ ජයග්රහනයටත් වඩා එහා ගිය ජනතා අපේක්ෂාවන් හදවත්  තුල සැඟව තිබුනු බව දේදුනු විප්ලවයේ ජයග්රහනයෙන් තහවුරු විය. එමෙන්ම පැවති දූෂිත පාලනයේ සැබෑ ස්වරූපය අවබෝධ කරගනිමින් සිටිනා ලක්ෂ 48 ක් වූ ඡන්ද පදනම වර්තමාන වන විට දෙදරා යමින් පවතින බවත් ඉතා හොඳින් දක්නට අැත. එසේම දේදුනු විප්ලවයේ ලක්ෂ 62 ඡන්ද පදනම ඉහල යමින් පවතින බවත් පවතින නිහඬතාවය ගම්යය කරයි. 

වත්මන් බුද්ධිමත් ඡන්ද දායකයාට දැන් අවශ්යය කර අැත්තේ පාට පක්ෂ නොව යුක්තිය, සාධාරනය, සංහිඳියාව රජ කරවන්නේ කවුරුන්ද... ඒ කවුරුන් හෝ විශ්වසනීයව එම උපේක්ෂාව තහවුරු කරනා බව පැහැදිලි නම් එපමනය. අන් කිසිවක් හෝ විකල්ප පිලිබඳ කල්පනා යොමු කිරීමට උගත් ජනයාට දැන් කිසිසේත් අවශ්යය නැත. 

ඒනිසා දශක ගනනාවක් තම ජීවිත අායුෂවලින් සහ පීඩාවන්ගෙන් දුක් විඳ හති වැටී සිටිනා ජනතාවගේ අහිංසක සිතුම් පැතුම් පිලිබඳ කිසිදු තැකීමක් නොමැතිව තවදුරටත් ඊනියා විප්ලවකාරීන් කටයුතු කරයි නම්... පවතින ජනතා හැඟීම් (හීට්එක) මනා ලෙස අවබෝධ කරගෙන වියන්ගොඩ සහෘදයා පවසනා  ‘පෙන්නුම් බයකින්‘ එහා ගිය වැඩපිළිවෙලකට යාමට ජනාධිපතිවරයා සමත් විය යුතුව අැති බව රට තුල පසක් වෙමින් පවතී...

සෝභිතාවතාර
2016/03/25

අගමැති ගරු රනිල් වික්රමසිංහ මැතිඳුන් හට සුබම සුබ උපන් දිනයක්. සත්පුරවැසියා සෝභිත හිමි සමග! 2016/03/24

--------------------------------------------------------------------------------------------


අගමැති ගරු රනිල් වික්රමසිංහ මැතිඳුන් හට සුබම සුබ උපන් දිනයක්. සත්පුරවැසියා අපවත් වී වදාල සෝභිත හිමි සමග...

දශක 4 ක පමන දේශපාලනික අත්දැකීම්වලින් බහුශෘත, අව්ය්යාජ, අදූෂිත, පාරදුශ්යය බවින් යුත් වත්මන් අගමැති ගරු රනිල් වික්රමසිංහ මැතිඳුන් හට සුබම සුබ උපන් දිනයකට සුභ පතන්නේ සාේභිතාවතාරයේ අතූරයා සත්පුරවැසියා අපවත් වී වදාල සෝභිත හිමිද සමගය.

දේශපාලන පොර පිටියේ විවිධාකාර වූ නිල තල දරා අැති ඔබ තුමානන් හට මා දන්නා තරමින් සිත් සේ නිදහස්වද ස්වාධීනවද අගමැති පදවියක් දැරීමට හැකි වූයේ දේදුනු විප්ලවයේ ප්රථිපලයක් ලෙස ජාතියේ පිනට පහල වුනු වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගෙන් පසුව බව නොරහසකි.

එනිසා ඔබ තුමාගේ සහ ජනපතිඳුන්ගේ සුසංයෝගයෙන් යහපාලනයේ ගුණ සුවඳ දශක ගනනාවක් දුක් විඳි රටේ ජනතාවට අත්විඳීමට හැකි වූද.. යලි කිසිදා වෙනස් නොවනා අනාගතයක් රටට ජනතාවට මතු පරපුරට නිර්මානය කර දෙනු අැතැයි ඉතාමත් අහිංසක බලාපොරොත්තුවකින් යුතුව විශ්වාසය පල කරමි. එමෙන්ම එය අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ සිහිනය බවද සිහිපත් කරමු.

කෙසේ වෙතත් ඔබ තුමාගේ එක්සත් ජාතික පක්ෂ මැතිඅැමතිවරු බහුතරයක් අගය කල යුතු ලක්ෂන පෙන්නුම් කරයි. ඔවුන් ඔබතුමා අනුගමනය කරමින් යහපාලනවාදී ගමනට නිසි දායකත්වය ලබා දෙන බව පෙනී යයි. එය අගය කල යුතුය. ඒ වෙනුවෙන් සත්පුරවැසියා ඒ සැමට ස්තුතිය පුදයි.

හිටපු ජනපති කකුළුවකු මෙන් ගමන් කල නිසා ඔහුගේ අනුගාමිකයින්ද මහ කකුළුවාගේ අඩිපාරේම ගියේය. ඒවායේ ප්රථිපල ඔවුන් සියල්ල දැන් අත්විඳිමින් සිටියී.

තම අනුගාමිකයින් හා සංහිඳියාවෙන්ද, විනීතවද කටයුතු කර පලපුරුදු ඔබ තුමාට පක්ෂ භේදයෙන් තොරව යහපාලන රජයේ සියළුම මැති අැමති මන්ත්රී තුමන්ලා පූර්න සහයෝගය දක්වනු නිසැකය. ඒ ඔවුන්ට පරුෂ වචන අැසීමට, ගුටි කන්නට, පුත්තුන්ගේ චන්ඩිකම් බලන්නට, ගරුසරු කම් නොලබන්නට ඔබ නිසා කිසිදාකත් සිදු නාෙවනා නිසාය. එසේ කාගේවත් අත පල්ලට වැටෙන්නට අාත්ම ගරුත්වයක් අැති කිසිදු මිනිසකු තබා සතෙකුවත් කැමති නැත. 

දේශපාලනික සටකපටකම් වලින් අනූනව සිටියත් බුද්ධිමත් බවින් අඩු හිටපු ජනපතිඳුන් අන් අයගේ අාත්ම ගරුත්වයන් සම්බන්ධයෙන් දැක්වූ අමඤ්නෝඥයය කම් හේතුවෙන් එතුමන්ගේ විනාශයත් ඉරනමත් එතුමානන් විසින්ම ලියා ගැනිනි....

මේවා සියළුම දේශපාලක්ඥයින් දැඩි සේ සිත්හි දරා ගැනීම ඉතා වටියී..

අගමැතිඳුන්ගේ උපන් දින තෑග්ග මෙසේ අනුගාමිකයන් හට සිදු කරනා අවවාදයෙන් පුදමි...

ස්තුතියී.
සත්පුරවැසියා අපවත් වී වදාල සෝභිත හිමි සමග... 2016/03/24

Sunday, March 20, 2016

ඉතා පහත්ම ඝනයේ දේශපාලකයෙකුවත් සිදු නොකල සෝභිත හිමි මේ අාණ්ඩුවෙන් ඝාතනය කලා. උඩුවේ ධම්මාලෝක හිමිගේ සිල්පද කැඩූ ඒ අති භයංකර අභූත චෝදනාවට සෝභිත හිමිපානෝ ප්රතිචාර දක්වයි...



බුද්ධ චීවරයට නිගා දුන් උඩුවේ හිමිගේ රට කැළඹූ ද්වේශ සහගත ප්රකාශයට පිලිතුරු දෙන්නට බුද්ධ චීවරයේ ගරුත්වය සුරැකි සෝභිත හිමිගේ අාදෘශ්යමාන අවතාරය තම අාතූරයා හමුවට පැමින උන් වහන්සේගේ උවමනාව මත සත්පුරවැසියා ලවා පවත්වාගෙන යනු ලබනා සෝභිතාවතාර අඩවිය ඔස්සේ රට හමුවේ පිලිගත හැකි අාකාරයේ කරුනු දක්වන්නට අදහස් කල වගයි.
මාධ්යය අමතා උඩුවේ හිමි සිදු කල..
------------------------------------------------
විරුද්ධ වේගන අා නිසා සෝභිත හිමි මේ අාණ්ඩුවෙන් ඝාතනය කලා. උඩුවේ ධම්මාලෝක හිමි මාධ්යයට පවසයි.(2016/03/18)
-----------------------------------------------
...මෙම ප්රකාශය පිලිකුලින් යුතුව තරයේ හෙලා දකිනා බව ප්රතමයෙන් සටහන් කරනා ලෙස සෝභිත හිමි අාතූරයාට පවසා සිටිනවා. 

පැවිදි දිවියක් ගත කරනා උඩුවේ හිමි රාජපක්ෂලා, වීරවංශලා, ගම්මන්පිලලා සහ පිරිවරද සමග මෙතෙක් කල් ඒ වෙනුවෙන් කිසිවක් නොකර හිඳ තමන් වහන්සේගේ වැරදි ක්රියා හමුවේ නීතිය හමුවට පත් වූ විට පමනක් මෙසේ ද්වේශ සහගත ප්රකාශ සිදු කිරීමෙන් රටක විශේෂයෙන් බෞද්ධ ප්රජාව තුල අැති විය හැකි අාන්දෝලනය පිලිබඳ කිසිදු වගකීමක් නොමැතිව කටයුතු කිරීමෙන් උන් වහන්සේගේ පැවිදි කමේ මහිම කාට කාටත් අවබෝධ කර ගත හැක. 

එම නිසා බෞද්ධයින් හට සහ සියළු ලක්වැසියනට තර්කානුකූල පදනමක් මත උන් වහන්සේගේ අචීවර බව ඔප්පු කර මෙවන් සිවුරු හොරුන් නමදිනා බැතිමතුන් අාරක්ෂා කිරීම තම වගකීමක් බව සෝභිතාවතාරයේ අදහසයි. 

යුක්තිය සංහිඳියාව සාධාරනය රජයන ජාති අාගම් කුල මල භේදයන්ගෙන් තොර යහපාලනයක් රටතුල ජනිත කිරීමේ නොනිමි සිහින දුටු.. බුදු දහම මැනවින් අවබෝධ කොට ගත් අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානෝ කර්මය අනුවත් තමන් වහන්සේට සංසාරය පුරා පාරමී පුරනට නම් මේ බවය තරනය කල යුතු වූයෙන් අප අතරින් කයින් වෙන්ව ගියද තමන් වහන්සේගේ ඒ උත්කෘෂ්ඨ චේතනාව තවම පහව ගොස් නැත. 

ඒ නිසා උන්වහන්සේගේ ජීවන කල්ක්රියාව බොහෝ අගය කල උන් වහන්සේට මහත් වූ භක්තියක් පැවති සත්පුරවැසියා උන් වහන්සේගේ අාත්මීය ක්රියාකාරකම් මෙහෙයවීම සඳහා අාතූරයා ලෙස තෝරා ගන්නා ලදී.

එබැවින් තමන් වහන්සේගේ ඒ සිහිනය යථාර්තයක් වන තුරු විශ්වය පුරා සැරිසරමින් අවතාරයක් ලෙස අවශ්යය අවස්ථාවන්හිදී තම අාතූරයා සත්පුරවැසියාගේ ජීවමාන අාත්මය තුලට පිවිස තමන් වහන්සේගේ අඩවිය ඔස්සේ අවශ්යය කරනා කරුනු කාරනා සහ අනුශාසනා ජන ගත කරනා බවත් දේදුනු විප්ලවය ජයගෙන වර්තමානය වන විට ජනපති අගමැති සුසංයෝගය සංහිඳියාවෙන් යුතුව යහපාලන රජය පවත්වාගෙන යමින් අවශ්යය කරනා දේශපාලනික ප්රතිසංසකරන සියල්ල ඉෂ්ඨ කරනවාද යන්න පිලිබඳව සැලකිල්ලෙන් පසු වනා බවත් සිහිපත් කරයි.

එමෙන්ම තමන් වහන්සේ විසින් ව්යවස්ථාදායක මණ්ඩලය වෙත සහ ජනපති අගමැති කාර්යාල වෙත ඊමේල් මගින් එවන්නට යෙදුනු යෝජිත ව්යවස්ථාවට අැවැසි ඉතා වැදගත්ම යෝජනාව පිලිබඳ අවධානය යොමුකොට අැත්ද යන්න පිලිබඳවත් විමසිල්ලෙන් පසුවනා බව අවධාරන කරයි.
(එම යෝජනාවන් තම අඩවිය තුල පහත යොමුව යටතේ සඳහන්ව අැත)
http://sobithawathara.blogspot.com/2016/01/blog-post_18.html

කෙසේ වෙතත් අද උන්වහන්සේගේ සපැමිනීමේ මූලික කාරනය වෙත නැවතත් අනුගත වෙමින් උඩුවේ හිමි වෙත පවසා සිටිනුයේ...

ඒකාධිපති රාජපක්ෂ පාලනය සුන්නත් දූලි කර දැමීම වෙනුවෙන් දේදුනු විප්ලවය හමුවේ පොදු අපේක්ෂකයා (වත්මන් ජනපති) බලයට ගෙන ඒමේ පුරෝගාමී මෙහෙවරක යෙදුනු තමන් වහන්සේ සමග බද්ධ වෛරයක් අැත්තේනම් ඒ රාජපක්ෂලා අැතුළු හොරු රැල පමනක් බවය. 

ඒ තරම් වෛරයක් තිබියදී තමන් වහන්සේ නෙවිල් සමරකෝන් රෝහලේ සිටි අවසන් කාලයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තුමා තමා බැලීමට පැමිනි බවත්. අවශ්යය නම් තමා ඝාතනය කිරීමට රහස් සැලැස්මක් ක්රියාත්මක කිරීමට ඕනෑ තරම් ඉඩ කඩ තිබූ බවත්. එය එසේ බවට විවිධ කට කථා රට තුල අැති වුවත් වගකිවයුතු කිසිවකු හෝ යහපාලන රජය හෝ උඩුවේ හිමි වැනි පැවිදි නමක් සිදු කල මෙවැනි අසික්කිත ක්රියාවක් සිදු කරන්නට හිතුවේවත් නැති බවත් පවසයි.

යහපාලන රජය විසින් තමන් වහන්සේ කුමන්ත්රනකාරී ලෙස ඝාතනය කලා නම් ඉහත සිද්ධිය දඩමීමා කරගෙන මෙම ඝාතනය මහින්ද රාජපක්ෂගේ කරපිට පැටවීමට ඕනෑතරම් හැකියාව පැවති බවත් සඳහන් කරයි.

එම නිසා උඩුවේ හිමිට සෝභිත හිමිපානෝ අවධාරනය කොට සිටිනවා කටක් ලැබුනු පලියට බව සංසාරේ කෙදිනක හෝ සිදු කල මහා පිනක් හේතුවෙන් ලද ඔය උතුම් මනුස්ස අාත්මය නැවත විඥ්ඥාණයවත් පහල නොවනා පරපනු අාත්මයක් කරා ගෙන යන අකුසල කර්ම නොකරනා ලෙස.

වර්තමාන ලාංකේය දේශපාලන කරලියේ පවතින නොයෙකුත් විගඩම් හමුවේ උවත් රාජපක්ෂලා, වීරවංශ, ගම්මන්පිල, වාසු, දිනේෂ්, බන්ධුල, වැනි යම් යම් අවස්ථාවන්වලදී වාචාල කථා දොඩනා අය හෝ අඩු තරමින් වත්මන් ජනපතිගේ අංක එකේ දේශපාලනික වෛරක්කාරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා හෝ සිදු නොකල ඒ පහත් ප්රකාශය පැවිදි උත්තමයෙකු යයි රට වැසියන් සිතා සිටි උඩුවේ හිමි විසින් සිදු කිරීම සුළුවෙන් තැකිය නොහැකි කරුනකි. මෙවැනි මහන දම් පුරනා කම්බා හොරුන් දකිනා කල පෘතග්ජන ගති අැති ඒකාබද්ධ පොදු විපක්ෂයේ පචයින්ගේ දෙඩවිලි මොන තරම් අහිංසකදැයි සිතේ.

උඩුවේ හිමිට බුදු දහම ගැන සුළු හෝ අවබෝධ කර ගැනීමේ හැකියාවක් අැත්නම් ඉතාමත් සරල අවබෝධයක් ලබා දෙන්නට සෝභිත හිමිපානෝ සූදානම් වෙයි...
---------------------------------------------
නමුත් ඊට පෙර පන්සල් යැයි මාලිගාවල වසමින් සුරසැප විඳි උඩුවේ හිමිට පොලවේ පය ගසා නියම බුද්ධ පුත්රයෙකුගේ දිවිපෙවතක් ගත කල සෝභිත හිමි වැනි අහස් ගව්ව තරම් පරතරයක සිටිනා උත්තමයෙකු ගත කල දිවියෙන් බිඳුවක් පෙන්වා දීමට අාතූරයා සත්පුරවැසියාට අදහසක් අැති විනි.

සාේභිත හිමිගේ අවසන් දේහය නැරඹීමට හෝ එක් වරක්වත් කෝට්ටේ ශ්රීනාග විහාරයට ගිය ඕනෑම අයෙකුට දැක ගත හැකි වූ දේවල් මොනවාද... උඩුවේ හිමිගේ වැනි පන්සල් මාලිගාවක් දුටුවාද.. නැහැ නේද... උන්වහන්සේ ඔබ වහන්සේලා වගේ තම දායකයින් අපහසුතාවයට පත්වන දේ යෝජනා කලේවත් බලාපොරොත්තු උනේවත් නැත. පන්සලේ තත්ත්වය කවුරුත් දකින්නට අැති. එහි කිසිදු නවීකරනයක් නැහැ. එදා සිට තිබෙන දුප්පත් අාවාස ගෙය, දන් වලඳනා කබල් බංකු සහිත කුඩා කොටස, බණ මඩුව, දහම් පාසල, වැඩිහිටි නිවාසය, බෝසෙවන, දුප්පත් තාප්පය මේවා පමනයි දකින්නට අැත්තේ. 

ඒකටත් හරියන්න ඉතාමත් කෙටි ඉතිහාසයක් අැති උඩුවේ හිමිගේ පන්සල් මාලිගාවේ තරම කොයි කවුරුත් දැක අැතිනේ. පව් අපේ අහිංසක සෝභිත හාමුදුරුවෝ මිනිසුන් වෙනුවෙන් දුක් විඳලා ජීවිතේ හැර ගිහිල්ලත් තාමත් මිනිසුන් වෙනුවෙන් අවතාරයක් වෙලා අැවිල්ල මේ බලන්න...අාතූරයාගේ අැඟේ රෝමකූප කෙලින් වන හැටි අාත්මය සත්පුරවැසියාගේ ගතට අැතුල් වෙලයි දැන් ඉන්නේ...හා..හා...හ්...

උන් වහන්සේගේ පන්සල නාග විහාරය වටේ ඉන්න ඕනම් ගෙදරකින් අහල බලන්න. බණක්, දානයක්, පාන්සකූලයක් මේ මොන දේට අාරාධනා කලත් වෙනත් ස්වාමීන් වහන්සේලා යවල අැඟ බේර ගන්නේ නැහැ. උන්වහන්සේ කොහොම හරි වඩින්න තමයි බලන්නේ. අසනීප තියෙද්දී උනත් බෙහෙත් ටික බොන්න අතපසු කරල හරි උන්වහන්සේ හැමදාම කලේ අන් අය වෙනුනෙන් සත්යවාදීවම කැප උනු එකයි. ඒ වගේම උන්වහන්සේ ඔය සමහර හිමිවරු වගේ ගාස්තු අය කරල නෙවේ බණට වඩින්නේත්..

උඩුවේ හිමියන්ල වගේ අය මතුවටත් තව අාත්ම ගනනාවක් මිනිසත් බව ලැබුවත් සෝභිත හිමියන්ගේ පයේ දැවටුනු දුහුවිලි පොදක වටිනාකමවත් අැති කර ගන්න පුළුවන් වන්නේ නැත..

එකල උන් වහන්සේ අවට ගෙවල්වලට වඩිනා විට දෙපයේ මිරිවැඩිවත් පලඳන්නේ නැත. තමන් වහන්සේට ලැබෙනා පිරිකර වෙනත් බොහෝ ස්වාමීන් වහන්සේලා දෙකෙන් පංගුවේ මිලට පස්සා දොරින් පැමිනෙන වෙලෙන්දන්ට අලෙවි කර මුදල් කලද.. සෝභිත හිමියන් කලේ ඊට හාත්පසින් වෙනස් දෙයකි. 

එනම් අෑත දුෂ්කර පෙදෙස්වල ඉතාමත් අසරනව කල් ගෙවනා සංඝයා වහන්සේලා සොයා ගොස් ඒ පිරිවර උන් වහන්සේලාට බෙදා දීමට කටයුතු සිදු කිරීමයි. 

සෝභිත හිමි ගැන කියන්න ගියොත් අද උන්වහන්සේගේ අරමුනු කාරනය කල් ඉක්මවෙනවා..
---------------------------------------------
යමෙකු මිහිමත උපදින්නේ කිසියම් කාරනයක් අරබයායි. ඒ වගේම යමෙකු මිහිමත උපදිනකොටම තම ඉරනම සහ දෛවය ලියා දෝතින් ගෙන පැමිනෙන්නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂටවත්, වත්මන් රජයටවත්, අන් කිසිවෙකුටවත් කාගේවත් ඉරනම හෝ දෛවය ලිවිය නොහැක. එය තව දුරටත් ලියවෙන්නේ තමන් සහ තමන්ගේ ජීවන පැවැත්මේ ගුණ නුගුන අනුවයි. ඒ නුගුන නිසයි උඩුවේ හිමියන් සිරගත වන්නේ. මෙම බවයේ පරම අායුෂ අවසන් නිසයි ගුණ සුවඳින් යුත් උත්කෘෂ්ඨ වූ චාම් දිවි පෙවතක් ගත කල සෝභිත හිමියන් රාජ්යය ගෞරව අැතිව රටක් හඬවමින් බව තරණයෙහි පාරමී පුරන්නේ.

ඉතින් සෝභිත හිමියන්ගේ අාත්මයවත් ප්රකාශ නොකරනා මුසාවාද දෙසනා උඩුවේ හිමියන් හට මින් මතු කිසිදාකත් තම හෘද සාක්ෂියට එකඟව තම බැතිමතුන් හට (මුසාවාදා වේරමනී සිඛ්ඛාපදං සමාදියාමී) යන සික්ෂා පදය සමාදන් කරවන්නට හැකිද..!

ඊයේත් සත්පුරවැසියා අදාල ෆේස්බුක් පිටුවෙහි කල අභියෝගයටවත් තවම උඩුවේ හිමිගෙන් කිසිම ප්රතිචාරයක් නැහැ. හැකිනම් ඔය සිදුකල අභූත චෝදනාව අනුරාධපුරයේ ශ්රීමහා බෝසමිඳුන් අභියසට ගොස් සිදු කරන්න කියල සත්පුරවැසියා නැවතත් අභියෝග කරනවා.

චීවරයක් ගත දරාගත් උඩුවේ හිමියන් වැනි කම්බා හොරුන් පිලිබඳ මින් මතු හෝ රටේ ජනතාව අවධියෙන් සිටිය යුතුය. සිවුරු දරා සිටි පලියට ඒ සැවොම බුද්ධ පුත්රයින් වන්නේ නැත. එවැන්නන් සමාන කල හැක්කේ බැටළු හම් පාෙරවා ගත් අති භයානක වෘර්කයින් ලෙසය.

ඉතා පහත්ම ඝනයේ දේශපාලකයෙකුවත් සිදු නොකල චීවරධාරී උඩුවේ හිමි කල ඒ අතිභයංකර චෝදනාව උන් වහන්සේගේ දෘශ්ඨියෙන් බලනා කල සත්පුරවැසියා වැනි පෘතග්ජනයෙකුට මෙසේ දැකිය හැක..

දේදුනු විප්ලවයට නායකත්වය දී පොදු අපේක්ෂකයා ඉදිරිපත් කොට ඒකාධිපති මහින්ද වියරුව පලවා හැර යහපාලන රජය බලයට ගෙන ඒමේ නියමුවානන් වූ සෝභිත හිමිපානන් හට රට  තුල අැති ප්රසාදය පිලිබඳ ඉහවහා ගිය ඊර්ෂ්යාව නිසා උන් වහන්සේ විනාශ කර නැවත යම් ඉක්මන් දිනයක මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට කටයුතු කර ඒ කීර්තිය තමන් වහන්සේ ලබා ගන්නවායි උඩුවේ හිමි සිතුවා විය හැක.

එසේ සිතා රෝහල් සේවකයෙකුට අල්ලස් ලබා දී හෝ සෝභිත හිමියන් ඝාතනය කොට එය තමන් හට අවශ්යය අවස්ථාව උදාවන තුරු රහසක් වශයෙන් තබාගෙන සිට යහපාලන රජය සෝභිත හිමිගේ අරමුනු එකින් එක පිලිවෙලට ඉෂ්ඨ කරමින් සාර්ථකව ඉදිරියට යමින් සිටියදී දූෂිත තමන් වහන්සේ වෙතද නීතියේ අවධානය යොමු වන විට සඟවාගෙන සිටි ඒ රහස යහපාලනය විනාශ කිරීමේ අායුධයක් කර ගැනීමට මාන බැලූ අවස්ථාවක් ලෙසද විග්රහ කල හැක.

නමුත් පෘතග්ජන සත්පුරවැසියා අස්වසාලන සෝභිත හිමියන් ඒ කිසිවක් පිලි නොගනී. උන් වහන්සේගේ ජීවිතය කිසිවකු විසින් ඝාතනය නොකල බවත්. තමන් වහන්සේගේම අවිදිමත් ක්රියා කලාපයන් නිසා තමන්ගේ අායුෂ කෙටි උණු බවත්. එය තමන් වහන්සේ ලබා උපන් හැටි බවත්.. නමුත් තමන් වහන්සේ දේදුනු විප්ලවය ජයගත් (සිහින සැබෑ වූ) සතුටින් අපවත් වූ බවත්.

බුදුන් වහන්සේට සූකරයින් මලපහ කල බිමක වැවූ බටු මාළුවක් පින්ඩපාත වැඩීමේදී දානය පිනිස ලැබී ඒ වැලඳීම නිසා හට ගත් උදරාබාදයෙන් තව තෙමසකින් තමන් වහන්සේ අපවත් වන බව දැන සිටියා සේ වර්තමාන යුගයේ පවතිනා වස විස අැති අාහාර පාන දානය වශයෙන් වැළඳීමට සිදුවීම වැලැක්විය නොහැකි නිසා විවිධ බෝනොවනා රෝගවලින් පීඩා විඳිමින් සිටි උන් වහන්සේ ඒ සඳහා නියමිත බෙහෙත් ඖෙෂධ නිසි කලට නිසි ලෙස පාවිච්චි නොකල නිසා කාෙයි අවස්ථාවකදී හෝ තමන් කරාද මරනය ලඟා වන බව දැන නොසිටියා නොව.

තමන් වහන්සේගේ කුමන අවශ්යයතාවයටත් වඩා ජනතාවගේ ප්රශ්න, රටේ ප්රශ්න, දායකයින්ගේ ප්රශ්න අංක එක යන නියාය ධර්මයේ පිහිටා කටයුතු කල නිසා මිස උඩුවේ හිමියන් ප්රකාශ කරනා ලෙස යහපාලන රජය හෝ රාජපක්ෂලා හෝ උඩුවේ හෝ කිසිවකු නොව තමන් වහන්සේ මෙලොව ජනිත වෙද්දී ගෙන අා අායුෂ අවසන් වූ නිසා කයින් වෙන්ව ගියද තම අභිප්රායයන් ඉෂ්ඨ වන තුරු තම අාත්මය නිවන් මග කොහේද කියාවත් නොසොයනා බව අවසන් වශයෙන් අවධාරනය කරමින්.. නූගත් උඩුවේ හිමිට යලිත් වතාවක් බුදු දහමේ හෝඩි පොත පන්සිල් පදවලින් අාරම්භ කර යහගුණ වඩා රටේ දහසක් දුක් කම්කටොලු විඳිනා ජනතාවට සෙත සැලසීමට කටයුතු කරනා යහපාලන රජයේ ගමන් මග දූෂිතයින් සමග ඒකරාෂීව කඩා කප්පල් කර අානන්තරීය පාප කර්මය සිදුකර ගැනීමෙන් අත්විය හැකි පලවිපාක වලින් මිදෙන ලෙස අවවාද කර ඔබ වහන්සේගේ නුවන වැඩීමට පිරිත් සජ්ජායනාවකට සම වැදුනු වගයි..

සටහන තැබූවේ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා