නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
නහී වේරේන වේරානී - සම්මන්තීධ කුදාචනං
අවේරේන සම්මන්තී - ඒස ධම්මෝ සනන්තනෝ...
......වෛරයෙන් වෛරය කිසිදා නොසන්සිදේ වෛර නොකිරීමෙන්ම පමණක් වෛරය සන්සිදේ. මෙය ලොවෙහි පවතින සනාතන දහමකි.... සැමට සම්මා සම්බුදු සරණයි ....
===============================================
මෙම තීරනාත්මක අවස්ථාවේදී දේශපාලනික වශයෙන් රට තුල මතුව අැති සියළු අරාජික තත්ත්වයන් සැලකිල්ලට ගෙන සෝභිතාවතාර විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් වෙත ඉතාමත් කාරුණිකව සිදු කරනා අායාචනයයි. 2018/11/15 දින - 22.00 පැයේදී...
සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ අදිටනින් මෙහෙයවුනු 2015 ජනවාරි 08 සෝභිත මාහිමිපානන්ගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නාමයෙන් වසර 4 කට අාසන්න කාලයක් මෙරට ජනාධිපති ධුරය හෙබවූ ඔබ තුමන් ඉදිරියේ දිග හැරුනේ ගිරි දුර්ඝ කටු ලැහැබයන් අතරින් යායුතු වූ අති දුෂ්කර දේශපාලනික ගමන් මගක් බව ඔබ මෙන් මාද මා මෙන් බහුතරයක් වූ සබුද්ධික දේදුනු ප්රජාවද ඉතා හොඳින් දන්නා කරුනකි. ඒවා නැවත නැවත කථා කිරීමෙන් සිදු වන්නේ යමක් සිදු කිරීමට අපට ඉතිරිව අැති සීමිත වටිනා කාලය තව දුරටත් වියැකී යාම පමනි.
එම නිසා හෙට පහන් වන්නට ඉතාමත් සීමිත හෝරා ගනනාවක් ඉතිරිව අැති මෙම තීරනාත්මක මොහාෙතේ විශ්වයේ වැඩ වසමින් නිරතුරුවම ඔබගේ සෙවනැල්ල වෙමින් ඔබ අත් නොහැර සිටි සෝභිත මාහිමිපානෝ තම අාතූරයා මගින් ඔබ වෙත යොමු කරනා ඉක්මන් අායාචනයයි මේ...
ජනපති මෛත්රීපාල සිරිසේන වූ ඔබ හරි හෝ වැරදි හෝ විවිධාකාරයෙන් අසරන වූ බොහෝ අවස්ථාවන්හිදී ඔබ තුමන් තනි වෙන්නට නොදී අසරන වන්නට නොදී පවුලේ සමීපතමයන් හැරුනු කොට සිටියානම් යමෙකු කිසිවක් අපේක්ෂා නොකල ඒ සෝභිත හිමියන්ගේ අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාරය වෙයි.
සෝභිතාවතාර එසේ කටයුතු සිදු කලේම බොහෝ අවස්ථාවල ඔබගේ අසීමිත ඉවසීමෙන් සමහර මාධ්යය සහ දේශපාලනික දුර්ජනයින් ගනු ලැබූ අයුතු ප්රයෝජන හමුවේ (යම් යම් අඩුපාඩු තිබුනත්) ඔබේ පැත්තටද (කියන්න ඕනා දේ කටකෑවත් කියනා) කිසියම් බලයක් අදෘශ්යමානව හෝ පැවතිය යුතු නිසාය.
ඒ වෙන අන් කිසිදු වාසි ප්රයෝජනයක් නිසා නොව ඔබත් මාත් පැතූ ඒ සහජීවනයෙන් සපිරි සුන්දර ලෝකය හෙට උපදිනා දරුවන් වෙනුවෙන් ගොඩ නැගීමේ ඒකායන අරමුන නිසාය. ඔබේත් මගේත් වයසට සාපේක්ෂව දශක ගනනාවක් මෙම අසමතුලිත සමාජ ක්රමය, අවනීතිය, කිසියම් ප්රමානයකින් හෝ යුක්ති සහගත ලෙස ඉහලට ඔසවා තබා භේදයකින් තාෙරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ අති දුෂ්කර වූ සංග්රාමය ජය කනුව කරා රැගෙන යාම උදෙසාම පමනි.
කෙතරම් දුෂ්කරතා මධ්යයේ උවද වසර 4 ක් ඉදිරියට ගොස් (මට දැන් හති ඔයාම අාපහු බාර ගන්න) යැයි කියා මුහුන එක්ක තරහ වී නහය කපා ගන්නා වැනි වූ අමනෝක්ඥ වැඩ අප නොකර ඉමු. ඔබේ දියණියගේ ජනාධිපති තාත්තා කෘතියේ අැතැයි සමාජ මාධ්යය ඔස්සේ විවේචනයට ලක්ව අැති (ඔබ කෝපයට පත්ව ගොයමට ගිනි තැබූ කථා සත්යයද) කාරනාවන් හට අප ගොදුරු නොවෙමු.
ක්රෝධ, ශෝක, සතුටු, පැහැදීම් යන හැඟීම් සිත තුල අැතිවූ කිසිදු අවස්ථාවක අප ක්ෂනික තීරන වලට හෝ ක්ෂනික පොරොන්දු වලට හෝ නොයා ඉමු. මාගේ මෙම අායාචනය සම්බන්ධයෙන්ද ඒ අාකාරයෙන්ම කටයුතු කරන්න.
නමුත් අපගේ උතුම් වූ ඒ (සෝභිත) අරමුන,අධිෂ්ඨානය පමනක් කිසිදු බාධාවකට හෝ බලවේගයකට යට වෙන්නට ඉඩ නොතබන්න.
යම් ලෙසකින් ඒ අත් වරද ඔබ/අප අතින් සිදු උවහොත් ඔබට මියැදෙන්නට සැනසිල්ලක් නොපවතින්නේ අන් කවරක් නිසාවත් නොව මූලික වශයෙන් ඔබේ සදාදර දරුවන් විසින් අනාගතයේදී බිහි කරනා ඔවුන්ගේ දරුවන් හට පවතින්නට සුරක්ෂිත රටක්, සමාජයක් අහිමි විය හැකි නිසාය. දයාබර තාත්තා, සීයා හෝ මුත්තා වශයෙන් ඔබගේ දරු මුනුපුරන් හට මෙරටේ යෙහෙන් වැජඹෙන්නට නම්ද... නිදහසේ පාරේ තොටේ යන්නට නම්ද... නිදහසේ සාප්පු සවාරි යන්නට නම්ද... නිදහසේ මුහුදු වැල්ලේ, වැව් තාවුල්ලේ,කෙතේ කුඹුරේ නියරේ කමතේ බඩ පිනුම් ගසන්නට නම්ද... දුව පැන අැවිදින්නට නම්ද... කාරයක, බස් රථයක, දුම්රියක, පාපැදියක, යන්නට නම්ද... තටාකයක පිහිනන්නද... උයනක සිරි නරඹන්නටද... සුරක්ෂිත රටක් සුරක්ෂිත සමාජයක් තිබිය යුතුය.
ඒ පිලිබඳ යම් හෝ සැකයක් අැත්නම් අපමන දුක් විඳ ඉතිරිව අැති අපගේ මේ සොච්චම් ජීවිතයේ දෑස් පියවෙන්ට පෙර සැනසිලි සිතින් මියෑදෙන්නට නම් තියෙන දේපොලක් විකුණා දමා හෝ අපගේ පැටවුන් මෙරටින් යලි නොඑන්නම පිටමං කල යුතු නොවේද...
***(තම දේපොල විකුණා දමා දැනටද තම මව් රට අත්හැර ගොස් අැති අසරන මිනිසුන් හට පසුගිය දිනෙක දොස් නැගූ පාඨලී චම්පික මැතිතුමාටද මෙමගින්ම පිලිතුරු දී අැත)***
============================================
ජනාධිපති මෛත්රීපාල මැතිඳුනි,
=====================
පවතිනා සියළුම අාවේගයන්, දුක්ඛ දෝමනස්සයන්, අප්රසාදයන්, චෛතසික පීඩනයන් සියල්ලම අපගේ ඒ් උදාරතර අරමුන වෙනුවෙන් දෙවනි කොට සලකමු.
තිලෝගුරු සම්බුදු පියානන්ගේ ඒ අති උත්තම වදන් අපට සිහිපත් කර දුන්නේ අන් කවරෙකු හෝ නොව ඔබමය.
ඉතින් ඔබ අපට කියූ වදන් තමා සම්මතයෙදි නොපිහිටා සිටින්නට ඔබට ඉඩ දිය නොහැක්කේ ඔබ අප සියල්ලන්ගේ පොදු හතුරා පරාජය කිරීම තුල ඔබ අප සැමගේ මතු පරපුරට සුරක්ෂිතව වැජඹෙන්නට හැකි සමාජයක් සමාජ ක්රමයක් ඔබ අප සියල්ලෝම ඒකරාශීව ගොඩ නගා තිබුනහොත් ඉහත සඳහන් කල ලෙස ඔවුන් සැමට තම රට තුල නිදහසේ විසිය හැකි වන නිසාය.
නොඑසේ උවහොත් කාගේ කාගේත් පුතනුවන්ලා හට මුනුබුරන්ලා හට නාඳුනනා තුවක්කු කරුවන්ගේ ගොදුරු බවටත්... දියණියන් මිනිබිරියන් ස්ත්රී දූෂකයන්ගේ ගොදුරු බවටත්... පත්විය හැකි වීම කාට වැලැක්විය හැකි වේද..?
ඔබ තුමානන් හට 62 ලක්ෂයක් සබුද්ධික ජනයා ලබා දුන් ඒ උදාර වරම යලිත් මේ රටේ කිසිදා කිසිවෙකුට ලැබේ යැයි සිතීම සිහිනයකි. ඒ නිසා ඔබ අප සැමගේ අවිහිංසක දරුමුනුබුරන් හට තම මව්රට තුල නිරුපද්රිතව විසීමට නම් අන් සැමගේ දරුවන් හටද නිරුපද්රිතව විසිය හැකි රටක් නිර්මානය වී තිබිය යුතුය. ඒ සඳහා සාරධර්ම වලින් පොහොසත් රටක් බවට අප රට පත් කල යුතුය. සාරධර්ම නිසි ලෙස ස්ථාපනය කල හැකි වන සේ ඒ හා සමගාමීවම එදා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය අතින් ගිලිහී ගිය කෘෂිකාර්මික විප්ලවයට නැවත පන දිය යුතුය.
ඒ වගේම විශේෂයෙන්ම අප සැමගේ පොදු සතුරා වෙතද මෙම පනිවිඩය සම්ප්රේෂන කරවීම ඉතා වැදගති. මන්ද යත් අවිහිංසක මිනිසුන්ගේ දරු මල්ලන්ටද වඩා ඒ අයගේ දරුමල්ලන් සමාජ අසාධාරනයට ලක්ව විප්ලව කිරීමට පෙලඹෙනා අනාගත ත්රස්තයින්ගේ ප්රතම ටාගට් එක වීම නොවැලැක්විය හැකි නිසාය.
ඒ නිසා ප්රජාතන්ත්රවාදී ලෙස රට කිරීමට ඉඩ නොදෙනා වත්මන් ජන පීඩකයින් හට අනාගත ශ්රීලංකාව දෙස දිවැසින් බලා සෝභිතාවතාර විසින් ලබා දෙන මෙම අවවාදාත්මක සිහි කැඳවීම තරයේ සිහි තබා නොගතහොත් අනාගතයේදී ඔවුන් හට පසුතැවිලි වීම හැර වෙන අන් සරනක් සොබා දහම විසින් ශේෂ නොකරනු නියතය.
නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර ඉතාමත් නිහතමානීව ජනපතිඳුන් හට රට කිරීමට ඉඩ නොදෙනා යහපාලන/යමපාලන සියළු සැම දැනුවත් කර සිටිනා වගයි.
=========================
=========================
ජනාධිපති තුමනි,
අවසන් වශයෙන් මා හට ඔබට පැවසීමට අැත්තේ....
අවසන් වශයෙන් මා හට ඔබට පැවසීමට අැත්තේ....
එදා ඒ බියකරු මොහොතේදී ඔහු ඔබට මහා පවුරක් විය. ඔහු තුල කෙතරම් අඩුපාඩු අැතත්, ඔබ හා නොසැසඳෙනා සංස්කෘතික ලක්ෂනයන් කොපමන අැතත්, දැන් ගෙවා අවසන් කල නොහැකි ඒ ණය හැකි අවම ප්රමානයෙන් හෝ නොගෙවා සිටීම ඔබට තරම් නොවනු අැත.
එමෙන්ම ඉතිහාසයේ එක වකවානුවකදී ඔබේ නායිකාව මෙවන් වූ ලෙසින්ම ඔහුට සිදුකල අකටයුත්ත නැවත නැවතත් සිදු නොකරන්න. නොඑසේනම් ඉදිරි සම්මුතිවලට නොයා ඉන්න. නමුත් තිරිසනෙකුට උවත් අවම අාත්ම ගරුත්වයක් හෝ හිමිවිය යුතුය. එදා සහ මෙදා ඔහුට ඔබ සහ ඔබේ නායිකාව සිදුකල දේ අසවලාට කලා නම් මොනවායින් මොනවා වෙලා එය අවසන් නොවේවිද. ඒවාට අද දිනයේදී ඕනාවටත් වඩා වැඩියෙන් සාධක සහ සාක්ෂි මුළු ලොවටම දෘශ්යමාන වන ලෙස අප සැමට දැක බලා ගන්නට සිදු උනා මදිවට තවත් සමහර අයට ඒවා භෞතිකවම අත්විඳින්නටද සිදු නොවුනා නොවේද..
හරියට කීවොත් උගතෙකු දනක් බසින්නැති මඩේ මෝඩයා කරවටක් බහිනවා යන කියමන සියයට සියයක් සනාථ කරමින් අද දින පාර්ලිමේන්තු ඉතිහාසයේ කලු සලකුන උපන් දා සිට පාර්ලිමේන්තු අත්දැකීම් අැතැයි තමාම කියා ගන්නා බල උන්මත්තකයෙකු විසින් සනිටුහන් කරනවා මුළු ලොවම බලා සිටියේය.
ඔහුගේ සහ මොහුගේ සුවිශේෂී වෙනස එය නොවේද. ටොක්කක් කෑවත් අඩු තරමින් එය රන් මුදුවක් පැලඳි අතකින් කෑ යුතුයැයි යන කියමනක් අතීතයේ සිට පැවත එන්නේ නිකමටම නොවිය හැක.
ඒ නිසා ඉතිරිව අැති සීමිත කාල පරිඡ්චේදය ඔහුට රට කරන්නට ඉඩ දෙන්න. ඔහුගේ උද්දච්ච හිතුවක්කාරකම් ඔබේ පරිනත වූ සබුද්ධික උපේක්ෂාවන්ගෙන් අතික්රමනය කරන්න.
අැටි කුකුලුන් හඹන් තලනා විට වලි කුකුලුන් හට ජය මගුල් කන්නට ඉඩ නොතබන්න.
මන්ද යත් ඒ සියල්ලෙහි අවසන් ප්රථිපලය වන්නේ සෝභිත හිමියන්ගේ නිසල දේහය අභියස ඔබ/අප සැම සපත කල ප්රතිඤ්ඥාව මිරිඟුවක් වීම පමනි. ඔබ සැමට තෙරුවන් සරනයි.