Thursday, January 5, 2017

අැත්තටම මෙයාල රටට ලෙන්ගතු නෑ.. ඒකේ දෙකක් නෑ...


අැත්තටම මෙයාල රටට ලෙන්ගතු නෑ.. ඒකේ දෙකක් නෑ...

අපේ අම්මලා තාත්තලාට මතක අැති මෙයාලගේ ඉතිහාසය. මෙයාල ඒ කාලයේ උත්සාහ කලේ අපේ රටේ සංස්කෘතිය හෝදාපාළු කරල දමන්නයි. 

රූප මාධ්යයේ හෙලුවැලි සංස්කෘතියේ නිර්මාත්තෘවරු මාෙවුන්. නමුත් අපේ මේ බුදුන් වැඩි රටේ සංස්කෘතිය විනාශ කරන්න ලෙහෙසි නෑ. 

ඒ කාලේ අපේ අම්මල තාත්තලා මෙයාලගේ චැනලය බලන්න තම දරුවන්ට ඉඩ දුන්නේ නැහැ. අවසානයේ මෙයාල පිරිහෙන්නටත් ගුටි කන්නටත් පටන් ගත්ත.

අන්න ඒ අවස්ථාවේදී මෙයාල දැන ගත්ත තමන් හට මාධ්යය තුල පවතින්නට නම් මේ රටේ ජනතාවගේ හද ගැස්ම තේරුම් ගත යුතු බව. 

වාසනාවට වගේ මෙම අායතනය තුල ඉහල පාලන අධිකාරියේ පයට පෑගී නිහවඬ සිටි කාර්යය මණ්ඩල සමස්ත ප්රජාව (අපේ ලාංකික දූපුතුන්) ලත් අවස්ථාවෙන් නිසි ප්රයෝජන ගනිමින් මේ රටේ ජනතාව තුල මාධ්යය අායතනයක් විදියට පවතින්නට නම් කල යුතු ප්රතිසංශෝධන පිලිබඳ පාලනාධිකාරියට බලපෑම් කරලීමේ ප්රථිපලයක් ලෙස වර්තමානය තුල මෙම අායතනය ජනාධරයට පත්ව සිටියත් මහ එකාගේ හදේ පවතිනා සමහර අඳ බාල ගති සිරිත් සහ වෛරී අාකල්ප තම අභිමතයෙන් භාවිතයෙහි යෙදවීමේ නොමිනිසත් බව මග හරවා ගැනුමට තව බොහෝ කාලයක් සමාජය තුල මෙවන් විවේචනයන් හට ලක්වීමෙන් හෝ අවබෝධ කොට ගත යුතු මනාය.

සෝභිතාවතාර
2017/01/06
http://sobithawathara.blogspot.com/

No comments:

Post a Comment