Saturday, January 9, 2016

පුවත්...

ශ්‍රී ලංකාවට ඓතිහාසික දිනයක්..! 

නව ව්‍යවස්ථාවක් සඳහා - ජනතා ප්‍රතිචාරය...... 

රට හදන පොදු හටනට - යහපාලනයට චිරං ජයතු!

                  2015/01/08 - 2016/01/08
තමන් ජනතාවගේ නියෝජිතයින් යැයි පවසා ගනිමින් මුත් නිරන්තරව ප්‍රතිපත්ති වෙනස් කරමින් හෘද සාක්ෂියට පටහැනිව කටයුතු කරන්නා වූ බොහෝමයක් ජනතා නියෝජිතයින් පිලිබඳව ජනතාව තුල පැවති විශ්වාසය මියගොස් හමාරය. එබැවින් පාර්ලිමේන්තුව තුල අැති මොට්ට ඔළුගෙඩි ගනන නොව යහපාලනය අගය කරනා රට තුල සිටිනා සුවහසක් ජනතාව ගැන විශ්වාසය තබා අරමුන කොයි අාකාරයෙන් හෝ සාක්ෂාත් කිරීමට සත්පුරවැසි ජනතාවගේ පූර්න අාශිර්වාදයත් ශක්තියත් යහපාලන නායකකාරකාදීන් හටත් ඔවුන් හා අත්වැල්බැඳගන්නා සත්ගුණවත් පාර්ලිමේන්තු අනුගාමිකයින් හටත් පුදකරනා බැවින් යායුතු ගමන අපගේ සෝභිත මාහිමිපානෝ පැතූ සිහිනය සැබෑ වන තුරු නොනැවතීම ඉදිරියට ගමන් කරනා ලෙස අයැද සිටිමු.. ස්තුතියී. 

සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර 


ශ්‍රී ලංකාවට ඓතිහාසික දිනයක්..! 

ශ්‍රී ලංකාවට ඓතිහාසික දිනයක්..! නව ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව අගමැති ගෙනෙයි: ජනපති ‘ඒකීය සහ ෆෙඩරල්‘ ගැන ප්‍රායෝගික කතාවක් කරයි: සිද්ධියේ ඇතුළු පැත්ත ගැන වාර්තාවක්

(ලංකා ඊ නිව්ස් -2016.ජන.09, ප.ව.5.00) ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නව ව්‍යවස්ථාවක් හදා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු කාරක සභාවත් පත් කර ගැනීමේ යෝජනාව අද අගමැති රනිල් වික්‍රමසිංහ මහා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේ වැදගත් අවස්ථාවට සහභාගී වීම සඳහා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවේ මෙසේ සඳහන් වේ. 
“ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු යැයි ශ්‍රී ලංකා ජනතාව අතර පුළුල් එකඟතාවක් ඇති හෙයින්ද,

Friday, January 8, 2016

රට හදන පොදු හටනට - යහපාලනයට චිරං ජයතු.! සෝභිත මාහිමිපානෝ අප අතර සැමදාමත් ජීවමානයි

 රට හදන පොදු හටනට - යහපාලනයට චිරං ජයතු.!  සෝභිත මාහිමිපානෝ අප අතර සැමදාමත්  ජීවමානයි.. 

අපවත් උවද තම සිත්හි මුල් බැස පැවති සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ නොනිමි උවමනාවේ සමාජ අවශ්යතාව කෙසේ හෝ යථාර්තයක් කරවනු වස් උන්වහන්සේගේ අාත්මීය අාශිර්වාදය අැතිව උන්වහන්සේගේ චිත්ත අභිප්‍රායයේ නාමයෙන් ඒ භූමිකාව ඒ අාකාරයෙන්ම නොඅඩුව ඉදිරියට ගෙන යාම උදෙසා උන්වහන්සේගේ සූක්ෂ්ම තෝරා ගැනීමේ විශ්ව පරීක්ෂනයෙන් ඉහල සමාර්ථයක් ලැබීමේ ගෞරවයට පත් සත්පුරවැසියා විසින්  උන්වහන්සේට නිවන් සුව අත්වනු පිනිස සෝභිතාවතාර බ්ලොඩ් අඩවිය නාමයෙන් යහපාලනයට වසරක් සපිරෙන අති උතුම් අද (2016/01/08) දිනයේ සිට උන් වහන්සේගේ (ටෙලිපති) විශ්ව තරංග ඔස්සේ ජනතාව වෙතද... දේශපාලනාධිකාරීන් වෙතද... තම පුවත්, විවේචන, උපදෙස්, අණ නියෝග සමාජගත කරලමින් මෙම අඩවිය ඉමහත් සත්භාවයෙන් යුතුව පවත්වාගෙන යනු ලබයි.

එහෙයින් අැවැසි තන්හිදී උන්වහන්සේ සත්පුරවැසියා තම අාතූරයා කොටගෙන අවතාරයක්ව පොදු මහජනතාව වෙනුවෙන් වන අභිප්රායයන් ඉෂ්ඨ සිද්ධ කරනු වස් සෝභිතාවතාර
ලෙස වෙස් ගන්නා වගයි..!


ජාති, අාගම්, කුලමල භේදයෙන් තොරව සැමගේම ඉමහත් ගෞරවාදරයට පාත්‍රව සිට ශාරීරික වශයෙන් අප අතරින් වෙන්ව ගියේ අන් කිසිවක් නිසා නොව බාධාවලින් තොරව වඩාත් හොඳින් තම අරමුන කරා පිවිසීමට බවයි උන්වහන්සේ සිහිනෙන් පැමින තම අාතූරයා සත්පුරවැසියාට වදාරා සිටියේ...

යහපාලන නායකකාරකාදීන් හමුවීමට, අදහස් පල කිරීමට අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශ ලබා දීමට වෙනදා පැවති බාධා කිසිවක් දැන් නොමැති බවයි උන්වහන්සේගේ නවතම අදහස. තමන්වහන්සේ හට සිත් පහල වුනු ඕනෑම මොහොතක අාත්මිකව ඔවුන්ගේ නිදි යහන කරා පිවිස හෝ දැන්විය යුතුදේත් උපදේශනයත් නිසි ලෙස සිදුකර අරමුන සාක්ෂාත් වන තුරු තම උත්සාහය අත්නොහලන බවත්.. 


යම් ලෙසකින් සැමට සාධාරන සමාජයක් බිහිකිරීම වෙනුවෙන් යන්නාවූ මේ ගමන් මග හරස් කිරීමට හෝ එය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන්නන් හට නිසි දඞූවම් පැමිනවීමට පසුබට නොවන බවත් අවධාරනය කර සිටියී. 

සෝභිතාවතාර විශ්වයේ සිට...
--------------------------------------------------------------------------------------------------------------------------
   ජනවාරි 8 සමරා හෙට ජනපති අගමැති සෝභිත හිමි වෙනුවෙන් පුෂ්පෝපහාරයක
පුවත්...
(ලංකා ඊ නිව්ස් -2016.ජන.07, ප.ව.11.00)   ජනවාරි 08 විජයග්‍රහණයේ නියමුවා වූ අපවත් වී වදාල අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වෙනුවෙන් විජයග්‍රහණයට වසරක් සපිරෙන හෙට (08) පුජෝපහාර උත්සවයක් කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී උදේ 10.30 ට ජනාධිපතිගේ සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
එහිදී සෝභිත හිමි ස්මරණ රුක් රෝපණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකිරීමට නියමිත අතර සෝභිත හිමි පුෂ්පෝහාරය සිදුකිරීමෙන් අනතුරුව කෝට්ටේ ශ්‍රී කල්යාණ  සමාග්‍රී සංඝ  සභාවේ මහනායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් විසින් අනුශාසනාවක් පැවැත්වීමට නියමිත ය.  කෘතීම කකුලක් සහ රෝද පුටුවක් පරිත්‍යාග කිරීමද සිදු කෙරේ. 
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සභාව ඇමැතීමට නියහිත අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වත්මන් කැඳවුම් කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා සභාව මෙහෙයවනු ඇත. මෙම උත්සවය පැය භාගයකට පමණක් සීමා වන බැවින් සහභාගී වීමට කැමැත්තෝ කලින් පැමිණෙන ලෙස එහි ලේකම් සිසිර ජයමහ මහතා දන්වා සිටී.
-------------http://www.lankaenews.com/news/3323/si
by----------(2016-01-07 18:33:56)
-----------------------------------------------------------------------------------------------------------------------------
පුවත්...

ජනවාරි 08 විප්ලවයේ ඇත්ත නියමුවා..!

(ලංකා ඊ නිව්ස් -2016.ජන.09, ප.ව.7.20) බොහෝ දෙනෙක්   දන්නා දෙයක් තමයි අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේ මේ රටේ මුලින්ම ප්‍රචලිත වෙලා හිටියේ විචිත්‍ර ධර්ම දේශකයෙක් විදියටයි. ජනතාව අතර රැව් පිළිරැව් දෙන නමක් හදාගත්තේ සදහම් චාරිකාව තුලින් මිස පටු ජනප්‍රියත්වය හෝ ලාභ, ප්‍රශංසා වෙනුවෙන් නොවේ. උන්වහන්සේ මුලින්ම හිතන්න ඇති මේ රටේ මිනිස්සු දුක් විදින්නේ, දුප්පත්වෙලා ඉන්නේ, පීඩාවට පත්වෙන්නේ  ධර්මය නොදන්නා නිසා කියල. ඔවුන්ට බුදුන් දෙසු දහම් පහදා දී ඒ තුලින් දියුණුවේ දොරගුළු හැර ගන්න ඔවුන්ට උපකාර කරන්න, හරි මග කියාදෙන්න ගම් දනව් සිසාරා උන්වහන්සේ වඩින්න ඇති. එහෙත් රටේ පාලකයෝ එනවා යනවා, ජනතාවට පොරොන්දු දෙනවා මිස ඒවා ඉටුකරන්නේ නැහැ. අන්තිමේ ජනතාවට මොන දහම් කියල දුන්නත් රටේ පාලකයන්ට නිවැරදි මග කියල දෙන්නේ නැතුව මේක කරන්න බැහැ කියල උන්වහන්සේ කල්පනා කරන්න ඇති. ඉන්පසු උන්වහන්සේ ලද ජනප්‍රියත්වය නිසාම බොහෝ ගුවන් විදුලි නාලිකාවලදී මෙන්ම ජන නායකයන්ගේ සුවිශේෂ අවස්ථාවල, ඔවුන්ගේ ගෙවල්   වලදී පවා හමුවන අවස්ථාවල ඔවුන්ටත් නිවැරදි මග කියා දීම සඳහා උපමා උපමෙයිය යොදා  ගනිමින් හීන්සැරේ ඔවුන්ට නොදැනෙන ලෙස ඔවුන්ට මාර්ගය කියාදීමෙන් ඔවුන් නිවැරදි කරවන්න මුලදී උත්සාහ කරලා බැරිම තැන ඉතාම තදින් පවා ඔවුන් අමතන්න උන්වහන්සේ පසු බට උනේ නැහැ. මෙතැනදී උන්වහන්සේගේ ප්‍රහාර වලට ලක්වන ඔවුන් ක්‍රමයෙන් උන්වහන්සේගේ බණ , දේශනා ආදියට තහංචි දමන්න, ඒවා මග හරින්න පවා කටයුතු කරද්දී උන්වහන්සේ අභීත ලෙස තම කටයුතු ජනතාවත් එක්ක කරගන ගියා. තම ශාසනික හා සමාජ කටයුතු මේ විදියට දිගටම කරගන යනවිට රටේ සිදුවන මහා විපත් උන්වහන්සේ දැක්ක. යුක්තිය සාධාරණය ඉටු නොවන බව දැක්ක. රටේ පාලකයෝ ජනතාව පෙලන හැටි දැක්ක. රට දියුණු කරනු වෙනුවට රටම කාබාසිනියා කරන අයුරු දැක්ක. අණ පනත් වෙනස් කරගනිමින් තම බලය තව තවත් වැඩි කරගනිමින් ඒවා ජනතාව පෙළීමට  යොදාගන්න අයුරු දැක්ක. 1977 විතර වෙනකල් කාලයෙන් වැඩි කොටසක් ශාසනික, සමාජීය  සහ අධ්‍යාපන කටයුතු වලට යෙදු උන්වහන්සේට 78 ව්‍යවස්ථාව වෙනස් කල දා සිට ඉන් රටට වන මහා විපත්තිය උන්වහන්සේගේ "ඉසිවර මනිසින්" දකින්න ඇති.

මෙහි ඵලයක් ලෙස....