Saturday, December 19, 2020

පුරවැසිභාවය අහෝසි කළද.. හිරේ විලංගුවේ දැමුවද.. මරණ දණ්ඩනය නියම කළද.. එකී තීරණය පාට පක්ෂ දේශපාලනය අහෝසි කරන තාක් වෙනස් නොකරනා සත්‍යක්‍රීයාව.

මරණයටත් මගුලටත් ලඟම සිටින හොඳම නෑයා.. ජාතියට ශාපයක් වූ ඡන්දයේදී පමණක් ප්‍රතිවිරුද්ධ මත දරන අසල් වැසියාගේ මුහුණ නොබලන..
*/**//***///***//**/*
ජනතාව බෙදන.. මිනිසුන් විරසක කරවන පවතින පාට පක්‍ෂ ජරාජීර්ණ වූ.. යල් පැන ගිය හණමිටි දේශපාලන ක්‍රමවේදය..
අහෝසි කරලීමට සමත් පරහිතකාමී අති උතුම් මිනිසුන් කෙදිනක හෝ.. බිහිවන තුරා ලාංකේය අරාජික දේශපාලනය අත්හලෙමි. ඡන්දපොළට වත් නොගියෙමි.. ඉදිරියේදිත් කිසිසේත්ම නොයන්නෙමි..
*/**//***///***//**/*
පුරවැසිභාවය අහෝසි කළද.. හිරේ විලංගුවේ දැමුවද.. මරණ දණ්ඩනය නියම කළද.. එකී තීරණය පාට පක්ෂ දේශපාලනය අහෝසි කරන තාක් වෙනස් නොකරනා සත්‍යක්‍රීයාවකි.

*නිර්පාක්ෂික.. *නිර්භේදීය.. *නිර්දේශපාලනික.. *සත්පුරවැසියෙක්..
*සෝභිතාවතාරයේ.. *සෝභිතාතූරයා..
*#Sobit..2019/11/16
2020/12/20..
Uptated...
2021/07/06
*/**//***///***//**/*
*#Links..
www.sobithawathara.blogspot.com
www.Sobithawathara Athuraya Sathpurawasiya
www.Sobithawathara.blogspot.com/
www.youtube.com/sobithathuraya
*#email : sathpurawasiya@gmail.com

පුරවැසිභාවය අහෝසි කළද.. හිරේ විලංගුවේ දැමුවද.. මරණ දණ්ඩනය නියම කළද.. එකී තීරණය පාට පක්ෂ දේශපාලනය අහෝසි කරන තාක් වෙනස් නොකරනා සත්‍යක්‍රීයාව.

Saturday, December 12, 2020

ගෝලීය අභියෝග අසම්මතව හෝ ජය ගනිමු..

ගෝලීය අභියෝග අසම්මතව හෝ ජය ගනිමු..

ගෝලීය බලවතුන්ගේ අත්තනෝමතික උවමනාවන් වෙනුවෙන් කලින් කලට වසංගත ලෙස ලොව 
ගිල ගන්නා ජෛව අභියෝගයන් හට අභීතව මුහුන දීම උදෙසා සම්ප්‍රදානුකූල සීමා මායිම් බිඳලමින් ඉදිරියට පිවිසෙනා හෙලයන්ගේ විධිමත් අවිධිමත් පර්යේෂන මට්ටමින් පවතිනා දේශීය ප්‍රථිකාර ක්‍රම පිලිවෙත් සම්බන්ධයෙන් ජාත්‍යන්තරව හෝ දේශීයව හෝ බාධා ගෙන දෙන යම්, යම් අනපනත් පවතීනම්..

ෆුඞ් සප්ලිමන්ට් හෝ රොටි, පිට්ටු, පරාටා, කොත්තු.. 

සරුවත්, කන්ජි, ෆලූඩා, මෝරු, ලෙස අසම්මත උපාය මාර්ගයන් භාවිතා කරමින්..
මේසන් බාස් නොවේ.. බොගෙ ආච්චිට හාල් ගරපු එකාට කියල හරි බෙහෙත් බැරිනම් වෙන මොන මගුලක් හදලා හරි..

කිසිදා නිට්ටාවට සුව නොවන ඹෟෂධ මාෆියාවන්ගේ පසු අසාධන සහ/හෝ ආස්මිකතා නියත බටහිර ප්‍රතිකාර ඒකාධිකාරය සුනු විසුණු කර..

පසු ආසාධන සහ/හෝ ආස්මිකතා කිසිවක් නොමැති වස/විස නොවන දේශීය ස්වාභාවික කොළ, පොතු, ඇට, මුල්, මල්, භාවිතයෙන් නිෂ්පාදිත ඕනෑම සොයා ගැනීමක් සිදු කරනා ජාති, ආගම්. කුල/මල සියළු බේදයන්ගෙන් තොරව රටට දැයට ආදරය ඇති වීර හෙලයින් ලෙස සලකා උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නට ජනාධිපතිවරයාට යෝජනා කරමු.

නිර්පාක්‍ෂික.. නිර්භේදීය.. නිර්දේශපාලනික.. සත්පුරවැසියෝ..
සෝභිතාවතාරයේ.. සෝභිතාතූරයා..
*Sobit..12/20/12
නිර්පාක්‍ෂික.. නිර්භේදීය.. නිර්දේශපාලනික.. සත්පුරවැසියෝ..
සෝභිතාවතාරයේ.. සෝභිතාතූරයා..
*Sobit..12/20/12

Friday, December 4, 2020

“කොරෝනාවෙන්” පරිස්සම් වෙමු. නමුත්, ඊට කිසිසේත්ම බිය නොවෙමු.

 “*#කොරෝනාවෙන්” පරිස්සම් වෙමු. *#නමුත්, ඊට කිසිසේත්ම බිය නොවෙමු.
*/**//***///***//**/*

ජාත්යන්තර වෙළඳ මාෆියාවේ යටි උගුල්වල සිර නොවී.. ශ්රේෂ්ඨ ඉතිහාසයක් ඇති අපේ අභිමානයත්, ජාතික අනන්යතාවයත් රැක ගනිමු.
*/**//***///***//**/*
“වෛරස” මගින් වසංගත පතුරවා, ඒවාට පිලියම්ද විකුණා..“Online” සංස්කෘතිය වපුරා.. සමස්ථ වෙළඳ පලේ වැඩි පංගුව තමන් සතුකර ගන්නටත්..
*/**//***///***//**/*
ගෝලීය වෙළඳ අධිකාරියේ බලය අත්පත් කර ගන්නටත්.. අසම්මත නොමිනිස්කම් මතින් ගන්නා සියළු උත්සාහයන් අභීතව පරදවා..
“වසංගයක්” මතින් උන් අපට දුන් ඌරු මාළු උන්ගේ පිටේම කපන්නට.. ලබා දුන් අනගි අවස්තාව කිසිසේත් අපතේ නොයවමු.

රට ගොඩ ගන්නා කෘෂිකාර්මික සංග්රාමයත්.. දේශීය කර්මාන්ත සියල්ලමත්.. යලි නගා සිටුවා.. අහිමිව ගිය අපේ ජාතික අනන්යයතාවයත්.. කැලැල් වූ අභිමානයත් යලි අත්පත් කර ගනිමු..                                             */**//***///***//**/*
කොට්ටෝරුවා මට්ටු වන්නේ කෙසෙල් ගහට කෙටූ දාට බව "*#චීන්නුන්" හට පසක් කරදෙමු..
“*#කොරෝනාවෙන්” පරිස්සම් වෙමු.
*#නමුත්, ඊට කිසිසේත්ම බිය නොවෙමු.
*/**//***///***//**/*

*#නිර්පාක්ෂික.. *#නිර්භේදීය.. *#නිර්දේශපාලනික.. *#සත්පුරවැසියෝ..

*#සෝභිතාවතාරයේ.. *#සෝභිතාතූරයා..
*#Sobit..2020/12/04
*/**//***///***//**/*
*#Links..
https://www.sobithawathara.blogspot.com
https://www.facebook.com/sobithawathara
https://www.facebook.com/sathpurawasiya
https://www.youtube.com/sobithathuraya

*#email : sathpurawasiya@gmail.com


Sunday, November 29, 2020

අද මේ උතුම් පෝය දවසේ ඉතාමත් සත් භාවයෙන් යුතුව "අපි වෙනුවෙන් අපි" හැමෝම 225 ට යෝජනාවක් කරමුද මෙහෙම..

අද මේ උතුම් පෝය දවසේ ඉතාමත් සත් භාවයෙන් යුතුව "අපි වෙනුවෙන් අපි" හැමෝම 225 ට යෝජනාවක් කරමුද මෙහෙම.. */**//***///***//**/*
ජනාධිපති තුමා නම් පහුගිය කාලේ වැඩේ යාන්තම් ඇදගෙන ගියා. නමුත් දැන් 225 හ මේ මගුල බාර ගත්තට පස්සේ මෙයාලට මොකුත්ම බෑ වගේ..
*/**//***///***//**/*
ඒ නිසා කරුණාකරලා අපේ "පරමාධිකාරී බලය" ආපහු අපිටම දෙන්ඩ කියමුද..
"අපි වෙනුවෙන් අපිට" පුළුවන් රටත් ගොඩ අරන් එයාලගේ පැන්ෂොන් එකත් දීල..
ඕනානම් සියලුම දූෂණ/වංචා චෝදනා තියෙන හැමෝටම පොදු සමාවකුත් දීල.. පිට රටවල්වල හංගලා තියෙන රටේ ජනතාවගෙන් හොරකම් කරපු සල්ලි ලංකාවට ගෙනල්ලා
ව්‍යපාරවල යොදවන්න සහනයකුත් දෙනවා කියලා කියමු..
*/**//***///***//**/*
මොකද කියලා කියනවා නම්.. මේ රට දැන් ලෝකය හමුවේ පත්වෙලා තියෙන තත්ත්වය දැක්කහම අපේ මව්බිම ලෝක ණය වලට සින්න වෙලා රටේ පොඩි උන්ට අනාගතයක් නැති වෙයිද කියලා බයේ බෑ. අප්පා.. */**//***///***//**/*
රට ගොඩ ගන්න එක අපිට නම් ඉතින්.. ගේමක් ඇත්තෙම නෑ.. මේ අපේ උතුම් මව්බිම නිසා.
*#email : sathpurawasiya@gmail.com

Saturday, November 21, 2020

Difference of Keels & Cargills Online Behaviours / කීල්ස් සහ කාගිල්ස් ඔන්ලයින් කෙරුවාවේ වෙනස.. වටහා ගනිමු..

 Difference of Keels & Cargills Online Behaviours

කීල්ස් සහ කාගිල්ස් ඔන්ලයින් කෙරුවාවේ වෙනස.. වටහා ගනිමු..

Difference of Keels & Cargills Online Behaviours
                      */**//***///***//**/*

සාක්ෂි අතේ ඇති මේ ඇත්ත කථාව පවසන්නේ කැනඩාවේ සිටින දියනියක් තම මාපියන් හට කල හැකි වෙන් අන් සරනක් නොවූ තැන කීල්ස් ඔන්ලයින් මගින් එවූ රු. 20, 000/- කට ආසන්න වටිනාකමක් ඇති බඩු මල්ලේ "කොරෝනා" ගරානා.. නොපෙනෙන අසාධාරනය සම්බන්ධව ලෝක වාසී සියළු
ශ්රී ලාංකිකයින් දැනුවත් කරලීමට සහ කීල්ස්/Keels ලාට මෙවන් වැරදි මතුවට නොවන ලෙස නිවැරදි කර ගැනීමටයි.

"කොරෝනා" වසංගතකාරී වාතාවරනය යටතේ ඔන් ලයින්/Online සේවාවන් මගින් සිදුවනුයේ සුළුපටු සේවයක් නොවේ. නමුත් පාරිභෝගිකයින් හට එමගින් නිසිඵල ලැබෙනුයේ තමන් හට අවශ්ය කරනා අත්යාවශ්ය ද්රව්ය ලැබේනම් මිස.. මෙවන් අවස්ථාවක වෙළෙන්දා තමන් හට විකුණාගත නොහැකිව පවතින කූණු කන්දල් ගන්නට සැලැස්වීම නොවිය යුතුය.

එය තමන්ගේ ප්රතිරූපයට නිගාවක් සහ විනාශයට හේතුවක් බව ඔවුන් කිසිසේත්ම අමතක නොකල යුතුය. විශේෂයෙන් පිට රටවල සිට තම මාපියන් වෙනුවෙන් අහාර ද්රව්ය ලැබීමට සැලැස්වීමේදී මේ තත්ත්වය බරපතල බව සාක්ෂි සහිතය මොවුන් තම ඇනවුම පසු දිනම ලබා දීමට සමත්ය.

නමුත් ඒ අවශ්ය කරන ද්රව්ය කිසිවක් නොමැතිව සහ තියෙන ද්රව්යද ඉතාමත් බාල සහ ඉවත ලන තත්ත්වයේ පවතින එළවලු සහ පළතුරුය. නමුත් වැඬේ කියන්නේ මොවුන්ගේ අලෙවි ප්රදර්ශනාගාර වෙත ගිය කල්හි නැති බඩු සියල්ල ඇත.

එයින් පැහැදිලි වන්නේ ඔන්ලයින් පාරිභෝගිකයින් හට නොසලකන බවත්.. ඔන්ලයින් පාරිභෝගිකයින් තබාගෙන සිටින්නේ විකුණාගත නොහැකි සියළු කුණු කන්දල් තල්ලු කර දැමීමට බවත්ය.
මොවුන්ගේ ඔන්ලයින් මෙනුවේ හාල් වර්ග ඇත්තේ රු. 250/- න් ඉහල ඒවා පමනි. එළවලු තිබෙන්නේ විකූණාගත නොහැකි කැකිරි සහ තිබ්බටු වැනි කූඩා අර්තාපල්ය බිස්කට්, ටූත් පේස්ට් සහ තව බොහෝ සිල්ලර සහ කුළු බඩු වර්ග තිබෙන්නේ අවශ්ය ප්රමානයේ ඒවා නොව.. නොවිකිනෙන ලාබ අධික කුඩා පැකට්ය. නමුත් සියළු ප්රදර්ශනාගාරවල නැතැයි කියන මේ සියල්ල ඇත.

පාරිභෝගික වෙළඳ කටයුතුවලදී විශේෂයෙන් පාරිභෝගිකයා නොදැනුවත්ව ඔවුන් හට වංචනික ක්රියා සිදුකිරීම සොබා දහමේ ශාපයට ලක්වීමේ අංක එකේ සාධකයකි. දැඩි අවධානයට ගත යුතු..

එම නිසා කීල්ස්/Keels ආයතනයේ පාලනාධිකාරියේ ලොකු කෙරුමන්ලා ප්රකෝටි ගනනින් රජයේ සහන ණය ලබාගෙන සැපයුම් කරුවන් හටද මාස තුන හතරේ ඬේට්චෙක් දීලා මහ පරිමාන වෙළඳ ව්යාපාර ආරම්භ කොට කෙසේ හෝ බඩු ටික උනු උනුවේ විකිණෙනවා නම්..

ඒ මදෑ කියා සිතා කොරෝනාවට බයේ නිවෙස්වල සැඟවිලා කාලා බීලා පමනක් හිඳ පලක් නැත. තම තමන්ගේ පැවැත්මට හේතු වී ඇති පාරිභෝගික ප්රජාවගේ සේවාවන් නිසි ලෙස ඉටු වනවාදැයි නොසොයා නොබලා හිඳ පලක් නැත.

වරදක් අකටයුත්තක් අසාධාරනයක් කෙරුවොත් කෙදිනක හෝ ඒවාට දඩුවම්ද නියත බව මෙවන් සිදුවීම් වලින් හෝ මින්මතු දැන ගනිත්වා.

                     ==============@@@================

ඒකටත් එක්ක මෙන්න මිනිස්සු පුළුවන් නම් කරනවා.. බැරිනම් නිකං ඉන්නවා.. බොරුව, වංචාව, ප්රෝඩාව නෑ.

කීල්ස්ලා ව්යාපාරික ලෝකයේ බිම් එලිය දකින්නටත් දශක ගනනාවකට පෙර සිට කොළඹ කොටුවේ අනාදිමත් ඉතිහාසයක් ඇති කාර්ගිල්ස්/Cargills කියූ පමනින් එවකට නොදන්නා කෙනෙක් නොමැති..

මෙන්ම ෆුඞ්සිටි/FoodCity සංකල්පය ප්රථමයෙන් ශ්රී ලංකාවට හඳුන්වාදුන් පුරෝගාමියා.. කාර්ගිල්ස්/Cargills අයිතිකාරයාම කොළඹ මැනිං මාකට් එකට ගොස් සියළු එළවලු/පලතුරු සහ අනිකුත් සියළු පාරිභෝගික ද්රව්ය තමුන් විසින්ම තෝරා ගෙනැවිත් ඇරඹි ව්යාපාරය අදටත් විනිවිද දැක්මෙන් යුතුය. ප්රතිපත්ති සහගතය.

එහෙම කියන්නේ නිකම්ම නිකම් නොවේ වසර 45 ට පෙර පුංචි කාලේ සිට කොළඹ කොටුවේ කාර්ගිල්ස් සාප්පුවෙන් බඩු භාණ්ඩ මිලට ගෙන අද වන තුරු ඉතා හොඳින් දන්නා ඉතිහාසාත්මක සාධක මතය.

ඒ අනුව මෙහිීදීද මෙම කොරෝනා සමයේ කාර්ගිල්ස් ඔන්ලයින් සේවාව සම්බන්ධයෙන්ද කරුනු දක්වා සිටින්නේ අත්දුටු අත්විඳි ඉතා පැහැදිලි සාධක මතය.

කාර්ගිල්ස් ඔන් ලයින් සේවා මේ වකවානුව තුල ඉතාමත්ම කාර්යය බහුලය. පිට රටක සිට හෝ මේ රට තුල සිට හෝ ද්රව්ය ලැයිස්තුවක් ඇනවුම් කල විගස නොලැබේ. මේ දිනවල භාණ්ඩ ගෙනැවිත් බාර දීමට අඩුම තරමින් අනිවාර්යයෙන්ම දින 5 ක් 6 ක් හෝ සතියක්වත් කල් ගත වේ.

නමුත් එහි වටිනාකම සහ විශේෂත්වය වන්නේ ඔවුන් සතියක් කල් ගෙන හෝ තම පාරිභෝගික ප්රජාවට ලබා දෙන භාණ්ඩවල පවතින ප්රමිතියේ සහ තත්ත්වයේ උසස් භාවයේ අගයයි. එය අති විශිෂ්ඨ යැයි කිව හැක. ධර්මානුකූල පැවැත්මේ අංක එකේ සාධකයද එයමැයි.

එලවළු පලතුරු සහ අනිකුත් සියල්ල පාරිභෝගිකයා ඇනවුම් කල දේ සහ ඒ ප්රමානවලින්ම පමනයි. නැත්නම් ඒ මුදල් ආපසු ලැබේ. යම් ලෙසකින් චිකන් හෝ එලවළු හෝ කිලෝවක් ඇනවුම් කල විට ප්රමානය වැඩියෙන් තිබුනොත් එයට බිල් කර නැත. බයේ සිටියේ ඇනවුම් කල පොල් වල තත්ත්වය කෙසේ වේදැයි සැකයෙනි. බලනකොට පොල් ගෙඩි ටික සේරටම වඩා උසස්ය.

කාර්ගිල්ස් ලාගේ ඔන්ලයින් සේවාව ඇනවුම් වැඩි කම නිසාම යම් ප්රමාදයක් සිදු උවද.. ඔවුන්ගේ අරමුන ලද අවස්ථාව ප්රයෝජනයට ගෙන මොනවා හෝ කුණු කන්දල් ටිකක් භාණ්ඩවල තත්ත්වය එවෙලේ නොදකින ඔන්ලයින් පාරිභෝගිකයා වෙත අලෙවි කොට කලදුටු කල වල ඉස ගැනීමේ පහත් වෙළඳ ප්රතිපත්තියක් නොවීම අගය කල යුතුව ඇත.

මෙය කිසිවෙකු වෙනුවෙන් ද්වේශ සහගත ලෙස සිදු කරන ලද සමාජ මාධ්ය හෙලිදරවුවක් නොවන බව අති විශේෂයෙන්ද.. අවධාරනයෙන්ද සලකත්වා..
දැන වෙළඳන්.. නොදැන ගොවිතැන්.. කිව්වලු..!!

================@@@===================

පාරිභෝගික අයිතීන් සුරැකීම උදෙසා සත්භාවයෙන් සිදුකරනු ලැබූ ප්රකාශනයේ අයිතිය විදහා දැක්වීමකි.. */**//***///***//**/*

පවතින සමාජ අසාධාරයෙන් පීඩිත ජනතාව අතර වෙසෙන තවත් එක් සත්පුරවැසියෙක්..

  *#Sobit..20/11/20
*/**//***///***//**/*