Thursday, January 5, 2017

වෝක්ස්වැගන් (volkswagen) - SRI LANKA - 2015/08/13, දිනයවත් දෝෂ සහගත වන්න දෙන්න එපා...



කුහකත්වය නිසා සෑම කල්හිම සියල්ලක්ම හරහට දකින්නට හුරු පුරුදුව සිටිනා මෙරටේ අඳබාල ප්රතිපක්ෂ සහ එකී ප්රජාව රට වලපල්ලට යාම යනු තමන්ගේත් තම මතු පරපුරේත් අනාගතය අඳුරට පත් වීමක් බව තේරුම් ගත නොහැකි වීම රටෙිත් රටේ සුවහසක් සබුද්ධික ජනතාවගේත් අවාසනාවකි.

පණ්ඩුල පත්මනාත් සහෝදරයාගේ පහත ලිපිනයේ සඳහන් (Face Book) ෆේස්බුක් ලිපිය වෙනුවෙන් සටහනක් තබන්නේ නම්....

ඔබ හදවතින්ම නිර්පාක්ෂිකයෙක් ලෙසද.. හෘද සාක්ෂියට එකඟවද.. මෙවන් අැගයීම් හෝ විවේචන සිදුකරන්නේ නම්....
ඔබ සිතනා ධනාත්මක චින්තනයත් ඔබ පතනා අප රටේ අනාගතයත් අගය කරමි. එසේ නොසිතනා ඉහත සියල්ලන්ට ඔබ වැනි අය පරමාදර්ශී වෙයි.

නමුත් මෙහිදී සබුද්ධික ප්රජාවට ගැටළුවක් පැන නගින්නේ ඔබ කී යථාර්තය සම්බන්ධයෙන් නොව. ඔබ මහතීර් මොහොමඩ් හා සමාන කරනා වත්මන් අගමැති රනිල් වික්රමසිංහ මැතිතුමා රටේ වේගවත් සංවර්ධනය වෙනුවෙන් හෝ ජනතාවට සහනශීලී මිලකට වාහනයක් අත්පත් කරදෙන්නට හෝ මැතිවරනයටත් පෙර සිටම ඡන්ද පාෙරොන්දුවක් ලෙස ඒ බව දේශපාලන වේදිකාවේ ප්රකාශ කරමින් මුත් වෝක්ස්වැගන් (volkswagen) යන නාමය භාවිතා කලේ මොන කෙන්ගෙඩියකටද යන්නයි.  මේ නිසා අවස්ථාවාදීන් හට තවත් අවස්ථාවක් උදා වී අැත.

සත්යය වශයෙන්ම එවන් සුවිශේෂී අායතනයක් අපගේ වන් රටකට පැමිනියහොත් එය මහත් ගෞරවයකි.

විශේෂයෙන් පිලිගත් ප්රතාපවත් නායකයෙකු කල නොහැකි දේ හෝ තහවුරු කර නාෙගත් දේ දේශපාලනික වශයෙන් වුවත් භාවිතා කිරීම රටක සබුද්ධික ප්රජාව අනුමත නොකරයි. ඒ බැව් දේශපාලකයින් නාෙදන්නේ සබුද්ධික ජනතා බහුතරයකගේ එකම දුර්වල කම වන තම මතය සමාජ ගත නොකර නිහඬ තීරන ගැනීම නිසාය. නමුත් සෑම කල්හිම රටක් යහ මගට පිවිස අැත්තේද ඒ තීරක ජනතාවගේ නිහඩ තීරනයෙන් මිස පාරවල්වල බුදියාගත් අය හෝ පාර්ලිමේන්තුවේ රැය ලැග්ග උන් නිසාවත් නොවන්නේය. එම නිසා තමන්ගේ සම්ප්රප්ඵලාප වලට රැවටී පසු පස එන අවස්ථාවාදී ගොබ්බයින්ගෙන් දේශපාලකයෙකු හට කිසිදා සෙතක් සැලසෙන්නේ නැති බව අවධාරනය කර ගත යුතුය. එසේම එවන් දේශපාලකයින් පසුපස යන නූගතුන් හටද කිසිදා සෙතක් සැලසෙන්නේද නැත.

ඒ කෙසේ වෙතත් වසර සිය ගනනක පෞඩ ඉතිහාසයක් හෙබි ජර්මනියේ වෝක්ස්වැගන් වාහනයක් අැත්තෙකුට එකල අැන්ජිම සිසිල් කිරීමට ජලයවත් අවශ්යය උනේ නැත. එය අැන්ජිම වාහනයේ පසුපස පිහිටි ඔටෝ එයාකූල් තාක්ෂනයකි. එමෙන්ම ජර්මන් තාක්ෂනය හෙබි වාහනයක් අැත්තෙකුට ජීවිතයටම එකම එක වාහනයක් සෑහුනි. දශක ගනනාවක් ඉපැරනි වෝක්ස්වැගන් කාර් වෑන් අදටත් අප රටේ පාරවල්වල යස අගේට දිවෙනු දක්නට ලැබේ.

ඉතින් එවැනි ඉතිහාසයක් හෙබි අභිමානවත් වෙළඳ නාමයක් භාවිතා වීමේදි ඒ පිලිබඳ තතු දත් ඉපැරනි ජනතාව තුල සහනශීලී මිලකට තම රටේදීම නිෂ්පාදිත නවතාලයේ වෝක්ස්වැගන් වාහනයක් පිලිබඳ සිහින මවා පසුව එය අපැහිදිලි කාරනයක් කිරීම ගැලපෙන්නේ මහතීර් මොහොමඩ් හා සමාන කල රනිල් වික්රමසිංහ වැනි ප්රතාපවත් ජන නායකයෙකුට නොව... රු.2500/= කින් මාසේම කන්නට හැකි යැයි පැවසූ බන්ධුල ගුණවර්ධන වැනි දහස් සංඛ්යාත සිසු දරුවන් හට අාර්ථික විද්යාව ඉගැන්වූ විද්වතෙකු දේශපාලනයට පිවිසි පසු මව් රටින් තමන් ලැබූ නිදහස් අධ්යාපනයේ ගෞරවය සහ කෘත ගුණද ණය ගැති බවද අමතක කොට ප්රතිශක්තිය හීන බොහෝ දෙනෙකුට අාසාධනය වනා ඉහත කී කුහකත්වය නමැති බෙහෙත් නොමැති රෝගය වැළඳී කුණුවෙනා මව් රටට ශාපයක් වූ පාපතරයින් හටය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ වෝක්ස්වැගන් (volkswagen) අායතනයේ හට ගත් තාක්ෂනික වැරැද්දක් නිසා ලෝකය පුරා විසිරුවා හරිනු ලැබූ වාහන ලක්ෂ ගනනාවක් යලි කැඳවූ බවට අන්තර්ජාලය තුලින් වාර්තා විනි.

එම නිසා දෝෂය නිරාකරනය කර ගන්නා තුරු වෝක්ස්වැගන් (volkswagen) අායතනය තම නිෂ්පාදන කටුයුතු වෙනත් රටක් තුල සිදු නොකරන්නට තීරනය කලා හෝ එකී දෝෂය සමනය කරනා තුරු හාපුරා කියා තම රට තුල දෝෂ සහගත වාහන නිෂ්පාදන වීමෙන් සිදුවිය හැකි අවධානම කලින් දුටු අගමැති තුමා දුරදක්නා නුවනින් කටයුතු කර අැතැයි ධනාත්මකව සිතන්නට සිතා ගනිමු..

නොඑසේනම් අවස්ථාවාදීන් රජය හෑල්ලු කිරීමට අවස්ථාවක් කර ගත් මෙම පලහිලව්වේ අායතනික ක්රමවේදය සරලව විග්රහ කරලීම ප්රක්ඥාගෝචර වේ.

උන්න හැටියට මලා මදැයි!
සෝභිතාවතාර
2017/01/06
==========================================














No comments:

Post a Comment