Saturday, October 14, 2017

විගඩමේ නොදුටු පැතිකඩ උපේක්ෂාවෙන් දකිමු...


චන්ද්‍රිකා අත්තනගල්ල ආසන සංවිධායක ධූරයට පත් කිරීම විගඩමක්..!
(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.15,  පෙ.ව‍‍‍.2.00)
පුවතට අටුවාටිකාවක්... සෝභිතාවතාරයෙන්.
=================================================
මෙතුන්ලොව පහල වුනු කිසිදු ජනාධිපතිවරයෙකු සිදු නොකල සුවිශාලතම දේශපාලනික විහිළුව සහ පහත් ඝනයේ මිනිසුන් පමනක් සිදුකරනා කුහකකම සිදුකල ශ්රීලංකාද්වීපයේ හිටපු මුද්ධ ජනපති වම්බොටු මහින්ද සිදුකල විගඩම/අලකලංචිය හේතුවෙන් අවිහිංසක ශ්රීලංකා වාසීන් හට යහපාලනයක් දැකීමට පැවති දේදුනු සිහිනය සැබෑවටම දේදුන්නක් බවට පත්කරවනා තත්ත්වයක් වාතාවරනයක් රට තුල නිර්මානයව පවතී.

හිටපු ජනාධිපතිවරයා කෙතරම් වටිනා කාර්යය භාරයක් තම දේශපාලනික ඉතිහාසය තුල සිදු කර අැතත් සිදුකල මෙකී පාප කර්මය හමුවේ සබුද්ධික ජනතාවගේ ශාපයෙන් ඔහුට කිසිදා අත්මිදිය නොහැකි වීම නියතයෙකි.

කෙසේ වෙතත් සමස්ථ සබුද්ධික ජනතාවට යහපාලනය මිරිඟුවක් කල හිටපු ජනාධිපතිවරයාගේ කාලකන්නි බල තන්හාව හේතුවෙන් වත්මන් ජනාධිපතිවරයා පත්ව සිටිනා බරපතල දේශපාලනික අසරන භාවයන් සබුද්ධික කොයි කවුරුත් ඉතාමත් යථාවබෝධයෙන් යුතුව තේරුම් බේරුම් කර ගත යුතුව අැත.

ඒ නිසා අඩුපාඩු පෙන්වා දෙන අතරම භේදයකින් තොරව සමස්ථ ජනතාවගේත් සියළුම දේශපාලකයින්ගේත්, හිටපු සියළුම ජනපතිවරු/වරියන්ගේත් ප්රජාතන්ත්රවාදී අයිතීන් හට මේ වනතුරු කිසිදු බලපෑමක් සිදුනොකල යහපාලන ජනාධිපතිවරයා අනවබෝධකම් සහ නොයිවසීම් හමුවේ අසරන භාවයට පත් කාෙට යක්ෂයාගේ අභිප්රායයන් ඉටු කරලීමේ අනුවන කම් සිදුකොට දිවි පරදුවට තබා දිනාගත් සෝභිත හිමියන්ගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවය අාපස්සට හැරවීමට කිසිදු හිඩැසක් නොතැබීමට ඉතාමත් සංයමයෙන් යුතුව කොයි කවුරුත් එකාසේ වගබලා ගත යුතුය.

වර්තමානයේ සිදුවෙමින් පවතිනා යම් යම් සුදුසු/නුසුදුසු ක්රියාකාරකම් සියල්ල මහින්ද ගොයියාගේ අඵයට ගිනිද, දිය යටින් ගෙන යන ගින්දර සහ දියරෙද්දෙන් බෙලි කපනා රටක හිටපු නායකයෙකුගේ අසික්කිත අවිචාරවත් කම් වෙනුවෙන් වන සාපෙක්ෂතාවාදී උපාය මාර්ග මිස නියම යහපාලනයවත් පැවති යමපාලනයේ දෙවන පරිඡ්චේදයවත් නාෙවනා බව සෝභිතාවතාර විශ්වයේ හිඳිමින් දිවැසින් දකිනා සත්යයයි.

කෙසේ වෙතත් සියළු රට වැස්සන් හට අවධාරනය කල යුතුව අැත්තේ 77දී බිහිවූ කාලකන්නි විධායක ව්යවස්ථාවෙන් පසු බිහිවුනු සියළු ජනාධිපතිවරුන් හට අඩුවැඩි වශයෙන් ලබා දුන් කාල පරාසයන් හමුවේ වත්මන් ජනාධිපතිවරයා හටද සාධාරන කාලයක් ලබා දීමට තරම් සියල්ලෝම සාධාරන විය යුතු බවය.

සෝභිතාවතාර මෙසේ වදාරා සිටිනුයේ වත්මන් ජනාධිපතිවරයාට තරම් තමාගේම ජාතිය විශේෂයෙන් (සිංහල/බෞද්ධ) හිංසා පීඩා බාධා අපහාස උපහාස කෙනහිලිකම් සිදුකල තවත් අයෙක් මෙතෙක් පහල නොවූ නිසාය. 

කෙසේ වෙතත් අක්ඥාණවන්ත ශ්රීලංකා කාරයින් ගොනාට අන්දවා අත පොහොට්ටුව බවට පරිනාමය කර ගැනීමට නූල් සූත්තර දමනා තමා තවමත් ශ්රීලංකානිදහස් පක්ෂ වාදියෙකැයි කියමින් පක්ෂය තුල නාමිකව හිඳිමින් සැඟවී පහර දෙන නිවට නියාලු හිටපු නායකයාගේ සටකපටනම් වෙනුවෙන් ප්රතිචාර දැක්වීමටත් අදෘශ්යමාන අභියෝගයට ශක්තිමත්ව මුහුන දීමටත් උපාය මාර්ගික වීමටත් නිසා හිටපු ජනපතිනියද.. කිසිදින සිදු නාෙකිරීමට සිතා සිටි දේවල් පවා සිදු කරමින් පරස්පර විරෝදී විගඩම් නටන්නට සිදුවීම අසාධාරන නැත.

කුමක් කෙසේ වෙතත් 2020 දී තම නිල කාලය අවසන් වන විට සෝභිත හිමියන්ගේ නිසල දේහය අභියස සපත කල පොරොන්දු යහපාලනයෙන් හෝ යමපාලනයෙන් හෝ ඉටු කිරීමට  වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන වගබලා නොගතහොත් මහින්දට සිදුකල සන්තෑසියෙන්ම කියූ දේ කරනා... කරනා දේ කියනා.... සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම සක්රීය වීම වලක්වනු යක්ෂයාටවත් නොහැකි වනු අැත. 

සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව සමගින්
2017/10/15