Friday, October 19, 2018

ඩිම්බයක සහ ශුක්රානුවක සංයෝගයෙන් චිරාත් කාලයකට ඉහත මානවයා බිහි වන්නට අැති...! එහිදී තම්බි මරක්කල දෙමල පදු බොදු ගොවි මහා කලු සිංහල ලංසි බර්ගර් මැලේ ජර්මන් ප්රංශ අැමරිකන් චයින රදල හිඟන යන අාදී වශයෙන් ඩිම්බ සහ ශුක්රානු සංයෝගයෙන් බිහිවූ කලලය වර්ගීකරනයට ලක් නොවෙන්නට අැති...! 2018/10/20 මානවවාදී, සංහිඳියාවාදී, නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට..

මෙම FB Post දමපු මයිලනුවන්ලාට සිතන්නට යමක්...!
සෝභිතාවතාරයෙන්
2018/10/20

ඩිම්බයක සහ ශුක්රානුවක සංයෝගයෙන් චිරාත් කාලයකට ඉහත මානවයා බිහි වන්නට අැති...!
===================================
ඩිම්බයක සහ ශුක්රානුවක සංයෝගයෙන් චිරාත් කාලයකට ඉහත මානවයා බිහි වන්නට අැති...!

එහිදී තම්බි මරක්කල දෙමල පදු බොදු ගොවි මහා කලු සිංහල ලංසි බර්ගර් මැලේ ජර්මන් ප්රංශ අැමරිකන් චයින රදල හිඟන යන අාදී වශයෙන් ඩිම්බ සහ ශුක්රානු සංයෝගයෙන් බිහිවූ කලලය වර්ගීකරනයට ලක් නොවෙන්නට අැති...!

නමුත් ඉපදුනු පසු ප්රතග්ජන මානවයා භේද බින්නව වාර්ගික, අාගමික, කුලමල අැතිනැති පරතරයන් හදා ගන්නට අැති...!

නමුත් මේ නිස්සාර සියල්ලෙහි මැවුම්කාරිය අති උත්තම සෝභා දහම් මාතාව ජාති/අාගම්/කුලමල වශයෙන් භේද බින්න වූ මානව සංහතියේම ජීව රුධිරය රත් පැහැයෙන් පමනක් බල ගැන්වූ  අතරම ......ට තම දරුවෙකුට හෝ ඕනෑ වී කෙසේවත් සොයාගත නොහැකි උවහොත් මරක්කලයෙකුගේ දෙපා මුල වැඳ වැටී හෝ ලේ බිඳුවක් හිඟා කන්නට සලස්සවා පුහු මාන්නය දුරු කරවන්නට වගබලා ගන්නටද අැති...!

මානව දයාව තුට්ටුවකට නාෙතකා පුහු මාන්නයෙන් ඉදිමී තමන්ට වඩා ජගතෙකු මෙලොව තවත් නැතැයි සිතා සිටිනා ගෝත්රික ගති අැති සමහර වනචාරී අබුද්ධික මිනිසුන් තම අාදරවන්තයෙකු හට ලේ බිඳුවක් අවශ්යය උවහොත් තමන් විසින්ම කුලමල ලේබල අලවා කොන් කර සිටි ඕනෑම අඩුකුල පදුවෙකුගේ පය පාමුල වැඳ වැටෙන්නට උවද පැකිලෙන්නේ නැති තත්ත්වයට අැද දමන්නටද අැති...!

සංහිඳියාව ගරු නොකරනා මුග්ධ මිනිසාගේ පුහු මාන්නය දුරලන්නට විශ්වයේ පවතිනා වෙනස් කල නොහැකි මායාවන් මේවා වන්නට අැති...!


ජලය, මව්කිරි, රුධිරය කිසිසේත් නිෂ්පාදනය කල නොහැකි බව කියැවේ..!

අත්යාවශ්යය වූ විටකදී මේවා තම්බි/මරක්කලයෙකුගෙන් හෝ පර/දෙමලෙකුගෙන් හෝ ඉතාමත් යටහත් පහත්ව ඉල්ලා සිටීමට ඕනෑම මහකලු ජගතෙකු හට නියත වශයෙන්ම සිදුවනු අැති බව කවුරු කවුරුත් දැනගෙන විසුම යහපතක් විය හැකි විය හැක.!..!...!

මානවවාදී, සංහිඳියාවාදී, නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...
2018/10/20
http://sobithawathara.blogspot.com/

================================================================================
මෙම FB Post දමපු මයිලනුවන්ලාට සිතන්නට යමක්...!
සෝභිතාවතාරයෙන්
2018/10/20

================================================================================




================================================================================
https://www.facebook.com/photo.php?fbid=491232898056574&set=a.130883380758196&type=3





















================================================================================



Wednesday, October 17, 2018

රනිල් – මෛත්‍රී මේකට වගකියන්න ඕනි.. සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගන්න වෙන හේතු ගැන කියූ සංවේදී කථාව... ට පිලිතුරක් සෝභිතාවතාරයෙන්...

රනිල් – මෛත්‍රී මේකට වගකියන්න ඕනි.. සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගන්න වෙන හේතු ගැන කියූ සංවේදී කථාව...   ට පිලිතුරක් සෝභිතාවතාරයෙන්...

සුජීව සේරසිංහ සහෝදරයානෙනි... මේක තමයි ඔබගේ දේශපාලනික දිවියේ තීරක සන්ධිස්ථානය වී අැත්තේ. ඒ වගේම ඔබ මාධ්‍යය ඉදිරියේ උත්තර බැඳිය යුතු ඔබට වැනිම වූ තවත් කාරනාවක්ද තිබෙනවා කාලයක සිට දේදුනු ජනයා පිලිතුරු අපෙක්ෂාවෙන් පසුවනා.

ඒ තමයි එදා වත්මන් ජනපති පොදු අපේක්ෂකයා කොටගෙන පැවති ජනාධිපතිවරන සටනේදී ඔබ විශාල කැප කිරීමක් කලා හිටපු දූෂිතයින්ගේ වංහුං හෙලි කිරීම සම්බන්ධයෙන්...

එහිදී නාමල් රාජපක්ෂගේ ලැම්බෝගිනි ගුවන් යානා මගින් රට පටවනා ඡායාරූප සහිතව ඔබ විශාල හඬක් නැගුවා.

නමුත් බලයට පැමිනියාට පසු අද මේ වනතුරු ඔබ මීක් නෑ. ගොලුවත සමග හොරුන් අාරක්ෂා කරනු පෙනේ... නොසේනම් ඔබට අද සිදුව අැත්තා සේම ඔබ ඔවුන් හට ගැසූ මඩ ප්රහාරයක්ද දා ඒ සිදුවීම. නොසේනම් ඒ මෙහෙයුම සම්පූර්න කරන්න.

කෙසේ වෙතත් ඔබ අපගේ විශ්වාසය පසක් කර අැති ප්රබල දේශපාලනික චරිතයකි. තවමත් සියයට 100 ක් අප ඔබව සැක කර නොමැත. ඔබෙගෙන් ඉහල සිටිනා යම් යම් අය සම්බන්ධයෙන් ඔබ මෙන්ම අපගේද කිසිදු පැහැදීමක් නාෙමැති බවත් නොකියා බැරිය. ඒ අය ඔබ නිහඩ කරවා අැති බව අපගේ විශ්වාසයයි. ඒ වගේම කථා බහට ලක්ව අැති චෝදනාව සම්බන්ධයෙන් ඔබට වඩා ඉහල තලයක සිටිනා අදාල අමාත්යය වරයා මේ වන තුරුත් නිහඩය.  ඔබද බිලි බෝයි..! ජනතාවගේ පැනය යයි..?

කෙසේ වෙතත් මේ සියල්ල වෙනස් කිරීමට අවස්ථාවක් ඉතාමත් නුදුරු අනාගතයේදීම නිසි අවස්ථාව එලැඹෙනා තුරු සිටිනා දේශ හිතයිෂීන් හට හිමිවනු අැත. අප සැමගේ යුතුකම හා වගකීම විය යුත්තේ ලැබෙනා ඒ අවස්ථාවෙන් උපරිම ප්රයෝජනය ගැනුමය.

කෙසේ වෙතත් තම පවුල් පරපුරේ බහට කන් නොදීමේ විපාකයට නිසා හෝ මෙම ජරා ජීර්න ලාංකේය දේශපාලනික කුණු වලේ සමහර විට ඔබ නොදැන වැටුනු නිසා උවත් දැන් ඔබ ගොඩට පැමිනිය යුත්තේද ඒ කුණු වලෙහි කටින්මය.

2015 ජනවාරි 8 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ පාරිශුද්ධ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් විශ්වයේ වැඩ වසමින් සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ තම නොනිමි අභිප්රායය තුල තම අාතූරයා මගින් සෝභිතාවතාර අඩවිය තුලට ජනතාව ඒකරාශී කරවමින් ක්රියාන්විතයේ යෙදී සිටීයී.

ඒ නිසා එකී විප්ලවයේ වගකිවයුතු පංගු කාරයෙකු වන ඔබට ඉන් පහසුවෙන් ගැලවී යා නොහැක. සෝභිත හිමියන්ගේ අරමුන සාක්ෂාත් කරවනා තුරා අප ඒ කාර්යයේ නියැලී සිටිය යුතු වේ. ඔබගේ නායකයින් පොරොන්දු ඉටු කලත් නොකලත් යහපත් පැටිකිරියක්, ප්රපත්තියක්, අාත්ම ගරුත්වයක්, අභිමානයක් අැති මිනිසුන් ලෙස ඔබට අපට ඉන් කිසිසේත් මිදිය නොහේ.

සෝභිත හිමියන්ගේ විප්ලවයේ 2020 අවසන් අදියර ලඟාවෙමින් අැති මෙම උච්චතම අවස්ථාවේදී අපට සටන අත් හල නොහැක.

ඒ නිසා කෙතරම් අකමැත්තෙන් උවත් ඉතාමත් ඉවසීමෙන් යුතුව අවස්ථාව පැමිනෙන තුරු කල් මරන්න. අාණ්ඩුව විසිරවූ වහාම ක්රියාක්මක වන්න. ඒ උදෙසා කැපවීමට සූදානමින් සිටිනා රන්ජන් අැතුළු සෙසු සහෘදයින් ඒකරාශීව තබා ගන්න.

විප්ලවය විජයග්රහනයක් කරනා මීලඟ පාෙදු අපේක්ෂකයා හා ඒකරාශීව කඳවුරු බැඳ ඉලක්කය නියත වශයෙන්ම සපල කල යුතුය.

ඒ උදෙසා කැපවීමට සූදානමක් අැති සියළුම දේශපාලනික හා සිවිල් සංවිධානවල සිටිනා පාරිශුද්ධ වූ අදූශිත රටට අාදරයක් අැත්තන් හට සෝභිත හිමියන්ගේ නාමයෙන් අාරාධනය කරන්න.

මෙය ඔබ වෙනුවෙන් වන සෝභිත හිමියන්ගේ පරීක්ෂාවකි. හැකිනම් අභියෝගය භාරගෙන ඔබට අැති අභූත චෝදනාවලින්ද නිදහස් වීමට අවස්ථාව උදාකර ගන්න.

රටේ දුක්විඳිනා සබුද්ධික ප්රජාවට යුක්තිය ඉටු කර දීමට කැප වන්න. නොඑසේව දේශපාලනයෙන් සමුගැනීමෙන් ඝණ්දබ්බයන් හා විසූ මැක්කන් සමග මිස ඔබට නොයිඳුල්ව අාපසු යාමට නිවසක් නොමැත...

මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී සෝභිත හිමිගේ අවසන් මෙහෙයුමට කැප උනොත් දෙව්ලොව දකීයී.

සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ නියමුවානෝ නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර

https://sobithawathara.blogspot.com/
2018/10/17
=====================================================================

රනිල් – මෛත්‍රී මේකට වගකියන්න ඕනි.. සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගන්න වෙන හේතු ගැන කියූ සංවේදී කථාව

<a href='http://www.slstory.com/?p=27875&preview=true'>රනිල් – මෛත්‍රී මේකට වගකියන්න ඕනි.. සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගන්න වෙන හේතු ගැන කියූ සංවේදී කථාව</a>ජනතා සේවය කෙතරම් සිදු කළද, තමන්ට අඛණ්ඩව මඩ ප්‍රහාර හා පදනම් විරහිත චෝදනා එල්ල වෙමින් තිබෙන බවත්, මේ හේතුවෙන් දේශපාලනය ගැන කලකිරීමෙන් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.

ජනතාව සතු කිසිවක් සොරකම් කර නොමැති බවත්, එසේ තිබියදී විදුලි දුම්රිය ව්‍යාපෘතියකින් කොමිස් ඉල්ලූ බවට මේ වන විට ප්‍රචාරයක් දියත් කරමින් සිටින බවත් අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.

මේ හේතුවෙන් දේශපාලනය තුළ තවදුරටත් සිටිනවාද, නැද්ද යන්න තීරණයක් ගන්නා තරමට කලකිරීමකට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ අතර තමන් ඇතුලූ අමාත්‍යවරුන්ට පදනම් විරහිතව අල්ලස් චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වගකිවයුතු බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඊයේ දිනයේදී පවසා සිටියේ ය.

කොළඹ ඊයේ පැවති උත්සවයකදී ඔහු ප්‍රකාශ කළේ එවැනි චෝදනා එල්ල කරන පුද්ගලයින් සඳහා දඩුවම් කිරීමට මෙරට කිසිදු ආයතනයකට නීතිමය බලයක් නොමැති බවයි.
‘‘ අපි දේශපාලනඥයෝ වශයෙන් පිරිසිදුව අද වෙනකල් දේශපාලනය කරලා තියෙනවා. හැබැයි අපිට මඩ ගහන්න, අපිට නිග්‍රහ කරන්න, අපේ දෙමාපියන්ට දුක ඇති කරන්න. මගේ අම්මා කතා කරලා අහනවා ඇයි මේ මඩ ගහන්නේ ඔයාට. ගමේ යහපාලනේ ගෙනැල්ලා ඕනම පුද්ගලයෙකුට රූපවාහිනිය ඉස්සරහට ඇවිල්ලා චෝදනාවක් කරන්න පුළුවන් නීතියෙන් කිසිම ප්‍රතිකර්මයක් නෑ දඩුවම් කරන්න.
ඕනම මෝඩයෙක්ට ඕනම බූරුවෙක්ට ඇවිල්ලා කියන්න පුළුවන් මේ අමාත්‍යතුමා අපෙන් කොමිස් මුදලක් ඉල්ලුවා. 10‍% ක් කියනවාල 5‍% ක් කියනවා. දැන් සුමාන තුන හතරක් මාධ්‍ය බලාගෙන ඉන්නේ අපිට මඩක් ගහනකල්. මම මඩ ගහන්න දෙන්නේ නෑ. සියළුම මාධ්‍ය ආයතන වලට විරුද්ධව මම නඩු දානවා. මම නීතිඥවරු හම්බවෙලා තියෙන්නේ. වල් බූරු මාධ්‍ය නිදහසක් මේ රටේ ඇතිකරලා තියෙනවා. කියන්න තියෙන්නේ සුජීව සේනසිංහ අපෙන් පගාවක් ඉල්ලුවා කියලා විතරයි කාට හරි ටීවී එකට එන්න ඕන නම්, නම් හදාගන්න. මාධ්‍ය වට කරලා මේක ගහනවා. ගහලා ඊට පස්සේ දානවා මලික් සමරවික්‍රම ප්‍රතික්ෂේප කරයි. සුජීව සේනසිංහ ප්‍රතික්ෂේප කරයි එච්චරයි නිවුස් එක.
ඉතිං අපි දේශපාලනය කරනවද නැත්නම් හොරුන්ට මේක ඉතුරු කරලා යනවද කියලා අපිට තීන්දු කරන්න වෙනවා ඉදිරියේදී. මේකට ජනාධිපතිතුමත් අගමැතිතුමත් වගකියන්න ඕන. නායකයෝ වශයෙන් තීන්දු තීරණ ගන්න ඕන’’

Monday, October 15, 2018

හෙල උරුමයේ චීවරයට මුවාවී දේශපාලනයට පැමිනි චන්ඩිකම නිසා යම් යම් සුවිශේෂි සාධක අමතක චම්පික රණවක මෙගා පොලිස් අැමති රට හැර ගිය ජනතාවගෙන් සමාව ගත යුතුයි. ඒ මන්දැයි සෝභිතාවතාර පැහැදිලි කරයි.

හෙල උරුමයේ චීවරයට මුවාවී දේශපාලනයට


පැමිනි චන්ඩිකම නිසා යම් යම් සුවිශේෂි සාධක අමතක චම්පික රණවක මෙගා පොලිස් අැමති රට හැර ගිය ජනතාවගෙන් සමාව ගත යුතුයි. ඒ මන්දැයි සෝභිතාවතාර පැහැදිලි කරයි.

 ඉහත දැක්වෙනා මෙගා පොලිස් අමාත්යය පාඨලී චම්පික අැමති වරයා පහත දැක්වෙනා ඔහුගේ දේශනයේ 7 වන ඡේදයේ  2 වන පේලියේ මැද සිට මෙසේ කියයි...  (ඡේදයේ සාරාංශය මෙයයි)


දහසක් දුක් කම්කටොලු මැද ගමේ දුප්පත් කාන්තාවෝ දරු පවුල් අතහැර විදෙස් රටවල සේවා සපයන්නට ගොස් (ඉන් බහුතරයක් අසීමිත අපහරනයන් හට ලක්වීමත් වෙනම කථාකල යුතු මාතෘකාවක්) ලංකාවේ අාර්ථිකය ගොඩ ගන්න ඩොලර් බිලියන 7 එවනවා. (චම්පික අැමතිගේ සහෝදර පාර්ලිමේන්තු සනුහරේ බහුතරයක් ඒ දුප්පත් ධනයත් සොරා කන එක වෙනම කථා කල යුතු කාරනයක්)මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණු අපේ සමහර ‘උගත්තු’  ලංකාවේ තිබෙන දේපල විකුණලා ඒ ටික ඩොලර්වලට මාරු කරගෙන රටිනුත් පිටවෙලා යන්නම යනවා.
=================================================කිසියම් වකවානුවකදී සංඝ්යාවහන්සේලා පෙරටුකොටගත් දේශපාලනික ප්රවාහයක් වූ ජාතික හෙල උරුමයෙන් එවකදී පාර්ලිමේන්තුවට තේරි පත්වුනු සංඝ නියෝජිතයින් අතරින් කිසියම් හිඩැසක් සාදාගෙන පාර්ලිමේන්තුවට රිංගා ගත් ගිහියෙකි පාඨලී චම්පික රණවක වත්මන් මෙගා පොලිස් අමාත්යය වරයා.කෙසේ හෝ කුමනාකාරයේ උප්පරවැට්ටියක් යොදා හෝ උගතෙකු, බුද්ධිමතෙකු, ජාති හිතයීෂීවන්තයෙකු මෙන්ම එඩිතර කාර්යයශූර, රටක නායකත්වයට උවද ඉතා උචිත පාඨලී චම්පික රණවක වැනි අයෙකු පාර්ලිමේන්තුවට රිංගා ගැනීම සම්බන්ධයෙන් රටේ සබුද්ධික ජනයා තුල කිසිදු විවේචනයක් නොමැත.එම සම්ප්රාප්තිය රටේ අවාසනාව යම් අාකාරයෙක හෝ වාසනාවට පෙරලා ගැනීමට හේතු වී අැති බවත් නොපැකිලවද, නිර්ලෝභීවද අැගයීමට පාත්ර කරමු.නමුත් පාඨලී අමාත්යය වරයා වලිගය පාගා ගත් යම් කාරනාවක් මතුව අැති බැවින් ඒ පිලිබඳ සිහිපත් කර දී වින්දිතයින් හට සමාව භජනය කරවීම අත්යාවශ්යයතාවයකි.තමා අති දක්ෂ මෙන්ම අභීත දේශපාලනික සුදුස්සෙකු බව මේ වන විට ක්රියාවෙන් ඔප්පු කර අැති පාඨලීගේ තරම එදා බලයේ සිටි අවස්ථාවාදී දේශපාලකයින් දැන සිටියානම් ඔහු අද සිටිනා තැනෙහි නැත. එක්කෝ ඔහුගේම විවේචනයේ පරිදි ඔහුද රට හැර ගොස්ය.. නොඑසේනම් වල පල්ලේය...නමුත් හෙල උරුමය නමැති තිරයේ මුවාවෙන් අරමුන ජයගත් චරපුරුෂ පාඨලී අනුගාමිකයින්ගේ අාශීර්වාදය මධ්යයේ පාර්ලිමේන්තුව නමැති සොර ගුහාවට රිංගා ගනු ලැබුවේ කෙදිනක හෝ එය ගිනිතැබීමට බව එදා කිසිවෙකුත් සිහිනෙන්වත් දුටුවේ නැත. දුටුවානම් පාඨලී කෙනෙකු අද රටට නැත.කෙසේ වෙතත් පැහැදිලි කිරීමට අවශ්යව අැත්තේ ඒ කිසිවක් නොව. මෙරට හැර ගිය කිසියම් නිජබිම් පාර්ශවකරුවන් කණ්ඩායමක් හට ඔහු සිදුකල බරපතල චෝදනාව විග්රහ කිරීමය.මේ වන විට තමන් සෑම අාකාරයෙකින්ම තම ප්රතිරූපයද, අාරක්ෂාවද තහවුරු කරගෙන සිටිනා නිසා ඒ ශක්තිය හේතු කොටගෙන අමතකව අැති පැති කඩක් මතකයට නගා දීම සෝභිතාවතාරයේ යුතුකම සහ වගකීම කොට ගතිමි.රට හැර ගොස් අැති උගත් බුද්ධිමත් අප සහෝදර ජාතිකයින් එවැනි තීරනයකයට එලැඹෙන්නට හේතු පාදක උනු කාරනා (මූලය) විමසා බැලීමටත් ඒ වෙනුවෙන් තම වචන හරඹයේදී කිසියම් අාකාරයකට ප්රවේසම් වන්නට හෝ පාඨලී කිසිදු උත්සාහයක් ගෙන නොමැත. (මුවින් පිටවනා වචන යලි කිසිදා අැතුන් සියයක් ලවාවත් අැද්දවිය නොහැකියී යන කියමන් කට කසනවාට කියපුවා නොවන බව පැහැදිලිය. එමෙන්ම යමක් පවසනා විට ඒ පිලිබඳ හොඳින් සිතා බලා ප්රකාශ කල යුතු බවද ප්රකට කියමනකි.කෙසේ වෙතත් තම දිගු කථිකාවේදී අත් වැරදීමෙන් හෝ පාඨලී අමාත්යය වරයා අතින් බරපතල වරදක් සිදු උනේ ඉතාමත් අසතුටින්ද... ඉතාමත් කණගාටුවෙන්ද... තම මව් රට අතහැර වෙනත් අාධුනික රටක් වාසස්ථානය කැරගෙන කරන්නට වෙන අන් දෙයක් නොමැති අසරන බවින් පෙලෙනා ජන කොට්ඨාශයකටය.තම මව් රට දමා විදෙස් රටක පදිංචිව සිටිනා බහුතරයකගේ ඒකායන පැතුම හැකි උනු ගමන් යලි තම මව් රටට පැමිනීමය. නමුත් ඔවුන් හට තම මව් බිම/නිජ බිම හැරදා යන්නට සිදුව අැත්තේ සියයට දාහක් අප රටේ පවතිනා දේශපාලනික ශාපය නිසා බව පාඨලීට අමතක වූයේ මේ වන විට ඔහු මෙගා පොලිස් ලොක්කෙකු නිසාය.උගත් කමට, බුද්ධිමත් කමට, සුදුසු කමට, තැනක් නොමැති රටක් වීම... පත්වීමක් ලැබීමට මූලික සුදුසු කම දේශපාලකයින්ගේ බැලමෙහෙ අාවතේව පක්කලි වැඩ කිරීමට අැවැසි පරිසරයක් පැවතීම... කාන්තාවක් නම් දේශපාලකයින්ගේ සහ ලොකු ලොක්කන්ගේ රහස් කාමරවලට පැමින හිරිඔතප් පාවාදීමට සිදුවීම වැනි අතාෙරක් නොමැති කායික හා චිත්ත පීඩා නිසා හෙට දවසේදීත් රටේ සිටිනා අභිමානවත් උගත් බුද්ධිමත් මිනිසුන් තම මව්බිම අතහැර යාම නැවැත්වීමට පවතිනා සහ විශේෂයෙන් පැවති යමපාලන ක්රමය අතිමහත් ලෙස හේතු පාදක වී අැත.තම දරුවකු හට පැහැදිලි හෙටක්... සුරක්ෂිත අනාගතයක්... පවතිනා සහ පැවති පාදඩ ක්රමය යටතේ අපේක්ෂා කල නොහැකි වීම, පවතිනා අාර්ථික දුෂ්කරතා දැහැමින් සෙමින් හරිහම්බ කර තම මව් රට තුලදී කිසිදාකත් මගහරවා ගත නොහැකි බව ඒත්තු යාම, කෙතරම් කුසලතා අැතත් ඒවාට නිසි තැන.. නිසි වටිනාකම නොලැබෙනා බව තහවුරු වීම... අපරාධ කරුවන්, දූෂකයින්, දූෂිතයින්, සල්ලාලයින්, මත්රකුසන්, බහුල වීම. නීතියේ අාධිපත්යය අසමතුලිත වීම, රටේ අභිමානනීය වූ උත්තරීතර අායතනය පාර්ලිමේන්තුව විහිළු සපයනා කෝලම් මඩුවක් වීම. ඒ තුල බහුතරයක් නුසුදුසු නූගතුන්, සල්ලාලයින්, දූෂිතයින්, පාදඩයින් අරක්ගෙන සිටීම, ඉතාමත් අෑත ඉතිහාසයේ පැවති වහල් වෙලඳාමට නව මුහුනුවරක් දී කාන්තාවන් රට පටවා අපහරනය වන්නට ඉඩ හැර ඒ ධනය රටේ ප්රධානතම අාධායම යැයි වහසි බස් දෙඩීම් නම්බු පිටින් අසාගෙන සිටිය නොහැකි වීම. ඒ රුහිරු ධනයද සොරාකන තුච්ච දේශපාලකයින් වෙසෙනා සමාජයක විසුම අප්රිය වීම, වැනි බොහෝ කටුක කාරනා පදනම් කරගෙන රටේ වෙසෙනා උගත් බුද්ධිමත් නිහඬ මිනිසුන් බහුතරයකට තම මව් රට අතහැර දමා යාමට ඕනෑවටත් වඩා සාධාරන කාරනාවන් එමටය.
වත්මන් ජනපති සහ අගමැති තුල යම් යම් වැරදි අැතත් පවතිනා මානවවාදී අාකල්ප නිසා වර්තමානය වන විට ප්රාන භය හේතුකොටගෙන මව්රට අතහැර දමා යාමේ ප්රවනතාව සැලකිය යුතු මට්ටමකින් පහල බැස අැති මුත් පාට පක්ෂ දේශපාලනාධිකාරය (උනුයි/මුනුයි) තුල පවතිනා ගජමිතුරු සංකල්ප හේතුවෙන් යහපාලනයකට දොරගුලු විවර කර දුන් අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව බිල්ලට පාත්රවී රට හැර යාමට සිදුව අැති අවිනිස්චිත තත්ත්වයක පසුවේ.බුද්ධිමත් තීරක ප්රජාව එන්න එන්නම රට හැර යාමේ ප්රවනතාව තුල වහල් ගෝත්රික අබුද්ධික ජනයාගේ ප්රතිශතය ඉහල අගයක පිහිටීමේ අවාසනාවට ලක්ව පෙර කරුමයකින් හෝ ජිල්මාට්ටුවකින් හෝ බැරිවීමකින් හෝ යලිත් වතාවක් දුර්භික්ෂයක්ව පැවති යමපාලනය හිස එසවුවහොත් යන අාකල්පය නිසා අැතිවනා කිසිසේත් ධනාත්මක විය නොහැකි රිනාත්මක වාතාවරනයන් මත තව තවත් නොයා යුතු මිනිසුන් රට හැරයාම වැලැක්වීමට පාඨලීට හෝ උවමනාවක් අැත්නම් තම නායක දෙපලගේ දෙනෙත් විවිර කොට නිද්රාවෙන් අවධි කරවනා ලෙස යහපාලනයේ අවසන් අධියර ගෙවීයමින් පවතිනා 2020 අාසන්නයේදී යහපාලන ලැදි අැත්තටම රටට අාදරය කරනා මුත් කරන්නට වෙන අන් දෙයක් නොමැති කමට රට අතහැර යන ජනයාගේ අඳෝනාවේ අනුහසින් අායාචනය කර සිටිමු.නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට කනස්සල්ලෙන්..
.2018/10/15============================================

                                
"දේශප්‍රේමී ආර්ථික ප‍්‍රතිපත්තියකට කාලයයි; උපායමාර්ගිකව ක‍්‍රියාකර රුපියලේ අවාසිය ආර්ථික වාසියක් කරගමු"
-රටම කැළඹූ රුපියල අවප‍්‍රමාණය හා ආර්ථිකය ගැන ඇමති චම්පිකගෙන් කියවීමක්-
(ලංකා ඊ නිව්ස් - 2018.ඔක්.06, ප.ව.10.30) https://t.co/ueh7HONGOf
මේ දවස්වල බහුතරයක් කතා වෙන දෙයක් තමයි...... අපේ රුපියලේ බාල්දු වීම. රටට ණය ගෙවාගන්න බැරිවෙලා, රටේ පාලනය ආසාර්ථකයි වගේ කාරණාවලූත් ඔය අතරේ කියවෙනවා. ඒ වගේම තවත් සමහරු කියනවා අපට පාලනය භාර දෙන්න රුපියල නවත්වන්න ආදි වශයෙන්. මේ රුපියල බාල්දු වීම කියන කාරණය ගත්තාම අපේ ගම්වල ඇත්තන්ට ඒ ගැන එතරම් තේරුමක් නැහැ. ඒ නිසා වර්තමාන තත්ත්වය ගැන සරළව ජනතාවට පැහැදිලි කරන්න කැමතියි. යම් රටකට ධනවත් වෙන්න, බලවත් වෙන්න ඕනෑ නම්, ඒ රට වෙළඳාම් කරන්න ඕනේ. වෙළඳාම් කිව්වාම නිකන් රට ඇතුළේ ජනතාව අතර පමණක් වෙළඳාම් කරලා හරියන්නේ නැහැ. විදේශ රටවල් එක්කත් වෙළඳාම් කරන්න ඕනේ. එහෙම විදේශ රටවල් එක්ක වෙළඳාම් කරනකොට, ඒ වෙළඳාම් කරන්න වෙන්නේ විදේශ මුදල් ඒකක වර්ග එක්ක. ඉතින් ලෝකයේ බැංකු ගත්තාම ගණුදෙනු විශාල ප‍්‍රමාණයක් සිද්ධ වෙන්නේ ඇමරිකානු ඩොලර් කියන මුදල් ඒකකයෙන්. මේ නිසා ඩොලර් එකට ලංකාවේ අපේ රුපියලේ තිබෙන බැඳීමත් ඉතාම බරපතලයි.
සුද්දන්ගෙන් අපේ රටට නිදහස ලැබුණු කාලේ නම් අපිට අපි තේ, පොල් රබර් වගේ දේවල් මගින් සුද්දා හදා තිබුණු අපනයන ආර්ථිකය තිබිච්ච නිසා රුපියලට ප‍්‍රශ්නයක් උනේ නැහැ. ඩොලරයකට 1948 අපි ගෙව්වේ රුපියල් 7.36 යි. ඒක වෙනස් නොවීම අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් උනා. මොකද ඒ කාලයට සාපේක්ෂව අපිට හොඳ අපනයන ආදායමක් තිබුණ නිසා. ඩඞ්ලි සේනානායක මහත්මයාගේ යුගයේ ඒ කියන්නේ 1966 ප‍්‍රශ්නයක් ආවා අපේ රුපියලට. එතකොට එතුමා විසඳුමක් ගෙනාවා ඒක තමයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ඩොලරයකට එක ගණනකුත්, අනෙකුත් කාරණා සඳහා ඩොලරයට තව ගාණකුත් ගෙවන්න ක‍්‍රමවේදයක් ගෙනාවා. මේක මහා මංකොල්ලයක් බවටත් පසුව පත් උනා. කෙසේ වෙතත් ජයවර්ධන ජනාධිපතිතුමා 1977 පළවෙනි අයවැයෙන්ම මේ ආකාර දෙකකට ඩොලරයට රුපියල් ගෙවපු එක වෙනස් කර රුපියල පාවෙන්න ඇරියා. එක රැයින් රුපියල් 8 තිබූ ඩොලරය රුපියල් 16 ට ගියා. 100%කින් රුපියල අවප‍්‍රමාණය උනා. ඔය විදිහට විවිධ රජයන් පත් වෙමින්, රට පාලනය කරමින් ඇවිත් 1977 දී රුපියල් 8ක් වූ ඩොලරය අද රුපියල් 170ක් වෙනතුරු ඇවිත් තිබෙනවා. මේක දිහා හුඟාක් දෙනෙක් බලන්නේ එක පැත්තකින් විතරයි. මේක විශාල කම්පනයක් පමණක් හැටියටම පමණක් දකින්නේ නැතිව අපි මේකේ අනික් පැත්තත් බලන්න ඕනේ. මොකද ඒ වගේම අපේ ආදායමත් ඒ එක්කම වැඩිවී තිබෙනවා. රටේ දළ දේශීය නිෂ්පාදනයත් වැඩිවෙලා තිබෙනවා. රටේ අපනයනත් වැඩිවෙලා තිබෙනවා.
ඇයි මේ ඩොලර් ඇපල්, මුද්දරප්පලම් කරලා කුණුගොඩවල්වලට ඇදලා දාන්නෙ
-----------------------------------------------------------------------------------------------
එහෙනම් අපේ මේ රුපියල ඩොලරයට යාවෙන්න මොකක්ද වෙන්න ඕනේ? ඒකට කරුණු කිහිපයක් තිබෙනවා. ඉන් එකක් තමයි ආනයන සහ අපනයන කියන්නේ. සමහර දේවල් තියෙනවා අපිට අනිවාර්යයෙන්ම පිටරටින් ගේන්න වෙන දේවල්. ඒ කියන්නේ පිටරටින් ‘ආනයනය’ කරන්නම වෙන දේවල්. උදාහරණ කිහිපයක් ගත්තොත්, අපට ලංකාවට අත්‍යාවශ්‍ය ඛණිජ තෙල් ගෙන්වන්න වෙන්නේ පිටරටින්, ලංකාවේ නිෂ්පාදනය නොකරන අත්‍යාවශ්‍ය ඖෂධත් ගෙන්වන්න වෙන්නේ පිටරටින්, කෘෂිකාර්මික කටයුතු සඳහා පොහොරත් ගෙන්වන්නේ පිටරටින් ඒ විතරක් නොවෙයි අපේ රටේ මෝටර් රථවාහන සෑදීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒවාත් ගෙන්වන්නේ පිටරටින්. වාහන ගත්තාම ඒවාට ඕනෑ කරන අමතර කොටස් ටික පවා ලංකාවේ හදන්නේ නැති නිසා අත්‍යාවශ්‍ය කාරණා වෙන ඒවා සියල්ලම අනිවාර්යෙන්ම පිටරටට මුදල් යවමින් ගෙන්වන්නම වෙනවා.

මේ ළඟදි මුදල් අමාත්‍යාංශයේ දැන්වීමක් දාල තියෙනවා. කවුද ඇපල් ගෙඩියක් කන එකක් දාලා ‘ආර්ථිකය විවෘත කරලා අවුරුදු 40 යි. අපි ඇපල් කෑවා කියලා’ ඒක එක අතකට ඇත්ත. මොකද අපි පොඩි කාලේ අපට ඇපල් කන්න තිබුණේ නැති බව ඇත්තක්. 1977 ආර්ථිකය විවෘත කළහම තමයි ඇපල් මුද්දරස්පලම් එහෙමත් කන්න ලැබුණේ. නමුත් දැන් හන්දියක්, හන්දියක් ගානේ, වෙලක් වෙලක් ගානේල සිය දහස් ගණනින් ඩොලර් ගෙවමින් මේ පිටරටින් ගෙන්වන ඇපල්, මුද්දරස්පලම්, දොඩම් ආදී ඒවා විකූණනවා. ඒ විතරක් නෙවෙයි ඒවා අති විශාල ගණනක් අපතේ යෑමකුත් සිදුවෙනවා. මේ අපතේ යන්නේ ඩොලර්. මේ අපතේ යන ඩොලර්වලින්, අපට හෘදයාබාධවලට, පිළිකාවලට වගේ රෝගවලට අත්‍යාවශ්‍ය, අපි රට තුළ හදාගන්නේ නැති ඖෂධ ගේන්න පුළුවන් නේද? ඇයි මේ ඩොලර් ඇපල්, මුද්දරප්පලම් කරලා කුණුගොඩවල්වලට ඇදලා දාලා නැතිකරන්නේ මිත‍්‍රවරුණි. අපි මේවා ගැනත් විචාරශීලීව හිතන්න ඕනේ කාලේ ඇවිල්ල තියෙනවා.
ඒ නිසා මේ රුපියල ගැන කතා කරනකොට පේන දෙයක් තමයි, ලංකාවේ අපි පිටරටට යවන දේවල් මගින් ලබන ආදායමට ඒ කියන්නේ ‘අපනයන ආදායමට’ වඩා දෙගුණයක් විතර පිටරටින් නැව් සහ ගුවන් යානා වලින් රට තුළට ගේන භාණ්ඩවලට යන වියදම වැඩියි කියන එක. ඒ කියන්නේ ‘ආනයන වියදම’ වැඩියි අපේ ‘අපනයන වියදමට වඩා’. අපි රටක් ජාතියක් හැටියට පිටරටට බඩු යවනවාට වඩා අපි පිටරටින් ගෙන්වන එක වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම කණගාටුවෙන් කියන්න ඕනේ අද වනවිට අපේ රටේ වැදගත් අපනයන 4 යි තිබෙන්නේ. ඒ තමයි තේ, පොල්, රබර් සහ ඇඟලූම්. ඔය 4න් පිට කිසිම වෙනසක් පසුගිය දශක තුනක පමණ කාලය තුළ අපි කරගෙනත් නැහැ. අන්න ඒ වන්දිය තමයි අපි අද මේ ගෙවන්නේ. වෙන හැම රටක්ම අලූත් අපනයන්වලට යොමුවෙලා, නවෝත්පාදනයන්වලට ගිහින් තිබෙනවා. වෙනත් රටවල් ශක්තිමත් අපනයන මාර්ග සොයගෙන ගිහින් තිබෙනවා. නමුත් අපි අවුරුදු 30 ක් අපේ අපනයනයේ කිසි වෙනසක් සිද්ද කරලා නැහැ. ඒ වුනාට අපේ ආනයන වියදම් ඇතිවෙන්න වැඩිකරගෙන තිබෙනවා. අද වෙනකොට හැමදේම පිටරටින් ගේන තැනකට අපි ගමන් කරලා තිබෙනවා. සමහරු මේක තමයි ‘නිදහස් වෙළඳ ප‍්‍රතිපත්තිය’ කියලා කියන නමුත් රුපියලක් අපනයනයන්ගෙන් උපයලා, රුපියල් දෙකක දේවල් ආනයනය කරනවා නම් එතන රටට වාසිදායක නිදහස් වෙළඳාමක් වෙන්නේ නැහැ.
ට‍්‍රම්ප් ගේ තියරිය
--------------------------------
අද ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඞ් ජෝන් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා මොකද කියන්නේ. එතුමා කියන්නේ අපේ ඇමරිකාව තුළට වැඩියෙන් බඩු ගේනවා පිටරටවලින් ඒ නිසා මම ඒවාට ක‍්‍රියාත්මක වෙනවා මොකද මම දේශප්‍රේමියෙක් කියලා. ඔහු මේ පසුගියදා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා මොකද්ද කිව්වේ, ගෝලීයකරණය කියන එකට මම විරුද්ධයි. මම දේශප්‍රේමියෙක්. මේ ලොකේ ඉන්න අනෙක් නායකයොත් දේශප්‍රේමී වෙන්න ඕනේ මුලින්ම. පසුව ජාත්‍යන්තරය ගැන කතාකරන්න පුළුවන් කියන කාරණයයිි ඔහු කිව්වේ. ඔහු තවදුරටත් කිව්වේ, ඔය විශේෂඥයො ගැන මම හිතන්නේ නැහැ. මම හිතන්නේ ඇමරිකානු ජනතාව ගැන කියලයි. ඔහු අද සියළුම රටවල්වලට බලපාන ආකාරයට බදු පනවලා තිබෙනවා ඔවුන්ගේ ආර්ථිකය රැකගන්න. ඇමරිකාවේ ආර්ථිකය අද ඉතාම ශක්තිමත් වෙලා තිබෙනවා. ට‍්‍රම්ප් ගැන කවුරු මොනවා කිව්වත් ඔහු තමන්ගේ රටේ ආර්ථිකය දේශමාමකව ශක්තිමත් කරගෙන තිබෙනවා.

ඉතින් ට‍්‍රම්ප්ගේ ඒ ක‍්‍රියාවලිය ලෝකේ අනෙක් රටවල්වලට වගේම අපටත් බලපාල තිබෙනවා. එක පැත්තකින් මේ ආනයන-අපනයන ක‍්‍රියාවලියටත්, අනෙක් පැත්තෙන් සේවා සැපයීම්වලටත්. මොනවද අපේ සේවා සැපයීම්, උදාහරණයක් විදිහට අපේ අපේ කාන්තාවෝ ටික පිටරට යනවා. ඔවුන් ගිහින් වැඩ කරලා එහෙන් එවනවා රටට ඩොලර් බිලියන 7 ක්. මිත‍්‍රවරුණි අපි ඒ අයට පිං දෙන්න ඕනේ. මොකද මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණු අපේ සමහර ‘උගත්තු’ රට යනවා කියලා මොකද කරන්නේ? ලංකාවේ තිබෙන දේපල විකුණලා ඒ සල්ලි ටිකත් රටින් පිටකරගෙන ගිහින් පිටරටින් දේපල අර ගන්න එක. ඔවුන්ගෙන් ඇතැමෙක් තමන්ගේ දරුවන් පිටරට යවලා උගන්වනවා. නමුත් අපේ දුප්පත් කාන්තාවෝ ටික විතරයි අති බහුතරයක් පිටරට සල්ලි හම්බුකරලා ඒ මුදල් ටික ලංකාවට එවලා, ලංකාවෙන් දේපලක් අරන් තිබෙන්නේ. පෙර කියාපු අනෙක් ‘උගතුන්’ සියළු දෙනාම කරලා තිබෙන්නේ රටේ තිබෙන දේපල විකුණලා පිටරටින් දේපළ ගන්න එක. ඔවුන් ලංකාවේ දේපල රුපියල් කරගෙන ඒ ටික ඩොලර්වලට මාරු කරගෙන රටිනුත් පිටවෙලා යන්නම යනවා. ඔය අතරේ තමයි අපේ ගම්වල දුප්පත් කාන්තාවෝ ටික දරුපවුල් තනිකර විදෙස් ගතවෙලා දුක් කම්කටොළු දහසක් මැද ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න ඩොලර් බිලියන 7ක් එවන්නේ.
ඒ වගේම රටට ආදයමක් ලැබෙන සේවාවන් ගත්තාම සංචාරක ව්‍යාපාරය දක්වන්න පුලූවන්, ඒකත් දුවන්නේ අපේ ආදි රජවරු හදපු සීගිරියෙන්, පඬුවස්නුවරින්, දඹුල්ලෙන්, අනුරාධපුරයෙන්, පොලොන්නරුවෙන්. ඒ රජවරුන්ගේ දේවල් පෙන්වලා තමයි අද සංචාරක ව්‍යාපාරයත් දුවන්නේ. එම සංචාරක ව්‍යාපාරයයි විදේශ ගත ශ‍්‍රමිකයොනුයි නොඑන්න මේ රුපියල තවත් බාල්දු වෙනවා කෙසේ වෙතත් මස්තබාල්දුම වෙන්න ඉඩ තියෙනවා. මොකද රටක් හැටියට අපි ආදායම් උපයන්නේ සීමිත ක්ෂේත‍්‍ර ගණනාවකින් පමණක් නිසා. මොනවා වුනත් අද යන්තම් ඒ ආනයන අපනයන හිඟය පියවිලා තිබෙන්නේ ඔය කරුණු නිසයි. ඊළඟට ලංකාව විදේශ ණය අරන් තිබෙනවා.
මහින්දලා කබ්රාල්ලා කරපු හැටි..
--------------------------------
මහින්ද රාජපක්ෂ මහත්මයා ළඟදි මාධ්‍ය සාකච්ඡුාවක් තියලා ආර්ථිකය ගැන කතා කරනවා දැක්කා, එතුමාගේ ආර්ථිකය ගැන හොඳට අපි ඒ කාලෙත් කරුණු පැහැදිලි කරලා දුන්නා. ඒවා පිළිගත්තේ නැහැ. එතුමා බලයට එනකොට ලංකාවේ අධි පොලී වාණිජ ණය 1% යි සමස්ථ ණය බරෙන් තිබුණේ. මොකද ඒ දක්වා ලංකාව ණය ගත්තේ සහන පොලී මත නිසා. නමුත් රාජපක්ෂ මැතිතුමා 1% තිබුණු අධි පොලී වාණිජ ණය 52% දක්වා වැඩි කළා. අද ඒක නිසා ගණන් හැදුවාම අපේ රටේ පුද්ගලයෙකුටම රාජපක්ෂ මහත්මයා ගත්ත ණය ගෙවන්න වර්ෂයකට රුපියල් ලක්‍ෂයක් වැය වෙනවා කියන දේ කියන්න වෙනවා. ඉතින් එතුමා කොහොමද ආර්ථිකය හදන්නේ?

රාජපක්ෂ මහත්මයලා හදපු එකම රාජ්‍ය ආයතනයක්වත් නැහැ. හොඳම උදාහරණය එතුමාගේ සහෝදරයා ගෝඨභය රාජපක්ෂ අද රටේ ආර්ථිකය හදන්න කතා කරනවා. එතුමා භාර ගත්තා මිහින් ලංකා සහ ශ‍්‍රී ලංකන් එක. අද මොකක්ද ඒවායේ තත්වේ? එමිරේට්ස්ලා මිලියන 8000 ක ලාභ ලබන තැනට ගෙනාපු ශ‍්‍රී ලංකන් එක, ඒ වගේම හොඳට දුවන්න තිබුණු මිහින් ලංකා එක අරගෙන ගෝඨාභය මහත්මයලා, නිශාන්ත වික‍්‍රමසිංහලා අද ඒක කෙලවර කරලා තිබෙන්නේ බිලියන 200 ක් පාඩු කරලා. ඒ පාඩුවේ කෙළවරක් නැහැ. ආර්ථිකය හදන හැටි මෙහෙමයි කියා අද කතා කළාට ඔවුන් එහෙමයි එදා රාජ්‍යය හැසිරුවේ. මේ අයගේ ආර්ථික කලමනාකරණයේ තිබෙන දස්කම නිසා, හැම ලාංකිකයෙක්ටම ශ‍්‍රී ලංකන් එක නිසා විතරක් රුපියල් 10,000 ක් ණය ගෙවන්න වෙලා තිබෙනවා. මේ ගොල්ලෝ තමයි අද වීරයෝ වගේ ඇවිල්ලා වියත්මගවල් හදාගෙන කතා කරන්නේ රටවල් හදන්න. බැසිල්, ගෝඨභය මහින්ද හදාපු රාජ්‍ය ආයතන 3 ක් ගැනවත් අඩුම තරමින් පෙන්නන්න කියලා අපි කියනවා.
මම විදුලි බල මණ්ඩලය හය මාසෙන් හදලා පෙන්නුවා. ඉතින් මම එතුමාවත් ගෙනල්ල ආඩම්බරයෙන් අපේ අමාත්‍යාංශයේ රැස්වීමක් තියලා කිව්වා සර්, ඔන්න අපි අවුරුදු 15 කට පස්සේ ලංකා විදුලි බල මණ්ඩලය ලාභ කළා කියලා. බිලියන 155 ක ණය ගෙව්වයි කියලා. එතුමා මොකද යන ගමන් කළේ ලේක්හවුස් එකට දුරකතන ඇමතුමක් දීලා කිව්වා විදුලිබලය ලාභයි කියල එහෙම නිව්ස් ගහනව නෙමෙයි ඇමති පිම්බෙන්න කියලා. ඔන්න එහෙමයි එතුමා වැඩ කළේ. ඊට පස්සේ මට කරන්න තිබෙන හැම බාධාවක්ම සිදුකලා එම ආයතනය නිවැරදි විදිහට ගෙනයන්න ඉඩනොදී. ඔවුන් භාරගත්තු කිසි තැනක, රාජ්‍ය ආයතනයක් හදපු තැනක් නැහැ.
එදා මහින්දලාට වැඩ කරපු වාසනාව ආයිත් එන්නෙ නෑ
--------------------------------
කෙසේ නමුත් ඔවුන්ට ඒ කාලේ පොඩි වාසනාවක් වැඩ කළා. ඒක තමයි 2008 ඇමරිකාවේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග ඇමරිකාවේ ධනපතියන්ට බැංකුවලින් 0 පොලියට නිකන් සල්ලි දෙන්න පටන් ගැනීම. මෙහෙම සත පහක පොලියක් අය කරන්නේ නැතිව මුදල් දුන්නා ඩොලර් ට්‍රිලියන ගණන්. මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත්තු ඇමරිකානුවො 0 පොලියට සල්ලි ණයට ගෙනල්ලා ඉන්දියාවේ, ලංකාවේ වගේ රටවල ආයෝජනය කළා. ඔවුන් ලංකාවේ විනිමය සුරැකුම්පත්වල ඒ මුදල් දැම්මා. මොකද ඇමරිකාවෙන් 0 පොලියට නිකන් ලැබුනු ඒ මුදල් මෙහේ ආයෝජනය කළාම ලංකාවෙ අපි ඒවාට ආකර්ෂණීය පොළී අනුපාතයක් ගෙවපු නිසා. ඒවා කබ්රල් මහත්මයාගේ හෝ ජයසුන්දර මහත්මයාගේවත්, ඉන්දියාවේ අයගේවත් හපන් කම් නෙමෙයි. අපේ රටේ විතරක් නෙමෙයි ඉන්දියාවේ ගත්තාම හැමතැනම ඒ මුදල් දැම්මා. අද මොකද වෙලා තිබෙන්නේ. අද ඇමරිකාවේ ආර්ථිකය සුවපත් වෙලා. අද ට‍්‍රම්ප් ආණ්ඩුව ඇමරිකාවේ පොලී අනුපාතිකය ඉහළ දමනවා. බින්දුවේ තිබිච්ච එක දැන් 2.5 වෙලා තියෙනවා. ලබන වසරේදී 3.5 වෙනවා. එතකොට මොකද වෙන්නේ අපේ විනිමය සුරැකුම්පත්වල තිබෙන සල්ලි අර සල්ලිකාරයෝ ටික ඇමරිකාවටම නැවත ගෙනයනවා. මොකද ඇමරිකාවේ 2.5 හෝ 3.5 ඒ පොළිය අපට වඩා ආකර්ෂණීය හා ශක්තිමත් එකක් නිසා. ඉතින් ඕක ආපහු කබ්රාල් මහත්තයයි ජයසුන්දරයි ආවා කියලා අයෙත් විසඳන්න හැකි දෙයක් නෙවෙයි. ලෝක ආර්ථිකයේ ප‍්‍රවණතාවයන් මත ඒ කාලේ වැඩකරපු වාසනාව දැන් ආයේ වැඩකරන්නේ නැහැ.

එහෙනම් අපි දැන් මොකද කරන්න ඕනේ. අපි පළමුව කල්පනා කළ යුතුයි මේ රුපියල අත්‍යන්තයෙන් එන බාල්දු වීම සමහර පැතිවලින් අපට භයානක විදිහට බලපානවා කියන කාරණය. අපේ රටේ තිබෙන විශාලතම ආයතනය වන තෙල් සංස්ථාව දින 100 වැඩසටහන යටතේ මම ලාභ කරලා පෙන්නුවා. මුලූ තෙල් සංස්ථාවම අපි කරකවලා හදලා දුන්නා. අපේ තෙල් සංස්ථාව ගත්තාම ඇතැම් අවස්ථාවල මිලට ගත්තු තෙල්වලට මුදල් ගෙවන්නේ හය මාසයකට පමණ පසුව. සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකහාමාරක පමණ ණය මුදලක් එතැන ගොඩගැහෙනවා. එහෙම ඩොලර් බිලියන ගණනක තෙල් ණය ගෙවන්න තියෙද්දී ඒ ගෙවන්න තියෙන හැම ණය ඩොලරයක්ම රුපියල බාල්දුවීම නිසා ගණන් යනකොට, ඒ කියන්නේ 170 ඉඳලා 171 දක්වා රුපියලකින් රුපියල බාල්දු වෙනකොට තෙල් සංස්ථාවට කලින් හිතාගෙන හිටි ගාණට වඩා, ඒකට රුපියල් බිලියන 2.5 ක්, නැත්නම් මිලියන 2500 ක් වැඩිපුර ගෙවන්න වෙනවා. ඒ කියන්නේ තෙල් මිල ඉබේම වැඩිවෙනවා. එතකොට ඒ මුදල ගෙවන්න මදි සල්ලි ටික කොහෙන් හරි හොයාගන්න ඕනෑ. අවසානයේ ඒක පාරිභෝගිකයා මතට දමන්න සිදුවෙනවා. ඒ නිසා සමහර ආර්ථික විශේඥයො කියනවා වගේ රුපියල ඕනෑ ඕනෑ විදිහට බාල්දු කරන්න දෙන්න බැහැ. මේ වගේ කාරණා වලදී ඔය වෙළඳපොල ක‍්‍රමයෙන් මේ ප‍්‍රශ්න විසඳන්න බැහැ.
මේ වගේ වෙලාවල්වලට ලෝක ආර්ථිකයේ සුලි කුණාටුවලින් ගැලවිලා ඉන්නට පුලූවන් නිදහස් වෙළඳ ප‍්‍රතිපත්තියේම ඉන්න අයට නෙමෙයි. ට‍්‍රම්ප් දේශප්‍රේමි නම් අපිත් දේශප්‍රේමී වෙන්න ඕනේ. මොකද අපට එයාව හදන්න බැහැ. ඔහු තමයි ලෝකේ ලොකුම ආර්ථිකය හසුරුවන්නේ. මොන කාරණාව වුණත් ඒ ආර්ථිකය පසුපස තමයි අද ලෝකයම යැවෙන්නේ. අරහේ රුසියාවේ පුටින්, මෙහෙන් චීනයේ ෂී-ජින්පින්, ජපානයේ අබේ, අල්ලපු රටේ මොඩි ඔක්කොම දේශප්‍රේමියෝ. එක්කෙනෙක්වත් ගෝලීය වෙළඳාම ගැන කතාවක් නැහැ. ඒ හැමෝම තම තමන්ගේ රට ශක්තිමත් කර ගන්නයි බලන්නේ. එහෙම නම් අපි 40 අවුරුද්දක් විවෘත ආර්ථිකේ මෙහේ දැන් තිබුණා, එහෙමනම් අපි ඊළඟ 40ත් එහෙමම යනවා කියලා හිතන්න බැහැ. අපි දේශප්‍රේමී විය යුතුයි. ජාතික ආර්ථිකය ගලවා ගන්න කටයුතු කළ යුතුයි. ඒකට හොඳම දේ තමයි හැමදේම පිටරටින් ගේන එක නවත්වලා රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කළ යුතුයි.
හඳුන්කූර ඉටිපන්දම පවා පිටරටින් ගේන්නේ ඇයි..?
--------------------------------
අද අපි පන්සලට ගිහින් පත්තු කරන හඳුන් කූර පවා ගේන්නේ චීනයෙන් හෝ ඉන්දියාවෙන්. හඳුන් කූර, ඉටිපන්දම අපට හදාගන්න බැරිද? ඒ වගේ මේ රට තුළ හදන්න පුළුවන් භාණ්ඩ 260 ක් තිබෙනවා. මේ ගෙවුම් ශේෂ ප‍්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳගන්න පුළුවන් ඔය භාණ්ඩ 260ම ලංකාවේ හැදුවොත් කණගාටුයි කියන්න අපේ මුදල් අමාත්‍යාංශයෙන් භාණ්ඩ 3600 ක එවැනි බදු අයින් කළා. ඒක තමයි ප‍්‍රතිපත්තියක් නැති කම. මේවා දැන් වෙනස් විය යුතුයි. රටේ දේශීය ආර්ථිකයේ මේ කුරුණෑගල කියන්නේ ආර්ථිකයේ ඕනම දෙයක් කරන්න පුළුවන් තැනක්. පොල්වතු විතරක් නෙමෙයි ඕනම ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් සශ‍්‍රීක බිමක් මේ හත්කෝරලේ කුරුණෑගල. අපට ඉතාම පහසුවෙන් මේ අර්බුධවලින් ගැලවෙන්න පුළුවන්

පසුගියදා මට ග‍්‍රීසියේ ඇමති කෙනෙක් හමු වුණා. ග‍්‍රීසිය කියන්නේ හිඟමනට වැටිලා තිබුණු රටක්. මිනිස්සුන්ට අවුරුදු ගාණක් තිස්සෙ විශ‍්‍රාම වැටුප් පවා ගෙව්වේ නැහැ. පෙළපාලි පිට පෙළපාලි හැමදාම ග‍්‍රීසියේ. එතුමාගෙන් මම ඇහුවා දැන් කොහොමද රට කියලා. එතුමා කිව්වා දැන් අපේ රට හොඳයි. අපි සියළුම ආහාරවලින් ස්වයංපෝෂිතයි ණයත් ඔක්කොම වගේ ගෙවලා අපි බලවත් උනා කියලා ඔහු බොහොම ආඩම්බරයෙන් කිව්වා. මිත‍්‍රවරුණි, වසර 3 කට කලින් අන්ත කාලකන්නි භාවයකට පත්වී තිබූ ග‍්‍රීසිය කොහොමද ගොඩආවේ කියන දේ ගැන පුදුමයෙන් මම ඇහුවාම එතුමා කියපු දේ තමයි, අපි දේශප්‍රේමී උනා. රටේ බඩු අපි නිෂ්පාදනය කරන්න අපි තීරණය කළා. අපි යුරෝපා සංගමය පැත්තකට කරලා, අපි තීරණය කළා කෙලින් හිටගෙන රට ගොඩනගන්න ඕනෙයි කියලා. ඒ නිසා අවුරුදු 3 න් අපි රටේ ආර්ථිකය හදාගත්තා, කියන කාරණාවන් ටික.
අපිටත් ගොඩ එන්න පුළුවන්..
--------------------------------
පසුගියදා එක්සත් ජාතීන්ගේ සංගමයට යනකොට අපි ගියේ දෝහා වල කටාර් රාජ්‍යය හරහා. ඒ කටාර් රාජ්‍යයට සම්බාධක පැනෙව්වා අවට රාජ්‍යයන් ටික එකතු වෙලා. කටාර් රටට බොන්න වතුර ටික කිරි ටික ආහාර ටික එන එක නැවත්තුවා. නමුත් අද මොකද කටාර්වල තත්වය? අද කටාරය ස්වයංපෝෂිතයි. තමන් වවලා, තමන්ම කර්මාන්ත කරලා අද කටාරය ස්වයංපෝෂිත කරලා ඒ සම්බාධකවලට පිං සිද්ධ වෙන්න. අද කටාර් රාජ්‍යය දෙපයින් නැගිටලා තිබෙනවා. අපේ ජනාධිපතිතුමාට හමුවුණා ආසියාවේ සිටින ඉතාම ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ට දේශපාලනඥයෙක් වන මහතීර් මොහොමඞ් මැතිතුමා. 1997 දී මැලේසියාව කඩා වැටුනා. එතුමා මොකද කළේ, කාගෙවත් පස්සේ ගියේ නැහැ, දේශමාමක උනා. දේශකමාමක වෙලා දැඩි නීති රීති පනවලා රට ගොඩගත්තා. අයිඑම්එෆ් එකත්, ලිබරල් උපදේශකවරයාවත් අයින් කළා. එහෙම කරලා රට දෙපයින් නගා සිටෙව්වා. අන්න ඒකයි එතුමා විශ‍්‍රාම ගිහිල්ලා අවුරුදු 15 කට පස්සේ වයසින් අවුරුදු 94ක් වෙලත්, තමන් හදපු පක්ෂේට විරුද්ධව ඡන්දෙ ඉල්ලලා මුළු ජනතාවම දිනෙව්වෙ. මොකද මිනිස්සු අත්දැකීමෙන් දන්නවා දුක් විඳලා හරි රට හදන්න මේ මිනිහා දැක්මක් තිබෙන සැබෑ දේශප්‍රේමියෙක් කියලා.

ඉතින් මිත‍්‍රවරුණි අද රටට අවශ්‍ය මිත‍්‍රවරුනි සබුද්ධික දේශමාමකත්වය. අපි පරණ චින්තනවල බැඳිලා ඉඳලා හරියන්නේ නැහැ. රටේ අර්බුදයට ඍජුව මුහුණ දිය යුතුයි. රටේ අර්බුදයට මුහුණදීමට නම් ජාතික ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. හැමෝම කියනවා වගේ හැම දෙයම කරන්න යන්න හොඳ නැහැ. හැමදේම මේ රටේ කරන්න බැහැ. අපි එය පිළිගත යුතුයි. නමුත් අපට කරන්න පුළුවන් ඒවා ටිකක් තිබෙනවා. ඒ ටික අපි නිෂ්පාදනය කරන්න ඇප කැප උනොත් මේ අර්බුදය අපට ආශිර්වාදයක්. රුපියල අවප‍්‍රමාණය වීම කියන එක අපට ආශිර්වාදයක්. අපිට ඊළඟ හය මාසේ ඇතුළතම මේකෙන් අපට ගොඩයන්න පුළුවන් මිත‍්‍රවරුණි. අපි ඒ දේශමාමක ප‍්‍රතිපත්තිය ක්‍රියාත්මක කළොත්. ඒක නිසා මේ ලෝකයේ හැම රටක්ම මේ වගේ අර්බුදයන්ට මුහුණ දුන් විට ගොඩගියේ එහෙමයි. අපේ අල්ලපු රටේ මෝඩි ජනාධිපතිතුමා පිටරටින් බඩු ගෙන්වන එක අද 90%කින් සීමා කර තිබෙනවා. සීමා කරලා අහකට දාලා තිබුණු ගාන්ධිව ආයෙත් ඉස්සරහට ගෙනල්ලා තිබෙනවා. ඉන්දියාවේ දේ ඉන්දියාව කළ යුතුයි කියලා. මම දන්නවා එතුමා 2019 ඔක්තෝම්බරයේ මහමැතිවරණයට යනකොට මෝඩි යන්නේ ශක්තිමත් දේශමාමක නායකයෙක් හැටියටයි. තමන්ගේ රට අර්බුදයෙන් ගලවගත්ත කෙනෙක් විදිහටයි යන්නේ. ඒ නිසා අපටත් අද රටට අවශ්‍ය ආර්ථිකය රට ඇතුලෙන් හදාගන්න. අපි අධෛර්යමත් විය යුතු නැහැ. ඒකට මේ රටේ හැමතැනකම තිබෙන කුසලතාවය ඉදිරියට ගේන්න අපට අවශ්‍යයි. එනිසා අපි බයනැතුව කියනවා නාගරික සංවර්ධන අධිකාරියෙන් ඒකට ආදර්ශයක් දීලා තිබෙනවා. වැටෙන රටක, වැටිච්ච ආර්ථිකයක ආයතනයක් හදපු එකට අපි ආදර්ශය දීලා තිබෙනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගිරිඋල්ල බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීමේ හා බස්නැවතුම්පොල සංවර්ධනය කිරීමේ කටයුත්තේ වැඩ ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.
(ලංකා ඊ නිව්ස් - 2018.ඔක්.06, ප.ව.10.30) https://t.co/ueh7HONGOf