Friday, February 16, 2018

ඊනිව්ස් ටොම් පච - අළුත්ම HOT/හොට් බොරුව

ඊනිව්ස් ටොම් පච - අළුත්ම HOT/හොට් බොරුව
ඊනිව්ස් ටොම් පච - අළුත්ම HOT/හොට් බොරුව ජනාධිපති කාේටි 20 බැගින් අල්ලස් දී අාණ්ඩුවක් සෑදීමට මන්ත්රීවරුන් බිලි බාමින් සිටිනවා යැයි දෙඩවීමය.

පෙර රජයන් කල නායකයින් සොරකම් කිරීමටත් බලය රැක ගැනුමටත් සිදුකල අල්ලස් දී ඔලුගෙඩි මිලට ගෙන අාණ්ඩු කිරීමට නම් වත්මන් ජනපතිට කිසිදු අවශ්යයතාවයක් කිසිසේත් තිබිය නොහැක. පාර්ලිමේන්තු මන්ත්රීධුර 225 අතරින් රටට අාදරය කරනා ජනතා නියෝ‍ජිතයින් යම් ප්රමානයක් හෝ සිටීනම් ඒ අය හා ජනපති අදූෂිත අාණ්ඩුවක් කරාවි. නොඑසේව කිසිවෙකුටත් යහපත් රටක් අවශ්යය නොමැතිනම් එතුමා ගෙදර යන්න මැලිවන එකකුත් නොමැති බව විශ්වාසයි.

ඊනිවස් ජනපති හා පවතිනා වෛරය පිරිමහන්නට කරලියට දමා අැති අලුත්ම මීලඟ බොරුව වන්නේ ජනාධිපති ඉවත් කිරීමට දාේෂාභියෝගයක් ගෙන ඒමට දූෂිත නඩ දෙක දෙපැත්තේ සිට සැලසුම් කරනවා යැයි මුසාවාද දෙඩීමය.

මේ සියළු අභියෝගයන් ඉදිරියේදී අැත්තටම අැති උවත් ඒවාට කලයුතු පිලියම් සියල්ල ජනධිපති සැලසුම් කර අැත්තේ අද ඊයේ නොවේ මීට බොහෝ සති ගනනකට පෙරය.

දශක 5 ට අධික කාලයක් රටේ සිටි සියළු නායකයින් රට කල හැටිත් ඒ ඒ අය ඒවායින් ලැබූ ධන සහ රින ප්රත්ඵලයනුත් පිලිබඳ සුවිශාල අත්දැකීම් සම්භාරයකින් තෙම්පරාදුව සිටිනා වත්මන් බහුශෘත ජනපතිගේ දේශපාලනික පරචිත්ත විඥාණය පිලිබද නිසි තතු දන්නේ සෝභිතාවතාර පමනි. උන්වහන්සේ එතුමානන් 2015 ජනවාරි 8 පාෙදු අපේක්ෂකයා කරලීම ඊට අැති ප්රායෝගිකම පිලිතුරයි.

ඉතින් කොහොමද අල්ලස් දීල අරගත්ත ඊනිව්ස්හි අළුත් මාධ්යය කරුවන් මේ ජනපතියා ගැන ජනතාව තුල බාෙරු හිස් අාකල්ප අැති කරවා ජය ගන්නේ..!

පව් අප්පා ඊනිව්ස් පරම කතුවරයාත් වත්මන් අගමැති තරමටම අවාසනාවන්තයි. ඒ තමයි වසර ගනනාවක් පුරා 29 වතාවක් පැරදිලා ජීවිතයේ වාසනාවන්තම යුගය උදාවේ පාමුල සිටියදී ඒ වාසනාව අවාසනාවන්ත ලෙස කනපිට හැරීමට ඔන්න මෙන්නව පැවතීමයි.

ඊනිව්ස් කතුවරයාද වසර ගනනාවක් මහත් කැපකිරීම් මධ්යයේ පවත්වාගෙන ගිය තම රැඩිකල් අන්තර්ජාල පුවත් මාධ්යයෙහි ජයග්රාහී අභිමානවත් යුගය එලැඹීමට ඔන්න මෙන්න කියා තිබියදී ජනතා විශ්වාසය ගිලිහී දූෂිතයෙක් තත්ත්වයටද අැද වැටී නුදුරේදීම බහුතර සබුද්ධික ප්රජාව අතරින් කසල ගොඩට විසිවීම වලක්වා ගැනුමට අවශ්යය නම් තවත් හෝරා කිහිපයක් ඉතිරිව තිබෙනවා ගිය නුවන අාපිට හරවා ගන්නට අවශ්යය නම්...

සෝභිතාවතාර
2018/02/16

=========================================
ඊනිව්ස් අළුත්ම HOT/හොට් බොරුව
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1772379322827225/?type=3

Thursday, February 15, 2018

රන්දෙනිගල සිංහ මලයට සෝභිතාවතාර අමතයි... / අප පෙල ගැසෙන්නට අවශ්යය වන්නේ අපටත් වඩා අසරනව සිටිනා සුළු ජාතීන්ට එරෙහිව නොව...! සමස්ථ සියළු ජාතීන් පීඩාවට පත්කරවනා දූෂනය/භීෂනය සහ අසාධාරනයට එරෙහිවය. සෝභිතාවතාර.

රන්දෙනිගල සිංහ මලයට සෝභිතාවතාර අමතයි... / අප පෙල ගැසෙන්නට අවශ්යය වන්නේ අපටත් වඩා අසරනව සිටිනා සුළු ජාතීන්ට එරෙහිව නොව...! සමස්ථ සියළු ජාතීන් පීඩාවට පත්කරවනා දූෂනය/භීෂනය සහ අසාධාරනයට එරෙහිවය. සෝභිතාවතාර.

ඔබේ මෙම FB/Post එක හොඳයි මල්ලී....
නමුත් සහෝදරය සතෙකුට උනත් අාත්ම ගරුත්වයක් තියෙනවනේ. ඒ නිසා මහ ජාතිය වන අපි සෑම වේලාවේම සුලු ජාතීන් හට අවමන් කිරීම නොකර ඒ අය සමග යහපත් සංහිඳියාවෙන් ඉන්න බලමු. බලන්න අපේ සමහර සුළු ජාතික මිතුරන් මොන තරම් හොඳ අය ඉන්නවද... ඒ වගේම අපේ මහ සිංහල සිංහ වංශයේ සමහර නරිත් ඉන්නවා නේද..! සටන් පාවාදෙන ද්රෝහී ඊර්ශ්යාකාර උගුල් අටවන්නන්.
එහෙම උන් පිරිසක් නේද 71 කැරැල්ල පාවාදීල, ඔත්තුදීල අපේ සිංහල කොල්ලො කෙල්ලො දසදහස් ගානක් අපේම සිංහල පාලකයින් විසින් පාරවල් ගානේ හන්දි ගානේ මරල පුච්චලා දැම්මේ. මගේ අැස් ඉස්සරහ පිට පස් දෙනෙක් පනපිටින් පිච්චුවා ටයර් දාල. බාගෙම පිච්චුන කොල්ලන්ට අාපහු පාරක් අැවිල්ල පැට්රෝල් දාල පුච්චනවා මම ජනෙල් කවුළුවෙන් බලා සිටියා ලාබාල වයසේදී කරන්න දෙයක් නැතිව. ඒ අාවේ ප්රභාකරන් නෙවේ අපේ සිංහල අළුගෝසුවොයි සහෝදරය. 

ඒ නිසා අවිහිංසක සුළු ජාතීන්ට පමනක් දොස් කියන්න එපා. අපිටත් වඩා අසරන ඒ මිනිසුන්ට අපේ සිංහල නායකයින්ගෙන් සිදුවෙලා තිබෙන අසාධාරන අකටයුතුකම් ගැන හිතල උසස් මනසක් අැති සිංහල බෞද්ධයින් වශයෙන් අප මහා සම්බුදු පියානන් දේශනා කර අැති පරිදි සියළු සත්වයෝ නිදුක් වෙත්වායි යන උතුම් චේතනාව පෙරදැරි කරගෙන අවිහිංසාවාදීව විප්ලව කරමු. (*බැරිම උනොත් ඒක එතකොට... බලා ගමු)

සෑම ජාතියක් තුලම පජාතියෝ ඉන්නවා. බලන්න අපේ සිංහල දේශපාලනික නායකයින්ගෙන් අපේ අාත මුත්ත කාලේ ඉඳන්වත් හරි හමන් දෙයක් රටට ජාතියට සිද්ධ වෙලා තියෙනවද කීප දෙනෙකුගෙන් හැර....

ඉතින් අපේම ජාතිය අපිටම ගොඩක් අසාධාරන කම් සිද්ධ කරල තියෙනවානම් අපටත් වඩා අසරන අන්යය ජාතීන්ගෙන් මාෙනවානම් බලාපොරොත්තු වෙන්නද අපි....

අනිත් වැදගත් කාරනය වන්නේ ඔබට අපිට මේසා විශාල අසාධාරන කම් කරලා තියෙන අපේ සිංහල මහඋන් ඒ අහිංසක මිනිසුන් හට මොන තරම් නම් අසාධාරන කම් කරලා අැත්ද....

ඒ නිසා නොවේද ප්රභාකරන් කෙනෙක් උතුරෙනුත්... විජේවීර කෙනෙක් දකුණෙනුත් බිහි උනේ...!

කෙසේ හෝ සේරමල්ලා අතින්ම අඩුවැඩි වශයෙන් ඉතිහාසය පුරාම සමස්ථ ජාතීන්ටම වැරදි සිද්ධ වෙලා තියෙනවා. කමක් නැහැ දැන් ඒ සියල්ලම අතීත කටුක අමිහිරි අත්දැකීම් පමනයි. 

ඔබ/අපි කාෙයි කාගේත් ජීවිතවල වටිනාම යුගය ගෙවී අවසන් වන්නත් ලඟයි. අපි දැන් මහළු වියට පා තබමින් සිටින්නේ...

නමුත් අපේ/ඔබේ සහ රටේ සමස්ත දරුවන්ගේ අනාගතයටත් අපට අත්වූ ඉරනමම අත්වන්නට ඉඩ දෙන්න පුළුවන්ද. බැහැ නේද... සහෝදරයා කිසිසේත්ම බැහැ. අපිට දැන් හිටියත් එකයි. දූෂිතයින්ගේ වෙඩි පහරකින් මැරෙන්නට සිදු උනත් එකයි. මන්ද යත් අපි දැනටමත් ජීවත් වන්නේ මැරිල වගේනේ නේද සහෝ...

කවදාවත්ම මැරෙන්නෙ නැහැ කියල හිතන් ඉන්න අපේම සමහර උන්ම නේද... මේසා විශාල ලෙස රටේ ජනතාවගේ ධනය සොරා කන්නේ කිසිදු බයක් හැකක් සීමාවක් නාෙමැතිව... බලන්න බයිසිකල් කටුවක් පමනක් තිබුන බියගම පැත්තේ හිටපු පාදඩයෙක්... විල්ස් ජීප් කබලක් තිබුන දකුණේ පරපුරක්... කාෙළඹ කුරුඳු වත්තේ ගරා වැටුනු වලව්වල හිටපු සමහර බංකාෙලොත් වලව් කාරයින් සහ තව බොහෝ වත්මන්  දේශකාපාලුවන්  අද සිටිනා තැන කොතැනද කියා... ජනතාවගේ ලේ/දහදිය (රුහිරු) සොරාගෙන. අනේ කාලේ වනේ වාසේ. අබුද්දස්ස කාලේ. ලබුත් තිත්ත ඌයේ.... මුන්ට කවදා හරි මේ පව් ගෙවන්න සිද්ධ වෙන්න ඕනා නේද...! 

ඉතින් ඒ නිසා අපි (අදූෂිත) සැවොම ඒකරාශීව බැඳලමු රට පුරාම ජාති අාගම් කුලමල බේදයන්ගෙන් තොරව මහා මිනිස් පවුරක්. සැරසෙමු සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහා මෙහෙයුමට. (සෝභිත හිමිගේ අවසන් මෙහෙයුම)  2020 - FINAL MISSION

එතෙක් අපි සෝභිත හිමියන්ගේ නිසල දේහය අබියස දිව්රුමෙන් සපත කර අැති වත්මන් ජනපති කෙරෙහි විශ්වාසය තබා බලමු. දශක ගනනාවකට පසු මෙරට පහල වූ කියනා දේ කරනා... කරනා දේ කියනා අභිත ජනපතිවරයෙක්ද කියා මෛත්රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා.

පසුගිය යමපාලන සහ යහපාලන කාලය තුල ඔහු යම් යම් බැඳීම් සහ කොටුවීම් තුල සිරව සිට අැති බව අපි කොයි කාටත් දැන් දැන් පෙනෙන්නට අැති නිසා සහ මේ වන විට ඒ සියළු බැඳීම් වලින් නිදහස්ව තම බලය නිසි ලෙස ශක්තිමත් කොටගෙන සිතැතිව පැවති අභිප්රායයන් ලත් අවසරය ප්රයෝජනයට ගෙන රට හමුවේ නිර්භයව ප්රකාශයට පත් කරමින් සිටිනා නිසා ඒ සඳහා සාධාරන කාල පරාසයක් ඔහුට ලබා දීමට තරම් අපිත් සාධාරන සහ බුද්ධිමත් වෙමු.

නමුත් කිසියම් විදියෙකින් මේ අවසන් අවස්ථාවේදීත් ජනතාව රවටනු ලැබුවහොත් 2020 දී කල යුතු දේ පිලිබඳව අපි සැම ඉස්සර වගේ පාලනය කල නොහැකි දියුනු අපේ නිදහස් මාධ්යය ඔස්සේ කතිකා කර සංවිධානය වෙමු. ඒවා රහස් නේද සහෝ...

ඔබ සැමට ස්තුතියී. තෙරුවන් සරනයි
සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන් අැප කැපව
2018/02/15
===================================
රන්දෙනිගල සිංහ මලයට සෝභිතාවතාර අමතයි...

Wednesday, February 14, 2018

මීලඟ සාමකාමී හෝ රැඩිකල් අාණ්ඩුවේ නව අගමැති කවුද...?

මීලඟ සාමකාමී හෝ රැඩිකල් අාණ්ඩුවේ නව අගමැති කවුද...?
සාමකාමී අාණ්ඩුවක් පිහිටුවීමට නම් අගමැති තනතුර සඳහා වත්මන් කථානායක ධුරය මධ්යස්ථ මතධාරී වෙනත් සුදුස්සෙකුට පවරා ගරු කරූ ජයසූරිය මහතාගේ නම පමනක්ද.....

පොහොට්ටුවේ බහුතර සොර නඩය බලහත්කාර අාණ්ඩු සෑදීමට උත්සාහ දරයි නම් ඊට මුහුන දීමට සුදුස්සා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාද ලෙස සෝභිතාවතාර යෝජනා කර මත පල කරයි...

නොඑසේව පවතිනා දේශපාලනික ප්රශ්න තව තවත් අවුලෙන් අවුලට අැද වැටෙනා තත්ත්වයක් නිමල්
සිරිපාලද සිල්වා මැතිතුමා (පල කර අැති ඡායාරෑප අපහාසයට නොව හාස්යයටයි) හෝ වෙන අන් අයෙකු අගමැති තනතුරට පත් කිරීමෙන් සිදු විය හැකි බව සෝභිතාවතාර අනතුරු අඟවයි.

සෝභිතාවතාර
2018/02/14 - ප.ව. 11.00


http://www.karujayasuriya.lk/Contact-me/







Tuesday, February 13, 2018

Lanka E/news + UNP - සමග ඩීල්ද..?

 Lanka E/news + UNP - සමග ඩීල්ද..? 

කාලාන්තරයක් පුරා තම ජීවිත අාශාව අතහැර මහත් කැපවීමෙන්
ජනතාවාදී මෙහෙවරක් ඉටු කල ලංකා ඊනිව්ස් කතුවරයා අැතුළු සමස්ථ කාර්යය මණ්ඩලයත්... ඊට පරිභාහිරව සිටිමින් අභිත ලෙස ගිනියම් වූ ප්රවෘත්ති ලබා දෙමින් සියලු ශ්රව්ය/දෘශ්යය/මුද්රිත මාධ්ය අභිබවා දේශපාලනික සහ අනෙකුත් සමාජීය අකටයුතුකම් වෙනුවෙන් ඉතාමත් අනගි අමිල සේවාවක් ඉටු කල ඊනිව්ස් අන්තර්ජාල (Enews Web Media) මාධ්යය ජාලයට ප්රතමයෙන් අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවය ජයග්රහනය කරවා රාජපක්ෂවාදී ඒකාධිපති වියරුවෙන් රට සහ ජනතාව ගලවා දීමට සිදුකල ජාතික මෙහෙවර වෙනුවෙන් සමස්ථ ලාංකේය ජනතාවගේ ගෞරවය පුද කොට සිටිමු.


නමුත් ඊනිවස් සැමදාම තම මාධ්යය ජාලය පවත්වාගෙන යනු ලැබුවේ ඉමහත් අාර්ථික අපහසුතා මධ්යයේ බව කාටත් අරුමයක් නොවන්නේ එකී මාධ්යයේ පලවනා සෑම පුවතකම පතුලෙහි ඔබගේ සහයෝගයෙන් තොරව ඊනිව්ස් පවත්වාගෙන යානොහැක යන දැක්වීම ප්රදර්ශනය කර තිබුනු බැවිනි.

නමුත් සැවොම ඊනිව්ස්හි පලවූ ලිපි පුවත් බලා රටේ පව‍තිනා උනුසුම් තත්ත්වයන් දැන ගත්තා පමනක් මිස කල හැකි අවම උපකාරයක්වත් ඊනිව්ස් වෙනුවෙන් ඉටු කලාදැයි සිතා ගත නොහැක.

කොටින්ම පසුගිය යම පාලන සමයේදී ඊනිව්ස් ගිනි තබා විනාශ කිරීම වෙනුවෙන් කිසියම් සාධාරනයක් ඉටු කොට දෙන මෙන් යහපාලන රජයට පවා කොතෙකුත් ඉඟිබිඟි කලද සිදුවූ සෙතක් නොමැති බවය සිතා ගැනීමට අැත්තේ....

සෝභිතාවතාර එසේ පවසා සිටින්නේ මෑතක සිට ඊිනිව්ස් තුලින් පෙනෙන්නට පවතිනා නිර්පාක්ෂික නොමැති ඒකපාක්ෂික ප්රවෘත්ති නිසාය. කාලයක් පුරා පැවති මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත්ව බලාගෙන යාමේදී මොවුන්ගේ ගොදුර සහ වෛරය වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සම්බන්ධයෙන් පමනක් බව පෙනී යයි.

වෛරයට හේතුව ජනාධිපති තුමා තම වෙබ් අඩවිය පවත්වාගෙන යාමට සිදු කර අැති අන්තර්ජාල බාධාව යැයි පිලිගන්නට සබුද්ධික ඊනිව්ස් පේක්ෂක ජනතාව සූදානම් නැත.

මන්ද යත් වත්මන් ජනාධිපති තුමා ඔවැනි ඔල මොට්ටල ලද බොළඳ කම් සිදුකරනා මන්ද බුද්ධිකයෙක් නොවනා බව ජනතාව ඉතා හොඳින් දන්නා බැවිනි.

ඊනිව්ස් (Enews) බොරු වාරනයක් මවා පාමින් තම ඒකපාක්ෂික පුවත් කෙරෙහි කෙලින්ම සපැමිනෙනා ප්රතිවිරෝදාත්මක විවේචන මග හරවා ගනු පිනිස ෆේස්බුක් (FaceBook) මගින් පමනක් වැඩේ ගෙන යනු ලබන්නේ සට කටකපටකමට විය හැක.

මෙවැන්නක් සිදු උවත් ඊට ජනාධිපතිවරයා සම්බන්ධ යැයි ප්රජාව විශ්වාස නොකරයි. මන්ද යත් මේ වන විට වත්මන් ජනාධිපති තුමාගේ විනිවිද භාවය සම්බන්ධයෙන් ඉමහත් මහජන ප්රසාධයක් සහ විශ්වාසයක් රටේ සමස්ත ජාතිය තුලම ගොඩනැගෙමින් පවතිනා බැවිනි.

එනිසා මේ වන විට වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සම්බන්ධයෙන් රටේ ජනතාවගේ සිත්සතන් තුල බොරු මතවාද සහ අාකල්ප අැති කරලීම ඊනිව්ස් සහ/හෝ වෙන අන් කවර මාධ්යයකට උවත් කිසිසේත් සිදු කිරීම නොකල හැකි වන්නේ මේ වන විට එතුමානන් ජනතාවගේ හදවත් තුලට කිඳා බැස අවසන්ව අැති බැවිනි.

කෙසේ නමුත් ඊනිව්ස්හි පෙර සිටි කිසිදු මාධ්යය කරුවෙකු මේ වන විට ඊනිව්ස් මාධ්යය ජාලයේ සිටීයී යැයි සිතිය නාෙහැක. මන්ද යත් ඊනිව්ස් තුල එදා සිටියේ මැරුවත් අාත්මය පාවා නොදෙනා අභීත මාධ්යය කරුවන් පිරිසක් නිසාය.

එම නිසා මෙහිදී සෝභිතාවතාර හට හැඟී යනුයේ අාර්ථික අසරන කමින් බරිතව සිටි ඊනිව්ස් හිමිකාර S...න් මහතා කරන්නම දෙයක් නොමැති වූ කල්හි තමන් හට කොලපාටින් යුත් දේශපාලන පක්ෂයක සිටිනා ප්රකට ඩීල් කරුවකු වන M.ක් ගේ අධිතක්සේරු ගත ලන්සුවට තම මාධ්යය අඩවිය විකුණා අැති බවකි.

නාෙඑසේව එදා සිටි ඊනිව්ස් කාරයන් මෙවැනි බාල වැඩ කිසිදා සිදු කර නැත. කරන්නේද නැත...

එනිසා මේ වන විට පවතිනා ඊනිව්ස් ප්රවෘත්ති කිරා මැන බලා තෝරා බේරා ගත යුත්තේ සම්බුදු පියානන් කාලාම සූත්රයේ දේශනා කර අැති පහත පරිදිය....

මා අනුස්සවේන... මා පරම්පරාය...මා ඉතිකිරාය....
මා පිඨක සම්පදානේන... මා තක්ක හේතු... මා නාය හේතු... මා බබ්බ රූප කාය... මා දිට්ඨි විජ්ජා....
නක්කත්තියා... මා සුමනා ගරෝතීතී....

යන පාලී පාඨයේ සිංහල අර්ථය වන...

මා කියූ පමනින්වත්... පරම්පරාවෙන් පැවත එන පමනින්වත් මෙය නිවැරදි යැයි පිළි නොගන්න. ඔබගේ තර්කයට වැටහෙන්නේ නම් පමනක්ද... තම බුද්ධියට ගෝචර වන්නේ නම් පමනක්ද පිළිගන්න.

සෝභිතාවතාර විශ්වයේ සිට ජනාධිපති අැතුළු ජනතාව දෙස අවධානයෙන්....
2018/02/13 - මධ්යම රාත්රියේදී



සියළු ජනතාවනි අවධානයෙන් සිටින්න ජනතාවාදී ජනපති කුමන්ත්රන කරුවන්ගේ කුමන්ත්රනවලින් රැකගන්න රොක්වන්න - සෝභිතාවතාර - 2018/02/13 ප.ව.6.30 ට

සියළු ජනතාවනි අවධානයෙන් සිටින්න ජනතාවාදී ජනපති කුමන්ත්රන කරුවන්ගේ කුමන්ත්රනවලින් රැකගන්න රොක්වන්න - සෝභිතාවතාර - 2018/02/13 ප.ව.6.30 ට
================
දූෂිතයින් සන්දාන ගත වී ඩීල් දමා ජනපති තනි කර අාණ්ඩු සාදා දූෂනයට එරෙහි ජනපති ඉවත් කරන්නට දෝෂාභියෝග ගෙන එන්නට සැරසෙයි.


ජනපති රටේ පවතිනා සියළු සිවිල් සංවිධාන දැනුවත් කොට රටේ සහ සියළු ජනතාවගේ අාරක්ෂාව පතා පවතින භයානක තත්ත්වය පිලිබඳ ජාත්යන්තරය දැනුවත් කරයි.

තෙවනුව රටේ පවතිනා ජනතාවාදී වූද... ජනතාව වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටින්නා වූද... ජනතාව වෙනුවෙන් හඬ නගනා සියළු මාධ්යයන්ගේ කොන්දේසි විරහිත සහයෝගයෙන් රටේ ජනතාව දැනුවත් කොට මහා ජනතා පවුරක් ගොඩ නගයි.

අවසානයේ සියළු දේශපාලන පක්ෂවල සිටිනා අදූෂිත ජනතා නියෝජිතයින්ට සහ සියළු සිවිල් සංවිධාන සහ උගත් බුද්ධිමත් ජනතාවට සහ උපදේශකයින් හට අාරාධනා කොට අදූෂිත අාණ්ඩුවක් ප්රකාශයට පත් කරයි.

ඉන් පසු සියළු පක්ෂවල සිටි දූෂිතයින්ගේ දූෂන පිලිබඳ කඩිනම් විමර්ශන පවත්වා ජනතාවගෙන් සොරාගෙන අැති මුදල් නැවත රජයට අත්පත් කොටගෙන ඒ මුදල්වලින් රටේ ණය බර අඩු කොට....

සෝභිත හිමියන්ගේ සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනය සැබෑවක් යථාර්තයක් කොට සියළු ජනතාවට සැපෙන් සතුටින් සැනසිල්ලෙන් සිටීමට සුදුසු වාතාවරනයක් අැති කොට මීලඟ නායකත්වයට සුදුසු පුද්ගලයාට රට බාර කොට බොරු අප්පච්චී කෙනෙකු ලෙස නාෙව අභිමානවත් අප්පච්චී කෙනෙකු ලෙස 2020 දී විශ්රාම ගන්නා වගයි.

සෝභිතාවතාර විශ්වයේ සිට දැඩි අවධානයෙන්...!
2018/02/13 ප.ව.6.30 ට
=================

Sunday, February 11, 2018

දේශයේ මුර දේවතාවන් වන සබුද්ධික තීරක ජනයාගෙන් හැඟීම් බර අබුද්ධික ජනතාවට අායාචනයක්...

දේශයේ මුර දේවතාවන් වන සබුද්ධික තීරක ජනයාගෙන් හැඟීම් බර අබුද්ධික ජනතාවට අායාචනයක්...

ජාති/අාගම්/කුලමල සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානෝ තමන් වහන්සේගේ චෛතසිකය තුල මරණාන්තය දක්වාත්.... ඉනික්බිති අසම්පූර්න වූ තම ඒ ස්වප්නය මරනයෙන් මතුවද ඉටුකරලීමේ නොනිමි කැපවීම තුල නිවන් මගටවත් නොපිවිස තම අාත්මය අවතාරයක් කොටගෙන විශ්වය තුල සැරි සරමින් දේදුනු විප්ලවය නැවතී අැති තැන සිට නැවත බල ගැන්වීමේ විප්ලවයට පවතිනා දේශපාලනික වාතාවරනය තුල සැලසුම් කර තිබුනු කාල පරාසයට වඩා කලින් ක්රියා කිරීමට සිදුව අැති නිසා මෙකියවෙනා සත්පුරවැසියා තම අාතූරයා බවට පත්කැරගෙන කාලයක් පුරා ගෙන යන 2015 දේදුනු විප්ලවයට හාත්පසින් වෙනස් වූ අදෘශ්යමාන විප්ලවයකට නැවතත් අවතීර්න වන්නට සිදුව අැති වගයි...

එකී මෙහෙයුමේ සමාරම්භය ලෙස 2015 දේදුනු විප්ලවයෙන් ඉතා අසීරු මෙහෙයුමක් සිදුකොට පලවා හරිනු ලැබූ ඒකාධිපති වූද... දූෂිත වූද... රාජපක්ෂ පවුල් පිල්ලිය සහ ඒ අනුගාමික සාෙර නඩයට පවතිනා යහපාලනවාදී නාමමාත්රික අාණ්ඩුවේ සුවහසක් දුර්වල අකාර්යක්ෂමතා සහ ගජමිතුරන් අාරක්ෂා කිරීමට යාමේ වරද සිදු කිරීම නිසා යලි හිටපු සොරුන් කෙසේ වෙතත් සොර නායකයා හොඳ යැයි (පොහොට්ටු) තීරනයක් දෙන්නට හේතු පාදක වූ බුද්ධියෙන් නොවී හදවතින් තීන්දු ගන්නා රටේ හැඟීම් බර අවිහිංසක සංවේදී මිනිසුන් හට ඉතා කාරුණික අායාචනයක් කිරීමට සෝභිතාවතාර සූදානම් වන වගයි..

සංවේදී මිනිසුනි.. මව්වරුනි.. පියවරුනි.. නැන්දනියනි... මාමාවරුනි... සහෝදරවරුනි... සහෝදරවරියනි... දූවරුනි... පුතනුවනි....මෙහිදී නම් නොකියැවුනු සැමගෙන්ද අවසරය...

තමාගේ සුදුවතේ එක ලේ බිඳක්වත් නොතැවරී මුත්... (ඊට පෙරකල ඩෙන්සිල් කොබ්බෑකඩුව / විජය විමලරත්න අැතුළු අැස්ඉස්මස්ලේ සහ දිවිපිදූ සියළු රණවිරුවන්ද සිහිපත් කරමින්) තම බඩවැල් අතින් ගෙන මාරාන්තික බෝම්බ ප්රහාරවලට ලක්ව සේනා සංවිධානය කල හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමාගේ සහ ත්රිවිධ හමුදා සියළු සාමාජික සාමාජිකාවන්ගේ දිවි ලේ මස් අැට නහර පුද කොට සියළු දේශපාලනික ක්රියාදරයන්ගේ පූර්න සහයෝගයෙන්ද රටේ ජනතාවගේ පූර්න දායකත්වයෙන් සහ පටිතද කරගැනීමෙන් පැවති කොටි ත්රස්තවාදය ජය ගන්නට අැසක් අහිමි කර ගත් හිටපු ජනාධිපතිනියගෙන් සහ එදා වැඩ බලන අාරක්ෂක අමාත්යය ධුරය හෙබවූ කාලයේ තෙවතාවක් දිවි බේරාගත් වත්මන් ජනපති  මෛත්රීපාල සිරිසේන මැති තුමාගේ සහ ගෝඨාභය මැතිඳුන්ගේ දිවි පරදුවට තැබූ කැපවීමෙන්ද යුද්ධයට නායකත්වය දී කොටි පරාජය කරන්නට හිටපු ජනපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්රී වන්දනීයත්වයට පත්වන්නට තිබුනු යුධ ජයග්රහනයේ ගෞරවය රැගෙන විශ්රාම නොගොස් තවදුරටත් කුරුණෑගල ප්රදේශයේ නාමික මන්ත්රීවරයෙකුව පඹයෙකුගේ සේවය එපෙදෙසට ලබා දෙමින් තවත් අයෙකුට හිමි අවස්ථාවක් අහිමි කොට බල තන්හාවේ ශාපයට ගොදුරුව වයසට කිසිසේත් නොගැලපෙනා කායික පීඩාවක් සහ මානසික අාතතියක් දරාගෙන කල පව්වලට මිහිබටදීම විපාක විඳිමින් චෛතසිකව සිය දහස් වර මැරී මැරී ඉපදෙමින් අපාදුක් විඳිනා තමාගේ සුදුවතේ එක ලේ බිඳක්වත් නොතැවරී මුත්... නායකයින් ගනනාවක් තුලින් ශේෂ වෙමින් සපැමිනි යුද්ධයේ තීරනාත්මක සංධිස්ථානය මාවිල්ලාරු සොරොව්ව වසා ගොවි ජනයාට ජලය අහිමි කරලීමේ සාධකය ජාත්යන්තරය දිනා ගැනීමේ උපාය මාර්ගය බවට ජනතා විමුක්ති පෙරමුනින් ලද දැඩි උපදේශනය දඩ මීමා කර ගනිමින් සමාප්තිය කරා ගෙන ගොස් පැවති යුද්ධය කිසියම් අකාරයෙක සුබවාදී කඩ ඉමකට ගෙන එන්නට සමත් වූයේ මහින්ද යනු හිටපු අන් නායකයින්ට වඩා මානුෂවාදී නාෙවනා චන්ඩි අාභාෂයක් තමා තුල පැවති ගනන්කාරයෙකු නිසා බවත් අවබෝධ කොට ගත යුතු මනාය. නමුත් යුධ ජයග්රහනයේ අයිතිය කිසි ලෙසකින්වත් එකෙකු සතු බූදලයක් නොවන්නේය. 

යුද්ධය නිමා වී අැත. නමුත් ප්රභාකරන්ගේ අවතාරය තවමත් මෙතෙර සහ එතෙර සැරි සරමින් තම අභිප්රායය ඉෂ්ඨ කරලීමේ නොනිමි මෙහෙවර තුල සිටියත් යලි මෙරටේ කිසිවෙකුටවත් යුද්ධ   කිරීමට රටේ ත්රිවිධ හමුදාවන්ගෙන් ඉඩක් නාෙලැබෙනා බව ස්ථිරය. ඒ තරමට රටේ හමුදා සාමාජිකයින් පන්නරය සහ පුහුනුව ලබා අැත.

ප්රභාකරන් කෙනෙකු බිහිවන්නට හිටපු සිංහල නායකයින් තුලින් සිදුවනු ලැබූ අඩුපාඩු දුර්වල කම් මෙහිදී සාකච්ඡා නොකලත් ප්රභාකරන් යනු අපගේ සිංහල නායකයින්ට වඩා අප්රමාන ලෙස තම ජාතියට අාදරය කල විශිෂ්ඨ නායකයෙකු බව සෝභිතාවතාරයේ පෞද්ගලික මතයයි. අපේ හිටපු නායකයින් විඳි සහ තවමත් විඳිනා සුරසැප සහ විමන් දෙස බැලීමේදී ප්රභාකරන්ගේ මාලිගාව යැයි පැවසූ බංකරයෙන් සහ අබලි බබලි වලින් ඔහු විඳි සැපයේ කෙසේ වෙතත් දුක්කයේ තරම රටේම ජනතාව දුටිමු.

කෙසේ වතුදු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් හට යුධ ජයග්රහනයේ ගෞරවය හිමි කර නොදෙන්නට මේ රටේ සුවහසක් ජනතාව සහ සියළු සමස්ථ දේශපාලනාධිකාරීන් කිසිවෙකු හෝ අල්ප මාත්රයෙකින්වත් පැකිලුනේ නැත.

ඊට ඉතාමත්ම පැහැදිලි සාධකයක් සහ සාක්ෂියක් ලෙස 2015 දේදුනු පරාජයෙන් පසු ප්රතිවාදී යහපාලන රජය සහ අනේක විදි නින්දා අපහාස ගල්මුල් ප්රහාර මධ්යයේ බලයට සපැමිනි වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් තව දුරටත් දිගින් දිගටම හිටපු ජනපති මහින්දගෙන් සහ පිරිවරගෙන් ලද දහසක් කෙනහිලිකම් මධ්යයේදීත් සැලකූ අාකාරය රටම දුටු වසංකල නොහැකි සත්යයකි.

වරද කලේ වෙන අන්කිසිවෙකු නොව හිටපු ජනපති මහින්දමය. වසර 5 ක් බලයේ සිටියා.. ඉන් පසු තවත් වසර 5 ක් සිටියා... මදිද... යුධ ගෞරවය ඉතා තදින් පැවති නායකයෙකු ඒ ගෞරවයේ වටිනාකම දියාරු නොකොටගෙන දෙවැනි නායකයෙකු හට රට බාර දී අනුසාශකවරයෙක්ව කටයුතු කරමින් විශ්රාම ගත වූවානම් මේ වන විට කාල්ටන් නිවස දෙෙනික පුද බිමකි.

නායකත්වයක් තිබිය යුත්තේ තමාට පමනක්මද අනිකුන්ට අකැපද.... අැලර්ජිද.... අාසාවක් පරිත්යාගසීලී සිතක් පහල උනේම නැත්ද පොඩි හෝ තමන්ට නායකත්වයක් ලැබුනා වගේ ඒක අනෙකෙකුටත් දෙන්න.. දීල බලන්නවත් අඩු තරමින්...! කොහේද තමන්ගේම අයියට හෝ මල්ලිටවත් දෙන්න කැමති උනායැ....

ඒ සියල්ල කෙතරම් අාත්මාර්ථකාමී ලෙස සිදු උවත් යුධ ජයග්රහනයේ පීතෘවරයානන් හට දිනපතා නිතිපතා වන්දනාමාන කොට යන්නට තම දුවා දරුවන් රැගෙන එන්නට (එතුමන් හට තම රුධිරයෙන් අත්සන් කර ලිපි සංදේශ පවා යවා අැති) මේ සෝභිත අාතූරයා සත්පුරවැසියාද පෙර මං බලා සිටි තවත් එක් අයෙකි අනෙකුත් සියලු රට වැස්සන් අතර සිටි....

නමුත් අපට ඒ වාසනාව මේ බල තන්හාධිපති පිස්සු පූසා තව දුරටත් බලහත්කාරයෙන් හෝ බලයේ විසුම බැරිම වූ තැන අරලිය ගහ මන්දිරයෙන් පලා ගොස් කාල්ටන් ජනේලයේ එල්ලී නැති කර දැම්මේය.

කෙසේ වෙතත් ඕනෑම රටක දේශපාලකයින් යනු කාලීන වශයෙන් පැන නගිනා ඒ ඒ යුග අවශ්යයතාවයන් උදෙසා ජනතාව විසින් තෝරා පත්කර රටේ මෙහෙවර සඳහා තම බදු මුදල්වලින් වැටුප් යාන වාහන විශ්රාම වැටුප් සහ අාරක්ෂක බල අැනි ඇතුළු සියළු සැප සම්පත් ලබා දී පාර්ලිමේන්තුවට යවනා සේවකයින් පිරිසක් වේ.

යම් දේශපාලකයෙකු තමන්ගේ කාර්යය භාරය නිසි ලෙස ඉෂ්ඨ කලත් නොකලත් ඔහු හෝ අැය සම්බන්ධයෙන් අඩුවැඩි වශයෙන් කෘත ගුණ ශීලීත්වයක් තබා ගැනීම සෑහුනත් ඒ කිසිවක් වෙනුවෙන් හැඟීම් බරව සදාකාලික වහල් භාවයක් අැති කර ගැනීම නොවටී. මන්ද යත් එසේ වූ කල්හි රටක් දියුණුව කරා ඉදිරියට ගෙන යා නොහැකි වන නිසාය.

යමෙක් යම් කාර්යයකට දක්ෂ විය හැක. නමුත් ඔහු සැම දේටම දක්ෂ යැයි පූර්ව නිගමනයන්ට හෝ හැඟීම් බර අාකල්පයන් වෙත ලඟා වීම රටක අවාසනාවට හේතු වනු අැත. 

එසේ වූ කල්හි ඒ ජනතාවගේම අාදරවන්ත මතු පරපුර දූදරුවන් හට අනාගතයේදී ඒවාට පෞද්ගලිකව හෝ බොහෝ විට පොදුවේ වන්දි ගෙවීමටත් මුහුන දීමටත් සිදු වනු අැත.  

එසේ වූ කල්හි තම තමන් සිදුකල අක්ඥාණකම් කෙරෙහි මරනින් මතුවටත් පසුතැවිල්ලෙන් සිටීමට ඒ වැඩිහිටියන් හට සිදුවනු අැත. එකිනෙකා සිදු කල වැරදි සහ ගත් වැරදි තීරන හේතුවෙන් තම දුවා දරුවන් හට පීඩා විඳින්නට සිදු වූවා නේදෝ යන ලතැවිල්ලට මින් මතු කිසිවෙකු පාත්ර නොවනු අැතැයි මෙමගින් සෝභිතාවතාර විශ්වාසය තබයි.

අප රටේ ප්රමානාත්මක හැඟීම්බර ප්රජාවක් වෙසෙනා නිසා සටකපට දේශපාලකයා දිගින් දිගටම ජනයාගේ මෙම අසරන බවින් දැඩි සේ අයුතු ප්රයෝජන ගෙන අැති බවට ඕනෑවටත් වඩා සාධක අැත. 
******************************************************
එහි උච්ඡතම අවස්ථාවක් ලෙස මෙවර පලාත් පාලන මැතිවරන ප්රතිඵලය ගෙන හැර දැක්විය හැක.
*****************************************************
මෙකී අවිහිංසක ජනයාගේ උනු වන.. තෙත් වන.. හදවත් හැඟීම් වලින් මුසපත් කොට මන්ද මෝහනයට පාත්ර කාෙට තම පැවැත්ම තහවුරු කර ගැනීමට තරම් ලාංකේය සටකපට දේශපාලකයා ඉතිහාසය පුරාම සාර්ථකව මේ වන විට එකී සන්දර්භය තුල උච්චස්ථානයට සපැමින අැත.
****************************************************
තව දුරටත් මෙතැන් සිට ඉදිරියට එක් අඟලක් හෝ මෙම තත්ත්වය රට තුල පවත්වාගෙන යාමට වත්මන් අවස්ථාවාදී තක්කඩි දූෂිත සොර හවුලට ඉඩ ලබා දුනහොත් මේ රටත් ජාතියත් පාදඩයින්ගේ පාරාදීසයක් බවට පත්ව විනාශ මුඛයට පිවිසීම වලක්වනු සක්රයාටවත් නොහැකි වනු අැත.
****************************************************
එනිසා කෝප/ශෝක/සතුටු/පැහැදීම් අැති වුනු කිසිදු අවස්ථාවකදී වරක් දෙවරක් නොව සියක් වර සිතාබලා මිස පොරොන්දු දීමත්... තීරන ගැනීමත් නොකට යුතු බව අප මහා තිලෝ ගුරු සම්බුදු පියානන් වදාරා අැත්තේ මීට වසර 2500 ට පෙරදී වන්නේ මන්දැයි හැඟීම් බරව ක්ෂනික තීරන සහ පොරොන්දු වලට පෙලඹෙනා අබුද්ධික ජනයා තරයේ සිතට ගත යුතු ධර්මතාවයකි.

නොඑසේ වුවහොත් ඒ හැඟීම් බර ජනයා දිනෙක ප්රපාතය කරා යන්නේ තමන් සහ තම දූදරු/ඥාති/හිතමිත්රාදීන් පමනක් නොව තමන් කිසිදා නොහඳුනනා හැඟීම්වලට වහල් නොවනා තවත් සුවහසක් සබුද්ධික ජනයා සහ ඔවුන්ගේ දූදරු/ඥාති/හිතමිත්රාදීන්ද සමග වේ. එය මහා පාපයකි....!

එනිසා ඔබ සැමටත් අප සැමටත් අනාගතයේදී සැමගේ මතුපරපුරටත් සටකපට දේශපාලකයින් නිසා විය හැකි මෙවන් හානි වලකා ගන්නට වරක් දෙවරක් නොව සියක් වර සිතා මතා තීන්දු තීරන ගන්නට අදිටන් කර ගනිමු.

සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන් අැප කැපව
2018/02/12