Thursday, November 16, 2017

ලෙච්ඡවී නි/ර/ල් - උනුවන තෙක් දිය සැලියේ.... කකුළුව රඟදෙයි එම දිය සැලියේ...

සම්මුතිය බිඳිමින් ජනපති අපහසුතාවයට පත්කරවනා එජාප නායක කැස්බෑවාගේ දහම්ගැට සබුද්ධික ජනයාට එකපුලියේ...

අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ මෙහෙයැවීමෙන් 2015 ජනවාරි 08 වැනි දින සිදු කෙරුනු අවිහිංසාවාදී දේදුනු විප්ලවය මගින් රටේ සබුද්ධික ජනතාව වැරදි පූර්වාදර්ශ දෙමින් දූෂනය සහ භීෂනය නමැති කැලෑ නීතිය රජ කරවමින් රට වැරදි දිශාන්තයකට රැගෙන ගිය රාජපක්ෂවාදී දුර්දාන්ත පාලනය නෙරපා හැර පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මැතිතුමන් ජනපති ලෙස අභිෂේක කරවන ලදී.

ඉන් අනතුරුව පැවති මැතිවරනයෙන්ද පොදු අපේක්ෂක වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමන්ගේ ජයග්රහනය තව තවත් තහවුරු වූයෙන් එතුමානන්ගේ නායකත්වයෙන් සම්මුතිවාදී ජාතික අාණ්ඩුවක් බිහි කෙරිනි.

නමුත් ඒ සියල්ලටම පෙර ජනපති අගමැති දෙපැත්තෙන් ජෝඩු දමා කැළණිය වඳින්නටද ගිය හැටිත් කොයි කාටත් හොඳට මතකය.

කෙසේ වෙතත් ජනපති අගමැති කාෙතෙකුත් පාරම් බෑවේනම් අපි ජනප්රිය වන්නට හෝ ඡන්ද බලාගෙන හෝ නොව ජාති අාගම් කුල මල භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරණ සමාජයක් බිහිකරලීමේ සෝභිත හිමියන්ගේ සිහිනය යථාර්තයක් කිරීමට හැකි සියළු දේ ඉටු කරනා වගයි. නිසල දේහය අභියස සපත කලේද යමැයි....!

නමුත් යහපාලනය නමැති නාමිකව පමනක් වන මෙම රජය පිහිටුවා වසර 3 ක් ගතවෙමින් පැවතියද සෝභිත හිමියන් අැතුළු 62 ලක්ෂයක් වූ දේදුනු ජනතාව අපේක්ෂා කල තරම් කෙරුවාවක් පිලිබිඹු කරවීමට වත්මන් නායක දෙපල අසමත්ව අැත්තේ දූෂිත ගජමිතුරන් අාරක්ෂා කරලීමේ දෙපිටකාට්ටු සහ දෙදෙනාතර තනි අතට නොව දෙපැත්තට කඹ අැදීමේ ප්රතිපත්තීන් අනුගමනය කරමින් පවතිනා බව දැන් දැන් පෙනෙන්නට අැති නිසාය.

එකිනෙකා තම පාට පක්ෂ නියායේ කඳවුරු බලය රැක ගැනීමේ බල අරගලය හමුවේ මුල සහ අරමුන අමතක කොට සෝභිත මාහිමිපානන්ගේ විරෝධය නොතකා ජනමත විචාරනය පසෙකලා පැවැත්වීමට යෝජිත එලෑඹෙන පලාත් පාලන මැතිවරනය ඉලක්ක කර සිදු කරනා දහම් ගැටදැයි මේවා යන්න විටෙක සැක පහලවේ.

කෙසේ වෙතත් කවුරු මොනවා කීවත් ජනපතිට පවතිනා තරම්වත් උවමනාවක් යහපාලනවාදී ප්රජාවගේ සහ සෝභිත හිමියන්ගේ අභිලාෂයන් ඉෂ්ඨ සිද්ධ කරලීමේ කිසිදු උවමනාවක් අවශ්යයතාවයක් අගමැති තුල නොමැති බව දැන් ඉතා පැහැදිලිය.

ඔහුට අවශ්යව අැත්තේ මේ කිසිවක් නාෙව දුසිම් ගනනින් රට හමුවේ පරාජය වී නායකත්වය පවා අභියෝගයට ලක්ව පක්ෂය තුල අසරනව කොටුවී සිටි පසුගිය වකවානුව තුල සරන ගිය මහින්ද සරනං ගඡ්චාමී අාරක්ෂා කරලීම සහ ලොක්කා සහ කෙරුමා වගේ වරෙක හිටපු ජනපතිනිය චනද්රිකාගේ වකවානුවක කෙටි කලක් අගමැතිව හිතුවක්කාර ලෙස අාණ්ඩු කල අාකාරයට දැනුදු වත්මන් ජනපතිගේ රුචි අරුචිකම් කිසිත් නොතකා අයෑම්ද මෑන් වගේ අාණ්ඩු කරමින් වැඩ පෙන්වීමට පමනි.

මොහුගේ බලකොටුවට අයත් කෘත්යාධිකාරී මණ්ඩලය පමනක් හැර ජනපති, ජනතාව සහ තම පක්ෂ සාමාජිකයින් කිසිවෙක් කොපමන දරදිය අැද තිබුනත් මොහුට වගේ වගක් හෝ කෘතගුණ ශීලීත්වයක්වත් අහලකවත් නැත.

සිතා සිටින්නේ දැන් තමන් අමරනීය අගමැති සහ අනාගතයේදී අමරනීය විධායක අගමැති කියාය.  (උනුවන තෙක් දිය සැලියේ.... කකුළුව රඟදෙයි එම දිය සැලියේ...

නමුත් විශ්වයේ හිඳිමින් මේ සියල්ල දෙස ඉතා සීරුවෙන් යුතුව බැලුම් හෙලමින් සිටිනා සෝභිත හිමියන්ගේ අාත්මයට කල හැකි දෑ පිලිබඳ මොහුට අවබෝධයක් නොතිබීම මොහුගේ සතර කේන්රය පාලු වුනු අවාසනාවයි.
======================================
කෙසේ වෙතත් රන්ජන් රාමනායක අසරනයා නිකුත් කර අැති (https://twitter.com/RamanayakeR/status/930865779972571136) ට්වීටර් පනිවිඩයේ සඳහන් 2017/11/15 එනම් අද දින එජාපයේ කෘත්යාධිකාරී මණ්ඩලයේ යෝජනා සම්මතය කාටවත් වැඩක් නැත. මේවා නුදුරු පලාත් පාලන මැතිවරනය ඉලක්ක කර එජාපවාදී ඡන්ද දායකයා රැවටීමට ප්රකාශිත සිරිකොත විහිළුය.

සම්මුතිවාදී රජයක් යැයි පවසන්නේ නම්... සාමයෙන් රැස්ව සාමයෙන් සාකඡ්චා කොට සාමයෙන් විසිර යන අගමැතිගේ ලෙච්ඡවී සංඛල්පය වචනවලට පමනක් සීමාවුනු පච බව මෙම ක්රියාවෙන්ද මොනවට පිලිබිඹු වේ.

මෙවන් වූ සුවිශේෂී තීන්දු තීරන පක්ෂක්ග්රාශීව ගත යුතු නොවේ. ජාතික අාණ්ඩුවේ සියළු පාර්ශව ඒකරාශීව ගත යුතු වැදගත් තීරන ඒක පාක්ෂිකව ගැනීමෙන් අන්යයන් කලකිරීමටත් අපහසුතාවයටත් පත්වනා බව මෙම මැටි අගමැතිටත් ගොබ්බයන් සපිරි කෘත්යාධිකාරයටත් නාෙවැටහුනේ මුන්ගේ සැමදාමත් පවතිනා උද්දච්ච කම නිසා බව දන්නෝ දනිති.

කෙසේ වෙතත් වසර තුනකට අාසන්න කාලයක් කල් මර මරා සිටි ගජ මිතුරන් රකිනා නීතිය නවනා ප්රෝඩාව යලිත් පලාත් පාලන මැතිවරනය ඉලක්ක කොට ජනගත කරනා මෙවන් වූ වංචනික මාධ්යය සංදර්ශනවලට සබුද්ධික ජනයානම් නොරැවටේ.

සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධික ජනතාව සමග අවධානයෙන්
2017/11/17
======================================