Saturday, November 10, 2018

Silent Miracle Mission - ජනපතිඳුන්ගේ අද්විතීය නිහඩ මෙහෙයුම..! සිරිසේන ඇත්තටම ඇරියේ රනිල් ට ද???? මහින්ද ට ද???? උනුත් එකයි මුනුත් එකයි. සැමදාම ජනතාව පෙලනා තක්කඩියන් ජනතා අධිකරනය හමුවට නැවත පැමිනවූ ජනපතිඳුන්ගේ අද්විතීය නිහඬ විප්ලවය. https://sobithawathara.blogspot.com/2018/11/facebook.html සෝභිතාවතාර විශ්වයේ සිට.. 2108/11/11 - අළුයම 02.00 ට

 Silent  Silent  Silent  Silent  Silent 
 Miracle Mission /  Miracle Mission /  Miracle Mission 
සිරිසේන ඇත්තටම ඇරියේ, 
 රනිල් ට ද????  මහින්ද ට ද????  
Silent Miracle Mission - ජනපතිඳුන්ගේ අද්විතීය නිහඩ මෙහෙයුම..!
සිරිසේන ඇත්තටම ඇරියේ රනිල් ට ද???? මහින්ද ට ද????
උනුත් එකයි මුනුත් එකයි. සැමදාම ජනතාව පෙලනා තක්කඩියන් ජනතා අධිකරනය හමුවට නැවත පැමිනවූ ජනපතිඳුන්ගේ අද්විතීය නිහඬ විප්ලවය.
https://sobithawathara.blogspot.com/2018/11/facebook.html
සෝභිතාවතාර විශ්වයේ සිට..
2108/11/11 - අළුයම 02.00 ට 

ඉහත Facebook අදහසට ගැඹුරින් දර්ශනයක්... සෝභිතාවතාර විශ්වයේ සිට...
2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ නිසල දේහය අභියස සපත කල පොරොන්දු දිවි අැති තෙක් කඩ කරන්නට පොදු අපේක්ෂක වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් හට කිසිසේත් කල හැක්කක් නොවන්නේමය.

එසේ කලහොත් උන්වහන්සේ නිසා රටේ නායකත්වයට නැතහොත් ප්රධාන පුරවැසියා තනතුරට ඔසවා තැබූ ජනපතිඳුන් හට තම අරමුන මෙන්ම සිහිනය යථාර්තයක් වන තුරු නිවනටවත් නොපිවිස විශ්වයේ වැඩ වසන සෝභිතාවතාරයේ ශාපයෙන් මිදිය හැකි වන්නේද නැත.

එම නිසා ඔබ අප කොයි කවුරුත් ජනපතිඳුන් හට කුමනාකාරයේ විවේචන ඉදිරිපත් කලද ඔහු ගෙන අැති තීන්දු සියල්ලම 62 ලක්ෂයක් සබුද්ධික දේදුනු ජනතාවගේ පැත්තෙන් කිරා මැන බලනා කල සාධාරනීය කල හැකි තත්ත්වයක් නැතිව නොවේ යැයි යන්න සෝභිතාවතාරයේ මතය උවත් සුවහසක් ජනී ජනයා මින් සෝභිතාවතාරයටද දෙස් දෙනු නොඅනුමානය.

නමුත් සෝභිත හිමියන්ගේ ජාති,අාගම්,කුලමල සියළු භේදයන්ගෙන් තොර වූ සැමට එකසේ සාධාරන මානවවාදී සදහම් දර්ශනය සහ අාත්මය හදවත අරක් ගෙන අැති අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර නිරන්තරවම ඉතාමත් මැදිහත් උපෙක්ෂා සහගත සිතින් යුක්තව ගැඹුරින් විශ්ලේෂනය කොටගෙන ද්වේශයෙන් සහ වෛරයෙන් තොරව පවතින වාතාවරනයන් හට සාපෙක්ෂව වයසටද ජීවන අත්දැකීම් වලටද ගැලපෙනා බහුශෘත භාවයෙන් යුක්තව සුවිශේෂී කරුනු කාරනා නිර්පාක්ෂිකවද, නිර්දේශපාලනිකවද තුලනය කර ගන්නා බැවින් එකී අදහස මෙසේ විග්රහ කල හැකිව අැත.

එය හරිද.. වැරදිද... ගත යුත්තක් අැත්ද... නැත්ද... යන්න තීරනය කිරීම සමාජ අධිකරණය වෙත පැවරෙනා වගකීමක් උවත්.... මෙතුලින් ගත හැකි යම් යම් නිර්නායකයන් තුලින් පවතිනා නිමක් නොමැති මෙම අරාජික දේශපාලනයට තිත තබන්නට හේතුවක් කරගත හැකිනම් සෝභිත හිමියන් හට නිවන් දකින්නට ඒ පිනම සෑහෙනු අැත. සාදූ.. සාදූ... සාදූ....
===========================================
 Silent  Silent  Silent  Silent  Silent 
 Miracle Mission /  Miracle Mission /  Miracle Mission 
පැහැදිලිවම සිරිසේන කෙලල අැර අැත්තේ මුන් දෙන්නාටමය.


තමාගේ සහ අඹු දරුවන්ගේ දිවි පරදුවට තබා, ජනතාව ඉදිරියේ දිව්රා, සෝභිත හිමිගේ සහ හිතැති දේශපාලනික සහෘදයින්ගේ දහසක් බලපෑම් ඉවතලිය නොහැකිව දශක 5 ක් දිවිය පුරා ලද දේශපාලනික පන්නරය සහ කටුක අත්දැකීම් තුලින් දිවි පූජා කොට හෝ රටට ජනතාවට කිසියම් සෙතක් ශාන්තියක් අස්වැසිල්ලක් උරුම කොට දෙන්නට කිසිසේත් අත්නොහල හැකි තම පක්ෂය පවා පසෙකලා පෙරට තැබූ පය කිසිසේත් අාපස්සට නොගනිමියී යන අධිෂ්ඨානයෙන් යුතුව...

දිවිය පුරාම එක පතේ බුදිමින් සිටි දේශපාලනික සොයුරු සොයුරියන් බහුතරයකට පිටුපා කාලාන්තරයක් මහත් අප්රසාදයෙන් යුතුව බලා සිටි තම මව් පක්ෂයේ සමහර නායකකාරකාදීන් සහ ඔවුන්ගේ සනුහරයද අනුගාමික ගාේලබාල රොත්තද ඉවක් බවක් නොමැතිව සහ රටේ ජනතාව කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොමැතිව රට විනාශ මුඛයට තල්ලු කරවමින් පවත්වාගෙන ගිය දූෂන භීෂන සහ අක්රමිකතා සියල්ල දුරලන්නට ජනතාවාදී වෙන්නට සිතූ පොදු අපෙක්ෂකයා වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ ඒ උදාරතර සෝභිත සිහිනය උපන් ගෙයිම කඩා ඉහිරෙන්නට ගත වූයේ හෝරා ගනනාවක් පමනි.

අාපු ගමන් පුදපි යකා කියා හාපුරා කියා පත් කල අගමැති තම හිතුවක්කාර තීරනය මත සිංගප්පුරුවේ දිවි ගෙවමින් සිටි මිතුරෙකු ජාතියේ හදවත වූ මහ බැංකුවේ අධිපති පුටුවෙහි වාඩි කරවූයේ ඔහු සම්බන්ධයෙන් සියළු වගකීම් තමන් බාර ගන්නවා යැයි වහසි බස් දොඩමිනි.

සිදුවූයේ කුමක්දැයි විග්රහ කිරීම අවශ්යය නොවන්නේ සිදු වූ සියල්ල මේ වන විට රටේ සමස්ථ ජනතාවටම නොරහසක් නොවනා නිසාය.

නමුත් දැන් වගකිවයුත්තෝ ඒ සම්බන්ධයෙන් රටට ජනතාවට දැනෙනා ලෙස ගෙන අැති ක්රියා මාර්ග කවරේද...

බැදුම්කර මගඩි සිදුවී අැත්තේ මහින්ද රාජපක්ෂ යුගයේ අජිත් නිවාඩ් කබ්රාල් අධිපතිව සිටි වකවානුවේ සිට යැයි කියා ප්රශ්නය සාමාන්යය කරනය කරවමින් අැගබේරා ගැනීමට උත්සාහ කිරීම සහ අර්ජුන් මහේන්ද්රන් හට නිරුපද්රිතව මෙරටින් පැන යන්නට ඉඩ සැලසීම මගින් ජනතාව අවබෝධ කොට ගත යුත්තේ කිමෙක්ද..!

උනුත් එකයි... මුනුත් එකයි... ඒ නිසා තොපි දෙගොල්ලෝම අපිට දැන් තිත්තයි කියා ජනතාවට මේ වන විට අවබෝධ වී තිබීම අරුමයක්ද..!
 Silent  Silent  Silent  Silent  Silent 
 Miracle Mission /  Miracle Mission /  Miracle Mission 

රියල් බිස්නස් කාරයෙක් වන අැලෝෂියස් සිදු කර අැත්තේ වරදක්ද... 

තමන්ගේ ගෝත්රික නායකයා ජේඅාර්ගේ ගැහැනියක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගැහැනියක් කරන්නත් පමනක් බැරි (වර්තමාන දේශපාලනයේ ඒ බැරිව තිබූ දෙයද සිදුවෙමින් පවතී) අන් සියළු සකල දෑ ඌරු කටයි, බූරු පිටයි පමනක් අැත්නම් සිදුකල හැකි බඩගෝස්තරවාදී ජනතාවකගේ තකතීරුකමින් බිහිවූ මෙම පාදඩ ව්යවස්ථාව පාරාවලල්ලක් වීම නිසා වසර ගනනාවක් දිගින් දිගටම සිදුවූ අන්ත පරාජයන්ගෙන් බංකොලොත්ව සිටි ගෝල බාල රොත්ත චන්ද වියදම් සඳහා යැයි කියා ලබා දුන් අනුග්රාහක චෙක් පත් වලින් නිද්රාවට පත් කරන්නට නල්ලමලේ අැලෝෂියස් බෑණා යසට සැලසුම් කර තිබිනි.

අැලෝෂියස්ගේ (මාවලස්) දහම් ගැට හමුවේ තමන් කෙතරම්
අසරන වී අැත්දැයි එජාප අධූෂිත අාධුනිකයින් වටහා ගන්නා විට කෝච්චිය තමන් පසු කර බොහෝ දුර ගොස් හමාරය.

මැදමූලන කඳවුරේ සිටිමින් මහින්දගේ වටිනා දේශපාලන දිවිය අරාජික කල සුවහසක් නූගත් රස්තියාදුකාර පාදඩ ගති අැති පට්ටා හොරු හමුවේ රෝයල් කඳවුරේ සිටි සුළුතරයක් වූ උගත් වැදගත් අදූෂිත මෙන්ම ඉතාමත් මහත්මා ගති අැති යම් යම් අයට රනිල්ගේ යාළුවා අර්ජුන්ගේ බෑණා අැලෝෂියස්ගේ අනුග්රාහක චෙක් පත් නිසා සිදු වූ සන්තෑසිය ප්රතිරූපයට සිදුවූ විනාශය සම්බන්ධයෙන් සෝභිතාවතාර ඉතාමත් කණගාටුවට පත් වූ බව කිව යුතුව අැත. දැන් ඉතින් කොරන්නට කිසිම දෙයක් ඉතිරිව නොමැත. අස්සයා පැන ගියාට පසු සැදෑලය වසා පලක් නොමැත. නුඹලා සැමටම ලද සියළු මහඟු අවස්ථාවන් නුඹලා විසින්ම විනාශ කර දමා අැත.

දශක ගනනාවක් මේ රටේ අහිංසක මිනිසුන්ගේ වටිනා ජීවිත නුඹලාගේ අක්ඥාණවන්ත කමත්, බල පොරයත්, තක්කඩි කමත් නිසා පරලව ගොස් අැත. කොල, නිල්, කුරහන් පාට දේශපාලනය පිලිබඳ බිඳුනු ජනතා සිත් සතන් නැවත ගොඩ ගන්නට යලි කිසිදා මෙම මජර දේශපාලන න්යාය පත්ර අතැති උන් හට නොහැකි වනු අැත.

ඒ අත්දැකීම් තුල තෙම්පරාදු උනු පීඩිත ජනතාවට තව දුරටත් තමන්ගේ ජීවිත පරල කල වහල් නායකයින් හට කඹුරන්නට තරම් මානසිකත්වයක් ඉතිරිව නොමැත. එමෙන්ම තම දරු මුනුපුරන් හටද මතු පරම්පරාවන් හටද ඒ ශාපයට ගොදුරු නොවන්නට කටුයුතු කිරීමට තරම් පන්නරයක් කාලයා විසින් ලබා දී තිබීම සොභාදහමේ මහිමයකි.
========================================================
අද මේ සිදුව අැති විනාශය එදා හැඳි මිටේ නුවනින් දුටු අභාවප්රාත්ත ලෝකයේ ප්රතම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රට සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්නට ලෝකයට අත නොපානා ණය නැති ජාතියක් බිහි කරන්නට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂනය කරන්නට සිතා ගත් අාරම්භක අවස්ථාවේ අඟහරුවාදා සහ සිකුරාදා බතල සහ මයියොක්කා අාහාරයට ගන්නට කිව්වා කියා එය දඩමීමා කර ගත් විවෘත අාර්ථිකය මෙරටට ගෙනැවිත් මේ රට අගාදයට අැද දැමූ ජේ.අාර්ගේ අැට අට පිනට ගන්නට තම අාත්මය බල්ලට දමා සහ මතු පරපුරම අගාදයට අැද දමමින් ලබා දුන් හයෙන් පහක අධි බලය සහ හිස් කොලවල අත්සන් කල නපුංසක මැති අැමති රොත්ත තම පයට පාගාගෙන ජේඅාර් සම්මත කර ගත් ඒ ඒකාධිපති විධායක බලැති ව්යවස්ථා ශාපය නිසා අද එය ගෙනා උන්ටම පාරාවලල්ලක් වී තිබීමද දෛවයේ තවත් සරදමකි.

සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ සාරි පොටේ පැටලී දේශපාලන තිඹිරි ගෙය අතික්රමනය කරමින් ප්රායෝගික දේශපාලනයෙන් පන්නරය ලබා මුහුකුරා ගිය වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් හට තවමත් ඒ ඉතිහාසය අමතක නොමැති නම්ද... කෘතගුණ හඳුනයිනම්ද... මානව දයාව හදවත ස්පන්දනය කරවයිනම්ද.. තමන් හා සිපිරි ගෙයි එකට විසූ හිතුමතේ ජීවිතේ සිරකරුවා පසුගියදා මාධ්යය හමුවේ දොඩමලුව පැවසූ ජනාධිපති තුමාත් ජේවීපී කාරයෙක් යන්න සත්යයනම්ද... ජේවීපී කාරයෙක්ව සිටියේම මානවවාදී දර්ශනයක් තුල තරුණ අවධියේ සිටම පසුවූ නිසානම්ද...

අවි දස දහසක් පරයන අත අැති විධායක බලය පාවිච්චි කොට චිරාත් කලක සිට තම හද පත්ලේ සැඟව තිබූනා වූද... සෝභිත හිමියන්ගේ නිසල දේහය අභියස සපත කලා වූද... සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනයත්... එදා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය අතින් ගිලිහී ගිය තැන් සිට ලෝකෙට ණය නැති අභිමානවත් රටක් ජාතියක් බිහිකරලීම පවතිනා සියළු දේශපාලනික ගැටළු නියත ලෙසම සමාප්ත කරලිය හැකි යාවත්කාලීනික අාරම්භයක් ගෙන පැවති කිසිදු නායකයෙකු අත්කර නොගත් භක්තියක්, ගෞරවයක්, නමස්කාරයක්, අාශිර්වාදයක් සහිතව විශ්රාම ගත වන්නට අැත්නම් රාජ්‍යය නායකයෙකු හට ලගු වන්නට වෙනත් කාරනා මෙලොව පැවතිය හැකිද...!

එහෙයින් සෝභිතාවතාර වරින් වර මාධ්යය ප්රජාවත් පොදු මතිමතාන්තර සමගත් ඒකාබද්ධව විවිධ විවේචන පල කලද තවමත් විශ්වාස කරන්නේ දහසක් අපවාද මධ්යයේ නොසැලී අභීතව ඔබතුමා සිදුකල මෙම මරාගෙන මැරීමේ අති ගැඹුරු මිරැකල් විප්ලවය දුක් විඳින සුවහසක් ජනතාව වෙනුවෙන් සිදුකල සෝභිත සංග්රාමයක් බවයි.

මේ වන විට ජනාධිපති තුමා ගෙන අැති තීන්දු තීරන ව්යවස්ථා විරෝධී උවත් බල ලෝභී දේශපාලනික තක්කඩියන් සහ සොර දෙටුවන් බල අරගලයක යෙදෙමින් දිගින් දිගටම රටත් ජනතාවත් තව තවත් අඳුරේ ගිල්වමින් අත්තනාේමතිකව කටයුතු කරයි නම්ද.. සම්මුතියෙන්.. සාකච්ඡාවෙන්.. සහජීවනයෙන්.. තව දුරටත් රාජ්‍යය පාලනය ගෙන යාම අසීරුනම්ද.. දුර දක්නා පරිනත නායකයෙකු තම අනුගාමිකයින් පසෙකලා රටේ ජනතාව ප්රමුඛ කාරනය ලෙස සැලකීම සෝභිතාවතාර අනුමත කරයි.

පාර්ලිමේන්තුව තුල ඔලුගෙඩි විකිනෙයි නම්ද.. ජනතාවගේ කරමතින් රටේ උත්තරීතරීතරම අායතනය වෙත පියමං කල පසු ඒ ජනතාව අමතක කර කටයුතු සිදු කරයි නම්ද.. උදාරතර උපායශීලී ප්රබුද්ධ නායකයෙකු ජනතා පරමාධිපත්යයට ප්රමුඛත්වය ලබා දෙමින් තක්කඩියන්ගේ සියළු උපාය මාර්ගයන් සුනු විසුනු කරලමින් බලහත්කාරයෙන් හෝ කපටි කමින් හෝ නැවතත් ජනතා අධිකරණය හමුවට සොර දෙටුවන් සියල්ල සපැමිනවීම ජනතාව වශයෙන් කිසිසේත් නොසලකා නොහැරිය යුතු වූද... මැනවින් අවබෝධ කොට ගත යුතු වූද... මින් පෙර නොවූ විරූ දේශපාලනමය භාවිතාවක නායකත්ව ලක්ෂනයක් විදහා පෑමේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය හැක මෙය...! එමෙන්ම එය එසේම වේවායි සියළු ජනතාවගේ ප්රාර්ථනයද කරමු..!
 Silent  Silent  Silent  Silent  Silent 

 Miracle Mission /  Miracle Mission /  Miracle Mission 
නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට...
2018/11/11 අළුයම 2.00 ට




Silent Miracle Mission - ජනපතිඳුන්ගේ අද්විතීය නිහඩ මෙහෙයුම..!
සිරිසේන ඇත්තටම ඇරියේ රනිල් ට ද???? මහින්ද ට ද????
උනුත් එකයි මුනුත් එකයි. සැමදාම ජනතාව පෙලනා තක්කඩියන් ජනතා අධිකරනය හමුවට නැවත පැමිනවූ ජනපතිඳුන්ගේ අද්විතීය නිහඬ විප්ලවය.
සෝභිතාවතාර විශ්වයේ සිට.. 2108/11/11 - අළුයම 02.00 ට 
========================================================================

2018/11/11 - දින රාත්රියේ ජනාධිපතිවරයා ජනතාව අමතා සිදුකල විශේෂ ප්රකාශය.

Nov11

අද (11) රාත්‍රී ජනපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එය පදනම් වූයේ තමා පසුගිය 9 සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මුල්වූ හේතු පැහැදිලි කිරීමටය.

එහිදී ජනපතිවරයා මෙයට හේතු 2 ක් බලපෑ බව කියා සිටියේය. පළමුවෙනි හේතුව නම් තමා අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් කළ පසුව පාර්ලිමේන්තුව තුළ බහුතරය තුළින් එම තීරණය පරාජයට පත්කිරීමට උත්සාහයක් තිබූ බව හා එහිදී මුදලට මන්ත්‍රීවරුන් බිලිබාගෙන බහුතරය සකසා ගැනීමේ සදාචාර විරෝධී කටයුත්තක් සිදුවන්නට යන බවට තමාට ඉව වැටීම බව කියා සිටියේය.

දෙවැනි හේතුව ලෙස 

තමාට මුලදී පක්ෂපාතී ලෙස කටයුතු කළ හිටපු කතානායක කරු ජයසූරිය මහින්දට පාර්ලිමේන්තුවේ අගමැති ආසනයක් හා පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලය ලබාදීමට එකඟ වුවද දෙවැනි වරට එවූ ලියුමේ ඒවා ප්‍රතික්ෂේප කර හිටපු අගමැතිවරයාට පහසුකම් සියල්ල දෙන බවට දන්වා සිටි බවත් මේ නිසා විධායකය හා ව්‍යවස්තාදායකය අතර නොපෑහීමක් මතුවුණ බවත් පෙන්වා දුන්නේය.

එසේම ලැබී තිබුනු ආරංචි අනුව තිබුණ උණුසුම අනුව 14 දා පාර්ලිමේන්තුව පැවැත්වූයේ නම් මන්ත්‍රීවරුන් අතර ගැටුමක් හා දෙතුන් දෙනෙකු මියයාමට ඉඩ තිබූ බවත් ප්‍රකාශ කළේය.

ඒ සියලු තත්වයන් සලකා ජනතාවට නියම නායකයින් තෝරාගැනීමට ඉඩ තබා පාර්ලිමේන්තුව විසුරුවා හළ බව ඔහු කීය.

ඉදිරි මැතිවරණ කාලය තුළ අගමැති හා කැබිනට් ඇමතිවරුන්ට හැර කිසිදු අයෙකුට රාජ්‍ය දේපළ පරිහරණයක් කළ නොහැකි බවත් මන්ත්‍රීවරු නියෝජ්‍ය අමැතිවරු හා රාජ්‍ය ඇමතිවරු දේපළ පරිහරණය කරන බවට තොරතුරු තිබේනම් දන්වන ලෙසත් ජනපතිවරයා ඉල්ලීමක් කළේය.
https://www.gossiplankanews.com/2018/11/maithripala-statement.html


====================================================================================================================

Silent Miracle Mission - ජනපතිඳුන්ගේ අද්විතීය නිහඩ මෙහෙයුම..!
සිරිසේන ඇත්තටම ඇරියේ රනිල් ට ද???? මහින්ද ට ද????
උනුත් එකයි මුනුත් එකයි. සැමදාම ජනතාව පෙලනා තක්කඩියන් ජනතා අධිකරනය හමුවට නැවත පැමිනවූ ජනපතිඳුන්ගේ අද්විතීය නිහඬ විප්ලවය.
සෝභිතාවතාර විශ්වයේ සිට..
2108/11/11 - අළුයම 02.00 ට

==================================================================================================================== 

Friday, November 9, 2018

ජනපති මෛත්‍රී නොපැමිණි තෙවැනි සෝභිත හිමි සමරුව - සමගින්ම ද්රෝහී රොත්තේ අවසානය උදාවෙයි - 2018/11/08 ============================================= 2020 පොදු අපේක්ෂකයා සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්යාපාරයේ කැඳවුම් කරු මහාචාර්යය සරත් විජේසූරිය...! සබුද්ධික තේරීම් කමිටුව වෙත යොමු කල වගයි. https://sobithawathara.blogspot.com/2018/11/2015-08-httpswwwfacebookcomstoryslvideo.html නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට අවසන් මහ සැලසුම ප්රතිසංසෝධනය කරයි. - 2018/11/08

====================================================================
ජනපති මෛත්‍රී නොපැමිණි තෙවැනි සෝභිත හිමි සමරුව - සමගින්ම ද්රෝහී රොත්තේ අවසානය උදාවෙයි 
2018/11/08
==============================
2020 පොදු අපේක්ෂකයා සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්යාපාරයේ කැඳවුම් කරු මහාචාර්යය සරත් විජේසූරිය...! සබුද්ධික තේරීම් කමිටුව වෙත යොමු කල වගයි.
https://sobithawathara.blogspot.com/2018/11/2015-08-httpswwwfacebookcomstoryslvideo.html
නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට අවසන් මහ සැලසුම ප්රතිසංසෝධනය කරයි.
2018/11/08
======================================================================
Nov09

ජනපති මෛත්‍රී නොපැමිණි තෙවැනි සෝභිත හිමි සමරුව - සමගින්ම ද්රෝහී රොත්තේ අවසානය උදාවෙයි - 2018/11/08

https://www.gossiplankanews.com/2018/11/sobhitha-thera-third-memo.html
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වී ඊයේ (08) දිනට වසර තුනක් සම්පූර්ණ විය. 'සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය' ගෙන එමින් පැවති රජයේ අඩුපාඩු විවේචනය කර 2014 ජනපතිවරණයට පොදු අපේක්ෂකයෙකු හඳුන්වාදුන් උන් වහන්සේ
එම බලාපොරොත්තු සඵලවීමෙන් පසු සතුටට පත්වූ නමුත් අවසන් කාලයේ තමන් අපේක්ෂා කළ ආකාරයට වෙනස් වූ දේවල් සිදුවීම ගැන කළකිරී සිටියහ. කලක් රෝගාතුරව සිට2015 නොවැම්බර් 08 වැනිදා සිංගප්පූරුවේදී අපවත් වූහ.

අපවත්වීමෙන් පසු 2016 වසරේදී පළමු ගුණ සමරුව යහපාලන ප්‍රධානීන්


ඉහළින් සිදු කරන ලදි. දෙවන ගුණ සමරුව පැවති පසුගිය 2017 වසරේ  බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රය‍ෙ සෝභිත හිමි ස්මාරකයක් ඉදි කරන ලද අතර

එම උත්සවයට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන , එවක අගමැති රනිල් වික‍්‍රමසිංහද සහභාගී වූහ. ඊට සමගාමීව කොළඹ 07, නෙළුම් මාවතේ පිහිටි නව නගර ශාලාවේදී පසුගිය වසරේ පැවති සමරු දේශන අවස්ථාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන පැමිණ විශේෂ කතාවක්ද කළේය.

කෙසේ වෙතත් ඊයේ (8) නව නගර ශාලාවේදී පැවති සෝභිත හිමියන්ගේ 3 වන ගුණ සමරුවට ජනපති පැමිණියේ නැත.  කථානායක කරු ජයසූරිය , හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග එය එක්ව තිබුණි. සමරු දේශනය පැවැත්වූයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා විසිනි.
මේ අතර ඊයේ උදෑසන අපේගම පරිශ්‍රයේ පිහිටි සෝභිත හිමියන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වන්නට ඇමති විජයදාස රාජපක්ෂ හා ඇමති දිනේෂ් ගුණවර්ධන එක්වූ බව වාර්තාවී තිබුණි.

ඡායාරූප - ජූඩ් ඩෙන්සිල් පතිර
========================================

ජනපති මෛත්‍රී නොපැමිණි තෙවැනි සෝභිත හිමි සමරුව - සමගින්ම ද්රෝහී 

රොත්තේ අවසානය උදාවෙයි - 2018/11/08

2020 පොදු අපේක්ෂකයා සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්යාපාරයේ කැඳවුම් කරු මහාචාර්යය සරත් විජේසූරිය...! සබුද්ධික තේරීම් කමිටුව වෙත යොමු කල වගයි.
https://sobithawathara.blogspot.com/2018/11/2015-08-httpswwwfacebookcomstoryslvideo.html
නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට අවසන් මහ සැලසුම ප්රතිසංසෝධනය කරයි.
2018/11/08



2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ තෙවස් පූර්න ගුණ සැමරුමේදී පොදු අපේක්ෂක වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ජාති ද්රෝහියාව නිරුවත් කළ සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්යාපාරයේ කැඳවුම් කරු මහාචාර්යය සරත් විජේසූරිගේ අරුම පුදුම කතාව - ලංකාවේ සියලු දෙනා ඇසිය යුතු සත්‍යයේ දෝංකාරය... https://www.facebook.com/storysl/videos/2267443906659668/ සෝභිතාවතාර උදහසින්... 2018/11/08

2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ තෙවස් පූර්න ගුණ සැමරුමේදී පොදු අපේක්ෂක වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ජාති ද්රෝහියාව නිරුවත් කළ සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්යාපාරයේ කැඳවුම් කරු මහාචාර්යය සරත් විජේසූරිගේ අරුම පුදුම කතාව - ලංකාවේ සියලු දෙනා ඇසිය යුතු සත්‍යයේ දෝංකාරය... https://www.facebook.com/storysl/videos/2267443906659668/ 
සෝභිතාවතාර උදහසින්...
2018/11/08

සෝභිතාවතාර විශ්වයේ සිට....

පොරොන්දු කඩ කිරීමට පෙර එදා...

පොරොන්දු කඩ කඩකල පසු මෙදා...

Thursday, November 8, 2018

2015 ජනවාරි 08, අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ සැබෑ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ නිසල දේහය අභියස ඔබ සපත කල පොරොන්දුව කිසි ලෙසකින්වත් කඩ නාෙකරනු අැතැයි උන් වහන්සේගේ තෙවැනි ගුණ සමරුව යෙදී අැති අද දින වත්මන් ජනපතිඳුන්ගෙන් නැවත නැවතත් අපේක්ෂා කරමි. සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා. 2018/11/08

Nov08
රට තුළ සාධාරණ සමාජයක් ‍පිහිටුවීම වෙනුවෙන් ඇප කැප වී සිටියදී අපවත්වු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත
නායක හිමියන්ගේ තෙවන ගුණ අනුස්මරණය අද දිනට යෙදී තිබේ.
https://www.gossiplankanews.com/2018/11/sobhitha-thera-memo.html
==========================================================
හිටපු යමපාලකයිනුත් පැමිනි යහපාලකයිනුත් දිගින් දිගටම සිදුකල ජනතාවාදී නොවනා අත්තනාේමතික ක්රියා කලාපයන් සහ දූෂණ අක්රමිකතා සියල්ල ඉතාමත් නුදුරු අනාගතයේ සිදුවන්නට නියමිත ටෙලිපති සැලැස්මක ප්රතිඵලයක් ලෙස....

ක්ෂනිකව බිහි වන්නා වූ දේශපාලනික සුනාමියන් තුලින් සුන්නත්දූලි වී යාම පිනිස‍ දහසක් නින්දා අපහාස මධ්යයේ ජනපතිඳුන් විසින් සිදුකල වත්මන් දේශපාලනික ව්යාකූල තත්ත්වය අමරනීය වූ විපරීත ගැටයක් බව තවමත් සෝභිතාවතාර විශ්වාස කරයි.

හිතුමතේ ජීවිතේ සිරකරුවා මාධ්යය ඉදිරියේ පැවසූ පරිදි වත්මන් ජනපතිඳුන්ද ජේවීපී කාරයෙකුව සිටි යුගයකදී තමන් හා එක සිර මැදිරියේ විසූ බව...

සත්යයනම්ද.. මේ රට කිසියම් විප්ලවකාරී අාකාරයෙකින් හෝ නිසි මගකට ගැනීමට සත් භාවයෙන් යුතු හැඟීමක් තවමත් යටි සිතේ හෝ පවතීනම්ද...

ඒ සඳහා ජනපතිඳුන් හට තවමත් කාලය ඉතිරිව අැති බව සෝභිතාවතාරයේ විශ්වාසයයි.

එම නිසා 2015 ජනවාරි 08, අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ සැබෑ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ නිසල දේහය අභියස ඔබ සපත කල පොරොන්දුව කඩ නාෙකරනු අැතැයි උන් වහන්සේගේ තෙවැනි ගුණ සමරුව යෙදී අැති අද දින වත්මන් ජනපතිඳුන්ගෙන් නැවත නැවතත් අපේක්ෂා කරමි.

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා.
2018/11/08

=============================================
හිතුමතේ ජීවිතේ සිරකරුවා මාධ්යය ඉදිරියේ පැවසූ තම ජීවිත කථා...
https://www.youtube.com/watch?v=_n43s-ipCXw



Monday, November 5, 2018

විධායක බලය පාවිච්චි කොට රැඩිකල් තීන්දුවක් ගෙන වත්මන් ජනපති රට නිසි මගට ගැනීමට කල්පනා කරනවා නම් කළ යුතු වන්නේ පක්ෂ දේශපාලනය තුළ කොටු වීම හෝ ගෝත්රික වාදී වීම නොවේ. ලද අවස්ථාව ප්‍රයෝජනයට ගෙන අපත්වී වදාළ දේදුනු විප්ලවයේ නියමුවානෝ මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ගේ දේහය අභියස සපථ කළ පොරොන්දු ඉටු කරමින් ප්රතමයෙන් තමන් නිර්පාක්ෂික වී පාර්ලිමේන්තුවේ 225 තුළ සිටින රටට ආදරය ඇති අදූෂිත පක්ෂ බේදයෙන් තොර ඕනෑම අයෙකුට නවමු බලවේගයකට ඒකරාශී වන ලෙස විවෘත ආරාධනාවක් කිරීමයි. ඉන් පරිභාහිරව සිදු වන වෙනස්කම් කිසිවකින් රටටත් ජනතාවටත් කිසිම පලක් සිදු නොවේ. sobithawathara.blogspot.com නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට...

විධායක බලය පාවිච්චි කොට රැඩිකල් තීන්දුවක් ගෙන වත්මන් ජනපති රට නිසි මගට ගැනීමට කල්පනා කරනවා නම් කළ යුතු වන්නේ පක්ෂ දේශපාලනය තුළ කොටු වීම හෝ ගෝත්රික වාදී වීම නොවේ.

ලද අවස්ථාව ප්රයෝජනයට ගෙන අපත්වී වදාළ දේදුනු විප්ලවයේ නියමුවානෝ මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ගේ දේහය අභියස සපථ කළ පොරොන්දු ඉටු කරමින් ප්රතමයෙන් තමන් නිර්පාක්ෂික වී පාර්ලිමේන්තුවේ 225 තුළ සිටින රටට ආදරය ඇති අදූෂිත පක්ෂ බේදයෙන් තොර ඕනෑම අයෙකුට නවමු බලවේගයකට ඒකරාශී වන ලෙස විවෘත ආරාධනාවක් කිරීමයි.

ඉන් පරිභාහිරව සිදු වන වෙනස්කම් කිසිවකින් රටටත් ජනතාවටත් කිසිම පලක් සිදු නොවේ.
sobithawathara.blogspot.com
නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට...



Sunday, November 4, 2018

අරාජිකව ඇති රටක් දිවි පරදුවට තබා වෙනස් කරන්නට කැප වී ඇති පුතෙකු බිහි කළ ලෝකෝත්තරව ආධ්‍යාත්මික සුවය පැතූ අබාවප්‍රාර්ථ විප්ලවකාරී ඊනිවුස් ප්‍රධාන කර්තෘ සඳරුවන් සහෘදයාගේ සදහම් මැණියන් හට හැට දෙලක්ෂයක් ඌ සබුද්ධික ජනතාව වෙනුවෙන් නිවන් සුව පතමු / සෝභිතාවතාර / 2018-11-04

අරාජිකව ඇති රටක් දිවි පරදුවට තබා වෙනස් කරන්නට කැප වී ඇති පුතෙකු බිහි කළ ලෝකෝත්තරව ආධ්‍යාත්මික සුවය පැතූ අබාවප්‍රාර්ථ විප්ලවකාරී ඊනිවුස් ප්‍රධාන කර්තෘ සඳරුවන් සහෘදයාගේ සදහම් මැණියන් හට හැට දෙලක්ෂයක් ඌ සබුද්ධික ජනතාව වෙනුවෙන් නිවන් සුව පතමු.
සඳරුවන් සහෘදයාණනි, මවගේ දේහයට ගරු බුහුමන් දක්වන්නට විදෙස් රට සිට මව් රටට ඔබට එන්නට හැකි වුවත්... නොහැකි වුවත්... ඔබ වෙනුවෙන් ඒ යුතුකම අප ඉටුකරන්නෙමු.
අපවත්වී වදාළ සෝභිත මාහිමිපාණන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්‍රජාව වෙනුවෙන් ආතුරයා සත්පුරවැසියා.
sobithawathara.blogspot.com
අඩවියට පිවිස කඳවුරු බැඳලා අප සැම එකමුතුව දූෂිතයින්ගෙන් ගලවා මේ රට කෙසේ හෝ වෙනස් කර අනාගත පරපුරට දායාද කරමු.
2018/11/04

ලංකා ඊ නිව්ස් ප්‍රධාන කර්තෘගේ මව අපවත් ‌වේ
(ලංකා ඊ නිව්ස් -2018.නොවැ.04, ප.ව.8.10)