Monday, March 8, 2021

පවතින ගෝලීය දේශපාලන ක්‍රමය වැරදියි..



දශක ගණනාවක් පුරා එකම රටක.. එකට වෙසෙන සමස්ත ජාතියම පාට පක්ෂ හණමිටි දේශපාලනයෙන් හෙම්බත් වී සිටියා ඇති දැන්. එයින් සෙතක් ශාන්තියක් සිදුවූවා නම්.. ඒ ගජමිතුරු දේශද්රෝහී සීමිත කල්ලියකට පමණි.. ආත්මාර්ථයේ හිනිපෙත්තට සපැමිණි.

පවතින වැරදි දේශපාලන ක්රමය වෙනස් කරන්නට යැයි සිතා ඒ පීඩිත ජනතාවම යළි යළිත් කල්ලි ගැසී වෙනත් වෙනත් සංවිධාන විවිධ නාමයන්ගෙන් පටන්ගෙන කෝටු කැබලි ලෙස තැන තැන පැවතීමෙන් ඉලක්කගත අරමුණ ජය ගැනුම වෙනුවෙන් කිසිදු පලක් කාටවත් ඇති නොවේ. එසේ හෙයින්..

නිසි ඉලක්කයට විදිමත් ලෙස නාභිගත වන්නට නම්.. ඉතින්වත්.. ගැඹුරින් සිතා බලා.. ඉතාමත් නිහතමානීව පරාර්තකාමී වී සියලුම කෝටු එක මිටියකට ගෙන ඒමට සැවොම සමත් විය යුතුය. නොඑසේව කිසිදා පවතින ක්රමය වෙනස් කිරීම වෙනුවෙන් කිසිදු සාධනීය වටපිටාවක් ගොඩනගා ගත නොහැකි වනු ඇත.

එනිසා සියල්ලෝම දැන් අවසාන නිගමනවලට.. තීන්දු තීරණවලට එළැඹීමට කාලය උදා වෙමින් පවතී. සියලු සෑම සමස්ත සාමකාමී පුරවැසි ජනතාවගේ මහා බලයෙන් මෙවර ගොඩනගා ගතයුතු වන අවිහිංසාවාදී ජාතික වූද.. ගෝලීය වූද.. විප්ලවය රික්ත මාපකයේ 9.9 ක අගයක් ගන්නා තරමින් වන මුළු ලොවම ජන මනස සෙලවි යන අති දැවැන්ත භූදේශපාලනික *#සුනාමියක් විය යුතුය. නොඑසේව නුදුරු ලෝක විනාශය නවත්වා ගැනීමට වෙනත් විසඳුම් නොමැත.

එසේ ගොඩනගා ගන්නා මහජන ව්යාපාරය පවතින පාට පක්ෂ හණමිටි යල්පැන ගිය ජරාජීර්ණ දේශපාලන ක්රමවේදය අහෝසි කර දමන බවට රට හමුවේ ප්රකාශ කර ඒ වෙනුවෙන් ප්රබල ජන වරමක් ඉල්ලා සිටිය යුතු වේ. එවිට දේශීය ගෝත්රිකයින් හට හෝ භූ දේශපාලනික වශයෙන් හෝ කිසිවකුටත් කිසිවක් කළ නොහැකි වේ. රටේ බහුතර ජනමතයට බලපෑම් කිරීමට කිසිදු ජගතෙකුට කිසිදු අයිතියක් හෝ පුලුවන්කමක් නොමැත.

එවන් වූ.. "ධර්ම රාජ්ය මහජන සමූහාණ්ඩු කරන ව්යවස්ථා විප්ලවයක් වෙනුවෙන් ලැබෙන විජයග්රහණය 6/5 ක බලයක් නොව.. කිසිවකු තම ඡන්ද අයිතිය කුමන හේතුවක් නිසාවත් ප්රකාශ නොකර අත් නොහරින 99.99 වන තරම් අති විශාල ජන වරමක් වනු ඇත.

සතුරාට පවා හිතසුව පිණිස වන මෙවන් වූ මානවවාදී විජයග්රහණයක් වෙනුවෙන් කිසියම් ආකාරයක හෝ විරුද්දත්වයක් ප්රකාශනය වුවහොත් එසේ වන්නේ අතළොස්සක් වන දේශද්රෝහී ඡන්ද දශම ගණනාවකින් පමණි.

ජීවිතය යන්නෙහි ගැඹුර නොතේරෙන ඔවුන්ටද යථාර්ථය අවබෝධ කර දීමට අප සමත් විය යුතුය. ඒ ඔවුන්ද අපේ සහෝදර සහෝදරියන් නිසාය. එවන් ලෙස සාමූහිකව ජාතියක් ලෙස.. මුළු මහත් ලෝකයටම පරමාදර්ශීව.. මනුෂ්යත්වයේ නාමයෙන් විශ්ව ගම්මාන සංකල්පයටද නව මුහුණුවරක් දෙමින්.. භූදේශපාලනික ප්රතිපත්ති ලොවටම හඳුන්වාදී.. විජයග්රහණයක් අත්පත් කර ගනිමින්..

එවන් මානවවාදී ආධ්යාත්මික බලයක් ලබන "අපි වෙනුවෙන් අපි" ජනතාවට මෙතුවක් කල් අපෙන් උදුරාගෙන සිටි අපේ "පරමාධිකාරී" බලය යලි අප සතු කරගත හැකි වනු ඇත.

100% ක් අවිහිංසාවාදී විප්ලවයකින් එවන් විජයග්රහණයක් අත්කර ගත හැකිවනු ඇත්තේ දේශපාලනික වශයෙන්.. සමාජීය වශයෙන්.. පුරවැසියන් වශයෙන්.. එකී විප්ලවයට සම්බන්ධ වන සියලුම දෙනා සියයට සියයක් හදවතින්ම සහ භෞතිකවම පාට පක්ෂ දේශපාලනයෙන් අත් මිදී සම්පූර්ණයෙන්ම *#නිර්පාක්ෂික නම් පමණි.

නොඑසේ වන කිසිදු විප්ලවයක් පිළිබඳ ඒ රටේ ඉතාමත් නිහඬව වෙසෙනා සබුද්ධිකමත් නිර්පාක්ෂික වූ (ප්රතිඵලය වෙනස් කරන තීරක) ජනතාව විශ්වාසය නොතබණු ඇති බව නියතයකි.

එසේනම් දැන් අපි මමත්වය පසෙකලා.. මමයි රජ විය යුතු යන ආත්මාර්ථකාමී බොළඳ සිහින පසෙකලා.. උපත ලද මව්බිමට ජීවිතය පුරාම ඇති ණය ගෙවා අවසන් කිරීමට ලැබී ඇති හොඳම අවස්ථාව ගිලිහෙන්නට නොදී රැකගන්නට සියලු භේද පසෙකලා එක්රොක් වෙමු. අපි වෙනුවෙන් අපිම කැපවෙලා..

ඔවුන්ගේ අවසරය නොමැතිව අපි මෙලොවට රැගෙන ආ අපේ අසරණ මතු පරපුරට.. වැඩිහිටි අප සියලු දෙනා අතින් සිදුව ඇති සියලූ වැරදි සමනය කොට අභිමානනීය වූ සෞභාග්යමත් දේශයක්.. ලෝකයක්.. උරුම කර දෙන්නට දිවි දෙවැනි කොට කැපවෙමු.

ඒ උදෙසා පාට/පක්ෂ සියලු භේද අතහැර සබුද්ධිකමත් ජාතියක් ලෙස සියල්ලෝම එක්සිත්ව.. එක්සත්ව.. සාමය.. සෞභාග්යය.. සහජීවනය.. වෙනුවෙන් පෙළ ගැසෙත්වා.

එකී ආධ්යාත්මික විප්ලවය වෙනුවෙන් අප සැවොම මෙලොවට පහළ කළ විශ්ව මාතාවගේ පිහිට ආශීර්වාද පතා උදාරතර අපේ මවු බිමට ඇති ණය ගෙවමු.

නොඑසේ කළහොත්.. භූදේශපාලනිකව (ගෝලීයව) මනුෂ්යත්වයට නිගා දෙමින් පවතින පාට/පක්ෂ සහ වැරදි ආක්රමණ නිවැරදි නොවන තාක් ගහ/කොළ.. සතා/සීපාවා.. මිනිසුන් සහ මුළු මහත් මිහිකත යන මේ සියල්ලටම උරුම විනාශයම පමණි.