Thursday, July 19, 2018

ඊනිව්ස්/සඳරුවන් ගමරාල... අගමැති ගම හාමිනේට... කඹුරයි. ලැජ්ජයි..! අගමැති ජික්.. ජනපති අැලජික්.. සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික පාඨකයිනි වෙනස වටහා ගන්න වෙනස බලන්න...



ඊනිව්ස්/සඳරුවන් ගමරාල... අගමැති ගම හාමිනේට... කඹුරයි. ලැජ්ජයි..! අගමැති ජික්.. ජනපති අැලජික්.. 
සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික පාඨකයිනි වෙනස වටහා ගන්න වෙනස බලන්න...


                                                      
දේශද්‍රෝහී දයාන් ජයතිලක අනාථයි..! ඉතිහාසයේ ප්‍රථම වරට විධායක ජනාධිපතිවරයෙකු විසින් කළ පත් කිරීමක් උසස් නිලතල පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් අනුමත නොකරයි; යහපාලනයේ තවත් ජයග්‍රහණයක්..!
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.19, පෙ.ව‍‍.4.45) ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විධායක ජනාධිපතිවරයෙකු විසින් කරන ලද පත් කිරීමක් උසස් නිලතල පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් යලි ජනාධිපතිවරයා ‍ප්‍රශ්න කිරීමකට ලක්කරමින් පත්වීම අනුමත කිරීම කල් දමා තිබේ.
=================================================================================


Lankaenews    
                                                       
1 hr
ආණ්ඩුව නිව්යෝක් ටයිම්ස් විවාදය දියාරු කරයි..!
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.19, ප.ව‍‍.9.15) මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා චයිනා හාබර් සමාගමෙන් ඩොලර් බිලියන 7.6 ක මුදලක් ජනාධිපතිවරණ සමයේ ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත පළ කළ වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ අද (19) පැවැත්වූ විවාදය දියාරු එකක් බවට පත්ව තිබෙනු දක්නට ලැබිණ.
------------------------------------------------------------------------------------------------------------
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද සහභාගී නොවු විවාදයේදි එක්සත් ජාතික පක්ෂයට මෙම විවාදයෙන් ලකුණු දමා ගැනීමට හොඳටම අවස්ථාව තිබුණද ආණ්ඩු පක්ෂ කාර්යාලය ඒ වෙනුවෙන් කටයුතු නොකිරීම නිසා එය දියාරු වී ගියේ ය.
ආණ්ඩු පක්ෂ කාර්යාලයේ ගයන්ත කරුණාතිලක ප්‍රධාන සංවිධායකවරයා හැර ඔහුගේ එකගතාවය මත පත් කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ යුගයේදීත් එහි සිටි නිලධාරීන්ම වීම මීට හේතුවක් බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.
=================================================================================
========================================================================

ඉහත දැක්වෙන්නේ ඊනිව්ස් මගින් පල කර අැති පුවත් දෙකකි.

නමුත් තුලනාත්මකව සලකා බැලූ කල අදාල පුවත් දෙකින් පලමුවැන්න වූ දයාන් ජයතිලක හා සබැඳි පුවත දෙවැන්න වූ ආණ්ඩුව නිව්යෝක් ටයිම්ස් විවාදය දියාරු කරයි..! යන පුවත හා සසඳා බැලීමේදී පලමුවැන්නෙහි ගත යුතු තරම් වැදගත් යමක් නාෙමැති මුත් දෙවැනි පුවත ජාතික වැදගත් කමකින් යුත් හිටපු ජනපති හා සබැඳි සුවිශේෂී කාරනයකි.

නමුත් ජනපති හා බද්ධ වෛරයකින් හා ඊර්ෂ්යාවකින් පෙලෙනා මෙන්ම අවසරයෙකින් තොරව එජාප නායකයාගේ අසූචි බුදිමින් ණයට කහිමින් විශේෂයෙන් එජාප නායකයාට කඩේ යන මිස්ටර් ඊනිවස් ගේ වර්තමාන පක්ෂග්රාහී මාධ්යය තුලින් ජනාධිපතිවරයා ඉලක්ක කොට ගත් ඒකපාක්ෂික විවේචන නිරන්තරයෙන් දක්නට ලැබෙනුයේ මෙයාලත් බැඳුම්කරයේ කොමිස් කුට්ටියකින් ගත සරසාගෙනදෝයි යන්න සුපරික්ෂාවෙන් විමසා බැලිය යුතු කාරනයකි. අනෙක් කාරනය වන්නේ මොවුන් ජනාධිපතිවරයා හා මෙතරම් බද්ධ වෛරයෙකින් පෙලෙනුයේ කවර කාරනයක් උදෙසාද යන්නය...

ඊනිව්ස් තහනම ජනාධිපතිවරයාගේ වැඩක් යැයි සිතීම උගහටය. ඊනිව්ස් තහනමට ඊනිව්ස් කැමති බවද පෙනේ.. මන්ද යත් එවිට වර්තමානයේ එජාපයට අඩු වැඩි වශයෙන් කඩේ යන ඊනිව්ස්ට ගැලවිජ්ජාවට කරුනු තිබීමය. 

අනෙක අැත්තටම ඊනිව්ස් වෙත ජනාධිපතිවරයා විසින් හෝ වෙන අන් අයෙකු හෝ තහනමක් පනවා අැත්නම් වර්තමාන ජනාධිපතිවරයා හා ඕනෑම ගැටළුවක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි වාතාවරනයක් පැවතීම ඉතා යහපත් ප්රවනතාවයකි.

මහින්ද යමපාලන යුගය හා සසඳා බැලීමේදී මෙය අහස පොලව තරමේ පරතරයෙකි.

කෙසේ වෙතත් (ආණ්ඩුව නිව්යෝක් ටයිම්ස් විවාදය දියාරු කරයි..!) යන පුවතට කිසියම් විදියෙකින් ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් තිබුනේනම් මෙලහකට මිස්ටර් ඊනිව්ස් පල්ලෙවත්තේ ගමරාලව නොමරා මරා හමාරය...

නමුත් සඳරුවන් අගමැතිගේ කුක්කා (ආණ්ඩුව නිව්යෝක් ටයිම්ස් විවාදය දියාරු කරයි..!) යන පුවතට අගමැතිගේ කෙස් ගහක් ගැනවත් විවේචනය නොකිරීමට ඉතා අපූරුවට වග බලාගෙන අැත.

මෙය අද මෙම පුවත් වලින් පමනක් නාෙව ඊනිව්ස්හි වර්තමාන ක්රියාකලාපයන් ඉතා සියුම්ව නිරීක්ෂනය කිරීමෙන් ඊනිව්ස්  එජාප නායකයාගේ ගොදුරක් වී හෝ ඊනිව්ස් අනවසරයෙන්ම එජාප නායකයාට කඩේ යන බව අවබෝධ කොට ගත හැක.

කැස්බෑවාගේ පස්සා පැත්ත එලියේ බව ඌ දන්නේ නැතිවාට අපි මක්ක කොරන්නද ඊනිව්ස්හි සිටිනා අනෙකුත් නිර්පාක්ෂික දරුවනේ..

පෙන්වාදීම නිර්පාක්ෂික සෝභිතාවතාරයේ යුතුකම සහ වගකීමයි. අවබෝධ කොට ගැනීම සබුද්ධික ජ්රජාවගේ කාර්යයයි.
=============================================
එමෙන්ම මෙහි අැති ඉහත කාටූන් චිත්රය දැක්වෙනා ඊනිව්ස් චන්ද්‍රප්‍රදීප්ගේ පහත ලිපියට අනුව චන්ද්‍රප්‍රදීප්ගේ සහ ඊනිව්ස් මහායා සඳරුවන්ගේ මරන දණ්ඩනය ක්රියාත්මක කිරීමේ වත්මන් ජනපතිගේ අාගමික් නායකයින් සහ බහුතර ජනතාවගේ අාශිර්වාදයෙන් යුත් තීන්දුව සම්බන්ධයෙන් තම තමන්ගේ දුවා දරුවන්ගේ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් වන හෘද සාක්ෂියේ නිරාවරනය කවරේදැයි පපුවට තට්ටු කර විමසා බලා අවබෝධ කොට ගනු යහපති.
==================================================================
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් නොනැවතී දරුවන් වංගෙඩියේ දමා කෙටීමේ නීතියත් ක්‍රියාත්මක කරන්න..! මෛත්‍රීට තිබූ ජාත්‍යන්තර පිළිගැනීමත් හබක්..!
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.16, ප.ව‍‍.11.55) මෛත්‍රී යුගයක් ගෙන ඒමට ආ ජනාධිපතිවරයා දැන් වසර 40 කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යයි. 
=======================================================================





Tuesday, July 17, 2018

“අද අපේ ආදර්ශය පිදෙල්, චේගුවෙරලා නෙමෙයි, මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජිලා ....” - පාඨලී චම්පික රණවක - ගේ ඉහත ප්රකාශයට ලංකාවේ මාර්ක්/සර්ජිලා මහත් විස්සෝපෙන් යුතුව ප්රතිචාර දක්වයි...

“අද අපේ ආදර්ශය පිදෙල්, චේගුවෙරලා නෙමෙයි, මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජිලා ....” - පාඨලී චම්පික රණවක - ගේ ඉහත ප්රකාශයට ලංකාවේ මාර්ක්/සර්ජිලා මහත් විස්සෝපෙන් යුතුව ප්රතිචාර දක්වයි...
========================================================================
FaceBook, Google අැප් හදපු මාර්ක් සකර්බර්ග් සහ සර්ජිලා වගේ විශ්ම කර්ම වැඩ අප රටේ පාරිසරක සාධක සහ සම්පත් උපයෝගීතාවයෙන් සිදු කර මහා විනිමය අාධායමක් ලැබිය හැකි ක්රම විධි අැති බව මේ රටේ සිටිනා මාර්ක්/සර්ජිලා යෝජනා ඉදිරිපත් කල විට සිනාසුනු හිටපු ජනපති තුමා නිසා නිහඬ උනු මිනිසුන් අප රටේ කලකිරීමට පත්ව සිටිනා බව අසන්නට අැත.

ජනාධිපති තුමන් හෝ ඔබ තුමන් හමුවට මුහුනට මුහුන සම්මුඛ සාකච්චාවක් ලබා දිය හැකි නම් සහ ඒ යෝජනා වෙනුවෙන් රැඩිකල් තීන්දු ගැනීමට ශක්තිය අැත්නම් අදාල මාර්ක්/සර්ජිලා ඔබ තුමන්ලා හමුවට පැමිනවිය හැක.
නිර්පාක්ෂික සෝභිතාවතාර මාධ්යය ඒකකය
email/sathpurawasiya@gmail.com
2018/07/17
email :- sathpurawasiya@gmail.com
“අද අපේ ආදර්ශය පිදෙල්, චේගුවෙරලා නෙමෙයි, මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජිලා ....” - පාඨලී චම්පික රණවක
https://www.facebook.com/1432561323671963/videos/2096289820632440/