Saturday, January 7, 2017

දේදුනු විප්ලවයේ දෙවස් පූර්නය 2017 ජනවාරි 08 දායින් පසු අපරාධකරුවන් මිනීමරුවන් සහ දූෂිතයින්ගේ පොදු සමා කාලය අවසානයි.


දේදුනු විප්ලවයේ දෙවස් පූර්නය 2017 ජනවාරි 08 දායින් පසු අපරාධකරුවන්, මිනීමරුවන් සහ දූෂිතයින්ගේ පොදු සමා කාලය අවසානයි.

රාජපක්ෂලා රජයේ ඉඩම් විකිණුවේ මෙහෙමයි.... රාජිත අභීතව කියයි...

නියමයි රාජිත අැමති තුමනි නියමයි අභීතයි. ඔබට තිබෙන ඔය අාත්ම ශක්තිය අැති තව 10 දෙනෙකු රජය තුල සිටියානම් කෙතරම් අගේද.
එහෙමනම් ඔය රාජපක්ෂලා කවුරුවත් අායි මේ වගේ පාහර, පාදඩ, සක්කිලි වැඩ කරවන්න එන එකක් නැහැ.

ඔබ කිව්වා හරි ඔබ තුමන්ලා සහ අපි කෙසේ වෙතත් සුවිශාල ජනතාවක් සිටිනවා වැරදි කල උන් හට දඬුවම් නොදීම සහ ප්රමාද කිරීම ගැන රජය සමග කලකිරීමෙන් සිටින. මේ හේතුව නිසාම රජයේ පැවැත්මත් අවධානමට පත්වෙමින් තිබෙනවා.

නමුත් වත්මන් ජනපති අගමැති අැතුළු අපි ඔබ තුමන්ලා තවමත් සූදානම් නේද...

රාජපක්ෂලා පසුගිය යුගයේ කල වැරදි සියල්ල අමතක කොට කරපු හොඳ වැඩ ටික වෙනුවෙන් එයාලට සමාව දෙන්න.

නමුත් ඒ එක කොන්දේසියක් මත නේද... ඒ තමයි ජනතා පරමාධිපත්යය බලයෙන් පත් කරන්නට යෙදුනු මෙම සම්මුතිවාදී යහපාලන රජයට ජනතාව වරම් ලබා දුන් වසර 5 එනම් 2020 වන තුරු මීලඟ ජනතා කැමැත්ත ප්රකාශයට පත් කරනා තුරු මෙවන් කාලකන්නි බාධාවන්ගෙන් තොරව රජය කරගෙන යාමට ඉඩ සලසා දෙන්නේ නම් පමනි.

නොඑසේව මෙවන් කරදර හිරිහැර තව දුරටත් දිගින් දිගට සිදු කරමින් පවතිනා රජයට ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට අැති කාලය සහ ජනතාවගේ දේපොල විනාශ කරයිනම් වැරදි කරුවන් හට තව දුරටත් සමාව බජනය කිරීමට දේදුනු විප්ලවීය සමස්ත ජනතාව තව දුරටත් සූදානම් නැත. 

විඳින්න වඳින්න ගහන එකාත් මෝඩයා...
ගහන්න ගහන්න වඳින එකාත් මෝඩයා...

ඒ නිසා 2017 ජනවාරි 08 දේදුනු විප්ලවයට දෙවසරක් සපිරෙන දිනෙන් පසු පොදු සමා කාලය අවසන් කල යුතුය. ඉන් පසු අනුකම්පාවටයි යාළු මිත්ර කමටයි ප්රමාද කර අැති සහ යට ගසා අැති සියළු නඩු විශේෂ අධිකරණයක් මගින් එක දිගටම විභාගයට ගෙන වැරදි කල වුන් හට දඬුවම් ලබා දී මේ වදකරදරය අවසන් කර රටත් ජනතාවත් ඉදිරියට ගෙන යායුතුය.

(නමුත් ඒවා අර සරත් ෆොන්සේකාගේ නඩු අැසුවා වගේ හෝ රතුපස්වල මිනී මැරුවා වගේ නොවිය යුතුය)

නොඑසේව ලෝකය හමුවේ විශාල පසු බෑමකට ලක්ව අැති අපගේ මව් රටත් පීඩිත ජනතාවත් කිසිදා ගොඩ ගනු නාෙහැකි වනු අැත.

මෙය දේදුනු විප්ලවයේ නිර්මාතෘ අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ අදෘශ්යමාන අවතාරයේ යෝජනාවත් නොව චෝදනාත්මක අවධාරනය කිරීමක් බව අාතූරයා සත්පුරවැසියා ලවා සෝභිතාවතාර අවධාරනය කරයි.
2017/01/07

No comments:

Post a Comment