Monday, January 9, 2017

දේදුනු විප්ලවයේ හැටදෙලක්ෂයේ අදුරදර්ශී සොහොයුරාට පිලිතුරක්! සෝභිතාවතාරගෙන්....

දේදුනු විප්ලවයේ හැටදෙලක්ෂයේ අදුරදර්ශී සොහොයුරාට පිලිතුරක්! සෝභිතාවතාරගෙන්....


තමුන්ගේ ස්වයං විවේචනවලට අහක ඉන්න අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්නගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව හැටඑක්ලක්ෂඅනූනවදාස්නවසියඅනූනවය අෑඳා ගන්නට එපා මිත්රයා.
====================================================================
https://www.facebook.com/photo.php?fbid=10154931278388501&set=a.422961753500.196719.563943500&type=3
====================================================================
ඔබට දුර දක්නා නුවන ගොඩක් අඩු බව පෙනෙනවා. 
ඒ නුවන තිබුනානම් ඔබ ගතවූ යමපාලන කුරිරු ඉතිහාසයත් වර්තමානයත් දෙස බැලිය යුත්තේ ඔවැනි විකෘති කන්නාඩි දමාගෙන නොවේ.

අප සියල්ලෝම ජීවිත පරිත්යාගයෙන් යුතුව යමපාලනය පෙරලා දැමූ විශ්වාසය තුලින් බැහැර වන්නට තරම් අයහපතක් වත්මන් යහපාලන රජයෙන් තවමත් සිදුවී නොමැති බව අමතක නොකල යුතුයි. ඒ වගේම ඔබේ ස්වයං විවේචනයේ පරිදිම වත්මන් රජයට අායුෂ තවමත් වසර දෙකක් බවත් අමතක නොකල යුතුයි.

එමෙන්ම වත්මන් යහපාලන රජයට ලැබුනේ යමපාලනය විසින් තවත් දශක ගනනාවකට ගොඩ ගත නොහැකි තරමට දූෂනයෙන් අරාජික කර තිබුනු කැලෑ නීතිය රජකල නොසංඩාල රටක් බවත් අමතක නොකල යුතුයි.

ඔබ අප දේදුනු විප්ලවයේදී අපේක්ෂා කල සියළු කාරනා වසර දෙකක් තරම් කෙටි කාලයත් තුල සම්පූර්න නොවීම සම්බන්ධයෙනුත් අප අපේක්ෂා බංගත්වයට පත් නොවිය යුතුයි. ඒ සඳහා සුදුසු සාධාරන කාල පරාසයක් වත්මන් රජයටත් ලබා දෙන්නට තරම් අප උපේක්ෂා සහගත විය යුතුයි නේද...!

ඒ වගේම සෝභිත මාහිමිපානන්නගේ දේදුනු විප්ලවයට උරදී ඔබ අප අැතුළු සමස්ථ සබුද්ධික ප්රජාව වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කිරීමේදී ඔහු එකඟ වූ මෙන්ම ඔහු සෝභිත මාහිමිපානන්නගේ දේහය අභියස සපත කල කාරනා ඉෂ්ඨ කිරීමේ වගකීම ඔහු සතුය.

ඒ දෙස අපි තව ටිකක් බලා හිඳිමු. නමුත් ඒ නිස්චිත කාල පරාසයකට පමනි. වර්තමානය ඔබ ප්රකාශ කරනා තරම් පසුතැවිලි වීමට හේතු නැත. ඒ මන්ද යත් දැන් අපි ඔබ සියල්ලන්ටම නිදහසේ අදහස් පල කිරීමේ ප්රජාතන්ත්රවාදී නිදහස ලැබී අැති නිසාය.

ඔබ අද ෆේස්බුක් පිටුවේ පල කර අැති ඉහත අදහස පසුගිය යමපාලන යුගයේදී ප්රකාශ කලානම් සමහර විට මේ වන විටත් ඔබ සුදු වෑන් එකකින් ගිරිතලේ දෙසට ගෙන යමින් තිබෙනවා වන්නට පුළුවන්.... නේද....!

ඒ නිසා මිත්රයා ඉවසන්න. අපි තව බලමු. උපරිමයෙන් 2020 වන තුරුම බලමු. පොරොන්දු කඩ කලොත් දේදුනු විප්ලවයේ ප්ලෑන් B(බී) ක්රිත්මක කරමු.

ස්තුතියී
සෝභිතාවතාර
2017/01/09

No comments:

Post a Comment