Saturday, March 5, 2016

ජනපතිඳුන්ගේ ප්රකාශයට උගතුන්, බුද්ධිමතුන් සහ බහුශෘතයින් වෙනුවෙන් සෝභිතාවතාර ප්රතිචාර අාතූරයා මෙසේ ජනගත කරයි..

--------------------------------------------------------------------------------------------------------------------------
2016/03/04
 ජනපතිඳුන්ගේ ප්රකාශය 

" පරාක්‍රම සමුද්‍රයේ දොරටු විවෘත කළ අයුරින් කොන්දේසි විරහිතව නිදහසේ රට හැර යෑමේ අවස්ථාව අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්ට හිමිව තිබෙනවා. ලෝකයේ කිසිඳු රටක උගත් බුද්ධිමතුන්ට මේ අයුරින් රට හැර යෑමේ නිදහසක් ලබා දී නෑ. ඒ වෙනුවෙන් රටවල් පැන වූ කොන්දේසි තිබෙනවා. වත්මන් ආණ්ඩුව නිදහස් අධ්‍යාපනයේ දොරටු විවෘත කර නිදහස් අධ්‍යාපනයට වැඩි ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම රටේ සංවර්ධන කාර්යක්. දීර්ඝකාලීන ආයෝජනයක්.

- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.
--------------------------------------------------------------------------------------------------------------------------
ජනාධිපති තුමාගේ ඉහත ප්රකාශයට
වැඩිමනත් වශයෙනි..
රටේ සිටියා වූද.. සිටින්නා වූද.. හෙට දවසේදීත් බිහිවන්නා වූද.. උගතුන්, බුද්ධිමතුන් පිලිබඳ වත්මන් ජනපතිඳුන් තුල පවතින්නා වූ අවබෝධය ඉතාමත් අගයන අතරම..

ඊට වැඩිමනත් වශයෙන් යහපාලනවාදී සියල්ලන් හට සිහිපත් කර දිය යුතු වන්නේ හිටපු නායක කාට කාටත් වැරදුනු තැන් පිලිබඳවය.

මවක පියකු දරුවන් බිහිකොට ඔවුන් හට මොනවා හරි කන්නට බොන්නට දී කොහේ හෝ පාසලකට යවා තම වගකීම් ඉෂ්ඨ කලා යයි සිතුවහොත් එය කිසිසේත් නිවැරදිම සිතුවිල්ලක් වන්නේ නැත.

ඔවුන් දෙන්න දෙමාල්ලෝ නිතර රණ්ඩු දබර කර ගන්නවානම් හෝ එකිනෙකාට හොරෙන් දුරාචාරයේ යෙදෙනවානම් හෝ දරුවන් හට අාදරය කරුණාව නොපා තම තමන්ගේ මනදොල ගැන පමනක් සිතනවානම් හෝ එවන්නන්ගේ දරුවන්ගෙන් බහුතරයක් කිසිදාකත් තම දෙමව්පියන් කෙරෙහි අාදරයක් කරුණාවක් පාන්නේවත්, ඔවුන් හා රැඳෙන්නේවත්, ඔවුන් රැකබලා ගන්නේවත් නැත.

අප රටට සිදුවූයේද මෙම අභාග්යමය. ඉතාමත් සීමිත අතලොස්සක් හැර අනික් හැකි වුනු සෑම අයෙක්ම රට දාල ගියේය. ගියා නොව යන්නට වැඩ හිටපු අඥාණවන්ත යම පාලකයින් කටයුතු සිදු කලේය. ඒ අන්කිසිවක් නිසා නොව උගතුන් බුද්ධිමතුන් සිටිනා රටක තම පරපුරත්, පරිවාරකයිනුත්, අනුගාමිකයිනුත් පමනක් සමග  කැලෑ නීතිය රජ කරවිය නොහැකි වන නිසාය.

යම් යම් -ධර්මිෂ්ඨ පාලන යුග කල්හිද, කෙහෙල්වතු ගෝනිබිල්ලන්ගේ යුගයන්හිද, ඒ වගේම පැවති ජාතිවාදී යුධ සමයෙහිද හැකි හැමකෙක්ම රටදමා ගිය මුත්...

පසුගිය යමපාලන යුගය තුල තරම් රටක් අරාජික වුනු, ඒ රටේ විසූ සත්පුරවැසියන් හට තම මව් රට අප්පිරියා වුනු යුගයක් තවත් නැති තරම්ය. රටක (විධායක බලැති) නායකයෙක් මෙතරම් බබා වුනු යුගයක් උපන්තේකට නොදුටු අය වෙතොත් ඒ බොරුය. හිටපු මේ අරුම පුදුම නායකයා අන්ධයෙකි, බිහිරෙකි, ගොළුවෙකි. මොහුගේ පරිවාර සේනා රටතුල සිදුකල අසමජ්ජාති ක්රියා කිසිවක් මේ නායකයා දුටුවේවත් නැත. අැසුනේවත් නැත. ඒ නිසාම ඔහුට ඒ පිලිබඳව ප්රකාශ නිකුත් කිරීමට කිසිවක් තිබුනේද නැත. ඔහු දුටුවේ ජාතිවාදය, අාගම්වාදය කරතබා ගත් අඤ්ඥාණවන්ත නූගතුන් සහ ලමයින් වඩා ගත්විට රැවටෙන බොළඳ මිනිසුන් සහ ගැහුණුන් පමනි. ඔහුට අවශ්‍යය කලේද එවැනි මැටිමෝලුන් පමනි. ඒ නිසා මෙම නායකයා ගෝත්රිකයිනට පමනක් අාවේනික වූ කොලනියක් නිර්මානය කරමින් සිටියේය..

අන්න ඒ නිසයි මෛත්රී ජනාධිපති තුමනි ඔබ ප්රකාශ කල (පරාක්‍රම සමුද්‍රයේ දොරටු විවෘත කළ අයුරින් කොන්දේසි විරහිතව නිදහසේ රට හැර යෑමේ අවස්ථාව අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්ට හිමිව තිබුනේ..)

උගතුන් හට ජාත්යන්තර වේදිකාවලදී වුවත් පහර දිය හැකිවූද.. කැලෑ රජුගේ යම පල්ලන් හට කිසිදු අවසරයකින් තොරව ඕනම අයෙකුගේ සන්තකයක් අත්පත් කරගත හැකිවූද.. බුල්ඩෝසර කල හැකිවූද.. කුමන අාකාරයේ හෝ නීත්යානුකූල ව්යාපාරයක් කිරීමට නම් යමපල්ලන් හට කප්පම් දිය යුතු වූද...රටක උසස් මනස් අැති සත්පුරවැසි මිනිසුන් හට නම් විසිය හැකි වූයේ නැත. එපමනක් විතරද..

තම දූදරුවන් හට දසදුක් විඳ උගන්වා උන් දුකසේ උගෙන උපාධිය ලැබුවත් පත්වීම් ලිපි ගන්නට ...බේබි හාමුලාගේ කාමරවලට යන්නට දියණිවරුන්ට සිදුවේ නම් ඔලුවේ පන අැති සැබෑ පිතෘවරයෙක් එවන් රටක තම දරුවන් හට තමන් යහතින් සිටි හෝ නොසිටි කලකවත් ඉන්නට ඉඩ තියාවිද.. තම සියළුම සන්තක විකුණා හෝ උන් සුදුසු දුරු රටකට පිටත් කර යවනවා මිස...

පාරේ යන්නට බැරි තරමට ප්රාදේශීය සභාවලට පත්වුනු කාඩයින් චන්ඩි පිරිවර සමග දුප්පත් ජනතාවගේ මුදල්වලින් හිමිකරගත් පැජිරෝ රථවල සවිකර ගත්  (නිල්රතු   රතුනිල්)  විලම්බීත එලි දල්වාගෙන ජනතාව කානුවට වට්ටවා පිම්මේ ගියේ රට කරන්නද.. නැත,.. මුන් සිදු කලේ රටක සිටිය යුතුම උගත්, වැදගත් මෙන්ම පාලකයින් හට කිසිදු කරදරයක් , බලපෑමක්, විවේචනයක්, විරෝධතාවක් සිදු නොකොට පටි තද කරගෙන නිහඬ දිවිපෙවතක් ගත කල මිනිසුන් හට රටේ විසුම අප්පිරියා වන ක්රියාකාරකම් පමනි.

නමුත් මේ මිනිසුන් කුමන අවස්ථාවක හෝ අවධිවනු අැති බව මුන් සැක කලා. ඒ නිසා වැද්දන් හට රජ කල හැකි කොලනියක සිටිය යුතු වන්දි බට්ටයින්, රස්තියාදු කාරයින්, නූගතුන් හැර අනික් සියල්ලෝම එක්කෝ විනාශ කල යුතුය.. නැතහොත් රටහැරදා යන තැනට මහ කකුළුවාත්, පරපුරත්, පැටවුන් සහ පරිවාර සේනාවත්, අනුගාමිකයින් සියල්ලත් එකතුව නොඅඩුව කටයුතු සිදු කලේය.

ඒ නිසයි ස්ත්රීදූෂකයින් හට සව්දිය පුරන්න පුළුවන් උනේ. ඒ නිසයි මත්කුඩු අල්ලපුවහම වැදිරජු ගිහිල්ල උන්බදා ගත්තේ. ඒ නිසයි අල්ලස් සහ දූෂණ සිදු කරන්නන් පිලිබඳව පුද්ගලිකවම ගොස් දැනුම් දුන් අයට (උනුත් හම්බ කර ගන්න එපායැ) කියා යම රජාගෙන් පිලිතුරු ලැබුනේ. ඒ නිසයි එතනෝල් කාරයින් හට 100% ක් බදු සහන ලැබුනේ...

...ඒ නිසයි උගතුන් හට රැකියා ලබා ගන්නට නම් යමපාලන පාරිවාරකයින්ගේද, අනුගාමිකයින්ගේ සහ විශේෂයෙන් යමරජ පුතුන්ගේ මනදොල සපුරන්නට සිදු උනේ..

ඒ නිසයි සභ්‍යය රටට නොසිදුවිය යුතු දේ සියල්ල සෑම පෝයකටම නොවැරදීම ලෝකෙට පේන්න බණ අැසූ යමරජු පාලන අවධියේ සිදුවුනේ...

කෙටියෙන් කියනවානම් ඒ නිසයි රටක නීති හදනා උත්තරීතරම අායතනයට යන්නට (වැස්සකටවත් පාසලකට ගොඩ නූන) අන්ත නූගත් කම, මානසික විකෘති බව, තක්කඩි කම, මදාවි කම, මැර කම, සල්ලාල කම සහ පාවාදීම පමනක් ඉහලම සහ එකම සුදුසුකම වන තරමට මේ බුදුන් පය ගැසූ උතුම් රට පවින් පිරී අපවිත්ර වී ගියේ..

ඉතින් එවන් රටක පියවී සිහිය අැති මනුස්සයෙකුට ඉන්නට සිතිය හැකිද.. මෙය බුදුන් පය ගැසූ රටක් නිසා ඒ පින් බලයෙන් රටේ ඉතිරි වෙලා සිටි තීරක වූ නිර්පාක්ෂික සත්පුරවැසියන් ඒකරාශී වෙලා දේදුනු විප්ලවය කොට යහපාලනය වෙත බලය මාරු කර නොගන්නට රටට සිදුවීමට තිබුනු පලවිපාක සිතාගත නොහැකි තරම්ය බිහිසුනුය. අාසන්නතම බියකරු සිහිපත් කිරීමක් සිදුකරන්නේ නම් ඉහත ප්රකාශය කරන්නට වත්මන් ජනපතිඳුන්වත් අද ජීවතුන් අතර නැත.! අඩි 6 ක් පොලව යට මිස...

කොහොමින්, කොහොමින් මුත්.. දේදුනු විප්ලවය ජයගෙන වසරකටත් අධික කාලයක් ගෙවී ගොස් හමාරය. ඒ නමුත් යහපාලනායකාකාරාදීන් හට උඬඟු වීමට තරම් හෝ තෘප්තිමත් වීමට තරම් හෝ සුදුසු වාතාවරනයක් තවම රට තුල ජනිත වී නොමැති බව නොදන්නවා විය නොහැක.

ඒ නිසා ජනපතිඳුනි.. ඔබ තුමාත්, අගමැති තුමාත් සුසංයෝගීව යහපාලන ලැදි යහගුණ අැති සත්භාවයෙන් යුත් මැතිඅැමති වරුන් සහ පරිවාර සේනා නිසිලෙස තෝරා බේරාගෙන බල ගන්වා දශක ගනනාවක් පුරා අයාලේ ගිය වල් වැදි රටේ කපා බිම හෙලිය නොහැකි තරම් ඝණට වැඩී අැති  මේ අන්ත දූෂිත  ලදු කැලෑව සුද්ද කර දෙන්න. යහපාලනය ජනිත වුනු සාධාරන සමාජයක් නමැති හේන සකසා වැට බැඳ සත්පුරවැසියන් හට බාර දෙන්න. 

ඒ කෙත සීසා කප්රුක් වපුරා රට සස්රීක කර ස්වයං පෝෂනය කරදීමේ වගකීම නිදහස් අධ්යාපනයෙන්ද, නිදහස් සෞඛ්යයෙන්ද පෝෂනය වුනු අප ඒ ණය පොලී සමග ගෙවා මෙසිරිලක් මව්බිම ලෝකයේ අද්විතීය රටක් ලෙස ඉහලට ඔසවා තබන්නට සපත කරමු.

යමපාලන යුගයේදී කුණු කූඩයට විසි උණු  අප දැන උගත්ව යොමුකල සියළු යෝජනා සහ අදහස්  නැවත යාවත්කාලීන කිරීමට පරිසරය නිර්මානය කර දීමේ වගකීම සහ අායෝජනය ඔබලා ඉෂ්ඨ කර දෙන්න..

නමුත් කණගාටුව වන්නේ උගතුන්, බුද්ධිමතුන් සහ බහුශෘතයින්ගෙන් නිසිඵල නෙලා ගන්නට තවමත් කිසිදු පාලන යුගයක් සමත් වී නොමැති කමය.

ඔබ සියල්ලන් ඔතැනට යැවූ කාරනය මැනවින් ඉටු කල විට උගතුන් , බුද්ධිමතුන්, බහුශෘතයින් තම වගකීම් ඒ අාකාරයෙන්ම ඉටු කරාවි. නොඑසේව වැද්දන් හට රජකම් කිරීමට අපගේ වටිනා කාලයත්, ධනයත්, ශ්රමයත්, ජීවිතත් කැප කොට කුණුහබ්බ අැසීමටවත්, වේදිකාවලදී ගුටි කන්නටවත් මොලේ අමාරුවක් - වත්මන් උගතුන්, බුද්ධිමතුන් හට  දැන්කල නම් කිසිසේත් නොමැත.. 

තොපි සේරමල්ල කුද ගහ ගනිල්ල කියල උගත්, බුද්ධිමත් සහ හැකි සියල්ලෝම දුරු රටවලට ගොස් හෝ යුක්ති ගරුක මිනිසුන් සමග සංහිඳියාවෙන් සැනසිල්ලේ වෙසෙනවා හැර වෙනත් විකල්ප නැත.

නමුත් දේව අාශිර්වාදයෙන් නොසිතූ විලසින් අවිහිංසක රට වැසියන්ගේ ගැලවුම් කරුවානන් ලෙස දේදුනු විප්ලවය තුලින් පහල වුනු ඔබ තුමානන් කෙරෙහි අැති ජනතා විශ්වාසය කඩ නොකලහොත් උගත්, බුද්ධිමත්, බහුශෘත සත්පුරවැසි සියල්ලන් ඒකරාශීව මෙසිරිලක ඉල්ලමක්, ධන නිධානයක් කර දෙන්නෙමු.

ජනපති තුමනි, එසේ නොකොට රටදාල යන්නට කොන්දේසි පැනවීමට මහජන සේවකයින් වන ඔබලා කවුරුද ජනතාවගේ රුහිරුවලින් සුරසැප විඳිනා අයවලුන් මිස.. (ඔයාලට නෙවේ අරයලට කිව්වේ හොඳේ.. තොප්පිය හරිනම් ඉතින් දාගත්තත් කමක් නෑ.. හිටං..) 

ඒක නෙමේ අපේ අර මිස්ටර් කූල් උන්නැහැ දියයටින් හීනියට යාළුවත් එක්ක අර සිරිකොත ඉදිරිපිට පාර කාපට් දාල දුන්න හුටපටයේ ණය ගෙවන්නද මන්ද ඩීල් දානවද කියලත් සැක හිතෙනවා වෙලාවකට.. හැබැයි ඒවනම් වානා කියන්න. සත්පුරවැසි උගතුන්, බුද්ධිමතුන් හට හොඳට ඉව තියෙනවා හරිද.. ඔයාල හැරෙනකොට අපි දන්නවා ගොනා හැරෙන්නේ පිදුරු කන්නද වෙන මොකකට හරිද කියල.

උගතුන්, බුද්ධිමතුන්, බහුශෘතයින් නිහඬව සිටීම පිලිබඳ සැහැල්ලුවට හිතපු හැම නායකයටම අවසානයේ සිද්ධ උනු දේ මැරිල නොයිපදුනු හැමකෙක්ම දන්නවා. මන්ද ඒ අය උච්චතම අවස්ථාවේදී ගන්නා තීරනය කිසිවකුටත් සිතාගත නොහැකි නිසාය. ඒ නිසා හැමෝම අවධාරනය කර ගන්න රටේ සිටිනා නිර්පාක්ෂික වූ තීරක ප්රජාවට කොලේ වහල ගැසීම හෝ රැවටීම නොකල හැකි බව. එහෙම උනොත් ඔයාලටත් එයාලගෙන් මොනවත්ම ලැබෙන්නේ නැති වේවි... 

හිඟන්නගේ තුවාලේ වගේ ප්රශ්න එක්ක ජීවත් වන්න උත්හාස කරන්න එපා කොයි කවුරුත්. කෙලින් එන්න වටෙන්  එන්නේ නැතිව. මන්ද යත් අපේ රට දැන් ලෝකයා ඉදිරියේ ඕනාවටත් වඩා පසුබෑමට ලක්වෙලා ඉවරයි. ඒ හිඩැස පුරවන්න අපිට තව කාලයක් කැපකිරීම් කරන්නට සිදුවෙලා තියෙනවා. අපේ යුගයේ බහුතරයකට සිදුඋනු මෙම අසාධාරනය නිසා අපේ වටිනා ජීවිත අයාලේ පරල වී ගියා. රටේ පැවති විකාර ප්රශ්න නිසා අප ඉදිරියට තැබූ හැම පියවරක්ම වියැකී ගියා. අපගේ වටිනා ජීවිත නිස්කාරනයේ වයසට ගියා...

ඉතින් දැන් අවශ්‍යය වන්නේත් යුතුකම සහ වගකීම වන්නේත් ඒ අපගේ ජීවිතවලට අත්වූ ඉරනම අපි හැමෝගේම මතු පරපුර වූ දරුවන් හට උරුම නොවන්නට වගබලා ගැනීමයි.

එසේ හෙයින් එක්කෝ දූෂිතයින්, අපරාධකරුවන් සියල්ලෝම යුධ ජයග්රහනයේ නාමයෙන් පොදු සමාවක් යටතේ සත්යය සෙවීමේ කොමිසමට සහ දයාවේ සභාව හමුවට පමුණුවා මේ කරදරය ඉවරයක් කරන්න. අපි බහුතරයක් ඒ අදහසට එකඟයි. බුදුරජුන් දේවදත්තයාට අනුකම්පා කලාසේ අපිත් සූදානම් ඔවුන්ද වෙනස් වෙන්නට සූදානම් වෙනවානම්... අපගේ මෙම සත්භාවයෙන් යුතු යෝජනාව ගෙනයන්න ඔවුන් වෙත.

මිනිසුන් නොමිනුසුන් කරමින් පැවති ඒ කාලකන්නි යුද්ධය නිසා නූගත්, පටුකල්පනාකාරයින් සිතුවා තම තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න සොරකම් කර හෝ උදුරාගෙන හෝ බලය පාවිච්චි කර හෝ ධනය රැස්කර ගතහොත් සියල්ලම සම්පූර්නයි කියල. නමුත් පරචිත්ත විඥා්ණය දුර්වල ඒ අනුකම්පා කලයුතු අඤ්ඥානවන්තයින් හට පෙනුනේ නැහැ තමන් කරනා පව් සියල්ල කෙදිනක හෝ මෙලොවදීම පලදෙන බව. ඒ නිසා මෙයාලගේ දෛවය හෝ ඉරනම එයාලටම බාරදීල විවෘත අාරාධනාවක් කරල දයාවේ සභාව හමුවේ සියල්ලන්ටම (බන්ධනාගාර ගත කර සිටිනා කොටි ත්රස්ත මනුශ්යයින්ද අැතුළුව) පොදු සමාවක් ලබා දී සියල්ලන්ගේම මතු පරපුර වූ දරුවන් වෙනුවෙන් රට ගොඩ ගන්නට දායකත්වය ලබාගෙන දැනටද වසරකින් ප්රමාද වුනු සංවර්ධන ඉලක්ක කරා පියමං කිරීමට අැප කැප වෙමු දෙවියන්ගේ නාමයෙන්..

කුමක් කෙසේ වෙතත් රට ගොඩ ගන්නටත්, සංහිඳියාව සාධාරනය රජයන සමාජයක් බිහිකිරීමටත් දේශපාලකයින්ට බාර දීල තීරක වූ නිර්පාක්ෂික ප්රජාව ඉවසා බලා සිටිනා අවසාන අවස්ථාව ඉදිරි වසර 4 පමනක් බව අවධාරනය කරමු.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූර සත්පුරවැසියා උගතුන්, බුද්ධිමතුන්, බහුශෘතයින් වෙනුවෙන් සටහන තැබූ වගයි.