Saturday, June 11, 2016

විකසිත විය යුත්තේ යම පාලකයින්ගේ මල්කැකුළු පමනද...!

විකසිත විය යුත්තේ යම පාලකයින්ගේ මල්කැකුළු පමනද...!

ඒකාබද්ධ යමපාලන විපක්ෂයේ ඔබලාද... ලැබූ ඒ අයිතිය මතම ඉපිද... ඒ අයිතිය තුලම ජීවත් වී.... ඒ අයිතිය තුලින්ම තනතුරු තාණාන්තර වරප්රසාද (පිං බත්, පිං බේත්, පිං පඩි, පිං වාහන, පිං සවාරි, පිං නිවාස, විදේශීය හොර පිං ගිණුම්) ලබා ගන්නා ඔබ නොවේ අප රටේ සමහර කාලකන්නි හාල් පාරු දේශපාලකයින් අැයි මොහොතකට ඔබ කියනා මේ දේ තේරුම් නොගන්නේ...!

ඒ සුපිපි කුසුමන් අයාලේ පරවී යානොදී රැක ගැනුමට අැයි මේ තමන්ලාද තම නිවසට උතුම් පියවරුන් වන සමහර දේශපාලකයින් නාෙසිතන්නේ.

ඒ දරුවන්ගේ දැවෙන ප්රශ්න විසඳා දීමට සම්මුතිවාදීව සිදු කල හැකි දායකත්වය නොදී ඒ දරුවන්ගේ ජීවිතවල වටිනාම යුගය නිස්කාරනයේ වයසට යවා ජීවිත වනසන්නේ අැයි. පැහැදිලිවම මමත්වය සහ අාත්මාර්ථය නිසා නොවේද....

සත්පුරවැසියාගේ ජීවිතයද මෙවන් සැඩසුලං කුණාටුවලට ලක්ව මේ වන විට වයස දශක 6 ට අාසන්න කාලයක් නාස්ති වී අැත. දැන් ඉතිරිව අැත්තේ මරුවා පැමිනෙන තුරු බලා සිටීමේ සංක්රාන්ති සමය පමනි.

ඒ නිසා ඒ මරුවා නිකම්ම නිකන් අැවිත් නිකම්ම නිකන් මා රැගෙන යනවාට වඩා රටට විනයක්ව අැති ඒකාබද්ධ විපක්ෂයේ සිටිනා සමහර ජාතිද්රෝහීන් පිරිස පැමින සුදු වෑන් එකකින්   ගිරිතලේ දිසාවට ගෙන ගියක් කමක් නැතැයි සිතා යන ඒ ලොවකින් හෝ සුගතියක් අත් කර ගනු අටියෙන් මතු පරපුරේ මල් විකසිත කිරීම උදෙසා අපවත් වී වදාල සෝභිත හිමිපානන් මා හට පැවරූ වගකීම ඒ අාකාරයෙන්ම ඉටු කරමින් දිවි හිමියෙන් කැප වෙමි.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසි (තාත්තා) අනිකුත් සියළු තාත්තලාට අායාචනය කර සිටින්නේ....

ඒකාබද්ධ යමපාලක පීතෘවරයන්ගේ මනස් විකසිත වේවා. දෙනෙත් විකසිත වේවා. ඒ බලයෙන් මතු පරපුර වන රටේ සියළු දරුවන්ගේ ජීවිත විකසිත වේවා.

හබං කුකුළාගේ අග්නි පරීක්ෂාව...

==========================================
හබං කුකුළාගේ අග්නි පරීක්ෂාව....
=====================
අර කියමනක් තියෙනවානේ හබං කුකුළෝ කැකුන තලනකොට වලි කුකුළන්ට ජය මගුල් කියලා..

අපි අහිංසක ජනතාව විදියට සැමදාම බලා සිටින්නේ අපේ මේ මව් රට කවුරුන් හෝ කවදා ගොඩගෙන කෙදිනකද අපි සැමගේ මතු පරපුර වන දූවාදරුවන් හට යහපත් අනාගතයක් උදා වේවිද යන සැකය දුරු වන තුරුය....

ඉතින් එවන් වාතාවරනයක සුභ සිහින දකිමින් සිටිනා පොදු ජනතාවට මෙවන් වකවානුවක් තුල අර පාවාදෙන වංශලාත්, ඒ කාලේ 2500/-කට ගෑස් සිලින්ඩරේවත් ගන්න බැරිව තිබුනු යුගයක 2500/- කින් මාසේම කාල ඉන්න පුලුවන් කියපු ගොබ්බ අාර්ථික විශේසඤ්ඥයයි, මරන මංචකය දක්වා දේශපාලන අනාගතයක් නොතිබුන... හිටපු ජනපති තුමාට පිංසිද්ධ වෙන්න ගාෙඩගිය උන්දැයි, නහින දෙහින කාලේ අප්සැට් කෙලින සීයපප්පයි, අනිත් තක්කඩි රැලයි වගේ නැතිව (අපි මේ ඉන්න බැරි අැඟේ අමාරුවට දවසේ රස්සාවත් දාල මේව කලාට) අල ගෙඩියක් තරම් පොඩි මොල ගෙඩියකුත් තියෙනවා වගේ පේන අපේ ගොඩපෙරකදෝරු උන්නැහේට පිං පඩි හම්බ වෙන නිසා මොන මොනව හරි කරන්න කාලේ තියෙන හින්ද යහපාලනවාදී දේදුනු ජනතාව හා සමග එක්ව මෙවන් පරීක්ෂාවල් සිදුකිරීම ඉතා යහපත් ක්රියාවක් බව පවසමු.

මන්ද යත් වත්මන් ජනපති අගමැති අපේ මේ බැටින් ඩබල ඕගොල්ලන්ගෙන් එන ඕනෑම දුස්රා පන්දුවකට නියමෙට බැට් කරනවා. මෙයාල දෙන්න තමයි දුප්පත් යුක්ති ගරුක ජනතා ටීම් එකට කාලෙකින් සෙට් උන රියල් බැටින් පෙයාර් එක. අපි ජනතාව අපේක්ෂා කරන්නේ මේ පෙයාර් එකෙන්ම ගේම ඉවර කරල ඔයාලගේ ඒකාබද්ධ ටීම් එකට ඉනිංස්වලින් ගෙදර යන්න වැඩේ කරන්නයි.

ඉතින් ඒ නිසා ඔබතුමා (සමහර අවස්ථාවලදී විවේචනයට ලක්වන්නා වූ සියලු මැති/අැමති/මන්ත්රීන්ලාගේ නම් කෙටියෙන් දක්වන්නේ අගෞරව කරනු පිනිස නොව ඉඩකඩ සීමා බැවින්ද කෙටිකල යුතු නිසාද බව කරුණාවෙන් සලකන්න) අපි ජනතාව සමග මෙවන් අවස්ථාවලදී ඒ ඩබලගේ බැටින් ගේම නිරීක්ෂනය කොට යම් යම් පරීක්ෂාවල් සිදු කිරීමත්, අැඩ්වයිස් දීමත් අගයමි.

නමුත් යම් ලෙසකින් ඔබ හෝ ඔබලා දුස්රා පන්දු මුවාවෙන් නීති විරෝධී නිපන්දු එවුවහොත් අපි ජනතාවට ඔබලාගේ ඔළුවටම යෝකර් පන්දු එවීමට සිදුවනු අැත.

ඒ නිසා අපි හැමෝටම හැමදාම බෝල අල්ල අල්ල හෝ බෝල මිරික මිරික හෝ ඉන්නට නොහැකිය. මැච් එක ඉක්මනට ඉවර කරගෙන පිටියෙන් ඉවත් විය යුතුය. 

ඒ මන්ද යත් අපි සැවොම ජයග්රහනය කර රට දිනවා නිවසට පැමිනෙන තුරු අපි සැවොමගේම අහිංසක දුක් විඳිනා පවුල් සාමාජිකයින් දෑස් දල්වා බලා සිටිනා නිසාය.

එනිසා අපගේ විරසක කම්වල වන්දිය අපගේ අනාගත පරපුරටද ගෙවීමට ඉඩ නොතබමු. ලෝක දේශපාලනයේ පිලුනු වී කුණු චෙච්චි මේ පාට පක්ෂ විරසක කාලකන්නි දේශපාලන පරන මැසිම ඉවතලා සියල්ලෝම බෙදී දේශපාලන මත දරමින්ම සම්මුතිවාදීව එකට එක්ව රට කරවා පරමාදර්ශී වූ නවමු මාවතකට පිවිසෙමුයි යෝජනා කරමු.

ටික දිනක් හෝ මහන දම් පිරූ ඔබ සම්බුදු පියානන්ගේ දහම සිහිපත් කොට කිසියම් සෝවාන් පලයකට පත්ව ඒකාබද්ධ විපක්ෂය යැයි කියනා අයගේ විකෘති මොල සේදීමේ බාරදූර කර්තව්යයේ නියමුවානන් වනු අැතැයි යුක්ති සහගත ජනතාව කිසියම් විශ්වාසයක් තබයි...

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
යුක්තිගරුක යහපාලන ලැදි සමස්ත ජනතාව සමග ඒකාබද්ධව යෝජනා කර සිටිනා වගයි....
2016/06/11

Thursday, June 9, 2016

කෝටි ගණන්වල සැප වාහන ඇමතිලට අවශ්‍ය නෑ – රාජිත කියයි


කෝටි  ගණන්වල සැප වාහන ඇමතිලට අවශ්‍ය නෑ – රාජිත කියයි  

Wednesday, June 8, 2016

සැවොම අපේ සහෝදර ශ්රීලාංකික ජනතාවයි./ මහ ජාතිය යැයි කියනා අප සංහිඳියාව යන වචනය පරිසමාප්තියෙන්ම අගයනවාදැයි පරීක්ෂාවට කදිම යෝජනාවක්...

===============================
සැවොම අපේ සහෝදර ශ්රීලාංකික ජනතාවයි.
===============================
සාමාන්‍ය වැසියන් ඉන්න ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කරන්න ඕන කියන එකට සිංහල , දෙමළ හා මුස්ලිම් කියල භේදයක් නැහැ.
==============================================
මහ ජාතිය යැයි කියනා අප සංහිඳියාව යන වචනය පරිසමාප්තියෙන්ම අගයනවාදැයි පරීක්ෂාවට කදිම යෝජනාවක්...
==========================
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
මානව දයාව හඳුනන, යුක්ති සහගත සමස්ථ ශ්රීලාංකික ජනතාව සමග ඒකාබද්ධව ජනාධිපතිගේ අවධානයට යොමු කරවනා වගයි...

=================================================================

කොස්ගම පිපිරීම උදාහරණයක් සේ ගෙන උතුරේ යුද හමුදා කඳවුරුත් වෙනත් ස්ථාන වලට ගෙනියන්න - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඉල්ලයි


(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.08, ප.ව‍‍.7.20) කොස්ගම සිදු වූ  පිපිරීම උදාහරණයක් සේ සලකා උතුරේ පිහිටි යුද හමුදා කඳවුරු දැන් හෝ වෙනත් සුදුසු ස්ථාන වලට ගෙන යෑමට ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් පියවර ගනු ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ 07 දා යාපනය මාධ්‍ය සමාජයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා,
‘‘ දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල හමුදා කඳවුරු කිහිපයක්ම තියනවා එම හමුදා කඳවුරු තියෙන්නේ ජන ශූන්‍ය ප්‍රදේශ වල නෙමෙයි හැම හමුදා කඳවුරක්ම තියෙන්නේ සිවිල් ජනතාව වාසය කරන ප්‍රදේශවල. යාපනය , වව්නියාව , මුලතිව් , කිලිනොච්චි හා මන්නාරම් දිස්ත්‍රික්කවල කිසියම් දෙයක් හෝ පිපිරීමක් වුවහොත් ප්‍රශ්ණ ගණනාවක් නිර්මාණය වනවා. රජය දැන්වත් මම හිතනවා මේ හමුදා කඳවුරු සුදුසු වෙනත් ස්ථාන වලට මාරු කරයි කියලා.
අපි ඉල්ලීමක් කරනව ශ්‍රී ලංකා රජයේ ජනාධිපති තුමාගෙන් සහ අගමැති තුමාගෙන් මෙම හමුදා කඳවුරු ඉවත් කරන්නැයි කියලා. කොස්ගම පිපිරීම ඒකට හොඳම උදාහරණයයි. සාමාන්‍ය වැසියන් ඉන්න ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කරන්න ඕන කියන එකට සිංහල , දෙමළ හා මුස්ලිම් කියල භේදයක් නැහැ ” යි ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් පැවසීය.
(දිනසේන රතුගමගේ වවුනියාව)

---------------------------
by     (2016-06-08 16:25:08)
===========================================================================

Tuesday, June 7, 2016

රාජා භවතු ධම්මිකෝ (පාලකයන් දැහැමි වේවා)

===========================
රාජා භවතු ධම්මිකෝ (පාලකයන් දැහැමි වේවා)
=================================
2016.06.06 දින පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහසට - 

------------------------------------------
https://www.facebook.com/UdayaGammanpilaFanPage/videos/10154204350789253/
------------------------------------------
========================================
දේදුනු විප්ලවීය සබුද්ධික ජනතාවගෙන් යම් එකඟතාවයක්.....
========================================
ගම්මන්පිල මහතා කියනා සේම - (රාජා භවතු ධම්මිකෝ) රටේ හිටපු පාලකයන් දැහැමි වනවා වෙනුවට අධාර්මිකව රාජ්යය පාලනය කල නිසා එම යමපාලන සංස්කෘතිය අවසන් කල දේදුනු විප්ලවීය (6200000) හැටදෙලක්ෂයක් ජනතාව සහ මේ වන විට වත්මන් ජනපති තුමාගේ යහපාලන වැඩ පිලිවෙල හමුවේ එතුමන් හා එක්ව සිටිනා එදා පැවති මාධ්යය මර්ධනය නිසා රට තුල පැවති අධාර්මික තත්ත්වය නිසිලෙස අවබෝධ කාෙටගෙන නොසිටි තවත් ලක්ෂ සංඛ්යාත ජනතාවක්.....

.....වර්තමානය වන විට දැඩි අාතතියකින් පසුවේ. එම අාතතියේ බරපතල කම කොතෙක්ද යත් යමපාලන යුගයේ සිටි මැතිවරන කාෙමසාරිස් දයානන්ද මහතා 2010 ජනාධිපතිවරන ප්රථිපල නිකුතුවේදී පෙලුනු අාතතියද අභිබවා ගිය එකකි.

අාතතියට පදනම්ව අැත්තේ දූෂිතයින් පලවා හැරීමටත් හොරු අැල්ලීමටත් යැයි පවසා බලය ලබා ගත් වත්මන් ජනිධිපති තුමාගේ ප්රමානය ඉක්මවා ගොස් අැති මෛයිත්රී සහගත භාවය පිලිබඳවය...!

නමුත් දැඩි මර්ධනකාරී වටපිටාවක් තුල ඉතාමත් භීතියෙන් යුතුව තම පරමාධිපත්යය බලය පාවිච්චි කොට රටේ අාණ්ඩු පෙරලියක් සිදුකල දේදුනු විප්ලවීය ජනතාව පවසන්නේ ජනාධිපති සිරිසේන මැතිතුමාගේ යාළු මිත්රකම් සහ/හෝ මෘදු කම් ජනතාවගේ අපේක්ෂාවන් හට අදාල නොවනා බවයි. 

මන්ද යත් පවතින්නා වූ ඕනාම පාලන යුගයක් තුල නිරන්තරවම පීඩාවන් හට ගොදුරු වන්නේ ජනතාවම නිසා.... ඉතා අසීරුවෙන් අත්පත් කර දුන් දේදුනු විප්ලවයේ ප්රභාවය වත්මන් ජනාධිපති තුමා දියාරු කරමින් සිටිනා බැවිනි...

නීතිය සැමට පොදු යැයි පැවසුවාට දැනටමත් එය එසේ වන්නේ නැත.... අලි සොරකම් කල නඩුකාරයන් සති ගනන් සැඟවී සිට පැමින අැප ලබාගෙන යයි. රජයේ දේපල සහ ජනතා ධනය අයථා ලෙස ලබාගෙන අැති හිටපු ජනාධිපති සොයුරන් අත් අඩංගුවට ගන්නටත් පෙර අැප සූදානම්ය...
0000000000000000000000000000000000000000000000000000000000000000000
නමුත් දරුවාට කිරි පැකට්ටුවක් ගන්නට, පාසල් ගාස්තුවක් ගෙවන්නට, කෙසෙල් කැනක් හොරෙන් කැපූ අහිංසයා සොයා රට පීරයි... 
===================================================
පොඩි එකාට පමනයි නීතිය.. ලොකු හාෙරාට නැති අධාර්මික. 
===================================================
මෙවන් වටපිටාවක් තුල රටේ ජනතාව දැඩි අාතතියකින් පසුවේ. හමුදා සෙබලුන් සහ ඒ අයගේ පවුල්වල සාමාජිකයෝද රටේ ජනතාව නිසා ගම්මන්පිල පවසනා ඔවුන්ගේ අාතතියද අනිකුත් සියලු ජනතාවගේ අාතතිය හා සියයට සීයක් සැසඳේ...

පාරිශුද්ධ වූ මෙතරම් ජන බලයක් අැති වත්මන් ජනපති ඒ විප්ලවීය ජනතාව පිලිබඳ හෙට දවසේදීත් විශ්වාසය නොතබා සිදු කරගෙන යනු ලබන මෙම අක්ඥාණවන්තකම් පිලිබඳ අාපසු හැරී බැලීමක් සිදුකොට ජනතාවගේ අභිලාෂයන් මුදුන් පත්කිරීමට කටයුතු කල යුතුය.

රාජා භවතු ධම්මිකෝ (පාලකයන් දැහැමි වේවා)

පෞරුෂ ගති ප්රභල වේවා... ගම්මන්පිලලා වැනි දේශද්රෝහී දෙපිටකාට්ටුවන් පිලිබඳ පියවර ගනිත්වා... පෙර සිටි නායකයින් සිදුකල පොරොන්දු කඩ කිරීම් නොකරත්වා.... 

සෝභිතාවතාර
දේදුනු විල්ලවීය ජනතාව සමග ඒකාබද්ධව කරනා ප්රකාශයයි.