Saturday, November 21, 2020

Difference of Keels & Cargills Online Behaviours / කීල්ස් සහ කාගිල්ස් ඔන්ලයින් කෙරුවාවේ වෙනස.. වටහා ගනිමු..

 Difference of Keels & Cargills Online Behaviours

කීල්ස් සහ කාගිල්ස් ඔන්ලයින් කෙරුවාවේ වෙනස.. වටහා ගනිමු..

Difference of Keels & Cargills Online Behaviours
                      */**//***///***//**/*

සාක්ෂි අතේ ඇති මේ ඇත්ත කථාව පවසන්නේ කැනඩාවේ සිටින දියනියක් තම මාපියන් හට කල හැකි වෙන් අන් සරනක් නොවූ තැන කීල්ස් ඔන්ලයින් මගින් එවූ රු. 20, 000/- කට ආසන්න වටිනාකමක් ඇති බඩු මල්ලේ "කොරෝනා" ගරානා.. නොපෙනෙන අසාධාරනය සම්බන්ධව ලෝක වාසී සියළු
ශ්රී ලාංකිකයින් දැනුවත් කරලීමට සහ කීල්ස්/Keels ලාට මෙවන් වැරදි මතුවට නොවන ලෙස නිවැරදි කර ගැනීමටයි.

"කොරෝනා" වසංගතකාරී වාතාවරනය යටතේ ඔන් ලයින්/Online සේවාවන් මගින් සිදුවනුයේ සුළුපටු සේවයක් නොවේ. නමුත් පාරිභෝගිකයින් හට එමගින් නිසිඵල ලැබෙනුයේ තමන් හට අවශ්ය කරනා අත්යාවශ්ය ද්රව්ය ලැබේනම් මිස.. මෙවන් අවස්ථාවක වෙළෙන්දා තමන් හට විකුණාගත නොහැකිව පවතින කූණු කන්දල් ගන්නට සැලැස්වීම නොවිය යුතුය.

එය තමන්ගේ ප්රතිරූපයට නිගාවක් සහ විනාශයට හේතුවක් බව ඔවුන් කිසිසේත්ම අමතක නොකල යුතුය. විශේෂයෙන් පිට රටවල සිට තම මාපියන් වෙනුවෙන් අහාර ද්රව්ය ලැබීමට සැලැස්වීමේදී මේ තත්ත්වය බරපතල බව සාක්ෂි සහිතය මොවුන් තම ඇනවුම පසු දිනම ලබා දීමට සමත්ය.

නමුත් ඒ අවශ්ය කරන ද්රව්ය කිසිවක් නොමැතිව සහ තියෙන ද්රව්යද ඉතාමත් බාල සහ ඉවත ලන තත්ත්වයේ පවතින එළවලු සහ පළතුරුය. නමුත් වැඬේ කියන්නේ මොවුන්ගේ අලෙවි ප්රදර්ශනාගාර වෙත ගිය කල්හි නැති බඩු සියල්ල ඇත.

එයින් පැහැදිලි වන්නේ ඔන්ලයින් පාරිභෝගිකයින් හට නොසලකන බවත්.. ඔන්ලයින් පාරිභෝගිකයින් තබාගෙන සිටින්නේ විකුණාගත නොහැකි සියළු කුණු කන්දල් තල්ලු කර දැමීමට බවත්ය.
මොවුන්ගේ ඔන්ලයින් මෙනුවේ හාල් වර්ග ඇත්තේ රු. 250/- න් ඉහල ඒවා පමනි. එළවලු තිබෙන්නේ විකූණාගත නොහැකි කැකිරි සහ තිබ්බටු වැනි කූඩා අර්තාපල්ය බිස්කට්, ටූත් පේස්ට් සහ තව බොහෝ සිල්ලර සහ කුළු බඩු වර්ග තිබෙන්නේ අවශ්ය ප්රමානයේ ඒවා නොව.. නොවිකිනෙන ලාබ අධික කුඩා පැකට්ය. නමුත් සියළු ප්රදර්ශනාගාරවල නැතැයි කියන මේ සියල්ල ඇත.

පාරිභෝගික වෙළඳ කටයුතුවලදී විශේෂයෙන් පාරිභෝගිකයා නොදැනුවත්ව ඔවුන් හට වංචනික ක්රියා සිදුකිරීම සොබා දහමේ ශාපයට ලක්වීමේ අංක එකේ සාධකයකි. දැඩි අවධානයට ගත යුතු..

එම නිසා කීල්ස්/Keels ආයතනයේ පාලනාධිකාරියේ ලොකු කෙරුමන්ලා ප්රකෝටි ගනනින් රජයේ සහන ණය ලබාගෙන සැපයුම් කරුවන් හටද මාස තුන හතරේ ඬේට්චෙක් දීලා මහ පරිමාන වෙළඳ ව්යාපාර ආරම්භ කොට කෙසේ හෝ බඩු ටික උනු උනුවේ විකිණෙනවා නම්..

ඒ මදෑ කියා සිතා කොරෝනාවට බයේ නිවෙස්වල සැඟවිලා කාලා බීලා පමනක් හිඳ පලක් නැත. තම තමන්ගේ පැවැත්මට හේතු වී ඇති පාරිභෝගික ප්රජාවගේ සේවාවන් නිසි ලෙස ඉටු වනවාදැයි නොසොයා නොබලා හිඳ පලක් නැත.

වරදක් අකටයුත්තක් අසාධාරනයක් කෙරුවොත් කෙදිනක හෝ ඒවාට දඩුවම්ද නියත බව මෙවන් සිදුවීම් වලින් හෝ මින්මතු දැන ගනිත්වා.

                     ==============@@@================

ඒකටත් එක්ක මෙන්න මිනිස්සු පුළුවන් නම් කරනවා.. බැරිනම් නිකං ඉන්නවා.. බොරුව, වංචාව, ප්රෝඩාව නෑ.

කීල්ස්ලා ව්යාපාරික ලෝකයේ බිම් එලිය දකින්නටත් දශක ගනනාවකට පෙර සිට කොළඹ කොටුවේ අනාදිමත් ඉතිහාසයක් ඇති කාර්ගිල්ස්/Cargills කියූ පමනින් එවකට නොදන්නා කෙනෙක් නොමැති..

මෙන්ම ෆුඞ්සිටි/FoodCity සංකල්පය ප්රථමයෙන් ශ්රී ලංකාවට හඳුන්වාදුන් පුරෝගාමියා.. කාර්ගිල්ස්/Cargills අයිතිකාරයාම කොළඹ මැනිං මාකට් එකට ගොස් සියළු එළවලු/පලතුරු සහ අනිකුත් සියළු පාරිභෝගික ද්රව්ය තමුන් විසින්ම තෝරා ගෙනැවිත් ඇරඹි ව්යාපාරය අදටත් විනිවිද දැක්මෙන් යුතුය. ප්රතිපත්ති සහගතය.

එහෙම කියන්නේ නිකම්ම නිකම් නොවේ වසර 45 ට පෙර පුංචි කාලේ සිට කොළඹ කොටුවේ කාර්ගිල්ස් සාප්පුවෙන් බඩු භාණ්ඩ මිලට ගෙන අද වන තුරු ඉතා හොඳින් දන්නා ඉතිහාසාත්මක සාධක මතය.

ඒ අනුව මෙහිීදීද මෙම කොරෝනා සමයේ කාර්ගිල්ස් ඔන්ලයින් සේවාව සම්බන්ධයෙන්ද කරුනු දක්වා සිටින්නේ අත්දුටු අත්විඳි ඉතා පැහැදිලි සාධක මතය.

කාර්ගිල්ස් ඔන් ලයින් සේවා මේ වකවානුව තුල ඉතාමත්ම කාර්යය බහුලය. පිට රටක සිට හෝ මේ රට තුල සිට හෝ ද්රව්ය ලැයිස්තුවක් ඇනවුම් කල විගස නොලැබේ. මේ දිනවල භාණ්ඩ ගෙනැවිත් බාර දීමට අඩුම තරමින් අනිවාර්යයෙන්ම දින 5 ක් 6 ක් හෝ සතියක්වත් කල් ගත වේ.

නමුත් එහි වටිනාකම සහ විශේෂත්වය වන්නේ ඔවුන් සතියක් කල් ගෙන හෝ තම පාරිභෝගික ප්රජාවට ලබා දෙන භාණ්ඩවල පවතින ප්රමිතියේ සහ තත්ත්වයේ උසස් භාවයේ අගයයි. එය අති විශිෂ්ඨ යැයි කිව හැක. ධර්මානුකූල පැවැත්මේ අංක එකේ සාධකයද එයමැයි.

එලවළු පලතුරු සහ අනිකුත් සියල්ල පාරිභෝගිකයා ඇනවුම් කල දේ සහ ඒ ප්රමානවලින්ම පමනයි. නැත්නම් ඒ මුදල් ආපසු ලැබේ. යම් ලෙසකින් චිකන් හෝ එලවළු හෝ කිලෝවක් ඇනවුම් කල විට ප්රමානය වැඩියෙන් තිබුනොත් එයට බිල් කර නැත. බයේ සිටියේ ඇනවුම් කල පොල් වල තත්ත්වය කෙසේ වේදැයි සැකයෙනි. බලනකොට පොල් ගෙඩි ටික සේරටම වඩා උසස්ය.

කාර්ගිල්ස් ලාගේ ඔන්ලයින් සේවාව ඇනවුම් වැඩි කම නිසාම යම් ප්රමාදයක් සිදු උවද.. ඔවුන්ගේ අරමුන ලද අවස්ථාව ප්රයෝජනයට ගෙන මොනවා හෝ කුණු කන්දල් ටිකක් භාණ්ඩවල තත්ත්වය එවෙලේ නොදකින ඔන්ලයින් පාරිභෝගිකයා වෙත අලෙවි කොට කලදුටු කල වල ඉස ගැනීමේ පහත් වෙළඳ ප්රතිපත්තියක් නොවීම අගය කල යුතුව ඇත.

මෙය කිසිවෙකු වෙනුවෙන් ද්වේශ සහගත ලෙස සිදු කරන ලද සමාජ මාධ්ය හෙලිදරවුවක් නොවන බව අති විශේෂයෙන්ද.. අවධාරනයෙන්ද සලකත්වා..
දැන වෙළඳන්.. නොදැන ගොවිතැන්.. කිව්වලු..!!

================@@@===================

පාරිභෝගික අයිතීන් සුරැකීම උදෙසා සත්භාවයෙන් සිදුකරනු ලැබූ ප්රකාශනයේ අයිතිය විදහා දැක්වීමකි.. */**//***///***//**/*

පවතින සමාජ අසාධාරයෙන් පීඩිත ජනතාව අතර වෙසෙන තවත් එක් සත්පුරවැසියෙක්..

  *#Sobit..20/11/20
*/**//***///***//**/*