Saturday, March 3, 2018

මහින්දාගමනයේ අාශ්චර්යය රටතට කල හදියක් මගේ දෙවියනේ...

 මහින්දාගමනයේ අාශ්චර්යය රටට කල හදියක්  මගේ දෙවියනේ... 

කිසිවක් පැවසීමට අවශ්යය නැත. මෙහි පහත දැක්වෙන වීඩියෝව බලා කනින් අසා සබුද්ධික ජනයා නොව හැඟීම් බර අබුද්ධික ජනයාගේ දැන ගැනීම පිනිසයි.
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්


නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්

Friday, March 2, 2018

ලංකාවේ සහ ඉන්දීයාවේ පාදඩ මාධ්යයන්ටයි... / නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට

ලංකාවේ සහ ඉන්දීයාවේ පාදඩ මාධ්යයන්ටයි... / නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට
මෙම ප්රකාශ සත්යය බව ප්රකටයි. නමුත් ශ්රීදේවියගේ මරනය හමුවේ ඉන්දීය බොහෝ මාධ්යය හැසිරී අැති අාකාරය නම් ශ්රීලංකාවේ සමහර පාදඩ මාධ්යයන්ටත් වඩා පිලිකුල් සහගතයි.

ජීවත්ව සිටියදී අැයව විකුණාගෙන කෑ ඒ දූෂිත මාධ්යයම මරනයෙන් පසුවත් අැයව ඉතා පහත් අයුරින් විකුණාගෙන කා අැත. මෙවන් අමන/පාදඩ/සක්කිලි මාධ්යයන්ගේ හැසිරීම බලා හෝ අප රටේ සමහර පාදඩ මාධ්යයත් යමක් වටහා ගතහොත් යහපති. 

නම් වශයෙන් පවසන්නේ නම් ලංකා C නිව්ස් සහ ජනතාවාදීව අභීත ජාතික මෙහෙවරක් කරමින් සිටි මුත් මේ වන විට ජනතාවගෙන් අෑත්ව අන්ත ගෝත්රිකවාදී ලෙස ඒකපාක්ෂිකව UNP යේ නායකකාරකාදීන් හට කඩේ යමින් ඒ ඩීල් කරුවන්ගේ කුක්කෙක් තත්ත්වයට පාත්රව සිටිනා ලංකා E නිව්ස් ඩොට්කාෙම් සහ ඩොට් එල්කේ පිලිබඳ ජනතාවගේ පාර්ශවයේ සිට නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට පෙන්වා දෙයි.
2018/03/03








==================================================================================

ශ්‍රී දේවිගේ අවිනිශ්චිත මරණය සමග 
ඉන්දීය මාධ්‍ය සෙල්ලම් කළ හැටි

පසුගිය සෙනසුරාදා අනපේක්ෂිත ලෙස මරණය වැළඳගත් බොලිවුඩ් තාරුකාව ශ්‍රී දේවි සම්බන්ධයෙන් සමාජයේ විශාල අවධානයක් ලැබීමේ වාසිය පදනම් කරගෙන එරට ඇතැම් මාධ්‍ය හැසිරුණ ආකාරය පිළිකුල් සහගත බවට මේ වනවිට විවේචන එල්ලවී පවතී.
ශ්‍රී දේවි මියගිය අයුරු අපැහැදිලි වීමත් සැකයට මුල්වූ හේතු රැසක් පැවතීමත් නිසා මෙආකාර මාධ්‍ය හැසිරීමක් ඉබේම නිර්මාණය වූ බවද ඇතැමුන්ගේ අදහසයි.
ඇය මියගියේ හෘද රෝගයකින් බව මුලින් පැවසුණත් පසුව එම නිගමනය සැකයට ලක් කරමින් පශ්චාත් මරණ වාර්තාවක් නිකුත්වූ නිසා ඇය මත්ද්‍රව්‍යයක් නිසා බේසමේ ගිලෙන්නට ඇතැයි වාර්තා පළවිය. ඒ අතරම botox නමැති සමේ තරුණ පෙනුම රැකගැනීමට
එන්නත් කරගන්නා ඖෂධයක් විසවූ නිසා මියගිය බවටද වාර්තා පළවිය. එසේම ඇයගේ මුහුණේ ප්ලාස්ටික් සැත්කමක් තිබුණ බවත් එය හොදින් සුවවීම වෙනුවෙන් ඇය නිරන්තර ඖෂධ ලබාගත් බවත් ඇය රට යද්දී එම ඖෂධය අමතකවී ඩුබායිහිදී වෙනත් වෙළෙඳ නාමයකින් එම ඖෂධ ලබාගන්නට යාමෙන් හානියක් වන්නට ඇති බවත් තවත් වාර්තාවක පළවී තිබුණි.

තවත් මාධ්‍ය ආයතන ගණනාවක්ම සිය ප්‍රවෘත්ති වඩා හොදින් ඉදිරිපත් කිරීමට ශ්‍රී දේවී මියගිය නාන කාමරය දැක්වෙන ග්‍රැෆික් නිර්මාණ ඇසුරින් ‘වර්චුවල් බාත්රූම්‘ සකස් කර තිබුනේ ඇතැම් විට හාස්‍ය දනවන අයුරිනි.

ශ්‍රී දේවි ටබ් එකේ මියගොස් සිටියදී බොනී කපූර් නාන කාමරය වෙත පැමිණ ඇය දෙස බලන අයුරුද පොටෝ ෂොප් ඇසුරින් සකසා එක් මාධ්‍ය වාර්තාවක පළ කර තිබුණි.

එක් රූපවාහිනී නාලිකාවක නිවේදකයෙකු බාත් ටබ් එකක දිගාවී ශ්‍රී දේවී මියගිය ආකාරය විස්තර කර තිබේ.

මේ අතර ශ්‍රී දේවිය මියගොස් සිටි අතරවාරයේ ඇය හා සමාන ඇස් ඇති බිළි‍ඳෙකුගේ උපත පිළිබඳ ආකර්ෂණීය මාධ්‍ය වාර්තාවක්ද එරට බොහෝ නාලිකාවන්හි විකාශය විය.

මෙම වාර්තා විවේචනය කරමින් ඉන්දීය සමාජ මාධ්‍ය තුළද බොහෝ අදහස් පළව තිබුණි.

Thursday, March 1, 2018

වත්මන් ජනපතිඳුන් හට අවධාරනයෙන් යොමු කරනු ලබනා ජනතා පෙත්සමයි.


වත්මන් ජනපතිඳුන් හට අවධාරනයෙන් යොමු කරනු ලබනා ජනතා පෙත්සමයි.
==================
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 08 සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවය හමුවේ පරාජයට පත්වී කසල ගොඩට විසිවූයේ මර්වින් සිල්වා වැනි තවත් පාදඩ දේශපාලකයින්ගේ වැරදි ක්රියා හමුවේ අඳ/ගොළු/බිහිරෙකු සේ සිටීම එක් ප්රභල කාරනයක් වූ නිසාය....

එහෙයින්... වත්මන් ජනපති තුමනි ඔබද ඒ තත්ත්වයට පත් නොවී මෙවන් අවස්ථාවන්හිදී පාට පක්ෂ න්යාය පත්රයන් කටුගා දමා රැඩිකල් විප්ලවවාදියෙකු සේ නොපැකිල නිර්භයව මෙවන් අපතයින් සම්බනන්ධයෙන් විනය පරීක්ෂනයන් සිදුකොට දේශපාලනයෙන් නෙරපා හැර සමස්ථ දේශපාලනයටම පරමාදර්ශී වන්න...

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට අවධානයෙන්....
==========================================
නීතිය උඩු යටිකරු වෙයි: ඌව මහ ඇමැති දණගැස්සූ විදුහල්පතිනියගෙන් කෝටි 50 ක් වන්දි ඉල්ලයි

(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.27, පෙ.ව‍.6.10) බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ආර්. භවානි මහත්මිය දණගැස්වීම නිසා දැනට ඇප මත නිදහස්ව සිටින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක නීතිය උඩු යටිකුරු කරමින් විදුහල්පතිනිය තමන්ට අපහාස කළා යැයි කියා ඇයගෙන් රු.මිලියන 500 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

ප්‍රධාන ඇමැති මෙලෙස එන්තරවාසි යවා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම විසින්ද පරීක්ෂණයක් සිදුකරන අතරතුරදී ය.

මෙවැනි පසුබිමකදී අගතියට පත් පැමිණිලි කාරියට මහ ඇමැති තම බලය පෙන්වා එන්තරවාසි යැවීම ඇයට කරන ලද තර්ජනයක් ලෙස සැලකිය යුතුය. දේශපාලන බලවතෙකු විසින් සිය බලය අයුතු ලෙස යොදා රජයේ සේවකයන් දණ ගස්වද්දී ඒ සම්බන්ධ නඩු විභාග වෙද්දී අපහාස කළා යැයි එන්තරවාසි යවමින් අගතියට පත් අය බියට පත් කරන්නේ නම් රටේ දේශපාලන බලවතුන්ට එරෙහිව නීතියක් ක්‍රියාත්මක කළ නොහැකි වනු ඇත. මෙවැනි අවනීතික එන්තරවාසියක් යැවූ නීතිඥයා කව්දැයි සොයා ඔහුට එරෙහිව කටයුතු කිරීමට නීතිඥ සංගමයද කටයුතු කළ යුතුය.



Wednesday, February 28, 2018

Very strong man / හිතට වදින පට්ට කතාවක් / නිර්පාක්ෂික සෝභිතාවතාර අදෘශ්යමානව මුත් ජනතාව අතරමයි...



Maya Jayalath
February 17 at 1:52pm
https://www.facebook.com/groups/552598355101439/permalink/557140167980591/
Very strong man / හිතට වදින පට්ට කතාවක් / නිර්පාක්ෂික සෝභිතාවතාර අදෘශ්යමානව මුත් ජනතාව අතරමයි...
==================================================
සෝභිත හිමියන්ගේ 2020 අවසන් මෙහෙයුම උදෙසා මෙම වීඩියෝවේ දැක්වෙන අාකාරයේ රට පුරා නන් දෙස විසිර පැතිර පවතිනා පරහිතකාමී මිනිසුන් සැවොම සෑම දෙසින්ම ඒකරාශීව කඳවුරු බැඳ පෙලගැසෙන්නට අදිටන් කර ගන්න.

2020 මීලඟ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු හෝ අපේක්ෂිකාවක සමගින් මහා බලයක් ලැබ සමස්ත ජනතාව සහ මතු පරපුර වෙනුවෙන් විමුක්තිය උදා කරලීමට පෙල ගැසෙන්නට අදිටන් කර ගනිමු.

නිර්පාක්ෂික සෝභිතාවතාර අදෘශ්යමානව මුත් ජනතාව අතරමයි...

https://www.facebook.com/groups/552598355101439/permalink/557140167980591/

සෝභිත හිමිගේ අවසන් මෙහෙයුම
2020 - FINAL MISSION


Tuesday, February 27, 2018

අභීත මුත් හැඟුම්බර අපගේ සිංහල මලයින්ට අයාචනයක්...

අභීත මුත් හැඟුම්බර අපගේ සිංහල මලයින්ට අයාචනයක්...
මෙම FB/ (Post) පෝස්ට් එකට පොඩි අටුවාටිකාවක්...

මිත්රවරුනි ජාතිඅාගම් කුලමල සියළු භේදයන්ගෙන් තොරව හෘද සාක්ෂියට එකඟව අාගමානුකූලව සිතා බලන්න ප්රභාකරන් අපට එරෙහි වූයේ අතීතයේ අපේ හිටපු අවස්ථාවාදී පාලකයින් විසින් සුළු ජාතීන් හට සිදු කල අසාධාරනකම් තව දුරටත් දරා ගත නොහැකි වූ කල්හි නොවේද කියා..!

නමුත් අපේ මහාකළු සිංහල පාලකයින් දශක ගනනාවක් පුරා අපේම රටට ජාතියට සහ විශේෂයෙන් රටේ දරුවන්ගේ අනාගතයට කර අැති මේසා විශාල අසාධාරනය සිදු කර අැත්තේ අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ පටන් අද දක්වා සිංහලයින් සිංහල පාලකයින් හට කුමන වරදක් සිදු කලාටද....

අපගේ මාපිය මුතුන් මිත්තන් සහ අද වන විට ඔබ අප සැම සිදු කල එකම වරද වී අැත්තේ කලින් කලට පාට පක්ෂ මාරු කරමින් සිංහල මුත් බලය ලද පසු ජනතාව අමතක කර උන් උන් කල්ලි ගැසී බලය හුවමාරු කර ගනිමින් මාරුවෙන් මාරුවට ජනතාවගේ (ඔබේ මගේ අප සැමගේ) ධනය සොරාකමින් රට සහ ජනතාව අගාදයට පත්කල ගෝත්රිකයින් පිරිසක් දිගින් දිගටම බලයෙහි පිහිටුවීම පමනක් නෙවේද...? එහි කෘතගුණ සැලකුම හෝ රට නගා සිටුවීම කෙසේ වෙතත් දැන් මුන් සේරම සිදු කර අැති එකම වින්නැහිය වන්නේ.. රටේ දරුවන් තව වසර ගනනාවක් පුරාවට ලෝකය හමුවේ ණය කාරයන් කරවීම නොවේද...?

නමුත් කෙදිනකවත් ප්රභාකරන් එවැනි අසාධාරනයත් තම ජාතියට සිදු කලා යැයි ඔබ අසා තිබුනාද..!

එනිසා අප පෙල ගැසිය යුත්තේ ඒ මහා අසාධාරනයෙන් මේ රට සහ අනාගත පරපුර බේරාගැනීමට මිස අපටත් වඩා අසාධාරනයකට පාත්රව සිටිනා අපගේ සහෝදර සුළු ජාතීන් හට කෙනහිලිකම් කිරීමේ පාපයට හවුල් වීමට නොවනු අැත. ඒ නිසා නිරතුරුවම අවස්ථාවාදී සිංහල පාලකයින්ගේ රැවටුම් බස් වලට හසු නොවී සියල්ල බුද්ධියෙන් විමසා බලන්න හුරුපුරුදු වන්න. ඊට කදිම සිතිවිල්ලක් ඔබ සැම හමුවේ මෙසේ තබමු.

කිසි විටෙකත් ශෝක, ක්රාේධ, සතුටු, පැහැදීම්, අැති වූ කිසිදු අවස්ථාවක වරක් දෙවරක් නොව සියක් වර හොඳින් සිතා බලා මිස තීරන ගැනීමත්.. පොරොන්දු දීමත් සිදු නොකරන්න.

මෙම අභාෂය තමා තුලට උකහා ගතහොත් කිසි දිනෙක කිසිවෙකුට කිසිදු කරුනක් වෙනුවෙන් ජීවිතයේ කිසිදු දිනෙක පසුතැවීමට හේතුවක් අැති නොවනු නියතය.

පැවති අසීරු වාතාවරනයන් යටතේ සැබවින්ම දෙපාර්ශවයෙන්ම එකිනෙකාට සිදුවූ අකටයුතුකම් මොහොතකට අමතක කොට සැබෑ ජනතාවාදී නායකයින් කෙසේ විය යුතුද යන්න සලකා බැලූ කල්හි  ජාතියේ විමුක්තිය උදෙසා දිවි හිමියෙන් කැපවූ නායකයෙකි ප්රභාකරන් යනු අතිශෝක්තියක් නොවනු අැත.

කෙසේ වෙතත් මේ යන අාකාරයට තව දුරටත් අපගේ රට ඉදිරියට ගෙන ගියහොත් සිංහලුන් අතරින්ම දූෂිත සිංහල නායකයින් නසනා සිංහල ප්රභාකරන් කෙනෙකු බිහි වීමට ඉඩකඩ නැතිව නොවේ...

....එදිනට ඒ ප්රභාකරන් හා එකතූවී කඳවුරු බැඳ දූෂිත පාලකයින් පන්නා දැමීමට ඔබ සැම කොන්දේසි විරහිතව සටනට පිහිසෙන බව නියතය..

එහෙම නේද සහෝදරවරුනි... තට්ටු කර බලන්න ඔබේම හදවතට...
-------------------------------------
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට සැම කල්හිම සියළු ජනතාව වෙනුවෙන් අැප කැපව සිටිනා වගයි.
==============================================
https://www.facebook.com/permalink.php?story_fbid=1895534390691099&id=100007036684569

https://www.facebook.com/permalink.php?story_fbid=1895534390691099&id=100007036684569

Sunday, February 25, 2018

හිටපු ජනපති තුමනි මෙවන් පුරසාරම් වලට කලින් මින් මතු හෝ දූෂිතයින් නොරකින බවට රට හමුවේ ප්රසිද්ධ පොරොන්දුවක් දී සිටින්න.

හිටපු ජනපති තුමනි මෙවන් පුරසාරම් වලට කලින් මින් මතු හෝ  දූෂිතයින් නොරකින බවට රට හමුවේ ප්රසිද්ධ පොරොන්දුවක් දී සිටින්න. 
නිර්පාක්ෂික සෝභිතාවතාර
=========================================================== 
පාද යාත්රා ගොස් ප්රජාතන්ත්රවාදය දිනා ගත්තා යැයි කටමැත දොඩන්නා වූද.... තම පරපුරේ ඉතිහාසය ගැන මහත් උජාරුවෙන් පුරසාරම් දොඩනාන්නා වූද.. පර්සි මහෙන්ද්ර රාජපක්ෂ නාෙහොත් හිටපු ජනපති මහින්දගේ මෙම මිය ගිය ඉතිහාසය නැවත මතු කිරීමෙන් ඔහුගේ ගෝත්රික වාදීන් අපේක්ෂා කරන්නේ කුමක්ද...
https://youtu.be/N-J9nylXRGU
අප සැම එදා එතුමන් බලයට පත් කලේ ඔහුම පාද යාත්රා ගොස් සටන් වැදී ඒ දුෂ්ඨ,කුරිරු,අධම,පාදඩ, සමාජ ක්රමය සහ අදටත් ගොඩඒමක් නොමැති ඒකාධිපතිවාදී වූ මේ කාලකණ්නි ව්යවස්ථාව අතුගා දැමීමට නොවේද..?
https://youtu.be/N-J9nylXRGU
අවසානයේ 2015 ජනවාරි 08 සෝභිත හිමිපානන්ගේ දේදුනු විප්ලවය මගින් රටේ සබුද්ධික ජනතාව ඔහුව පන්නා දමන තාක් ඔහු කල කී දෑ නැවත නැවත කබල් ගෑම නිෂ්පල වන්නේ ගිය නුවන අැතුන් දහසක් දමා උවද නැවත අැද්දවිය නොහැකි වන නිසාය.

https://youtu.be/N-J9nylXRGU
මේ වන විට මහින්ද රාජපක්ෂ යනු රටේ උගත් වැදගත් බුද්ධිමක් ජනතාව අතර ඉතා පහත් අඩියෙකට වැටෙමන් පවතිනා අවාසනාවන්ත චරිතයකි.
https://youtu.be/N-J9nylXRGU
මා වෙන අන් කිසිවක් නොපවසමි. මෙම වීඩියෝව බලා රටවැසි ඔබසැම තීරනය කරන්න මෙහි සිටින්නේ වර්තමානයේ සිටිනා මහින්ද රාජපක්ෂද නැතහොත් සිතා ගත නොහැකි ගුප්ත මහින්ද කෙනෙකුගේ චරිතයක්දැයි කියා...!

https://youtu.be/N-J9nylXRGU
එහෙයින් පීඩිත ජනයාගේ විමුක්තිය වෙනුවෙන් කොතෙක් සටන් කලද තමන් හට අසීමිත බලයක් ලැබුනු පසු ඒ සියළු මානව හිතවාදීකම් සුනුවිසුණු කර දමනා මෙවන් නායකයින් ගැන දැන්වත් ජනතාව කරුනු අවබෝධ කොට ගත යුතු නාෙවේද...!

නිර්පාක්ෂික සෝභිතාවතාර ජනතාව සමගින්...! 
2018/02/25
මෙම වීඩියෝව බලන්න...  තීරනය ඔබ තුයි.