Thursday, May 5, 2016

ජාත්යන්තර දූෂණ විරෝධී සම්මන්ත්රනය

--------------------------------------------------------------------------------------------
ජාත්යන්තර දූෂණ විරෝධී සම්මන්ත්රනය
--------------------------------------------------------------------------------------------
යහපාලන ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුනි,
එංගලන්තයේ පැවැත්වීමට නියමිත ඉහත සමුළුව සඳහා වත්මන් ශ්රීලංකා ජනපතිඳුන් හට අාරාධනය කිරීම ලෝක නායකයින් ගත් ඉතාමත් කාලෝචිත තීරනයක් බව කිව යුතු මනාය.

ලද එම අවස්ථාව ප්රයෝජනයට ගෙන වර්තමානය වන විට විශේෂයෙන් ශ්රීලංකාව අැතුළු ගෝලීය දේශපාලකයින් ජනතා මුදල් දූෂිත අාකාරයෙන් එක් රැස් කොට ඒවා ලිහිල් නීති සහිත විදෙස් රට රටවල පවතින්නා වූ බැංකුවල ඉතාමත් රහසිගතව තැන්පත් කොට මතු අාත්මවලත් ඉපදී ඒවා බුක්ති විඳීමට හැකියී සිතා සඟවා අැති අසීමාන්තික වූ ධනස්කන්දන් නිසා දුක්විඳිනා ජනතාවට අභාග්යය සම්පන්න යුගයක් උදා වී අැත.

මෙය නැවැත්වීමට දූෂණය පිටුදකිනා සමස්ථ ලෝකයාම එකට එක්ව පියවර ගත යුතුය. ඒ සඳහා කොතැනක සිට හෝ කතිකාවතක් අාරම්භ විය යුතුය. ඊට සුදුසුම තෝතැන්න ඉහත සමුළුව මගින් උදාවනු අැත. 

වසර ගනනාවක සිට රාජ්යය දූෂනය පිලිබඳ හසල අත්දැකීම් සම්භාරයක් අැති වත්මන් ජනාධිපති අපගේ මෛත්රීපාල සිරිසේන මැතිඳුන් හට ඒ සඳහා අාරාධනයක් ලැබ තිබීම ඉමහත් සතුටටත් දුක්විඳිනා ජනතාවගේ භාග්යයක් ලෙසත් සලකමි.

එනිසා ජනපති තුමා සුවිශේෂී වූ හරවත් දේශනයක් මගින් ලෝක නායකයින් සැවොම මෙවන් දූෂන ක්රියා වැලැක්වීමටත්, මර්ධනයටත්, මේතාක් සිදුව අැති දූෂිත මුදල් ජනසතු කරවීම හෝ අාපදා අරමුදලක් වෙත යොමු කරවීම හෝ පිලිබඳ කතිකාවතක් අාරම්භ කරවීමට පියවර ගත යුතුය.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
2016/05/05

Sunday, May 1, 2016

(බෙදී දේශපාලනය කාෙට එක්ව අාණ්ඩු කරමු) යන තේමාව යටතේ මින්මතු ජාතික ප්රථිපත්තියකට යටත් වෙමු.

--------------------------------------------------------------------------------------------
ලෝකයා සිනාසෙන තවත් හිස් කම්කරු
දිනයක් නිමා විය.

--------------------------------------------------------------------------------------------
සම්මුතිවාදී යහපාලනයේ නාමයෙන් මින් මතු වැඩකරන ජනතාවගේ මැයි දිනය ප්රතිනිර්මානය කරමු.



(බෙදී දේශපාලනය කාෙට එක්ව අාණ්ඩු කරමු) යන තේමාව යටතේ මින්මතු ජාතික ප්රථිපත්තියකට යටත් වෙමු.

උගතුන් බුද්ධිමතුන් සපිරි මෙසිරිලක තුලින් ලෝක දේශපාලනයට අද මැයි 01 දා සේ බෙදී දේශපාලනය කාෙට එක්ව අාණ්ඩු කර සංහිඳියාවෙන් යුත් සම්මුතිවාදී අාණ්ඩු සංකල්පයෙන් පරමාදර්ශ සපයමු.

පැවති 2015 ජනාධිපතිවරන ප්රථිපලයත් එම ජයග්රහනය නැවත වතාවක් තහවුරු කල මහ මැතිවරන ප්රථිලයත් තුට්ටුවකට හෝ නොතකා ඒකාධිපති වියරුවෙන් සහ බල තන්හාවෙන් අන්ධව තවමත් බහුතර ජනමතයට ගරු නොකොට තමන්ගේත් තම පවුලේත් තම ගජ මිතුරන්ගේත් දූෂන සහ අපරාධ යටපත් කර ගැනීම උදෙසා අහිංසක ජනතාව මුලා කරමින් ඒකාබද්ධ විපක්ෂය නම් වූ දේශද්රෝහීන් කණ්ඩායම කැමරා උප්පරවැට්ටි යෙදාගනිමින් අද 2016 මැයි 01 දා මැයි දින වැඩ කරන ජනතාවගේ දිනය සොරාගෙන මහජන ගංගාවක් මවා පෙන්වීමට සටකපට උත්සාහයක යෙදී අැති බව පැහැදිලිය.

නමුත් සජීවි රූප මාධ්යය මගිනුත් සැබවින්ම අද දින රට පුරා පැවති ශ්රීලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයත්, එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුනත්, සෙසු පක්ෂ සහ සංවිධාන මගින් පැවැත්වූ රැලි හමුවේ අැතිව තිබූ පරාජිත බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාගේ මුහුනින් කැඩපතක් සේ අද කිරුලපන වේදිකාවේදී දිස්විනි. ඒ පිලිබඳව ඊට වඩා පැහැදිලි සාක්ෂි තවත් අවශ්යය යැයි නොසිතේ...

නමුත් කණගාටුවට කරුන වන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පවතින මෙම ලද බොලඳ මානසිකත්වයයි...

2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරනයේදී බස් දහස් ගනන්වලින් ජනතාව ගෙනැවිත් මහසෝන් දිස්ඨිය තරම් උස 18 රියන් කටවුට් ගසා රාජ්යය බලය, මැර බලය, ධන බලය මේ අාදී හැකි සියළුම බලයන් යොදවාත් තම රජයේම ලේකම්වරයාට පරාජය වී බොක්සින් කරලියෙන් කුජීත වුනු කෘතහස්ත මෙතුමාට තවමත් යථාර්තය අවබෝධ නාෙවන්නේ කරුමයට දැයි වටහා ගත නාෙහැක...

එනිසා තව දුරටත් නිෂ්ඵල දේ කථා කාෙට කාලය අපතේ නොයවා එතුමා අැතුළු අනිකුත් දේශද්රෝහී නඩයට තම තමන්ලාගේ උපන් කරුමය ගෙවා ගන්නට ඉඩ දෙමු. 

නමුත් වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා පෙරදා ප්රකාශයට පත් කල පරිදි තම මව් පක්ෂය වන ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානය තුල පවතින මෙම විෂමකාරී තත්ත්වය පාලනය කොට පක්ෂය පුනරුත්තාපනය කර යාවත්කාලීන කල යුතුය. කුමන ප්රථිපලයන් යටතේ වුවද මෙය එතුමානන් විසින්ම පක්ෂයේ සුභවාදී අනාගතය වෙනුවෙන් සිදුකර නිමා කල යුතු යුග මෙහෙවරකි. එය සිදුකිරීමට අැවැසි දේශපාලනික පසුතලය අද දින ගාලු රැලියේ උණුසුම තුලින් නිර්මානය වී අැත. ඒ නිසා පවතින තෝතැන්න සිසිල් වීමට පෙර අවශ්යයතාවය ඉටු කර ගැනීමට ජනාධිපතිවරයා අැතුළු කෘත්යධාරී මණ්ඩලය සමත් විය යුතුය. ලද අවස්ථාවෙන් අප්රමාදව ප්රයෝජන ගත යුතුය. ප්රමාදය පසුතැවිල්ලට හේතු විය හැක...

නමුත් ඒ සියල්ලෝම අද හෝ යථාර්තය අවබෝධ කර ගත්තානම් වැරදි හදා ගන්නට සූදානම් නම් ප්රබුද්ධ ජනතාව විදියට අප හට කාගෙන්වත් පලි ගන්නට තරම් කෘර ගෝත්රික ම්ලේච අාශාවන් කිසිවක් නොමැති බව කිව යුතු මුත් සැමදාම විගඩම් බල බලා සිටින්නට අප හට කාලයක් ඉතිරිව නාෙමැති බව අවධාරනය කිරීමට කැමැත්තෙමු.

නොඑසේ උවහොත් ජනාධිපතිවරයා තම පක්ෂය තුල බොරු රඟදැක්වීමක් සිදු කරමින් දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරනු සහ/හෝ ඩීල් දැමීමක් සිදු කරනවාදෝ යන සැකය ප්රබුද්ධ පාක්ෂිකයින්ගේ සිත් සතන් තුලට මෝදු වීම වැලැක්විය නොහැකි වනු අැත.

කෙසේ වෙතත් පරාජයෙන් අාතතියට පත්ව ලෝකප්රකට වුනු ජන නායකයෙකුට කිසිසේත් නොගැලපෙනා දේශපාලනික පිස්සුවක් නටනා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අැතුළු ඒකාබද්ධ පොදු විපක්ෂය යැයි කියා ගන්නා දුප්පත් ජවිපෙ. සහෝදරයින් පාවාදීමේ සීගිරියවත් නුදුටු නිවට-වංශ සහ නිදහස් අධ්යාපනයේ ශාපයට ලක්වීමට නියමිත දේශද්රෝහී-ගම්මන්පිල අැතුළු කල්ලිය නිසා සෑම පක්ෂයක්ම තම ශක්තිය උපරිමයෙන් ප්රදර්ශනය කිරීමට අදහස් කර තිබුනු බව මොනවට දිස්විනි. 

පැවති ජනාධිපතිවරන සහ මහමැතිවරන ප්රතිඵලවලට ගරු නොකොට තව දුරටත් ජනතාව මුලා කල හැකි යැයි විශ්වාස කල ඒ තක්කඩි නඩයට අද දින ජීවිතයේ යලි අමතක නොවනා පාඩමක් සහ අත්දැකීමක් අත්කර දීම වෙනුවෙන් අද දින පැවති මැයි රැලි අගය කිරීමකට ලක් කල හැක...

නමුත් වැඩ කරන ජනතාවට අයිති දිනය විදියට නම් අද දින මැයි රැලිය හෝ ඉතිහාසය පුරා පැවති කිසිදු මැයි රැලියක් හෝ අැගයීමකට ලක්කල නාෙහැක.

මෙම තත්ත්වය අප රට තුල පමනක් නොව ලෝකය පුරාත් අසම්මතවාදී ලෙස ක්රියාත්මක වන බව යම් යම් රටවල ප්රවෘත්ති දැකීමෙන් ගම්යය විනි. ඒ අනුව දේශපාලන බල අධිකාරීන් විසින් මැයි රැලි පැවැත්වූ සමහර රටවල අප රටේ මෙන් කලබැගෑනි හටගෙන සාමය කඩවීම් අැතිවුනු අතර වැඩ කරන ජනතාව විසින් තම රැලි පැවැත්වූ රටවල ඉතාමත් සාමකාමීවද අභිමානයෙන්ද ඒවා පැවැත්විනි.

ඉතිහාසය පුරාම පවතින මෙම වැරදි පූර්වාදර්ශයට ප්රධානතම හේතු කාරකයා වන්නේ කාලාන්තරයක් පුරා වැඩ කරන ජනතාවගේ මෙම උතුම් දිනය පක්ෂ දේශපාලකයින්ගේ පොකට් ගැසීමකට ලක්ව තිබීමය. වැඩ කරන ජනතාව සිය කැමැත්තෙන් තම ජීවිතයේ උත්තරීතර දිනයක් වෙනුවෙන් කරනා ස්වේච්ඡාමය සක්රීය ඉදිරිපත් වීම කූඨ දේශපාලකයා විසින් සූක්ෂ්ම ලෙස දොල පිදෙනි ලබා දී සාෙරා ගැනීමකට නැතහොත් රවටාගැනීමකට ලක්කොට අැත. එසේ කොට තම ප්රතිරූපය ඔප් නංවනා කටවුට් පෝස්ටර් ඒ අහිංසක කම්කරුවාගේ කරමතින් ගෙන ගොස් ඔවුන්ගේ දිනය සැමරුමට ලක් කරනවා වෙනුවට ඊලඟ වතාවේත් තමන් බලයට පත් වන්නට අවශ්යය පසුබිම සකස් කරගෙන කම්කරුවා සැමදාමත් හිඟන්නාට තම පැවැත්මට අවශ්යය තුවාලය බවට පත්කර ගනු ලබයි.

දුප්පත් කම්කරුවාට/කාරියට මිලමුදල් කෑමබීම අවශ්යය අයහට මත්පැන්ද ප්රවාහන පහසුකම් අැඳුම් අායිත්තම් සහ ඊටද එහාගිය විවිධ බලපෑම් සිදු කොට එක් එක් පක්ෂ විසින් තම අනුගාමිකයින් ලවා ඉහල සිට පහලට එ්කාකාරයෙන් මෙම ක්රියාදාමය සිදුකොට තම බල කඳවුරු කරා පාක්ෂිකත්වය කෙසේ වෙතත් එය මිනිස් ඔළුගෙඩියක්නම් ඉහත දාෙල පිදේනියට හෝ බලපෑමට යටත් කල හැකිනම් වෙනත් කිසිදු සෙවීමක් බැලීමක් නාෙමැතිව තම කඳවුර කරා ගාල් කෙරිනි.

ඊයේ 04/30 දවස පුරාම එක් එක් පක්ෂ විසින් තම නියෝජිතයින් මගින් සුපුරුදු (කැපුවත් නිල්, කැපුවත් කොල, කැපුවත් රතු) පාක්ෂිකයිනට අමතරව තෝරා ගත් සහ මිලට ගත් මිනිස් ඔළු ගෙඩි වෙත නිවසටම හෝ අතර මගට හෝ පක්ෂ නියෝජිතයින්ගේ නිවෙස්වලට කාර්යාලවලට ගෙන්වා හෝ අැඳුම් අායිත්තම් ලැබුනු අතර කෑමබීම රැලියේදීද, ‍ගාස්තු රැලි අවසානයේදීද ලැබෙන්නට සැවොම කදිමට සැලසුම් සකස් කොට තිබිනි.

දුප්පත් අහිංසක වැඩ කරන කම්කරුවාගේ/කාරියගේ අසරන කමත් නැතිබැරි කමත් මනින්නට මීටත් වඩා කිරුම් මිනුම් තවත් කුමටද...

එනිසා මෙවන් මැයි 01 දාවන් කිසිසේත් යථාරූපී උනු වැඩකරන ජනතාවගේ උත්තරීතර දිනයක් විදියට අර්ථ කථනය කිරීම නිවැරදි නොවේ.

ඉහතකී අහිංසකයින් සහ (කැපුවත් නිල්, කැපුවත් කොල, කැපුවත් රතු) පාක්ෂිකයෙකු හැරුනුකොට, කිසියම් හෝ අැති හැකි කමක් පවතින්නා වූද... යම් දේශපාලනික විඥාණයක් අැත්තා වූද.. කිසිදු මිනිසෙක් ඔවැනි අරුත් සුන් විගඩම්කාරී මැයි රැලි හෝ දේශපාලනික වූ හෝ කඳවුරු රැස්වීම් කිසිවකට සහභාගී නොවේ. 

ඒ අය බහුතරයක් අදෘශ්යමානව උගත් බුද්ධිමත් මධ්යම පන්තිය තුලත්.. අනෙක් සෑම පන්තියක් තුලමත්.. නිහඬව මුත්.. අවධියෙන් ස්ථානගතව සිටිනා අතර (තීරක ප්රජාවගේ බල කඳවුර ) ලෙස අද දින සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා විසින් එම සුවිශේෂී කඳවුර නම් කර සිටිනු ලබයි.

පැවති සහ පවතින සහ පවතින්නට නියමිත ඕනෑම බල පරාක්රමයක් නිදහස් සහ සාධාරන මැතිවරනයක් තුලින් විනිශ්චයකට ලක්කොට තීන්දුවක් ප්රකාශයට පත්වූවානම් එහි තීරකයා වූයේ මෙම අදෘශ්යමාන හස්තයයි. ඔළු ගෙඩි 225 ක් අැති පාර්ලිමේන්තුව තුල උවද අත්යාවශ්යය අවස්ථාවකදී තීරක ඡන්දය පාවිච්චි කරනුයේ කථා නායක වරයාය.

ඒ අාකාරයෙන් පක්ෂ දේශපාලන කරලියේ මතු පිට පෙනුමින් කුමන ඔලු ගෙඩි රැඟුම් මැවුනත්.. කැමරා කාච සෙල්ලම් රඟ දැක්වුනත් අවසානයේ තීන්දුව ලබා දෙනුයේ මෙම අදෘශ්යයමාන තීරක ප්රජාව මගිනි. 

එම තීන්දුව වාසි අවාසි මත හෝ දොල පිදේනි පාෙරොන්දු කොන්දේසි මේ කිසිවක් පදනම් කරගෙන හෝ ප්රකාශනය වන්නක් නොවේ. රටේ අනාගතය වෙනුවෙනුත් තම දූදරුවන් සහ මතු පරපුර වෙනුවෙන් ගනු ලබනා අව්යාජ එකකි. අවශ්යයම අවස්ථාවේදී ගනු ලබනා එම තීන්දුව මිලමුදල් රන්රිදී මුතුමැනික් යසඉසුරු හෝ ඉරුසඳු දෙපාමුල තබා හෝ වෙනස් කල නොහැකි එකකි. එම නිසා වාසි හෝ ලාබ කිසිවක් මත නාෙරැඳී බොහෝ දුක්ඛ දෝමනස්සයන් නිහඬව විඳ දරාගෙන ඕනෑම රටක් තුල වෙසෙනා මෙම තීරක ජන පදනමෙහි සිතුම් පැතුම් සහ හද ගැස්ම හඳුනාගෙන ඉබාගාතේ යන දේශපාලනයක් සිදු නාෙකොට සවිඥ්ඤාණික ප්රජාවගේ මග පෙන්වීමෙන් යුත් හරවත් රටක් රාජ්යයක් පවත්වාගෙන යාමට සමස්ථ ලෝකයේම ජනතාවාදී දේශපාලකයින් සමත් විය යුතුය. නුවනක්කාර විය යුතුය.

නොඑසේ උවහොත් උගතුන් බුද්ධිමතුන් සවිඥාණිකයින් තම මව් රට අත්හැර දමා ගිය නොසන්ඩාලයින්ගේ රජ දහනක් කොලනියක් වීම ඒ රට නවත්වනු බැරිය කිසිදු ජගතෙකුට කිසිදා...

වත්මන් ජනපති සහ විශේෂයෙන් අගමැති මෙම තත්ත්වය දැන් දැන් මැනවින් හඳුනාගෙන අවබෝධ කොටගෙන අැති බව ඔවුන්ගේ මෑත ප්රකාශන තුලින් සනාථ වේ.

ඉතින් අවසන් කිරීමට පෙර වත්මන් නායක සුසංයෝගය වෙත සිහිපත් කල යුතු වන්නේ අපවත් වී වදාල අපගේ අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් හට ඔබ දෙපල ගරු කලානම්ද.. ඉදිරියටත් උන්වහන්සේගේ දර්ශනය අගයන බවටත් සපත කලානම්ද... අද මේ තීරනාත්මක දිනයේදී ඔබ තුමන්ලා වෙතත්, ලෝක නායකයින් වෙතත් අනුශාසනය කරන්නට යෙදුනු කාරනය උන්වහන්සේගේ අාතූරයා සත්පුරවැසියා විසින් ජනගත කරන්නටයි සූදානම...

බුදු සමයටත් එහා ගිය යහපත් රජදරුවන් රාජ්යයන් පාලනය කරමින් තම රට වැස්සන් හට සතුටින් සාමයෙන් ස්වයංපෝෂිතව ජීවත් වන්නට අවශ්යය පසුබිම සකස් කර දී තිබුනු පරහිතකාමී යුගයන් අකාරුණික ලෙසද ඉතාමත් අභාග්යය සම්පන්න ලෙසද වෙනස් වීම් වලට තුඩු දෙමින් පැමින වර්තමානය වන විට වැඩි වන ලෝක ජනගහනයත් අවස්ථා අවම වීමේ අවධානමත් නිසා මිනිසතා තිරිසනා බවට පරිවර්ථනය වෙමින් තමන් ගැන පමනක් සිතනා මමත්වය පෙරදැරිව අනෙකා නසා හෝ මම රැකෙමියි යන තැනට මානව සමාජය පිරිහීමට ලක්ව අැත. 

මෙම තත්ත්වය යටතේ දේශයක් පාලනය වුනු ක්රමවේදයන්ද මමත්වයට ගොදුරුව පාට පක්ෂවලින් සැදුම් ලත් බල කඳවුරු නැතහොත් ගෝත්රික ව්‍යාපාර බවට පරිවර්ථනය වී අැත. 

ඒ හිඩැස නිසයි අද නරුමවාදී රාජපක්ෂ කල්ලියට උවද කඳවුරු බැඳ ගත හැකි පරිසරයක් නිර්මානය උනේ.

මෙම කූඨ ව්‍යාපාරය සදාකල්හිම තම තමන්ගේ මන දොල සපුරාගැනීම වෙනුවෙන් පමනක් පවත්වාගෙන යාම උදෙසා මෙම ව්යාපාරයේ පවතින්නන් සහ ඊට අළුතින් අැතුළු වන සියල්ලෝම තව තවත් අසම්මතවාදී තර්ක විතර්ක ඉදිරිපත් කරමින් සංවාදී විසංවාදී දේශපාලනයේ පැවැත්ම උදෙසා සෑම කල්හිම විරුද්ධ පක්ෂ සිටිය යුතුය යන හිස් සංකල්පයක් ඔස්සේ යමින් සැමදාම බලය හුවමාරු කරගනිමින් අාණ්ඩු කර සදාකල්හිම ජනතාව මහා රැවටීමකට ලක්කොට මූල ධනය ශතයක්වත් අවශ්යය නැති... උගත්කම බින්දුවක්වත් අවශ්යය නැති අපූරු ව්යාපාරයක් (බිස්නස් එකක්) යස අගේට පවත්වාගෙන යමින් සුරසැප විඳිමින් කෙටි කලකින් සියල්ල අමතක වන, අමතක කරනා අවිහිංසක ජනතාව රැවටීමකට ලක්කරමින් විජරාමානව කල්ගෙවයි.

නමුත් වර්තමානය වන විට ජනතාවගේ ශාපයට ලක්වෙමින් පවතින සමස්ත ලෝකයේම දේශපාලනය වර්තමානයට ගැලපෙන ලෙස ප්රතිනිර්මානය කිරීමට කාලය උදාවෙමින් පවතින බව පෙනී යයි. ඒ නිසයි අද බොහෝ රටවල දේශපාලන බල කඳවුරු උඩුයටිකුරු වන්නේ. ඒ නිසයි අද කාට කාටත් එකතු වී අාණ්ඩු කිරීමට සිදුවෙමින් පවතින්නේ. ඒ නිසයි අප රට තුලත් කිසිවෙකුට තනිව අාණ්ඩු කිරීමට නාෙහැකි පරිසරයන් නිර්මානය වෙමින් පවතින්නේ. ඒ නිසයි අද අකමැත්තෙන් උවත් සම්මුතිවාදී අාණ්ඩු හදාගෙන රට කිරීමට වත්මන් පාලකයින් හට සිදුව තිබෙන්නේ. ඒ නිසයි ඒ අනුගාමිකයින් හට තම පැවැත්ම තහවුරු කර ගැනීමට නම් අකමැති මුත් විසංවාදය සංවාදයකට පරිවර්තනය කාෙටගෙන සම්මුතිවාදීව අාණ්ඩු කරගෙන යාමට සිදුව තිබෙන්නේ. ඒ නිසයි කාට කාටත් අද සංහිඳියාව පිලිගන්නට සිදුව තිබෙන්නේ. ඒ නිසයි අද කාට කාටත් යහපාලනය අනුමත කරන්නට සිදුව තිබෙන්නේ.

අවිහිංසක ජනතාවට අයිති දේත්, සාංගික දේත් හොරා කන හෝ උදුරා ගන්නා හෝ කිසිවෙකුට විශ්ව ධර්මතාවය තුල ශාපයට පාත්ර නොවී සිටිය නාෙහැකි වේ කිසිදාකත්. ඒක තමයි සොබා දහමේ ඒකායන මූලධර්මය. 

ඉතින් සමහර අවස්ථාවාදී අනුගාමිකයින් කොටුවී පවතින්නා වූ මෙම යහපත් වටපිටාව තුල වත්මන් නායක සුසංයෝගය වෙත රාජ්යය පාලනය ප්රතිව්යුහගත කරලීමේ සැබෑ උවමනාවක් පවතීනම් ඒ අරමුන ඉටුකර ගැනීමටත් ලෝක ඉතිහාසය තුල තම නම් රන් අකුරින් සටහන් වීමටත් ඒ කෙසේ වෙතත් සුවදායක අවසානයක් අත්පත් කරගැනීමට යම් යහපත් සිතිවිල්ලක් පවතීනම් ඒ සඳහා ක්රියාත්මක වීමට කාලයයි අදින් උදා වනුයේ.

අපේ රටින් පරමාදර්ශීව ලාේක දේශපාලනය නැවුම් වූ සුන්දර තලයකට ලක් කරමු. ඒ නිසා මින් මතු මේ රටේ පක්ෂ දේශපාලනික වූ මැයි රැලි නාෙපවත්වන්නට තීන්දුවක් ගනිමු. 

බෙදී දේශපාලන මත දරමු. නමුත් ඒ බෙදීම් වැඩ කරන ජනතාව පාට පක්ෂවලින් බෙදා විරසක කරනා මර උගුල්වල නොපටලවමු. දේශපාලනික රැලි ඡන්ද වලට පමනක් සීමා කරමු. නමුත් වැඩ කරන ජනතාවගේ ඒ අති උතුම් මැයි දිනය දේශපාලකයින්ගේ පැවැත්ම තහවුරු කර ගන්නා පූර්ව ඡන්ද දඩ බිමක් නාෙකරගමු. 

ලබන වසරේ සිට සමස්ත ලෝකයාගේම ප්රසාදයටත් කාෙපි කිරීමටත් ලක්කරනා ප්රතිනිර්මානීය වූද... වැඩ කරන ජනතාව සැබවින්ම අමන්දානන්දයට පත් කරවන්නා වූද... යහපාලවනවාදී මැයි දිනයක් සමරමු.

සියළුම පාට පක්ෂවලට අයත් වැඩ කරන ජනතාව රටේ නන්දෙසින් පෙලපාලි මගින් වෙන් වෙන්ව පැමින (එකම එක ස්ථානයකට පමනක් රොක්කිරීම අසීරු නිසා) උතුරේද, දකුණේද රටේ සතර කොනේම ඉදිකෙරුනු වේදිකාවන් වෙත භේදයෙන් තොරව එකට ගාල් කොට සංහිඳියාවෙන්ද සම්මුතිවාදීවද වත්මන් යහපාලන රජය අාණ්ඩු කරන්නා සේ සියළුම වැඩ කරන ජනතාවට තමන්ගේ හඬ නගන්නට ඉඩ සලසා ඡන්ද ව්යාපාරවලදී ජනතාව දේශපාලකයා කියනා දේ අසා සිටිනවා සේ මැයි දින දා දේශපාලකයා වැඩ කරන ජනතාවගේ හඬට සවන් දෙන දිනයක් කරත්වා. සංහිඳියාව යහපාලනය අර්ථවත් කිරීමට මීටත් වඩා ප්රායෝගිකත්වයක් තවත් කුමටද වත්මන් පාලකයින්ට අැත්තටම උවමනානම්....

පැවති රුදුරු පාර්ලිමේන්තුව තුල එය යථාර්තයක් කිරීමට වත්මන් නායන සුසංයෝගය අද මේ තරම් සුවිශේෂී දක්ෂයින් බව ඔප්පු කලානම් ඔබලාට මේ යෝජනාව කජ්ජක් නොවනු නියතය.

අද මැයි රැලියේ සාර්ථකත්වය අැස් දෙකින් දකිනා තුරු මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා අති විශිෂ්ඨ ඝනයේ දේශපාලනික බහුශෘතයෙක් බව සිතාගත හැකිව සිටියේ නැත යහපාලනවාදී අප කිසි ලෙසකින්වත්... සත්තකින්ම ඔබ විශිෂ්ඨයෙකි. අති දක්ෂ අති සාර්ථක දේශපාලනක්ඥයෙකි. එමෙන්ම අගමැති රනිල් වික්රමසිංහ යනු සිතා ගත නොහැකි අද්විතීය සංවිධායක වරයෙකි. සැලසුම් කරුවෙකි. මැස්මොරයිස් ඔළුවකි. ලැජ්ජා නැති නායකයා යයි එතුමන්ට ගැරහූවන් හට අද හරි ලැජ්ජ හිතෙන්නට අැති...

කමක් නෑ අපි දැන් ඒ සේරම අමතක කරමු. වෙන්ව දේශපාලනය කර එක්ව රට කරමු.

පැවති පක්ෂ පාට දේශපාලනය තුල නම් කිසිදු දිනක රටක් සමුර්ධිමත් වන්නේවත් සාමය සාධාරනය රජයන්නේවත් නැත. ඒ නිසා සමස්ත ලෝක ප්රජාවම පටු දේශපාලනයෙන් අත්මිදී අප රටේ වත්මන් නායක සුසංයෝගයෙන් නැවුම් වූ සංහිඳියාවෙන් යුත් සම්මුතිවාදීව යහපාලනයක් තුල රටත් ජනතාවත් සෝභිත හිමිපානන්ගේ සිහිනය පරිදි සමුර්ධිය කරා ගෙන යනු දැක පූර්වාදර්ශ ලබා යහපාලනය තුල ජනතාව දිනවීමේ සම්මුතිවාදී රාජ්යය පාලන ක්රමවේදය අනුගමනය කරත්වායි සමස්ථ ලාේක ප්රජාව වෙනුවෙන් ප්රාර්ථනය කර සිටිමු.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා විසින් ජනගත කල වගයි.
2016/05/01 - මැයි දින උතුම් වූ ප්රාර්ථනයයි.