Wednesday, July 31, 2019

2020 - ජනාධිපතිවරනයෙන් පසු... මේ රටේ ජනයාගෙන් 51% ක් ජයපැන් බොත්දී 49% ක් පරාජිතව කඳුලු බිව් අරාජික සියලු යුග අවසානයි. ඉන් මතු මේ දීපයේ බිහි වන්නේ සැවොම දිනා ජයගෙන රජ වී එකට කිරිබත් කා නටා ගයා වයා සතුටින් අාදරයෙන් වෙලෙන වාසනාවන්ත යුගයකි. සෝභිතාවතාර විශ්වයේ සිට... 2019/07/31

 2020 ජනාධිපතිවරනයෙන් පසු...            
2020 - ජනාධිපතිවරනයෙන් පසු... මේ රටේ ජනයාගෙන් 51% ක් ජයපැන් බොත්දී 49% ක් පරාජිතව කඳුලු බිව් අරාජික සියලු යුග අවසානයි. ඉන් මතු මේ දීපයේ බිහි වන්නේ සැවොම දිනා ජයගෙන රජ වී එකට කිරිබත් කා නටා ගයා වයා සතුටින් අාදරයෙන් වෙලෙන වාසනාවන්ත යුගයකි.
සෝභිතාවතාර විශ්වයේ සිට...
2019/07/31
2020 - ජනාධිපතිවරනයෙන් පසු...
මේ රටේ ජනයාගෙන් 51% ක් ජයපැන් බොත්දී 49% ක් පරාජිතව කඳුලු බිව් අරාජික සියලු යුග අවසානයි. ඉන් මතු මේ දීපයේ බිහි වන්නේ සැවොම දිනා ජයගෙන රජ වී එකට කිරිබත් කා නටා ගයා වයා සතුටින් අාදරයෙන් වෙලෙන වාසනාවන්ත යුගයකි.
සෝභිතාවතාර විශ්වයේ සිට...
2019/07/31

Tuesday, July 30, 2019

"අපි වෙනුවෙන් අපි"ම අපේ විමුක්තිය උදා කර ගැනීමට පෙල ගැසෙමු. අපේ පරමාධිකාරී බලය අාපසු අපේම අතට ගෙන.. සුදුස්සන් සියල්ලන්වම සුදුසු ලෙස රජ කරවමු.

"අපි වෙනුවෙන් අපි"ම අපේ විමුක්තිය උදා කර ගැනීමට පෙල ගැසෙමු. අපේ පරමාධිකාරී බලය අාපසු අපේම අතට ගෙන.. සුදුස්සන් සියල්ලන්වම සුදුසු ලෙස රජ කරවමු.
*************************************************************************

අපේ පරමාධිකාරී බලය අපේ අතට අරගෙන ඉන් පසු අපි සුදුස්සන් ලවා අාණ්ඩු කරවමු. අපිට දැන් විශ්වාස කරන්න කෙනෙක් ඉතුරු වෙලා නෑ මේ ලංකාවේ. ඒ නිසා මේ පාර අපි රටේ සමස්ත ජනතාව එකතුවෙලා හදන ජනතාවාදී අාණ්ඩුව තුල ගෝඨා, නාගා, සජිත්, x, y, z, ඉංගිරීසි හෝඩියේ හෝ සිංහල හෝඩියේ හෝ තියෙන මොන අකුරින් එන නමකට අයත් ඕනම කෙනෙකුට තම තමන්ගේ සුදුසුකම් අනුව කටයුතු කරන්න අවස්ථාවල් අපි හදලා දෙනවා.




උදාහරන වශයෙන් අපි හදන ජනතාවාදී "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩුවේ"...
===============================

*වෙනත් අභිබවා ගිය සුදුස්සෙක් නොසිටියොත් ව්යවස්ථාදායක සභාවේ ප්රධානියා හැටියට නාගානන්ද මහතා රජ කරවන්න යෝජනා කරනවා..

*වෙනත් අභිබවා ගිය සුදුස්සෙක් නොසිටියොත් පරිසර අලංකරනයට ගොඨාභය මහතා රජ කරවන්න යෝජනා කරනවා..!

*වෙනත් අභිබවා ගිය සුදුස්සෙක් නොසිටියොත් නිවාස හා ඉදිකිරීම් සමෘද්ධි වැනි වැඩ සටහන් සඳහා සජීත් මහතා රජ කරවන්න යෝජනා කරනවා...!

* සියළු වැව් ප්රථිසංස්කරනය කෘෂිකර්මාන්තය වැනි කාරනා වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුනේ සහෝදරයින් රජ කරවන්න යෝජනා කරනවා..!

* වෙනත් අභිබවා ගිය සුදුස්සෙක් නොසිටියොත් නගර නිර්මාන හා තාක්ෂනික‍ කාරනා සම්බන්ධයෙන් පාඨලී චම්පික මහතා රජ කරවන්න යෝජනා කරනවා..!

* ඉම්පාේටඩ් ෆොරින් කසල කළමණාකරනයට මිස්ටර් ඉන්ටලිජන් රජ කරවන්න යෝජනා කරනවා..!

*වට්ටක්කා වගාව බලාගැනීමට වට්ටක්කයාව රජ කරවන්න යෝජනා කරනවා..!

*පාෙල්ලෙලි අාශ්රිත කර්මාන්ත නගා සිටුවීමට මිස්ටර් ගොම්බා සහ මිස්ටර් පාවාදුන්න පත් කරන්න යෝජනා කරනවා..!

*වත්මන් ජනපති සහ වත්මන් අගමැති විශ්රාම යවනවා.

*හිටපු ජනපතිව බලෙන් හෝ වැරදි යාළුවන්ගෙන් අෑත් කරලා නිවාස අඩස්සියේ තියනවා සැනසිලි සුවයෙන් විවේක ගැනීම පිනිස. නැත්තම් පොල්ලෙලි කාරයෝ අැවිල්ල අාපහු පාරක් ඒ මනුස්සයාගේ ඔලුව නරක් කොරලා මැද මූලන බාල්කයේ එල්ලයි... පව්නේ. අපි මේ පාරවත් ඒ වටිනා කියන මනුස්සයාට සැනසිල්ලේ විශ්රාම සුව විඳින්න අවස්ථාව උදා කරල දෙන්න ඕන.

ඊට පස්සේ පුළුවන් යුද්ධය දිනවපු හිටපු නායකයා බලන්න යන්න. වැඳ නමස්කාර කරන්න යන්න සියළු ජනතාවට කිසිම කරදරයක් බාධාවක් නැතිව එයා නිදහස් සුවයෙන් ඉන්න නිසා හාන්සි පුටුවට වෙලා.

අැයි ඉතින් ඒ මනුස්සයාට 2015 ජනවාරි 08 වැනිදා ඉඳන් මැද මූලන ජනේලයේ එල්ලලා අර පොල්ලෙලි කාරයෝ එකතුවෙලා මේ වෙනකම් මොන දස වදයක් දුන්නද එක දවසක්වත් නිදා ගන්න නොදී කරවෙච්චි රොටියී.. බිත්තර අාප්පයි.. කකා මං කියන්නේ බොරුද...

ඉතින් අපි ජනතාව විදියට සියළු ප්රශ්න කාරනා අමතක කරලා අපේ හිටපු නායකයින් පාලකයින් 225+1 බොහෝම අාදරෙන් විනෝදයෙන් බලෙන් හෝ විශ්රාම යවලා අපි රට කරවලා එයාලගේ දුවා දරුවන් පවා ගොඩ යවලා බය හැක නැතිව මව් රටේ සියල්ලන්ටම ඉන්න හැකි පරිසරය හදලා දෙනවා සහතික වශයෙන්ම. එයාලගේ භාර්යාවන්ට පවා සැනසිලි සුසුම් හෙලන්න පුළුවන් වෙන්නට.

මොකද මේ පාර එයාලත් චන්දේ දාන්නේ අපේ පෙට්ටි වලටයි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා සහතික වශයෙන්ම කියා සිටිනා වගයි.

සෝභිතාවතාර / Sobithawathara
2019/07/30
sobithawathara.blogspot.com/




සෝභිතාවතාර / Sobithawathara
2019/07/30
sobithawathara.blogspot.com/
සෝභිතාවතාර / Sobithawathara
2019/07/30
sobithawathara.blogspot.com/

Sunday, July 28, 2019

Face book - තුලදී දුටු ලාංකේය අරාජික දේශපාලනයේ යථාර්තය අවබෝධ කොට ගත් තවත් එක් සත්පුරවැසියෙකු හට ගෞරව පිනිස ඔහු විසින් පල කර තිබුනු අදහසක් ඒ අාකාරයෙන්ම සෝභිතාවතාර අඩවියේ පල කරන්නට යෙදුනු වගයි. සෝභිතාවතාර විශ්වයේ සිට... 2019/07/28

Face book - තුලදී දුටු ලාංකේය අරාජික දේශපාලනයේ යථාර්තය අවබෝධ කොට ගත් තවත් එක් සත්පුරවැසියෙකු හට ගෞරව පිනිස ඔහු විසින් පල කර තිබුනු අදහසක් ඒ අාකාරයෙන්ම සෝභිතාවතාර අඩවියේ පල කරන්නට යෙදුනු වගයි. සෝභිතාවතාර විශ්වයේ සිට... 2019/07/28
====================================
හැඟීම් බර කෘත ගුණ ශීලී මිනිස්සුන් හට රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් තෝරා බේරා ගත නොහැකි නොවන අභියෝගයක්...!
**********************************************************************************************
 රටට දැයට යම් සේවාවක් ඉටු කොට අැති  හිටපු දේශපාලනික නායකයින් හට කෘතගුණ දැක්වීම යනු හදවත හා බැඳුණු කාරණාවකි. ඒවා ඒ විදියට ඉටුකිරීමට කිසිදු බාධාවක් කිසිවෙකුටත් නොමැත.
නමුත් ජනතා සේවකයින් ලවා රාජ්‍ය පාලනය කරවීම යනු රටක ජනතාවගේ බුද්ධිය හා බැඳුණු කාරණාවකි.
සියලු කෘතගුණ දැක්වීම් හමුවේ මව්රට වෙනුවෙන් ඇති ජනතාවගේ වගකීම ජාත්‍යාලයේ උන්මාදයෙන් හෝ මෝහාන්ධකාරයෙන් හෝ යටපත් වීමට ඉඩ දීම පෞඩ ජාතියක සබුද්ධියට කිසිසේත් නොගැළපේ.
හැඟීම්බර කෘතගුණ ශීලී වූ යහපත් ජනතාව මේවා පටලවා නොගැනීමට සබුද්ධික මත් විය යුතුමය.
නොඑසේ වුවහොත් මතු පරපුරට අනාගතයක් නොතිබිය හැක.
එම නිසා පියවරෙන් පියවර අත්දැකීම් ලබමින්ද.. ඉලක්ක සපුරා ගනිමින්ද... ක්‍රමෝපායන් උචිත පරිදි, උචිත අවස්ථාවන්හිදී, උපක්‍රමශීලී ලෙස වෙනස් කරමින්ද අපගේ මෙහෙයුම දියත් විය යුත්තේ....
.....විනිවිද භාවයකින් යුතුවද, යථාතර්තවාදී ප්‍රායෝගිකත්වයෙන්ද ජනතා සිතුම් පැතුම් ඉටුවන පහත සඳහන් ඉලක්කය කරා රට ගෙන යාමටය.
************

2020 - Our next mission should be...
දිගින් දිගටම අවස්ථාවාදී මිනිසුන් සන්තකයට ජනතාව සතු පරමාධිකාරී බලය හිමි කර දී රටක් විදිහට තව දුරටත් ඉදිරියට යන්න බැරි තත්ත්වයක් මේ වන විට අප මාතෘ භූමිය පෙරටු කොටගත් ගෝලීය දේශපාලන කරළිය පුරාම උදාවෙලා තියෙනවා.
ඒ නිසා රාජ්‍යයක පාලන ව්‍යුහය උදෙසා සබුද්ධික මිනිසුන් විසින් නිර්මාණය කළ ආත්මාර්ථය අතික්‍රමණය කළ සිස්ටම් එකක් රජ කරවන නවමු ක්‍රමවේදයක් වෙත යා යුතු බව වැටහීමයි .
ලෝකය දියුණු වන විට ප්‍රෞඩ ඉතිහාසයක් ඇති බුද්ධිමත් ජාතියක් වන අපට කිසිසේත්ම පරණ හණමිටි අදහස් සහ ක්‍රමවේද කරේ තියාගෙන ඉඳලා බෑ.
ඒ වෙනුවෙන් අපි අළුතෙන් සිතන්න පටන් ගනිමු. ඒ වෙනුවෙන් පෙළ ගැසෙමු. ඒ වෙනුවෙන් ක්‍රියා කරමු.
මව් බිමට බෙහෙවින් ආදරය කරනා සත් පුරවැසියන් වශයෙන් අපි සියල්ලෝම ඒකරාශී වෙලා රටත් මතු පරපුරත් රැක ගනිමු.
මේ වන විට ගෝලීය දේශපාලනය පුරාම දශක ගණනාවක් පුරා නොවෙනස්ව පවතින පාට පක්ෂ වශයෙන් ජනතාව බෙදන, විරසක කරන, අවැඩදායක.. අවස්ථාවාදී.. කල්ලි කණ්ඩායම් කිහිපයක් විසින් උන්ගේ යහපත වෙනුවෙන් පමණක් නිර්මාණය කරගත් දේශපාලනය ක්‍රමය යල් පැන ගොස්, කල් ඉකුත් වී ඇති බව වර්තමානය වන විට ඕනෑවටත් වඩා ඔප්පු වී හමාරය.
ඒ නිසා දියුණු මිනිස් සමාජයක් වෙත පැවතිය යුතු යැයි මා විශ්වාස කරන්නේ එක් මිනිසකුගේ නායකත්වයක් විසින් පාලනය කරන්නා වූ ආණ්ඩු ක්‍රමයක් නොව...
උගත් බුද්ධිමත් මිනිසුන් සමූහයක් විසින් විද්‍යාත්මක ලෙස ප්‍රතිනිර්මාණය කරන ලද ආණ්ඩු ක්‍රමයක් නැතහොත් අවශ්‍ය සෑම මොහොතකම යාවත්කාලීන (update - අප්ඩේට්) කළ හැකි පාලන ව්‍යුහයක් (Sistem - සිස්ටම් එකක්) මගින් රාජ්‍යය කරවන ලෝකයටම පරමාදර්ශී වන නවමු ක්‍රමවේදයකි.
ඒ උදෙසා අලුතින් සිතිය යුතු කාලය උදා වී ඇති බව අප්‍රමාදව සැලකිල්ලට ගත යුතු බව සමස්ත ගෝලීය දේශපාලනය තුළ තැලී පොඩි වී සිටිනා අප මව් රට පෙරටු කොට ගත් සමස්ත ජනතාවගේ කිසිසෙත් අත් නොහළ යුතු වගකීමකි.
ඒ වගකීම ඉටුකිරීම වෙනුවෙන් හැඟීම් වලට වහල් නොවී, බුද්ධියට ඉඩදී මතු පරපුරේ වැඩි හිටියන් වශයෙන් අප සැම සියලු භේද පසෙකලා උදා වී ඇති මෙම යළි නොලැබෙනා ඓතිහාසික අවස්ථාව ප්‍රයෝජනයට ගෙන වගවෙමු. මවු බිමට ඇති ණය ගෙවමු.

ස්තුතියි.
        2019/07/28       
*///***********///*    
Face Book /Link - https://t.co/UVzoFWbWxP?amp=1