Saturday, July 17, 2021

භූදේශපාලනික බලපෑම් වලින් මව්බිම නිදහස් කර ගනිමු

 භූදේශපාලනික බලපෑම් වලින් මව්බිම නිදහස් කර ගනිමු

පාට/පක්‍ෂ පිස්සුව අතහැර මානුශීයවාදී ලෙස මුළු මහත් ලෝකයටම පරමාදර්ශී වෙමින් සාමකාමී නොබැඳි පිලිවෙතකට භූදේශපාලනය ඔසවා තැබීමේ අවිහිංසාවාදී විශ්ව මහා අරගලය මෙතැන් පටන් සක්‍රීය කරමු.


දශක ගනනාවක ඉතිහාසය පුරාම අපගේ මේ උතුම් මව්බිම දේශපාලනික වශයෙන් කළමණාකරනය කිරීමේදී භාවිතාවට ගැනුනු ඉතාමත් වැරදි ක්‍රමවේදයක් වූ විධිමත් ජාතික ප්‍රතිපත්තියක් නොමැති අසාර්ථක පාට/පක්‍ෂ ක්‍රමයේ පැවති බෙදීම් නිසාම රටට ජාතියට කිසිදු ආදරයක් නොමැති.. නිල කාලය තුල මමත්වය ගැන පමනක් වැඩිපුර සිතූ භාරකාර ප්‍රජාවක් ආවා/ගියෝ නිසාම වර්තමානය වන විට නිජබිම් කරුවන් හට තම මව්බිම අහිමි වන තරමේ අවධානමකට පත්ව ඇත.


බලය සහ අවස්ථාවාදය වෙනුවෙන් හිටපු සහ පවතින අමනෝක්ඥ භාරකාර ප්‍රජාව විසින් ගනු ලැබූ සහ ගනු ලබන රටට ජාතියට අහිතකර තීන්දු තීරන නිසා අපගේ මාතෘ භූමිය නානාවිධ විදෙස් බලවේගයන්ගේ අදිසි අත පෙවීම් වලින් තොරව තවත් එක් දශමයක්වත් ඉදිරියට යා නොහැකි ලෙස නාසය තෙක් දියේ ගිලී අවසන් බව පෙරහැර දෙස විමසිලිමත්ව බලා සිටි සබුද්ධිකමත් රටේ පුරවැසියන් හට මේ වන විට සුපැහැදිලි ලෙස අවබෝධ වී හමාරය.


තත්ත්වය එසේනම් යාහැකි වෙන අන් කිසිදු දිසාවක් නොමැති එකී දේශයේ ජාති/ආගම්.. කුල/මල.. සියළු භේදයන්ගෙන් තොර සමස්ථ ශ්‍රී ලාංකිකයින් පාට/පක්‍ෂ සියල්ල අතහැර විදෙස් ආක්‍රමනිකයන්ගෙන් මව්බිම නිදහස් කර ගැනීමේ විමුක්තිකාමී අරගලය වෙත අවිහිංසාවාදී ලෙස නැඹුරු විය යුතු තීරනාත්මක කාල පරිඡ්fචිදය උදා වී ඇත.


දැන් අපි කිසිවෙකු එක එකා දෙස වරදෙහි දබරැඟිල්ල දිගු කරමින් කාකොටා ගෙන පලක් නැත. සිදුව ඇති ඒ මහා වරදට හිටපු සහ පවතින දේශපාලකයින් සහ අල්පයක් හැර අන් සියළු ජනතාවත් අඩු වැඩි වශයෙන් වගකිව යුතුව ඇත.


එහෙයින් දැන් රටේ සමස්ථ ජනතාව සියුම් ලෙස අවබෝධ කරගත යුත්තේ කාලයක් පුරා පාට/පක්‍ෂ මාරු කරමින් එක් එක් කල්ලි කණ්ඩායම් වෙත රටේ පාලන බලය ලබා දෙමින් සිදුකල ක්‍රියාන්විතය නැතහොත් ඒ දේශපාලන ක්‍රමවේදය අසාර්ථක බවයි.


ප්‍රථග්ජනයින් නිසා එක් අතකින් බලන කල යම්කිසි පමනකින් සාධාරන උවත්.. උනුන් තුල පවතින උද්දච්ච පෞරුෂ උඩඟු කම නිසා බලයේ සිටි කිසිදු පක්‍ෂයක් හෝ රජයක්.. යහගුන ඇති නායකයෙක්.. කණ්ඩායමක්.. ඉතිහාසයේ කවර කලෙකවත් අඩියක් පස්සට තබා නිහතමානී ලෙස ප්‍රතිපක්‍ෂ/විපක්‍ෂ කිසිවෙකු සමග සහජීවන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කිසිදු ජාතික ප්‍රශ්නයක් වෙනුවෙන් එක්සේසත් වී නැත.


එම නිසා තව දුරටත් රටේත්.. ජාතියේත්.. මතු පරම්පරාවන්ගේත් පොදු යහපත වෙනුවෙන් පවතින දේශපාලන ක්‍රමය තුලින් අපේක්‍ෂා කරලීමට ධනාත්මක කිසිවක් මේ වනවිට ඉතිරිව නොමැති බව සක්සුදක් සේ පැහැදිලිය. ප්‍රශ්නය තිබුනාටත් වඩා බරපතල ඉතාමත් උග්‍ර තත්ත්වයකට පත්ව ඇත. ගොඩ ඒමක් පෙනෙන තෙක් මානයකවත් නැත. උත්තරය සොයා ගැනීම ජනතාවටම භාර වී ඇත.


එසේනම් අප සතු අපේ ,පරමාධිකාරී, බලය වැඩකට නැති දේශපාලන ක්‍රමවේදයක් වෙත තව දුරටත් හිමි කර දී තිබීමෙන් ඇති ඵලය කිම.ෟ


අපි වෙනුවෙන් අපිට දැන් ඇති එකම විසඳුම වන්නේ අපේ විමුක්තිය අප විසින්ම උදා කර ගැනීම පමනි. ඒ අරමුන උදෙසා සැවොම එක්සේසත්ව අවධානය යොමු කල යුතුව ඇත්තේ එකී වරද නිවැරදි කරලිය හැකි පැහැදිලි මාවතක් දෙසය. නමුත් එය සිදු කරලීමට නම් පාට/පක්‍ෂ කරේ තබාගෙන අපට එය විධිමත් ලෙස සාර්ථක කරගත නොහැකි වනු ඇත.


එසේනම් මූලිකවම අප සිදුකල යුත්තේ අප සැමගේ මනස පාට/පක්‍ෂ වලින් තොර කරගෙන නිර්පාක්‍ෂික වීමයි. එවිට හැමෝගේම මනස තුල රජ කරනුයේ මව්බිම නමැති ජාතිකත්ව හැඟීම පමනි. එවිට ජාතියේ දැවෙන ප්‍රශ්නය තුල පවතින මූලික ඉලක්කය වෙත ඉතාමත් පැහැදිලි ලෙස නාබිගත වී විජයග්‍රහනය අත්පත් කර ගැනීම කිසිසේත් අසීරු කටයුත්තක් නොවනු නියතය.


මෙවන් වූ විමුක්තිකාමී අරගලයක් වෙනුවෙන් මුලු හදින්ම පෙනි නොසිට විරුද්ධ වීමට.. නොසතුටු වීමට.. කඩාකප්පල් කිරීමට.. සැබවින්ම දේශද්‍රෝහියෙකුට හැර වෙන් අන් කිසිදු පක්‍ෂ/විපක්‍ෂ පුරවැසියෙකු හට කිසිදු උවමනාවක් තිබිය නොහැක.


අපිට ඇත්තේ හතර වටින්ම මහා සාගර කලාපයකින් වටවූ ඉතාමත් පුංචි ලස්සන රටකි. නමුත් භූගෝලීය වශයෙන් බලන කල මෙම කලාපය මුළු මහත් ලෝකයටම වානිජමය වශයෙන් ඉතා වැදගත් සන්ධිස්ථානයක් බව පවතින භූදේශපාලනික අරබූදයන් සියල්ල දෙස විමසිලිමත්ව සමීකරනය කර බලන කල පැහැදිලිව පෙනී යයි.


ඒ කෙසේ වෙතත් ඉතාමත් පුංචි ජනගහනයක් වාසය කරන පුංචි දූපතක් වන අපගේ දේශය බලහත්කාරයෙන් ගොදුරු කර ගැනීමට ලෝක බලවතුන් කිසිසේත් උත්සාහ නොකරනු ඇත. 


නමුත් පවතින පක්‍ෂ/විපක්‍ෂ දේශපාලනික ගජ මිතුරන්ගේ බල සූදුව නිසා අප රටේ සමස්ථ ජනතාව පාට/පක්‍ෂ ලෙස බෙදා වෙන්කර විරසක කොට පැවතීම හේතුවෙන් පවතින ජාතික අසමගිය නිසා ආක්‍රමනිකයින් හට සැලුන් දොර නිරායාසයෙන්ම විවරව පවතී. නිදහසේ එන්නට යන්නට ඕනෑ කස්තිරමක් අල්ලන්නට.. ජාතික සම්පත් සූරා කන්නට.. කිසිදු විජාතික බලවේගයකට කිසිදු බලපෑමක් නැත. ජාතික ආරක්‍ෂාව නාම මාත්‍රයක් පමනි. 


අප රටේ පැවති සහ පවතින පාට/පක්‍ෂ දේශපාලනික ක්‍රමවේදයේ විධිමත් ජාතික ප්‍රථිපත්ති නොමැති.. තිරසාර නොබැඳි පිලිවෙත් නොමැති.. දෝෂය නිසා කිනම් පාටකින් කිනම් පක්‍ෂයක් බලයට පත් උවත් පවතින භූදේශපාලනික ප්‍රශ්නවලට විසඳුම් නොමැති නිසා ජාත්‍යන්තර වශයෙන් පවතින ආක්‍රමනික බලපෑම් නිමක් නැති බව සුපැහැදිලිව පෙනී යයි.


එම නිසා පවතින මේ අසාර්ථක බංකොලොත් දේශපාලන ක්‍රමය යටතේ නම් තව කොතෙක් කල් කෙතරම් රජයන් පත් උවත් රටට ගොඩ ඒමක් නොමැති සන්දර්භයක් තුල සමස්ත ජාතියටම තිරසාර විමුක්තියක් කිසිදාකත් අපේක්‍ෂා කල නොහැකි සිහිනයක්ව පවතී.


තත්ත්වය එසේනම් රටේ ජනතාව සතු ජනතාවගේ පරම අධිකාරී බලය යලි ජනසතු කරගෙන මිස පවතින මේ මහා අරබූදයට පිලියම් සෙවිය නොහැකි වනු ඇත. ඒ උදෙසා පාට/පක්‍ෂ භේද අතහැර සියළුම ජනතාව සහ ඇත්තටම රටට ජාතියට ආදරය ඇති අතලොස්සක් හෝ වන දේශපාලකයින් රට ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් එකම කඳවුරකට පිවිසීමේ තීරනාත්මක හෝරාව දැන් අප අභියස ඇත.


නිදහස් සාමකාමී පුරවැසියන් ලෙස අපට රජකම් කිරීමට උන්මාදයක් නොමැත. අවශ්‍යව ඇත්තේ අයාලේ යන අපේ මේ උතුම් මව්බිම යලි නිසි මගට යොමු කරලීමේ සත්භාවයෙන් යුත් අවංක උවමනාව පමනි.


මොනවා කරන්නටත් ප්‍රථමයෙන් වැටී සිටින්නට රටක් තිබිය යුතුය. රට අහිමි උවහොත් සිදු වන්නේ රට වටේට ඇති මුහුදට ලඟම ඇති පාරකින් ගොස් පැනීම පමනි.


ඒ නිසා කිසිවෙකු හට දැන් කාකොටා ගැනීම් ගහ මරා ගැනීම් කිසිවක් ගැන සිතීමට උවමනා නැත. අවශ්‍යව ඇත්තේ මව්බිම පත්ව ඇති අගාධයෙන් මුදවා ගැනීම පමනි. ඉන් පසු භේදයෙන් සහ විරසක කම් වලින් තොරව රට තුල දේශපාලනය කිරීමේ නිදහස සුදුස්සන් හට සුදුසු ලෙස විදිමත් ක්‍රමවේදයක් මගින් ස්වේඡ්චාවෙන්ම හිමිවනු ඇත.


නුදුරු අනාගතයේදී විධිමත් ඩිජිටල් ආණ්ඩුකරන ක්‍රමවේදයක් සබුද්ධිකමත් දුවා දරුවන් විසින් නියත ලෙස මේ මහ පොලව මත යථාර්තයක් කරනු හෙට පායන හිරු සඳු සේ නිස්චිතය. 


යුක්තිය රජයන සැමට එකසේ සාධාරන තිරසාර ලෙස සමෘද්ධිමත් සමාජයක් ඉනික්බිතිව අප රට තුල බිහිවනු ඇත.


නමුත් ඒ කිසිවක් නොසිතා මූලික වශයෙන් මේ මොහොතේ අවධානය යොමු කල යුත්තේ විධිමත් ජාතික ප්‍රතිපත්තිවලින් තොරව රටේ කොටසින් කොටස විදේස් බලවේගයන්ගේ ගොදුරු බවට පත්වීමේ අවධානමෙන් මුදවා ගැනීම ගැන පමනි.


ඉන් පසු සාමකාමී නොබැඳි පිලිවෙතක් යටතේ අපගේ පෞඩ වූ ජාතික අභිමානයද එලෙසම රැකගෙන කිසිවෙකු හමුවේ හෝ කිසිදු අයුරකින් යටහත්.. පහත්.. අසරන.. නොවී ලෝකයේ ඕනෑම බලවත් රාජ්‍යයක්.. හෝ රාජ්‍යයන්.. සමග වානිජ ගනුදෙනු.. සහජීවන ගනුදෙනු.. රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු.. යන මේ ඕනෑම කටයුත්තක් සාර්ථකව ඉෂ්ඨ සිද්ධ කරගෙන ඉතාමත් සුහද සිතින් වන සාමූහික ප්‍රයත්නයක විජයග්‍රහනයක් ලෙස මුළු මහත් ජාතියටම බුක්ති විඳීමේ සැනසිල්ල උදාකර ගත හැකි වනු ඇත.


නමුත් ආධ්‍යාත්මයෙන් බැහැරව විකෘති වී ඇති මානවයාගේ මනෝ භාවයන් පිලිබඳ  සියුම් ලෙස සලකා බලන කල භෞතික වූ පෘතග්ජන ලෝකය තුල කිසිදු කරුනක් කෙරෙහි පූර්න විශ්වාසයක් තබා කටයුතු කිරීම එතරම් ප්‍රඥාගෝචර නොවේ.


එම නිසා එකී අරගලය විජයග්‍රහනයකින් කෙලවර කරලීමට නම් ඒ වෙනුවෙන් විදිමත් සැලැස්මක් නිර්මානය කරලීමෙන් අනතුරුව විමුක්තිකාමී නිදහස් අරගලය සාමකාමීව ආරම්භ කල යුතුය.


මෙම විප්ලවයේ සුවිශේෂීත්වය වනුයේ අප සතු කිසිදු භෞතික යුධ අවියක් හෝ තුවක්කු පිස්තෝල කඩු කිනිසි හෝ අඩුම තරමින් පොලු මුගුරක්වත් නොමැති වීමය. සම්පූර්නයෙන්ම ඇත්තේ හදවතේ පවතින සත්‍යම පමනක් වූ පාරිශුද්ධ අවංක අදහස් වලින් පෝෂිත පරමානුක බර මිසයිල පමනි. ඒ යුධ අවි නිෂ්පාදන කිරීම වෙනුවෙන් අප එක ශතයක්වත් ජාතික ධනය වියදම් කරන්නේ නැත. එමෙන්ම ඒ සියළු අවි නැවත නැවත පාවිච්චි කල හැකි මෙන්ම ප්‍රහාරය එල්ල කල සැනින් තිබූ ස්ථානයටම යලි පැමිනෙන ලෝකයේ මෙතෙක් නිර්මානය වූ සාර්ථකම අධ්‍යාත්මික යුධ අවි වෙයි.  අප මහා සම්බුදු පියානන් එය මුළු මහත් ලෝකයටම ප්‍රායෝගිකවම ඔප්පු කර පෙන්වූ යුග පුරුෂවෙක් වෙයි.


ධාර්මික වචන වලින් දමනය කල නොහැකි ජගතෙක් fවි නම් ඒ නියත ලෙසම බුද්ධියක් ඇති මානවයෙක් ලෙස උපත නොලද දෙපාදයෙන් යුත් විකෘති සත්වයෙක් පමනක් වනු ඇත.


එසේනම් සැකයේ වාසියත් අපේ වාසියට පාදක කර ගනිමින් මෙතැන් පටන් මෙම විමුක්තිකාමී නිදහස් අරගලය ආරම්භ වන්නේ කිසිදු ජගතෙකු හට වැලැක්විය හෝ නැවැත්විය හැකි සංග්‍රාමයක් ලෙස නොවනු ඇත.


මෙම අරගලයට කිසිදු නායකයෙකු නැත. එය මමත්වය අතික්‍රමනය කරනු ලැබූ පරහිතකාමී වන නායකත්ව මණ්ඩලයකි. බල කාමයෙන් පිරුනු ඇත්තන් එහි නැත. මෙම අරගලය රැලි පිට රැලි නැගෙනා නොනවතින සුනාමියකි. කැඩපත තුලින් දෘශ්‍යමාන වන නායකත්වය විනාශ කල සැනින් තවත් නායකත්වයක් ඉබේම තවත් දිසානතියකින් සක්‍රීය වෙයි. එකා පිට එකා මරා දැමුවත් හෙට උපදින දරුවන් මෙහි නායකත්වය ස්චේඡ්චාවෙන්ම උරුමකර ගනී. මෙම නොනවතින අරගලය විනාශ කරලීමට නම් මින්මතු මේ උතුම් මව්බිම ලස්සන දූපත මුහුදේ ගිල්වා දැමීමකින් පමනක් මිස කිනම් බලවතෙකුට හෝ ලඟාවිය නොහැකි වන මිරිඟුවක් වනු ඇත. 


විශ්වීය පියානන්ගේත්.. සොබා දහම් මාතාවගේත්.. දැඩි ආදරය රැකවරනය ඇල්ම බැල්ම ඇති මේ උතුම් පින්බිම.. පූජනීය දූපත.. ඉතිහාසය පුරාවටවත් පැවති කිසිදු කෘර චෞරයෙකු හට විනාශ කල නොහැකි වූ යථාර්තයකින් සමන්විත වෙයි.


මෙතැන් පටන් මෙම ජාතික කර්තව්‍ය උදෙසා රටේ සියළුම පුරවැසියන් සහ යම් යම් දේශද්‍රෝහී දේශපාලකයින් අතලොස්සක් හැර ඔවුන්ගේ දූදරු භාර්යාවන් පවා ස්වේඡ්චාවෙන්ම වගවීම වලක්වනු සක්‍රයාගේ පුතා වයිමාටවත් නොහැකි වනු ඇත.


එසේනම් මෙතැන් සිට අපි සැවොම එකාමෙන් කැප වී ජාතික විමුක්තියේ අරගලය අවිහිංසාවෙන් විජයග්‍රහනය කොට විශ්ව ගම්මාන සංකල්පය තුල පවතින භූදේශපාලනික අරබූදයන් හට විදිමත් වූ මානවවාදී ගෝලීය ප්‍රතිපත්ථි හඳුන්වා දී විශ්ව ගම්මාන සංකල්පය යනු.. රට රටවල් තුල පවතිනා භූවිෂමතාවන්ගේ සුන්දරත්වය සහ සංස්කෘතිකමය වෙනස්කම් සහජීවනයෙන් යුතුව බුක්ති විඳ අමන්දානන්දයට පත්වීම මිස ආක්‍රමනික පිලිවෙත් නොවන බව වටහා දෙන්නටත්..


මිනිසුන් විසින් මිනිසුන් පීඩාවට පත් කරනා හිංසාවාදී මනෝ භාවයන් හට ,කොරෝනා, වැනි වසංගත තුල පවතින අවිනිස්චිත ජීවිත යථාර්තය තුල ඇති සත්‍ය අවබෝධ කර දී නිස්චිත යුධ අවියකට.. අවිනිස්චිත කොරෝනාවට ඉගැන්විය හැකි වූ පාඩම කිමෙක්ද යන්න වටහා දී.. ගහ/කොල.. සතා/සීපාවා.. පරිසරය යන මේ සෝබා දහම් මාතාවගේ දායාදයන් සැමට ඇති සම අයිතිය ගරු කොට නිස්චිත දැක්මක් තුල අවිනිස්චිත ජීවිතයට පරමාදර්ශී යහගුන අවබෝධ කර දී ලෝක සාමයට පූර්වාදර්ශ සපයන්නට සබුද්ධිකමත් ජාතියක් ලෙස අත්වැල් බැඳගන්නට අදිටන් කරගෙන..


ඒ මහා අධ්‍යාත්මික අරගලයේ සමාරම්භය ගනිමු මෙතැන් සිට.. ඒ උදෙසා සමස්ථ දේශමාමක ජනතාව රට වට කර කඳවුරු බැඳ ගනිත්වා. විජයග්‍රහනය නියතයි.


අප රට පෙරටු කොට ගත් ලෝක වාසී සමස්ත ප්‍රජාවට සොබා දහම් මාතාවගේ ඇල්ම බැල්ම රැකවරනය හිමිවේවා. දුකින් මිදේවා.. සැනසිල්ල අත්වේවා..


නිර්පාක්‍ෂික.. නිර්භේදීය.. නිර්දේශපාලනික.. සත්පුරවැසියෝ..

සෝභිතාවතාරයේ.. සෝභිතාතූරයා..

*#Sobit..2021/07/18