Friday, November 11, 2016

ටොපියක් කවලා පොකැට් එකට විද අැතැයි ජේවීපිය පවසනා.. මේව නම් ඉතින් විහිළුම තමා....

ටොපියක් කවලා පොකැට් එකට විද අැතැයි ජේවීපිය පවසනා.. මේව නම් ඉතින් විහිළුම තමා....
අැත්තෙන්ම දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව අපේක්ෂා කරන්නේ නම් මෙවන් දෙකයිපනහේ කොලොප්පම් නොවේ. 

හැකි ඉක්මනින් සෝභිත හිමියන්ගේ සිහිනය සැබෑ කරනු දැකීමත්... සුදුසු අධිකරන පිහිටුවා (ප්රතිපාදන නොමැතිනම් ඒවාත් ජනතාවගෙන්ම අයකර හෝ) දූෂන නඩු සහ හාෙරු අැල්ලීමේ විමර්ශන කඩිනම් කිරීම... 

නව ව්යවස්ථාව අප්රමාදව සම්මත කිරීම...  

කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්තා වගේ හෝ ඔළුවේ කැක්කුමට කොට්ටේ මාරු කලා වැනි වැඩවන් උන් හොරකම් කලා නාස්ති කලා සේම මුනුත් ජවතාවගේ ධනය හොරකම් සහ නාස්ති නොකිරීම...

අාන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශන අතිවිශේෂ කටයුත්තක් සේ සලකා අධිවේගීව සිදුකොට යහපාලනවාදී යැයි කියනා සම්මුතිවාදී රජයේ පාරදුෂ්යය භාවය රට හමුවේ සහ ජාත්යන්තරය හමුවේ පිලිබිඹු කරවීම.
=========================
අනේ මන්ද මේව අැත්තද කියල සෝභිතාවතාර අාතූරයාට සත්පුරවැසියාට පාරේදී සහ බස් නැවතුම් පලවලදී අහන්න ලැබෙන.... 
‍====================
මුදල් අමාත්යය රවී කරුණානායක මැතිතුමා තම දියනියගේ නමින් වරායට සියගනනක් කන්ටේනර ලොරි රථ දමා අැති බව‍ත් ඒනිසා තමන්ගේ ජීවනෝපාය අවධානමට පත්ව අැති බවට කන්ටේනර ලොරි රථ කරුවන්ගේ මැසිවිලි අැත...

එමෙන්ම හිටපු ජනපතිවරුන් වන ජනාධිපති ප්රේමදාස.... ජනාධිපති මහින්ද.... යන අය හට තමන්ට බලයට පැමිනෙන්නට වැඩි කැපකිරීමක් කල හිතවතුන් පසුව ඉහල නිල තලවලට පත්ව තම නායකයාගේ බලය අහිමි වන තැනට කටයුතු කලා සේ....

වත්මන් ජනපතිට බලයට එන්නට සුවිශාල කැප කිරීමක් සිදුකල ශ්රීලංකා නිදහස් පක්ෂයේ වර්තමාන මහලේකම් දුමින්ද දිසානායක සහ ඔහුගේ සහෝදරයින් විසින් සිදු කරනා අකටයුතුකම් සහ රජයේ මුදල්/වාහන අපහරනය සහ වෙනත් අකටයුතුකම් පිලිබඳ කසුකුසු අසන්නට ලැබෙමින් පවතී.

දෙපක්ෂයේ ප්රබලයින්ගේ තරම මෙසේ යැයි අසන්නට අැත්නම් යමපාලන යුගයේ සිදුවුනා සේ ඉහල සිට පහලට මේවා පූර්වාදර්ශයට ලක්වීමත් වලක්වනු බොරුය. එසේ නොවේ යැයි සිතීමත් විහිළුවකි....
============
ජනපති තුමනි මේවා සත්යයදැයි සොයා බලන්න...
=================================
සෝභිතාවතාරට නම් වර්තමානයේදී සමස්ත රජය තුල සිටිනා විශ්වසනීයම කිහිප දෙනෙක් වන්නේ....

ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා.
රන්ජන් රාමනායක නියෝජ්යය අමාත්ය අපේ අාදරනීය වන්ෂෝට්
සහ පූජ්යය අතුරලියේ රතන හිමි වෙයි

විශ්වාසය තහවුරු කරගෙන සිටි තවත් බොහෝ මැති අැමති මන්ත්රීවරු මේ වන විට සැකයට භාජනයව සිටිනා අතර රජයේ ඉදිරි ක්රියා මාර්ග හමුවේ ඔවුන් නිදොස් වීම හෝ තක්කඩියන් වීම හෝ එහෙයියන් වීම තහවුරු වනු අැත.

ඒ අතරින් අගමැති තුමා සුවිශේෂී වෙයි. බැඳුම්කර ප්රශ්නයේ විසඳුම තුල අගමැති තුමාගේ Clean හෝ Dirty කම තහවුරු වනු නියතය.

කෝප් කමිටුවේ සිටි එජාප සමාජිකයින්ගේ අතීතය කිසියම් ප්රමානයකින් පාරිශුද්ධ මුත් බැඳුම්කර සිද්ධියේ විසඳුම ලැබෙනා තෙක් ඔවුන් වර්තමානයේදීත් පාරිශුද්ධදැයි හෝ එහෙයියන් දැයි ප්රකාශ කල නොහැක.

මාධ්යය කරුවන්ගේ බැඳුම්කර ප්රශ්න හමුවේ එජාපයේ - 
Harsha de Silva - Sri Lankan Politician
Dr Harsha de Silva, MP is a Sri Lankan economist and politician. A current member of Parliament of Sri Lanka, he is the current Deputy Minister of Foreign Affairs and the former deputy minister of Policy ... 
Wikipedia
Born: August 30, 1964 (age 52), Sri Lanka
Education: University of Missouri
Party: United National Party
නිරුත්තරව වනු දකිනා විට සහ තම හෘද සාක්ෂිය හමුවේ අසරන වනු දකිනා අපට අැති වන්නේ මහත් සංවේගයක් සහ සිතෙන්නේ දේශපාලනය කෙතරම් තුච්චද කාලකන්නිද යන්නය...

කාලකන්නි දේශපාලනයේ පවතිනා කඩප්පුලි සක්කිලි කම් හමුවේ ජනතාවාදී රුදුරු පාලකයෙකු බලහත්කාරයෙන් හෝ පහල වී සියළු තක්කඩියන් සහ දූෂිතයන් උලතබා කරලිය උඩුයටිකුරු කරන්නේ නම් කෙතරම් භාග්යයක්දැයි විටෙක සිතෙන්නේ අපවත්වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන් හට සැනසීම අත්වනු අටියෙනි.

සෝභිතාවතාර
2016/11/11

Thursday, November 10, 2016

“සෝභිත හාමුදුරුවෝ -සිංහ නාදය ඇති සංඝ සේනාපති“ වාර්තාමය වීඩියෝව නරඹන්න (VIDEO)

“සෝභිත හාමුදුරුවෝ -සිංහ නාදය ඇති සංඝ සේනාපති“ වාර්තාමය වීඩියෝව නරඹන්න (VIDEO)

ශ්‍රී ලාංකික ජනතාවගේ සැබෑ අධ්‍යාත්මික නායකයානන්ගේ ප්‍රථම ගුණානුස්මරණය වෙනුවෙනි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.09, ප.ව‍‍‍‍‍‍.‍‍‍11.30) ශ්‍රී ලාංකික ජනතාවගේ සැබෑ අධ්‍යාත්මික නායක දිවංගත මාදුළුවාවේ සෝභිත හිමියන් වියෝ වී වසරක් සැපිරෙන අවස්ථාවේදී එතුමන් නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේමහාචාර්ය සරත් විජේසූරිය සහ සිසිර ජයමහ දෙපොලගේ මෙහෙයැවීමෙන් ප්‍රවීන ද්‍රශ්‍යමාධ්‍යවේදී වසන්ත කුලතුංගයන් විසින් පිටපත ලියා නිර්මාණය කරන ලද වාර්තා වීඩියෝ පටයක් එළිදැක්විණ. 
“සෝභිත හාමුදුරුවෝ -සිංහ නාදය ඇති සංඝ සේනාපති“ නම් එම අග්‍රගන්‍ය දේශපාලනික වාර්තා වීඩියෝව සියළු ශ්‍රී ලාංකිකයන්ගේ හිත සුව පිණිස පහතින් ප්‍රදර්ශනය කරමු 

Tuesday, November 8, 2016

සෝභිතාවතාර අාතූරයා අද ඔයාල සේරම බලන්න අැවිත් ගියා.

සෝභිතාවතාර අාතූරයා අද ඔයාල සේරම බලන්න අැවිත් ගියා.

අප සියල්ලෝම සෝභිත හිමිගේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනය සෑබෑවක් වන තුරු ජනපති අද සවස පදනම් අායතනයේදී පැවසූ සේ අවබෝධයෙන් සහ විශ්වාසයෙන් යුතුව තව දුරටත් කැපවෙමු.

එනිසා එකෙකා පිලිබඳ සැක උපදවා ගෝත්රික කඩාකප්පල් කාරයින් හට ජනතාව මුලා කිරීමට ඉඩ නොතබමු.

සෝභිතාවතාර සෝභිත හිමිගේ ප්රතම ගුන සමරුව වෙනුවෙන් 
සටහන් තබනා වගයි.
2016/11/08






Monday, November 7, 2016

අප නොදන්නා සැඟවුනු චරිතය කෙසේ වෙතත්... ජීවන සහ ව්යාපාරික අත්දැකීම් තුලින් තවදුරටත් බහුශෘත වෙමින් පවතින සාර්ථක මිනිසකුගෙන් සබුද්ධිකයින් හට උකහා ගන්නට අගනා උපදෙස් මාලාවක්....

අප නොදන්නා සැඟවුනු චරිතය කෙසේ වෙතත්...
ජීවන සහ ව්යාපාරික අත්දැකීම් තුලින් තවදුරටත් බහුශෘත වෙමින් පවතින සාර්ථක මිනිසකුගෙන් සබුද්ධිකයින් හට උකහා ගන්නට අගනා උපදෙස් මාලාවක්....
නමුත් ඒකාන්ත වශයෙන් පැවසිය යුතු කරුනක් වන්නේ මෙම උපදෙස් වලින් ගත් සාරයෙන් තම ගමන් මග නිවැරදි කර ගන්නා උඩඟු කිසිවෙකු කිසිදා ඒ බව සඳහන් නොකරනු නියත බවය.

එවන් අත්දැකීම් සෝභිතාවතාර අත්විඳ අැත. නමුත් අදාල බහුශෘතයා තම දේශනය තුලින් එවන් ලද බාෙලඳ මානසිකාස්වාදයක් කිසිසේත් අපේක්ෂා නොකරනා බව පැහැදිලිය.

කෙසේ වෙතත් අදාල දේශක සුපිරි ව්යාපාරිකයා පිලිබඳ සමාජය තුල පවතිනා මිත්යාදෘශ්ඨික ප්රතිරූපය පුස්සක් කරලීමට ඔහුගේ ස්වයං විවේචනාත්මක වූ හරබර දේශනය සමත් වූයේ සැබවින්ම ඔහු කිනම් අාකාරයකින් සාර්ථක වුවත් ඒ සාර්ථකත්වය ඔහු ලබා අැත්තේ සත්යය වශයෙන්ම ඔහු තුල පැවති අතිදක්ෂ තර්කානුකූල බුද්ධිය නිසා බව පැහැදිලිවම... පැහැදිලි වූ නිසාවෙනි.

එහෙයින් අදාල දේශකයාටත් වඩා ඉහලින් සිටිනවා යැයි සිතා සිටි බොහෝ සුපිරි ව්යාපාරිකයින් හට සිතා සිටියාට වඩා තමන් කෙතරම් පුංචිදැයි යන අාත්ම ලජ්ජාව මෙම දේශනය අසා සිටියාට පසු අනිවාර්යයෙන්ම තම සිත්සතන් තුලට මොදු වූවාට සැකයක් සෝභිතාවතාරට නැත.


http://sobithawathara.blogspot.com/
2016/11/07