Saturday, June 2, 2018

සුපිරි සාප්පුවල සිදුවන සූක්ෂ්ම සොරකම් නොහොත් ජංගි/බොඩි ගේම්


 සුපිරි සාප්පුවල සිදුවන සූක්ෂ්ම සොරකම් නොහොත් ජංගි/බොඩි ගේම් 

වර්තමාන වෙළඳ රටාව අනුව පවතිනා සුපිරි සාප්පුවකට ගොඩ වැදුනු පසු ලාබාලයාගේ සිට වැඩිමහළු අය දක්වාද විශේෂයෙන් තරුණ තරුණියන් හට තමන්ට අවශ්යය කරනා හිසේ සිට පාදාන්තය දක්වා වූ සියළුම අැඳුම් අායිත්තම් වායුසමනය කල සැප පහසු පරිසරයක් තුල රිසිසේ තෝරා/බේරාගෙන හිතේ හැටියට අැඳ/පැලඳ බලා අතේ අැති මුදලට සරිලන ලෙස මිලට ගෙන කුසගින්නක් එහෙමත් අැත්නම් මොනවා හෝ කාබී ජොලියේ ගෙදර අාහැක.

නමුත් සෝභිතාවතාර මාධ්යය ඒකකය වෙත වාර්තා වන මේ සෑම සමාජ තලයක් තුලදීම සිදුවනා දූෂන ක්රියා ජනතාවගේ දැන ගැනීම සහ ඒවායින් ප්රවේසම් වීම සඳහා එවැනි වූ තවත් පැති කඩක් පිලිබඳ කිසියම් නිරාවරනයක් සිදු කිරීමටයි මේ සූදානම.

පසුගිය මැයි මාසයේ අග බාගයේ දිනක නුවර නාමයක් පටබැඳි කිරිබත්ගොඩ අගනගරයේ කිසියම් සුපිරි සාප්පුවකදී ගැහැනු දරුවකු මිලට ගත් අැඳුම් තොගයෙන් එක් යට අැඳුමක් (පෑන්ටියක්) මුදල් ගෙවනා කවුන්ටරයේදී සොරකමකට ලක්ව අැත.

මෙම කාරනය සෝභිතාවතාර විසින් ජනගත කරන්නට කල්පනා කලේ සියළුම ජනතාවට එහි පවතිනා වැදගත්කම අවබෝධ කරදීමේ අටියෙනි.

මෙවැනි සිදුවීම් රට පුරාම අැති බොහෝ සුපිරි සාප්පුවල සහ සුපිරි වෙළ සල්වලද සිදුවීමට ඉඩ අැති ඉතා සූක්ෂ්ම දියුනු සාෙරකමක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සියළුම පාරිභෝගික ජනතාව සහ විශේෂයෙන් සුපිරි සාප්පුවල ඉහල කළමණාකරනය දැනුවත් කර තැබීමෙන් සියල්ලන් හටම සිදුවිය හැකි පාඩු සහ අපහසුතා මගහැර ගත හැකි වනු අැත.

ඒ අනුව මින් මනත පාරිභෝගික ජනතාව අවධානයෙන් කටයුතු කරනු අැති අතරම සුපිරි සල් කළමණාකරනය තම (CCTV) කැමරා පද්ධති මතු කියවෙනා ස්ථානවලටද රහසේ හෝ සවිකල යුතු වනුු අැත. එමගින් තම කාර්යය මණ්ඩල අතින් තම වටිනාම සම්පත වන පාරිභෝගික ප්රජාව තම අායතන සම්බන්ධයෙන් පවතිනා දිගු කාලීන විශ්වාසය පලුදු වීමද වලකිනු අැත.

ජාවාරම සිදු වන්නේ මෙසේ විය හැක. සිද්ධිය සැකෙවින් මෙසේය. සාමාන්යයෙන් මෙවන් සාප්පු සංකීර්නයකට ගොඩවී එහි අැති මල්ලක්ද අතට ගෙන ඉහත පැවසූ අාකාරයට තම සියළු අවශ්ය‍තාවන්ට සරිලන අැඳුම් අායිත්තම් තෝරා ගත් පසු ඒ මල්ල මුදල් කවුන්ටරය වෙත ගෙනගොස් මුදල් ගෙවූ පසු තමන්ට ඉතිරිව අැත්තේ අයකැමි හෝ එතැන සිටිනා වෙනත් සහායකයෙකු විසින් අතට දෙනු ලබන මල්ල රැගෙන ගෙදර යාම පමනි.

නමුත් බොහෝ විට කිසිවෙකුත් තමන් මිලට ගත් සුවිශේෂී දේවල් පිලිබඳව හැර අනිකුත් සුළු සුළු අායිත්තම් සම්බන්ධයෙන් එතරම් සුපරික්ෂාවක් සිදු කරනු නොලබයි.

සොරාගේ ගොදුර පාරිභෝගිකයාගේ මෙම දුර්වල කමය. විශේෂයෙන් ගත් කල කාන්තා පාර්ශවය තම යට අැඳුම් සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වනා නිසාත් එක් උඩු අැඳුමක මිලට යට අැඳුම් ගනනාවක් මිලට ගත හැකි නිසාත් නිරතුවම යට අැඳුම් වැඩි ප්රමානයක් තම මල්ලට හලා ගැනීම සාමාන්යය තත්ත්වයකි.

නමුත් අාපසු නිවසට පැමිනි පසු අැඳුම් මල්ල අැඳ උඩ හලා තමන් වැඩි කැමැත්තක් සහ තෝරාගැනීමක් මත රැගෙන අා විශේෂ අැඳුම් සහ අායිත්තම් පිලිබඳ සැලකිලිමත් වනවා මිස බිලට අදාල සියළුම (Items) කෑලි ගනන නිවැරදිව ලැබී අැත්දැයි යන්න පරීක්ෂා නොකරයි.

මෙම දුර්වල කම හඳුනාගෙන සිටිනා මෙවන් සාප්පුවල සේවය කරනා සමහර දූෂිත සොරසිත් අැති කැෂියර් වරුන් සහ ඒ හා සබැඳි සහායක හෝ සහායිකාවන් ඒකාබද්ධව දිගු කාලීන ජාවාරමක් කරගෙන යනු අැති බව පෙනේ.

සිද්ධිය සැකෙවින් මෙසේය. තමන් තෝරාගෙන මුදල් අයකැමි සහ භාණ්ඩ නිකුත් කිරීමේ අවසන් කවුන්ටරය වෙත පැමිනි පසු කැෂියර් විසින් සෑම භාණ්ඩයකම සහ අැඟළුමකම අැති (BarCode) බාකෝඩ් කොටස ස්කෑනරයට යොමු කොට එහි මිල බිල් පතටද සිස්ටම් (ඉන්වෙන්ටරියට) එකටද යොමු කරවනු ලබයි. එහිදී අදාල බිල් පතට මිල යොමු වන අතර මුල් තොගයෙන් අදාල භාණ්ඩය බැහැර වීම සහ පද්ධතියට දී අැත්ත දත්තයන් අනුව අභ්යන්තර ක්යාවලිය සිදුවේ. 

මීලඟට සිදුවන්නේ අයකැමි හෝ සහායක/සහායිකා විසින් චුම්බක පරිපථයකට යොමු කොට භාණ්ඩයේ හෝ අැඟළුමේ අැති අාරක්ෂන මුද්රාව ඉවත් කිරීමයි. මෙම අධියරයෙන් පසු භාණ්ඩයේ සියළු සුරක්ෂිතතා සාප්පුව පැත්තෙන් නිදහස්ය. එනම් භාණ්ඩය නිකුත් වී අදාල වටිනාකම ලැබී අවසන්ය.

සොරාගේ හස්තය ක්රියාත්මක වන්නේ මෙන්න මේ අවස්ථාවේදීය. ඉහත දැක්වූ අාරක්ෂන මුද්රාව බැහැර කර ෂොපින් උරයට විස්තර කල අැඳුම් දමන ගමන් අයිතිකරුගේ අවධානයට හසු නොවනා එක් වර්ගයකින් වැඩිපුර ගෙන අැති විශේෂිත නොවන සාක්කුවක හෝ සඟවාගෙන එලියට රැගෙන යාහැකි කිසියම් දෙයක් හෙමිහිට බිමට වැටෙන්නට සලස්වයි. තමන් හට සිදුවූ අකටයුත්ත ගැන අබමල් රේනුවක හෝ වැටහීමක් නොමැති පාරිභෝගිකයා අැඳුම් මල්ල ගෙදර ගෙන ගොස් නොසොයා නොබලා අත හරීයී.

නමුත් මෙවන් අාකාරයෙන් දිනකට සිය දහස් ගනනක් පාරිභෝගික ජනීජනයා පැමිනෙනා සාප්පුවල සිටිනා මෙවන් සොර දෙටුවන් කල්ලියක් ලෙස ඒකරාශීව ක්රමානුකූල ජාවාරමක් පවත්වාගෙන යාමේ හැකියාව ඕනෑවටත් වඩා පැවතීමට අැති ප්රධානතම හැකියාව වන්නේ මෙම සොරකමින් අායතනයට කිසිදු මූල්යය අලාභයක් සිදු නොවන නිසාය.

ඒ නිසා පාලනාධිකාරීන්ටද මෙවන් පැතිකඩක් සම්බන්ධයෙන් අවධානයක් මෙම සිදුවීම නිරාවරනය වන තාක් පවතින්නට හේතුවක් මතුවී තිබෙන්නටද හේතුවක් නැත.
සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්..
2018/06/02

Friday, June 1, 2018

සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කර ගැනීම උදෙසා ජාත්යන්තරයේ අවධානය පිනිසයි. පීඩිත ජනතාව වෙනුවෙන් නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...

සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කර ගැනීම උදෙසා ජාත්යන්තරයේ අවධානය පිනිසයි.
පීඩිත ජනතාව වෙනුවෙන් නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...
================================================

ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති


ගෝඨාභය රාජපක්ෂ
Image captionගෝඨාභය රාජපක්ෂ

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියාත්මක කරනු ලබන විමර්ශන කිහිපයකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් පනවා තිබෙන නඩුවෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙකු ඉවත් ව තිබේ.
2015 වසරේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකළ අතර විනිසුරුවරුන් නඩුවෙන් ඉවත්වීම නිසා එය මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කෙරී නැත.
කෙසේ නමුත් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘ යන විනිසුරුවරුන් විසින් චෝදනා කිහිපයකට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත නිකුත් කර තිබු තහනම් නියෝගය තවමත් ක්‍රියාත්මකය.
මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මකවන පරීක්ෂණ වලට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබේ. 2015 වසරේ මැයි මස අදාළ පෙත්සම විභාග කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් හිටපු ආරක්ෂක ලේකම් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ද නිකුත් කළේය.
මෙම නඩුව විභාග කිරීමේ කටයුතු වලින් ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන සහ බුවනෙක අළුවිහාරේ යන විනිසුරුවරුන් දැනටමත් ඉවත්ව සිටින්නේ පෞද්ගලික හේතු දක්වමිනි. මේ අතර අද දින (ජුනි 01) මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය ද නඩුවෙන් ඉවත් වෙන බව දැනුම් දුන්නාය.
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය අද නොවැම්බර් මස 27 වැනිදා දක්වා කල් තැබුණි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමෙන් සඳහන් කරන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපනය කර ඇති දූෂණ විරෝධී ලේකම් කාර්යාලයෙන් පාලනය වන ආයතනයක් බවය.
ඉකුත් රජයේ ප්‍රබල ක්‍රියාකාරිකයින්ගෙන් පලිගැනීමේ චේතනාවෙන් මෙම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ස්ථාපනය කර තිබෙන බව සඳහන් කරන හිටපු ආරක්ෂක ලේකම්වරයා එහි ස්වාධීනත්වය පිළිබඳ බරපතළ සැක මතුවී තිබෙන බව කියා සිටී.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වන ආකාරය ද ඉතා පක්ෂග්‍රාහී බවත් එම නිසා එම ආයතනය මඟින් සිදුකරන පරීක්ෂණවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සමින් ඉල්ලා තිබේ.
ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ අතුරු නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ එම නියෝගය දුන් අවස්ථාවේදී කියා සිටියේය.
මේ අතර ඉකුත් රජය සමයේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට ගොනු කරනු ලැබ ඇති නඩුවෙන් තමා ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කර ඇති පෙත්සම සලකා බලන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු ද අද (ජුනි 01) ඉවත් විය.
අදාළ පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබු අතර එහිදී විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ තමා පුද්ගලික හේතූන් මත මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවය. ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම ද කල් දැමීමට සිදුවිය.
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කිරීමට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවත්වන පරීක්ෂණයෙන් ද ගෝඨාභය රාජපක්ෂ
අවසන් වරට පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඔහු පැවසුවේ ''ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්න බැහැ ලංකාවේදී'' යනුවෙනි.
"ඒක තමයි නීතිය, මමත් දන්නේ නැහැ එහෙම වෙන්නේ ඇයි කියලා" අධිකරණ නියෝග ගැන අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේය.
============================================

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්

දරුවන් ඉදිරියේ සංවේදී මිනිසුන් වෙමු. අන් අයගේ දරුවන්ද අපගේ දරුවන් සේම සුරකිමු. එවිට අපගේ දරුවන් හටද සුරක්ෂිතව විසිය හැකි හෙට දිනක් නියත වශයෙන්ම උදාවේවි. සෝභිතාවතාර විශ්වයේ සිට...

දරුවන් ඉදිරියේ සංවේදී මිනිසුන් වෙමු. අන් අයගේ දරුවන්ද අපගේ දරුවන් සේම සුරකිමු. එවිට අපගේ දරුවන් හටද සුරක්ෂිතව විසිය හැකි හෙට දිනක් නියත වශයෙන්ම උදාවේවි.

සෝභිතාවතාර විශ්වයේ සිට...

http://www.sobithawathara.blogspot.com/

පිවිසෙන්න අඩවියට වෙනසකට මුල පුරන්න

=========================

Stop Violence Against Children in Sri Lanka

ළමා අයිතින් සුරකින්නට නීති රීති මෙන්ම ඒවා ක්‍රියාවේ යොදවන්නට ආයතන තිබුණද තවමත් දිනකට සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක් හිංසනයට පත්වේ. ශාරිරික දඩුවම් සහ ලිංගික අපයෝජන පිළිබද බොහෝ දෙනා අතර අවබෝධයක් තිබුණද කොන්කිරීම,නොසලකා හැරීම වැනි මානසික දඩුවම් ගැන ඔබ නොදන්නවා විය හැක.
කායිකව සහ මානසිකව සිදුවන මේ සියල්ල දරුණු ළමා හිංසන වන අතර ඒවා විදින දරුවන්ගේ අනාගතය සුභ දායක නොවේ. මොනයම් ආකාරයක හෝ හිංසනයකින් දරුවා කම්පනයට පත්වන අතර නොමැකෙන කැලැල් ඉතිරි කරයි. දරුවා පීඩාවට ලක්වන්නේ පිටස්තරයෙකුන්ම පමණක් නොව දෙමවුපියන් විසිනුත් දැන හෝ නොදැන සිදුවිය හැක. දරුවාගේ ඕන එපා කම් නොසලකා හැරීම, ඔවුන් කෙරෙහි අඩු අවධානයක් දැක්වීම ඔවුන්ගේ සිත් දරුණු හා සසල වන අවස්තාවන් වලට පත් කිරීම හා ඔවුන් නොවටිනා මෝඩයෙකු බවට වැටහීමට ඒත්තු ගැන්වීම යනාදී කරුණු තුළින් දරුවා නිවස තුළ හිංසාවට ලක්වන වාර අනන්ත වේ.
සියලුම ආකාරයේ ළමා හිංසන හා නොසලකා හැරීම ජීවිත කාලය පුරාම දරුවෙකුට ඍජු හෝ වක්‍ර අන්දමින් බලපානු ලබයි.
බුද්ධිමත් වැඩිහිටියන් ලෙස මේ දැනුවත්ව තීරණයක් ගන්නට හොදම මොහොතයි.සියළු ආකාරයේ ළමා හිංසන වලක්වන්ට කැප වෙමින් දරුවන්ට සුව පහසු ලෝකයක් තනන්ට අත්වැල් බැද ගනිමු.
දැයේ සියලු දරුවන් වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන ඔබේ ප්‍රතිඥාව සනාථ කරන්න,මෙම ඔන්ලයින් පෙත්සම අත්සන් කර ඔබේ දායකත්වය ලබාදෙන්න.
A significant number of children continue to face abuse on a daily basis despite sufficient laws and regulations to protect children’s rights, and institutions that put such laws into practice.
Many are widely aware of physical and sexual abuse against children, but the question remains if there is just as much awareness one motional harassments such as ignoring and neglecting of children.There maybe many who may not be aware of these and may not know that such physical and mental harassments are critical and life-threatening child abuses.
Children who are subjected to abuse often have an unstable future. Such adverse experiences can leave indelible scars.Neglecting a child’s needs, failing to provide sufficient attention, breaking the child’s confidence and treating them as fools are some of the ways in which a child may be abused at home by parents or external parties.
All types of harassments and neglect affect children both directly and indirectly throughout their lives.  As intelligent adults, let us now make a decision to join hands to build a better world for our children.
Please confirm your oath to serve your duty towards supporting all children in the country by signing this on line petition.