Thursday, July 26, 2018

අැට/කටු නැති දිව.. හැරෙන හැරෙන අතට වනමින් වත්මන් ජනපතිට ගරහමින් රටට ජනතාවට වැඩක් කිරීමට ඉඩ නොදෙමින් වලිගය පාගාගෙන කාඩ්බෝඩ් වීරයන් වන්නට වලිකන ඊනිව්ස් සඳරුවන්ට සහ ඔහුගේ කටුකන කුක්කන්ට සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධිකයින්ගෙන් යලිත් ටොක්කක්..

පුතා කුඩ්ඩෙක් වුනා තාත්තා වධකයා වුනා..! ගොට්ලර් පසුපස ගමරාළ…!  
-විමල් ධීරසේකරගේ විග්‍රහයකි-(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.26, පෙ.ව‍‍.8.00) 
අැට/කටු නැති දිව.. හැරෙන හැරෙන අතට වනමින් වත්මන් ජනපතිට ගරහමින් රටට ජනතාවට වැඩක් කිරීමට ඉඩ නොදෙමින් වලිගය පාගාගෙන කාඩ්බෝඩ් වීරයන් වන්නට වලිකන ඊනිව්ස් සඳරුවන්ට සහ ඔහුගේ කටුකන කුක්කන්ට සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධිකයින්ගෙන් යලිත් ටොක්කක්..
============================================================‍
වැඩ පෙන්වන්නට හරස් පද ලියන මෙවැනි ඊනිව්ස් සඳරුවන්ගේ කටුකන කුක්කන් නිසා මෙම රටේ බහුතරයක් දෙමාපියන් හට විශාල ප්‍රශ්නයක්ව ඇති මත් කුඩු ගැටලුව සහ වෙනත් නොයෙකුත් අපචාර සහ අපරාධ විසඳා ගැනීමට කිසිවක් කරගත නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

සියලු ආගමික නායකයින්ද අනුමත කර ඇති ජනාධිපතිගේ එල්ලුම් ගස යලි ක්රියාත්මක කරවීමේ යෝජනාව නිසා පවතින අර්බුදයට කිසියම් අස්වැසිල්ලක් රටේ පොදු මහත් ජනතා මාපියන් හට උරුම වන්නට යන මේ මොහොතේ ජනපති හා පවතිනා ඊර්ෂ්යාවත්, වෛරයත් නිසා ද්වේෂ සහගත පුවත් මවමින්ද ප්රකාෂ නිකුත් කරමින්ද අපරාධ වලක්වන්නට, මර්ධනය කරන්නට, පාලනය කරන්නට ජනාධිපති වරයා ජනතාවාදී මෙහෙයුමක් සිදු කිරීමට සැරසෙනා මේ මොහොතේ එය දියාරු කරන්නට මෙම පරපුටුවන් ගන්නා උත්සාහය ඊනිව්ස් වර්ජනය කොට පරාජය කල යුතුය.

බැදුම්කරයෙන් අල්ලස් ලබාගෙන එජාප නායකයා අාරක්ෂා කරනා මිස්ටර් ඊනිව්ස් සහ උන්දෑගේ කටුකන කුක්කන් දැන් කුඩු මුදලාලිලාගෙන් අල්ලස් ලබා ගෙන කුඩු කාරයන් අාරක්ෂා කිරීමේ මෙහෙයුමක යෙදී අැත්දෝයි යන්න සබුද්ධික ජනතාව තුල සැක සංකා මෝදු වෙමින් පවතී.

එම නිසා ඊනිව්ස්හි තවමත් රැඳී සිටිනා උදාරතර මාධ්යය වේදීන් හට සෝභිතාවතාර අායාචනය කර සිටිනුයේ ඔබලාගේ මාධ්යය සගයාගේ ඉහත ලිපියේ කියැවෙනා යම් යම් කරුනු කාරනාවල පවතිනා ධර්මතාවන් සහ/හෝ අධර්මතාවන් සම්බන්ධයෙන් කතිකාවතක් දෙවනුව ඉහල මට්ටමින් අරඹනු පසුවට තබා රට හමුවේ පවතිනා මෙම උග්ර මත් උවදුර සම්බන්ධයෙන් උන්ගෙන් ප්රතිලාභ ලභමින් හිටපු ජනපති මහින්ද කරඅැර සිටියා සේ නොසිට තම දිවි පරදුවට තබමින් වත්මන් ජනපති කුමන අරමුනක් යටි සිත්හි තබාගෙන එය සිදුකලද ඉන් රටේ සමස්ත පුරවැසියන් හට සුභදායක වාතාවරනයක් ඉටුවේ නම් ඊට අනුකූලතාවය දක්වනා ලෙසය.

මෙම මත් කුඩු වසංගතය සහ වෙනත් නොයෙකුත් අපචාර සහ අපරාධ හමුවේ ඔබලාගේ දරුවන් ඊට ගොදුරු උවහොත් තම තමන්ගේ චෛතසිකයට දැනෙනා අවබෝධය තුල පිහිටා සිට මෙවන් වූ රටේ පොදු ජනතාවට සහ ඔවුන්ගේ අාදරවන්ත දරුදැරියන් හට අතිශයින් බලපානා සුවිශේෂි කාරනා සම්බන්ධයෙන් වාද/විවාදයන්ගෙන් තොරව පවතිනා රජයටත් රටේ නායකයාටත් සහාය පලකිරීමට වගබලා ගත යුතු නොවේද..!

පවතිනා රුදුරු වාතාවරනය පහවනා තුරු සහ පාලනයක් මර්ධනයක් සිදු වනා තුරු හෝ අප සියලු දෙනා සමස්ථ රට වැසි මාපිය ජනතාව හා ඒකරාශීව රටේ නායකයාගේ සුභවාදී අාකල්පයට ශක්තිය ධෛර්යය ලබා දීමට වගබලා ගත යුතුය.

නොඑසේව කඩප්පුලි විතර්කයන්ගෙන් අසීරු මුත් යහපත් උත්සාහයක් පරාජය කිරීමට තරම් දුෂ්ඨ නොවිය යුත්තේ තම තමන්ලාටද දරු මල්ලන්ගෙන් යුත් මතු පරපුරක සුරක්ෂාව සහතික කරලීමේ නොනිමි වගකීමක් පවතිනා නිසාය.

එසේ නොවුනහොත් ඉක්මනින්ම යලි සැමටම පසුතැවිලි වන්නට සිදුවන්නේ යලිදු කිසිදා කිසිදු ගැලවීමක් මතු බිහිවනා යමපාලනයෙකින් අපේක්ෂා කල නොහැකි වන නිසාය.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ඔබ සැම ගැන කනස්සල්ලෙන්
2018/07/26