Tuesday, November 1, 2016

නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාට එකතුකර ගන්න යෝජනාවක්....

නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාට එකතුකර ගන්න යෝජනාවක්....

==================================================================

පුවතක්..

‘ලඟදීම වරදේ පින්තූරෙකුත් සමග දඩ කොලය තැපෑලෙන් ගෙදරට ලැබෙනවා‘ - ඇමැති සාගල කියයි



(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.01, ප.ව‍‍‍‍‍‍‍‍‍.10.00) ලඟදීම වරදේ පින්තූරෙකුත් සමග දඩ කොලය තැපෑලෙන් ගෙදරට ලැබෙන ආකාරයට පොලීසිය නව තාක්ෂනය යොදාගනිමින් නවීන තාක්ෂණයත් සමග කාලයට ගැලපෙන පොලිස් සේවයක් බිහිකරනවා යැයි නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. (සවිස්තර සඳහා පිවිසෙන්න....)
==================================================================

නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාට එකතුකර ගන්න යෝජනාවක්....


අමාත්ය තුමනි,
නවීන තාක්ෂනය යොදාගෙන රථවාහන නීති අලුත් කරනා විට මෙම යෝජනාවද සැලකිල්ලට ගන්න.
පොලිසිය ජනතාවට කිට්ටු වෙන්නට නම් ජනතාවගේ සහායද පාෙලිස් සේවයට දායක කරගෙන දිනපතාම ජනතාවගේ වටිනා කාලය අති විශාල ලෙස විනාශ කරනා මහා මාර්ග පද්ධතිය තුල සිදුවන මාර්ග නීති කඩකිරීම් සඳහා තාක්ෂනික දියුනුව නිසාම අද සෑම පුරවැසියකු සන්ත‍කයෙහිම අැති ජංගම දුරකතන මගින්ද ප්රයෝජන ගන්න. 
ඒ කෙසේද යත් මාර්ග නීති කඩකරනා රියදුරන්ගේ ඒ ක්රියාව තම ජංගම දුරකතනයේ අැති කැමරාව මගින් අදාල වාහනයේ හෝ වාහනවල අංක තහඩුද අැතුලත් වන පරිදි ඡායාරූප ගත කොට දැනුම් දී අැති අංක හෝ අංශ වෙත ඊමේල් කිරීම හෝ වයිබ කිරීම හෝ වට්ස් අැප් කිරීම වැනි ක්රමවේද තුලින් මාර්ග නීති තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු සිදුකලහොත් රථවාහන නීති කඩකරන්නන් බොහෝ සේ දුර්වල කල හැකි වනු නියතය.
මන්ද යත් විශාල වශයෙන් මාර්ග නීති කඩ කරනා සංඥා පුවරු අැති මන්සන්ධිවලදී විශාල වාහන තදබදයක් අැති වන උදයේ සහ සවස රථවාහන පාෙලිස් නිලධාරීන්ට පාලනය කල නොහැකි තත්ත්වයක් දැඩිව පවතී. 
එනිසා මේ වෙනුවෙන් එකී අපහසුතාවයට ගොදුරුවන ජනතාවගෙන්ම තාක්ෂනික සහාය රථ වාහන පොලිසීය වෙත ලබා ගැනීම කාලීන අවශ්යතාවයක් මෙන්ම රජය බලාපොරොත්තු වන්නා සේම ජනතාවට අාසන්න වීමටද කදිම පිටුවහලක් වනු අැත.
සෝභිතාවතාර අාතුරයා සත්පුරවැසියා
2016/11/01