Saturday, February 27, 2016

බලය බලය සඳහා නොව බලය ජනසෙත සඳහාය. ශ්රීලංකා ජනාධිපති කියයි.! 2016/02/26


බලය බලය සඳහා නොව බලය ජනසෙත සඳහාය.
 
ශ්රීලංකා ජනාධිපති කියයි.!

2016/02/26




Friday, February 26, 2016

බාලදක්ෂ විද්යාව තුලින් අවිද්යාව දැක සංහිඳියාව ජනිත කරමු. සෝභිතාවතාර අාවේශයට පත් අාතූරයා සත්පුරවැසියා විසින් සටහන් තබනා වගයි.. - 2016/02/22

--------------------------------------------------------------------------------------------------------------------------
2016/02/22                       සැ.යු. (මෙහි පසු සටහන විශේෂයෙන් බලන්න..)

ජාතීන් අතර සංහිඳියාව අැති කිරීම සඳහා අප රට තුල වසර 100 ට අධික ඉතිහාසයක් අැති බාලදක්ෂ ව්යාපාරය නගා සිටුවීම වෙනුවෙන් කැපවී අැති ජනපතිඳුන් හට ඒ වෙනුවෙන් සත්පුරවැසියා විසින් වසර 50 ට අාසන්න කාලයක් සුරැකිව තබා ගෙන සිටි බේඩන් පවල්සාමි විසින් රචිත බාලදක්ෂ විද්යාව නමැති කෘතියේ වසර 65 ක් ඉපැරනි සිංහල පිටපත දේදුනු විප්ලවයේ නියමුවානන් වූ මාදුළුවාවේ සෝභිත හිමිපානන් හට නිවස් සුව අත්වනු පිනිසද.. සත්පුරවැසියා විසින් සියළුම බාලදක්ෂයින්ගේ ප්රයෝජනය පිනිසද.. පරිත්යාගයක් ලෙස බාලදක්ෂ ජම්බෝරියේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලැබෙන්නට දැනටමත් කටයුතු සිදු කර හමාරය.. 

එය ලද පසු ලැබුනු බව තහවුරු කරනා ලෙස ජනපතිගෙන් හෝ ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටිනුයේ අදාල කෘතිය අමිල වටිනාකමක් සහිත නිසාත්, හිටපු ජනපතිගේ ලේකම්වරු සම්බන්ධයෙන් සත්පුරවැසියා ඉතිහාසය පුරා කටුක අත් දැකීම් ලබා අැති නිසාත්ය.. සාක්ෂි ලෙස අදාල කෘතියේ ඡායාරූප කිහිපයක් මෙහි පහත ප්රසිද්ධියට පත්කර අැත. (ඒ්වා මෙහි පහල අවසානයේ අැති බව සලකන්න..)

ස්තුතියී.
සත්පුරවැසියා විසින් සෝභිත හිමිට නිවස් සුව අත්වනු පිනිස..
--------------------------------------------------------------------------------------------------------------------------
පසු සටහන - විශේෂයෙන් බලන්න...., ස්තුතියී..
--------------------------------------------------------------------------------------------------------------------------
වංශේ කබල් ගාමින් වඳවන මහකලු සිංහ-ලේ..යා

ජාති, අාගම්, කුලමල, වත්පොහොසත්කම්, තරාතිරම්, මේ අාදී වශයෙන් නොයෙකුත් බෙදීම්වලට ලක්ව වංශේ කබල් ගාමින් හිඳිමින් අවිද්යාව නිසාම වඳවීයාමේ තර්ජනයට මුහුන දී සිටිනා සිංහල යයි කියාගන්නා මේ අපවන් මහකලු සිංහල ජාතිය වඳවී නොයාමට නම් අවබෝධ කරගත යුතුම උගතමනා විද්යාවේ ශිල්පයමයි මතු රැකෙනා..!

මිනිස්, තිරිසන්, උරඟ, මේ අාදී වශයෙන් ජාතීන් බෙදා වෙන්කිරීමේ යම් හැකියාවක් අැති මුත් සිංහල මුනිය, දෙමල මිනිහ, මුස්ලිම් කාරය, වැනි වූ බෙදීම්ද..

...දෙමල,තම්බියා,සුද්ද,කලුසුද්ද,පද්ද,ගොඩය,මඩය,බල්ල,පරබල්ල,කාලකන්නියා,මූසලයා,ප-යා,රොඩිය,අඩුකුලය,පොට්ටයා,පොන්නයා, වැනි වූ මෙවැනි බෙදීම්ද බුද්ධිමත්ම සත්වයා යැයි විරුදාවලිය අැති මෙලෝ පවතිනා උගත් මනසක් හෙබි මේ මනුසත්වයින් උනුන් අතර ඉහතකී බෙදීම් අැති කරගත්තේ උප්පත්තියෙන්මද.., නැත.! කිසිසේත්ම නැත.

මේවා දියුණු මනසක් අැතිව ඉපදුනු මේ මනුසතා තිරිසනාටත් වඩා පිරිහී ගිය කල සිට තම තමන් විසින්ම අැති කරගත් බෙදීම් මිස කිසිදු අාගමක, දහමක කියැවෙනා යථාර්තයක් නොවන්නේය.

ඒ අවිද්යාව නිසාම වර්තමානය වන විට විශේෂයෙන් සිංහල බෞද්ධයා යයි කියමින් වංශේ කබල් ගාමින් පමනක් හිඳ කිසිවක් නොකර සිටි නිසාම පිරිහීමට පත්ව අැති මෙන්ම වඳවීයාමේ ප්රබල තර්ජනයකට මුහුනපා ඒ අභිමුඛයෙහි සිටිනා (සිංහ - ලේ) කියා ගනිමින් තිරිසන් ජාතියටද නිගාදෙන සමහර මහකලු සිහලුනේ... අවිද්යාවෙන් බැහැර වෙලා විද්යාවෙන් බලා සිංහල බෞද්ධ කියා ගන්නා උඹලාගේ බොරු ලේබලයවත් ඉතිරි කරගන්නට වෑයම් කරපල්ලා...

සංහිඳියාව, සහජීවනය, යහපාලනය, වැනි අතිඋතුම් ක්රියාකාරකම්වලට පටබැඳුනු යථාර්තවාදී අමිල අාමන්ත්රනයන්ද.. කරුණාව, මෛත්රිය, පිංසිත, දන්සිත, අනුකම්පාව, වැනි අති උතුම් වචන නිර්මානය වූ සිංහල බස්වහර වෙනත් කිසිදු භාෂාවකට වඩා නිර්මානශීලීත්වය අභිබවා ගිය.. (අම්මා,තාත්තා,නැන්දා,මාමා වැනි නෑකම් හැඳින්වීමට පවා සිංහල බසේ කෙතරම් අාමන්ත්රන අැත්දැයි බලන්න) ...වචන නිර්මානය වී අැත්තේම සිංහල භාෂාව පවා කෙතරම් සංහිඳියාවකට භාජනය වී අැති නිසා නොවේද.!

බැතිබර, කෘතගුණශීලී, රටතුල සිටිනා අවිහිංසකම සිංහල බෞද්ධ මිනිසුන්ගේ මනස තම අාත්මාර්ථකාමී දේශපාලනික බලප්රභවයන් වෙනුවෙන් මෙහෙයවමින්.. ප්රභාකරන් නමැති ත්රස්තවාදියා අවිහිංසක දෙමල ජනයාගේ මනස් විකෘති කර තම පරපටුකම් වෙනුවෙන් මෙහෙයවූ සේම වැඩි වෙනසක් නොමැතිව කුමන වැරදි ලේධාතුවක් මුසුවී බිහිවුනාදැයි සිතාගත නොහැකි වර්තමානයේ දකුණේ ජාතිවාදයක්, අාගම්වාදයක් නිර්මානය කොට සුවහසක් ජනීජනයා පෙරුම් පිරූ සාධාරනය, සංහිඳියාව, සහජීවනය කැටිවුනු යහපාලනය, ජනිත වීම කඩාකප්පල් කිරීමට මාන බලනා දෑතේ අැඟිලි වලින් පමනක් ගැන බැලිය හැකි මානව පරවාදී ද්රෝහීන් සියලු ජනයා කිසිදු විභේදනයකින් තොරව හැඟීම්වලට වහල් නොවී ඉතාමත් සබුද්ධිමත් පරචිත්ත විඥාණයෙන් යුතුව තෝරා බේරා හඳුනා ගත යුතු උච්ඡමතම කාලවකවානුවක් වෙත වර්තමානය වන විට මුලු රටම පසැමිනව සිටීයි..

ඒ නිසා ගෞරවනීය වූ... සීයේඅාච්චියේ, අම්මේතාත්තේ, නැන්දේමාමේ, අක්කේඅයියේ, නංගියේමල්ලියේ, උන් ඔබලාගේ නෙත් බැඳ අැති අවිද්යාවේ කඩතුරාව ගලවා විසිකර දමන්න. විද්යාවේ දුරදක්නා උපැස් යුවල පැලඳ ගන්න. ලොව දෙස විමසිලිමත් ලෙසද, ගවේශනාත්මකවද, ඥාණාන්විතවද, මානව දයාවෙන් යුතුවද නෙත් හෙලන්න. එවිට ඔබට පහත දක්වනා සැබෑ සත්යය, යථාර්තය පෙනෙන්නට ගනීවි. අවිද්යාව දුරුවේවි. විද්යාවත් විද්යාව නිසාම අපේ සාරධර්ම උකහාගෙන අපට වඩා අාධ්යාත්මිකවද, භෞතිකවද දියුනු වී අැති විවිධ ජාතීන්ගෙන්ද, විවිධ අාගමිකයින්ගෙන්ද යුත් රට රටවල් පෙනෙන්නට ගනීවි. දෑස් හැරපියා හොඳින් බලන්න...

සීයේඅාච්චියේ, අම්මේතාත්තේ, නැන්දේමාමේ, බලන්න ඔබලාගේ කෘතගුණ ශීලීවන්ත යහගුනය දඩමීමා කර ගනිමින් ඔබලාගේ මනස විකෘති කරනා පරපුටු අවස්ථාවාදී සීමිත දේශපාලකයින් රොත්තක් විපක්ෂයේත් විපක්ෂය නමැති හිස් කෝම්බයක් තුලට වැද ඔබලාට පිලිගන්නට යයි කිව්වාට හෝ කෝවිල් ගොස් පොල් ගසා කිව්වාට හෝ ඔබලාගේ දූපුතාලට නොකියනා... (මන්දයත් අන්තර්ජාලීව විශ්ව ගම්මාන සිසාරා අැසුරුකම් පවත්වන ඔවුන් ඒ රැවටිලිවලට හසුනොවනා නිසා) ...ජාතික, අාගමික, සංස්කෘතික, වශයෙන් වර්ග කල බොරු ප්රශ්න අඩු තරමින් ඔවුන්වත් රකිනවාද කියා. 

නැත කිසිසේත් නැත. ඔවුන්ගේ වැඩිදෙනා විශේෂයෙන් මොවුන්ගේ මතු පරපුර නිරතුරුවම සම්බන්ධකම් පවත්වන්නේ පිටරටවල බහු වාර්ගික, බහු අාගමික කෙටියෙන් කියතොත් ලෝකයේ සිටිනා ඉහලම සිට පහලම කේන්ද්රය දක්වා වූ විවිධ තරාතිරම්වල බහුවිදි, බහු අාගමික ජාතීන් හා මොවුන් ඉතාමත් සංහිඳියාවෙන් කටයුතු කරයි. අධ්යාපනික කටයුතුවලදීද, සමාජීය කටයුතුවලදීද, අාලවන්තකම් හමුවෙහිදීද, කායික සම්බන්ධකම් වලදීද, සංස්කෘතිකමය කටයුතුවලදීද, එකී නොකී විවිධාකාරී වූ සියළු කටයුතු වලදී මොවුන්ගේ සමහරුන් සීමාව ඉක්මවා යමින්ද සහජීවනය, සංහිඳියාව රැකීම නිරන්තරව සිදුකරයි. කිහිප දෙනෙකු පමනක් යන්නට නොහැකිකම් අැති නිසාද, තවත් සමහරුන් හට අැත්තටම යන්නට බැරි නිසාද මිස ඔබලාට නොපෙනුනු සෑම විටදීම ඔවුන් සිටින්නේ ඔබලා සමග නොව මා අර ඉහතින් කී සහජීවන සංහිඳියාවේ ගිලිලා විවිධ ජාතීන් සමග, විවිධ අාගමිකයින් සමග, විවිධ රට රටවල්වලය කියන්නේ කාටද මේවා..

බස් හෝල්ට් ගානට විවිධ රට රටවලට ඔබලාට අයිති මුදල්වලින් ගුවන් යානා ගොඩ බස්සවමින් ගැහැණු ලමයි එහෙමත් ගොඩ නග්ගවා ගනිමින් කියල ඔබලා දන්නවාද.. නෑනේ.. ඒකයි ඔයාල තවමත් උන්ට රැවටිලා ඉන්නේ.. පව්..

  ඒ වගේම ඔබ දන්නවාද ඒ නිසාම ඔවුන්ගේ මතුපිටින් පෙනෙනා නාමමාත්රික පරපුර කිසිදාකත් වඳවන්නේද නැති බව.. මන්ද යත් විශේෂයෙන් ඔවුන් ගේ මතු පරපුර නිරන්තරවම සංසර්ගයෙහි යෙදෙන්නේම සංහිඳියාව සමග නිසාය...  ඔබලාට එපා කීවාට...               

  නමුත් විද්යාවෙන් බැලුවහොත් ඔබලාට පෙනේවි ඔය ජාතිවාදීන්, අාගම්වාදීන්  සිංහ-ලෙයින්ද,   සිංහ-මසින්ද  වඳවී බොහෝ කල් ඉක්මවී ගොස් අැති බව පියවී අැසට නොපෙනුනාට...                                           

 නමුත් තිත්ත කසාය බොතල ලේබලයේ ඔවුන් තවමත් මහකලු සිංහලයින්ය.  

ඒ නිසා හිතවතුනි,.. අවිද්යාවෙන් මිදෙන්න විද්යාවෙන් දකින්න. මානව දයාව, සාධාරනය, සංහිඳියාව, සහජීවනය, අගයන්න ප්රගුන කරන්න හුරුපුරුදු වන්න.

නමුත් යම් තක්සේරුවක් දෙන්නට අවශ්යයි ඔබ ගැන මන්ද.. ඔබ දැනටමත් එතැන සිටිනා බව ඔබ දන්නවාද ඔබට ඔබව නොපෙනුනාට...

ඒ නිසාමයි සුනාමි ව්යසනයේදීත් ඔබ දන්දුන් දානය, කඳුළු, සෝසුසුම්, මේ කිසිවක් ලැබුනේ හිමි උනේ දෙමලාටද, තම්බියාටද, නොඑසේනම් නිස්චිතවම ඔබ සෙවූ මහකලු සිංහලයාටදැයි කියා ඔබ හැරිලාවත් නොබැලුවේ. 

කෙසේ වෙතත් ඔබලාගේ මනස විකෘති කරනා පාපතරයින් හට ලැබෙනා විපාකය සොබාදහම් මාතාවගේ විශ්වීය නාමයෙන් කොයිකවුරුත් මිය පරලෝ යන්නට පෙරාතුව අනිවාර්යයෙන්ම දැක ගැනුමට ලැබෙනවා ඒකාන්තය.

නොඑසේ උවහොත් ස්වභාවධර්මය නැතහොත් විශ්ව දහම නිබොරු බව (ලෝකයේ) හිටපු සමහර ජාතිවාදී ජනපතිවරු පවා මියගිය අාකාරය ඉතිහාසයට කදිම සාක්ෂි ඉතිරි කර අැත..!

එනිසා දැන්වත් ජාතිවාදයත්, අාගම්වාදයත් බැහැර කොට මානව දයාවෙන් යුතුව ලෝදෙසත් තම මව්රට දෙසත් බලන්න..

එවිට ඔබට පෙනෙවි ප්රභාකරන්ටත් වඩා ඔබේ ඔය වංචනික ගැලවුම් කාර මහා-කලු සිංහලයා ඔබට කෙතරම් අකටයුතුකම් සිදුකර අැත්දැයි කියා. අඩුම තරමින් ඔබට නොබියව තම මුඛය විවර කිරීමටවත් නිදහසක් ලබා දී තිබුනාද කියා. කල්පනා කර බලන්න... (මගහරින්න එපා.. ඔව්නම් ඔව් කියන්න.. නෑ නම් අැත්ත තේරැම්ගෙන නෑ කියන්න) අදින් පසුවවත් අවිද්යාවෙන් මිදෙන්න අධිෂ්ඨාන කර ගන්න ප්රවුඩ ලාංකිකයින් විදියට අභීතව කෙලින් සිටගන්න ක්රියාකරන්න අධිෂ්ඨාන කර ගන්න.

නමුත් ඒ අඳුරු සෙවනැලි තවමත් ලාංකේය සමාජයෙන් සම්පූර්නයෙන්ම බැහැරව ගොස් නොමැති බව පසක් කරනවා අප රටේ නීති හදනා සහ නීති රකිනා අායතන එහෙට මෙහෙට බෝලය පාස් කරමින්...

....නෑ නෑ අපි දෙන්න නෙමේ වැරදිකාරයෝ නීතිපති තාම ප්රමාදයි ඒකයි.. හේතුව කියනවානම් හෝ....(මේ කථානම් ඉතින් අැස්කිමෝවරුන් විශ්වාස කලත් අපේ අාදිවාසී උරුවේ තිසාහාමිලැයි අැත්තෝවත් විශ්වාස නොකරයි බැද්ද පොජ්ජෙ වාඩිලෑවත්...මංගොච්චලා... මඥ්ඥන් තමයි ඉතින් මේ කථානම්)

.....නෑ නෑ ඕං මන්නං නෙමේ මම අහිංසකයි එයාල දේශපාලනේ කලාට මං කරන්නේ රාජකාරිය. මාව ඕවට පටලෝ ගන්න එපා රටට පේන්න උඩින් එකක් කියල යටින් තව තව අදින්න කියල මට හරියට රාජකාරිය කරන්න දෙන්නෑ ලොක්කෝ දෙන්න තමයි යට ගහන්නේ උන්ගේ ඩීල් හින්ද.. කියල රටක නීතිපතිට දුක් වෙන්න සිදුඋනොත්... එය යහපාලනවාදී ජනතාවගේ අභාග්යය නොවන්නේද....

...සංගීත පුටු තරඟ පවත්වමින් ඒකාගෙන් මේකා බලය උදුරා ගනිමින්ද, නීතිය සහ සාධාරනය සැමට සමසේ නොමැතිව දුප්පත් ඔබට අපිට එක් හැන්දකිනුත්, බල පුලුවන් කාරයින් හට තවත් හැන්දකිනුත්, දේශපාලනය නමැති පාදඩම ව්යාපාරය කරනා අප රටේ බොහෝමයක් දේශපාලකයින් තවමත් සර්වසුභවාදී වූද, සර්ව ප්රජාතාන්ත්රික වූද, සර්වබලධාරී වූද දේශපාලනයක් ජනිත කිරීම ප්රමාද කරමින් කල් මරනුයේ කවරාකාරයේ සුභ හෝ අසුභ යටි අදහසක්, අරමුනක් සිත් සතන්හි දරාගෙනදැයි අප සැවොම තව ටික කලක් ඉවසා බලා සිට තීරනයකට අවතීර්න වෙමු..

දශක ගනනාවක් පුරා තම ජීවින අායුෂ තුල දිවියේ වටිනාම යුගය හමාර වන තුරුම නොකල වරදකට වන්දි ගෙවමින් සිට පීඩාවටත්, අසාධාරනයටත්, ලක්ව සිටි සුවහසක් යහපාලනවාදී ජනතාව අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානෝ පෙරටුව දිවි හිමියෙන් අැප කැපවී දේදුනු විප්ලවය දිනා පොදු අපේක්ෂක වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන ජනපතිඳුන් හටත්, දශක ගනනාවක් පුරා සියළු නායකකාරකාදීන්ට හරිගියතැන්, වැරදුනුතැන් පිලිබඳ හසල අත්දැකීම් සම්භාරයකින් බහුසෘත වත්මන් අගමැති රනිල් වික්රමසිංහ ශ්රීමතානන් හටත් (සංහිඳියාව පරමාදර්ශීව) සුසංයෝග කොට රට බාර කලේ යහපාලනය නමැති ප්රජාතන්ත්රවාදයේ අති උතුම් මූලධර්මය සාක්ෂාත් කරගැනීම උදෙසා යලි කවරදාකවත් කිසිදු විප්ලවයක් මෙසිරිලක නොසිදුවිය යුතුය යන දැඩි අධිෂ්ඨානයේ පිහිටා සිට බව වගකිවයුත්තෝ මැනවින් අවබෝධ කරගත යුතුමය...

නොඑසේ උවහොත් සෝභිත මාහිමිපානෝ නිවන් මග පසෙකලා යලි මෙපොලොවට විජරාමානව කුමන කස්තිරමක් නටාවිදැයි දන්නේ (සීනිගම සිට විශ්වය පුරා සැරිසරනා) තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලා පමනි.  

සෝභිතාවතාර අාවේශයට පත් අාතූරයා සත්පුරවැසියා විසින් සටහන් තැබූ වගයි..

සාදූ.. සාදූ.... සාදූ.....

--------------------------------------------------------------------------------------------------------------------------
Add caption