Thursday, June 8, 2017

සෝභිත හිමියන්ගේ 75 වැනි ජන්ම දින පනිවිඩය - සෝභිත හිමියන්ගේ දේශපාලනික න්යාය සහ මූලධර්මය වන්නේ......

 සෝභිත හිමියන්ගේ 75 වැනි ජන්ම දින පනිවිඩය 
සෝභිත හිමියන්ගේ දේශපාලනික න්යාය සහ මූලධර්මය වන්නේ....

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති යුධ ජයග්රහනයෙන් පසු කාලීනව රට තුල සිදු කරනා ලද වැරදි පාලන ක්රමය නිසා පෙර කියූ පරිදිම එතුමානන් ගෙදර යැවීමේ 2015 ජනවාරි 08 දේදුනු විප්ලවයේ නියමුවානන් වූ ජාති අාගම් කුලමල භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ නොනිමි සිහිනය තුල නිවන් මගටවත් නොපිවිස විශ්වයේ සැරිසරනා අපවත් වී වදාල සෝභිත හිමියන්ගේ අාත්මීය අවශ්යයතාවය මත බිහි කරන්නට යෙදුනු සෝභිත අවතාරය....

එනම් එදා මහින්ද යුගයේදී සත්පුරවැසියා මහින්දට කොපමන අාදරය කලාදැයි කියන්නේ නම් තම බාහුව පලා ගැලූ ඒ උනු උනු රුධිරය පෑන් තුඩට ගෙන එතුමානන් හට අාත්මාරක්ෂාව සලසා ගැනීමට අවවාද කොට ලියූ ලිපිය අත්සන් කරනා විටත් කැටි ගැසී තිබූ බැවින් අැඟිලි සලකුන ඒ ලේ කැටිය මත තබා තද කර පසුව පෑන් තුඩින් අත්සන තබා යවන්නට කටයුතු කල....

නමුත් අද එතුමානන් හිටපු ප්භාශ්වර විධායක ජනපතිවරයෙකුට කිසිසේත් නොගැලපෙනා ක්රියා කලාපය නිසා පලමුව රට දෙවනුව ජාතිය යන පදනමේ සිට හැඟීම්වලට වහල් නාෙවී කටයුතු කරනා සත්පුරවැසියාව සෝභිත අාත්මය තම අාතූරයා ලෙස පත්කොට සත්පුරවැසියා තුල අවතාර ගතව සිටින්නේ යම්කිසි විශ්වාසයක් අැතිවය. 

ඒ නිසා ප්රතිපත්ති සහගත ජීවන රටාවක් පවත්වාගෙන යනු ලබනා සත්පුරවැසියා හැඟීම් වලට වහල් වෙලා රට සහ ජාතිය වෙනුවෙන් ගන්නා තීන්දු තීරන වෙනස් කර සෝභිත හිමියන්ගේ අාත්මය තමා කෙරෙහි තබා අැති විශ්වාසය කිසිදා කඩ කරන්නේ නැත.

උන්වහන්සේගේ ඒ උදාර පැතුම යථාර්තයක් වන තුරු සත්පුරවැසියා සෝභිතාවතාරයේ අාතූරයායි.

ඒ නිසා හිටපු ජනපති තුමන් හට අවබෝධ කර දිය යුතුව අැති යථාර්තය මෙයයි.

ලොවේ එකෙක් එක් දෙයකට වෙයි සමත යන පිරුල සනාත කරමින් එතුමා ත්රිවිද හමුදාවන්ගේත් සියළු දේශපාලන අධිකාරීන්ගේත් සහ විශේෂයෙන් පොදු මහත් රටේ ජනතාවගේ දුක දරාගෙන සිටීමේ (පටිතද කරගෙන) සහයෝගයෙන් යුද්ධය ජයග්රහනය කරවූයේය.

ඒ එතුමානන්ගේ නායකත්ව අවධියට යුගයට ගැලපුනු ක්රියාදාමයයි. නමුත් එකී දක්ෂතාවයෙන් කිසිකලෙකත් කිසිවෙකු උපකල්පනය කල යුතු නැහැ මහින්ද ඕනම දෙයක් කල හැකි ජගතෙකියී කියා.

මහින්ද රාජපක්ෂ යනු මේ වන විට රටේ බහුතර සබුද්ධික ජනතාව ඉතිහාසයට එකතු කර අැති සාධකයක් නිසා.... හැඟීම් බර නිසාද සංවේදී බවින් අසරන නිසාද 58 ලක්ෂයක් වූ හිටපු ජනපතිගේ ප්රජාව මේ වන විට අවබෝධ කොටගෙන අැතැයි විශ්වාස කරනවා මහින්ද දක්ෂ මොනවාටද අදක්ෂ මොනවාටද කියා.

ඒ නිසා සෝභිතාවතාර ඒ ගැන විස්තර කියන්න කාලය කා දමන්නේ නැහැ.

නමුත් කිව යුතු වැදගත් කාරනාවක් අැත. එනම් පසුගිය 2015 ජනවාරි 08 සෝභිත හිමියන්ගේ දේදුනු ජයග්රහනයට හේතුපාදක උනු 62ලක්ෂයක් සබුද්ධික ප්රජාවවත්... මහින්දගේ 58ලක්ෂයක හැඟීම් බර සංවේදී  ප්රජාවවත් කිසිසේත් විශ්වාස කිරීම හෝ නොකිරීම නාෙකල යුතුයි මහින්දගේ යමපාලන යුගය පරදා උදාකාෙටගත් මෙම යහපාලන යුගයෙන් රටට ජනතාවට දශක ගනනාවක සිට පැවති දේශපාලනික අාර්ථික සියළු ගැටළු නිරාකරනය වූවා කියා.

එහෙම හිතුවොත් ඒකත් මහ මුලාවක් බව යහපාලන රජයේ ගතවූ දෙවසරක ඉතිහාසය මේ වන විට රට ජනතාව හමුවේ ඔප්පු කොට හමාරය.

නමුත් සෝභිත හිමියන්ගේ සැලසුම් අද්විතීය වන්නේ අන්න එවන් වූ සුවිශේෂී උපක්රම හමුවේයි. දේශපාලකයා යනු ජනතාව විසින් තමන්ගේ සහ රටේ කටයුතු කාරනා සම්බන්ධයෙන් තම  රුහිරුවලින් සුරසැප පුද කොට පත්කර යවනු ලබනා ජනතා සේවකයින් වේ. විශ්රාම වැටුප් සහ වරප්රසාද සමගින් දිවි අැති තෙක් සුරසැප හිමිකොට දී රටේ ජනතාව විසින් ඔවුන් හට බලය පවරා යවනු ලබනා කටයුත්ත කෙතරම් බාරදූර වුවත් දේශපාලකයාද රටේ අනිකුත් රාජ්යය සේවකයින් සේද ත්රිවිද හමුදාව සේද ඉටු කිරීමට බැඳී සිටිනවා. එකී කාර්යය භාරය ඉටු කරන්නට බැරිනම් හෝ අකමැතිනම් හෝ ඔහු එකී නිලය බාර නොගත යුතු හෝ (දේශ - පාලනයට) අවතීර්න නාෙවිය යුතු වෙනවා. අවතීර්න වූවානම් අදාල වගකීම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉටු කිරීමද අනිවාර්යය වෙනවා. 

රට ජනතාව වෙනුවෙන් හදවතින්ම අැපකැප වෙනවානම් ඔහුගේ හෝ අැයගේ අධ්යාපනය ජාතිය අාගම කුලය යන මේ කිසිවක් ඉතිහාසය පුරා අත්යාවශ්යය සාධක ලෙස සලකා නොමැත්තේ ඒ නිසයි.

වර්තමානය වන විට පාවාදුන් පාදඩවංශයා වැනි නූගත් කාලකන්නි දේශපාලනයට පැමින රට කැලඹුවාට ඉතිහාසයේ මෙවැනි බහුභූත සිදුඋනේ නැහැ මොන නූගතාගෙන්වත්. ඒ නූගත් වුවත් ඔවුන්ගේ ජන්මය උසස් නිසා වන්නට අැති. දැන් කාලයේ දේශපාලනයට පැමිනෙනා උන්ට නිර්මල වූ ජාතියක් ජන්මයක් නැති නිසා වන්නට අැති මුන් දූෂන අපරාධ මැර ජඩ පාදඩ වනචර අසික්කිත වැඩ හිරිඔතප් නැතිව (කිසිදු ලැජ්ජාවක් සහ බයක් නැතිකම) සිදු කරන්නේ.

ඒ නිසා සෝභිත හිමියන්ගේ දේශපාලනික න්යාය සහ මූලධර්මය වන්නේ ඒ ඒ කටයුත්තට දක්ෂයින් ඒ ඒ අවස්ථාවට අනුව තෝරා පත්කර රටේ සහ ජනතාවගේ දේශපාලනික සහ අාර්ථික කටයුතු අඛණ්ඩව ඉදිරියටත් නොනැවතී මතු පරපුරයන්හි පැවැත්ම උදෙසා රැගෙන යායුතු බවයි.

එකී මූලධර්මය හමුවේ සෝභිතාවතාරට ජනතාව වෙනුවෙන් පත්කර යවනා ජනතා සේවකයින් හෝ ඔවුන්ගේ තරාතිරම වැදගත් වන්නේ නැහැ.

අදාල කටයුත්ත ඉෂ්ඨ කර ගන්නවා ඒ සඳහා අදාල වන ගරු බුහුමන් පුද සත්කාර සියල්ල නොඅඩුව ලබා දෙනවා. අවශ්යය යැයි හැඟුනොත් ඊලඟ කර්තව්යයත් පවරා බලනවා. අසාර්ථක බවක් පෙන්නුම් කලහොත් පලමු වරටත් දෙවන වරටත් තෙවන වරටත් අවවාද කරනවා අනුශාසනා ලබා දෙනවා. ඉන්පසු කිසිදු සමාවක් අනුකම්පාවක් නැහැ.... ඔහු ගෙදර යවා ඒ සඳහා ඊලඟට සුදුසු යැයි සිතෙනා කෙනා අන් සැමගේද කැමැත්ත අැතිව තෝරා පත්කර බහුතර ජනතාවගේ අනුමැතියෙන් ඊලඟ ජනතා සේවකයා බවට පත්කොට සේවයෙහි පිහිටුවනවා.

අනවබෝධයෙන් යුතු අවිහිංසක හැඟීම් බර (තීන්දු තීරන ගැනීමට අසමත් සංවේදී) මිනිසුන් රටකට අවශ්යය කරනා මෙම මූලධර්මයන් තවමත් පිලි නොගත්තාට අැත්තටම මේවා හරිම සරල න්යායන් බව සෝභිතාවතාර මේ දැන් ඔප්පු කර පෙන්වනවා.

මේ වෙනුවෙන් උන්වහන්සේ තෝරා ගන්නේ ඔබගේම නිවස සහ පවුලයි.

පව්ලේ අම්මා තාත්තා දුව පුතා සීයා අාච්චී කවුරු හෝ කුමන හෝ වරදක් හිතා මතා හෝ නාෙදැන හෝ සිදු කරනු ලැබුවහොත් ඊට සාපේක්ෂව ඕනෑම පවුල් අභ්යන්තරයක් තුල යම් යම් තීන්දු තීරන ගනු ලබනවා. 

තාත්තා බීම සූදුව සල්ලාලකම් කරනවානම් හෝ අම්මා දුරාචාරයේ යනවානම් හෝ පියා දුක් මහන්සියෙන් හරි හම්බ කරගෙනෙනා මිල මුදල් විකාරූපී කටයුතු වෙනුවෙන් වියපැහැදම් කරනවානම් හෝ ගෙදර දොර කටයුතුවලට ප්රමුඛත්වය නොදී ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ නම් හෝ අාච්චී පවුලේ නම්බුව හෑල්ලු වන ලෙස පාරතාෙටේ සිඟමන් යදිනවානම් හෝ සීයා අහල පහල ගෙවල්වල දරුවන් අපහරනය කරනවා නම් හෝ දුව අධ්යාපන කටයුතු පසෙකලා කොපමනවත් ෆේස්බුක් ලගිනවානම් හෝ පවුලට නාෙගැලපෙනා කොල්ලෙක් හා පැටලැවිල්ලක් අැතිකරගෙන නම් හෝ පුතා කුඩු ගංජා ගහනවානම් හෝ මැර කොල්ලන් හා එකතුවෙලා ගෙවල් බිඳින්නට අපරාධ සිදු කරන්නට පටලැවිලිලානම් හෝ බිරියට නැන්දම්මා අසාධාරන ලෙස කෙනහිලිකම් සිදු කරනවානම් හාේ ලේලිය පුතා නැති විටදී හාෙර මිනිසුන් හා සබඳකම් පවත්වනවානම් හෝ තම මවට පියාට භාර්යාව හෝ සැමියා වෙනස්කම් නාෙසැලකිලිමත් කම් සිදු කරනවානම් හෝ මේ අාදී වශයෙන් මිනිසුන්ගේ පවුල් අභ්යන්තරයන් තුල කුමන අාකාරයේ ගැටළු අැති වුවත් ඒ සඳහා ගත යුතු වන තීන්දු තීරන ගැනීමේ ශක්තිය ඕනෑම පවුලක් හෝ පුද්ගලයෙක් තුල සහජයෙන්ම පවතිනු ලබනවා. අව්ශ්යය කරනා ඒ තීන්දු තීරන මාෙන තරම් අසීරු වුවත් පවුලේ හෝ තමන්ගේ හෝ අන් සැමගේ හෝ යහපත උදෙසා ඕනෑම පවුල් සාමාජිකයෙක් හෝ සාමාජිකාවක් ගනු ලබනවා.

ඒ අන් කිසිවක් නිසා නොව තම පවුල් සංස්ථාවේ යහපත සහ අනාගතය උදෙසායි.

නමුත් රටේ අභාග්යයත් තක්කඩි දේශපාලකයාගේ භාග්යයත් උදාවී ඉතිහාසයේ සිට වර්තමානය දක්වාම දේශපාලනික වශයෙන් විශේෂයෙන් අප රට ඉදිරියට නොයාමට අැති ප්රබලතම හේතුව වී අැත්තේ රටේ සහ තම මතු පරපුරේ අනාගත අභිවෘද්ධිය හමුවේ මිනිසුන් තම පවුල් අභ්යන්තර සුවිශේෂී කාරනා හමුවේ ගනු ලබනා තීන්දු තීරන දේශපාලනික සාධකයන්හිදී නාෙගැනීමයි.

සත්යය වශයෙන්ම මෙය මහා අභාග්යයකි අවාසනාවකි. නමුත් ඒ අභාග්ය සම්පන්න අවාසනාව බලපා අැත්තේ තම පවුල් සහ ජීවිත වෙනුවෙන් යන බව මෙම තීන්දු ගැනීමට අපොහොසත් හැඟීම් බර මිනිසුන් හට නොවැටහීම තක්කඩි දේශපාලකයින් අනාගතයේදීත් බිහි වීමට කදිම තෝතැන්නක් අැති කරයි. මෙය සියළු ජනතාවට මැනවින් අවබෝධ වන තාක් මෙවන් පරිසරයක් අැති ලෝකයේ කිසිදු රටකට අනාගතයක් නැත. එය ස්ථිරය.

එබැවින් අපචත් වී වදාල සෝභිත මාහිමිපානන් රටේ ජනතාවට අද පොසොන් පොහොය දින අනුශාසනාව ලෙසද 75 වැනි ජන්ම දින පනිවිඩය ලෙසද තම අාතූරයා ලවා දන්වා සිටිනුයේ නිවසේ පවුලේ කටයුතු සහ ක්රියා වෙනුවෙන් නිවැරදි තීන්දු තීරන අපූරුවට ගන්නට සමත් ඔබ දේශපාලකයා හමුවේදී බොලඳ වන්නේ සංවේදී වන්නේ මන්ද යන්නයි...

සටකපට දේශපාලකයා අප සැමගේ මව්රට සහ ඔබේ පවුලේ සාමාජිකයින් සහ දරු දැරියන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමට වඩා තමන් සහ තම පරපුරේ අනාගතය වෙනුවෙන් ඔබව කෙතරම් දැඩි ග්රහනයකට මෝහනයකට පත්කර අැත්ද යන්න අවබෝධ කර ගන්නට උත්සාහ කරන්න. ඒ කරුමක්කාර අන්ධකාරයෙන් ඔබ අද සිට අත්මිදෙන්න.

ඔබේ අාසන්නතම අාදරවන්තයින් වෙනුවෙන් අැවැසි අවස්ථාවලදී නිසි තීන්දු තීරන ගැනීමට නාෙපසුබට නොවනා ඔබ අදින් පසු ඒ න්යාය ක්රමවේදය රටේ ජනතාවගේ ඔබේ සහ දරුවන්ගේ යහපත උදෙසා ඔබේ සේවකයා (දේශපාලකයා) හමුවේදීත් ගන්නට තීරනය කර ගන්න. 

අප සැවොම ඒ සාර්ථකත්වය ලැබූ දිනට අප රට අප සැමටමත් අපේ දරු පැටවුන්ටත් භේදයකින් තොරව සුර පුරයක් වන්නට ගත වන්නේ හෝරා කිහිපයක් පමනි.

ඉතිහාසය පුරාම සැමදා පැවති තක්කඩි දේශපාලනයට තිත තැබෙන්නේද එදිනටය.

එනිසා රටේ සියළු ජනතාවනි... අවධි වන්න... මහින්දට වඩා මෛත්රී හොඳයි හෝ අාපහු මහින්ද අාවානම් හොඳයි හෝ කිසිවක් අප සිතිය යුතු නැත. ගොඨා බැසිල් චමල් රනිල් සජිත් ජේවීපී/කුමාර පාදඩයෝ කටහැකරයෝ වට්ටක්කයෝ ණයට කහින්නෝ එකී නොකී මෙකී මාෙකෙක්වත් අපට දැන් අවශ්යය නැහැ. මේ සේරමල්ල ජනතාවගේ පරීක්ෂනයෙන් අසමත් වූ සහ අසමත් වෙමින් පවතින අයයි.

මේවා තේරුම් ගන්නට මොලේ කලඳක් හරි අැත්නම් පමනක් තව පුංචි ඉඩක් වත්මන් නායකයාට තිබෙනවා රට වෙනුවෙන් සිදු කරල නම්බුකාර විදියට නමස්කාර පූර්වකව 2020 දී විශ්රාම ගත වන්නට.

ඔහුට කරන්නට අැත්තේ පුංචි දෙයක් පමනයි. නමුත් ඒක රටට මහා මෙරක්. කිනම් අාකාරයේ හෝ දානයකින් සීලයකින් අත් කර නොගත හැකි මහා පුණ්යය කර්මයක්. ඒ දේ එතුමන් ඉටු කරාවි කියල සෝභිතාවතාර තුල කිසියම් විශ්වාසයක් නැතිවම නොවනා බවත් පැවසිය යුතුය.

එතුමන් ඒ දේ කලත් නොකලත් සෝභිත හිමියන් තම න්යාය අනුව රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු මීලඟ තීන්දුව ගෙන හමාරයි මේ වන විටත්... 

ඒ මෙසේයි. 2020 මීලඟ මහ මැතිවරනයේදී රටේ සියළුම දේශපාලනික බලවේගයන් හා පක්ෂවල සිටිනා අදූෂිත සුපිරිසුඳු අවංක ක්රියාශූර සියල්ලෝම එක කඳවුරකට ගාල්කොට මහා ජන බලයක් ගොඩ නංවා තුන් කුළුඳුල් වූ (නව බලවේගයක්, නව නායකත්වයක්, නව දේශපාලනික දර්ශනයක්) සමගින් රටේ ඉදිරි ක්රියා මාර්ග වෙනුවෙන් සුදුසු මීලඟ සේවකයා පත්කර රට ස්ථාවර වූ යුක්තිය සාධාරනය සැමට එකසේ ඉටුවනා අවසන් මෙහෙයුම දියත් කිරීමට තීරනය කර අවසන්ය.

ඒ වෙනුවෙන් රටේ සංවේදී මිනිසුන්ගේ දෙනෙත් විවර කරලීම උදෙසා අද උතුම් පාෙසොන් පොහොය දින... පසුගිය දිනවල රටතුල සිදුඋනු ස්වභාවික ව්යසනය හේතුවෙන් සැලසුම් කල පරිදි එලි දක්වන්නට නාෙහැකි උනු සෝභිත හිමියන්ගේ 75 වැනි ජන්ම දින පනිවිඩය ලෙස මෙම අනුශාසනාව සිදුකර තම අාතූරයා සත්පුරවැසියා ලවා ජනගත කරලීමට කටයුතු සම්පාදනය කරන ලදී.

සෝභිතාවතාර 
2017/06/08 පාෙසොන් පොහොය දින