Wednesday, November 11, 2020

"කොරෝනා" වසංගතය තුරන් කරන්නට "සිංහල බෞද්ධ අපි" මෙවන් වූ උපවාසයක යෙදෙමු..

 "කොරෝනා"/"Corona" වසංගතය තුරන් කරන්නට "සිංහල බෞද්ධ අපි" මෙවන් වූ උපවාසයක යෙදෙමු.. 
             */**//***///***//**/*

වසර 72 ක් පුරා එකට ඉපදී එකට මැරෙනා අපේ සහෝදර මුස්ලිම් වරුන්ගේ ආගමානුකූල ලෙස ගත් කළ.. අති සංවේදී කාරණාවක් වන.. "කොරෝනා"/"corona" මරණයකදී.. ඒ දේහය මිහිදන් නොකොට.. ආදාහනය කිරීම යනු.. ඔවුන්ට දරාගත නොහැකි.. ඔවුන්ගේ ආගමට පටහැනි කාරණාවක් බව පැවසේ.

ඕනෑම ආකාරයක ජීවිත පරිත්‍යාග හෝ..  වෙනත් ඕනෑම පරිත්‍යාග ඇප උපකාර කරන්නට සමත්.. සිංහල බෞද්ධ මහා ජාතියට මේ අපේම සහෝදර ප්‍රජාව වෙනුවෙන් කළ නොහැකි පරිත්‍යාගයක් තිබිය නොහැක.
මේ කාරණාව සම්බන්ධයෙන් දියුණු රටවල් වල සිදු කෙරෙනා සෞඛ්‍යාරක්ෂිත මෙන්ම අණ පනත් සැලකිල්ලට ගෙන..

අපේ සහෝදර ජාතියේ මෙම සංවේදී කාරණාව වෙනුවෙන්.. අපට හැකි උපරිම පරිත්‍යාගය වෙනුවෙන්.. අපගේ පූර්න කැමැත්ත රජයට පවසා සිටිමු.

*පහත ඇති විග්‍රහයෙන් සියල්ලන්ටම එය මැනවින් අවබෝධ වනු ඇත.
        */**//***///***//**/*

අපගේ මවුබිමට නිදහස ලැබී වසර 72 ක් ගත වී ඇති බව කියැවේ. සත්‍ය වශයෙන්ම එය එසේ නම්.. මේ රටේ තුළ වාසය කරනා වයස අවු. 72 ක් වන සියලු වැඩිහිටියන්.. කුමන ජාතියකට ආගමකට අයත් වුවත්.. ස්ථිර ලෙසම ඒ සැමකෙක්ම.. මේ රට තුළ පුරවැසිභාවය හිමි නිජබිම් කරුවන් බවට කිසිදු තර්කයක් හෝ වාද විවාද කිසිවක් පැවතිය නොහැක. මන්දයත් යථාර්ථය එය බැවිනි.


ඒ වාගේම.. ජාති භේදයෙන් තොරව.. ඒ සැවොම.. ශ්‍රී ලාංකික ජාතිකත්වය හිමි පුරවැසියන් බව නිශ්චිත කාරණාවකි.


එම නිසා.. ජාති භේද වපුරා.. ඉතාමත් ආදරයෙන්.. දයාවෙන්.. සෙනෙහසින්.. සද්භාවයෙන්.. එකට වෙසෙන සහෝදර ජාතීන්.. පාදඩ දේශපාලකයින්ගේ බල උවමනාවන් වෙනුවෙන් භේදභින්න කරවා ගහමරා ගන්නට සලස්වා.. දිගින්/දිගට.. කලින්/කලට.. පවත්වාගෙන යනු ලබන මෙම පාට/පක්ෂ හණමිටි දේශපාලන ක්‍රමවේදය.. අහෝසි කර ලීමට කාලය උදා වී ඇති බව සහෝදර ජාතීන් සියල්ලෝම අවබෝධ කරගත යුතු කාලය එළඹ ඇත.


එනිසා එළඹීමට නියමිත අපගේ නව ව්‍යවස්ථාව.. 
"අපි වෙනුවෙන් අපගේ" සාමය.. සතුට.. සෞභාග්‍යය.. උදෙසා අපිම නිර්මාණය කරගමු මෙසේ..
*/**//***///***//**/*
සොබා දහම සුරකින.. 
මිනිස්කම අගයන..
අනාගත ගෝලීය දේශපාලනයේ..
පරම රමනීය යථාර්ථය විය යුත්තේ.. 
        */**//***///***//**/*
කල්ලි කණ්ඩායම් කිහිපයක් විසින්.. දෙකට.. තුනට.. හතරට.. පහට.. ජනතාව බෙදා විරසක කොට වෙන්කර.. උනුන්ගේ බල සුදුව දිගින් දිගට පවත්වාගෙන යාම සඳහා.. කලින් කලට පවත්වාගෙන යනු ලබන පාට පක්ෂ හණමිටි 225 හේ කල්ලියේ.. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමවේදයෙන් යුත්..
ආත්මාර්ථකාමයෙන් පිරිපුන්.. පෘතග්ජන මිනිසුන් විසින් ආණ්ඩු කරනා.. වර්තමාන නාමික නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියනා ක්‍රමවේදය නොවිය යුතුය.


ස්ථිර සාර ලෙසම එය සර්ව ආගමික නායකයින්.. සහ ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු උගත්.. බුද්ධිමත්.. වින්දත්.. නැණවත්.. පරහිතකාමී මිනිසුන්ගේ ඒකරාශීත්වයෙන් යුත් ජාතික මහා සභාවක් විසින්..
ජාතියේ හද ගැස්මට උචිත වන.. නවීන ලෝකයට ගැලපෙන.. කලින් කලට අවස්ථාවාදී පෘථග්ජන මිනිසුන් හට වෙනස් කළ නොහැකි වන ලෙස.. ප්‍රතිනිර්මාණය කරන ලද.. යුක්තිය රජයන.. 
        "*#සැමට_එකසේ_සාධාරණ"
සුදුස්සාට සුදුසු නිසි තැන.. ස්ථිරසාර ලෙසම ව්‍යවස්ථාපිතවම හිමි වන..  
         */**//***///***//**/*
භෞතිකවාදය අතික්‍රමණය කෙරෙනා.. ආධ්‍යාත්මික වූ.. ස්වයංපාලන ධර්ම රාජ්‍යය.. මහජන සමුහ ආණ්ඩු කරන.. ක්‍රමවේදයක් නැතහොත්.. "*#සිස්ටම්"/"*#System" එකක්..


ජන හිතකාමී ව්‍යවස්ථාවක් ලෙස කෙටුම්පත් කොට.. ජනමත විචාරණයක් සඳහා යොමු කර.. අති බහුතර ජන බලයකින් සම්මත කොට..  
     */**//***///***//**/*
ආත්මාර්ථකාමී ඒකාධිපතියන් හට යලි කිසිදු කලෙක ජනතාව සතු ඒ..
      "*#පරම_අධිකාරී_බලය"
වෙනස් කළ නොහැකි වන ලෙස.. මේ මහ පොලවේ ස්ථාපනය කරලීම.. හැර මින් මතු කිසි කලෙකදීවත්.. රටේ ජනතාවටත්.. මතු පරපුරටත්.. සාමය.. සතුට.. සෞභාග්‍යය.. සංහිඳියාව.. පවතින ක්‍රමවේදයෙන් තව දුරටත්  අපේක්ෂා කිරීම මිරිඟුවක් පමණක් වනු නියතය.


ඒ නිසා.. ඒ උදෙසා වන.. නවමු ව්‍යවස්ථා කෙටුම්පත "අපි වෙනුවෙන් අපිම" එකම කඳවුරකට ඒකරාශීව පහත සඳහන්.. *#ලින්ක්/*#Link.. වල ඇති පරිදි.. කෙටුම්පත් කර ගනිමු.

ස්තුතියි. */**//***///***//**/*
*#නිර්පාක්ෂික.. *#නිර්භේදීය.. *#නිර්දේශපාලනික.. *#සත්පුරවැසියෙක්..
*#සෝභිතාවතාරයේ.. *#සෝභිතාතූරයා..
*#Sobit..2020/11/06..
11/2020/11..
*/**//***///***//**/*
*#Links..
https://www.sobithawathara.blogspot.com 
https://www.facebook.com/sobithawathara
https://www.facebook.com/sathpurawasiya 
https://www.youtube.com/sobithathuraya 


email : sathpurawasiya@gmail.com