Thursday, December 29, 2016

සිංහල නායකයින් සිංහලයින්ට සාධාරනය ඉටු කර නැති රටක රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් මැතිනිය කෙසේ නම් තම ජාතියට සාධාරනයක් බලාපොරොත්තු වන්නද...!

එකම නිර්භීත නායකයා ප්‍රභාකරන්..! රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් කියයි.


(ලංකා ඊ නිව්ස් -2016.දෙසැ.28, ප.ව.11.00) යහපාලන රජය දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වුවත් එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් දෙමළ ජනතාවට සිටි එකම නායකයා වූ ප්‍රභාකරන් මියගිය පසුව දෙමළ ජනතාවට නිර්භීත නායකයෙකු නොමැති බවත් වනිතා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් අද (28 දා) සවස කිළිනොච්චියේදී පවසා තිබේ.

රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් මැතිණියගේ පුවතට සෝභිතාවතාරයෙන් පිලිතුරක්....

===============================================================
නිර්භීත එකම නායකයා ප්රභාකරන් පමනක් නොමවූවත්... ප්රභාකරන් යනු අති විශිෂ්ඨ නායකයෙකු බව සෝභිතාවතාර නිර්ලෝභීවද, නිර්භයවද ප්රකාශ කර සිටිමින් අවධාරනය කර සිටිනු ලබන්නේ...

සිංහල නායකයින් සිංහලයින්ට සාධාරනය ඉටු කර නැති රටක රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් මැතිනිය කෙසේ නම් තම ජාතියට සාධාරනයක් බලාපොරොත්තු වන්නද යන්නයි.

තත්ත්වය එසේනම් සියළු ජාතීන් මෙම තත්ත්වය මනාව වටහා ගත යුතුය. ප්රථමයෙන් පාලකයින් හට පුටු මාරු කරමින්ද, පක්ෂ පාට මාරු කරමින්ද සෑම යුගයෙකහිදීම සියළු ජාතීන්ගෙන් යුත් දුක් විඳිනා සමස්ථ ජනතාවක්ම රවටමින් තව දුරටත් ඉදිරියට යාමට ඉඩ නාෙතබන බවට අධිෂ්ඨාන කර ගත යුතුය.

ඉන් අනතුරුව අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ දේදුනු විප්ලවයේ අවසන් අධියර වූ 2020 මැතිවරනය ඉලක්ක කොට ගත් මෙහෙයුම සඳහා රට වටකරගත් පවුරක් සේ සියළු ජාතීන් එක්සේසත්ව සියල්ලෝම අනෙකා දැනුවත් කරලීමේ සංග්රාමය දියත් කොට ලාංකේය දේශපාලගන කරලිය උඩුයටිකුරු කරනා මීලඟ සැඟවුනු පොදු අපේක්ෂකයා එලිදක්වනා තුරු මෙහෙයුම තීරනාත්මක මංසන්ධිය කරා රැගෙන යායුතුය.

එවිට ගතානුගතික හනමිටි අදහස්වලින් පෙරදැරිව පාට පක්ෂ පාට පාට කණ්නාඩි දමාගෙන ලාංකේය දේශපාලකයින්ගේ බඩජාරී පොරාන්දුවලට රැවටී සෑම කල්හිම අනාගත පරපුරේ සිහින බාෙඳ කල අක්ඥාණවන්ත වැඩිහිටියන් අභිබවා ගාෙස් සිටිනා වත්මන් නවක පරපුර නිසි තීරනය ගෙන නව්ය වූ කුළුදුල් දේශපාලන සංස්කෘතියක් අපගේ මේ උතුම් මව් බිම තුල ජනිත කරවනු නියතය.

එදිනට විජයකලා මහේස්වරන් මැතිනියට සිතෙනා දෙය සෝභිතාවතාරට සිතා ගත හැකිය.......!

සෝභිතාවතාර
2016/12/29

Tuesday, December 27, 2016

අහිමි වූ දියණිය වෙනුවෙන් කරුගේ කරුණාව ජනතාව වෙත ගලයි : “පිළිකා සරණ උපකාරක ඇමතුම“ Hot Line සේවය ඇරඹේ

අහිමි වූ දියණිය වෙනුවෙන් කරුගේ කරුණාව ජනතාව වෙත ගලයි : “පිළිකා සරණ උපකාරක ඇමතුම“ Hot Line සේවය ඇරඹේ


(ලංකා ඊ නිව්ස් -20­­­­16.දෙසැ.26, ප.ව‍‍‍‍‍‍‍‍.11.30) තමා හෝ සිය සමීපතමයෙකු පිළිකා රෝගයට ගොදුරු වී ඇතැයි අසන්නට ලැබීම ඕනෑම පුද්ගලයෙකුට අතිශයින්ම දරා ගත නොහැකි පුවතකි.  එවන් විටෙක ඇති වන වික්ෂිප්තභාවය තුළ කළ යුතු, නොකළ යුතු දෙය කුමක්දැයි සිහි එළවා ගැනීමට කවර සමාජ ආර්ථික මට්ටමක සිටින අයෙකුට වුවද අසීරු කටයුත්තකි.  එවැනි මොහොතක පිහිටට එන ඕනෑම මොහොතක ඇමතිය හැකි උපදේශන සේවාවක් හෙට (දෙසැම්බර් 27 වන අඟහරුවාදා) සිට ඇරඹෙනු ඇත.  පිළිකාවක් වැළඳුනු අයෙකුට ඇති වන ශාරිරික මානසික තත්ත්වයන් මෙන්ම වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර පිළිබඳව ද සහාය වීම අරමුණු කර ගත් “පිළිකා සරණ උපකාරක ඇමතුම” නමින් වන මෙම ක්ෂණික ඇමතුම් සේවාව අරඹනුයේ කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ පිළිකා සරණ සංගමය එක්ව දැරූ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසය.
හෙට පෙ.ව 11.45 මහරගම අපේක්ෂා රෝහල අසල අංක 45/B යන ස්ථානයේදී එම සේවාව ඇරබිමේ  සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව ඇත .කථානායක කරු ජයසුරිය මහතා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සහ පිලිකා  සරණ සංගමයේ ප්‍රධානීහු මෙන්ම පසුගියදා පිළිකා රෝගයෙන් මියගිය ඉන්දිරා ජයසුරිය මහත්මියගේ ස්වාමියා වන බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් මහතා සහ ඇගේ දරුදෙදෙනා  මෙම අවස්ථාවට විශේෂයෙන් එක්වෙනු ඇත'
වැඩසටහන් 03කින් යුත් ව්‍යපෘතියක  පලමු අදියර ලෙස ‘පිලිකා සරණ ඇමතුම් සේවය’ දියත් වන අතර කාන්තාවන්ට ඇතිවිය හැකි පියයුරු පිලිකා අවධානම පරීක්ෂා කිරීමේ ජංගම පරීක්ෂනාගාර සේවයද, පිලිකා රෝගය වැළැඳුනු  දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දිරා ජයසුරිය ළමා සත්කාරක සේවාවද ඉදිරි දිනවලදී ආරම්භ කිරීමට  කටයුතු  යොදා තිබේ. 
හෙට ඇරඹෙන පිළිකා සරණ උපකාරක ක්‍ෂනික ඇමතුම් සේවාවේ දුරකථන අංකය මතක තබා ගන්න 

දුර: 011 2 363 211  

---------------------------
by     (2016-12-27 01:32:42)



යමෙකුගේ හෘද සාක්ෂිය මෙසේ පවසයිනම්.....

යමෙකුගේ හෘද සාක්ෂිය මෙසේ පවසයිනම්.....
=======================================================

ජනතාවගේ මුදල් හොරකම් කරල පෝහාෙසත් උන සක්කිලියෙක්...

තම මව,සහෝදරිය,ඥාතිවරිය වන් ස්ත්රීන් දූෂනය කල කාලකන්නියෙක්...

අහිංසකයින් තලාපෙලා හිංසාවට පීඩාවට පත්කල පාදඩයෙක්...

නිදහස් අධ්යාපනය, නිදහස් සෞඛ්යය ජීවිතය පුරාම බුක්ති විඳ කිසියම් තත්ත්වයකට පැමින ඉන් පසු ඒ සවියෙන්ම... රටට වින කල දේශද්රෝහියෙක්...

අාගමට දහමට වින කල පාපතරයෙක්...

රටක බලැති ජනාධිපති උනත්... අගමැති, අැමති, මේ මොන යකා උනත් මොකටද අභිමානවත් පාරදුශ්යය භාවයෙන් යුතු හෘද සාක්ෂියක් නාෙමැතිව පාරේ යන්න බැරිනම්...

==========
සෝභිතාවතාර