Saturday, July 7, 2018

සමස්ත ලෝක ප්රජාවගේ පිනට පහලව අැති මෙම නිර්පාක්ෂික (FaceBook) සමාජ මාධ්යයට උත්තමාචාර වේවායි පතන්නේ සෝභිත හිමියන්ගේ අාතූරයා සත්පුරවැසියායි. වර්ෂ 2018 වූ ජූලි 07 වැනි දින.

====================================================

සමස්ත ලෝක ප්රජාවගේ පිනට පහලව අැති මෙම
නිර්පාක්ෂික (FaceBook) සමාජ මාධ්යයට උත්තමාචාර වේවායි පතන්නේ සෝභිත හිමියන්ගේ අාතූරයා සත්පුරවැසියායි.
වර්ෂ 2018 වූ ජූලි 07 වැනි දින.
====================================================


මෙම නිදහස් (FaceBook) සමාජ මාධ්යය සහ/හෝ අන්තර්ජාලය නොතිබුනු එදා කාලයේ පුවතක්, ලිපියක්, අකටයුත්තක් මාධ්යය තුල පලකරවා ගන්නට පුවත් පත් කාර්යාලවල සිටි බහුතරයක් බත් බැලයින්ගේ දෙපා ලඟට ගොස් දණ්ඩ නමස්කාර කලද.... අරක්කු බෝතලේටයි, බයිට් එකටයි අල්ලසටයි මිස උන්ගෙන් යම් සාධාරනයක් ඉටු කර ගැනීම දුෂ්කරව පැවති ඒ යම් යම් අඳුරු යුග තුලින් දියුණුය කරා පියමංකර අැතැයි කොතෙක් කටමැත දෙඩුවත් මේ වන විටත් බොහෝ රටවල් සාරධර්ම තුලින් පැවතියාටත් වඩා පිරිහී තිබුනත්.... සමස්ථ තාක්ෂනික දියුණුව යැයි පවසනා මුත් යම් යම් මිනිස් කොට්ඨාසයන්ගේ

සංස්කෘතික අනන්යතාවයන් හෝදා පාළුකර යැවීමට පවා සමත්ව අැති මෙම සමාජ මාධ්යය යහපත වෙනුවෙන් පමනක් භාවිතාවෙහි යෙදවීමට මිනිසා විසින් ක්රියා කරනු ලැබුවහොත් එය මානව ශිෂ්ඨාචාරයේ යහපත උදෙසා කෙතරම් නම් ඉහල තලයෙකින් ප්රයෝජන ගත හැකිදැයි සමාජ මාධ්යය ජාල තුල නිරතුරුවම සැරිසරන ඝවේෂණශීලී ප්රජාව අවබෝධ කොට ගත යුත්තේ අන් කිසිවක් නිසා නොව....

අප මෙලොව නැති යම් කලෙක අපගේ දුවා දරුවන් හට යහපත් රටක හෝ මේ මුළු විශ්ව ගම්මානය තුල කවර දිශානයෙක හෝ සැපෙන් සතුටින් සැනසිල්ලෙන් ජීවත් වීමට හැකි වන්නේ සොරකම් කර හෝ ඔවුන් හට මහා ධනස්කන්ධයක් කොහේ හෝ රටක හෝ පොලව යට හෝ සඟවා තබා අැතැයි යන අඤ්ඥාණවන්ත සිතුවිල්ල පෙරදැරි කරගෙන සිටීමෙන් නොව කිසිදා....

යහපත් රටක් ලෝකයක් වැඩිහිටි සැම ඒකරාශීව ගොඩ නගා තිබුනහොත් හැර කිසිදු රජෙකුගේ හෝ ජගතෙකුගේ දුදරැවන් හට  අනාගතයේ කිසිදාකත් යෙහෙන් වැජඹීමට ඉඩ ප්රශස්තාවක් නොලැබීම හෙට පායනා හිරු සඳු තරමටම නිත්යය සත්යයක් මෙන්ම සූත්රයක් බවද විශේෂයෙන් ලාංකීයන් හමුවේ අදහසක් යෝජනාවක් ලෙස අැඟිල්ල දිගු කර පවසන්නේ නම්....

මේ රටේ වර්තමානයේ පවතින්නා වූ සමස්ත දේශපාලනික අධිකාරියටත්... විශේෂයෙන් රට මහත් අගාධයකට පත්කොට මහා පරිමාන දූෂන, චංචා සහ අපරාධ අති විශාල ප්රමානයක් අැති කොට මුළු අනාගත පරපුරම ජාති ජාති ණය කරුවන් බවට පත්කල මෙන්ම සමකාලීන ප්රජාවගේ ජීවිතවල ඉතිරිව තිබු සොච්චම් අායු කාලයද අඳුරේම ගිල්වා දමනු ලැබ තිබූ යුගයෙක රටේ සිටි සබුද්ධික වූද... අභීත වූද... 62 ලක්ෂයක් උතුම් වූ ජනතාවට බුදුබව අත්වන්නට පලවා හරිනු ලැබූ රාජපක්ෂවාදී ඒ දුර්දාන්ත අඳුරු යුගය යලි ගෙන එන්නට වලිකන හිට්ලර්/ගොට්ලර් සහ M/චින්තක අැතුළු ඒ සොරදෙටු නඩයටම සහ පරපුරක් නැති මුත් කෙදිනකවත් අපවත් නොවෙතැයි සිතාගෙන රාජපක්ෂලාගේ පවු දාේවනය කරමින් අසූචි වළඳන සොර කහකඩ ඝණයින් අවධාරන කර ගනු යහපති.

ඒ නිසා නිර්පාක්ෂිත සෝභිතාවතාරයේ උදහසටත්... ශාපයටත්... පාත්ර නොවී ජනතාව නොමග යවමින් සිට දිනෙක ජනතාවගෙන්ම යස පාඩම් ඉගෙන ගැනුමට ලක් නොවී ඉහත අවවාදය සිහි නුවනින් යුතුව අවබෝධ කොටගෙන දැන්වත් දැහැමින් සෙමින් විසුමට හිතට ගනු...

නොඑසේ උවහොත් උඹලා සොරකම් කර තැබූ ධනස්කන්දය මදි වේවි උඹලාට සහ උඹලාගේ පරපුරට සිදුවනා ලෙඩ දුක් හිරිහැර අනතුරු තුන්බිය අකරතැබ්බයන්ගෙන් මිදීමට..

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට අනුහස් බලයෙන් වදාරා සිටි ස්වප්නයේ පනිඩුඩය ජනගත කරනු උදෙසා ජනතාවගේ පිනට පහලව අැති මෙම නිර්පාක්ෂික (FaceBook) සමාජ මාධ්යයට උත්තමාචාර වේවායි පතන්නේ සෝභිත හිමියන්ගේ අාතූරයා සත්පුරවැසියායි.

වර්ෂ 2018 වූ ජූලි 07 වැනි දින.

Thursday, July 5, 2018

තම යුතුකම් සහ වගකීම් ඉටුකොට නොමැතිව හමුදා කඳවුරුවලට බරක් උනු උතුරු/නැගෙනහිර පන්සල් 33 ක් විජයකලා සොයා ගනී..

තම යුතුකම් සහ වගකීම් ඉටුකොට නොමැතිව හමුදා කඳවුරුවලට බරක් උනු උතුරු/නැගෙනහිර පන්සල් 33 ක් විජයකලා සොයා ගනී.. 

=================================================================
විජයකලා කොටි නැගිටුවීමට අපූරු හේතුවක් සංඝනායක මුංහේනේ මෙත්තාරාම හිමි සොයාගනී..!
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.05, පෙ.ව‍.8.30) ජුලි මස 31 වනදා වන විට උතුරු නැගෙනහිර පළාත්වලින් වැඩකට නැති හමුදා කඳවුරු 33 ක් ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පමණක් බෞද්ධ පන්සල් තිහකට අධික සංඛ්‍යාවක් වැසීයාමේ අවදානමක් ඇතයි නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවිල මංගල මහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියෝ ලංකා ඊ නිව්ස් වෙත පැවසූහ.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන මෙත්තාරාම හිමියෝ
-------------------------------------------------------------------
“ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ පමණක් බෞද්ධ පන්සල් 130 ක් පමණ තියෙනවා .මෙයින් පන්සල් 30 කට වැඩි ප්‍රමාණයක වාසය කරන භික්ෂූන් වහන්සේලාට දානය සපයන්නේ සහ එම ස්ථානවල අනෙකුත් නඩත්තු කටයුතු කරන්නේ ඒ ඒ ප්‍රදේශවල ඇති හමුදා කඳවුරු වලින්. මේ මස තිස් එක්වැනිදා වනවිට උතුරු නැගෙනහිර පළාත්වලින් හමුදා කඳවුරු 33 ක් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. දැන් එය ක්‍රියාත්මක වෙමින් පවතින බව මම පැහැදිලිවම දන්නවා. ඒක ඇත්තක්. මේ තත්වය යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රීක්කයේ ඇති හමුදාවෙන් යැපෙන පන්සල් තිහකට වඩා වැසී යනවා. ළමා හා කාන්තා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරිය නැවත කොටි නැඟිටිය යුතු බවට ප්‍රකාශ කළේ මේ පසුබිම යටතේ වෙන්න පුළුවන් . පෙරහැරට කලින් කස කාරයෝ එන බවක් තමයි පෙනෙන්නේ “
========================================================ඉහත ඊනිව්ස් ලිපියට පෙරවදනක්====
තම යුතුකම් සහ වගකීම් ඉටුකොට නොමැතිව හමුදා කවුරුවලට බරක් උනු උතුරු/නැගෙනහිර පන්සල් 33 ක් විජයකලා සොයා ගනී.. 

සේරුවිල මංගල මහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියෝ ලංකා ඊ නිව්ස් වෙත පුදුම කථාවක් කියා අැති අතර මේ මෝඩ ඊනිව්ස් නිසි අධ්යයනයක් නැතිව ඔහේ පලකරන්නන් වාලේ එය පලකර අැත.

නමුත් හාමුදුරුවන්ගේ ප්රකාශයේදීම පවසා අැත්තේ රජය වැඩකට නැති හමුදා කඳවුරු 33 ක් ඉවත් කිරීමට තීරනයක් ගෙන අැති බවය.

සේනාධිනායක ජනාධිපති සමග ඊනිව්ස් තුල සිටිනා සම/හරකුන් ගේ සිත්තුල පවතිනා ද්වේශය සහ වෛරය නිසා ගල උඩ පහරනා බලලකු සේ දැන් ඉතින් Enews උන්නැහේට පැහැරෑ --ට වසා ගත නාෙහැකි වනු අැත. (නොසේනම් ඊනිව්ස් මෙවන් කාරණාවන් පලකරනු ලබන්නේ මීට වඩා බොහෝ ගවේශනාත්මකව සහ හරවත් අාකාරයටය)

දැන් ඉතින් අාණ්ඩුවට ඊනිව්ස් කුහකයෝ සෙට් එකයි අපේ හාමුදුරුවොයි කියා සිටින්නේ මේ පන්සල් ටික වැසී යන එක නවත්වන්නට නම් අාණ්ඩුව විශාල පිරිවැයක් දරාගෙන (යුද්ධයක් නැති පසුබිමක් තුල) මෙම හමුදා කඳවුරු 33 මෙම පන්සල්වල අාවතේව වැඩ සහ දානය සැපයීම පිනිස තව දුරටත් පවත්වාගෙන යන ලෙස නොවේද..!

අඩු තරමින් හාමුදුරුවෝ ප්රකාශ කරල නැහැ පන්සල් අානාරක්ෂිත වන වගක් හෝ නමුත් විජයකලාගේ කස කථාවත් දඩමීමා කරගෙන අැති බවක් නම් පෙනේ.

අනේ හාන්දුරුවනේ ඔබ වහන්සේලාට දානය සපයන්නටයි... පන්සල් අාවතේව වැඩ කරන්නටයි හමුදා කඳවුරු 33 ක් නඩත්තු  කරන්න අාණ්ඩුවට ඉඩ දෙන්න රටේ ජනතාවවත් කැමති නොවනා බව දැන ගන්න.

ඔබ වහන්සේලා විජයකලාගේ කස කථා අවුළුවා ද්රවිඩ ජයයා අමනාප කර ගන්න එපා. මෙතුවක් කල් ඔබලාට ඒ ජනතාවගෙන් හින්සා පීඩා සිදු උනේ නැහැ නොවැ. 

ඒ නිසා ඔබ වහන්සේලා දැන් ඉස්සරටත් වඩා ඒ ජනතාවට කිට්ටු වෙන්න. සංහිඳියාව වෙනදාටත් වඩා ප්රචලිත කරන්න. 

මේ වන විට රජය උතුරු කරය තුල ඉතා යහපත් ලෙස නීතිය හා අාරක්ෂාව ස්ථාපිත කරලා තියෙනවා. ඔබ වහන්සේලාට බිය වන්නට දෙයක් නැහැ. අනෙක් ප්රධාන කරුන වන්නේ ඔබ වහන්සේලා බුද්ධ පුත්රයින් නිසා ධර්මය ගැන විශ්වාසය තියන්න. ධර්මයෙන් ජීවත් වන්නා ධර්මය විසින් අාරක්ෂා කරනු ලබයි යන ලෝක සත්යය තුල පිහිටා සිටින්න. කස කථා පතුරවා අධාර්මික නොවන්න. තමන් සිදු කරනා යහපත හෝ අයහපත තමා පසු පස එන සෙවනැල්ල සේ තමන් අත් නොහරින බව අමතක නොකරන්න.

සම්බුදු පියානන්ගේ ඒ උතුම් දහමට අනුව යමින් ජාති/අාගම්/කුල/මල නොතකා යුද්ධයෙන් අනාථ වී මාපියන්, දූවාදරුවන්, අඹුසැමියන් අහිමිව අසරනව දුකින් සිටිනා ඒ අවිහිංසක මිනිසුන් හැකි අයුරින් ධර්මය දේශනා කාෙට සනසාලන්න.

එවිට ඔබ වහන්සේලාගේ දානමය කටයුතුත් ඉබේම ඒ මිනිසුන් තුලින් සිද්ධ වෙන්නට පටන් ගනීවි. 

ශාන්ත බවත් සංහිඳියාවත් උදෙසා පින්ඩපාතය වඩින්න හුරු වන්න. දානයත් ගිලන් පසත් හමුදා කඳවුරුවලින්ම ලබමින් පලාතේ ජනතාවගෙන් දුරස් වෙලා සිට අැති නිසයි දැන් ඔබ වහන්සේලාට ප්රශ්නයක් වෙලා අැති බව පෙනෙන්නේ.

දකුනේ ජනතාවට දැන් ප්රශ්නයක්ව අැත්තේ ඔබ වහන්සේලා උතුරු/නැගෙනහිර පලාත් වලට වී මෙතුවක් කල් සිදුකර අැත්තේ කුමක්ද යන්නය. 

හමුදා කඳවුරුවලින් යැපෙමින් ඒවාට පමනක් අනුශාසනාවන් සිදු කරමින් සිටියානම් දැන් ඔබ වහන්සේලා ගත යුතු පියවර වන්නේද ඒ හමුදා කඳවුරු රැගෙන යන ලෝකයකට ඔබ වහන්සේලාද වඩිනු මැනවි.

මේ සියල්ලෙන් ඉතා පැහැදිලි වන්නේ ධර්ම ධරයානන් වරුන් ලෙස ඔබ වහන්සේලාගෙන් සිදුවිය යුතු කිසිදු යුතුකමක් ඒ පලාත්වලට සිදුව නැති බවය. තමන් වහන්සේලාට පන්සල් වසා දමන්නට සිදුව අැත්තේ ජනතාවගේ හදවත් තුලට පිවිසෙන්නට අසමත්ව අැති බැවිනි.

ඒ නිසා ඔබ වහන්සේලාට දැන් විසඳුමක් නැතැයි සිතේනම් සිදු කිරීමට අැති නුවනක්කාර ක්රියාව වන්නේ මෙතුවක් කල් ගත දරා සිටි ඔය බොරු කහකඩ පසෙකලා ඉවත් කරන්නට යෙදී අැති මෙතුවක් කල් පිංබත් ගිල්ල හමුදා කඳවුරු 33 ට බැඳී හමුදා සේවයකින් හෝ බුදිනා බතට සරිලන සේවයක් රට වෙනුවෙන් සිදු කිරීමය.

නොඑසේනම් දැන්වත් තම වගකීම් සිතට ගෙන ධෛර්යය වඩා පිඩුසිඟා වඩිමින් ධර්මයද සංහිඳියාවද පතුරවමින් දානය නොලැබේනම් (වෙනත් කැලෑබද පෙදෙස්වල වෙසෙනා සංඝයාවහන්සේලා අාදර්ශයට ගෙන) පන්සල තුලදීම දානය සකස් කර ගනිමින්ද, බවබෝග පන්සල් භූමිය තුලම අැබිත්තයින් ලවා වගා කරගනිමින්ද සෙත් පිරිත් සජ්ජායනා කරමින්ද අාදර්ශමත් පන්සලක් පවත්වාගෙන යන විට ක්රමානුකූලව ජනතාව අාසන්න වේවි. මෙතෙක් කල් සිදුකර අැත්තේ පන්සල විසින්ම පන්සල තුලට හමුදා සෙබලුන් දමාගෙන පන්සල තුලින් ජනතාව පලවා හැරීමය. පන්සලකින් පන්සල් ස්වරූපයක් මිස වෙන අන් ස්වරූපයක් විද්යාමාන වුවහොත් ඊට කිසිදාකත් බැතිමතුන් පය නොතබති.

2015 ජනවාරි 8 දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේ කොළඹ දිස්ත්රික්කයේ කෝට්ටේ ඉතාමත් සැප පහසුදායක පරිසරයක හිදිමින් උවත් තම විහාරස්ථානය තුලදී පවා ගතකල අල්පේච්ච දිවි පෙවත නිසා තමන් වහන්සේට තම දායකයින් සහ බැතිමතුන් පූජා කරනා ලද බොහෝ පිරිකර තමන් වහන්සේට වැඩි යැයි හැඟුනු හෙයින් උන් වහන්සේ ඒවායින් බොහෝමයක් දේ රැගෙන අෑත දුර ගම්දනව් වල කැලෑබද පෙදෙස්වල ඉතා දුෂ්කරව ධර්මය ප්රචලිත කරමින් කුඩා පන්සල්වල සිටිනා සංඝයා වහන්සේලා සොයා ගොස් ඒවා උන්වහන්සේලාට බෙදා දී බොහෝ අත්දැකීම් අැති නිසා සංඝයා වහන්සේලා නැතහොත් නියම බුද්ධ පුත්රයින් ක්රියා කර අැත්තේ කොයි අාකාරයෙන්දැයි ඉතා හොඳින් දැන සිටි උත්තමයෙකි. නමුත් හමුදා කඳවුරු වලින් පමනක් දිවි පෙවත ගෙන ගිය පන්සල් ගැන උන්වහන්සේ ජීවතුන් අතර සිටි කාලයේදී අසා තිබුනාදැයි සැක සහිතය. එසේ නොවුනානම් අද මෙම පන්සල් වසා දමන්නට කිසිසේත් සිදු වන්නේද නැත.

සෝභිතාවතාර විශ්වයේ සිට.
2018/07/05

විජයකලා කොටි නැගිටුවීමට අපූරු හේතුවක් සංඝනායක මුංහේනේ මෙත්තාරාම හිමි සොයාගනී..!

Wednesday, July 4, 2018

JVP ත්රස්තයින්ට කැප, JR/ප්රේමදාස/මහින්ද යමපාලන රාජ්යය ත්රස්තවාදයට කැප ප්රජාතන්ත්රවාදය LTTE ත්රස්තයින්ට අකැපද...!


 තිත්ත අැත්ත නොහොත්.. තිත්ත කසාය... 
JVP ත්රස්තයින්ට කැප, JR/ප්රේමදාස/මහින්ද යමපාලන රාජ්යය ත්රස්තවාදයට කැප ප්රජාතන්ත්රවාදය LTTE ත්රස්තයින්ට අකැපද...!
==============================================
=================

මෙය සෝභිතාවතාරයේ පෞද්ගලික මතයකි. ඕනෑම ගුණ/නුවන අැති අබුද්ධික නොව... සබුද්ධිකයින්ගේ විවේචන සහ මීට එකඟ වීම හෝ ප්රතික්ෂේප කිරීම ගෞරවයෙන් යුතුව පිලිගනිමි.

එමෙන්ම ගෝත්රිකවාදී වූද... මෙවැන්නක් දුටුවද වල ඉහ ගැනීමට මාන බලා සිටිනා අධාර්මික, අශ්ලීල, අවස්ථාවාදීන්ගේ විවේචන නොසලකන මා 2015 ජනවාරි 08 දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ අභීතත්වයත්.. මානව හිතවාදීත්වයත්.. නිර්පාක්ෂීකත්වයත්... දිවි හිමියෙන් අාරක්ෂා කරනා අදෘශ්යයමාන අවතාරය සෝභිතාවතාරයයි.

ගතවූ දශක ගනනාවක් තුල මෙම රට පාලනය කල මහාකලු සිංහල පාලකයින්ගෙන් යම් යම් පාලකයින් ඒ එකිනෙකාගේ බුද්ධි/මනෝ භාවයන් සහ ගෝත්රිකවාදී ම්ලේඡ්ච ගති පැවතුම් අඩුවැඩි වශයෙන් අවභාවිතාවේ යොදවමින් රටේ ජනතාවටත් අනාගත පරපුරටත් ප්රභාකරන්ටත් වඩා දැඩි (හිට්ලර්/ගොට්ලර්වාදී) වද හිංසා සහ අපහසුතා සිදු කර අැති බව කොයි කවුරුත් නිහඬව සිටියද මනා ලෙස දන්නා සත්යයකි. නමුත් මෙම තත්ත්වය වෙනස් කර නොගෙන දිගින් දිගටම පැවතීමට තුඩුදුන් සුපැහැදිලි කාරනය වූයේ මේ රටේ සබුද්ධිකයින්ගේ උදාසීන භාවයත් අකර්මන්යය භාවයත් සහ සුවිශේෂයෙන් බහුතරයක් වන වහල් මානසිකත්වයක් අැති අබුද්ධිකයින්ගේ බෙලහීනත්වයි. තවත් සීමිත පිරිසකගේ අමනෝක්ඥ හැඟීම්බර වැරදි තීරන සහ අන්ධ භක්තියයි.

රටක් තුල අභ්යන්තර යුධමය වාතාවරනයක් අැති වන තත්ත්වයකට පත් වූ කල සහ යමෙකු හෝ යම් කණ්ඩායමක් අවි අායුධ අතට ගන්නා තරමට රටක පාලනය දුර්ධාන්ත වූ පසු පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් අවි ගත් කණ්ඩායම් කිසිවෙක් තුලින් සෑම අවස්ථාවකදීම සෑම දේම නිවැරදිව සිදුවේයැයි අපේක්ෂා කිරීම දුෂ්කර මුත් ඉතිහාසය තුල ඒ ඒ වාතාවරයන් හමුවේ ත්රස්තවාදියාගේ අරමුන වෙනුවෙන් ඔවුන් සාධාරන වන්නා සේම හරි හෝ වැරදි ලෙස රට පාලනය කල පාලකයින්ගේ පැත්තෙන් බැලූකල එවකට ගෙන අැති ත්රස්තවාදය මර්ධනය කිරීමේ තීන්දු නිවැරදි වුවත් සමස්ත ඉතිහාසය විශ්ලේෂනයට බඳුන් කල කල්හි පාලකයින් ත්රස්තවාදියාට වඩා බිහිසුනු ලෙසද... අවස්ථාවාදී ලෙසද... බඩගෝස්තරවාදී ලෙසද ක්රියාකොට අැති බව සර්ව සාධාරන මධ්යස්ත මතධාරියෙක් හට කාෙතරම් විවේචන එල්ල වුවත් ප්රකාශ කර නොසිටිය නොහැකි කරුනකි.

නමුත් මේවා සෝභිතාවතාර අවතාරයක් නිසා පැවසුවද ජීවතුන් අතර සිටියානම් ප්රකාශ කිරීම පහසු නැති බව සෝභිත හිමියන් ස්වප්නයේදී අාතූරයාට වදාරන ලදී.

ඒ කුමක් කෙසේ වෙතත්...

JVP ත්රස්තයින්ට කැප, JR/ප්රේමදාස/මහින්ද යමපාලන රාජ්යය ත්රස්තවාදයට කැප ප්රජාතන්ත්රවාදය LTTE ත්රස්තයින්ට තවමත් අකැපද...! යන්න සලකා බැලීම වර්තමානයේ පවතින්නා වූ සාධනීය අත්යාවශ්යතාවයකි.

ජේ.අාර්. ප්රේමදාස සහ ඔවුන්ගේ අළුගෝසුවා (රන්ජන් විජේරත්න) ලා සහ යම/රාජපක්ෂ සහ ඔහුගේ අළුගෝසුවන් වන ගොට්ලර්/මදාවි-මර්වියා-වන(අා)චාරියා සහ පනික්කියන් වන සීගිරියවත් නොදුටු පාදඩපාවාදෙනවංශයාද/තම විෂය පතය කුමක්ද කියාවත් නොදැන සිටි සොරදෙටුවා ගොබ්බන්පිලයා අැතුළු ඒ අලිබබාගේ සොර නඩයට කැප ප්රභාකරන් කිසිදා සිදුකර නොමැති තරම් පාදඩ කම් සිදුකල මුන්ට කැප දේශපාලනය සහ පාලක පන්තිය සිදුකල සමාජ අසාධාරනට එරෙහිව ත්රස්තවාදය දක්වා පිවිසෙන්නට සිදු උනු මුත් මේ වන විට ඒ සියළු වැරදි නිවැරදි කරගෙන වචනයේ පරිසමාප්තියෙන්ම පරමාදර්ශී වූ ප්රජාතන්ත්රවාදයේ නියැලෙමින් අල්පේච්චිත වූ දිවිපෙවතක් පවත්වාගෙන යමින් දැඩි අපහසුතා මධ්යයේ උවත් අද්විතීය දේශපාලනික මෙහෙවරක් ඉටු කරමින් වර්තමානය වන විට සමස්ත පාර්ලිමේන්තු ඝර්හයම විනය සහ හැදිච්ච කම වඩනා තක්සලාව බවට පත් කල මහඖෂධ පඬිවරයන් තත්ත්වයට පත් උදාරතර JVP යට සේ ඒ අමිහිරි ත්රස්තවාදය සහ යුධමය වාතාවරනය යටතේ ඒ අවිහිංසක ද්රවිඩ ජාතියට තම තමන්ගේ මාපිය,දූදරු,නෑහිතමිත්රාදී පරම්පරා ගනනාවක් සහ උන්හිටි තැන් අැතුළු සියළු දේපොල අහිමිව සිටිනා සෝචනීය පසුබිමක් තුල බෙදා හෝ නොබෙදා හෝ ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ඒකරාශී කොටගෙන 70 දශකයට පෙර පැවති ඒ සුන්දර ලූණු/මිරිස් - ශ්රම/බුද්ධි දායක සංස්කෘතිය යලි බිහි උනාෙත් රටේ සංවර්ධනයට මොනතරම් නම් ශක්තියක්ද...

ගොවිතැනටද... ශ්රම සහ බුද්ධිමය දායකත්වයටද උපන් හපන් ඒ අහිංසක ද්රවිඩ ජාතිය තුල සිංහල ජාතිකයා සිංහලයාට පානා උඬගු කම් වංසෙ කබල් ගෑම් බොරු සිංහ සේයා කිසිවක් නොමැත.

ඉතින් ත්රස්තවාදීන්ව සිටියදී පවා භාෂනය වූ JVP යන නාමය ප්රජාතන්ත්රවාදී ප්රවාහයට පිවිස පාර්ලිමේන්තුව තුල නියෝජනය වීමේදීත් භාවිතයට ඉඩ ලැබුනානම් සහ ඉඩ දුන්නානම් LTTE යටත් ඒ හැන්දෙන් බෙදන්නට අකමැති කුහකත්වය කවරේදැයි විමසා බැලිය යුතු කාරනයකි.
උතුරුකරයේ සිටි සෑම එකෙක්ම සහ එකියක්ම LTTE ත්රස්තවාදියෙක් යැයි හංවඩු ගැසූ දකුණේ සිංහලයින් බොහෝමයක් මේ වන විට ඒ සියල්ල නොතකා තම ජාතියට දුන්නාට වඩා බෙහෙවින් අඩු වැටුප් ගෙවා තම නිවෙස්වල, ව්යාපාරික ස්ථාවල, ප්රවාහන සේවා තුල ගෘහ සේවක/සේවිකාවන් ලෙසද... වෙළඳ සේවක/සේවිකාවන් ලෙසද.. රියැදුරන් ලෙසද... පෙදරේරු සහායකයින් ලෙසද, බේකරි කම්කරුවන් ලෙසද, එකී නොකී නොයෙකුත් අාකාරයන්ගෙන් මහ කලු සිංගලයාගේ ශ්රම දායකත්වයට පාදක කැරගෙන රටේ සංවර්ධන ඉලක්ක සපුරාලීමට වක්රාකාරයෙන් ශක්තිමත් දායකත්වයක් ලබා ගනිමින් පැවතීම සැඟව අැති සත්යය යථාර්තය මෙන්ම සංහිඳියාවේ යහපත් ලක්ෂනයක්ද වෙයි.

කවුරුන් කෙසේ කුමක් කීවද... මෙම වාතාවරනය රට තුල නිර්මානය වීමට සැලකිය යුතු කාර්යය භාරයක් (තනිවම නොව පොදුවේ) ඉටු කල මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හට පමනක් ඔහුගෙන් රටට සිදුව අැති යම් යම් දූෂන අපරාධ සහ අවැඩ වෙනුවෙන් JVP යට හා LTTE යට දුන්නා හා සමාන පොදු සමාවක් දීම සබුද්ධික ජනයා ඉවසයි.

නමුත් ඒ ඔහු තමන් ඉසිලූ ධුරයේ අත්දැකීම් සහ උපදෙස් රටට අනුශාසකත්වයකින් පමනක් ලබා දෙමින් ඒ ගෞරවය මරන මංචකය දක්වා පවත්වා ගනිමින් විශ්රාමික වන්නේ නම් පමනි. නොඑසේ උවහොත් ඔහුගේ අභාවය වෙනුවෙන්ද රට්ටුන් හට දිනෙක රතිඤ්ඥා පත්තු කිරීමට සිදුවීමද වැලැක්විය නොහැකි වනු සෝභිතාවතාර නියත අනාවැකියකි.
ලොවින් එකෙක් යම් යම් දේට වෙයි සමත උවත් මහින්ද යනු රටක් සුරක්ෂිත සංවර්ධනයක් කරා ගෙන යාමට හපනෙක් නොවූ බව මේ වන විට අසන්නට දකින්නට අැති පැහැදිලි දර්ශකවලින් ඔප්පු වෙමින් පවතී.

ඒ නිසා රටක් තුල සිටිනා රාජපක්ෂලා පමනක් නොව වෙන අන් අය තුලද විවිධාකාරයේ හැකියාවන් සහ දක්ෂතා උගත්කම් පවතී. ඒවා උරගා බැලීමට ජනතාව තීන්දු ගත්තා සේම ඒ සඳහා සාපේක්ෂිතව සාධාරන කාල පරාසයක් ලබා දීමටද ඒ ජනතාවත් හිටපු පාලකයිනුත් සංවේදී විය යුතුය.

රනිල්ට ලමයි නෑ.. ඒ නිසා එයාට මුකුත් බෑ.. ගමරාල පිං ජනාධිපති ඒ නිසා එයාට රට කරන්න දන්නෑ... මෙවැනි කඩප්පුලි කථාවලින් රටේ සංවර්ධනයත් ජනතාවගේ අායුෂත් කාලයා තුල ගිලිහී යනවා මිස වෙන අන් කිසිවක් සිදු නොවේ.


ඒ නිසා කොයි කවුරුත් සියළු වාද භේද දුරලා අඩු තරමින් තම තමන්ගේ දූදරු මතු පරපුරේ යහපත් අනාගතය වෙනුවෙන් හෝ කුහකත්වයෙන් තොරව සහ නිවහල් මානසිකත්වයෙන් තොරව සිතන්නටත් තීන්දු තීරන ගන්නටත් අදිටන් කර ගත්තොත් තම දරුවන් හට තම මව් රට තුල දැහැමින් සෙමෙන් සැපෙන් සතුටින් විසීමට හැකි පසුබිමක් නුදුරු අනාගතයේදීම බිහි කර ගත හැකි වනු අැත. 
නොඑසේ උවහොත් විශේෂයෙන් යහපත් මිනිසුන් සහ ඒ දුවා දරුවන් බහුතරයකට අනිවාර්යයෙන්ම තම මව් රට අතහැර විදේශ ගත වන්නට සිදුවීම වැලැක්විය නොහැකි වනු නියතය.

රටට දැයට ජනතාවට තුණුරුවන් සරනයි
සෝභිතාවතාර විශ්වයේ සිට තම අරමුන ඉටු කරනා තුරා නිවනටවත් නොපිවිසෙන සේක...
2018/07/04









විජයකලාගේ කතාව යළි කියවමු..! දිය බොර කර මාළු බෑම අත්හරිමු..!!
-කීර්ති රත්නායක ලියයි-
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1937914636273692/?type=3

(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.04, ප.ව‍.12.30)
====================================================================

‘විජයකලාගේ කොටි කතාව ජාතිවාදීන්ට දර දිය සැපයීමක්; දෙමළ ජනයාට කරන ද්‍රෝහි කමක්..!’ - මුජිබර් රහුමාන්
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.04, ප.ව‍.10.30) 













=================================================================================

මහින්ද මට කෝටි සීයක් දෙන්න කතා කලා..- විජයකලා..

http://lankacnews.com/21578-2/?utm_source=dlvr.it&utm_medium=twitter
July 5, 2018 at 12:02 am | lanka C news
මහින්ද මට කෝටි සීයක් දෙන්න කතා කලා..- විජයකලා..
පසුගිය මැතිවරණ සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි 100ක් හා කැබිනට් අමාත්‍යධුරයක් තමන්ට ලබාදීමට උත්සාහ කළ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරුන් මහත්මිය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය ලබාගත් දුරකතන ඇමතුමක ඇතිවූ සංවාදයකදි මේ බව හෙළිවිය.
එසේම තමා එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ඒමට ප්‍රකාශ නොකළ බවත් ආවේගයෙන් කතා කරන විට වැරදි සිදුවන බවත් ඇය පැවැසුවාය.
*** එහිදී ඇතිවූ දුරකතන සංවාදය ***
ඔයා මේ මොකක්ද කියලා තියෙන්නේ එල්.ටී.ටී.ඊ. ඕන කියලා?
කවුද කිව්වේ
ඇයි ඔයා කියලා තියෙන්නේ මේ හැම පත්තරේකම ගිහින් තියෙන්නේ?
අයියෝ කවුද ඔය ඒක බොරු අප්පා. මම කිව්වේ ඒ කාලේ මේ වගේ ප්‍රශ්ණ මොකුත් ආවේ නෑ (කියලා)
පාසල් දැරිය දූෂණය කළේ නෑදෑයින් නේද?
නෑ මාමා අයියා සම්බන්ධ නෑ. ඔක්කොම මත්ද්‍රව්‍ය භාවිත කරපු කට්ටිය (කළේ). දකුණේ නෑදෑ ප්‍රශ්ණ ආවට උතුරේ එහෙම ප්‍රශ්න එන්නේ නෑ.
ඉඩම් ටික දුන්නට ස්තූති කළාට ජනපති වැඩියෙන්ම ඇවිදින් තියෙන්නේ යාපනයට?
එයා ආවේ පක්ෂය හදන්නනේ. ඔලුව උඩ තියාගෙන අපි එයාව දිනෙව්වා. මහින්ද රාජපක්ෂ කිව්වා මිලියනයක ඡන්දයකින් දිනනවා කියලා. කෝටි 100ක් දෙන්නම් කිව්වා. කැබිනට් ඇමතිකමක් දෙන්නම් කිව්වා. ඒ කිව්වට අපි උදව් කළේ නෑ.
ඔබේ සැමියා ඝාතනය කළෙත් එල්.ටී.ටී.ඊ. ය නේද?
නෑ, පිස්සුද? චන්ද්‍රිකා මහින්ද කරපු දේවල් නිසා අද අපිටයි ප්‍රශ්ණ.
ඔයාගේ විසඳුම වැරදියි?
ආයේ එල්.ටී.ටී.ඊ. ගේන්න කිව්වේ නෑ. ඒ කාලයේ සාමයෙන් හිටියා. කතාකරන කොට ටෙන්ෂන්නේ කතාකරන කොට වැරදි වෙනවා. කවුරුත් එන්නේ නෑ.
ආයේ එල්.ටී.ටී.ඊ. එනවා කියන්න එපා හොඳ නෑ?
නෑ නෑ රන්ජන් ඔයා ගණන් ගන්න එපා දකුණේ රනිල්ව පරාජය කරන්න මීඩියා මේක කරන්නේ. පාරේ ඉන්න මාධ්‍යයට අපි කියන්න යන්න ඕන නෑනේ.
ඔයා ඉඩම් ටික දුන්නා කියලා තියෙනවා?
වෙන මොනවද කළේ. ඔයාගේ අය මෙහෙ ඇවිත් වැඩ කරනවද කියලා හොයලා බලනවා. ඔයාගේ නම තියෙයිද කියලා හොයනවා. අපේ අය උපාධි ඉවරකරලා පාරේ වැඩ කරනවා.
ඩ්‍රග්ස් අරන් තමයි රේප් කරන්නේ?
වෙන ප්‍රශ්ණ නෑ.
ඔයා පොලිස්පතිට කතා කළේ නැත්ද?
විද්‍යාගේ කේස් එකට කතා කළා මොනවද කළේ?
මේ වගේ ප්‍රකාශ කරන්න එපා ඒක රජයට හොඳ නෑනේ
නෑ රන්ජන් මම ගේන්න ඕන කිව්වේ නෑ.
=================================================================================================================================