Tuesday, June 18, 2019

සාධාරන සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ ඩීල් කාක්කන් සෝභිත හිමියන්ගේ අවසන් ඉල්ලීම් සියල්ල කඩ කරමින් බත්තරමුල්ල අපේ ගම පරිශ්රයේදී උන්වහන්සේගේ පිලිරුවක් (නිරාවරනය මැයෙන් රටේ ජනතාව මුලා කොට) ජනාධිපතිවරනයක් අභියසදී වෙන්දේසියේ දමා රෑ වැටුනු වලේ දවාලේද වැටෙමින් ඊලඟ ජනාධිපති අපේක්ෂකයා පවතිනා දේශපාලකයින් අතරින්ම සොයා යෑමේ අඤ්ඥාණවන්ත කුමණ්ත්රනයක..- සෝභිතාවතාර - 2019/06/18


සාධාරන සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ ඩීල් කාක්කන් සෝභිත හිමියන්ගේ අවසන් ඉල්ලීම් සියල්ල කඩ කරමින් බත්තරමුල්ල අපේ ගම පරිශ්රයේදී උන්වහන්සේගේ පිලිරුවක් (නිරාවරනය මැයෙන් රටේ ජනතාව මුලා කොට) ජනාධිපතිවරනයක් අභියසදී වෙන්දේසියේ දමා රෑ වැටුනු වලේ දවාලේද වැටෙමින් ඊලඟ ජනාධිපති අපේක්ෂකයා පවතිනා දේශපාලකයින් අතරින්ම සොයා යෑමේ අඤ්ඥාණවන්ත කුමණ්ත්රනයක..
සෝභිතාවතාර - 2019/06/18
සෝභිත හිමියන්ට 2015 දී වැරදුනු... එමෙන්ම තමන්ගේ සහ තම පවුලේ සියල්ලන්ගේ ජීවිත පරදුවට තබා තම මව් පක්ෂය පවා අත්හැර යහපාලනයක් අැති කරන්නට ලැබුනු (එජාප) පාර්ශවකරුවන් නිසා මේ වන තුරු ඉෂ්ඨ කිරීමට වත්මන් ජනාධිපති මෙෙත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නොහැකි උනු සෝභිත හිමිගේ දේහය අභියස ශපත කල පොරොන්දුව...

...වැරදුනු තැන සිට නිවැරදි කරන්නට කිනම් බාධක තර්ජන අාවත් සෝභිත හිමියන්ගේ අාත්මය වඩිනවා තම අාතූරයා සත්පුරවැසියාගේ අාත්මය තුලින් ජනාධිපතිවරන සටනට නියත ලෙසම.

ඒ වගේම ලබන ජූනි 25 වැනිදා බත්තරමුල්ල අපේ ගම පරිශ්රයේදී සෝභිත හිමිගේ පිලිරුවක් නිරාවරනය කිරීම නිමිති කොට සූදානම් කෙරෙමින් පවතිනා (කුමන්ත්රනය) එලැඹෙන ජනාධිපතිවරනය සඳහා සුදුස්සා තේරීමේ ව්යායාමය තුල සැක කටයුතු දේශපාලනික උවමනාවන් සැඟවී තිබිය හැක. එය එසේ නොවේකම් වසර 4 කට පෙර අපවත් උනු සෝභිත හිමියන්ගේ පිලිරුවක් පාර්ලිමේන්තු වටපිටාව තුල නිරාවරනය කරන්නට ඊලඟ ජනාධිපතිවරනය තෙක් කල් ගත්තේ මන්දැයි යන ප්රශනය මතුවේ.

කිව යුතු ඊලඟ විශේෂිතම කාරනය වන්නේ සෝභිත හිමියන්ගේ අවසාන ඉල්ලීම් කිසිවක් නොතකා උන්වහන්සේගේ අභාවය වෙන්දේසි කොට අවශ්යය අවස්ථාවලදී පමනක් දඩමීමා කරගැනීම සැක ඉපැදැවිය නාෙහැකි කාරනා නොවනා බවය.

මන්ද යත් දැනටමත් එම කමිටු සාමාජිකයින් අතර හිටපු දේශපාලකයින්. වත්මන් කථානායක, අාරක්ෂක නියෝජ්ය අමාත්යවරයා, මෙගා පොලිස් අමාත්ය වරයා නාමිකවත් නිර්නාමිකව තව බොහෝ අයත් වශයෙන් පවතිනා දේශපාලන ව්යුහය තුල සිටිනා පාර්ශව කරුවන්ගේ මහෝපකාරයෙන් මල් පල ගැන්වෙනා ව්යාප්රුතියක් පදනම් කරගෙන ඊලඟ ජනාධිපති අපේක්ෂකයා සෙවීම...

...ජනතාවගේ පරමාධිකාරී බලය සහ ඒ අයිතිය සම්බන්ධයෙන් දිවි දෙවනි කල මැදිහත් වීමක් සිදු කරනා සෝභිත අාතූරයා සත්පුරවැසියාට විහිළුවකි.

නිර්පාක්ෂික සෝභිත හිමියන්ගේ පරම අභිලාෂය දිය කර උන්වහන්සේගේ වියෝවෙන් පසු යලිත් වතාවක් දේශපාලකයින් සමග එකගෙයි දිග කෑ සාධාරන සමාජයක් වූ ජාතික ව්යාපාරය පැති මාරු දේශපාලනයක නියැලී පතිදම් බිඳගත් කරූ ජයසූරිය (පුද්ගලිකව සෝභිත අාතූරයා ඉතා ගරු කරනා, මුත්..) නාමිකව මධ්යස්ත කථානායක උවද ක්රියාවෙන් එජාපයේ චරපුරුෂයාගේ (එජාපයේ අනාගත ගැලවුම් කරුවා කිරීමේ උත්සාහයේ) කාර්යය භාරය ඉටුකිරීමට සැරසීම සෝභිත හිමියන්ගේ වියෝවේ සිට ගතවූ වසර 4 ක පමන කුමන්ත්රනයක කල එලි බැස්සවීමේ මංගල්ය ලෙස මෙම අපේ ගම පරිශ්රයේ සෝභිත පිලිරුව නිරාවරනය කරලීමේ කටයුත්ත නිර්වචනය කල හැක.

සාධාරන සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයට සෝභිත හිමියන්ගේ සිහිනය සැබෑවක් කරලීමේ සැබෑ උවමනාවක් අල්ප මාත්ර වශයෙන් හෝ අැත්නම් රෑ වැටුනු වලේ යලි මහ දවාලේත් නොවැටී රටේ සමාන්යය පුරවැසියන්ගෙන් සමන්විතව ස්වාධීන විද්වතුන්ගෙන් සැදුම් ලත් විවෘත වේදිකාවක් මතින් පැමිනෙනු වෙනුවට එකදු ප්රේක්ෂක මිනිස් ඔළුවක් හෝ පෙනෙන්නට නැති යම් යම් මාධ්යය කරුවන්ගේ මයික්රෆෝන පමනක් පෙනෙන්ට අැති පසුබිමේ ඩිජිටල් බැනරයක් පමනක් එල්ලාගෙන කථිකා පවත්වා ඒවා සමාජ මාධ්යය ඔස්සේ පමනක් ජනගත කිරීම මෙම කූට නාටකයේ පවතිනා තවත් විහිළුවකි.

එම නිසා සෝභිත හිමියන්ගේ සිහිනය නැතහොත් ඒ ජනතාවාදී පරම අභිලාෂය යථාර්තයක් කරලීමේ උවමනාව සැබවින්ම අැති කවුරුන් හෝ කොහේ හෝ සිටිත්නම් එය සිදුවිය යුත්තේ රෑ වැටුනු වලේ අමු දහවලේද වැටෙමින් නොව රටේ සමස්ත (විශේෂයෙන් දේදුනු විප්ලවය දිනැවූ 62 ලක්ෂයක් වූ සබුද්ධික) ජනතාවට අාමන්ත්රනය කර ඔවුන්ගේ පූර්න මැදිහත් වීම සහ කැපවීම මත මෙන්ම දේශපාලනික වශයෙන් නමක් හෝ (හිටපු හෝ පවතිනා) තනතුරක් හෝ උරච්චි නොකරගෙනය.

2015 දී සෝභිත හිමියන් හට වැරදුනු තැන ජනතාව දිනවීමට නම් දශක ගනනාවක් අසාර්ථකව පවතිනා ක්රමයෙන් වියුක්තව රටේ පොදු මහත් ජනතාව අතරට ගොස් සුදුස්සා සෙවීම සෝභිත හිමියන්ගේ සිහින සැබෑ කරවීමේ සැබෑ උවමනාවන් තිබෙනවා යැයි පවසනා ගිනිපෙනෙල්ලෙන් බැට කෑ උන් කළමැදිරි එළියටත් බිය නම් කල යුතු අනිවාර්යය ක්රියාන්විතය විය යුත්තේය.

නොඑසේව දේශපාලනික චංචාකරුවන්ගේ පැවැත්ම ඉදිරියටත් සුරක්ෂිත කරවනා රටත් ජාතියත් අනාරක්ෂාවේ අගාදයටම සහ නියත ලෙසම මින් මතු කිසිදාකත් අනාගතයක්, පැවැත්මක් නොමැති විසාලා අවධියකට අැද දැමීමට දැන හෝ නොදැන ගනු ලබනා මෙම පාපකාරී උත්සාහය දිවි පූජා කර හෝ වලක්වාලීම සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයාගේ පරම අභිලාෂය සහ පොරොන්දුව බව හැමෝම අවධාරනය කර ගත යුතු මනාය.

ඒ උදාරතර අරමුන ඉෂ්ඨ සිද්ධ කරලීමේ අල්ප මාත්ර හෝ සිතිවිල්ලක්.. උවමනාවක්.. වත්මන් ජනාධිපතිවරයාට සෝභිත හිමිගේ නාමයෙන් කෘතගුණශීලීත්වය වෙනුවෙන් හෝ පවතීනම් කල යුතු වගවීම වන්නේ මෙපමනකි.

(01) ස්ථිර ලෙසම ජනාධිපතිවරනය ප්රකාශයට පත් කිරීම සහ එය ඉතාමත් සාධාරන හා විනිවිද භාවයෙන් යුත් සුරක්ෂිත මැතිවරනයක් වීමට අවංකවද නිර්පාක්ෂිකවද මැදිහත් වීම සහ ඒ වෙනුවෙන් කටයුතු කිරීම.

(02) ඒ උදාර අරමුන වෙනුවෙන් කැපව සිටිනා කිසිදු අාරක්ෂාවක් රැකවරනයක් වත්පොහොසත් බවක් නොමැතිව සෝභිත හිමියන්ගේ චිතකය දැවී උන්වහන්සේගේ අාත්මය ගුවනට මුසුවී සත්පුරවැසියාගේ හදවතෙහි ලැගුම් ගත් මොහොතේ සිට වසර 4 කට අධික කාලයක් අනුවර්ථන නාමයකින්ද, අදෘශ්යමානවද, අනන්ත දුක් පීඩා ගැටළු අත්විඳිමින් කැප වී සිටිනා අාතූරයා (සෝභිතාවතාරයන් හට පෙරකල් මෙවන් අදහසක් කිසිසේත් නොතිබුනද.. අවාසනාවන්ත පාස්කු සිද්ධි දාමයෙන් පසු වෙසක් පුන් පොහෝ දින ගන්නට සිදුවුනු තීරනයකට අනුව) ඉදිරි ජනාධිපතිවරනය වෙනුවෙන් පෙනී සිටීම සඳහා කල එලි බසිනා අවස්ථාවේ සිට ජනතාවගෙන් උදුරාගෙන සිටිනා ජනතාව සතු පරමාධිකාරී බලය යලි ජනතාව වෙත හිමිකර ගැනීමේ අවසන් විප්ලවය දිනවා ජයග්රහනය අත්පත් කරගත් වහාම ඉදිරි අර්ථාන්විත ප්රතිසංස්කරන කටයුතු සහා ය අාගමික නායකයින්ගෙන් සමන්විත විද්වත් භාරකාර මණ්ඩලයක් වෙත භාර කර අවසන් කරනා තුරු පමනක් සත්පුරවැසියාට (සෝභිතාවතාර ජීවමාන අාතූරයා) රටේ ප්රධානියා ලෙස නිසි අාරක්ෂාව සපයා දීම.

(03) ඉෂ්ඨ උවත් නොවුවත් තෙවැනි කාරනාව ලෙස දැක්විය හැක්කේ සහ කාරුනික යෝජනාවක් ලෙස ඉදිරිපත් කල හැක්කේ, කොහොමත් යලිත් වතාවක් ජනාධිපතිවරනයට ඉදිරිපත් නොවී විශ්රාම ගත වන්නට සිටිනා සහ මුලින් සිතා සිටි පරිදි තම අාර්යාව හෝ වත්මන් වාතාවරනය යටතේ ඉදිරිපත් කල නොහැකි පසුබිමක් තුල වත්මන් ජනාධිපතිවරයා කල යුතුව අැත්තේ....

...2015 ජනවාරි 08 වැනිදා සිට මේ දක්වා තමන් සෝභිත හිමියන් හමුවේ සිදුකල පොරොන්දු ඉෂ්ඨ කර ගත නාෙහැකි උනු සමස්ථ සංසිද්ධිය ජාතිය අමතා පාපෝච්චාරනය කොට ජනතාවගේ ජය සහ සෝභිත හිමිගේ අභිලාෂය ඉෂ්ඨ කරනු පිනිස ජනතාවගේ නැතහොත් රටේ සමස්ථ පුරවැසියන්ගේ පැත්තේ සිටගෙන "අපි වෙනුවෙන් අපි" වන අපේ සටන ජයග්රහනය කරවීම සඳහා තමන්ගේ පූර්න මැදිහත් බව දැක්වීමයි.

කෙසේ වෙතත් අවසන් වශයෙන් සෝභිතාවතාරයන් හට සියල්ලන්ටම දැන්විය යුතුව අැත්තේ කවුරුන් සහාය දුන්නද නොදුන්නද රට සහ ජනතාව විනාශයෙන් විනාශයට පත් කරවනා ඉදිරි කූට අරමුනු කිසිවක් තම මලගම මතින් හැර අාපසු හැරවීමට කිසිසේත් කිසිදු ඉඩක් නොතබනා බවය. තමන් හට එකී අරමුන ඉෂ්ඨ කල හැකි උවත්.. නාෙහැකි උවත් පාරිශුද්ධ චේතනාවත්, අධිෂ්ඨානයත් එයම පමනක් වෙයි.

සෝභිතාවතාර සෝභිත හිමිගේ අාත්මීය ශක්තියේ මහිමයෙන් අවධාරනය කරයි.
2019/06/18

Monday, June 17, 2019

අවසන් කැමැත්තද අහිමි සෝභිත නාහිමි..../ අවසානයේ උන් වහන්සේට පාලකයන් විසින් උන්වහන්සේගේ අවසන් කැමැත්තද අහිමි කළේය, ,, වසර හතරක් පැරණි පෝස්ටුවකි,


අවසානයේ උන් වහන්සේට පාලකයන් විසින් උන්වහන්සේගේ අවසන් කැමැත්තද අහිමි කළේය,
වසර හතරක් පැරණි පෝස්ටුවකි,
=====================================================================
අවසන් කැමැත්තද අහිමි සෝභිත නාහිමි....
අපවත්වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී ලබන බ්‍ර‍ස්පතින්දා සිදු කිරීමට සියළු කටයුතු මේවනවිටත් සූදානම් කර තිබෙනවා. එහෙත් උන්වහන්සේ ජීවත්ව සිටියදි පවසා ඇත්තේ තමන් වහන්සේ අපවත්වූ දිනක අවසන් කටයුතු ඉතා චාම් අයුරින් සිදුකරන ලෙසය. එම වීඩියෝ පටය අප වෙත ලැබී තිබෙනවා.
ආදාහන පූජෝත්සවයක් නොපවත්වා, ලක්ෂ ගණන්වල පෙට්ටි නොගෙන ලාභම පෙට්ටිය දේහය තැන්පත් කර, දින ගණනක් දේහය තබා නොගෙන එක දිනකින් අවසන් කටයුතු කරන ලෙස උන්වහන්සේ එමගින් පවසනවා. අක්ෂිදාන සංගමයේ අනුශාසක වන තමන් වහන්සේගේ දේහය අක්ෂිදාන සංගමයට භාරදෙන ලෙසත් එවිට සිරුරෙන් ගතහැකි කොටස් ගෙන ඉතිරිය වළදමනු ඇතැයිද උන් වහන්සේ එම වීඩියෝවෙන් පවසනවා. ළමුන් අව්වේ තබාගෙන පෙරහරවල් පවත්වා තම අවසන් කටයුතු නොකරන ලෙසයි උන් වහන්සේ ඉල්ලා සිටින්නේ.
රේරුකානේ නාහිමියන්ගේ අවසන් කටයුතු කළා මෙන් ඉතා චාම් අයුරින් තමාගේ අවසන් කටයුතුද සිදුවනවාට තමන් වහන්සේ කැමති බව උන්වහන්සේ එහිදී පවසනවා.
කෙසේ වෙතත් සාධාරණ සමාජයක් පතා වරින් වර රටේ පාලකයන් වෙනස් කරන්නට ඇප කැපවූ උන් වහන්සේ අවසන් කාලය ගත කරනු ලැබුවේ, වර්ථමාන දේශපාලකයින්ගෙන්ද උන්වහන්සේ බලාපොරොත්තුවූ සධාරණත්වය ඉටු නොවීම නිසා කළ කිරීමෙන් බව, සෝභිත හිමියන් සමග ළඟින් කටයුතු කළ සිවිල් ක්‍රියාකාරිකයින්ද පවසනවා.
මෙම වීඩියෝව නැරඹීමෙන් පසක් වන්නේ සාධාරණ සමාජයක් බිහි නොවීම පමණක් නොව සෝභිත හිමියන් පැතූ පරිදි අවසන් ගමන යන්නටද උන් වහන්සේට නොහැකිව ඇති බවය.

කට බොරු කිව්වත් දිව බොරු නොකියවූ ගෝඨාභය රාජපක්ෂ මහතාට බොහෝමත්ම ස්තුතියී. - සෝභිතාවතාර / Sobithawathara - 2019/06/17

කට බොරු කිව්වත් දිව බොරු නොකියවූ ගෝඨාභය රාජපක්ෂ මහතාට බොහෝමත්ම ස්තුතියී.
සෝභිතාවතාර / Sobithawathara - 2019/06/17
සෝභිතාවතාර, වැටුප්, වරදාන, වරප්රසාද, නිල නිවාස, නිල රථ කිසිවක් නැතිව එන්නේ අන්න ඒ ටික නිසි ලෙස කළමාණාකරනය කරල වැඩකට නැති පාර්ලිමේන්තුව වහල දාල.. (ඒක පිස්සන් කොටුවකට හරි.. කෝලම් මඩු රංග ශාලාවකට හරි... ජනතාව කිව්වොත් පමනක් සම්මන්ත්රන ශාලවකට හරි බාර දීල...)

ජනතාවගේ නාස්ති වෙන ප්රකෝටි ගනනක ධනය වෙනුවෙන් සුරක්ෂිත අාණ්ඩු කරණයක් (ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩුවක්) හදල අාපහු ගෙදර ගිහිල්ල වෙනද ජීවත් වුන විදියටම සහෝදර ජනතාව සමග චාම් දිවි පෙවත ගෙන යාම සඳහා අාපහු ගෙදර යනවා.

ඒකයි අපි හැමදාම කියන්නේ රටක අාණ්ඩු කරන්න වැඩකට නැති මිනිස්සු ඕන නෑ කියල. අපි අතර ඉන්න උගත් බුද්ධිමත් මිනිසුන්ගෙන් සැදුම් ලත් අපේ රාජ්යය තන්ත්රයට මීට වඩා තව ගොඩාක් හොඳට කාර්යක්ෂමවත් සාර්ථකවත් විධිමත්වත් වැඩ කරන්න පුළුවන් දේශපාලකයා කියන කරුමක්කාර සාධකය නැත්තම්. 

අපි අතරම හිඳිමින් උදේට බස්වල පොඩි වෙලා මිරිකිලා... වාහනවල යන අය තදබදයට අසුවෙලා හෙම්බත් වෙලා.. සේවයට යන අපේ උගත් බුද්ධිමත් සහෝදර රාජ්යය සේවකයින් නූගත් දේශපාලන පාහරයින්ගේ අත පෙවීම්.. බලපෑම්... තර්ජන/ගර්ජන නැතිව තම අාත්ම අභිමානය තියාගෙන නිදහසේ තම රාජකාරී කටයුතු කරන්න පුළුවන් සුදුස්සට සුදුසු තැන හිමිවන ජනතාවාදී අාණ්ඩුකරණයක් හදල රට සහ ජනතාව දශක 5 කට අධික කාලයක් අනන්ත පීඩා නින්දා අපහසුතා විඳි ශාපයෙන් 2020 සෙනසුරු මාරුවෙන් පසු මුදවාගෙන සතුටින් සමාදානයෙන් විසුමට "අපි වෙනුවෙන් අපිම" ඉදිරිපත් වෙලා අපේ පරමාධිකාරී බලය මේ හොරුන්ගෙන් අාපහු අරගමු.

ඒ උදෙසා පාස්කු ප්රහාරයෙන් මිය ගිය අපේ මිනිසුන්ගේ සුසාන භූමියට සෝභිත අාතූරයාගේ දේහයද බිලි දී හෝ මතු පරපුර වෙනුවෙන් රට ගොඩ ගන්නට ඉතාමත් මෑතදීම අදෘශ්යමාන සෝභිතාවතාර දෘශ්යයමාන වන බව ප්රකාශ කර සිටිමි.

මගේ සහෝදර රට වැසියන් සැමට බොරු අප්පච්චිගේ බොරු සුභ අනාගතය නොව "අපි වෙනුවෙන්ද.. අපේ දරුවන් වෙනුවෙන්ද.." අැත්තටම සුභ අනාගතයක් බිහි කරලීමට රුධිරයෙන් අත්සන් කොට ශපත කරමි.

සෝභිතාවතාර / Sobithawathara - 2019/06/17