Saturday, November 19, 2016

කේන්දර බොරුව ගැන සුනිල් පෙරේරා, උපුල් ශාන්ත, හඳගම, සෝමේ කතා කරති


කේන්දර බොරුව ගැන සුනිල් පෙරේරා, උපුල් ශාන්ත, හඳගම, සෝමේ කතා කරති



ප්රබල සිත් අැති මිනිසුන්ගේ විවිධ අත්දැකීම් තුලින් දුර්වල සිත් අැත්තන් යමක් ලබා ගනිත්වා...

එමෙන්ම අවිහිංසක මිනිසුන්ගේ අනවබෝධය සහ විචක්ෂනශීලී නොවන නුගුණය දඩමීමා කරගෙන උනුන් ගසාකන මහා බ්රහ්ම විධායක ජනාධිපතිගේ තිස්තුන් කෝටියක් වන මැති අැමති මණ්ඩලය විකුණාගෙන කන අාරක්ෂකයින් (බොඩිගාඩ්ලා) වන වර්තමාන දූෂිත ව්යාපාරිකයින් සහ දේවදාසයින් පිලිබඳ සමාජ කතිකාවත තව තවත් තීවෘර කරමු.

ඒ සඳහා රට තුල විසිර පැතිර සිටිනා තව තවත් සවිඥ්ඥාණිකයින් සක්රීය වීම යුතුකමකි. 


ඉහත අඩවියට පිවිස වීඩියෝව නරඹන්න. තාර්කිකව සිතන්න. යුතු දේ ගන්න. නාෙයුතු දේ ඉවත ලන්න.

බුද්ධියේ සංඛේතය වන ලොව පහල වූ අග්රඝන්යය ධාර්ෂනිකයා සම්බුදු පියානන් වදාල පරිදි 

ඔබගේ තර්කයට වැටහෙන්නේ නම්ද... බුද්ධියට ගෝචර වන්නේ නම්ද පමනක් පිලිගන්න.

සෝභිතාවතාර
2016/11/20
http://sobithawathara.blogspot.com/2016/11/blog-post_19.html http://sobithawathara.blogspot.com/


Friday, November 18, 2016

ඉස්සර පුලන්නාට තාමත් පුලන්නන්ගෙන් සිහි කැඳවීමක්...

ඉස්සර පුලන්නාට තාමත් පුලන්නන්ගෙන් සිහි කැඳවීමක්...
========================================================================================

ලංකා ඊ නිව්ස් ජාතික අනතුරක්: කර්තෘ සඳරුවන් පුලන්නෙක්: ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ලංකාවට ගෙන්වා නඩු අහනවා -විජයදාස රාජපක්ෂ බුරා පනී (Video)


(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.18, ප.ව‍‍‍‍‍‍.6.15) 
පුවතට සෝභිතාවතාරයෙන් පිලිතුරක්....

===================================================
අධිකරණ අමාත්යය ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමනි....

යම් යම් දුෂ්කර කාල වකවානූන්හිදී නිවැරදි නොවනා නඩු තීන්දු ලබා දීමට සිදුවුනු ඉතිහාසයක් හෙබි අපගේ වන් රටක අසත්යය පතුරවන රාජ්යය මාධ්යය සහ දූෂිත ව්යාපාරිකයින් සහ දේශපාලකයින්ගේ රැකවරනයේ සෙවනැලි කඩතුරාවේ සැඟවී රටක් ජාතියක් මුලාවේ වැටී තිබුනු අඳුරු යුගවලදී කිනම් අභිප්රායයක් නිසා හෝ මුනිවත රකිමින් දමල ගසා නොගොස් තම පැවැත්ම රැක ගත් ඔබ තුමන්ලා වැන්නන් හට අද වන විට පසුගිය දේදුනු විප්ලවය හමුවේ සබුද්ධික ප්රජාවගේ විඥ්ඥාණය අවධි කොට රට තුල යහපාලනයක අරුනළු උදාකර දීම උදෙසා ජීවිත පරිත්යාගයෙන් යුතුව තම මව් රටත් එහි වෙසෙනා සහෝදර ජනතාවත් වෙනුවෙන් දුරු රටක සිට ඉමහත් කැප කිරීමක් සිදුකල ඊනිව්ස් සමාජ වෙබ් අඩවිය පිලිබඳ වත්මන් සම්මුතිවාදී රජයටද... වර්තමානය වන විට කිසියම් අභියෝගයක්ව පවතිනා බව ඊ්නිව්ස් පාඨක සබුද්ධික ප්රජාවට වැටහිලා බොහෝ කල් ගතව අැත.

එහි කිසියම් ප්රතිඵලයක් ලෙස අද දින ඔබ තුමාගේ මෙම ප්රකාශය දේදුනු විප්ලවයේ නියමුවානන් වන අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගේ නාමයෙන් ලක්වාසී සමස්ථ අාණ්ඩු වෙනස් කිරීමේ රිමෝට් කන්ට්රෝලය අත අැති රටේ පොදු මහත් සබුද්ධික තීරක ප්රජාව විදියට ගජ මිතුරන් රකින්නට අර අඳිනා ඔබ තුමාගේ ප්රකාශය තරයේ හෙලා දකින්නෙමු.

ඊනිව්ස් හි නිර්නාමිකව ලිපි පල කරනා සමහර ලියුම් කරුවන්ගේ සමහර ලිපි නිසා ඊනිව්ස් පාඨකයින්ගේම විශේෂයෙන් මෙම ලියුම්කාර සෝභිතාවතාර අඩවියේ සෝභිත අාතූරයා සත්පුරවැසියාගේ විවේචනයට පත්වුනු අවස්ථා නැත්තේ නොවේ...

නමුත් ඊනිව්ස් පාඨක ප්රජාවට අධිකරණ අමාත්යය වරයා වන ඔබ තුමානන්ගේ ඉහත ප්රකාශය ගැටළුවක් වන්නේ අන්කිසිවක් නිසා නොව යමපාලන යුගයේ කෝප් කමිටු සභාපතිවරයාව සිටි සමයේ පටන් දූෂණයට එරෙහිට ක්රියා කල සහ තීන්දු ගත් ඔබ තුමා වර්තමානයේදී යහපාලන රජය තුල මෙතරම් සුවිශාල නිලයක් සහ එකී බලය කකුලින් අැදීමකින් තොරව භාවිතාවේ යෙදවීමේ උපරිම හැකියාව පවතිද්දී එසේ නොවී ඊනිව්ස් වැරදි පිලිබඳ පමනක් මෙතරම් හඬක් පාර්ලිමේන්තුව තුල නගන්නට හදිසියේ අැතිවුනු උවමනාව කවරේද යන්න පිලිබඳවය....

එම නිසා ඔබ තුමන්ලා මහජන නියෝජිතයින් නොහොත් ජනතා සේවකයින් විදියට පාර්ලිමෙන්තුවට යවනුයේ අප මහජනතාවගේ අරමුනු ඉටුකරනු විනා ගජමිතුරන්ගේ අරමුනු වෙනුවෙන් ක්රියාකරනු දකිනු අටියෙන් නොවනු අැත.

එම නිසා ඔබ තුමාගේ අදාල ප්රකාශය දේදුනු ජනතාවගේ සබුද්ධික තීරනයෙන් බිහිවුනු යහපාලන රජය තුල අධිකරණ අමාත්යයවරයා විදියට කටයුතු අැරඹි දා සිට මේ දක්වා මන්දගාමීව පසුගාමී වෙමින් පවතිනා බව සබුද්ධික ජනතාව සීරුවෙන් අවධානය යොමා බලා සිටිනා දූෂන සහ අපරාධ නඩු වෙනුවෙන් ඔය කියනා හදිස්සිය උපයෝගී කර ගනිමින් වේගවත් කොට පෝලින් ක්රමයට ඊනිව්ස් වැරදි පිලිබඳ ඔබගේ අැති හදිස්සිය පෙලගස්වා ගන්නා ලෙස ජනතා සේවකයාට සබුද්ධික දේදුනු ප්රජාව නියෝජනය කරමින් අණ නියෝග කර සිටිමු.

යම් යම් අවස්ථාවන්හිදී යම් යම් වැරදි සිදු කලත්... තිත්ත අැත්ත සොයා යන ලොව පුරා විසිර සිටිනා ශ්රීලාංකික සබුද්ධික ප්රජාවගේ අාදරයට සහ ගෞරවයට පාත්රව අැති සුවිශේෂී සමාජ පුවත් අඩවියක් වන ඊනිව්ස් වෙනුවෙන් අත්තනෝමතික ලෙස ක්රියාකොට ජනාධිපති මෛත්රීපාල සිරිසේන වත්මන් ජනාධිපති නොහොත් දේදුනු කුමාරයාගේ උදහසටත් සෝභිතාවතාරයේ ශාපයටත් සබුද්ධික ප්රජාවගේ පිලිකුලටත් පාත්ර නොවී නොසිතූ විරූ ලෙස කාලයක සිට ට්රැක් පනින්නට අර අඳිනවාදෝ යන සැකය ජන විඥ්ඥාණය තුල මොදු කරවමින් සිටිනා ඔබ තුමා ප්රවේශමෙන් ඉදිරි කටයුතු සිදු කිරීම අනාගතයට සුභඵල ගෙනදිය හැක............/////////////

සැයු. 

(01) ඔබගේ එකී පච ප්රකාශයේ සඳහන් කල ඊනිව්ස් පාඨක අාධාර අපේක්ෂා කරනා වැදගත් අාකාරය ඒ අාකාරයෙන්ම තේරුම් ගැනීමට ඔබට හැකි නොවුනේ නම් එය පහත නිවැරදිව කොපි කොට දක්වා අැත.
(ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.
PayPal — The safer, easier way to pay online.)

(02) ඔබගේ ඒ පාර්ලිමේන්තු ප්රකාශය තුල ඊනිව්ස් කතුවරයා රටින් පලවා හැරි පුලන්නෙක් ලෙස මහත් උපහාසයෙන් යුතුව සඳහන් විය.

පුලන්නෙකු උපහාසයට ලක් කිරීමෙන් ඔබතුමා ඔබ තුමාගේ පාරිශුද්ධ ඉතිහාසයටත් (මා එසේ කියා සිටින්නේ දේශපාලනය නමැති ලොවේ පවතිනා දූෂිතම ව්යාපාරයට යොමුවන්නට පෙර ඔබ තුමාද පුලන්නෙකු නිසාය) රටේ සිටිනා වැදගත්ම වූද... අවංකම වූද... හිරිඔතප් නම් වූ ලජ්ජාව සහ බය උපරිමයෙන් අැත්තා වූද බඩේ බත් අැටයක් නැතත් ඒ බව අල්ලපු ගෙදරවත් නොදන්නා වූද.... දහසක් අාර්ථික දුෂ්කරතා අැතත් එක තඔ දොයිත්තක්වත් සොරකම් නොකරන්නා වූද.... පාෙකට් එකේ ශත පහ නැතත් අඳින්නට සුපිරි සළු නැතත් තියෙන එකම අැඳුම හෝ ජැන්ඩියට පිරිසිඳුවට හැඳ පැලඳ අාත්මාභිමානයෙන් පොහොසත්ව ගරු ගාම්භීරව ජීවත් වන මුත් රටේ ඉතාමත් අසීරුවෙන්ම වාසය කරනා සුපිරිසිඳු පුලන්නාගේ පුලන් නාමය ඔබ අද වෛශ්යා සේවනයේ යෙදවූයේය.

නමුත් ජන වහර තුල පුලන්නන් හට උදව් උපකාර කිරීම සුවිශාල පුණ්යය කර්මයක් බව කියැවෙන්නේද ඒ හේතුව නිසාමය.

ඒ පවුකාර ප්රකාශය වෙනුවෙන් මහා සම්මත බුද්ධ ශාසන අමාත්යය වරයාද... විදියට ඔබට සම්බුද්ධ ශාසනයේ සම්බුදු ධර්මයේ නාමයෙන් අනිවාර්යය පල විපාක ලැබෙනු නියතය..

පුලන්නාට නීතිය ක්රියාත්මක කරන්නට තදියමේ කැස කවනා ඔබ ඉස්සර පුලන්නා දැන් ..... ඔබගේ නීතිය දූෂිතයින් සහ අපරාධ කරුවන් රොත්ත බුරුත්තට ක්රියාත්මක වන්නේ කවරදාදැයි සේවකයාගේ පාලකයින් දෑස් දල්වා බලා සිටියී.

නමුත් ඔබලා සහ ඔබලාගේ අත්තනෝමතික අාණ්ඩු... නීතිය නිසිලෙස ක්රියාත්මක කලත් නැතත් 2020 දී ඉතිහාසයේ සිට මේතාක් මෙරට දේශපාලනයේ බිහි නොවූ අති දැවැන්තම මහජන අාණ්ඩුව (ජනතා රජය) සියළු සිවිල් බලවේගයන් ඒකරාශීව තවත් අණපේක්ෂිතව පහල වන්නා වූ පොදු මහජන අපේක්ෂකයෙකුගේ නායකත්වයෙන් බිහිකර රාජ්යය පාලනය උඩුයටිකුරු කරනා බව සෝභිතාවතාර නියත අනාවැකියකි.
==========================
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා සමස්ථ ඊනිව්ස් පාඨක ප්රජාව සමග ඒකාබද්ධව ලියා දන්වන වගයි.
2016/11/18