Friday, May 13, 2016

මතු පරපුර වෙනුවෙන් දූෂණය සහ භීෂණය නැති, ණය බර නැති රටක් ගොඩනගමු



----------------------------------------------------------------
මතු පරපුර වෙනුවෙන් දූෂණය සහ භීෂණය නැති,

ණය බර නැති රටක් ගොඩනගමු
----------------------------------------------------------------

https://www.facebook.com/real.rr/videos/10157579188495377/

රටේ අනාගත පරපුර ලොවට උගස් නොකරනා නිසි කලමණාකරනයකින් යුත් අාර්ථිික ක්රමවේද තුලින් හීන් සැරේ අඟලක් ඉදිරියට ගියත් එය ස්ථිරයි.

නමුත් තමන්ගේ කොමිස් කුටිටිය පමනක් කන්න බලාගෙන ගුවන් පාලම්/හයිවේ/වරායවල් සහ ගුවන් තොටුපලවල් අපේ වගේ දුප්පත් රටකට ගැලපෙන්නේ නැති තරම් වේගයකින් හදල රටේ අපි ඔයාල වගේ හැමෝගේම සහ ත්රිවිද හමුදා පොලිස් සියළු දේශපාලකයින්ගේද අැතුළු සියළු සහභාගීත්වයෙන් දිනා ගත් යුධ ජයග්රහනයේ අයිතිය තනි ඔප්පුවට ලියා ගත් හිටපු ජනපති වෙනුවෙන් මේ මුකුත් නොදැන කමෙන්ට් කරන ෆේස්බුක් එකේ ගැවසෙන ලමයි ලපටි දන්නවාද ඔයාලගේ අප්පච්චි අපේ රට බිලියන 8475 ක් ලෝකෙට ණය කරල තියෙන බව. ඒව ගෙවන්න වෙන්නේ ඔයාලට සහ ඔයාලගේත් දරුවන්ට බව. ඒ නිසා දරුවනේ යුධ ජයග්රහන මානසිකත්වයෙන් අන්ධ වෙලා අර බොරුකාර අප්පච්චිටයි එයාව මෝඩයට අන්දවන වාචාලයින් රැලටයි රැවටෙන්න එපා. ඔයාලට තාම මේවායේ බරපතල කම් තේරෙන්නේ නැහැ. ඒව තේරුම් ගන්නකොට අපේ ජීවිත කෝච්චිය ගිහිල්ල ඉවරයි වලපල්ලට...

අපිත් ඉස්සර ඔයාල වගේ හිටපු තරුණ කාෙල්ලෝ තමයි. නමුත් හැමදාම සිදු උනේ තක්කඩි දේශපාලනය නිසා ඔයාල වගේ වටිනා අපේ ජීවිත අයාලේ ගෙවිල ගියා. ඒ නිසා අපිට දැන් අවශ්යය ඔයාලට යුක්තිය සාධාරනය සංහිඳියාව රජයන වනචර සල්ලාල මදාවි තක්කඩි නොවන යහපාලන යුගයක් බිහිකර මුළු ලෝකයාම පිලිගන්නා යහපත් රටක අභිමානයෙන් යුතුව විසිය හැකි පරිසරයක් අැති කරලීමයි. කවුරු අැවිල්ල හෙට වෙඩි තියල ගියත්...

ඒ අපි සැවොම පතනා සුන්දර රට නිර්මානය කර ගැනීම උදෙසා සැවොම එකාවන්ව පෙල ගැසී පවතින යහපාලන රජයට දිගින් දිගටම බලපෑම් කරමින්ද, වැරදි පෙන්වා දෙමින්ද...

අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගේ පුරෝගාමීත්වයෙන් දිනා ගත් දේදුනු විප්ලවය ජය කනුව කරා රැගෙන යමු දරුවනේ...

අප මේ වෙහෙසෙන්නේ අපෙන් ගිලිහී ගිය නැවත කිසිදා නොලැබෙන තරුණ ජීවිත යලි ලබා ගැනීමට නොව ඔබ සැමගේ වටිනා තරුණ ජීවිත අයාලේ පරවී යාමට නොදී එහි නියම සුන්දරත්වය විඳීමට අැවැසි පරිසරය රටක් තුල ජනිත කර දීම උදෙසාය.

ඒ නිසා ඔයාල හැඟීම්වලට වහල් වී බොරු සිංහ සේයාවලට රැවටී මොහනාන්දකාරයේ ගිලෙන්න එපා. ඔය අප්පච්චී සහ ඒ වටා සිටිනා තක්කඩි රැල අාදරය කරන්නේ ඔයාලට නොවේ. එයාලටයි... එයාලගේ සහපිරිවරටයි පමනයි.

මේ තක්කඩි දේශපාලනය කලේ මෙයාල පමනක්ම නොවේ. අපි පුංචි කාලේ ඉඳන් මේ වගේ දේවල් ගොඩක් අත්වින්ද. වෙනසකට තියෙන්නේ මේ තරම් බිහිසුනු විදියට දේශපාලකයින් හොරකම් කරනව මගේ ජීවිතේටම දැකපු පලවෙනි අවස්ථාව මෙය වීම පමනයි.

ඒ නිසා නංගියේ මල්ලියේ දුවේ පුතේ කවදාවත් මොනම කරුනක් නිසාවත් හැඟීම් බරව තීන්දු තීරන ගන්න එපා. බුද්ධිමත්ව හිතල එක් වරක් නොවේ සියක් වරක් හැම පැත්තම හිතල බලල ගන්න තීන්දුව ගන්න. ගන්නා ඒ තීන්දුව ඔයාලට කෙසේ වෙතත් ඔයාලගේත් මතු පරපුරට බලපාන්න පුළුවන් කාෙයි අාකාරයටද කියල හිතල බලල ගන්න. ඔයාලගේම අම්මලා තාත්තලා වගේ දුකෙන් කරදරෙන් කල් ගෙවල අත්දැකීම් බහුල වැඩිහිටි අයගේ උපදෙස් වලින් ඔයාලගේ ජීවිත සුඛිත මුදිත කර ගන්න. දේශපාලකයා කරන්නේ බිස්නස් එකක්. ඒ නිසා එයාලගේ රැවටිලිවලට අහුවෙන්න එපා.

වත්මන් යහපාලකයින් රටට යමක් කල යුතුය යන පදනමට වර්තමානය වන විට පිවිසිලා ඉන්නේ එයාල රහත් වෙලා නිසා හෝ සෝවාන් වෙලා නිසා නොවේ.

හිටපු පාලකයින්ගේ ඒකාධිපති බල සියල්ල ජනතා බලය හමුවේ එක් අැසිල්ලකින් චුත කල හැකි බව දැක තමන්ගේ නාමය ඉතිහාස ගත වීමට නම් සහ ජනතාවගේ නමස්කාරයට පත් වන්නට නම් ජනතාවාදී විය යුතුය යන අවබෝධය ලබා අැති නිසයි.

එසේ සලකා බැලීමේදී සාපේක්ෂ වශයෙන් වත්මන් ජනපති සහ අගමැති පිලිබඳ යම් ධනාත්මක තක්සේරුවකට පැමිනීමට අපට හැකිව තිබෙනවා.

නමුත් අපි එයාලගේ චරිත සහතිකේ ලියන්නේ තව අවුරුදු ගනනාවක් සුපරික්ෂාවෙන් අධ්යයනය කරලයි.

එයාලත් ජනතාව රැවට්ටුවොත් අපි යමපාලන ඒකාධිපතියාව ගෙදර යැව්වා වගේ මෙයාලවත් යායුතු තැනට යවනවා ඔයාලත් එක්ක එකතු වෙලා.

ඒ වගේම මේ රට ගොඩ ගන්න තියෙන අවසන් අවස්ථාව විදියටයි අපි මේ වර්තමාන යහපාලන ජනපති සහ අගමැති පිලිබඳ විශ්වාසය තබල තියෙන්නේ.

මා මේ පැවසූ සියල්ල අත්දැකීමෙන්ම දන්නා ඒ දෙපල කාලාන්තරයක් දුක් විඳපු රටක් ජනතාවක් වෙනුවෙන් අපි අපේක්ෂා කරනා ඒ යුගය බිහි කරාවි කියා ලොකු විශ්වාසයක් අැතිවයි ඉන්නේ.

ඒ නිසා මේ අවස්ථාවම ප්රයෝජනයට අරන් ඒ නායක දෙපලටත් අායාචනය කර සිටිනවා යාළු මිත්රකම් අයියමලෝකම් අැඟෑළුම් කම් පයුරු පාසානම් රට කිරීමේදී එපා. ඒවා ගෙවල්වල තියා ගන්න.

පරමාදර්ශ අවශ්යය නම් එලාර රජූ වගේ (තමන්ගේ පුතා උවත් වරදක් කලානම් එයාටත් නීතිය සමානයි) ඒ නිසා නීතිය නීතිය විදියට රට කරන්න. රට කන්නේ නැතිව. බැරිනම් දීල යන්න. තීන්දු තීරන කටින් විතරක් ගන්න එපා ක්රියාවෙන් පමනක් ඔප්පු කරන්න.

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා සමස්ථ රටේ ජනතාවම සමග බලා සිටින්නෙමු සුපරික්ෂාවෙන් රට කොයිබටද කියා....