Saturday, February 4, 2017

හැඟීම් බරව අඳ/ගොළු/බිහිරිව සිටිනා අවිහිංසක මිනිසුනි...මොහොතක් සිතන්න. තීන්දුව ඔබ සතුයී.


හැඟීම් බරව අඳ/ගොළු/බිහිරිව සිටිනා අවිහිංසක මිනිසුනි...මොහොතක් සිතන්න. තීන්දුව ඔබ සතුයී....

රටේ පවතිනා සම්පත් සහ ධනය අැත්තේ ඔබලාගේ සහ සියළු දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසාය.

රටේ පවතිනා සම්පත් සහ ධනය අැත්තේ ඔබලාගේ සහ සියළු දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසාය.

නමුත් ඒවා සොරකම් කොට තම පවුල් පරපුරේ සාමාජිකයින් හට දූෂිත ලෙස බෙදාදීම වෙනුවෙන් සිදු කරනා නීතිමය පරීක්ෂන දේශපාලන දඩයමක් විදියට දකින්නේ ඔබ සැම හැඟීම් වලින් අන්ධ භාවයට පත්ව අැති නිසාය. 

ඒ නිසා තම දරුවන් වෙනුවෙන්ද රටේ අනාගතය වෙනුවෙන්ද නුවනින් සහ බුද්ධියෙන් විශේෂයෙන් දේශපාලනික ව්‍යුහය සම්බන්ධයෙන් තීන්දු තීරන ගන්නට අදිටන් කර ගන්න.

එවිට ඔබට කිසිදාකත් පසුතැවිලි වීමට සිදු නොවනු නියතය.

ඔබේ සාමාන්යය බුද්ධියෙන් සිතා බලන්න ෆුට් බයිසිකලයක් අැතිව පොඩි කොමියුනිකේෂන් එකක් කරගෙන යාන්තමට ජීවත් උනු අයෙක් මෙතරම් කෙටි කලකදී පවුල් පරපුර පිටින්ම සුපිරි ධනවතුන් වී අැත්තේ කෙසේද කියා...

එය එසේනම් ඊට සාපේක්ෂව පුංචි පොහොසතෙක්වත් වන්නට ඔබට බැරි උනේ අැයිදැයි සිතා බලන්න. දියුනු වන්නට ඔබ මොන තරම් වෙර වීරිය ගන්නවාද කියා ඔබ දන්නවා. ඒත් මේ වගේ ධනවත් වන්නට නම් තවම බැරි උනා නේද...

නමුත් මතක තියා ගන්න සොහොයුර මේ පාවාදෙන වංශ වගේ පාවාදෙන්නට හුරු පුරුදු වන තුරු ඔබට කිසිදාකත් ඔය තරම් ඉක්මනට මේ තරම් ධනවතෙකු වන්නට නම් බැරිවේවි.

නමුත් සොයුර අපි ඔබලාට ඔය වගේ පාවාදෙන, තක්කඩි සොරෙකු වන්නට පුළුවන්ද හෙට කන්න නැතිව මැරුනත්....

තීරනය ඔබ සතුයි...
ස්තුතියී
‍මා ඔබේ සදාදරනීය සහෘදයා සෝභිතාවතාර විශ්වයේ සිට...

නිදහස් දිනය වෙනුවෙන් “සුදු අප්පොච්චි My Dear Ceylonට එවූ ලියුම..! (Video)


නිදහස් දිනය වෙනුවෙන් “සුදු අප්පොච්චි My Dear Ceylonට එවූ ලියුම..! (Video)


(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.04, ප.ව‍.11.30) 69 වෙනි නිදහස් සමරුව වෙනුවෙන් ‘අළුත් විදිහට‘ සිතන තරුණ කණ්ඩායමක් විසින් වාර්තා රංගයක අපූරු වීඩියෝවක් ජනගත කර තිබේ.
‘සුදු අප්පොච්චි‘ විසින් My Dear Ceylon වෙත එවන ලියුමක් මෙම උත්ප්‍රාසාත්මක වාර්තා රංගයට යොදා ගෙන තිබේ.
වීඩියෝ මාධ්‍යය තම ආත්ම ප්‍රකාශන මාධ්‍ය ලෙස යොදාගන්නා ‘FTT කණ්ඩායම‘ ලෙස නම් කර ගත්, ස්වේච්ඡාවෙන් සාමූහිකව කටයුතු කරන තරුණ කණ්ඩායමක් වෙනුවෙන් මෙම වීඩියෝව අධ්‍යක්ෂනය කර ඇත්තේ ‘අදීශ හේවාවසම්‘ නම් තරුණයෙකි.
ලංකා ඊ නිව්ස් විසින් අදීශ හේවාවසම්ගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ වසරක් පමණ වයසැති තම ‘FTT කණ්ඩායමේ‘  වෙන වෙන වීඩියෝ ආයතන වල විවිධ රැකියා කරන මිතුරන් සිටින නමුත් ඔවුන් සියළුම දෙනා කවදා හෝ හොඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ පිපාසාවෙන් පෙළෙන පිරිසක් බවයි.
පහත දැක්වෙන ‘සුදු අප්පොච්චිගේ ලියුම‘ නරඹා මේ තරුණ කණ්ඩායමට උදව් කිරීමට සිතුනොත් අදීශ හේවාවසම් තරුණයා අමතන්න. ඔහුගේ දුරකථනය 0094 77 959 6361 වේ.
http://www.lankaenews.com/news/5261/si/si 
---------------------------
by     (2017-02-04 18:53:24)

Friday, February 3, 2017

2017/02/04 - නිදහස් දින අායාචනය සියළු දේශ මාමකයින් සහ සබුද්ධික ජනතාවගෙනි...(සෝභිතාවතාර)


2017/02/04 - නිදහස් දින අායාචනය සියළු දේශ මාමකයින් සහ සබුද්ධික ජනතාවගෙනි...
(සෝභිතාවතාර)
ජාතියට නිදහස ලැබුනා යැයි කොතෙකුත් පාරම් බෑවද එය විහිළුවක් බවට පත් කොට කලින් කලට රට තුල බිහිවුනු නොසංඩාල ජාතික නායකයින්ගේ අත්තනෝමතික පාලන ක්රම නිසා ඉතිහාසය පුරා...
...පැවති සියළු සකල වැරදි දේශපාලනික වටපිටාවන් 2015 ජනවාරි 08 වැනිදා අාපසු හැරවූ අවිහිංසාවාදී නිහඬ විප්ලවය දේදුනු විප්ලවයේ නිර්මාතෘ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් විශ්වයේ සිට අවතාරයක්ව කැපවී සැමට සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසා සිදු කරනා මීල  2020 අවසන් මෙහෙයුමෙන් යහපාලන සංස්කෘතිය තවදුරටත් උපරිමයෙන් පාරිශුද්ධ කොට නිමා කල යුතුව අැත.


ඒ සඳහා 2015 වේ දේදුනු විප්ලවයට උරදුන් සියළු සිවිල් බලවේගයන් ජේවීපී යද ඒකාබද්ධ කොටගෙන (ඔවුන් අාවත් නැතත් නොනවතිනා) අවසන් මොහොතේ කලඑලි බසිනා මීල පොදු අපේක්ෂකයා පෙරටුකොට ගත් පුළුල් ජාතික සන්ධානයක් ගොඩ නංවා විවෘත අාරාධනා මත එජාප/ශ්ලනිප සහ සියළු සංධාන වල රට වෙනුවෙන් තමනට අැවැසි යුතුකම ඉටුකල නොහැකිව කොටුවී සිරවී අතෘප්තිමත්ව සිටිනා අදූෂිත මැති/අැමති/මන්ත්රී වරුන්ද ඒ බන්ධනවලින් මුදවාගෙන නව දේශපාලනික සංස්කෘතියක් බිහි කොට රටට හිතැති මහා බලයක් ගොඩනංවා නව්ය වූ දේශපාලනික න්යාය පත්රයක්, ප්රතිපත්ති මාලාවක් ජනතාව හමුවට පමුනුවා පැවති සහ පවතිනා වල්වැදි පාදඩ පාලන ක්මයන් අතුගා දමා සුදුස්සන් සුදුසුකම් මත දේශපාලනයට අවතීර්න විය හැකි ක්රමවේදයන් අැති කොට රටේ සහ අප සැමගේ අනාගත පරපුරේ අභිවෘද්ධිය උදෙසා ඉතිහාසය පුරා රටේ සිදුවුනු වැරදි දේශපාලන විදික්රම නිසා අයාලේ ගෙවී පරල උනු අප කොයි කාගේත් වටිනා ජීවිත වලින් සිදු කල හැකි අවසන් යුතුකම ඉටු කරනට අදිටන් කර ගනිමු.

අපගේ ඒ යුතුකම සහ වගකීම 2020 දී තීරනාත්මකව ඉටු නොකලහොත් කොයි කාගේත් දරුවන් හට සිදු වනුයේ ඔබ අප සැමට සිදුවුනු නස්පැත්තිය පමනි.

ඒ නිසා අන් කිසිවක් නොව ඔබ ඔබේ දරුවන් හට අාදරේනම් ඒ දරුවා වෙනුවෙන්වත් පරාර්ථකාමීව සිතන්න කටයුතු කරන්නට අදිටන් කර ගන්න. එවිට ඔබේ දරුවාට ජීවත් වීමට උරුම වනා අනාගත සමස්ත සමාජයේම.... දරුවන් හට යහපතක් ඉටු වේවි. එමෙන්ම ඔවුන්ට සැබෑ නිදහසක් අත්විඳින්නටද හැකි වේවි.

නොඑසේ වුවහොත් පාදඩ දේශපාලකයින්ගේ අදෘශ්යමාන හස්තයන් විසින් මෙහෙයවනා සොරුන් ස්ත්රී දූෂකයින් තක්කඩියන් මදාවියන් පරිසර දූෂකයින් සහ නොහඳුනනා තුවක්කු කරුවන් ගෝනි බිල්ලන් සුදුවෑන් වලින් සපිරුනු රටක ඔබේ දරුවාටත් ඔබ නැති කලෙක කැමති උවත් අකමැති උවත් ජීවිතයේ සතුට වෙනුවට මර බිය දරාගෙන විසුමට සිදුවීම නියතය.

ඔබේ දරුවන් උදෙසා එවන් අනාගතයක් පිලිබඳ සිතන්නවත් ඔබ කැමතිද අම්මෙක් තාත්තෙක් වැඩිහිටියෙක් විදියට... 

මෙම සියළු කටයුතු වෙනුවෙන් නිර්පාක්ෂික වී රටත් ජනතාවත් වෙනුවෙන් 2015 අවිහිංසාවාදී දේදුනු විප්ලවය වෙනුවෙන් ජීවිත පරිත්යාගයෙන් කැප වූ පොදු අපේක්ෂක (සත්යවාදීවම පිය සෙනෙහස හඳුනනා සැබෑ පියෙක් වන්) වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ අාශිර්වාදය සහ පූර්න දායකත්වය ලබා දෙන බවට සෝභිතාවතාර විශ්වයේ සිට පූර්න විශ්වාසය තබා අැත.

ස්තුතියී
සෝභිතාවතාර
2016/02/04 නිදහස් දින අායාචනය සියළු දේශ මාමකයින්ගෙනි.
















Tuesday, January 31, 2017

දයාබර රන්ජන් මෙවන් අවස්ථාවල් උපයෝගී කරගන්න යමපාලනයේ සහ යහපාලනයේ වෙනස පෙන්වන්නට අපේ රටේ මන්ද බුද්ධිත ජනතාවට - සෝභිතාවතාර

දයාබර රංජන්, 

ඔබ තවමත් තරුණයි. විවාහයක් කරගෙනත් නැහැ. ඒ නිසාම දරු සුරතල් බලලත් නැහැ. සිනමා සහ දේශපාලන දිවියේ හැරුනුකොට ඔබට තවම සැබෑ ජීවිතයේ අත්දැකීම් අඩුයි. 

ඒ නිසයි ඔබ තවමත් දරදඬු ප්රතිපත්තියක හිතුවක්කාර ලෙස සිටින්නේ. මුළු රටමත් විශේෂයෙන් දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව දන්නවා පරිසර අමාත්යය ජනාධිපතිවරයාගේ බලතල වලට යටත් අායතනයක සිදුවුනු ‍විශාල වරදක් වෙනුවෙන් පෙනී සිටින්න ගිහිල්ලයි ඔබට වරදක් සිදුවෙලා තියෙන්නේ යන බව.

මම හරිනම් මේවාට ඔබට කලින් පරිසර අැමති වශයෙන් ජනාධිපතිවරයා මැදිහත් විය යුතුව තිබුනා. නමුත් සමහර විට ඒ අවස්ථාවේදී එතුමානන් යහපාලනය තුල පවා සිදුවනා මේ බය නැති ක්රියා ගැන දැනගෙන නොසිටින්නට අැති. නමුත් අපේ වත්මන් ජනාධිපති උපාසක නයානම් අඩු තරමින් ඉක්මනටම පෙනේවත් කරල නොසිටියොත් මෙයාව අඹරලා දරමිටි බඳින එකත් බඳිනවාමයි මේ හැතිකරේ කොයි මෙහොතේ හරි. බැරිනම් දෙන්ඩ කියපන් ඕක අර සරත් පොන්සේකාට අඹරවලා ගන්න මුන්ව.

නමුත් කමක් නැහැ රන්ජන් මෙවන් අවස්ථාවන් වලින් අපි ඉතා හොඳට ප්රයෝජන ගන්න ඕන. ජනාධිපතිවරයා කියලා තියෙන විදියට ඔබ ඒ උන්දැගෙන් සමාව ගන්න. ඒ අවස්ථාවේදී සිද්ධිය දැකීමෙන් ඔබට අැතිවුනු වේදනාවත් කම්පනයත් නිසා සිදු උනු වාග් විලාශය පිලිබඳව පමනක්...

අරගෙන රටට සහ විශේෂයෙන් හිටපු යමපාලකයාගේ පාක්ෂික අන්ධ ගාෙබ්බ ජනතාවට පෙන්වන්න යහපාලන ජනාධිපතිවරයාගේ නායකත්වයේ රඟ.

ඒ වහේම පෙන්වන්න සෝභිත හිමිපානන්ගේ දේදුනු විප්ලවය දිනවූ ඔබ වැනි රණකාමීන්ගේ නිහතමානීත්වයේ රඟ.

ඒ වගේම පෙන්වන්න මෛත්රීගේ සහ මහින්දගේ නායකත්වයේ වෙනස..

ඒ වගේම පෙන්වන්න රටට ජනතාවට විශේෂයෙන් මහින්දට මර්වින් සිල්වා අැතුළු ගුරුවරුන් දන ගැස්සවූ පාදඩයින් සහ ඔබගේ වෙනස...

සෝභිත හිමිපානන්ගේ අාත්මය ටෙලිපති මගින් අාතූරයා සත්පුරවැසියා ලවා දෙන මෙම අවවාදය පලගන්වා බලන්න ඔබට දැනෙනා චිත්ත සන්තුෂ්ඨිය කෙතරම්ද යන වග. 

ඒ වගේම ඔබගේ පවතිනා රැඩිකල් ගති ස්වභායටත් අවංක හැඟීම්වලටත් කලබල වී ඉක්මන් තීන්දු තීරන ගෙන තම තනතුරින් අස්වන්නත් එපා කිසිවිටකත්. මන්ද ගොඩාක් අයට උවමනා කරලා තිබෙන්නේත් සමහර විට ඔබගේ නායකයාට උනත්... කරදරකාර ඔබ වද නොදී ගෙදර යනවානම් හොඳයි යන අාකල්පය විය හැකියී. හැබැයි ඒ සමහර විට..!හොඳේ...

කෙසේ වෙතත් කියමනක් තිබෙනවා. දැඩි කෝපයටත්.. අධික සන්තෝෂයටත්... ප්රබල සිත්වේදනාවටත්... පත් වූ කිසිදු විටෙක පොරොන්දු දෙන්නත් එපා... තීරන ගන්නත් එපා... සියල්ල කාලයට බාර දී ඒ පිලිබඳ හොඳට හිතල මතල තීන්දු තීරන ගන්න කියල. මන්ද ගිලිහී ගියොත් නුවන යලි එය අැතුන් සියයක් ලවාවත් අැද්දවිය නොහැකි නිසා.

කෙසේ වෙතත් මේ හැම අභියෝගයක්ම අප කරා පැමිනෙන්නේ පරීක්ෂාවක් සඳහායි. අප කල යුතු වන්නේ ඒ පරීක්ෂාවල් වෙනුවෙන් සිහි නුවනින් මුහුන දෙන එකයි. 

තවත් කියමනක් තියෙනවා රන්ජන් දෙවියන් වැඩියෙන්ම අාදරය කරනා අයව අසීරු පරීක්ෂාවන්ට ලක් කරනවා කියල. එවිට අප බුද්ධිමත් නම් කල යුතු වන්නේ අර මහින්ද කියන අඳ/ගොළු/බිහිරි නායකයා මදාවි පාර්ලිමේන්තුවත් තියාගෙන නටපු නෙයියාඩගම් නොවේ. සිහි ගුණ නුවනින්ද උපේක්ෂා සහගතවද ඒවාට මුහුන දී දෙවියන්ගේ අාශිර්වාදයට පාත්ර වීමයි මහින්දලාට වගේ ශාපයට පාත්ර නොවී...

ස්තූතියී.
සෝභිතාවතාර
2017/01/31
========