Tuesday, May 16, 2017

අාචාර්යය ලයනල් බෝපගේ මහතාගේ කසල ලිපියට අටුවාටිකාවක්... සෝභිතාවතාරයෙන්.

අාචාර්යය ලයනල් බෝපගේ මහතාගේ කසල ලිපියට අටුවාටිකාවක්... සෝභිතාවතාරයෙන්.
====================================================
සමස්ත සමාජයම මැදිහත් නොවී කසල කළමණාකරනය කළ නොහැකිය; ජාත්‍යන්තර අත්දැකීම් සමග ලංකාවට සුදුසු විසඳුමක්..! - ආචාර්ය ලයනල් බෝපගේ ලියයි.

කුණු කන්දේ ඛෙදවාචකයෙන් පසු කිසිවෙක් නොලියූ ලිපියක්...

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.17, පෙ.ව‍‍.8.20)

සිංගප්පූරුවේ අත්දැකීම්
==============
සිංගප්පූරුවේ ‘කසළ ශූන්‍ය කරමු‘ (WasteZero) ආයතනයේ විධායක අධ්‍යක්ෂ ඉයුජීන් ටේ පවසන්නේ ආසියාවේ මහ නගර (Megacities) වලට සිංගප්පූරුවෙන් බොහෝ පාඩම් උගත හැකි බවයි. ඔවුන් පියවරක් ආපස්සට ගෙන කසළ කළමණාකරන චක්‍රයේ “අඩු කිරීමේ“ සහ “යළි යොදා ගැනීමේ“ අංග අවධාරනය කිරීමෙන් පසු අවසාන විකල්පය වශයෙන් කසළ බැහැර කිරීම දෙස බැලිය යුතු බව ඔහුගේ මතයයි.
============================================================================================
ඉහත කහ පැහැයෙන් දැක්වෙන්නේ අාචාර්ය ලයනල් බෝපගේ මහතාගේ සමස්ථ ලිපියෙන් පෙරා මිරිකා ගත හැකි සාරාංශයයි.

ඒ අනුව ශ්රීලංකාව වැනි තමන්ගේ කුණු වෙනත් අයගේ ස්ථානවල අතහැර මං සුදනා යැයි සිතා සිටින්නන් බහුතරයක් වෙසෙනා රටක කසල ශුණ්යය කිරීමට නම් අනිවාර්යයෙන්ම රට අඩියක් නොව අඩි කිහිපයක් හෝ අාපස්සට ගමන් කරවිය යුතුවම අැත. 

එමෙන්ම පුළුල් නිරීක්ෂනයෙකින් අනතුරුව ලියා අැති අාචාර්ය බෝපගේ මහතාගේ ලිපිය පුරා කොතැනකින්වත් ලාේකයේ ධනවත් හෝ දුගී හෝ කිසිදු රටක් විසින් මේතාක් කසල ප්රශ්නයට පරිසර හිතකාමී ප්රායෝගික තිරසාර විසඳුම් කිසිවක් සොයාගෙන අැති බවට සාධක තිබුනේ නැත.

එනිසා අප රට පමනක් නොව විශ්වයේ මතු අනාගත පැවැත්ම උදෙසා මුළු ලොවම අඩියක් නොව අඩි කීපයක් උවද අාපස්සට යායුතුවම අැත.

නමුත් ලෝක ප්රජාවම කම්මැලියන් බවට පත් කල ක්ෂනික පාරිභෝජන සංකල්ප හේතුවෙන් මේ වන විට රාජ්යයන්ට ඕනෑ උවත් ජනයා ඒ උදෙසා නැවත අාපස්සට හැරවීම මුලාවකි. ඒ වර්තමාන ජනී ජනයා අතිශයින්ම අාත්මාර්තකාමී තත්ත්වයකට පත්ව සිටිනා නිසාය. සමහර විට ඒ ඔවුන්ගේ අසරන බවද විය හැක්කේ ලෝකයේ අතිශයින් අවස්ථාවාදී ව්යාපාරිකයින් පරිසරය සම්බන්ධයෙන් අල්ප මාත්ර හෝ සැලකිල්ලක් අවධානයක් නොදක්වා තම ව්යාපාර පවත්වාගෙන යාමයි.

කසල ලෙස ඉවතට විසිකරනා බෝතල් බෑග් කෝප්ප හැඳි ගෑරුප්පු ලන්ච් ෂීට් කොල කඩදාසි පෙට්ටි වැනි අැසුරුම් මේ සියල්ලෙහිම වටිනාකම තම නිෂ්පාදනයට එකතු කරනා වැය බරින් (Cost) අාපසු අය කර ගත්තද මේ කිසිවකු ඒ කසල පිලිබඳ අල්ප මාත්ර අවධානයක් එකී ව්යාපාර පවත්වාගෙන යන තම රට වෙනුවෙන් යොමු කලේ නැත.

ඒ සෝබන උගුලේ සිර වුනු පාරිභෝගිකයා ඒ සියල්ල ගෙවා දමා ලබා ගන්නා යෝගට්ටුව තම වාහනය තුලදීම කකුල් උඩ දමාගෙන කාලා හැන්දත් ලෝලා හිස් කප් එක ජනේලයෙන් පාර මැදට විසි කොට හැන්දෙන් ඊතල විද පරිසරය වනසයි. (අනිවාර්යයේම මතු අාත්මයේදී ඉහඳ පනුවන්ව උපදිනා කාලකන්නි)

නමුත් මෙම පරිසර විනාශය දිනෙක තමන්ට කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම තම දූ දරුවන්ගේ අනාගතය වනසනා පාරාවලල්ලක් වන බව මේ ඔලමොට්ටල අර්ත්මාර්තකාමීන්ට නාෙවැටහීම ලෝකයේම අභාග්යයකි.

70 දශකයට පෙර ලංකාව තුල තම හතර මායිමෙන් එලියට විසි කරන්නට අැවැසි කසල කිසිවක් නොතිබුනි. නොදිරනා දෙයකට තිබුනේ බිඳීගිය වීදුරු අලියා බීම බොතල් සහ ජෑම් කාේඩියල් බාේතල් වැනි දෑ පමනි.

නමුත් ඒ සියල්ලමත් මේ වන විට ප්ලාස්ටික්ය. මේ වන තුරුත් අලියා බීම වීදුරු බොතල් වලද අැසුරුම් කෙරුනත් වෙළඳ සල් 100 ට ගියද අහඹු ලෙස දෙක තුනක හැර වෙන අන් කිසිඳු ස්ථානයක උන ලෙඩෙකුට දෙන්නටවත් අලියා බීම බෝතලයක් අද සමාජයේ වීදුරු බෝතලයෙකින් ගන්නට නැත.

ඒ තරමටම වෙළෙන්ඳා පවා කම්මැලි වෙලා. ඌටත් ඕනා කරන්නේ බෝතල් හුවමාරුවක් නොකරම උගේ ගතම් එක ලාච්චුවට දාගන්න පමනයි. නමුත් ඌට අමතකයි බීම පෙට්ටි උස්සලා හෝ තම පංචස්කන්ධයට ලැබුනු පොඩි ව්යායාමයත් නොමැති වීමෙන් තමනුත් ඉක්මනින්ම දියවැඩියා කාරයෙක් කොලස්ටෙරෝල් කාරයෙක් වන බව.

කෙසේ නමුත් මේ කිසිවක් දැන් කථා කරමින් සිට වැඩක් නැත. රටේත් ලෝකයේත් අනාගතය විනාශයේ පාරාවලල්ලක් නොමවීමට නම් ලහි ලහියේ කල යුත්තේ ශාපයක්ව අැති දියුනුවේ ඉදිරියට නොව සුදුසු සීමාවන් දක්වා අාපස්සට යාමය.

ඒ උදෙසා ප්රතම කාල තුවක්කු ප්රහාරය වගකීමක් පරිසර හිතකාමී බවක් නාෙතකා තම නිෂ්පාදන සිදුකරනා සියළුම කර්මාන්ත අායතන කරුවන් වෙත එල්ල කල යුතුය.

සියළුම නිෂ්පාදන කාණ්ඩ දෙකක් යටතේ අැසුරුම් කිරීමට අනපනත් අැති කල යුතුය. පරිසර හිතකාමී අැසුරුම් සහ ක්රමවේද අැතිකරන්නන් වෙනුවෙන් සුදුසු බදු සහන ලබා දිය යුතුය. එමෙන්ම පරිසර හිතකාමී නොවනා අැසුරුම් සහ අමුද්රව්යය වෙනුවෙන් අධික බදු පැනවිය යුතුය.

මෙවන් උපක්රම මගින් පරිසර හිතකාමී වන සහ නොවනා භාණ්ඩ හෝ ද්රව්යය වෙනුවෙන් පාරිභාේගිකයා හට දැනෙනා මිල පරාසයක් අැති කල යුතුය. රු.30,000/= වැටුපක් ලබා ගන්නා අයෙකු ඉන් රැ.10,000/= ක්ම වැය කරන්නේ නිවසට ගෙනා සැනින් හෝ කල් නොයවාම විසිකරනා නාෙදිරනා කසල සඳහා වන බව අැඟට දැනෙනා වටපිටාවක් අැති කල යුතුය.

නොදිරනා කසල හැරුනු කොට අන්සියළු අපද්ව්යය කොම්පෝස්ට් පොහාෙර බවට පත්කාෙට තම මල් පෝච්චියට හෝ ගෙවත්තේ බවභෝග වෙනුවෙන් හෝ භාවිතා කරවීමට අැවැසි දියුනු විදික්රම ලෝක අන්තර්ජාලයේ පාසල් ක්රියාකාරකම් ලෙස පවා ඕනෑතරම් දක්නට අැත.

මෙම පනිවිඩ දුවාදරුවන් මගින් තම අම්මා තාත්තා දැනුවත් කරවනා සහ ලැජ්ජාවට පත් කරවනා අධ්යාපනික ප්රතිසංස්කරන පාසල් පද්ධතීන් හරහා අැති කල යුතුය.

මෙම ලිපිය කුණු කන්දක් තරම්ම විශාල ලෙස ලිවිය හැකි උවත් එය කෙටි කර යෝජනා කරනුයේ මේ සම්බන්ධයෙන් විද්වතුන් පාලකයින් සියළුම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදකයින් සම්පත් දායකයින් ඒකරාශී කොට පුළුල් සංවාදයක් අැති කර ඉක්මන් විසඳුම් වලට අවතීර්න විය යුතු බවයි.

කසල යනු ඉතුරුම් සහතිකයක් බව තේරුම් ගත යුතුය. ඒවා කොහේ හෝ කාගේ හෝ තාප්පයකට උඩින් විසිකොට මං සුදනා වීම යුතු නැත. ඩෙංගු වැනි බෙහෙත් නාෙමැති මාරාන්තික රෝග සම්පූර්නයෙන්ම නොදිරනා කසල මූලික කොට ගෙන පැතිර යන රටට දුර්භීක්ෂයක්ව අැති මහත් ව්යසනයකි.

කැමති උවත් අකමැති උවත් ලෝකයේ පැවැත්ම උදෙසා යනු තම දුවාදරුවන් හට ලෙන්ගතු සියළුම මිනිසුන් ඒ අයගේ අනාගත පැවැත්ම සුරක්ෂිත කරලීමට සිදු කල යුතු මහඟුතම කාර්යය භාරය සහ යුග මෙහෙවර වනුයේ ඒ අය වෙනුවෙන් හෝ පරිසරය සුරැකීමට අදිටන් කර ගැනීමයි.

නොඑසේව මේවාට ලහි ලහියේ විසඳුම් නොයෙදුවහොත් පසුගිය වාර්තා අනුව ප්රතිකාර නොමැති මාරාන්තික ඩෙංගු ව්යසනයෙන් 2016 පරයා 100% ක වර්ධනයක් පෙන්නුම් කරවනා 2017 ඩෙංගු දුර්භික්ෂයට තමන් හෝ තම අාදර බර දරුවා හෙට දිනයේදී ගොදුරු වීම වැලැක්වීම සංක්රයාටවත් නොහැකි වනු අැත.

සෝභිතාවතාර -  විශ්වයේ සිට අාදරයෙන්...
=============================
දියුණුව..
මිනිසාගේ දියුණුව යනු පරිසරයේ සංහාරයයි
පරිසරයේ සංහාරය යනු මිනිසාගේ සංහාරයයි.
===
දූෂණය..
දියුණුව නමැති නොනිමි මාවතේ, සෑහීමකට පත්වීම නමැති මිරිඟුව පසුපස හඹායන මිනිසා පරිසර දූෂණය නමැති දාහය නිරනතරව වගුරවනු ලබයි.
===
නැවතුම..
දියුණුව යනු ජුගුප්-අාකර්ෂනයකි.
එම අන්ධ මෝහනත්වයෙන් මිදී අප සැම අවධියෙන් යුතුව එදෙසට පිය නගමු. එවිට මිනිසාට අැවැසි තාක් විශ්වය පවතීවි.
නොඑසේ උවහොත් විශ්වයට අැවැසි තාක් පමනක් මිනිසා පවතීවි.
===============
සෝභිතාවතාර
2017/05/17