Thursday, April 14, 2016

හිටපු ජනාධිපති තුමනි, ඔබ තුමාගේ ඒ අවුරුදු පැතුම අවුරුදු පොරොන්දුව කරනා ලෙස අයැදිමි...

--------------------------------------------------------------------------------------------
හිටපු ජනාධිපති තුමනි
--------------------------------------------------------------------------------------------

ඔබ තුමාගේ ඒ අවුරුදු පැතුම අවුරුදු පොරොන්දුව කරනා ලෙස අයැදිමි...

https://www.facebook.com/PresidentRajapaksa/videos/10153340920126467/
ඔබ තුමා අැතුලු පව්ලේ සැම හටත් ඔබ තුමාගේ අනුගාමිකයින් හටත්, සියළු වත්මන් පාලක පාලිකා අැතුළු සමස්ථ ශ්රීලාංකික ජනතාවටත් ජාති, අාගම්, කුලමල සියළු භේදයන්ගෙන් තොරව සාධාරන සමාජයක් බිහිකිරීමේ නොනිමි සිහිනය තුල දිවි හිමියෙන් අැපකැපව සිට දිවියෙන් සමුගත් පසුද නිවන් මගට නොපිවිස අවතාරයක්ව සැරිසරමින් තම අභිප්රාය මතම තව දුරටත් හිඳිනා අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වෙනුවෙන් ඔබ තුමාගේ පනිවිඩයේ පරිදිම සුභාශිංසනය කර සිටිමු.

අද දින ඔබ තුමාගේ ඒ අලුත් අවුරුදු පනිවිඩය අප රටේ අදින් පසු සිදුවන්නා වූ සංහිඳියාවේද, සාමයේද, සංවර්ධනයේද නොමද පෙරනිමිත්තකි. එය රටේ සියළු ජනතා ජයග්රහනයකි. සිහිනයක් සැබෑ වීමකි.

ඔබතුමා (අප්පචිචී) ඉහත ප්රකාශය කරනා අාකාරයෙන්ම (චරිත සහ දේහ) ස්වභාවයෙන්ම එහි යම් අවංක භාවයක් තිබේ යයි හැඟීයයි. මෙය සුවහසක් ජනතාව බලා සිටි මොහොතකි. නමුත් එය කවදා කොතැනකදී ඔබ තුමාගේ මුවින් ගිලිහේදෝයි යන සැක සාංකාව වසරකටත් වඩා වැඩි කාලයක් සෑම තත්ත්පරයකදීම අප පෙලූ අාතතියකි... පීඩාවකි... වේදනාවකි... කඳුලකි..!

නමුත් ඒ හැඟීම් බර අති උතුම් මොහොත ඔබ තුමා අප නොසිතූ මොහොතකදී යථාර්තයක් කලේය. නෙතුඅග තෙත්උනු සතුටු කඳුලින් යුතුව ඔබතුමා හට ඒ වෙනුවෙන් නමස්කාර කරමින් ඔබතුමාගේ ඒ අවුරුදු පැතුම අවුරුදු පොරොන්දුව කරනා ලෙස අයැදිමි...
අපගේ ජීවිතවල වටිනා යුගයක් අැත්නම් වර්තමානය වන විට යුග ගනනාවක පීඩාවන් හට ගොදුරු උණු ඔබවන් වයසේ සිටිනා බහුතරයක් පීඩිත ජනතාව දැන් සිටින්නේ අවසන් කඩ ඉමේය. 
‍‍‍ඉතින් අපගේ ඒ ජීවිතවල ඉතිරිව අැති මොහොත හිරු දුටු පිනි බිඳක් සේ වියැකී යාමට පෙර අප උපන් මේ අති උතුම් මව් බිම සාමය, සංහිඳියාව, යුක්තිය, සාධාරනත්වය රජයන රටක් වනවා දැකීම පරම අභිප්රායයි. එය ඉෂ්ඨ වීමට මීටත් වඩා සුදුසු යුගයක් අප උපන් පසු හෝ ඊට පෙර හෝ තිබුනා යැයි අසා හෝ දැක හෝ නොමැත.

එනිසා විරසක කම් පසෙකලා බහුශෘතයෙකු ලෙස කටයුතු කරමින් ජනතා අපේක්ෂාවන් නිසි ලෙස හඳුනාගෙන ජනතාවගේ ඒ අවිහිංසක බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට වත්මන් පාලක පාලිකාවන් හට ඔබතුමා අැතුළු පරිවාරකයින්ගේ දායකත්වය රට වෙනුවෙන්ද ජනතාව වෙනුවෙන්ද ලබා දී ලෝකයේ සංහිඳියාවේ තක්සලාව අප සැමගේ මව්රට ශ්රීලංකාව බව පසක් කර ලෝක ප්රජාවට ඔප්පු කර පෙන්වමු. රට දිනවමු. අප සැමගේ දරුවන් දිනවමු.

රට දිනවන්නට දැන් වෙනත් අලුත් අාණ්ඩු අවශ්යය නැත. මන්ද යත් දැන් මුළු රටම අාණ්ඩුවකි. මුළු රටේම පාලක පාලිකාවන් හට රට කිරීමට කදිම තෝතැන්නක් වත්මන් යහපාලන නායකකාරකාදීන් විසින් නිර්මානය කර අැත. සුභවාදී ලෙස රට ඉදිරියට ගෙනයාමට සම්මුතිවාදී යහපාලන රජයට සහාය වන්නට අවශ්යය කාටද ඒ ඕනෑම අයෙකුට ක්ෂනයකින් දැන් එය සිදු කල හැක. නමුත් කණගාටුවට කරුන වන්නේ ඒ අය පරහිතකාමී සිතින් එය ඉටු නොකොට වරදාන වරප්රසාද තනතුරු තානාන්තර අපේක්ෂා කිරීමය.

සත්පුරවැසියා ඒ අයට කදිම පූර්වාදර්ශයක් ලබාදෙමින් පවසා සිටිනුයේ 2015 ජනවාරි 08 දේදුනු විප්ලවය ජය ගත් දා සිට (ඊට පෙර ක්රියාකාරකම්වල සාක්ෂි පසුව) අද මේ මාෙහොත දක්වාත් අප සැමගේ සහ ඔබ සැමගේ දරුවන් වන මතු පරපුරේ සුභසිද්ධිය තකා සිදුකරනා මෙම නිහඬ විප්ලවය වෙනුවෙන් සමහර විටදී නිදි වර්ජිතව පවා ගත කරනා කාලය ධනය සියල්ල තමන් විසින්ම (කිසිදු සොරකමක් වංචාවක් නොකොට උපයා ගත් සීමිත ධනයෙන්) ජීවන අඩුපාඩුකම් දහසක් අැතිව මුත් ඒවා උපේක්ෂා සහගතව විඳදරා ගනිමින් සිදු කිරීමයි.

එය එසේ සනිටුහන් කරමින් පැවසිය යුතු මීලඟ සුවිශේෂී කාරනය වනුයේ ඔබතුමා හට පක්ෂපාතීකම් අැඟෑලුම් කම් පානා අනුගාමික සහපිරිවර පිලිබඳවය.

ඊයේ සිරස රූපවාහිනී නාලිකාව ඔස්සේ ඒ සහපිරිවර අැතුළු සම්මුතිවාදී රජයේ අනිකුත් බොහෝමයක් මැතිඅැමති මන්ත්රීවරු සහ වරියන් බොහෝමත් සතුටින් අවුරුදු සාමය බුක්ති විඳිමින් සංහිඳියාවෙන් සාමයෙන් සතුටින් කෙලිදෙලෙන් කාබීනටාගයාසිනැහී ගත කල සැටි දවස පුරාම අන්වැඩ පසෙකලා සුවහසක් ජනතාව බලා සිටියෙමු.

නූගත් සමහර ජනතාව පාට පක්ෂ අනුව බෙදී වෙන්වී ඔබලා විඳි ඒ සතුටවත් බුක්ති නොවින්දෝය. ඒ ඔබලා මේතාක් කල් නූගත් ජනයාට ඒත්තු ගන්වා තිබූ යථාර්තයයි. ඒවායේ අාදීනව සියල්ලෝම ගෙව්වා දැන් හොඳටෝම අැති නේද....

ඒ නිසා යහපාලනයට බුදුබව අත්වන්නට මා මෙහි අැතුලත් කර අැති ඔබ තුමන්ලා බුක්ති විඳි ඒ අවුරුදු සිරියේදී පවිත්රා වන්නිඅාරච්චි මැතිනිය සිදුකල අවුරුදු පැතුම රඟදැක්වීමක් පමනක් නොකොට රට පුරා අනේක දුක්කම්කටොලු විඳිනා සුවහසක් ජනී ජනයා වෙනුවෙන් උදාවූ මේ නව වසරේ සිට හෝ යථාර්තයක් කිරීමට අදිටන් කර ගනිමු.


--------------------------------------------------------------------------------------------
අනේක දුක්කම්කටොලු විදිමින් ඔබ සැම මල් යහනාවක සතපා අැති සුවහසක් අවිහිංසක ජනීජනයාගේ නාමයෙන් ලියා දන්වන වගයි.
--------------------------------------------------------------------------------------------
බොහෝමත්ම ස්තුතියී.
පිං සිදුවේවා.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
2016/04/14