Saturday, November 2, 2019

ප්‍රජාතන්ත්‍රවාදයයි-මහ ජන සේවයයි උදෙසා කළ මෙහෙවර අගයයි "කතානායකට ලැබුණු ජාත්‍යන්තර ගෞරව සම්මානය එජාප ජනපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක්" සෝභිතාවතාර මාධ්යය ඒකකය. 2019/11/02

ප්‍රජාතන්ත්‍රවාදයයි-මහ ජන සේවයයි උදෙසා කළ මෙහෙවර අගයයි 

 

"කතානායකට ලැබුණු ජාත්‍යන්තර ගෞරව සම්මානය එජාප ජනපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක්"

සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාරයේ මෙම පහත දක්වනා පැහැදිලි කිරීම කිසිසේත් දේශපාලනික මඩ ගැසීමක් හෝ මෙතුමන් පිලිබඳව අැති කිසිදු හෝ පෞද්ගලික කෝන්තරයක් නිසා හෝ සිදු කරනා ලද්දක් නොවනා බව ඉතා වගකීමෙන් කිව යුතු මනාය. අාතූරයා/සත්පුරවැසියා කරූ ජයසූරිය මැතිඳුන් හට ඉතාමත් ගරු කරනා අගය කරනා පුද්ගල චරිතයක් බව සියල්ලන්ටම වඩා හොඳින් කරූ ජයසූරිය මහතා සහ ඔහුගේ පවුලේ අාසන්නතමයින් නොදන්නවා විය නොහැක. *(ඒ මන්ද යත් මා විසින් ඉතිහාසය පුරා එතුමන් අගය කල බොහෝ දෑ ලියා අැති බැවිනි.)*

කෙසේ නමුත් මෙම ගෙන හැර දැක්වීම සිදු කල යුතුව අැත්තේ කරූ ජයසූරිය මැති තුමන්ගේ අනාගත දැක්ම යාවත්කාලීන කොට පිලිසකර කර ගත යුත්තේ කිනම් දැක්මක් අවබෝධයක් යටතේදැයි ඉඩක් ලද විටකදී පෙන්වා දිය යුතු යැයි කලක සිටම අදිටන් කරගෙන සිටි නිසාමය.

***එවැන්නක් සිත් සතන්හි ධාරනය වන්නේ නිසි නිලයක් අල්ලා බලා බේත ලබා දුන්නොත් පමනි.***

මගේ මතකයේ හැටියට පසුගිය මෑත කාලයේ එක්තරා දිනක කිසියම් මාධ්යය වේදියෙකුගේ ප්රශ්නයකට මෙතුමන් ලබා දුන් ඉතාමත් අඤ්ඥාණවන්ත වූ අමනෝඤ්ඥ පිලිතුරක් මා පුදුමයට පත් කරවමින් තවමත් මනසේ දෝංකාර දෙයි.

මාධ්යය වේදියා එතුමන්ගෙන් විමසා සිටියේ රටේ අාර්ථිකය නගා සිටුවිය හැකි අාකාරය පිලිබඳ වූ කිසියම් ප්රශ්නයකි. *(එම වීඩියෝව අන්තර්ජාලයේ youtube, හෝ facebook පිටු අතර කොහේ හෝ තවමත් තිබිය හැක. *එනිසා මෙය ද්වේශ සහගතව ඉදිරිපත් කරන ලද්දක් නොවනා බව විශේෂයෙන් සැලකුව මනාය.*

නමුත් මෝඩ කමක් හෝ මෝඩ ප්රකාශයක් හෝ සිදු කලානම් තම මව් රට හෑල්ලුවන පරිද්දෙන් සහ මව්බිමේ උරුමයන් පිලිබඳව නිසි අැගයීමකින් හෝ නිසි අවබෝධයෙකින් තොරව එහි විපාක නැතහොත් විපුල අත්චිඳීමටද සූදානම් විය යුතුය.

ඔව්, ඒ ප්රශ්නය වෙනුවෙන් එතුමන් ලබා දුන් පිලිතුර වූයේ ***(පෝට් සිටිය/Port City වැඩ නිමාවෙන් පසු රටේ අාර්ථිකය යහපත් අතට ගත හැකියී යන්නය)***
මේ රටේ උපත ලද, මේ රටේ අධ්යාපනය ලද, මේ රටේ සුලඟින් හුස්ම ගෙන, මේ රටේ දිය බිඳෙන් විජලනය මකාගෙන, මේ රටේ මහ පොලවේ බත බුදිමින්, ජීවිතයේ ඉහලම ස්ථරයකට පත්ව මව් බිමේ පාලක පාලිකාවන් අතර උත්තරීතර අාසනයෙක වැඩ සිටි අපේ මහා භූමි පුත්රයෙකුගේ පිලිතුර අැසූ මා හට අැති වුනු ලජ්ජාව කොතෙක්ද යත් මහ පොලව පලාගෙන යන්නට සිතුනි.

*එතුමන් 2020 වෙනුවෙන් ජනපති අපේක්ෂකයෙක් නොවූයේ රටේ ජනතාවගේ පෙර පිනකට යැයි එවෙලේ මෙහොතකට මට සිතුනි.

නමුත් පසුව මා ඒ පිලිබඳ බොහෝ දුරට කල්පනා කොට සිතා ගත්තේ මතක අැති කාලයෙකින් එතුමා මේ උතුම් මාතෘ භූමියේ මහ පොලවේ පවතිනා විශ්ව ශක්තිය, චුම්බක ශක්තිය, ගතට සමීප වනු පිනිස වැරදිලාවත් මහ පොලවේ පස් පෑගී නැති නිසා මනස විකෘති වී තිබිය හැකි බවය.
 
විශ්ව තලයේ සොබා දහම් මාතාවගේ නිර්මානාත්මක මැවීම් වන දුහුවිලි වන් මේ මහා පොලවේ උපත ලද කොයි කවුරුත් මහ පොලවට සමීප නොවී එක් දශමයක් වත් ඊට ඉහලින් ඉන්නට කල්පනා නොකල යුතුය.

ඉඩක් ලද හැකි සෑම අවස්ථාවකම තම විමන්වලින් එලියට බැස පාවහන් සෙරප්පු ගලවා විශ්ව ශක්තිය, චුම්බක ශක්තිය, තම තමන්ගේ ශරීරයට අවශෝෂනය කර ගනු පිනිස හැකි තාක් දෙපයින් මහ පොලව ස්පර්ශ කල යුතුමය. හැකිනම් එය එසේම වැඩි දියුනු කරමින් (ඩිප්ස් දමන අාකාරයට හෝ දෑත් වලින්ද ) මේ උතුම් මහ පොලව ස්පර්ශ කල යුතුය.

අපේ ඒ අති උතුම් අාදී මුතුන් මිත්තන් කිසිදු ලෙඩක් දුකක් නොමැතිව 120 ට 220 ක් අායුබෝ වේවා කියා ජීවන අායුෂ වැලඳුවේත්.. වයසට ගියද දෙනෙත් ඉතා හොඳින් පෙනෙමින් පුංචි අකුරු උවත් කන්නාඩි නොමැතිව පත්තර පොත් කියවමින් ජීවන අායුෂ වැලඳුවේත්.. දෑතේ සහ දෙපයේ පවතිනා ස්නායු අග්ර (1200 X 4) = 7200 හත්දාස් දෙසීයක් උත්තේජනය වීම නිසා අැති වන්නා වූ ප්රති ශක්තිය, විශ්ව ශක්තිය සහ චුම්භක ශක්තියේ මහිමයෙන් මිස..

විනාඩි 5ක් වත් තම සේවාදායකයා පරීක්ෂා නොකර පැරසිටමෝල් පෙත්තක්වත් නොමිලේ නොදී චැනලින් වලට පමනක් රු.3200/= ක් අය කරමින්... මුහුන කටවත් නොසෝදා කුණු කෙල ගඳ ගසමින් එලිවන තුරු.. රෑ වන තුරු 20 බැගින්.. 40 බැගින් දිනකට ලෙඩුන් සිය ගනන් බලමින් එක වරකට බත් පිඟන් 2 ක් ගිල දමන්නටවත් බැරි අපේ ඩොට්ටර්ලා නොකා නාෙබී කැන්ටිමෙන් ෂෝටීස් කකා අසරනයින් ගැන කිසිදු තෙතමනයක් අනුකම්පාවක් නොමැතිව විඳින්නට අැති ජීවිතය නොවිඳිමින් පව් ගෙවමින් විඳෝවමින් එලොව ගෙනියන්නට ධනය රැස් කරනා සැටි දැක්කම පුදුමයි.. ඒත් අැත්තයි...!

...නොමිලේ අධ්යාපනය හදාරා තම සහෝදර ජාතියට පිටුපා කන්න දුන් අත සපාකන, ඉහලට නගින්නට දුන් ඉනිමගට පයින් ගසනා පාහර දාෙස්තරලාගෙන් බේත් බීලා ශක්ති සම්පන්න වී නොවනා බවත්.. මෙහිදීම තාෙප්පි හරි යන පාදඩ/දෙනියලාට හිස දමා ගන්නට නොමිලේම ලබා දුන් වගයි.

 
අෑත අතීතයේ අපේ අාදී මුතුන් මිත්තන් දෑත් දෙපා සියල්ල කිසිදු අත් හෝ පා අාවරනයෙකින් වසා නොගෙන ගල් මුල් අතරින් මහ පාෙලව පාගාගෙන සියළු වැඩ කටයුතු සිදු කල නිසාද, දෑත් අාවරනය නාෙකොට මවුස් කාෙම්පියුටර් ලැප්ටොප් ටැබ් වයිපයි, අැපල්-සෙවන්/එයිට්, සැම්සුන්-එස්-සෙවන්/එයිට්, වයිබර්, වටස්අැප්, ඉමෝ, එෆ්බී, නොව...

කැත්ත උදැල්ලේ වැඩ කරමින් ගහ කොල සතා සීපාවා සමග පවා සහජීවනයෙන් බැද්දේ කොලනියේ දිය කඩිත්තේ වෙල් ඉපනැල්ලේ කමතේ, කිරිල්ල මාදම් බාේවිටියා අැටඹ කමින් ඉරටු බටලී සොයා අපේ සරුංගලේ (චීනගේ පෝට් සිටියෙන් ගොඩබාන තුරු බලා නොසිට) අපිම හදාගෙන, අැමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ තුවක්කු රට මැදින් දෙකට බෙදා අලුතින් දාන්න හදන පාරෙන් ඉම්පෝට් කර නොගෙන, පේර ගැට කඩා කමින් ඒ ගහෙන්ම කෙලින් කෝටුවක් කපා මැදගෙන බට ලී දන්ඩක් සාෙයා අපේ තුවක්කුව අපිම සාදාගෙන කිරිල්ල ගැට කඩා කන ගමන් හොඳට මෝරපු ගෙඩි ටික ජංගි/සාක්කුවේ පුරවාගෙන දුම් පිටවෙන්න කොල්ලෝ එක්ක වෙඩි හුවමාරු කර ගත්තේ *(පෝට් සිටියෙන් හෝ රට මැදින් දෙකඩ කරනා පාරෙන්) හෝ...

අපේ මේ උතුම් මාතෘ භූමියේ දියුනුව කාගෙන්වත් බලාගෙන පතාගෙන නොවේ කරූ මහත්තයෝ සමාවෙන්න, මේ වගේ අවස්ථාවක නොකිව යුතු දෙයක් ඔබ තුමාව වාහකයා කරගෙන කියා පෑවාට තොප්පි හරි යන අයට කිසි ලෝභ කමක් නැතිව නිකම්ම දුන්නා ඔන්න මේඩ් ඉන් ශ්රී ලංකා තොප්පි නොමිලේ දාගන්නවලා හරි යන අැත්තෝ සේරමල්ලා...
 
අන්න.. එවැනි ලෙස මහ පොලවේ පය ගහලා ජීවත් උන අපේ මුතුන් මිත්තන්ගේ අභිමානය කෙලෙසාලූ කිසිවෙකුටත් හොඳක් නම් සිද්ධ නොවිය යුතුයි.

***කොහොමත් 2019 යනු මේ අපගේ මාතෘ භූමියේ ශාපයේ අවසානයයි. 2020 සිට මේ රටේ බිහි වන්නේ මේ මහා පොලවේ පය ගසා ඒ විශ්ව ශක්තියෙන් පෝෂිතව සිටිනා යුග පුරුෂයන් බව මෑත අනාගතය සාක්ෂි දරාවි.

***සමස්ථ විකල්පයේ අපි වත්මන් පාලකයින්ට සහ හිටපු පාලකයින් හට අභියෝග කරනවා පුලුවන්නම් චීනගේ චීන මහා ප්රාකාරය අවුරුදු 5 කට ඉල්ලගෙන අැවිල්ලා පෝට් සිටිය වට කරලා වසා දමලා අපිට අපේ මව් බිමේ මහ පොලව පමනක් දීලා බලන්න.

අපි චීනගේ පමනක් නොවේ ඔබලා සියල්ලෝම දශක ගනනාවක් පුරා අපේ මතු පරපුර සමග රටම උගස් කර සිදු කර අැති ණය ට්ලියන 11 ම ගෙවා දමා. චීනාටත් ණය දෙන්න පුලුවන් තත්ත්වයට මේ අපේ මාතෘ භූමිය තුල පවතිනා අපමන සම්පත් සහ ධන නිධානයන්ගෙන් නිසි පල ලබා ගෙන ඔබලාගේ දුවා දරුවන් සහ ඊයේ පෙරේදා අලුතින් උපන් ඒ අහිංසක කිරි කැටියාගේත් අනාගතය ණය බර නැති සුන්දර විමනක් බවට පත්කාෙට දෙවනි මුනුබුරා හෝ මිනිබිරිය දකින්නට කලින් වලකජ්ජ ගසයිද දන්නේ නැති අාසියාවේ අාශ්චයිර්යමත් සීයාට සැනසිලි සිතින් අවසන් ගමන් යන්නට සැනසිල්ල උදා කර දෙන බවට ශපථ කරමු.

ද්වේශ සහගත ප්රකාශයක් නොවේ, සත්තයි.
රටේ ජාතියේ මුතුන් මිත්තන්ගේ අභිමානය රකිනු පිනිසයි.

ස්තුතියී. සැමටම තෙරුවන් සරනයි. මව් බිමට විශ්ව මාතාවගේ පිහිටයි.

සෝභිතාවතාර යේ අණ පරිදි සෝභිත අාතූරයා සත්පුරවැසියා විසින්
2019/11/02 දින - රාත්රී 11.28 ට...


*මූද ගොඩ කර බඩ/කට අල්ලාගෙන රට දියුනු කරන්නට බලා සිටිනා පෝට් සිටියට පොඩ්ඩක් එහායින් අැති මව්බිමේ රත්තරන් මුහුනේ පැත්තක් ණයෙන් පොඩි කොටසක් පියවාගෙන චීනා සැදූ අර සහරාන්ගේ බෝම්බය පිපිරුනු හෝටලයට ඩිංගිත්තක් මෙහායින් තියෙන පරන පාර්ලිමේන්තුවේ එලැඹෙන 2020 නව ජනතාවාදී අාණ්ඩුවේ අතීතයට බලාපානා නීති සැකසීමේ පලමු දෝෂාභියෝගය ලෙස න්යාය පුස්ථකයට අැතුළු කල වගයි*

=================================================================

ප්‍රජාතන්ත්‍රවාදයයි-මහ ජන සේවයයි උදෙසා කළ මෙහෙවර අගයයි 

 

"කතානායකට ලැබුණු ජාත්‍යන්තර ගෞරව සම්මානය එජාප ජනපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක්"

 
(සුජිත් මංගල ද සිල්වා)
“ප්‍රජාතන්ත්‍රවාදය සහ අවංක මහ ජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා” ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා ජාත්‍යන්තර ගෞරව සම්මානයට පාත්‍ර විය.


“ප්‍රජාතන්ත්‍රවාදය සහ අවංක මහ ජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා” ලෙස කරු ජයසූරිය මහතා මෙසේ ජාත්‍යන්තර ගෞරවාභිමනී සම්නමායට පාත්‍ර වූයේ එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20 වන සංවත්සරය නිමිත්තෙන් වන අතර ඊට අදාළ ගෞරව සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ,බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සෙනසුරාදා (02) අභිමානවත් ලෙස පැවැත්විණ.

"දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා" ජාත්‍යන්තර ගෞරව සම්මානය කතානායක කරු ජයසූරිය මහතාට වෙත පිරිනැමුණේ භාරතයේ "සන්සාඩ්" සංවිධානයේ මහ ලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් මැතිතුමා සහ ඇමරිකා එක්සත් ජනපදයේ‌ බෙවර්ලි හිල් ආර්යාව වූ මුනී ඉරෝනී මැතිනිය ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ මුලිකත්වයෙනි.


“ප්‍රජාතන්ත්‍රවාදය සහ අවංක මහ ජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා” ලෙස ජාත්‍යන්තර සම්මානය දිනා ගනිමින් කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකාවට අති විශාල ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් අතර සිය මව්බිමේ ශ්‍රී නාමය සහ එහි අභිමානය යළිත් වතාවක් මුළු ලෝකයටම රැගෙන ගිය බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 ඔක්තෝබර් 26 වැනිදා සිදු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයේදී ද,කරු ජයසූරිය මහතා ඊට බිය සුළු,ගැති සහ වංක නොවී ඊට එරෙහිව රට ජනතාව වෙනුවෙන් ඍජුව සිටිමින් එම කුමන්ත්‍රණය පරාජය කරවා සිය නීති ගරුක,යුක්ති ගරුක සහ ප්‍රජාතන්ත්‍රවාදී භාවය රටට ජනාතවට වගේම මුළු ලෝකයටම මනාව ඔප්පු කළ බව ද ඔවුහූ පැවසූහ.


ඒ අර්ථයෙන් කරු ජයසූරිය මහතා රටට,ජනතාවට සහ එක්සත් ජාතික පක්ෂයට අභාරණයක් වගේම ගෞරවයක් බව ද,මේ මොහොතේ මෙම ජාත්‍යන්තර ගෞරව සම්මානය දිනා ගැනීමට ඔහුට හැකිවීම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක් වනු ඇතැයි ද එම දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් අවධාරණය කළහ. 

Link - 

Wednesday, October 30, 2019

JVP - සහෝදරයෝ සියල්ලෝම උගත් බුද්ධිමත් සියලු කැපවීම් කිරීමට සූදානම් පිරිසක් බව බහුතර ජනතාව නොදන්නවා නොවේ. නමුත්...

JVP - සහෝදරයෝ සියල්ලෝම උගත් බුද්ධිමත් සියලු කැපවීම් කිරීමට සූදානම් පිරිසක් බව බහුතර ජනතාව නොදන්නවා නොවේ. නමුත්...

*JVP - සහෝදරයෝ සියල්ලෝම උගත් බුද්ධිමත් සියලු කැපවීම් කිරීමට සූදානම් පිරිසක් බව බහුතර ජනතාව නොදන්නවා නොවේ.

*නමුත් මේ රටේ සමස්ත ඡන්ද දායකයින්ගේ පොදු ප්‍රශ්නය මග ඇරලා ලිස්සලා යන්න හදන Jvp, Npp, Npm, ඇතුළු සමස්ත විකල්ප කණ්ඩායම් වලට ජයග්‍රහණය පිළිබඳ දෙන්න පුළුවන් සහතිකය මොකද්ද.

*ඉතින් ඒ නිසා විකල්පයේ ඒකරාශීත්වයක් නොමැතිව දිනන්නට බෑනේ.

*දිනන්ඩ නම් තුරුම්පු ඕනේ...

*තුරුම්පු තියෙන්නේ සෝභිතාවතාර ළඟ විතරයි.

*හොඳට හිතලා බලලා කටයුතු නොකළොත්...

*ජේවීපී, Npp, Npm, Nio, Jvp, ඇතුළු සමස්ත විකල්පයම පරාදයි.

*කටවහ ගන්නවා වත්..
*ශාප කරනවා වත් නොවේ.

*මහ පොළොවේ යථාර්ථය මෙයයි.
************************

*ස්වභාදහම කියන්නේ මෙන්න මේ යථාර්ථයට තමයි.

*බුදුන් තෙවරක් පය ගහපු මේ රටේ..

* ප්‍රභාකරන් හිතපු දේ වුණෙත් නෑ..

* JR. හිතපු දේ වුණේත් නෑ..

* R. ප්‍රේමදාස හිතපු දේ වුණේත් නෑ..

*ඒ වගේම මේ පාර කොළ, නිල්, රතු, හිතන දේ වෙන්නෙත් නෑ.

*විකල්ප සියල්ල එකතු නොවුණොත් ඔවුන් පතනා අවස්ථාවාදය සිදු වෙන්නෙත් නෑ..

*#පාට පක්ෂ කල්ලිවාදී දේශපාලනය අහෝසි කරනා බවට රට හමුවේ දෙන පොරොන්දුව සහ එය ඉටු කරනා අයෙකුට හැර...

*මෙවර 2019/11/16 දින ජනාධිපතිවරණයේදී වෙන අන් කිසිවකුටත් කිසිදු ජයක් අත් නොවනා බවට ස්වභාදහම ශපත කරයි.

*සෝභිතාවතාරයෙන් මෙන්න කැට...

2019/10/29 - අලුයම 00.33 ට නියත සටහන තැබූ වගයි.


sobithawathara.blogspot.com
www.facebook.com/sobithawathara
www.facebook.com/sathpurawasiya

email - sathpurawasiya@gmail.com

සොබා දහම කියන්නේ මෙන්න මේ යථාර්ථයට තමයි.

සොබා දහම කියන්නේ මෙන්න මේ යථාර්ථයට තමයි

*#සොබා දහම කියන්නේ මෙන්න මේ යථාර්ථයට තමයි.
***********************
*#බුදුන් තෙවරක් පය ගහපු මේ අති උතුම් මාතෘ භූමියේ පවතිනා හාස්කම් නිසා..
***************
* ප්‍රභාකරන් හිතපු දේ සිද්ධ වුණෙත් නෑ..


* JR. හිතපු දේ සිද්ධ වුණේත් නෑ..

* R. ප්‍රේමදාස හිතපු දේ සිද්ධ වුණේත් නෑ..

* MR. ලා.. හිතපු දේ සිද්ධ වුණෙත් නෑ. ඉදිරියට සිදු වෙන්නෙත් නෑ. 

*# වගේම මේ පාර කොළ, නිල්, රතු, කුරහන්, පොහොට්ටු, හිතන කිසිම දෙයක් අනාගතයේ දී වත් සිදු වෙන්නෙත් නෑ කොහොමත්ම.

*#විකල්ප සියල්ල රට/දැය වෙනුවෙන් සද්භාවයෙන් යුතුව එකතු නොවුණොත් ඔවුන් යටි සිතින් පතනා පාර්ලිමේන්තු මැති ඇමති තනතුරු වරදාන වරප්‍රසාද අවස්ථාවාදය සිදු වෙන්නෙත් නෑ..

*#පාට පක්ෂ කල්ලිවාදී දේශපාලනය අහෝසි කරනා බවට රට හමුවේ දෙන පොරොන්දුව සහ එය ඉටු කරනා අයෙකුට හැර...

*#මෙවර 2019/11/16 දින ජනාධිපතිවරණයේදී වෙන අන් කිසිවකුටත් කිසිදු ජයක් අත් නොවනා බවට ස්වභාදහම ශපත කරයි. එය නියතයි, සත්තයි, සහතිකයි.

*#සෝභිතාවතාරයෙන් මෙන්න කැට... ජීවිත කාලය පුරාම කටුකත්වයේ අත්දැකීම් තුලින් කියපු දෙයක් තාම වැරදිලා නෑ..

2019/10/29 - අලුයම 00.33 ට නියත සටහන තැබූ වගයි.

sobithawathara.blogspot.com www.facebook.com/sobithawathara www.facebook.com/sathpurawasiya
 
email - sathpurawasiya@gmail.com

පොදු මහත් සමස්ත ජනතාවගේ කැමැත්තට ඉඩක්..!

පොදු මහත් සමස්ත ජනතාවගේ කැමැත්තට ඉඩක්..!



*#පොදු මහත් සමස්ත ජනතාවගේ කැමැත්තට ඉඩක්..!
************************


*#සෝභිත ආතුරයා සත් පුරවැසියා කොයි කවුරුත් අවධාරණය කරගත යුතු සටහනක් අවංක විකල්පය *#පමණක් නියෝජනය කරමින් මේ හා සමගම තැබූ වගයි...

*#පවතින අරාජිකත්වයෙන් සමස්ත ජනතාව මුදවා ගැනුමට විකල්පීය වූ අවංක, පාරදෘශ්‍යය වූ අප සැම.. දිවි දෙවැනි කොට ගන්නා මේ උත්සාහය සමස්ත පීඩිත මහජනතාව වෙනුවෙනි මුලු හදවතින්ම.

*#එය තේරුම් ගැනීමට ලක්ෂ එකසිය හැටකට මදක් අඩු ඡන්දදායක ජනතාව වග බලා ගත යුතුමය. බන්දේසියක තබා කිසිවක් ලැබෙන්නේ නැත. එය ලබා ගැනීමට අඩු තරමින් ඔවුන්ට උවමනාවක්වත් තිබිය යුතුය.

*# බැව් කැපකරුවන් හට කිසියම් ප්‍රමාණයකට හෝ දෘශ්‍යමාන විය යුතුය. එවිට එය ඔවුන්ට මහත් ධෛර්යයක් වනු ඇත.

*#ගමේ ගොඩේදී පොදු කටයුත්තකදී උවත් ආත්මාර්ථකාමී මිනිසුන්ගේ සිරිත වන්නේ බිලි බෝයිලා විසින් ඉටු කර දෙන තෙක් එය නොදැක්කා වගේ සිටීමය.

*#ආතුරයා ඇතුළු සමස්ත විකල්පයේ සැමටම කොහොමත් යමක් නැතුව නොවේ. පිටරටකට යන්නට වුවද බැරුව නොවේ. මෙරටෙහි වුවද ඉතා යහපත් දිවියක් ගෙවීමට නොහැකිව නොවේ. අරාජිකත්වයට පත්ව තිබූ රටක පැවැති ගිරි දුර්ඝ මැදින් ඔවුන් තම ස්වාධීනත්වය ගොඩනගා ගෙන ඇත.

*#ඒ වගේම ආතුරයා ඇතුළු *#අවංක විකල්පයේ සැවොම සමස්ත පීඩිත ජනතාවගේ තිරසාර විමුක්තිය වෙනුවෙන් දිවි දෙවැනි කොට කැප වී සිටින්නේ විශ්‍රාම සුවයෙන් සැපෙන් සිටිය යුතු වන කාලයක දහසක් දුක් කරදර කම්කටොලු අත්විඳ වර්තමානයේ සිටිනා යහපත් තත්ත්වයට සපැමිණ ඇති පසු බිමක් තුළ බව විමුක්තිය ඉල්ලා හඬා වැටෙන්නන් කිසිසේත් අමතක නොකළ යුතුය.

*#නමුත් සාමූහික විකල්පීය අපගේ ඒ වටිනා සුව පහසු ජීවන සන්දර්භයන් පවා පසෙකලා හදවතින්ම උත්සාහ ගන්නේ සරණක් නොමැති අසරනයින් හට පරහිතකාමී සිතින් සදාතනික විමුක්තියක් අත්පත් කර දීමටය.

*#එවන් උත්සාහයකදී ජීවිතයට බරපතළ හානියක්, තර්ජනයන් ඇති වුවද.. අවසානයේ කෘතගුණ වෙනුවෙන් *#ජීවිතය අහිමි වුවද එය ප්‍රශ්නයක් කර නොගනිමි.

*#ඒ මන්ද යත් සමස්ත විකල්පය විශ්වයේ සිට මෙලොවට සපැමිණ ඇත්තේ එම භාරදූර කර්තව්‍ය, යුග මෙහෙවර වෙනුවෙන්ය යන ගැඹුරු ආධ්‍යාත්මික වැටහීම නිසාය.

*#ඒ කෙසේ වෙතත් සත් භාවයෙන් යුත් සමස්ත විකල්පයේ පරහිත කාමීන්ගේ විනිවිද භාවයෙන් යුත් පාපෝච්චාරණය එසේ දිගහැරෙත්දී...

*#පාස්කු ප්‍රහාරයෙන් පසු 225 ම එපා යැයි හඬ, හඬා කෑ මොර දුන් සියල්ලෝම *(ඉහළ සිට පහළට)* දැන් නිහඬය. එය ඔවුන්ගේ ආත්මාර්ථය විය හැක...

*#ගේම ගහලා දෙන තුරු උසි ගන්නපු කූට කැස්බෑවුන් වැල්ලේ හිස ඔබා ගෙන සිටියද උන්ගේ පස්සා පැත්ත එළියෙ බව උන් තවම නොදනී.

*#නමුත් දෑසට අමතරව පවතිනා තෙවැනි ඇසත්.. ඊටද අමතරව දෙකන් පෙති වල ඇති ඇස් සහ කෙස් ගස් පුරාම ඇති ඇස් දස දහසක් තුළින්ද අප ඒවා දැක හමාරය. නොදැක්කා වගේ, නොදැනුනා වගේ සිටියාට...

*#එම නිසා 2019/12/31 දින මධ්‍යම රාත්‍රි 12.00 කනිසමෙන් පසු සදහටම සමාජ මෙහෙවරයන් ගෙන් සමු ගැනීමට අපේක්ෂිත විකල්පයෙන් සුදුසු ප්‍රයෝජනයක් ඇත්නම් පමණක් ඉක්මනින් ලබා ගනිත්වා...

*#යලි කිසිදා නොලැබෙනා මෙම මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන වැටුප් වරදාන කිසිවක් අපේක්ෂා නොකරනා සාමූහික විකල්පයේ කර මතින් විමුක්තිය උදා කර ගැනීම අවශ්‍ය නොවේ නම්...

*#එය අවාසනාවන්ත ජාතියක දෛවය හෝ ඉරනම පිළිබඳ ප්‍රශ්නයක් මිස.. කිසිසේත් සාමූහික විකල්පයේ මතු පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ.

*#එම නිසා විමුක්තිය ඉල්ලා පෙළ ගැසෙන්නා වූ බහුතරයක් වුවහොත් පමණක් ඒ සැම වෙනුවෙන් නියත ලෙසම ඔවුන් පතනා විමුක්තිය අත් කර දීමට විකල්පයේ අප සැම අවසන් හෝරාවත් ගත වන තුරු ඇප කැප වී සැදී පැහැදී සිටිමු.

*#නමුත් තිරිංග නොමැතිව දුවන කෝච්චියකට අනවසරයෙන් හෝ බලහත්කාරයෙන් හෝ පනින්නට සාමූහික විකල්පයට හෝ ආතූරයාට හැකි වේද.. සෝභිත හිමියන් කිව්වා වුවත්, ජනතාවට ඇවැසි නොවේ නම්...

*#අවසන් වශයෙන් තැබිය යුතු නියත සටහන වන්නේ...               *********************                               
*#පාලක පාලිකාවන් ඇතුළු සමස්ත ජනතාව ඉතාමත් මැනවින් සිතා බලා ලැබී ඇති මේ මහඟු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබා නොගත හොත් මතු කවරදාකවත් ශ්‍රී ලංකාව නමැති මුතු ඇටයට යහපත් වූ සුන්දර අනාගතයක්.. සාධාරණ සමාජයක්.. යනු මිරිඟුවක් පමණක් වනු නියතය.

*#ඒ ශාප කිරීමක් නොව අනාවැකියකි.. තුන් කල් දැක්මකි.. එළැඹීමට නියමිත අනතුර, අවදානම නුවණින් දැකීමකි..

*#සෝභිත ආතුරයා සත් පුරවැසියා නොහොත් *සෝභිතාවතාර* කොයි කවුරුත් අවධාරණය කරගත යුතු සටහනක් තැබූ වගයි... 

sobithawathara.blogspot.com www.facebook.com/sobithawathara www.facebook.com/sathpurawasiya
 
email - sathpurawasiya@gmail.com 

2019/10/15x updated.. - 2019/10/30*

*#සෝභිතාවතාරයෙන් නියත විවරණයට අධ්‍යාත්මික හරයක්...

සෝභිතාවතාරයෙන් නියත විහරණයට අධ්‍යාත්මික හරයක්...

*#සෝභිතාවතාරයෙන් නියත විහරණයට අධ්‍යාත්මික හරයක්...
******************

*#සෝභිතාවතාරයේ ආතුරයා සත් පුරවැසියාගේ ජීවන පුරුද්දක් වන්නේ...

*#දෙවියන් හට අල්ලස් ලබා දීලා කිසියම්ම හෝ දෙයක් මොන යම් අපහසු අවස්ථාවකදී හෝ නොඉල්ලීම... නොපැතීම.

*#බොහෝ මිනිසුන් දෙවියන් හට අල්ලස් ලබා දී බොහෝ දේ ලබා ගන්නට කල්පනා කළද.. උත්සාහ ගත්තද... ආතුරයා ඒ ප්‍රතිපත්තිය කිසි කලෙකත් භාවිතා නොකරයි.

*#ඔහු එවැනි වූ.. සද්ධර්මයට උචිත නැති වූද.. ස්වභා දහමේ මූලයන්ට පටහැනි වූද.. කටයුතු වලට බොහෝ සේ බිය වෙත්..

*#සෝභිත ආතුරයාගේ තවත් වැදගත් ප්‍රතිපත්තියක් වන්නේ..

*#ජනාධිපති හෝ ඕනෑම ජගතෙකු හමුවට අවශ්‍ය වූවහොත්.. එය, මන්ත්‍රී, මැති ඇමතිවරු හෝ කබල්ලෑවන් ලව්වා ඉෂ්ට කර නොගැනීමයි. ඔහු කෙලින්ම ජනපති හෝ සක්විති රජු හෝ වයිට් හවුස්, බකිංහැම් වෙත හෝ නොබියව තනිවම (හමුවට) යයි.

*# ප්‍රතිපත්තිය ඔහු එසේම අනුගමනය කරමින් ලෝ පාලන දෙවියන් (*#මාගේ දැක්ම සහ දර්ශනයට අනුව විශ්ව මාතාව නොහොත් සොබා දහම) වෙත කිසියම් හෝ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුවහොත්...

*#දේවාල වල සිටිනා හොර කපුවන්ගේ කර මතින් යනු නොලබයි. කෙලින්ම විශ්වයට ආමන්ත්‍රණය කරනු ලබයි. ඉන් මහඟු ප්‍රතිඵලද ලබයි.

*#සත් ගුණවත් මිනිසුන් හට විශ්වය තුළ පවතින ස්වභා දහමේ ඇල්ම, බැල්ම, ශක්තිය, ආශිර්වාදය, නිරතුරුවම හිමිවේ.

*#නමුත් ඒ යථාර්ථය අවබෝධයේ නොමැති හෝ නොපිළි පදින්නන් ගෙන් දෙවියන් අල්ලස් ලබා ගෙන ඔවුන් ඉල්ලන දේවල් අතරින් දිය හැකි පුංචි, පුංචි දේවල් කිසිවක් ලබා දුන්නද, ඒ හැම කෙනෙක්වම විශාල පරික්ෂාවකට ලක් කරනු ලබයි.

*#නමුත් ලබා ගන්නා ඒ අල්ලස් වලින් මනදොළ පුරවා ගනුයේ දේවාලවල සිටිමින් දෙවියන් විකුණනා තක්කඩියන්ය. 

*#තම තමන් තුළ පවතින විභව ශක්තිය අවබෝධ කර ගත නොහැකි, තුලනය කර ගත නොහැකි, අඥානවන්ත මිනිසුන් සැබෑ යථාර්ථය අවබෝධ කර නොගෙන හෙට දවසේදීත් තක්කඩියන්ගේ සරණ පතයි. ඔවුන්ගේ පසු පස යයි..

*#අහේතුව වන්නේ චිරාත් කාලයක සිට මෙම දුර්ගුණය පැවත ඒම සහ අමනෝක්ඥ මිනිසුන් විසින් අනාගතය කරාද එය කරපින්නා ගෙන යාමය.

*#කෙසේ නමුත් නොදැනුවත් කම නිසා හෝ මනුසතා විසින් දෙවියන් හට අල්ලස් ලබා දීමට උත්සාහ කිරීමේදී සිදුවන හානිය වන්නේ...

*#විශ්ව මාතාවගේ මහානුභාවයෙන් මෙලොව එළිය දකිනා මනුසතා හට ස්වභා දහමේ උරුමයෙන්ම දායාදව ඇති බොහෝ දෑ අහිමි වීම පමණි.

*#අල්ලස් ලබා දී ඉල්ලන දෑවලින් අල්පේච්ඡ යක් පමණක් ලබා දී උරුමව ඇති නියත බොහෝ දේ ආපසු ලබා ගනී. (*#සුපිරි කෝටා කපා හරී)

*#දෙවියන් වහන්සේ බොහෝ සේ ආදරය කරනා අයව විශාල පරීක්ෂාවන් හට ලක් කරනා බවට බයිබලයේ කියමනක් ඇතැයි අසා තිබේ.

*#දෙවියන්ගේ අසීරු පරීක්ෂාවන් හට අප ඉතාමත් උපේක්ෂා සහගතව මුහුණ දිය යුතුය. එවිට සද්භාවයෙන් යුත් මනු සතුන් හට දේවාශිර්වාදයට පාත්‍රවිය හැකි වන්නේය.

*#එමෙන්ම මනු සතුන් හට කුමන කස්තිරම් ඇල්ලුවද හිමි වනුයේ උරුමව ඇති දේ පමනි. අහිමි කිසිවක් කිසිදාකත් හිමි නොවේ.

*#දෙවියන් හට අල්ලස් දී ලබා ගන්නා දේවල් දඩ පොලීද සමගින් කොයියම් මොහොතක හෝ නියත ලෙසම ආපසු ගෙවීමට සිදුවේ. එහිදී සමහර විට හිමිව තිබුණු බොහෝ දෑද අහිමි විය හැක.

*#මනු සතුන් නිරන්තරවම තමන් හට හිමි දෙයින් පමණක් සෑහීමට පත් වන්නට තරම් විනය ගරුක වන්නේ නම්ද.. උපේක්ෂා සහගත වන්නේ නම්ද, මානව සමාජය මෙතනම් අරාජිකත්වයකට කිසි කලෙකත් නොපිවිසෙනු ඇත.

*#මීටත් වඩා යථාර්ථයක් මාගේ ජිවිතයේ ගෙවුණු දශක හය තුළ මිහිපිට මා දැක නැත.

*#පරම පවිත්‍ර යථාර්ථවාදී වූ ප්‍රායෝගික සත් ධර්මය තෝරා බේරා ගත හැකි බුද්ධිමතුන්ට පමණයි.

*# 2019/10/30 - අලුයම 00.30 ට නියත විවරණ තැබූ වගයි.

sobithawathara.blogspot.com www.facebook.com/sobithawathara www.facebook.com/sathpurawasiya
 
email - sathpurawasiya@gmail.com