Sunday, March 18, 2018

නිකම් ලැබෙනවානම් මන්න පාරක් උනත් කමක් නෑ ඕයි...


නිකම් ලැබෙනවානම් මන්න පාරක් උනත් කමක් නෑ ඕයි...

ඒක ඉතාම ඥාණවන්ත කටයුත්තක් බව පැවසිය යුතුයි අැමතිතුමනි.  

(මෙහි පහත අැති පුවතට පිලිතුරක්....
නිර්පාක්ෂික සෝභිතාවතාර.
2018/03/18)
https://www.facebook.com/kosman.sarath.7/posts/481576392259955
කුමන කලක කුමන රජයක් යටතේ උවත් වෙනත් බොහෝ රට රටවල් වල ජනතාවට නොලැබෙනා නිදහස් සෞඛ්යය පහසුකමේ වටිනාකම රටේ ජනතාව ඉලක්කම්වලින්ම දැන ගන්නා එක වටින්නේ නිකම් ලැබෙනවානම් මන්න පාරක් උනත් කමක් නැතැයි සිතා ඕන එකටයි.. එපා එකටයි.. හැම දේකටම නිකම් ලැබෙන නිසා අරන් නොබී නාස්ති කරනා බෙහෙත්වල (ඖෂධවල) අලාභයද රජයකට අකමැත්තෙන් මුත් දරා ගතයුතු වන නිසාය.

නමුත් කෙක්කෙන් ගියත් කොක්කෙන් ගියත් මේ නාස්ති වන සෑම ශතයක්ම ජනතාවගේම බදු මුදල්ය. කැමති උනත් අකමැති උනත් ඒ සෑම අලාභයක්ම අවසානයේ දරා ගැනීමට සිදු වනුයේ රටේ ජනතාවටමය.

නමුත් නැති බැරි රෝගීන් හට විශේෂයෙන් ඉතා විශාල මුදලක් වැය වනා ප්රතිකර්මයන්හිදී රටක පවතිනා නිදහස් සෞඛ්යය පහසුකම නම් දේවාශීර්වාදයක් බව කිව යුතුමය.

ප්රතිකර්මය හෝ ශෛලකර්මය කොපමන ලක්ෂ ගනනක් වැය වනා කටයුත්තක් උවත් වර්තමාන යහපාලන රජය තුලින් එය සියයට සීයක්ම නොමිලේ හිමිවනා බව සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා අත්දුටු සත්යයකි.

නමුත් පසුගිය මහින්ද රාජපක්ෂ පාදඩ පාලන යුගයේදී අසරන රෝගීන්ගෙන් විවිධාකාරයෙන් මුදල් මංකොල්ල කෑ බව නාෙදන්නේනම් මේවා අත්දුටු ජනතාව විසින් බලයෙන් පහකර දැමූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දැන්වත් ඒවා විමසා බලා නූගත් මිතුරාට වඩා බුද්ධිමත් හතුරා කෙරෙහි වැඩි විශ්වාසය තබා වත්මන් යහපාලන ජනපතිඳුන් හට අනවශ්යය බාධාවන්ගෙන් තොරව රටේ ජනතාවට සෙතක් ශාන්තියක් අත්කර දීමට අැවැසි පරිසරය අැති කර දී සිදුකල වැරදි සහ දුෂ්ඨ කම් නිවැරදි කර ගන්නා ලෙස අවවාද කර සිටින්නේ...

නිර්පාක්ෂික සෝභිතාවතාරයි.
2018/03/18
============================================

ඉදිරියේ දී සෑම රජයේ රෝහලකම ප්‍රතිකාර ලබන රෝගීන් හට ප්‍රතිකාර සඳහා වැය වූ මුදල ඇතුළත් බිල්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බිල්පතක් නිකුත් කළද ඒ සඳහා මුදල් අය නොකරන බවයි.

අනුරාධපුර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කර තිබේ.


මීට පෙර පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේදීද මෙම යෝජනාව ගෙන ආ නමුත් ඊට විරුද්ධව සමායෙන් නැගුණු විරෝධය හමුවේ එය යටත්පත් විය.

https://www.facebook.com/kosman.sarath.7/posts/481576392259955
=============================================