Thursday, December 27, 2018

බොහෝ දෙනෙකුට අවබෝධ කර ගැනීම දුෂ්කර වූ ජනපතිට සෝභිතාවතාරයෙන් පනිවිඩයක් විශ්වයේ සිට... 2017/12/27

බොහෝ දෙනෙකුට අවබෝධ කර ගැනීම දුෂ්කර වූ ජනපතිට සෝභිතාවතාරයෙන් පනිවිඩයක් විශ්වයේ සිට...
2017/12/27

2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානෝ විශ්ව පරීක්ෂනයකින් අනතුරුව පත්කර ගනු ලැබූ තමන් හා සමාන ප්රථිපත්ති අැති තම අාතූරයාගේ පන්චස්කන්දය තුලට අවතාරයක්ව සම වැදී අැරඹුවා වූ විප්ලවය ජයග්රහනය කරවනා තුරු නිවන් මගටවත් නොපිවිස නිරතුරුවම ඔබට ශක්තිය දෙමින්ද ධෛර්යය ගෙන දෙමින්ද විශ්වයේ සැරි සරනු ලබයි.

මෙහෙයුම සාර්ථක කොට "සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ" සෝභිත සිහිනය සැබෑවක් යථාර්තයක් වූ පසු තමන් වහන්සේ නිවන් මගට පිවිසෙන බවත් කීර්ති ප්රශංසා, ගරු සම්මාන කිසිවක් නොපතනා රටට ජාතියට අැති ණයෙන් පමනක් නිදහස් වන තම අාතූරයා සත්පුරවැසියාගෙන් තම අවතාරය නිදහස් කරවනා බවත් පවසා සිටිනා උන් වහන්සේ ඊට ප්රතම නියත ලෙසම විශ්රාම ගත වන ඔබ තුමා වෙත පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් වන ජනතා සම්මානය තම අාතූරයාගේ අවසාන මෙහෙවර ලෙස සලකා ඔබ තුමා විශ්රාම සුව ගන්නා නිවස වෙතටම සපැමිනවන බව සපත කරයි.

ඔබ තුමා බලයේ සිටියදී කීර්ති ප්රසංශා උදෙසා තමන් වහන්සේගේ පාරිශුද්ධ අාතූරයා සත්පුරවැසියා කිසි දිනකත් ඔබ මුන නොගැසෙනා අතර විශ්රාම ගතව ඔබ සාමාන්යය පුරවැසියකු බවට පත් වූ පසු පැමින ඔබට අයත් සෝභිත ජනතා සම්මාන පුද කර යනු ලබයි.

සෝභිත හිමියන්ගේ සිහිනය සැබෑ කරලීම උදෙසා අාතූරයා සත්පුරවැසියාගේ දිවි දෙවනි කොට සිදු කරනා මෙම කැපවීම ඔබ වෙනුවෙන්ද නොව තමා වෙනුවෙන්ද නොව රටේ සෞභාග්යමත් අනාගතයත්... මතු පරපුරේ සුරක්ෂිත භාවය උදෙසා වන යුක්තිය රජ කරනා සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසාත් පමනි.

ජීවිතය පුරාවටම අපට අත්විඳින්නට නොහැකි උනු යුක්තිය... සාධාරනය... අපේ, මගේ, ඔබේ, රටේ සහ විශේෂයෙන් අපගේ නූගත් ප්රතිවාදීන්ගේත් මතු පරපුරේ දරුවන් වෙනුවෙන් හෝ හිමිකර දීමට අැත්නම් ඊටත් වඩා සැපයක් අසාධාරනයත්.. අයුක්තියත්.. හමුවේ වටිනා ජීවිත අකාලයේ පරල උනු අපට දැන් කුමටද...! 

තුණුරුවන් සරනයි. සියළු දෙවි රැකවරනයි.

සෝභිතාවතාර විශ්වයේ සිට දේදුනු විප්ලවයේ අවසන් අධියරේ හිඳිමින් ඔබ සමග ශක්තියක්ව...
2018/12/27

\

Monday, December 24, 2018

ලංකා ඊනිවුස් (E-news) දෙපිටයා රෝසිගේ අය වාර්තාව ගලවයි.

ලංකා ඊනිවුස් (E-news) දෙපිටයා රෝසිගේ අය වාර්තාව ගලවයි.

බැඳුම්කර සිද්ධියෙන් පසු කාලයක සිට නිරන්තරවම තම ජාති හිතයිෂී කම් බල්ලට දමා එජාපයට කඩේ යමින් අසුචි බුදිනා ඊනිව්ස් සඳරුවන් සහ එහි සිටිනා තවත් සමහර නිර්නාමික සහ  බොරු නාමික (ඩබල් ගේම්) කාරයින් ඊයේ රෝසිගේ අය වාර්තා ප්රසිද්ධ කරමින් රෝසිට කඩේ ගියෝය.

නමුත් බුද්ධිමත් පාඨක සහ ප්රේක්ෂක ප්රජාවගේ විවේචන හමුවේ අද වන විට එම වාර්තා තම අඩවියෙන් ගලවා දමා අැත.

එක්කෝ මුන්ටත් ගනන් බෑ. නැතහොත් රෝසිගේ ටොයිලට් කොමිස් කීයක් හරි ලැබිලද දන්නේත් උන්ම තමා...

මුන්ට කප්පම් නොදෙනා ජනාධිපති මෛත්රීව පතුරු ගසනා මුන් වැරදිලාවත් එජාපය වෙනුවෙන් හෝ අති විශේෂයෙන් එජාප නායකයා වෙනුවෙන් කෙල පොදක් බිම නොහලයි.

බැඳුම්කර කථා මුන්ට අැලජික්ය. බැඳුම්කරයක් ගැන මුන් දන්නේවත් නැත. 






ඔවුන් ඔබට සඟවන දෙය - 2


අනේ අපොයි සෝභිත හිමියන්ගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ බහුතර සබුද්ධික ජනයා බොහෝ සෙයින් අාදරය කල ඊනිව්ස්ලාට වෙච්චි සන්තෑසියක තරම.

ඕකට තමයි කියන්නේ සල්ලි දැක්කහම මල මිනිත් දිව දික් කරනවා කියලා.

හැබැයි ඒකට මුන්ට විතරක්ම දොස් කියල හරියන්නේත් නැහැ. රාජපක්ෂලා විසින් විනාශ කරල හිඟන තත්තවයට වැටිල හිටිය මුන්ට අාණ්ඩුවක් විදියට යහපාලනේ විසින් නිසි වන්දියක් ලබා දුන්නේ නැහැ.

නමුත් රනිල්ලා/මලික්ලා කපටින් නිසා වෙන විදියකට මුන්ව බිලි බෑව. ඒ ලනුවයි ජරාවයි කාපු මුන් දැන් ගල උඩ පහරලා බෙට්ට වහ ගන්න විදියක් නැතුව හතර අතේ ගාගෙන වටේ යනවා. තව වැඩිකල් යන්න කලින් සබුද්ධික ජනතාවගෙන් අතුගෑවිලා කහල ගොඩට විසිවෙලා හැඳි ගෑවිලා මක බෑවෙලා තොලොන්ජි වෙලා කුජීත වෙලා නැත්තටම නැතිබංගස්ථාන වෙලා යනවා. පවු. දුකයි.

සෝභිතාවතාර විශ්වයේ සිට දැඩි කනස්සල්ලෙන්...
2018/12/24



Friday, December 21, 2018

බුදුන්ගේ කුසුම සොරාගෙන ශාපයට ලක්වූවෝ වෙනුවෙන් නීතියේ හිල් සාදා විශ්ව මාතාවගේ උදහසට ලක් වෙනවා එහෙම නොවේ හොඳේ, හිටන්... හුටන්... පටන්... සෝභිතාවතාර විශ්වයේ සිට... 2018/12/22

බුදුන්ගේ කුසුම සොරාගෙන ශාපයට ලක්වූවෝ වෙනුවෙන් නීතියේ හිල් සාදා විශ්ව මාතාවගේ උදහසට ලක් වෙනවා එහෙම නොවේ හොඳේ, හිටන්... හුටන්... පටන්...
සෝභිතාවතාර විශ්වයේ සිට...
2018/12/22 







































=======================================================================

ඉස්කුරුප්පු ඇණේ - iskuruppu ane
Yesterday at 10:15 PM · 
පොරටෝක 03.
============
අපි පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නෑ කිව්වට මේන්න ප්‍රසන්න රණතුංග, ලක්ෂ්මනා යාපා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිමල් ලන්සා අපූරුවට කියනවා නෑ නෑ අපි පොහොට්ටුවේ සාමාජිකයෝ කියලා..
https://www.facebook.com/iskuruppu/videos/2245528595719195/

=======================================================================

JVP USA


මහින්දට කොන්ද පණ නෑ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා 
කියන්න.
=======================================================================









Thursday, November 15, 2018

දේශපාලනික වශයෙන් රට තුල මතුව අැති සියළු අරාජික තත්ත්වයන් සැලකිල්ලට ගෙන සෝභිතාවතාර විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් වෙත ඉතාමත් කාරුණිකව සිදු කරනා අායාචනයයි. 2018/11/15 දින - 22.00 පැයේදී... / ජනාධිපති මෛත්රීපාල මැතිඳුනි, පවතිනා සියළුම අාවේගයන්, දුක්ඛ දෝමනස්සයන්, අප්රසාදයන්, චෛතසික පීඩනයන් සියල්ලම අපගේ ඒ් උදාරතර අරමුන වෙනුවෙන් දෙවනි කොට සලකමු. නහී වේරේන වේරානී.. සම්මන්තීද කුදාචනම්... තිලෝගුරු සම්බුදු පියානන්ගේ ඒ අති උත්තම වදන් අපට සිහිපත් කර දුන්නේ අන් කවරෙකු හෝ නොව ඔබමය. ‍

නමෝ බුද්ධාය  නමෝ බුද්ධාය  නමෝ බුද්ධාය  නමෝ බුද්ධාය 




නහී වේරේන වේරානී - සම්මන්තීධ කුදාචනං 
අවේරේන සම්මන්තී - ඒස ධම්මෝ සනන්තනෝ...

......වෛරයෙන් වෛරය කිසිදා නොසන්සිදේ වෛර නොකිරීමෙන්ම පමණක් වෛරය සන්සිදේ. මෙය ලොවෙහි පවතින සනාතන දහමකි.... සැමට සම්මා සම්බුදු සරණයි ....
===============================================
මෙම තීරනාත්මක අවස්ථාවේදී දේශපාලනික වශයෙන් රට තුල මතුව අැති සියළු අරාජික තත්ත්වයන් සැලකිල්ලට ගෙන සෝභිතාවතාර විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් වෙත ඉතාමත් කාරුණිකව සිදු කරනා අායාචනයයි. 2018/11/15 දින - 22.00 පැයේදී...
සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ අදිටනින් මෙහෙයවුනු 2015 ජනවාරි 08 සෝභිත මාහිමිපානන්ගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නාමයෙන් වසර 4 කට අාසන්න කාලයක් මෙරට ජනාධිපති ධුරය හෙබවූ ඔබ තුමන් ඉදිරියේ දිග හැරුනේ ගිරි දුර්ඝ කටු ලැහැබයන් අතරින් යායුතු වූ අති දුෂ්කර දේශපාලනික ගමන් මගක් බව ඔබ මෙන් මාද මා මෙන් බහුතරයක් වූ සබුද්ධික දේදුනු ප්රජාවද ඉතා හොඳින් දන්නා කරුනකි. ඒවා නැවත නැවත කථා කිරීමෙන් සිදු වන්නේ යමක් සිදු කිරීමට අපට ඉතිරිව අැති සීමිත වටිනා කාලය තව දුරටත් වියැකී යාම පමනි.

එම නිසා හෙට පහන් වන්නට ඉතාමත් සීමිත හෝරා ගනනාවක් ඉතිරිව අැති මෙම තීරනාත්මක මොහාෙතේ විශ්වයේ වැඩ වසමින් නිරතුරුවම ඔබගේ සෙවනැල්ල වෙමින් ඔබ අත් නොහැර සිටි සෝභිත මාහිමිපානෝ තම අාතූරයා මගින් ඔබ වෙත යොමු කරනා ඉක්මන් අායාචනයයි මේ...

ජනපති මෛත්රීපාල සිරිසේන වූ ඔබ හරි හෝ වැරදි හෝ විවිධාකාරයෙන් අසරන වූ බොහෝ අවස්ථාවන්හිදී ඔබ තුමන් තනි වෙන්නට නොදී අසරන වන්නට නොදී පවුලේ සමීපතමයන් හැරුනු කොට සිටියානම් යමෙකු කිසිවක් අපේක්ෂා නොකල ඒ සෝභිත හිමියන්ගේ අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාරය වෙයි.

සෝභිතාවතාර එසේ කටයුතු සිදු කලේම බොහෝ අවස්ථාවල ඔබගේ අසීමිත ඉවසීමෙන් සමහර මාධ්යය සහ දේශපාලනික දුර්ජනයින් ගනු ලැබූ අයුතු ප්රයෝජන හමුවේ (යම් යම් අඩුපාඩු තිබුනත්) ඔබේ පැත්තටද (කියන්න ඕනා දේ කටකෑවත් කියනා) කිසියම් බලයක් අදෘශ්යමානව හෝ පැවතිය යුතු නිසාය.

ඒ වෙන අන් කිසිදු වාසි ප්රයෝජනයක් නිසා නොව ඔබත් මාත් පැතූ ඒ සහජීවනයෙන් සපිරි සුන්දර ලෝකය හෙට උපදිනා දරුවන් වෙනුවෙන් ගොඩ නැගීමේ ඒකායන අරමුන නිසාය. ඔබේත් මගේත් වයසට සාපේක්ෂව දශක ගනනාවක් මෙම අසමතුලිත සමාජ ක්රමය, අවනීතිය, කිසියම් ප්රමානයකින් හෝ යුක්ති සහගත ලෙස ඉහලට ඔසවා තබා භේදයකින් තාෙරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ අති දුෂ්කර වූ සංග්රාමය ජය කනුව කරා රැගෙන යාම උදෙසාම පමනි.

කෙතරම් දුෂ්කරතා මධ්යයේ උවද වසර 4 ක් ඉදිරියට ගොස් (මට දැන් හති ඔයාම අාපහු බාර ගන්න) යැයි කියා මුහුන එක්ක තරහ වී නහය කපා ගන්නා වැනි වූ අමනෝක්ඥ වැඩ අප නොකර ඉමු. ඔබේ දියණියගේ ජනාධිපති තාත්තා කෘතියේ අැතැයි සමාජ මාධ්යය ඔස්සේ විවේචනයට ලක්ව අැති (ඔබ කෝපයට පත්ව ගොයමට ගිනි තැබූ කථා සත්යයද) කාරනාවන් හට අප ගොදුරු නොවෙමු. 

ක්රෝධ, ශෝක, සතුටු, පැහැදීම් යන හැඟීම් සිත තුල අැතිවූ කිසිදු අවස්ථාවක අප ක්ෂනික තීරන වලට හෝ ක්ෂනික පොරොන්දු වලට හෝ නොයා ඉමු. මාගේ මෙම අායාචනය සම්බන්ධයෙන්ද ඒ අාකාරයෙන්ම කටයුතු කරන්න.

නමුත් අපගේ උතුම් වූ ඒ (සෝභිත) අරමුන,අධිෂ්ඨානය පමනක් කිසිදු බාධාවකට හෝ බලවේගයකට යට වෙන්නට ඉඩ නොතබන්න.

යම් ලෙසකින් ඒ අත් වරද ඔබ/අප අතින් සිදු උවහොත් ඔබට මියැදෙන්නට සැනසිල්ලක් නොපවතින්නේ අන් කවරක් නිසාවත් නොව මූලික වශයෙන් ඔබේ සදාදර දරුවන් විසින් අනාගතයේදී බිහි කරනා ඔවුන්ගේ දරුවන් හට පවතින්නට සුරක්ෂිත රටක්, සමාජයක් අහිමි විය හැකි නිසාය. දයාබර තාත්තා, සීයා හෝ මුත්තා වශයෙන් ඔබගේ දරු මුනුපුරන් හට මෙරටේ යෙහෙන් වැජඹෙන්නට නම්ද... නිදහසේ පාරේ තොටේ යන්නට නම්ද... නිදහසේ සාප්පු සවාරි යන්නට නම්ද... නිදහසේ මුහුදු වැල්ලේ, වැව් තාවුල්ලේ,කෙතේ කුඹුරේ නියරේ කමතේ බඩ පිනුම් ගසන්නට නම්ද... දුව පැන අැවිදින්නට නම්ද... කාරයක, බස් රථයක, දුම්රියක, පාපැදියක, යන්නට නම්ද... තටාකයක පිහිනන්නද... උයනක සිරි නරඹන්නටද... සුරක්ෂිත රටක් සුරක්ෂිත සමාජයක් තිබිය යුතුය.

ඒ පිලිබඳ යම් හෝ සැකයක් අැත්නම් අපමන දුක් විඳ ඉතිරිව අැති අපගේ මේ සොච්චම් ජීවිතයේ දෑස් පියවෙන්ට පෙර සැනසිලි සිතින් මියෑදෙන්නට නම් තියෙන දේපොලක් විකුණා දමා හෝ අපගේ පැටවුන් මෙරටින් යලි නොඑන්නම පිටමං කල යුතු නොවේද...

***(තම දේපොල විකුණා දමා දැනටද තම මව් රට අත්හැර ගොස් අැති අසරන මිනිසුන් හට පසුගිය දිනෙක දොස් නැගූ පාඨලී චම්පික මැතිතුමාටද මෙමගින්ම පිලිතුරු දී අැත)***
============================================
ජනාධිපති මෛත්රීපාල මැතිඳුනි,
=====================
පවතිනා සියළුම අාවේගයන්, දුක්ඛ දෝමනස්සයන්, අප්රසාදයන්, චෛතසික පීඩනයන් සියල්ලම අපගේ ඒ් උදාරතර අරමුන වෙනුවෙන් දෙවනි කොට සලකමු.

නහී වේරේන වේරානී.. සම්මන්තීද කුදාචනම්...

තිලෝගුරු සම්බුදු පියානන්ගේ ඒ අති උත්තම වදන් අපට සිහිපත් කර දුන්නේ අන් කවරෙකු හෝ නොව ඔබමය. ‍

ඉතින් ඔබ අපට කියූ වදන් තමා සම්මතයෙදි නොපිහිටා සිටින්නට ඔබට ඉඩ දිය නොහැක්කේ ඔබ අප සියල්ලන්ගේ පොදු හතුරා පරාජය කිරීම තුල ඔබ අප සැමගේ මතු පරපුරට සුරක්ෂිතව වැජඹෙන්නට හැකි සමාජයක් සමාජ ක්රමයක් ඔබ අප සියල්ලෝම ඒකරාශීව ගොඩ නගා තිබුනහොත් ඉහත සඳහන් කල ලෙස ඔවුන් සැමට තම රට තුල නිදහසේ විසිය හැකි වන නිසාය.

නොඑසේ උවහොත් කාගේ කාගේත් පුතනුවන්ලා හට මුනුබුරන්ලා හට නාඳුනනා තුවක්කු කරුවන්ගේ ගොදුරු බවටත්... දියණියන් මිනිබිරියන් ස්ත්රී දූෂකයන්ගේ ගොදුරු බවටත්... පත්විය හැකි වීම කාට වැලැක්විය හැකි වේද..?

ඔබ තුමානන් හට 62 ලක්ෂයක් සබුද්ධික ජනයා ලබා දුන් ඒ උදාර වරම යලිත් මේ රටේ කිසිදා කිසිවෙකුට ලැබේ යැයි සිතීම සිහිනයකි. ඒ නිසා ඔබ අප සැමගේ අවිහිංසක දරුමුනුබුරන් හට තම මව්රට තුල නිරුපද්රිතව විසීමට නම් අන් සැමගේ දරුවන් හටද නිරුපද්රිතව විසිය හැකි රටක් නිර්මානය වී තිබිය යුතුය. ඒ සඳහා සාරධර්ම වලින් පොහොසත් රටක් බවට අප රට පත් කල යුතුය. සාරධර්ම නිසි ලෙස ස්ථාපනය කල හැකි වන සේ ඒ හා සමගාමීවම එදා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය අතින් ගිලිහී ගිය කෘෂිකාර්මික විප්ලවයට නැවත පන දිය යුතුය.

ඒ වගේම විශේෂයෙන්ම අප සැමගේ පොදු සතුරා වෙතද මෙම පනිවිඩය සම්ප්රේෂන කරවීම ඉතා වැදගති. මන්ද යත් අවිහිංසක මිනිසුන්ගේ දරු මල්ලන්ටද වඩා ඒ අයගේ දරුමල්ලන් සමාජ අසාධාරනයට ලක්ව විප්ලව කිරීමට පෙලඹෙනා අනාගත ත්රස්තයින්ගේ ප්රතම ටාගට් එක වීම නොවැලැක්විය හැකි නිසාය.

ඒ නිසා ප්රජාතන්ත්රවාදී ලෙස රට කිරීමට ඉඩ නොදෙනා වත්මන් ජන පීඩකයින් හට අනාගත ශ්රීලංකාව දෙස දිවැසින් බලා සෝභිතාවතාර විසින් ලබා දෙන මෙම අවවාදාත්මක සිහි කැඳවීම තරයේ සිහි තබා නොගතහොත් අනාගතයේදී ඔවුන් හට පසුතැවිලි වීම හැර වෙන අන් සරනක් සොබා දහම විසින් ශේෂ නොකරනු නියතය.

නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර ඉතාමත් නිහතමානීව ජනපතිඳුන් හට රට කිරීමට ඉඩ නොදෙනා යහපාලන/යමපාලන සියළු සැම දැනුවත් කර සිටිනා වගයි.

=========================


ජනාධිපති තුමනි, 
අවසන් වශයෙන් මා හට ඔබට පැවසීමට අැත්තේ....

එදා ඒ බියකරු මොහොතේදී ඔහු ඔබට මහා පවුරක් විය. ඔහු තුල කෙතරම් අඩුපාඩු අැතත්, ඔබ හා නොසැසඳෙනා සංස්කෘතික ලක්ෂනයන් කොපමන අැතත්, දැන් ගෙවා අවසන් කල නොහැකි ඒ ණය හැකි අවම ප්රමානයෙන් හෝ නොගෙවා සිටීම ඔබට තරම් නොවනු අැත.

එමෙන්ම ඉතිහාසයේ එක වකවානුවකදී ඔබේ නායිකාව මෙවන් වූ ලෙසින්ම ඔහුට සිදුකල අකටයුත්ත නැවත නැවතත් සිදු නොකරන්න. නොඑසේනම් ඉදිරි සම්මුතිවලට නොයා ඉන්න. නමුත් තිරිසනෙකුට උවත් අවම අාත්ම ගරුත්වයක් හෝ හිමිවිය යුතුය. එදා සහ මෙදා ඔහුට ඔබ සහ ඔබේ නායිකාව සිදුකල දේ අසවලාට කලා නම් මොනවායින් මොනවා වෙලා එය අවසන් නොවේවිද. ඒවාට අද දිනයේදී ඕනාවටත් වඩා වැඩියෙන් සාධක සහ සාක්ෂි මුළු ලොවටම දෘශ්යමාන වන ලෙස අප සැමට දැක බලා ගන්නට සිදු උනා මදිවට තවත් සමහර අයට ඒවා භෞතිකවම අත්විඳින්නටද සිදු නොවුනා නොවේද..

හරියට කීවොත් උගතෙකු දනක් බසින්නැති මඩේ මෝඩයා කරවටක් බහිනවා යන කියමන සියයට සියයක් සනාථ කරමින් අද දින පාර්ලිමේන්තු ඉතිහාසයේ කලු සලකුන උපන් දා සිට පාර්ලිමේන්තු අත්දැකීම් අැතැයි තමාම කියා ගන්නා බල උන්මත්තකයෙකු විසින් සනිටුහන් කරනවා මුළු ලොවම බලා සිටියේය.

ඔහුගේ සහ මොහුගේ සුවිශේෂී වෙනස එය නොවේද. ටොක්කක් කෑවත් අඩු තරමින් එය රන් මුදුවක් පැලඳි අතකින් කෑ යුතුයැයි යන කියමනක් අතීතයේ සිට පැවත එන්නේ නිකමටම නොවිය හැක.

ඒ නිසා ඉතිරිව අැති සීමිත කාල පරිඡ්චේදය ඔහුට රට කරන්නට ඉඩ දෙන්න. ඔහුගේ උද්දච්ච හිතුවක්කාරකම් ඔබේ පරිනත වූ සබුද්ධික උපේක්ෂාවන්ගෙන් අතික්රමනය කරන්න. 

අැටි කුකුලුන් හඹන් තලනා විට වලි කුකුලුන් හට ජය මගුල් කන්නට ඉඩ නොතබන්න.

මන්ද යත් ඒ සියල්ලෙහි අවසන් ප්රථිපලය වන්නේ සෝභිත හිමියන්ගේ නිසල දේහය අභියස ඔබ/අප සැම සපත කල ප්රතිඤ්ඥාව මිරිඟුවක් වීම පමනි. ඔබ සැමට තෙරුවන් සරනයි.


Tuesday, November 13, 2018

කාලෙකින් අහන්නත් සතුටු ස්වාධීන නඩු තීන්දුවක්. ජේඅාර් යුගයේදී සහ මහින්ද යුගයේදී මෙවන් නඩු තීන්දු දෙන්න අධිකරනට ඉඩක් ලැබුනේ නැහැ. දුන්නානම් දුන්න අයට සිදු වන දේත් නිස්චිතයි. ජේඅාර් නඩු කාරයින්ගේ ගෙවල් වලට ගල් ගැස්වූවා. නමුත් වත්මන් ජනපති අධිකරණයට බියජනක බලපෑම් සිදුකර නොමැති බව මෙම තීන්දුවලින් පැහැදිලි වෙනවා. දැන් ඉදිරියට තියෙන්නේ අගමැති මහින්දගේ වාරයයි. යහපාලනයද නැවතත් යමපාලනයදැයි යන්න එතුමන් හට තීන්දුවක් ගන්නට සිදු වෙනවා. නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට ස්වාධීනව ප්රකාශ කර සිටියී. 2018/11/13

Nov13
https://www.gossiplankanews.com/2018/11/supreme-court-2nd-day.html
https://www.gossiplankanews.com/2018/11/supreme-court-2nd-day.html?fbclid=IwAR0_gRQjpkIyb4PM5NSkfhyEO-oBUvNjxh0y5xZtF834JBehBT0Ct4n5WNM
කාලෙකින් අහන්නත් සතුටු ස්වාධීන නඩු තීන්දුවක්.
කාලෙකින් අහන්නත් සතුටු ස්වාධීන නඩු තීන්දුවක්. ජේඅාර් යුගයේදී සහ මහින්ද යුගයේදී මෙවන් නඩු තීන්දු දෙන්න අධිකරනට ඉඩක් ලැබුනේ නැහැ. දුන්නානම් දුන්න අයට සිදු වන දේත් නිස්චිතයි.
ජේඅාර් නඩු කාරයින්ගේ ගෙවල් වලට ගල් ගැස්වූවා. නමුත් වත්මන් ජනපති අධිකරණයට බියජනක බලපෑම් සිදුකර නොමැති බව මෙම තීන්දුවලින් පැහැදිලි වෙනවා.
දැන් ඉදිරියට තියෙන්නේ අගමැති මහින්දගේ වාරයයි. යහපාලනයද නැවතත් යමපාලනයදැයි යන්න එතුමන් හට තීන්දුවක් ගන්නට සිදු වෙනවා.
නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට ස්වාධීනව ප්රකාශ කර සිටියී.
2018/11/13
Nov13
https://www.gossiplankanews.com/2018/11/maithri-mahinda-ranil_13.html
පාර්ලිමේන්තුව විසුරවීමට මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා ගත් තීන්දුව බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරනය අද 13 සවස ලබාදුන් තීන්දුව ප්‍රකාරව හෙට 14 දින හෝ ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස්වනු ඇති බවට ආරංචි පැතිර තිබේ.
ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා ලබාගත් මුල් තීන්දුව ප්‍රකාරව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පිළිගන්නේද නැද්ද යන්න පිළිබඳ ඡන්ද විමසීමකට පාර්ලිමේන්තුවේ පක්ෂ කේන්ද්‍රගතවනු ඇත. එම මුල්  තීන්දුවද ව්‍යවස්තා විරෝධී බවට තර්ක පැන නැගුනි.
විසුරවීම සිදුවන අවස්ථාව වනවිට මහින්ද පිලට එජාපයේ 6 ක් හා ඊපීඩීපී 1 ක් ටීඑන් ඒ 1 ක් එකතුව 103 ක බහුතරයක් පෙන්නුම් කළ අතර ඒ දිනවල මහින්ද පිලට අයත් මාධ්‍ය හෙලිදරව් කර සිටියේ තවත් 15 ක් පමන එකතුවනු ඇති බවයි.
කෙසේ වෙතත් නිල නොවන වාර්තා පවසා තිබුනේ මහින්දගේ පිල 86 දක්වා අඩුවූ බවයි. කෙසේ වෙතත් මෙම ඡන්දයේදී 6 දෙනෙකු නියෝජනය කරන ජවිපය ඡන්දය දීමෙන් වැළකී සිටින බවට මුලින් ප්‍රකාශ කළ අතර පසුව කියා සිටියේ මහින්දට එරෙහි යෝජනාවක් නම් ඡන්දය විරුද්ධව පළ කරන බවයි. ටීඑන්ඒ 15 දෙනාද විරුද්ධවන බව දන්වා සිටි අතර මුස්ලිම් මන්ත්‍රීවරුන් 12 දෙනා මහින්දට පක්ෂවූයේ නැත.
ඒ අනුව පාර්ලිමේන්තුව ඉදිරියේ රැස්කරන අවස්තාවේ ජනපතිවරයා ලබාගත් මුල් තින්දුව ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න තහවුරු වනු ඇත. 

Monday, November 12, 2018

ශ්රී ලංකා නිදහස් පක්ෂයට වටිනා උපදේශනයක් / නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාරයෙන් - 2018/11/12


ශ්රී ලංකා නිදහස් පක්ෂයට වටිනා උපදේශනයක්.. 
නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාරයෙන්. 
2018/11/12

දේශපාලන දිවියේ රන්කිරි තාෙල ගෑ තම මව් පක්ෂයට අැති අප්රමේය වූ අති මහත් ගෞරවයට සහ භක්තියට කිසිදු අවමානයක්, උපද්රවයක්, හානියක් සිහිනෙකිනුදු නොවනු අටියෙන් මහින්ද රාජපක්ෂ මැතිඳුන් දුර දක්නා නුවනින් යුතුව අනාගත පරපුරේ සහ රටේ යහපත පිනිස පැවැත්වීමට නියමිත නුදුරු තීරනාත්මක මැතිවරනයේදී තමන්ගේ දේශපාලන දිවියට නොමැකෙනා කලු පැල්ලම් අැති කල තමන් හට බොරු අැඟෑලුම් කම් පෙන්වමින් දූෂනයෙහි සහ භීෂනයෙහි යෙදෙමින් ඉදිරි මැතිවරනයෙන් පසුවත් තමන්ගෙන් අයුතු ප්රයෝජන ගන්නට යලිත් තමන් විනාශ කරන්නට මාන බලා සිටිනා හොරු රැල තම මව්

පක්ෂය වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ගලවාගෙන හොරුන් සඳහාම අටවා අැති පොහොට්ටුවට ගාල් කිරීමට වග බලාගෙන අැත.

එම නිසා දැන් නැවතත් ඉතිහාසයේ පැවති ඒ අභිමානනීය වූ ශ්රී
ලංකා නිදහස් පක්ෂය යුගයට ගැලපෙනා ලෙස යාවත්කාලීන (Update) කිරීමට අවස්ථාවක් උදා වී අැත.

මෙතුවක් කාලයක් හොරු නිසා යන එන මං අහිමිව අසරන වී සිටි උගත් වැදගත් පරිනත පාරම්පරික ශ්රීලනිප පාක්ෂිකයාට කිසිදු බියක් සැකයක් හිරිකිතයක් නොමැතිව තම පරමාධිපත්යය බලය වටිනා චන්දය පාවිච්චි කිරීමට හැකි පරිසරයක් අැති කිරීමට දැන් එම පක්ෂයේ නිර්මාතෘවරුන් හට වගකීමක් සහ යුතුකමක් පැවරී අැත.

චන්ද පදනම අඩු වුවත්... වැඩි උවත්... පරිනත දේශපාලනික සන්දර්භයක් තුල රටටත් අනෙකුත් දේශපාලනික ප්රවාහයන් හටත් (ජේවීපිය සේ) පරමාදර්ශී වෙමින් සම්මුඛ පරීක්ෂන මගින් තෝරා ගනු ලබනා උගත්, වැදගත්, විනීත, නවක තරුණ තරුණියන්ගෙන් යුත් පරපුරක් බිහි
කොට හරවත්, සාරවත් රටට වැඩදායක අැති නවමු දේශපාලනික බලවේගයක් යලි බිහි කිරීම පෞඩ ඉතිහාසයක් අැති පක්ෂයකට ඉතාමත් කාලෝචිත ක්රියාන්විතයක් වන්නේය.

මේ සඳහා සංහිඳියාවේ පතාකයෙකු වන අභාවප්රාත්ත විජය කුමාරතුංගයන්ගේ පුත්
විමුක්තිගේද දායකත්වය සහ එම මෑණියන්ගේද පූර්න අාශිර්වාදය අැතිව පක්ෂයේ නිර්මාතෘවරුන් වන අභාවප්රාත්ත එස්.ඩබ්.අාර්.ඩී. බණ්ඩාරණායක ශ්රීමතාණන් හට සහ අභාවප්රාත්ත සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය හට පිං පිනිසත්, ගෞරව පිනිසත්, සුපිරිසිඳු ශ්රීලනිප පාක්ෂික ප්රජාවගේ යහපත සහ අස්වැසිල්ල පිනිස මෙම යෝජනාව පිලිබඳව ධනාත්මක චින්තනයෙකින් යුතුව සලකා බලනා ලෙස යෝජනා කරමු.


කුමක් කෙසේ වෙතත් මෙහිදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් නිර්පාක්ෂිකව කටයුතු කිරීම අතිශය වැදගත් වේ. 

නමුත් එකී ප්රජාව වෙනුවෙන් මෙකී යෝජනාව සිදු කල සෝභිතාවතාර සැමදාමත් නිර්පාක්ෂික මෙන්ම නිර්දේශපාලනික බව ඉතා කරුණාවෙන් සලකන්න.
ස්තුතියී.
2018/11/12