Friday, July 12, 2019

මිලියන ගණනින් නැරඹිය යුතු වීඩියෝව - රට බේරා ගැනීමේ එකම මග - ආචාර්ය ජෝ සිල්වාගේ නීති තර්කයෙන්ම සෝභිතාවතාර ජනතාව සමගින්... "Autochthonous constitution" - "ඔටොප්තනස් කන්ස්ටිටියුෂන්" "ස්වයංජාත ව්යවස්ථාව" - 2019/07/12

මිලියන ගණනින් නැරඹිය යුතු වීඩියෝව - රට බේරා ගැනීමේ එකම මග - ආචාර්ය ජෝ සිල්වාගේ නීති තර්කයෙන්ම සෝභිතාවතාර ජනතාව සමගින්... - 2019/07/12

මිලියන ගණනින් නැරඹිය යුතු වීඩියෝව - රට බේරා ගැනීමේ එකම මග - ආචාර්ය ජෝ සිල්වාගේ නීති තර්කයෙන්ම සෝභිතාවතාර ජනතාව සමගින්... - 2019/07/12


"Autochthonous constitution" - "ඔටොප්තනස් කන්ස්ටිටියුෂන්"
"ස්වයංජාත ව්යවස්ථාව"

මිලියන ගණනින් නැරඹිය යුතු වීඩියෝව - රට බේරා ගැනීමේ එකම මග - ආචාර්ය ජෝ සිල්වාගේ නීති තර්කයෙන්ම සෝභිතාවතාර ජනතාව සමගින්... - 2019/07/12

"Autochthonous constitution" - "ඔටොප්තනස් කන්ස්ටිටියුෂන්"
"ස්වයංජාත ව්යවස්ථාව"

https://youtu.be/dx_6HGtqAb8

Published on Jul 10, 2019
ජන සම්මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රමවේදය තුලින් මේ ප්‍රශ්නයෙන් ගොඩ ආ හැකියි.

නීති විද්‍යාලයේ හිටපු විදුහල්පති හා පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමයේ උප සභාපති #changeTheSystem

--------------------------------
If you believe that this country can be saved, kindly show us your support financially by donating to the below account:

Nagananda Kodituwakku
Ac no: 82968430
Swift: BCEYLKLX
Bank code: 7010
Branch code: 049
Bank of Ceylon (BOC),
Nugegoda Branch.

Or by
Actively participating in our activities.


Like our FB page: www.facebook.com/whistleblowerSL

Category

License

Tuesday, July 9, 2019

දැන් දැන් හැමෝම පීලි මාරු කරමින් සෝභිතාවතාරයේ සැලසුම් දිගට හරහට කොපි කරමින් තම තමන්ගේ බල පොරයේ උපක්රම වෙනස් කරනා බව පෙනෙන්නට අැත. කමක් නෑ සෝභිතාවතාරට ජනාධිපති වීමේ කිසිදු අාශාවක්වත්.. උවමනාවක්වත්.. නැහැ. නමුත් "අපි වෙනුවෙන් අපි" ලක් පුරවැසියෝ මේ පාර අපේ පරමාධිකාරී බලය (වරම) අපේ අතට අරගෙන ඉවර වෙලා තමයි කාට රට කරවන්න දුන්නත් දෙන්නේ. ඒ බව දැනගෙන ජනාධිපතිවරන සටනට එන්න ඕන කෙනෙක්. අපි අාපහු පාරක් කවදාවත් කාටවත් යලි රැවටෙන්නේ නැත. ඒ බව ශපතයි. සත්තයි. සහතිකයි. - සෝභිතාවතාර / Sobithawathara - 2019/07/10

දැන් දැන් හැමෝම පීලි මාරු කරමින් සෝභිතාවතාරයේ සැලසුම් දිගට හරහට කොපි කරමින් තම තමන්ගේ බල පොරයේ උපක්රම වෙනස් කරනා බව පෙනෙන්නට අැත.

කමක් නෑ සෝභිතාවතාරට ජනාධිපති වීමේ කිසිදු අාශාවක්වත්.. උවමනාවක්වත්.. නැහැ.

නමුත් "අපි වෙනුවෙන් අපි" ලක් පුරවැසියෝ මේ පාර අපේ පරමාධිකාරී බලය (වරම) අපේ අතට අරගෙන ඉවර වෙලා තමයි කාට රට කරවන්න දුන්නත් දෙන්නේ. ඒ බව දැනගෙන ජනාධිපතිවරන සටනට එන්න ඕන කෙනෙක්. අපි අාපහු පාරක් කවදාවත් කාටවත් යලි රැවටෙන්නේ නැත. ඒ බව ශපතයි. සත්තයි. සහතිකයි.

අවුරුදු 71 ක් අපි රැවටුනා හොඳටෝම අැති. අපේ වටිනා ජීවිත පරල වෙලා ඉවරයි. නමුත් අපි අපේ මතු පරපුරේ අනාගතය මින් මතු කාටවත් බිල්ලට ගන්න ඉඩ තියන්නේ නැහැ. මැරිලා දිවි පුදලා හරි මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කරනවාමයි.

අවිහිංසක ජනතාව පාට පක්ෂ වශයෙන් බෙදා වෙන්කොට බේද බින්න කර රට අගාදයේ හෙලා පුද්ගලයින් (ප්රතග්ජනයින්) රජ වන 71 වසරක් අසාර්ථක ක්රමවේදය වෙනුවට සිස්ටම් එකක් රජ කරවන ලෝකයටම පරමාදර්ශී නවමු රාජ්යය යාන්ත්රනයක් අපි අපේ මව් රටින් අරඹන්නෙමු.

අාපහු පාරක් අපි අවස්ථාවාදීන් හට උවමනා විධියට රට පාලනය කරවන්නට අපි ලක් පුරවැසියන් ඒකරාශීව ඉඩ තියන්නේ නැහැ. අපේ පරමාධිකාරී (වරම) අපි අතට ගන්නවා. අරගෙන අාධ්යාත්මික නායකයින් භාරයේ තබනවා. ඉන් පසු සිස්ටම් ක සක්රීය කරනවා...

මෙන්න අපි වෙනුවෙන් අපේ ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩු
කරන සැලැස්ම.

මෙම සැලැස්ම යටතේ සුදුසුකම් සපුරාලීමේ අැති හැකියාව මත අන් අය අභිබවා යාමේ හැකියාව අැති ඕනෑම අයෙකුට තම තමන්ගේ රට කරවන වැඩ පිලිවෙල දියත් කිරීමට අැවැසි පරිසරය නිර්මානය කෙරෙනු අැත.

ඒ අනුව නාගානන්ද, ගෝඨාභය, පල්ලෙවත්ත, ධම්මික, අනුර කුමාර, මහින්ද, සජිත්, චමල්, එකී නොකී මෙකී ඕනෑම අයෙකුට සාමාන්යය පුරවැසියෙකු ලෙස පැමින සුදුසු කම් සපුරා රටේ සහ පොදු මහත් ජනතාවගේ සමාජ, අාර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් අැප කැප වී සියල්ලෝම රජවන අවස්ථාව උදාකර ගත හැකි වනු අැත.

***(පසුව මෙම ක්රමවේදය දිගු ලෙස විස්තර කෙරේ)***

සෝභිතාවතාර / Sobithawathara
2019/07/10

Monday, July 8, 2019

ව්‍යවස්ථා ඔස්තාර්ලාට පිළිතුරු / තුලාව සමග සෝභිතාවතාර - බැරි දෙයක් නොමැති ජනතා පරමාධිකාරී වරම අතැතිව පාට පක්ෂ තක්කඩියන් හට අභියෝග කරයි. 2019/07/07


ව්‍යවස්ථා ඔස්තාර්ලාට පිළිතුරු / තුලාව සමග සෝභිතාවතාර
බැරි දෙයක් නොමැති ජනතා පරමාධිකාරී වරම අතැතිව පාට පක්ෂ තක්කඩියන් හට අභියෝග කරයි. 2019/07/07

ජාතික ජනතා ව්යාපාරයේ ප්රථිපත්ති වේදිකාව එලිදැක්වීම.
2019 ජූලි 01 වැනි දින ප.ව. 3.00 ට කාෙළඹ නව නගර ශාලාවේදී.
අවස්ථාවක් ලැබුනානම් සත්පුරවැසියා සිදු කිරීමට ගෙන ගිය අසත්පුරුෂ කථාව ජනතා අධිකරණය හමුවට තබනා වගයි.
https://sobithawathara.blogspot.com/2019/07/npm-2019-01-300.html
තේමාව - අපි වෙනුවෙන් අපිම කැපවී අපේ විමුක්තිය අපිම උදාකර ගනිමු.
=======================================================================

Shan Lakmal to තුලාව (justice)
10 hrs - 2019/07/08
ව්‍යවස්ථා ඔස්තාර්ලාට පිළිතුරු
ව්‍යවස්ථා අවුල ලිහා දැමීමට වර්ථමානයේ කිසිදු දේශපාලඥයකු සමත් නොවන්නේ එය ඔවුන් විසින්ම ව්‍යාකූලත්වයට පත්කර ඇති බැවිනි. එම නිසා ජනතාවට ඇති එකම විකල්පය වත්මන් ව්‍යවස්ථාව එක හෙලා ප්‍රතික්ෂේප කිරීම පමණි.
ඉන් අනතුරුව නව ජනසම්මත ස්වයංජාත ව්‍යවස්ථාවක් ගෙන ඒමට මූලිකත්වය දෙන ජනතාව තුලින් මතුවන නායකයෙකු වටා එකතු විය යුතුයි.
ඉන් අනතුරුව නව ව්‍යවස්ථාව ගෙන ඒමට හැක්කේ මෙසේය.
ඒ සදහා රටක පාලනයට අදාළ මූලික නියාමය යනු, මූලික නියාමය බවට ජනතාව පිළිගන්නා නියාමය වන බව යි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විය හැක. නොඑසේ නම් කිසියම් පුද්ගලයෙකුගේ අණක් විය හැකිය. මෙහිදි බහුතර ජනතාව ඒ නායකයා වටා රොක් වියයුතුයි.
කෙල්සන් නමැති නීතිවේදියා ඉදිරිපත් කරන ලද නීතිය පිළිබඳ නිර්මලවාදයට අනුව තමන් පාලනය වන්නේ කෙසේදැ යි, කුමකින්දැ යි යන ජනතා පිළිගැනීම හරහා රටේ මූලික නියමය තීරණය වෙනවා.
යම් විටෙක "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්" පවතින විට පවා එය පසෙකා ලා ජනතාව පිළිගන්නේ කිසියම් පුද්ගලයෙකුගේ විධානයක්, තීන්දු තීරණයක් නම් එවිට ඔවුන්ගේ පිළිගැනීම මත එම අවස්ථාවේ මූලික නියාමය හෙවත් Grundnorm බවට පත්වන්නේ අදාළ පුද්ගල තීන්දුව යි.
පවතින ව්‍යවස්ථාව මේ කපේට ජනහිතවාදී ලෙස වෙනස් කරගන්න බැරි බව දැන දැනත් අපි වසර පහකට සැරයක් එකම මූණු ටික සහ පවුල් ටිකකට වරින් වර බලය ලබාදී බකන් නිලන් හිටියාව ඔවුන් ඒ වෙනස් කම් සිදු කරන්නේ නැත.
එනිසා රටේ ජනතාව විදියට මට සහ ඔබට වගකීමක් තියෙනව අපේ මව් රට නිවැරැදි දිශාණතියට ගැනීමට පෙරමණ ගන්න.
පුද්ගලයා කවුද යන්න අදාල කරගන්න එපා. නාගානන්ද හෝ එවැනි වෙනත් ඕනෑම පුද්ගලයකු හො වේවා මෙවන් ක්‍රමවේදයක් සහිතව මහජනතාවට ගැරන්ටියක් ලබා දෙමින් ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙනවානම් අපිට ඔවුන් සමග මේ කර්තව්‍යය ඉටුකර ගැනීමට අවකාෂය ඇත.