Thursday, June 30, 2016

සෝභිතාවතාර අනාවැකි...

පුවතක්...
‘අද සිට මගේ නායකයා රනිල්‘ - සරත් ෆොන්සේකා
‘හමුදා දෙක මුණ ගැහුනා, දැන් එක්වී පහර දෙනවා‘ - රනිල්
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයන් එජාප යාවජීව සාමාජිකත්වය ලබා ගනී (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.30, ප.ව‍‍‍‍‍‍.7.00)
http://www.lankaenews.com/news/4212/si/si 
==================================================================
සෝභිතාවතාර අනාවැකි...
==================================================================
ශ්රීලාංකේය දේශපාලන යුග පෙරලියේ අද්විතීය ගමනක මීලඟ ප්රථිවිප්ලවීය දිගුවේ සමාරම්භයයි මේ. අනාගත යහපාලන සම්මුතිවාදී 2020 ජාතික අාණ්ඩුවේ අගමැති ධූරයෙන් පිදුම් ලබනා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමනි ඔබට ජයෙන් ජය...


සුදුස්සාට සුදුසු තැන හිමිකර දෙන අගමැති තුමනි. ඔබට බාෙහෝමත්ම ස්තුතියී.‍
සෝභිතාවතාර


(බොක්සිං ගේම්වලට එහෙම කැමති අය ඉන්නවානම් දැන්ම සිටම පුහුනු කටයුතු සිදුකර සූදානමින් හිටියොත් අැඟට ගුණය)


Wednesday, June 29, 2016

ඊනිව්ස් පාඨක ප්රජාව නියාේජනය කරමින් පුවතට පුවතක්...


ඊනිව්ස් පුවතක්...20­­­­16.ජුනි.28, පෙ.ව‍‍‍‍‍‍.8.15
============================================================================================
රාජිත සහ පූජිත සදා කුජීත වන්නේ මේ දහදුරා කුමන්ත්‍රණයට දායක වීමෙන් බව අනතුරු අඟවා තැබිය යුතුය.
============================================================================================
ජනවාරි 8 දේදුනු විප්ලවයට දායක වූ යහපාලනප්‍රේමී ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් මෙන්ම ප්‍රාර්ථනාවක් වූ දූෂිතයන්ට මිනීමරුවන්ට දඬුවම් දීමට කවර නම් බලවේගයක් අකුල් හෙලන්නේ නම් සහ කුමන්ත්‍රණය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ගතයුතු නිසි ක්‍රියාමාර්ග ගැනීමට වීරෝධාර යහපාලන ප්‍රේමී ජනතාව පසුබට නොවනු ඇත.
සම්පූර්නයෙන් දැනගන්න පිවිසෙන්න  - www.lankaenews.com/news/4201/si
============================================================================================
ඊනිව්ස් පාඨක ප්රජාව නියාේජනය කරමින් පුවතට පුවතක්...
============================================================================================
යහපාලන ලැදි මුත් නිර්පාක්ෂිකවද ස්වාධීනවද කටයුතු කරමින් 24 පැයේම රටේ සිදුවන දෑ පිලිබඳ සුපරීක්ෂාවෙන් නීරීක්ෂනය කරනා සෝභිතාවතාර දේදුනු විප්ලවීය යහපාලන ප්රේමී පාඨක ප්රජාව වෙනුවෙන් මෙම පුවත සම්බන්ධයෙන් මතයක් පල කරන්නට අදහස් කලෙමු.

ඊනිව්ස් අන්තර්ජාල වෙබ් අඩවියේ පලවූ පලියටම එහි පල කරනා සියළුම පුවත් 100% ක් නිරවද්යය යැයි පිලිගැනීමටද සබුද්ධික දේදුනු ප්රජාව සූදානම් නැත.

ඊ නිව්ස්හි පලව අැති මෙම පුවත අැත්තද නැත්තද යන්න නොව, මෙහිදී අප ඊනිව්ස්හි අනාගත සුරක්ෂිත භාවය උදෙසා පාඨක ප්රජාව වෙනුවෙන් යම් අදහසක් ලෙස දන්වා සිටින්නේ....

නාමිකව හෝ නිර්නාමිකව තමන් හට ලැබෙනා ප්රවෘත්ති පිලිබඳ කිසියම් වගකීමකින් යුතු සොයා බැලීමක් සිදුකොට ඒ පුවත් පල කිරීමට කටයුතු කිරීම ප්රක්ඥාගෝචර බවයි.

මන්ද යත් ඉතිහාසය පුරා ඊනිව්ස් පලකල සමහර පුවත් නිසා යම්/යම් පාර්ශවයන් හට ඉතාමත් පහත් අාකාරයේ නිග්රහයන් සහ අපහාස සිදු උනු බව පැවසිය යුතුය.

නමුත් ඊනිව්ස් අමනාප කර ගැනීම ඒ නින්දා විඳ ගැනීමට වඩා භයානක බව දත් නුවනැත්තෝ ඒ වෙනුවෙන් ඊනිව්ස් හා වාදයකට හෝ භේදයකට නොපැටළුනි. එමෙන්ම යම් යම් අවස්ථාවන්හිදි ඊනිව්ස් අතින් එවන් අත්වැරදි සිදු උවත් තේරුම් ගත් පසු ඊනිව්ස් සිදු වුනු වැරදි නිවැරදි කරනා බවත් ඔවුන් දනිති. 

එමෙන්ම ඊනිව්ස් සේවයද යම් ජීවිත අවධානමක් ගෙන පසුගිය යමපාලනය පෙරලා දැමීමට සිදුකල කැපකිරීම දත් බොහෝ දෙනා ඊනිව්ස් අතින් සිදුවන අත්වැරදි සිදුකල සේවයේ අගය නිසා නොතකා හරිනු ලබයි.

කෙසේ වෙතත් ඊනිව්ස් සිදු කරන්නේ සුවිශේෂී වූ විප්ලවවාදී සමාජ මෙහෙවරක් බව සත්යයකි. නමුත් එම ප්රතිරූපය දඩමීමා කරගන්නා සමහර ඊනිව්ස් භාහිර හෝ පරිභාහිර නාමික සහ නිර්නාමික වාර්තා කරුවන් ඉතාමත් බාල අාකාරයේ සහ කිසිදු සත්යයක් නාෙමැති සමහර විට පුද්ගලික මඩ ස්වරූපයේ පුවත් මගින් සමාජය තුල මහා කලබැගෑනියක් අැති කිරීමට ගත් උත්හාහයන් දක්නට ලැබී අැත.

නමුත් නිරන්තරයෙන්ම බහුතරයක් වන අැත්ත සාෙයා යන ගවේෂනාත්මත ඊනිව්ස් පාඨක ප්රජාව ඊනිව්ස් තොරතුරු උවද තමා තුලට ග්රනය කර ගන්නේ හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා ලෙසිනි. 

නමුත් වගකීමක් නොමැති සමහර ඊනිව්ස් පුවත් නිසා ඊනිව්ස් පාඨකයා ඊනිව්ස් පිලිබඳවද කලකිරුනු අවස්ථා නොමැත්තේ නොවේ....

ඒ පිලිබඳ අපේ අාදරනීය ඊනිව්ස් ප්රධාන කර්තෘ තුමා කිසියම් පසු විපරමක් සිදු කරනු අැතැයි ඊනිව්ස් පාඨක ප්රජාව විශ්වාසය පල කරයි.

යමපාලන දශකයේදී ඒ සමය තුල රාජපක්ෂ අාණ්ඩුවේ නිලතල දරා සිටි බොහෝ අය යහපාලන රජයේ වත්මන් ජනපති මෛත්රී සමග එක්ව කටයුතු කරනා බව සත්යයකි. නමුත් ඒ අය අතර ඉතාමත් අන්ත දූෂිතයන්/හොරු/තක්කඩි මෙන්ම අවිහිංසක/ අදූෂිත/නිර්මල/පවිත්ර වූවන්ද වැරදි අැතත් ගනන් නොගත යුතු තරමේ වැරදි අැති අයද නැතිව නොවේ...

එනිසා ඊනිව්ස් යම් යම් අවස්ථාවලදී පල කල සමහර ප්රවෘත්ති හේතුවෙන් යහපාලන රජයේ ප්රබලයන් කිහිප දෙනෙකුගේ පුද්ගලික ජීවිතයට, විවාහ දිවියට, දරුමල්ලන්ගේ පීතෘත්වයට සිදුවූයේ සුළුපටු හානි නාෙවේ. (මේවා දකිනා යමපල්ලන් හිටු පිනුම්, බඩ පිනුම් ගසනු නියතය)

නමුත් ඉහත දැක්වූ සියළු කරුනු සැලකිල්ලට ගෙන සහ දේදුනු විප්ලවයේදී ඊනිව්ස් වෙත අැති ණය ගැති භාවය සලකා ඒ සියළු අය ඊනිව්ස් හා දබරයකට නාෙපැටළුනි.

උදාහරන වශයෙන් පසුගිය මුල් සමයේදී ජනාධිපති මෛත්රීපාල මැතිතුමා ඉලක්ක කොට ඊනිව්ස් නොසොයා නොබලා ඉතාම පහත් ඝනයේ තොරතුරු ලිපි පල කලත් ඒවා....

ඊනිව්ස් සබුද්ධික පාඨක ප්රජාව තුල ජනාධිපති මෛත්රීපාල ඒ ජනතාවගේ හදවත් තුල කිඳා බැස්සවූ විශ්වාසය දිය කර හැරීමට තරම් සමත් නොවිනි.

එ් සියල්ල නිහඬව විඳගත් කෘතගුණශීලී ජනාධිපති මෛත්රීපාල මැතිතුමා ඊනිව්ස් හට හිටපු යමපාලන ජනාධිපති කල දේවල් සිදුකරන්නට සිහිනෙකින්වත් සිතුවේවත්... පැතුවේවත්... නැත.

එමෙන්ම දශක ගනනාවක් පුරා සමහර දූෂිත සේවකයින් නිසාද... සමහර දූෂිත වෘත්තීය සමිති නායකයින් නිසාද... ඒවාට තකට තක සිට කටයුතු කල හිටපු සමහර වනචර වරාය අැමතිලා ==(හරියට අර....කුඩු ලන්සාව බදාගත්ත හෙලිකොප්ටර් මහින්ද වගේ...සහ රූපවාහිනී මාධ්යය කරුවන් සහ කාරියන් පාරවල්වලදි බස්රථවලදි තැන තැන කපපු මදාවි  මර්වින් අාචාරියාව දැක්කේ නැති මහින්ද වම්බොට්ටා) == වගේ නොවී ජනපතිගේද.. අගමැතිගේද.. මහත් බලාපොරොත්තුවක්ව අැති දූෂිත වරාය සුද්ධ කරලීමේ ඉතාමත් අසීරු කාර්යය භාරයක නියැලී සිටිනා වත්මන් වරාය අමාත්යය අර්ජුන රණතුංග මැතිතුමාට ඊනිව්ස් බුද්ධි අංශ මගින් නිසි සාෙයා බැලීමක් සිදු නාෙකාෙට පල කරනා මඩ ප්රවෘත්ති මගින් එතුමා හට ද්රෝහීන් දූෂිතයින් අපේක්ෂා කල හානි කිසිවක් ජනතාව අතර හෝ ජනපති අගමැති අතර හෝ සිදු කිරීමට ඊනිව්ස් සමත් නොවිනි. සමත් විය හැකි වන්නේද නැත. මන්ද යත් සබුද්ධික දේදුනු ජනතාව දන්නා ඉතිහාසය තුල යහපාලනයට පෙර යමපාලන යුගයේදී පවා අර්ජුන මහතා තම පාරදුශ්යය භාවය කිසියම් අාකාරයකින් පසක් කර අැත. සැමදාම ඔහු සත්යය සහ යුක්තිය සොයා ගිය බවකි ජනතාව දුටුවේ. ඒ නිසාම මේ වන තුරු වරායේ පල්හොරු කුමන අාකාරයේ පුවත් මවා ජනතාව විශ්වාස කරාවී යැයි සිතා පලකරවන්නට යෙදුනු ඊනිව්ස් සවුත්තු උනාමිස... අර්ජුනට නම් වෙච්චි නස්පැත්තියක් නැත ඔහු තව තවත් පන්නරය ලැබුවා මිස...

ජනාධිපති අගමැති පවා ඒ පහත් පච ප්රවෘත්ති අළුයම හෙලූ කුණුකෙල පිඩක් සේ ඉවත දැමූ බවකි පෙනෙන්නට අැත්තේ...

අර්ජුන අැමති වරයා එතුමාව විශ්වාස කරනා සබුද්ධික ජනතාවට තේරුම් ගත නොහැකි වූ කිසියම් සුළු හෝ වරදක් සිදුකර අැත්නම් හෝ අත්වැරදීමකින් සිදුවී අැත්නම් හෝ සබුද්ධික දේදුනු ජනතාවගේ අාත්ම ගරුත්වය තකා හැකි ඉක්මනින් ඒවා නිවැරදි කරනා ලෙස අායාචනයක්ද මේ සමග සිදු කරමු...!
============================================================
ඊනිව්ස් පාඨක සත්පුරවැසියාගේ ඉහත සමාලෝචය අවසන් කිරීමට පෙර මෙම සටහන තැබීමට හේතු කාරකයා වූ (දූෂිතයන් ඝාතකයන් එක දිගට අල්ලද්දී FCID සහ CID ප්‍රධානීන් දෙදෙනා මාරු කිරීමට බලගතු කුමන්ත්‍රණයක් ..!(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.28, පෙ.ව‍‍‍‍‍‍.8.15)

යන මැයෙන් වූ ඊනිව්ස් මෙම (http://www.lankaenews.com/news/4201/si) නිර්නාමික පුවතට.... පදනම්ව අැති කාරනය සම්බන්ධයෙන්ද කිසියම් අදහසක් පලකල යුතුව අැත.

මෙම පුවතෙහිද කිසිදු පිලිගතහැකි ප්රායෝගික භාවයක් පාඨකයාට නොදැනේ...

මන්ද යත් FCID හෝ CID ප්රධානීන් තමන්ට රිසි සේ එහෙට මෙහෙට චෙස් ක්රීඩා කිරීමට රාජිතට හෝ පාෙලිස්පතිට හැකිනම් ජනාධිපති මෛත්රී නම්මවා ගන්නට අර...මහින්ද සමයේ ගෝඨා/බැසිල් සහ මර්වින් සිදුකලා සේ උවහොත්.... විප්ලවීය දේදුනු ජනතාවට බඩකපාගෙන මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ... 

දේදුනු විප්ලවය වෙනුවෙන් තමන් හා අත්වැල් බැඳ ගත්තද... තම අනුගාමිකයින් හට ඕනෑම දීන ක්රියාවක් සිදු කිරීමට ඉඩ දී පොට්ටයකු සේ කරබාගෙන සිටි මහින්ද නිවටයා සේ අප සිතා සිටි අර දර මිටි බැඳි උපාසක නයෙකු නොවනු අැත මෛත්රී නමැති කේසර සිංහයා කිසිදා... යනු දේදුනු ජනතාවගේ විශ්වාසය සහ පැතුමයි.

ඒ නිසා මෙම පුවතත් ඉහත පුවත් වගේ නිකම් ඊනිව්ස් ජනප්රිය වෙන්න මවන ඒවාද කියලයි අපටනම් හිතෙන්නේ....

කෙසේ වෙතත් තව දුරටත් දේදුනු විප්ලවීය සබුද්ධික අප දේශපාලකයින්ගේ කඳවුරේ නොවනා බවනම් අවිවාදයෙන් සපත කර සිටිමු.

ස්තුතියී.
අපක්ෂපාතී ස්වාධීන සෝභිතාවතාර එසේම වන්නා වූ සබුද්ධික ප්රජාව සමග ඒකාබද්ධව සැලකර සිටිනා වගයි...

Sunday, June 26, 2016

අපවත් වී වදාල සෝභිත හිමිගේ විශේෂ නිවේදනයක් ලෙස සලකා මෙම අායාචනය යහපාලන ලැදි දේදුනු විප්ලවයේ පාර්ශවකාර සියල්ලෝම ඉතාමත් නිහතමානීව පිලිගනිත්වා.

පුවතක් - 

මෛත්‍රී බලයට ගෙනා සිවිල් සංවිධාන සහ ජනාධිපති කෙටවීමට කුරුඳු පොලු පහර කෑ සර්පයාගේ කුමන්ත්‍රණයක්..! මහාචාර්ය සරත් විජේසූරිය ජනාධිපතිට කම්පාව සහ විරෝධය පළ කරයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.25, ප.ව‍‍‍‍‍‍.11.30)
http://www.lankaenews.com/news/4191/si

දේදුනු විප්ලවයේ කොටස්කාර පාර්ශවයේ ඉහත ප්වෘත්තියට වැඩිමනත් වශයෙනි... 
===============================================
අපවත් වී වදාල සෝභිත හිමිගේ විශේෂ නිවේදනයක් ලෙස සලකා මෙම අායාචනය යහපාලන ලැදි දේදුනු විප්ලවයේ පාර්ශවකාර සියල්ලෝම ඉතාමත් නිහතමානීව පිලිගනිත්වා.
===============================================

බොහෝමයක් මනුශ්යයින් ඉහල තලවලට පිවිසෙන විට නැතහොත් මහාචාර්ය පට්ටම් වැනි තනතුරු තානාන්තර හිමිවන විට ඒ අයගේ සංයමයත් උපේක්ෂා සහගත භාවයත් ගිලිහී ගොස් ටිකක් නිකම් අප්සැට් ගතියක් අැති සෙසක් නැතහොත් ලද බොලඳ ලමා ගතියක් ඔවුන් තුලින් දෘශ්යමාන වන්නට පටන් ගනී. මෙය මහත් අවාසනාවන්ත තත්ත්වයකි. 

එනිසා සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ජීවමාන විධායක තනතුරින් පිදුම් ලත් අපේ උගත් මහාචාර්ය තුමා මෙවන් චූටි කාරනාවන් හට ඔතරම් විශාල මාධ්යය ප්රකාශ නිකුත් කිරීම නොවටී.

ඔබ තුමානන් හට සියල්ලටම පෙර සිදු කිරීමට තිබුනේ මෙවන් වූ මහාචාර්යය වරයෙකුට නොගැලපෙනා වැඩ නාෙකොට ජනාධිපතිවරයාට කෙලින්ම දුරකතන අැමතුමක් ගෙන තත්ත්වය පැහැදිලි කර ගැනීමය. 

ඉන් පසුව අවශ්යය නම් පමනක් අදාල පුවත සම්බන්ධයෙන් මාධ්යයට නිවේදනයක් නිකුත් කිරීමට තිබුනි. කවදත් බාල වැඩ කරනා නිලධාරීන් සහ කවදත් බාල පුවත් මවන කැලෑ පත්තර කාරයින්ගේ විගඩම් සහ පච පුවත් නිසා ජනාධිපතිවරයා සහ ඔබ තුමන්ලා අතර පවතිනා සංහිඳියාවත් එකිනෙකා වෙනුවෙන් පවතින්නා වූ ගෞරවයත් හානි කරගත යුතු නැත. විශේෂයෙන් එවැනි දෑ එකිනෙකාගේ පෞරුෂයන් හටද නොගැලපේ. 

සියල්ලටම සිනාසෙන්නට කල්මරමින් සිටිනා දූෂිත නඩයට උඩගෙඩි දෙන මෙවන් අදුරදර්ශී වැඩ අප සැම අතින් බැරිවීමකින් හෝ සිදු නොවීමට යහපාලන ලැදි සබුද්ධික සැවොම මින් මතුවටවත් වග බලා ගත යුතුය.

අප අතර තිබිය යුත්තේ මෙවන් වූ ලද බොලඳ මැසිවිලි හෝ චෝදනා නොව... ඔබ සැමගේම ජීවිත පරදුවට තබා දිනාගත් දේදුනු විප්ලවය අවසන් අධියර තෙක් සාක්ෂාත් කරලීමට අවශ්යය අවවාද,අනුශාසනා සහ බුද්ධි තොරතුරු (සිඟන්නාගේ තුවාලය වන් සැමදා ජීවත් වීමට හැකි විවිධ පච විකුණලා ගාන බෙදාගෙන සවසට තැබෑරුමේදී සෙට් වන බාල පත්තරකාරයින් සහ කතුවරුන් විශ්වාස නොකොට) නිරතුරුවම අපි සහ අපව විශ්වාස කරනා මෙවන් වූ අන්තර්ජාල මාධ්යය ඔස්සේ අදාල ග්රාහකයා වෙත කෙලින්ම යාවත්කාලීන කරමින් අඛණ්ඩ අාත්ම විශ්වාසයෙන් යුතුව එකිනෙකා සතුරා හමුවේ හුදෙකලා නොවී මෙහෙයුම අවසන් අධියර තෙක් කණ්ඩායමක් ලෙස එකාවන්ව කටුයුතු කිරීමට අවශ්යය විශ්වාසය ගොඩනගා ගැනීමය.

නොඑසේව දශක ගනනාවක් පුරා වල්වැදි රටක් මාස 18 කින් ගොඩ ගත්තේ නැතැයි යන අඤ්ඥාණවන්ත නොඉවසීමේ නැතහොත් මඳක් ඉවසීමට නොහැකි නුගුණය (දියුණු නොකල ගුණය) නිසා අත පුලුස්සා ගන්නේ නැතිව සිටීම කෙතරම් වටීද.

අපවත් වී වදාල සෝභිත හිමිගේ විශේෂ නිවේදනයක් ලෙස සලකා මෙම අායාචනය යහපාලන ලැදි දේදුනු විප්ලවයේ පාර්ශවකාර සියල්ලෝම ඉතාමත් නිහතමානීව පිලිගනිත්වා.

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා චිත්ත නියෝගය පරිදි සටහන තැබූ වගයි.

ඉතාමත් ස්තුතියී.
තුණුරුවන්ගේ පිහිටයි සියළු දෙවි රැකවරනයි.
සෝභිතාවතාර විශ්වයේ සිට අාශිර්වාද කරනා වගයි.
2016/06/26